Sunday 26 July 2015

කල නොහැකි යයි කියන මහින්ද දිනවමු.

පෙරවදන


මෙය සිංහලයන්ගේ යහපතට කැප වූවක් නිසා කිහිප වරක් කියවා තේරුම් ගෙන ක්‍රියා කරන්න. ඔබ එකඟ නොවේ නම් කම් නැත. හෙණ වැදුනොත් ඒ ඔබට මිස මට නොවන බව සහතිකය.


හැඳින්වීම



කලකට පෙර පරාජය කල නොහැකි යයි කී මහින්ද ජනවාරි 8 පරාජය විය. අද මහින්ද පරදිනවා මයි කියන ඔහුගේ පක්ෂයේ සභාපති වන මෛත්‍රී වගේ ම තමන් දිනනවා මයි කියන රනිල් ඇත. මේ අය ලෝකාධිපතියන් සේ හැසිරෙන නිසා, කල නොහැකි යයි කියන මහින්ද දිනවීම මගේ උත්සාහයයි. කලකට පෙර ප්‍රභාකරන් පැරදවිය නොහැකි යයි ඉන්දීය ජ්‍යෝතිෂකාරයන් පේන කියන විට ද මට හිතුනේ එයමයි. මහින්ද දිනනවා යයි පේන කී දේශය කන ජ්‍යෝතිෂකාරයන් අද අතුරුදහන් වී ඇත. මේ සැරේ මහින්ද පරදිනවා යයි පේන කියන ඉතිරි දේශය කන ජ්‍යෝතිෂකාරයන් ටිකට ද නිසි පාඩමක් ඉගැන්වීමට මෙය හොඳ අවස්ථාවකි. මේ පසුපස තියෙන්නේ බොරු කාරයන් වංචනිකයන් පරාජය කිරීම යයි කීම ද නිවැරදි ය.

මහින්ද රටේ පාලකයාව සිටියෙකි. එවැන්නන් පරාජය වූ විට ටිකෙන් ටික කොන් වී අතුරුදහන් වීම පොදු ය. එම තත්වය යටතේ මහින්ද දිනවීම "කල නොහැකි" (IMPOSSIBLE) දෙයකි. මෙය මට හොඳට පුරුදු කතාවක් නිසා ඇඟට නොදැනේ. එහෙත් මහින්ද දිනවීමට වඩා අමාරු දෙයක් මේ මොහොතේ ඇත්නම්, ඒ සිංහලයන්ගෙ ඉරණම වෙනස් කිරීම ය. දැන් උදා වෙන්නෙ සිංහලයන්ට හිමි වූ නාමික අයිතීන් ද අහිමි වීමයි. එසේ නම් එක උත්සාහයකින් "කල නොහැකි" දේවල් දෙකක් කරමු. මෙහිදී මහින්ද නැවත දිනීම ද සිංහලයන් අනුව තීරණය වෙන දෙයක් නිසා, අවස්ථාවක් උදාවීම අපූරු ය. කෙසේ වෙතත් මහින්ද යන විදිය තවම පල්ලම දෙසට යොමු වී ඇත. ඒ නිසා, ජනවාරි 8 පරාජයට පෙර ඉතිහාසය ද වැදගත් ය.

මහින්ද පැරදුනේ ඇයි? පැරදුවේ කවුද?


ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට මහින්දගේ පරාජය ගැන කියපු කෙනෙක් හිටියේ නැත. එහෙත් ඔහු පරදවන උපක්‍රමය බුකියේ (FB) සිංහලෙන් දැමුවේ ඊට බොහෝ කලකට පෙර ඇති වූ රනිල් මහින්ද දිනන පරදින සංවාදයකිනි. මෙම උපක්‍රමය ලංකා ෂී නිව්ස් වල සිංහලෙන් දැමුවේ පසුගිය ජනපතිවරණය ආරම්භ වූ විට ය. දැමූ කෙනාට එම අඩවියේ ප්‍රතිචාර දැමීම අහිමි විය. මෑතක දී රනිල් කී ලෙස මහින්ද පැරදුවේ ඇමෙරිකාවේ දී ලැබූ උපදෙස් අනුව ය. පුදුම විය යුතු නැත. මේ ලියන දේවල් ද කා අතටත් යන බවට සැක නැත. කෙසේ හෝ මානව වර්ගයාට යහපතක් වේ නම් කම් නැත. නොඑසේ නම් දුකට මුල් වේ.

