Wednesday 30 November 2016

දවල් කාලයේ එළිමහනේ හැසිරීමට ඇති අයිතිය රකිමු...

සිංහල පාලන රටාවකට අවශ්‍ය තවත් ඒකකයක් ගැන කරන හැඳින්වීමක්. යමක් කිරීමට පෙර ඉන් බලාපොරොත්තු වන කාර්යයන් හඳුනාගන්න ඕන. වීඩියෝ හරහා කරන්නෙ සරලව ඒ ගැන පැහැදිළි කිරීමක්. අද මනුෂ්‍යයන් ලෙස ජීවත්වීම ගත්තම තිරිසනුන් ජීවත්වන ආකාරය අපට වඩා හුඟක් ඉහල බව දකින්න පුළුවන්. එවැනි පසුබිමක මනුෂ්‍යයන් ලෙස ජීවත්වීම සඳහා අවශ්‍ය මූළික දේවල් හඳුනාගැනීම අවශ්‍යයි.

සිංහලයන්ට ගැලපෙන සිංහල ජාතිකත්වය රැකගෙන සිංහලකම තවතවත් දියුණු කර සිංහල උරුමය බේරාගෙන ආ මගේ ඉදිරියටම යාමට නම්, මෙතෙක් කල් එම ඉලක්කයන් සපුරාගැනීමට තනි තනිව කල උත්සාහය තවත් වැඩි දියුණු කර, ඊට අමතර ව පොදු එකතුවක් ලෙස නැත්නම් රංචුවක් ලෙස සංවිධානය වීම කාලීන අවශ්‍යතාවයක්. අද ඔවුන්ට එදිරිව එන අභියෝග පිටුපස ඉතාම සංවිධාත්මක වූත් ජගත් මට්ටමේ බලය විහිදුවන බලවේග පැරදවීමට අවශ්‍ය අද්විතීය බලය ගොඩ නැගීමට නම්, ස්වභාවය (සැබෑව) තුල ගැබ් වූ සියලු ජීවීන් රකින පාලන රටාවට අනුව යන පාලන රටාවක් අවශ්‍යයි. අද කතා කරන්නෙ ඒකෙ පදනමට අවශ්‍ය තවත් මුල් ගලක් ගැනයි.

මෙම පුරුකෙන් එය බා ගෙන බලන්න.

https://www.youtube.com/watch?v=EJEXkPzk0as

Thursday 24 November 2016

රාත්‍රී කාලයේ නිදාගැනීමට ඇති අයිතිය රකිමු ...

අද සමාජය කොතරම් විකෘර්ථි වෙලා ද කියනවා නම් මිනිසුන් සිතන්නෙ ජීවත්වීමට කිසිම ආකාරයකින් දායක නොවන දේවල් ය. බලෙන් පටවපු පාලනයක් තුල මුලාව රැවටීම වංචාව මුල් තැන ගත්විට සාර්ථක ව ජීවිතය රැක ගැනීම ඉතාම අසීරු ය. එවැනි පසුබිමක ජීවිතය රැකෙන මූළික අවශ්‍යතා අමතක වීම වැලැක්විය නොහැක. ඒ නිසා ම මේවා පදනම වූ පාලනයක් ගොඩ නගා, ජීවත් වීම සාර්ථකව කිරීමට අවශ්‍ය ජීවන රටාව ගොඩ නගමු.

අද කතා කරන්නේ තවත් එවැනි මූළික අවශ්‍යතායක් ගැන ය. නින්ද රෑ ලැබෙන උරුමයකි. එය අහිමි වූ විට වත්මන් ජීවිතයට පමණක් නොව අනාගතයට ද බලපාන හානියක් වේ. ඒ ගැන මගේ වීඩියෝවේ සඳහන් කලෙමි. කොටස් දෙකක් සරලව එකතු කර සකසා ඇත. මෙය ද පෙර කී අවශ්‍යතා හා පසුව කියන අවශ්‍යතා සමඟ බැදුනු එකකි. ගොඩ නැගිය යුනතු පාලනය තුලින් මේ සියලු අවශ්‍යතා බිඳ වැටීමකින් තොරව සියලුම කොටස් වලට ලැබිය යුතු වේ. සංකීර්ණත්වය ගත් කල එය මනුෂ්‍යයන් සඳහා ම වෙන් වූ මෙලොව ඇති ස්වභාවය හා සම වේ.

