Wednesday 24 February 2016

බ්ලොග් එක ලියන මම කවුදැයි හැඳින්වීමක් - කොටස් 2

මෙම ලිපිය මෙහි පළමු කොටසේ දිගුවකි. මා ගැන දිය හැකි තවත් තොරතුරකි.

මම ගැන සොයා තහවුරු කල හැකි තොරතුරු:

මම බොහෝ දේ කර ඇත. ඒ සියල්ලම වෙන අයට බැරි අතහැර දමා බැරිකම වසා ගැනීමට සැඟවූ දේ ය. සරලව කියනවා නම් කිසිවෙකුට බැරි වූ දේ ය. එවන් හැකියාවක් ඇති කෙනෙකු මෙලෙස ලියන්නේ ද සිංහලයන් සමඟ ඇති ලෙන්ගතු කම නිසා ය.

පෙර වදන:

මෙය අදාළ වන්නේ 2010 වැනි අදට වඩාත් සමීප කාලයටයි. කලින් කොටසේ සඳහන් කලේ මම පන් තිස් වියේ දී කල නිර්මාණයක් ගැනයි. මෙම කොටසට පාදක වන සිදුවීම ඉතා ප්‍රසිද්ධ එකකි. ඒ වගේම එය විසඳුණු ආකාරය ද ඉතාම රහසිගත ය. ඒ යාන්ත්‍රණය තුල අන්ත දෙකක් මෙන් ම අතරමැදියන් ද විය. ඒ නිසා විසඳුම දුන්නේ කවුද යන්න පවා රහසකි. වැදගත් ම දෙය වන්නේ කිසිවෙකු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තමන්ගේ යයි නොකීම ය. කෙසේ වෙතත් එම අර්බුදය විසඳාගත් ආකාරය ඊට අදාළ පාර්ශවයේ වෙබ් අඩවියේ පල වූ විට මගේ බලපෑමෙන් ඉවත් කිරීම නිසා කල ආකාරය ගැන සඳහනක් ද නැති වීමය. අයිතියට ඉඟිකල අයෙක් හෘදයාබාධයකින් මිය ගොස් ඇත. තවත් අයෙක් සිරගෙට නියම විය. බොහෝ පරීක්ෂණ නිරීක්ෂණ මෙන්ම පසුව කිරීමට හැදූ වැඩ ද අතුරුදහන් ය. ඒ මදිවිට ලොව රැව් පිළිරැව් දුන් මාධ්‍ය වැඩසටහන් මැකී ගොස් ය. ඇත්තම කියනවා නම් එවැන්නක් වුවාද යන්නත් අමතක වී ඇත. එවන් පසු බිමක මම ඒ අභිරහස විසඳුනු ආකාරය ගැන සැඟවුනු තොරතුරක් සමඟ කතාව කියමි. අදාළ පාර්ශවය කොතරම් ගුණමකු ද කියනවා නම්, මම කලා යයි කියන්නේවත් නැත. මගේ පර්යේෂණ සඳහා ඩොලරයකින් හෝ සහායවීමට කල ඉල්ලීම ද ඉටු නොවී ය. කමක් නැත. අද එය කඩා වැටී මිය යාමට ආසන්න දැවැන්ත තල් මසෙකු වැනි ය.

විශේෂ තොරතුරු:

2010 වසරේ දී ඇමෙරිකාවේ මෙක්සිකෝ මුහුදු බොක්කේ යකඩ අට්ටාලයක් පුපුරා ජීවිත හානි වූ සිදුවීම ඔබට මතක් වීමට මේ රූපය අමුනමි.

මේ සිදුවීම සමඟ විශාල යකඩ බටයක් පුපුරා බොර තෙල් කාන්දු වී ඒ අවට පරිසරය විනාශ වීම ඒ කාලයේ රූපවාහිනී වල මුල් පුවතක් විය. ලෝකයේ අග්‍ර ගණයේ ආචාරී මහචාරී නොබෙල් ලාභී විශාරදයන් යොදා තාක්ෂණයේ කිරුළ පැළඳි ඇමෙරිකානුවන් අර්බුදය විසඳීමට උත්සාහ කල හැටි කාටවත් අමතක නොවන තරම් විස්තරාත්මක විය. එහෙත් කරපු හැම උත්සාහයක් ම අසාර්ථක වූ විට, අපට විසඳීමට අවශ්‍ය තාක්ෂණය නැහැ කියමින් අන්තර්ජාතික පිහිට පැතුවේ ඒ රටේ ජනාධිපතිවරයා ය. එතෙක් තවත් පුවතක් වූ මෙය ගැන මම අවධානය යොමු කලේ මේ ඉල්ලීමත් මිනිසුන් දෙවියන් යැදීමත් නිසා ය.