මහින්ද ආ මග ගත් විට බොහෝ වැරදි විය. කෙළෙහි ගුණ සැලකීම බලාපොරොත්තු වුව ද, එවැන්නක් තම වර්ගයා බලයට ඒමට උර දුන් සිංහලයන්ටත්, තම පාක්ෂිකයන්ටත් පෙන්වූයේ නැත. බලය සදාකාලික යයි ද මුදලට කල නොහැකි දෙයක් නැතැයි ද යන විශ්වාසය නිසා බුද්ධිය පෑලදොරින් පලා ගියා. සැබැවින් ම මහින්ද පැරදුනේ තමන් විසින් මය. ඔහු බලයට ආ මග ගත් කල, මුලාව ප්‍රධාන උපක්‍රමය වි ය. එවැන්නන් බලයේ ඉහලටම ගෙන ගොස් සුණු විසුණු කරන බව ඉතිහාසය උගන්වයි. මිනිසුන් මුලා කල හැක. විශේෂයෙන් ම අසරණ වූ විට ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වා ඔවුන් තමන්ගෙ සහායට ගත හැක. එහෙත් වැරදෙන තැනක් ඇත. ඒ දෙවියන් ද මුලාකල හැකි යයි සිතීම ය. කාපුවා වමාරන්න වෙන්නෙ මෙවැනි මුලාවක වෙළුන විටයි.

මහින්ද පැරදවීමට යොදාගත් උපක්‍රමයේ මානව කොටස වන්නේ තමන්ගේ බල පදනම වූ ශ්‍රිලනිපය හා සිංහලයන් තමන් අත නොහරිනවා යයි මුලා වී ගණන් නොගැනීමයි. ඔවුන්ට කුඩම්මාගෙ සැලකිළි ඇති යයි තීරණය කිරීම ලොකු මුලාවකි. මේ කොටසට අයත් වූ සිංහල බහුතරය ද, කෙළෙහි ගුණ සැලකීම මුලාවක් නොව සැබෑ උරුමයක් ලෙස සැලකීම බරපතල ප්‍රශ්ණයකට මුල පුරන්නකි. රටත් පක්ෂයත් ජනතාවත් තමන් හා තමන්ගේ පවුලේ අය හා වටා රොක් වූ වන්දිබට්ටයන් ලෙස සැලකීම විනාශයට මුල් විය. ඒ අතරේ වටේ සිටි ප්‍රබල වන්දිබට්ටයන් සිංහලයන් රැවටීම සඳහා කල කී දෑ ගත් විට දෙවියන් වුව කෝප නොවේ ද?

මුලාවෙන් ඉහලට ගිය මහින්දට තමන් නියෝජනය කරන්නෙ ඉංග්‍රීසි කොළණි ආණ්ඩුව බවත්, තමන් දඟලන්නේ ඉංග්‍රීසීන්ට බැරි වූ සිහිනය සැබෑ කිරීමක් බවත් අමතක වූයේ සිංහලයන් මුලා කිරීමට වන්දිබට්ටයන් ගෙතූ සිංහල දේශප්‍රේමී ලණුව තමනුත් ගිලීම නිසා ය. රටේ දියුණුව ලෙස දුටුවේ ඉංග්‍රීසින් කරන දේ ය. ඉලක්ක වූයේ ඉංග්‍රීසීන්ගේ ඉලක්ක ය. පරිසරය නසා, බහුතරය තලා පෙලා ඉදිරියට යාම ඉංග්‍රීසින්ට ඔබින වුව ද සිංහලයන්ට වහ වැනි ය. මෙම කැකෑරෙන අර්බුදයට සිංහල බල පදනම කෙලින් ම මුහුණ දුන් බව අමතක කලේ ඔවුන් ගැන නොදත් නිසා ය.

