Wednesday 24 February 2016

බ්ලොග් එක ලියන මම කවුදැයි හැඳින්වීමක් - කොටස් 2

මෙම ලිපිය මෙහි පළමු කොටසේ දිගුවකි. මා ගැන දිය හැකි තවත් තොරතුරකි.

මම ගැන සොයා තහවුරු කල හැකි තොරතුරු:

මම බොහෝ දේ කර ඇත. ඒ සියල්ලම වෙන අයට බැරි අතහැර දමා බැරිකම වසා ගැනීමට සැඟවූ දේ ය. සරලව කියනවා නම් කිසිවෙකුට බැරි වූ දේ ය. එවන් හැකියාවක් ඇති කෙනෙකු මෙලෙස ලියන්නේ ද සිංහලයන් සමඟ ඇති ලෙන්ගතු කම නිසා ය.

පෙර වදන:

මෙය අදාළ වන්නේ 2010 වැනි අදට වඩාත් සමීප කාලයටයි. කලින් කොටසේ සඳහන් කලේ මම පන් තිස් වියේ දී කල නිර්මාණයක් ගැනයි. මෙම කොටසට පාදක වන සිදුවීම ඉතා ප්‍රසිද්ධ එකකි. ඒ වගේම එය විසඳුණු ආකාරය ද ඉතාම රහසිගත ය. ඒ යාන්ත්‍රණය තුල අන්ත දෙකක් මෙන් ම අතරමැදියන් ද විය. ඒ නිසා විසඳුම දුන්නේ කවුද යන්න පවා රහසකි. වැදගත් ම දෙය වන්නේ කිසිවෙකු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තමන්ගේ යයි නොකීම ය. කෙසේ වෙතත් එම අර්බුදය විසඳාගත් ආකාරය ඊට අදාළ පාර්ශවයේ වෙබ් අඩවියේ පල වූ විට මගේ බලපෑමෙන් ඉවත් කිරීම නිසා කල ආකාරය ගැන සඳහනක් ද නැති වීමය. අයිතියට ඉඟිකල අයෙක් හෘදයාබාධයකින් මිය ගොස් ඇත. තවත් අයෙක් සිරගෙට නියම විය. බොහෝ පරීක්ෂණ නිරීක්ෂණ මෙන්ම පසුව කිරීමට හැදූ වැඩ ද අතුරුදහන් ය. ඒ මදිවිට ලොව රැව් පිළිරැව් දුන් මාධ්‍ය වැඩසටහන් මැකී ගොස් ය. ඇත්තම කියනවා නම් එවැන්නක් වුවාද යන්නත් අමතක වී ඇත. එවන් පසු බිමක මම ඒ අභිරහස විසඳුනු ආකාරය ගැන සැඟවුනු තොරතුරක් සමඟ කතාව කියමි. අදාළ පාර්ශවය කොතරම් ගුණමකු ද කියනවා නම්, මම කලා යයි කියන්නේවත් නැත. මගේ පර්යේෂණ සඳහා ඩොලරයකින් හෝ සහායවීමට කල ඉල්ලීම ද ඉටු නොවී ය. කමක් නැත. අද එය කඩා වැටී මිය යාමට ආසන්න දැවැන්ත තල් මසෙකු වැනි ය.

විශේෂ තොරතුරු:

2010 වසරේ දී ඇමෙරිකාවේ මෙක්සිකෝ මුහුදු බොක්කේ යකඩ අට්ටාලයක් පුපුරා ජීවිත හානි වූ සිදුවීම ඔබට මතක් වීමට මේ රූපය අමුනමි.

මේ සිදුවීම සමඟ විශාල යකඩ බටයක් පුපුරා බොර තෙල් කාන්දු වී ඒ අවට පරිසරය විනාශ වීම ඒ කාලයේ රූපවාහිනී වල මුල් පුවතක් විය. ලෝකයේ අග්‍ර ගණයේ ආචාරී මහචාරී නොබෙල් ලාභී විශාරදයන් යොදා තාක්ෂණයේ කිරුළ පැළඳි ඇමෙරිකානුවන් අර්බුදය විසඳීමට උත්සාහ කල හැටි කාටවත් අමතක නොවන තරම් විස්තරාත්මක විය. එහෙත් කරපු හැම උත්සාහයක් ම අසාර්ථක වූ විට, අපට විසඳීමට අවශ්‍ය තාක්ෂණය නැහැ කියමින් අන්තර්ජාතික පිහිට පැතුවේ ඒ රටේ ජනාධිපතිවරයා ය. එතෙක් තවත් පුවතක් වූ මෙය ගැන මම අවධානය යොමු කලේ මේ ඉල්ලීමත් මිනිසුන් දෙවියන් යැදීමත් නිසා ය.