මම සාමාන්‍ය කෙනෙකු ලෙස යැවූ ප්‍රතිචාරය කල නොහැකි (impossible) කියා ප්‍රතික්ෂේප විය. එය මම දැන සිටියෙමි. ඔවුන්ට බැරි බව කිව යුතු නොවේ. එහෙත් මට බැරි යයි කී විට කුපිත වී බැන වැදීම නිසා, ඔවුන් ගේ වචනයෙන් ම තහවුරු වූ පරිදි සති 3 ක ප්‍රමාදයෙන් පසු වැඩ ඇරඹිනි. මේ අතර තුර ඊමේල් කිහිපයක් යැවීමි. අවසන් එකේ ඊ ළඟ උපදෙස් සඳහා මා අමතන ලෙස කියා සමු ගතිමි.

මිනිසුන් ඉතා කුහක ය. එසේ ම මෝඩය. භාගෙට දත් විට විශාරද වේ. මා අමතන්නේ නැතිව, අපට පුළුවන් යන අදහසින් ඔවුන්ගේ සිතැඟි පරිදි කර, එක උපාංඟයකට හානි විය. අන්ද මන්ද වූ ඔවුන් කර කියා ගත නොහැකිව මාධ්‍ය ඉදිරියේ විහිළුවට ලක් විය. ඒ අතරේ පුරා පැය 48ක් පූර්ණ ධාරිතාවෙන් බොර දිය ගලනු ලෝකයම බලා සිටියා විය යුතු ය. එහෙත් මේ රූපයේ ඇති ඊ මේලය කලින් යැව්වා නම් එසේ ගලා යාමක් නොවන බව සහතික ය. ප්‍රමාද කලේත්, පැය 48කට පසු මේ ඊ මේලය ඇරියේත්, මට කල අපහාසය නිසාත්, මගේ තාක්ෂණය කොතරම් සාර්ථක ද යන්න පෙන්වීමටත් ය.


Valve Array Closing Procedure
මෙය ඉදි කල කරාම සැකසුම වසන ක්‍රියාවළිය විස්තර කිරීමකි. වැදගත් වචන මැකුවේ බුද්ධිමය අයිතිය රැකීමට ය. ඊට පසු ලෝකය ඉදිරියේ දිගහැරුණු ඒ විනාශය කෙළවර වූයේ අදාළ උන්ගෙ අවිශ්වාසය සමඟ ය. ලෝකයාට ඉන් ප්‍රශ්ණය ඉවර වුනත් මට වැදගත් කොටස ඇරඹුනේ ඊට පසුව ය. ඒ ගැන කතා කිරීමට අදහස් නොකරමි.

ඔස්ට්‍රේලියාව ගැන සඳහන් වුවද ඉන් එහාට කිසි තොරතුරක් හෙළි නොවී ය. එය ඉදිරියටම එසේ වෙනු ඇත. සමහර විට මම කී දෙය පමණක් වීමට ඉඩ ඇත. එදා වැසූ කරාම සැකසුම නැවත ඇරීමට නම් මම අවශ්‍යයි. ඒත් ඒ ගැන සිතීමටවත් මට අවශ්‍ය නැත. එදා එසේ නිම වූ ඛේදවාචකය, මම නොවන්නට අදත් එසේ පවතිනු ඇත. එදා දුන් තාක්ෂණය මා ළඟ හැර මිහිපිට නැත. යමෙක් ඊට මහා අගයක් දේ නම්, මා එසේ දුන්නේ නොමිලේ බව කියමි. මා සතු දැනුම ගත් කල එයට මා දුන් අගය එක් ඊ මේලයක කියා ඇත.

මම මේ හැඳින්වීම ද කලේ බූරු මිනිසුන්ට නොව සිංහලයන්ගෙ දැන ගැනීමට ය. ඊට වඩා වැදගත් දැනුම මෙහි ඇති ලිපිවල සඳහන් ය. දෙමළුන්ගෙ වාචාල කටින් දියසේන වූ සිංහලයන් කියා ඇති පියසේන (පිය කෙනා) ගැන සෙව්වේ ද දැනුමෙන් මා හා තරඟයකට මිස වෙන හේතුවකට නොවේ. ඒ කවුදැයි සිංහලයන්ට ද තේරුම් ගැනීමට බැරි තරම් ය. ඒ මම ම යැයි පසුව තේරුම් කරමි.