සැබැවින් ම මහින්ද පැරදුවේ සිංහලයන් ය. ශ්‍රිලනිප කාරයන් ය. එසේ වූයේ මුලා වූ මහින්ද ඔවුන්ගේ හැඟීම් නොසලකා හැරීම ය. පුංචි එංගලන්ත හීනය, ඔහුට මෙන් සිංහලයන්ට සුන්දර නොවේ. දේශ ද්‍රෝහී ආණ්ඩුවක පාලකයකු විනාශ වී හැඳි ගෑවීයාම ගැන දුක් විය යුතු නැත. එහෙත් මහින්දට එසේ වීම වැලැක්වීමෙන් බලාපොරොත්තු වන දේ නොකීවත්, තව වරක් අළුත් මුහුණකින් බලය දීම කල හැකි දැයි බැලීම අභියෝගයක් නිසා සිංහලයන් භාර ගත යුතු ය. අභියෝගයන්ට බිය වී පලායම සිංහල ගතියක් නොවේ. ඵලය මොකක් වුවත් මුහුණ දී අළුත් අත් දැකීමක් ලැබීම වැදගත් ය.

පරාජය අහඹුවක් නොවේ. ජයගන්නා මගේ නොපෙනන අර්ධය පරාජයයි. ඉදිරියට යන විට පරාජය ද ඉදිරියට එයි. අනුන් මත යැපීම, ඔවුන්ගෙ දේ තමන්ගෙ ලෙස හුවා දැක්වීම, වන්දිබට්ටයන් හරහා නැති රූපයක් මවා ගැනීම හරහා තමන් ලබාගන්නා සහාය, නොපවතින තාවකාළික පැලැස්තරයකි. මහින්ද ජයගැනීමේ අටියෙන් කල දේ ද පරාජයට මග කැපුවා. එම ගමන අද ද යන නිසා වෙනස් කල නොහැකි පරාජයෙන් පරාජයට ගොස් වැනසෙන අන්තයෙන් කෙළවරේ වේ. මෙම ඉරණම වෙනස් කල හැකි ය. එනම් ජයගැනීමේ අටියෙන් කල දේ නැවත නොකල යුතුය. එය ලෙහෙසි නැත. තෝරාගත් අළුත් ම සටන් පාඨය ද පරාජය සෙවීමකි. තමන්ගේ කෙරුවාව මුළු රටම දන්නා විට වසං කිරීම, හෙළුව පේන විට මුහුණ වසා ගැනීම වැනි ය. හෙළුව වැසීමට රෙදි කඩක් යොදාගන්නා සේ තමන්ගේ කෙරුවාව වෙනස් කිරීමට සිදුවේ. වටකරගෙන සිටින සියල්ලන් ම ජයග්‍රහණයේ කොටස් කරුවන් ය. ඔවුන් ද මහින්ද සමඟ පැරදුන බව අමතක නොකල යුතු ය. මෙම ලිපිය තුලින් තමන්ගේ කෙරුවාව වෙනස් කිරීමට උදව් කරන්නෙ අපරාජිතයෙකි. එසේම කල නොහැකි දේ කිරීමේ අභියෝගයට නිරන්තරව මුහුණ දුන්නෙකි. සරලව කියනවා නම් පරදවන්න බැරි මහින්ද පරදවපු කෙනා යයි කීම නිවැරදි ය.

මහින්දගේ පරාජයට මුල් වූයේ මොනවාදැයි දැනගැනීම වැදගත් ය. ඉන් ප්‍රධානම හේතුව වූයේ බලයට ඇති කෑඳරකමයි. තම බලය අහිමි කාලයට ගෙන යාමට උත්සාහ කිරීමෙන් හිමි දෙය ද අහිමි විය. ඒ සඳහා හැසිරුනේ උමතු ස්වරූපයකිනි.

කාලයත් සමඟ බලයට ආවේ ද  තමන්ගේ ඥාතිවරුන්ගේ දායකත්වයෙනි. එම පුරුද්දට ප්‍රාදේශීය බලය ලබාගත හැකි වුවත්, ජාතික මට්ටමේ දී එය සියදිවි නසා ගැනීමකි. ජාතික නායකත්වය යනු තමන් ඉදිරියෙන් යාම ය. අභියෝග අති මහත් ය. පසුපසින් සිටින අය මත තම ගමන තීරණය වේ. එවිට තම ලේ සබඳකම පෙරට එන එක අරුමයක් නොවේ. එහෙත්, ඉන් ලේ සබඳකම නැති අතිබහුතරය ඈත්වීම පරාජයේ ආරම්භයයි. අනෙක් පක්ෂවලද මේ ප්‍රවණතාවය මාමා-බෑණා හෝ අතිජාත මිත්‍රත්වය හරහා වීම ද එවැනිම පරාජයේ ආරම්භයයි. පුරාතණ සම්ප්‍රදාය අනුව පියාගෙන් පුතාට  බලය දීම සිදු වුව ද, පවතින ඉංග්‍රීසි ප්‍රජාතන්ත්‍රවාදය තුල පරණ වැරදිවලට ඊ ළඟ පරපුර බිලිවීම සුලබ දර්ශණයකි. බණ්ඩාරනායකලා ඥාතීන් මත යැපීමත්, අණුර අනාගත නායකයා කිරීමට උත්සාහ කිරීමත් කෙළවර වූ ලෙසම මහින්ද පාලනයත් කෙළවර වීම අරුමයක් නොවේ.