මම සාමාන්‍ය කෙනෙකු ලෙස යැවූ ප්‍රතිචාරය කල නොහැකි (impossible) කියා ප්‍රතික්ෂේප විය. එය මම දැන සිටියෙමි. ඔවුන්ට බැරි බව කිව යුතු නොවේ. එහෙත් මට බැරි යයි කී විට කුපිත වී බැන වැදීම නිසා, ඔවුන් ගේ වචනයෙන් ම තහවුරු වූ පරිදි සති 3 ක ප්‍රමාදයෙන් පසු වැඩ ඇරඹිනි. මේ අතර තුර ඊමේල් කිහිපයක් යැවීමි. අවසන් එකේ ඊ ළඟ උපදෙස් සඳහා මා අමතන ලෙස කියා සමු ගතිමි.

මිනිසුන් ඉතා කුහක ය. එසේ ම මෝඩය. භාගෙට දත් විට විශාරද වේ. මා අමතන්නේ නැතිව, අපට පුළුවන් යන අදහසින් ඔවුන්ගේ සිතැඟි පරිදි කර, එක උපාංඟයකට හානි විය. අන්ද මන්ද වූ ඔවුන් කර කියා ගත නොහැකිව මාධ්‍ය ඉදිරියේ විහිළුවට ලක් විය. ඒ අතරේ පුරා පැය 48ක් පූර්ණ ධාරිතාවෙන් බොර දිය ගලනු ලෝකයම බලා සිටියා විය යුතු ය. එහෙත් මේ රූපයේ ඇති ඊ මේලය කලින් යැව්වා නම් එසේ ගලා යාමක් නොවන බව සහතික ය. ප්‍රමාද කලේත්, පැය 48කට පසු මේ ඊ මේලය ඇරියේත්, මට කල අපහාසය නිසාත්, මගේ තාක්ෂණය කොතරම් සාර්ථක ද යන්න පෙන්වීමටත් ය.


Valve Array Closing Procedure
මෙය ඉදි කල කරාම සැකසුම වසන ක්‍රියාවළිය විස්තර කිරීමකි. වැදගත් වචන මැකුවේ බුද්ධිමය අයිතිය රැකීමට ය. ඊට පසු ලෝකය ඉදිරියේ දිගහැරුණු ඒ විනාශය කෙළවර වූයේ අදාළ උන්ගෙ අවිශ්වාසය සමඟ ය. ලෝකයාට ඉන් ප්‍රශ්ණය ඉවර වුනත් මට වැදගත් කොටස ඇරඹුනේ ඊට පසුව ය. ඒ ගැන කතා කිරීමට අදහස් නොකරමි.

ඔස්ට්‍රේලියාව ගැන සඳහන් වුවද ඉන් එහාට කිසි තොරතුරක් හෙළි නොවී ය. එය ඉදිරියටම එසේ වෙනු ඇත. සමහර විට මම කී දෙය පමණක් වීමට ඉඩ ඇත. එදා වැසූ කරාම සැකසුම නැවත ඇරීමට නම් මම අවශ්‍යයි. ඒත් ඒ ගැන සිතීමටවත් මට අවශ්‍ය නැත. එදා එසේ නිම වූ ඛේදවාචකය, මම නොවන්නට අදත් එසේ පවතිනු ඇත. එදා දුන් තාක්ෂණය මා ළඟ හැර මිහිපිට නැත. යමෙක් ඊට මහා අගයක් දේ නම්, මා එසේ දුන්නේ නොමිලේ බව කියමි. මා සතු දැනුම ගත් කල එයට මා දුන් අගය එක් ඊ මේලයක කියා ඇත.

මම මේ හැඳින්වීම ද කලේ බූරු මිනිසුන්ට නොව සිංහලයන්ගෙ දැන ගැනීමට ය. ඊට වඩා වැදගත් දැනුම මෙහි ඇති ලිපිවල සඳහන් ය. දෙමළුන්ගෙ වාචාල කටින් දියසේන වූ සිංහලයන් කියා ඇති පියසේන (පිය කෙනා) ගැන සෙව්වේ ද දැනුමෙන් මා හා තරඟයකට මිස වෙන හේතුවකට නොවේ. ඒ කවුදැයි සිංහලයන්ට ද තේරුම් ගැනීමට බැරි තරම් ය. ඒ මම ම යැයි පසුව තේරුම් කරමි.

මෙම දැනුම පරිහරණය කල හැකි ජනකොටසක් වේ නම් ඔවුන් සිංහලයන් විය යුතු ය. මම උදාහරණයක් ලෙස පෑවේ මා සතු දැනුමෙන් ප්‍රකාශිත අල්පයකි. ඉන් එහාට යනවා නම් බැරි දෙයක් තවම හමු වී නැත. තමන්ගේත් ජාතියේත් අනාගතය වෙනුවෙන් මා සමඟ එකතු වෙන ලෙස ලොව වටා විහිදුනු සිංහලයන්ට ආරාධනා කරමි.

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.