පහල ඇති පුරුකෙන් ගොස් අවතාරික උරුමය ගොඩනගා ගැනීමට වීඩියෝව බලන්න.

https://youtu.be/XyU9wTPNpso

Wednesday 16 November 2016

ගෘහස්ත ජීවිතයට ඇති අයිතිය රකිමු ...

අපට තියෙන කොට අගය නැති වුනත්, අහිමි වුනාම ජීවිතය පවා අහිමි වන දෑ බොහෝ ය. අද කතාව ඉන් එකක් වන ගෘහස්ත ජීවිතය ගැනයි. සරල ව කියනවා නම් ගුහාවක ජීවත්වීමට ඇති අයිතිය ගැනයි. මෙය තේරුම් ගැනීමට අද තමන්ගෙ ගෙදර නොගොස් රැය පහන් කරන්න. එහෙම කලොත් ඔබ මගේ කතාව නැවත නැවත බලා තේරුම් ගන්නවා පමණක් නොව ඒ අයිතිය රැකීමට මම දරණ උත්සාහයට එක හිතින් දායක වී තම හිත මිතුරු සිංහලයන්ද යොමු කරාවි.

දැනුම නැති මිනිසා අනුන්ට කඹුරණ වහලෙකි. දැනුම දරාගෙන අවතාර ගත කොට අනාගතය සුරක්ෂිත කරගන්න. මෙම දැනුම දෙන්නෙ සිංහලයන් සමඟ ඇති පාරම්පරික ලෙන් ගතුකම නිසා ය. ඔබ කාටවත් ඊට ණය නැත. මට ඔබෙන් තුටු පඬුරු හෝ වැඳුම් පිදුම් අවශ්‍ය නැත. මෙම දැනුම මගේ ය. වෙන කිසිවකු මගේ නියෝජිතයකු නොවේ. අවශ්‍ය තැන මම ඔබේ පිහිටට සිටිමි. ඔබ මම කවුදැයි හඳුනාගත් දින එය පසක් වනු ඇත. තව බොහෝ දැනුම දෙමි. එසේම නොදෙන දැනුම ද බොහෝ ය. දෙන්නේ ඔබට දරාගත හැකි ප්‍රමාණයකින් ඔබට ගැලපෙන ආකාරයටයි. ඒ මග එසේම යන්නා නිසි තැනට යනු ඇත. කඩින් කඩ යන, තමන්ට රිසි ලෙස තෝරා ගන්නා කෙළවර වන්නෙ අතරමං වී නන්නත්තාර වීමෙනි.

යමෙක් මගෙන් ප්‍රශ්ණ අසා මට වඩා දන්න බව ඒත්තු ගැන්වීමට හෝ තමන්ද මේවා දන්නවා යයි සිතන්නේ නම් ඒ යාචකයෙකි. ඔවුන්ට මගේ ඇති ඇල්ම ඉතාම අල්ප ය. සැබෑ ලෝකයෙ මගේ දැනුමට හැකියාවට සම වූවෙකු තව ම මට හමු වී නැත. සිංහල  පුරාවෘත්ත වලට අනුව කිසිදා හමු නොවනු ඇත. මම නිකම් දෙන නිසා අගයක් නැතැයි සිතන්නා අනාගතය අහිමි මූසලයෙකි. මම ලියන කියන දේ සිංහලෙන් සිංහලයා උදෙසා බව අමතක නොකරන්න.

මේ පුරුකෙන් කතාවට මග පෑදේ. නිදිමත ගතිය එපාවීම සාමාන්‍යයි. අපි ස්වභාවයෙන් තිරිසනුන් ය. අළුත් දැනුමට අලසයි. එහෙත් උත්සාහයෙන් ගන්නා අයට සතුටක් දැනේවි. එයම බලෙන් ලැබෙන විට දැඩි පීඩනයක් දැනේවි. තේරීම ඔබ සතු ය. දීම මා සතුය. නැවත හමුවෙන තුරු ආයුබෝවන්!

https://www.youtube.com/watch?v=bu2w5ksF_Ok&feature=youtu.be

Wednesday 9 November 2016

කෑමට බීමට ඇති අයිතිය රකිමු...

