Tuesday 27 September 2016

සිංහලයන් කවුද?

සිංහලයන් යන නම භාවිතා කරමින් එවැනි ජන කොටසක් සඳහා යයි කියමින් මම මෙතෙක් කල් බොහෝ දෑ ලිව්වෙමි. ඒත්, ඕන වුනත්, මම සොයන සිංහලයන් කවුදැයි පැහැදිළි කිරීමට වෙලාවක් ලැබුනෙ නෑ. ඉංග්‍රීසි තාක්ෂණය හරහා සිංහලෙන් ලිවීම ඉතා අපහසු නිසා ලියමනකින් එසේ පැවසීම කරන්න බැරි වුනා. මට කාලය හුඟක් වටිනවා. ඒ වගේම සිංහලයන් වෙනුවෙනුත් කාලය වැයකරන්න ඕන. මේකට සමබර විසඳුමක් ලෙසත්, පහසුවටත් ලාභයටත් දැන දැනම හරි දෙයක් කිරීමට පවතින බාලතාක්ෂණයෙන් වීඩියෝ ලෙස මගේ කතාව ඉදිරිපත් කරමි.

අරුතේ ගුණාත්මක බව මිස රූපයේ සුන්දර බව අපේක්ෂා නොකලෙමි. සුළුකාලයකින් සීමිත සම්පත් වලින් ඉදිරිපත් කරන දේ වැදගත් බවෙන් අඩු නොකිරීමට උත්සාහ කරමි. මුණ ගැසී කතා කිරීම පරම විදිය වුවත් පවතින තත්ව හමුවේ මෙසේ හෝ සිංහලයන්ගෙ යහපතට දායක වීම අගේ යයි සිතමි.

https://www.youtube.com/watch?v=e5YrOI-iD4k&feature=youtu.be

Thursday 22 September 2016

සැබෑ ලොවට යන ගමනේ ආරම්භය මෙසේ ඇරඹේ...

කාලෙකට පෙර ඇසු අනාවැකියක් නැවත සිහි වෙන්නෙ මෙතෙක් කල් උත්සාහ කලත් එය ඵල ගත්තේ ඒ අනාවැකියේ සඳහන් ලෙස අද දිනයි. එනම් 2016 සැප්තැම්බර් 23 දිනයි. මෙතෙක් කල් සිංහලයන් මැඩලූ බලවේග පාගා නැගි සිටින නව හිරු යුගයේ තවත් පියවරක් මෙසේ තියමි. අද පටන් ගණුදෙණු සැබෑ සිංහලයන් සමඟ පමණයි. ඔබ සිංහලයෙක් නම් ඒ බව තමන් මෙතෙක් ජීවත් වූ රටාව තුලින් තහවුරු කිරීම ඔබේ වගකීමයි. එසේ කල නොහැකි නම් මට ඔබ සමඟ බෙදා හදාගන්න කිසිවක් නැත. මගේ කියමන් නොඅසා යන අතක යන ලෙස අසිංහලයන්ට මින් දැනුම් දෙමි.

සිංහලයන් කියන්නේ සිංහල භාෂාව, සිංහල රට හා සිංහලකම තමන්ගේ බව හැඟෙන උන්ට මිස ආකම් පොදි බැඳගත් සංක්‍රමණිකයන්ට නොවේ.




https://www.youtube.com/watch?v=p_hzpeSojXc