මෙම දැනුම පරිහරණය කල හැකි ජනකොටසක් වේ නම් ඔවුන් සිංහලයන් විය යුතු ය. මම උදාහරණයක් ලෙස පෑවේ මා සතු දැනුමෙන් ප්‍රකාශිත අල්පයකි. ඉන් එහාට යනවා නම් බැරි දෙයක් තවම හමු වී නැත. තමන්ගේත් ජාතියේත් අනාගතය වෙනුවෙන් මා සමඟ එකතු වෙන ලෙස ලොව වටා විහිදුනු සිංහලයන්ට ආරාධනා කරමි.

බ්ලොග් එක ලියන මම කවුදැයි හැඳින්වීමක් - කොටස් 1

පෙරවදන:

මම කවුදැයි කීවත් මා හඳුනා ගැනීම ලෙහෙසි නොවන්නෙ එවැනි පසුබිමක් ඇති අයකු නොමැති නිසා ය. මිනිසා, නොදන්න අය කවුදැයි හඳුනාගන්නේ තමන් වටා සිටින චරිත හා සම කිරීමෙනි. මම කියන දේ අනුව තම මතකය ඔස්සෙ තමන් දන්න කෙනෙක්ගේ මතකය හා සසඳා, නොගැලපෙන නොතේරෙන දේ අතහැර, මමත් ඒ වගේ කෙනෙක් යයි සිතා ප්‍රතිචාර දෙනු ඇත. එය වරදක් නොව මානවයාගේ සීමිත බව පෙන්වීමකි.

සිංහලයන් වෙනුවෙන් කතා කරන විට මා ලැබූ ඇමතුම් ගත් කල, සිංහලයන් අතර එවැන්නන් සිටීම ද දුකකි. සිංහලයන් අතරට හිඟමනේ විත් එසේ හැසිරෙන උන් එවැනි වැදගත්කමක් චාරයක් නැති උන් වීම හැර වෙන යමක් නොවීම එක අතකින් හොඳ ය.

මම ගැන කියන්නේ ඊට සුදුසු කාලය උදා වී යයි හැඟෙන නිසා ය. එසේ කියන්නේ ද මට නොයෙකුත් කතා කී හිඟනුන් නිසා නොව සිංහලයන් දැනගත යුතු නිසා ය. මට නොයෙකුත් කතා කී හිඟනුන් ගැන කතා කලයුතු නොවන්නෙ ඔවුන් ඊට වඩා සිය දහස් ගුණයකින් පීඩා විඳින බව දන්න නිසා ය.

උපතින් උරුම වූ වගකීම:

මම වැන්නකු උපදින දින වකවානු කිසිදු දෙගෙඩියාවක් නැතිව සටහන් වීම වැදගත් වන්නේ මට ය. ඒ සමඟ මගේ අවතාරික බලපෑම් හරහා මම කවුද මගේ කාර්යය මොකක් ද යන්න මනාව හඳුනා ගතිමි. මම කලයුතු වන්නේ නිශ්චය කිරීම මිස පහදා දීම නොවන බව ප්‍රත්‍යයක්ෂ ය. එය කාලයක් උත්සාහ කර ගොඩනැගුවක් ක්‍රියාවෙන් මැනීම ය. සරලව ගත් විට වාරයක් පුරා උගන්වපු දේ වාරාවසාන විභාගයකින් මැනීමය. මම කියන දේවල් තේරෙයි නම් එය සමත්කම වේ. නොඑසේ නම් අසමත් ය. මම කියන දේ අදාළ වෙන්නේ සමත් වූවන්ට පමණි. එනම් ලිපි හරහා ගොඩ නැගූ දැනුම අයත් හිරු යුගයේ මානව ප්‍රජාව නිරූපණය කරන සිංහලයන්ට ය.

සිංහලයන් ඇමතීම:

මම කාලයක සිට සිංහලයන් ගැන උනන්දු වූවෙමි. විශේෂයෙන් ම සිංහලයන් සමඟ මගේ දැනුම බෙදාගෙන ඔවුන්ට හිමි තැන ලබා දීමටය. මේ සඳහා වැදගත් පියවරක් ලෙස ගත්තේ 2006 වසරේ පාලකයකුට ලියා, ඒ හරහා සිංහලයන්ට උදව් කිරීමට ලිපියක් ලිවීම ය. එය බ්ලොග් ලිපියක් ලෙස ඇත. එහෙත් එතැන් සිට අද දක්වා කල හැම දේකින් ම තහවුරු වූයේ අතරමැදියන් හරහා එය කල නොහැකි බවයි. දැන් මම කෙලින් ම සිංහලයන් අමතන්නෙ එසේ හැර වෙන මගක් නැති නිසා ය.