තවත් පැවැත්ම තහවුරු කිරීමට අවශ්‍ය පාලන අංඟයක් ගැනයි අද කතාකරන්නෙ. මුහුණ දෙන අභියෝග වලට සරිලන විසඳුම් නොලැබුනා නම් සිංහලයන්ගෙ නටබුන්වත් හොයා ගන්න බෑ. ඒ වගකීම නැවත ඉටු කරන්න කාලය ඇවිල්ලා.

මේ බ්ලොගය කියවන කෙනෙක් එයා එකඟ වෙන දේවල් නොවෙන දේවල් ගැන කිව්වා. මම මේ බ්ලොගය පටන් ගත්ත දවසෙ ඉඳලම කිව්වෙ මේක කරන්නෙ සිංහලයන් සඳහා පමණයි කියලා.

කවුරු හරි අර තැනින් තැන යන සුනඛයන් වගේ මේකෙ තියෙන ඒවා තෝරා බේරා රහ බලනවා නම්, එය තනිකර මුලාවක්. මම කවුද යන්න හොඳට දන්න නිසා, තමන් සිංහලයෙක් නම් මේකෙ ලියන හැම වාක්‍යයක්ම තේරුම් ගන්න ඕන. මම භාගෙට සිංහල අයට කියන්නෙ අනාගතේ ඒ තැනට ආ දිනක හමුවිය හැකි බවයි.

ජීවිතය කියන්නෙ විභාගයක්. ඒකෙන් සමත් වෙලා ඉහල තලයට යන්න සුදුසු අයටයි සිංහල කියන්නෙ. මම ඒ බවට සාක්ෂි දරමි. හොර පාරෙන් ගියාට ලැබෙන දෙයක් නැත. අවංකකම මේ හැම පැවැත්මක ම මූළික පදනමයි.

මෙන්න වීඩියෝවෙ පුරුක. දිගටම බලා යම් අවබෝධයක් ලබන අය සිටී නම් කියන්න. ඔබට තේරුම් ගත නොහැකි අනාගත උරුමයකට හිමිකම් ඇත.

https://www.youtube.com/watch?v=XHELPuUOUcg

Wednesday 2 November 2016

වතුරට ඇති සහජ අයිතිය රැක ගනිමු...

මෙතෙක් කල් තනිව ජීවත්වීමේ අභියෝගයන්ට මුහුණ දුන් ජාතියක් වුවත්, අද තමන් ඉදිරියේ ඇති බරපතල බාධක ඉදිරියේ තනි තනිව මුහුණ දිය නොහැකි නිසා, රංචුවක් ලෙස නැත්නම් සමූහයක් ලෙස එකතු වී ඒ බාධක පරදා ඉදිරියට යාම හැර වෙන විකල්පයක් සිංහලයන්ට නැත.

අදත් තව පියවරක් තබමින්, රංචුවක් ලෙස නැත්නම් සමූහයක් ලෙස එකතු වීම සඳහා, වෙනත් විදියකින් කියනවා නම්, සිංහලයන්ට ගැලපෙන පාලන රටාවක්/ආණ්ඩුවක් ගොඩ නගා ගැනීම සඳහා පදනම් වන තවත් අවශ්‍යතාවයක් ගැන කතා කරමි.

ඊට අමතරව සිංහලයන්ට වැදගත් වන බොහෝ කරුණු ද මේ කතා අතරට එකතු කරන්නෙ පසු කාලීන ප්‍රයෝජනය සඳහායි. සිංහලයන්ට පමණක් මුල සිට අගට ඇසිය හැකි ආකාරයට කතාවේ තොරතුරු එක්රැස් කලේ රහස්‍ය බව රැකීමටයි. දිරියෙන් සවන් දී හරිමග තෝරා ගැනීමට මේ පුරුකේ ඇති වීඩියෝව බලන්න.




https://www.youtube.com/watch?v=PRrWxJ99oIs&feature=youtu.be