ඔබ සිංහලයෙක් නම් මා සමඟ එකතු වීමට කාලය උදාවී ඇත. දීම මිස ගැනීමක් නැති, වගකීමකට උර දිය හැකි සිංහලයන් සතු වගකීමක් ඇත. ඒ තම රටෙත් ජාතියේත් තමන්ගේත් අනාගතය රැකගැනීමට තමන් ද කැපවීම් කල යුතු නිසාය. හිඟන්නන් මෙන් බැලමෙහෙ කර අනුන්ට අත පා ජීවත්වීම සිංහලයන්ට අකැප ය. එම පසුබිම ගත් කල මුහුණ දෙන අභියෝග ඉදිරියේ මම අවශ්‍ය බව පුන පුනා කිව යුතු නොවේ.

මම ගැන සොයා තහවුරු කල හැකි තොරතුරු:

මම බොහෝ දේ කර ඇත. ඒ සියල්ලම වෙන අයට බැරි අතහැර දමා බැරිකම වසා ගැනීමට සැඟවූ දේ ය. සරලව කියනවා නම් කිසිවෙකුට බැරි වූ දේ ය. එවන් හැකියාවක් ඇති කෙනෙකු මෙලෙස ලියන්නේ ද සිංහලයන් සමඟ ඇති ලෙන්ගතු කම නිසා ය.

විශේෂ තොරතුරු:

පවතින පාලන රටාව තුල අධ්‍යාපනයෙන් ඉදිරියට ගිය මම ඉන් ඔබ්බට ගියේ 1991-94 කාලයේ ය. එය ද රැකියාවක් ලබා ගැනීමට කල සුළු අධ්‍යයනයක් වෙනුවෙන් කල රචනාවකි. මෙම පහල ඇති රූපය එම රචනාවේ මුල්පිට පෙන්වයි.

සුළු අධ්‍යයනයක් වෙනුවෙන් කල රචනාව
බැලූ බැල්මට මෙය නිකම් ම නිකම් රචනාවක් ය. එහෙත් මෙය නමකට වඩා නමක් නැත කියන ආකාරයේ ලිපි ශීර්ෂයකි. එය එසේ වෙන්නේ මෙහි අන්තර්ගතය හඳුන්වන වචනයක් නැති කම නිසයි. අප දන්න දැනුම භාෂාවේ වචන වලින් කියන පරිසරයක, ඒ වචන වලට එහා යන දැනුම නව දැනුමක් වේ. මේ දැනුම සඳහා මම ගෙතූ වචන යුගලයක් ඇත. ඒ ගැන පසුව කියමි.

මෙහි සඳහන් වන්නේ එක්තරා ගණිතමය දැනුමක් භාවිතා කරන ආකාරයි. ඒ තුලින් තව බොහෝ භාවිතයන්ට ද මග පෑදේ. මෙහි වැදගත්කම වන්නේ ඒ මොනවද යන්න නොව ඒ නිසා වූ බලපෑමයි. යමෙක් මෙහි ඇත්තේ මොනවා දැයි කුතුහලයෙන් විමසනු ඇත. ඔබ පමා වූවා වැඩි ය. මෙය අන්තර්ජාතික මට්ටමේ දැනුමක් වී ඇත. ඒ දැනුමෙන් පෝෂිත විශාරදයන්, උගතුන් ආචාරීන් මහාචාරීන් එමට ය. ඉංජිනේරු, විද්‍යා, වෛද්‍ය, ආර්ථික ක්ෂේත්‍රවල ප්‍රබල තැනක් හිමි වී ඇත. ඒ දැනුම භාවිතයෙන් බිහි වූ ප්‍රබුද්ධ උගතුන් වෘත්තිකයන් බොහෝ ය. ඒ ගැන මට ආඩම්බරයක් නැත්තේ, ඒ එකෙක් වත් මේ පොතේ නමවත් නොදන්න නිසා පමණක් නොව, එහි අන්තර්ගතයෙන් තේරුම් ගෙන ඇත්තේ ද සුළු කොටසක් වීමත්, අවසනාවට ඒ සුළු තේරුම් ගැනීමත් වැරදි ආකාරයට ක්‍රියාවේ යෙදවීමත් නිසයි. එවන් පසුබිමක දැනුමට හිමිකම් කියන හොර ඔප්පු කාරයන් ද ඇත. ඒ මදිවට අසාර්ථක ව ක්‍රියාවේ යෙදවීම නිසා එය unproven technology කියා කීවේ ද තාක්ෂණයට අධිපති රටක නායකයා වීමද විහිළුවකි. පසු කලක ඊට නිසි පිළිතුරක් දුනිමි.

මෙම සුළු අධ්‍යාපන රචනාව කලේ ඉහල තලයේ බටහිර උගතකු වූ ඉංග්‍රීසි ජාතිකයකු යටතේ ය. මුළු කාලයෙන් වසර 3ක් වැය කලේ මා ලියපු දේ ගුරාට පැහැදිළි කිරීමට ය. එය කෙතරම් අමාරු දෙයක් ද කියනවා නම්, වට කිහිපයකදී, ඒ වටා ඇති සංකීර්ණ දැනුම කපා කොටා සරල බාලංශ කතාවක් තෙක් පහළට බැසීමට සිදු විය. අන්තිමට කලේ රූපයේ දක්වා ඇති භාවිතය යොදා ප්‍රථිඵල, පැවැති තාක්ෂණය සමඟ සැසඳීම ය. මෙය ඕනම කෙනෙකුට තේරෙන ක්‍රමයයි. අවසන් වරට ප්‍රථිඵල දැක තුටු වූ මගේ ගුරා කීවේ ඔහු මෝඩ (stupid) බවයි. එනම් ප්‍රථිඵල මිස කල දේ නොතේරුන බවයි. පසුව ලත් අත්දැකීම් සමඟ, ඔහු කොතරම් දක්ෂ දැයි පෙනුනේ, තමන් ගැන එසේ කීමට තරම් වූ හැකියාවයි. ඒ අතින්, බොහෝ උන්ට තමන් ගෙ කියාගන්නෙ තේරුම නොදැන අනුන්ගේ දෙයක් පිටපත් කිරීම බවවත් නොතේරීම ගත් කල, මෙම දැනුම භාවිතා කරන උන් බහුතරයද වැටෙන්නේ ඒ ගොඩටයි. මේ අතරතුර මා බිහිකල අදියර කිහිපයකට අයත් පිටපත් ද මුසු වී දැනුම තවත් වියවුල් වී ඇත. මෙතරම් අපවිත්‍ර වුවද, අද භාවිතාවන් පෙන්වන සාර්ථකත්වය ගැන පුදුම විය යුතු ය.

අද වෙන තෙක් මේ රචනාවේ අන්තර්ගතය දත් එකෙකු නැත. එවන් පසු බිමක, කිසිදු වැදගැම්මකට ඇති වැඩක් නොකර මේ ගැන කතා කිරීම ද මට කරන අපහාසයකි. එහෙත් ඊට වඩා මිනිසුන් ගේ යහපත වෙනුවෙන් භාවිතා කිරීමට සිංහලයන් යොදාගෙන කල හැකි යයි මම සිතමි.

මෙය අද වන විට හොඳට මෙන්ම නරකට ද යොදා ඇති දැනුමකි. වඩා ප්‍රචලිතව ඇත්තේ මම ගුරාට මගේ උත්සාහය පැහැදිළි කිරීමට යොදා ගත් Feedforward Control යන වචනයෙනි. පිටතින් බැලුවන්, Soft Sensing and Parameter Estimation ලෙස ද දක්වනු දුටිමි. ගූගල් සෙවීමකින් මේ ගැන තොරතුරු සොයා ගැනීම ඔබට භාරයි. ඒ කිසිදු තැනක මගේ රචනාවේ අන්තර්ගත දැනුමේ අවභාවිතයක් මිස වෙන යමක් මම නොදකිමි. "අයථා ලෙස" ලබාගත් දැනුම යොදා කරන දේවල් වලින් ලබන සාර්ථකත්වය හීන වේ. නොමග යන සුළු ය. අවුලෙන් අවුලට පත්වේ.

මෙම දැනුම පරිහරණය කල හැකි ජනකොටසක් වේ නම් ඔවුන් සිංහලයන් විය යුතු ය. මම උදාහරණයක් ලෙස පෑවේ මා සතු දැනුමෙන් ප්‍රකාශිත අල්පයකි. ඉන් එහාට යනවා නම්, බැරි දෙයක් තවම හමු වී නැත. තමන්ගේත් ජාතියේත් අනාගතය වෙනුවෙන් මා සමඟ එකතු වෙන ලෙස ලොව වටා විහිදුනු සිංහලයන්ට ආරාධනා කරමි.