මහින්දගේ ඥ්‍රාති පදනම ගත්විට පරාජයට මුල් වූ ප්‍රධාන කොටසට අයත් වේ. ඇමෙරෙකාණු මර්දණකාරී පෙරේත (greedy) සංස්කෘතික ග්‍රහණයට ලක් වූ සොහොයුරන් ඔහු නැත්තටම නැති කලා යයි කීම වැරදි නැත. ඒ ටිකම පරාජයට ඇති තරම් ය. තම දරුවන්ගේ සංකර බටහිර සංස්කෘතික ග්‍රහණය හා අධ්‍යාපනය ස්වදේශික රාමුව තුල අනාගතය නැසුවා පමණක් නොව තනිවම පරාජය කිරීමට තරම් ප්‍රබල විය. බලයෙන් උඩඟු වී නටපු නැටිලි ගත් කල, නැවත තම අනාගත පරපුරට ජාතික නායකත්වය නොලැබෙන පෙරනිමිත්තකි. මෙයට පටහැනි ප්‍රවණතාවයක් චමල් හරහා රටට ලැබීම යම් සහනකාරී ලක්ෂණයක් යයි කිව හැක.

සිංහලයන් අතර වන්දිබට්ටයන් හරහා ගොඩ නැගූ ඉතිහාසය ඇනූ රාජකීයත්වය හා පැරණි ඉතිහාසය පටලවා ඉතිහාසය උපහාසයට ලක්වන සබඳතා ගොඩනගා සිංහලේ "රජා" වීම ද පරාජයට ඇස් පියාගෙන පැනීමකි. මෙහිදී වලව්ව හා ගෙදර යන තේරීමේ දී ගත් මග සිහිවේ. පවතින ම්ලේච්ඡ ඉංග්‍රීසි මංපහරන්නන්ගේ කොළණි ආයතන තුලින් බිහිවී එවැනි වෙසක් ගැනීම නින්දිත මුලාවකි. නිරන්තරයෙන් කුපිත කරවන අවලාදයකි. එහි ඵලය ද පරාජයයි. විශේෂයෙන් වීරවංශගෙ අඳෝනාවන් තමන් තුල යම් පිබිඳීමක් කලත්, බාහිර සමාජය තුල පිළිකුලට හා උපහාසයට ලක්වීම ද, සිංහලයන් සතු උරුමයන් නොදැන ඔවුන් ගොනාට ඇන්ඳවීම ද පාරාවලල්ලක් විය. ඒ සමඟම වාසුදේවගේ සිංහලයන් වෙත ඇති ආකල්පය ගත් කල සිංහලයන්ගේ සහාය ලැබීම ද පුදුමයකි. මොවුන් දෙදෙනා සිංහලයන් කෙරෙහි දැක් වූ ආකල්පය සිහිවන විට මම මේ කරන දේ ද අතහැරීමට තරම් සිතෙන තරම් කෝප කරවයි. එවැනි තමන් වටා එකතු වූ කොටස් ගත් කල ලැබූ පරාජය මුදල් ගෙවා ගත් මාරන්තික වසංගතයක් යැයි කිව හැක.

එසේම මහින්දට වැරදුන තවත් කාරණයක් වන්නේ අසීමිත බලාපොරොත්තු සමඟ ඇරඹූ ව්‍යාපෘති ය. වැරදුනේ තමන් බුද්ධිමතුන් යයි ලං කරගත් උගතුන් නිසාය. මොවුන් උගතුන් වූයේ ඉංග්‍රීසි අධ්‍යාපනයෙනි. ගිරවුන් සේ කියවා පොතපතින් පිටපත් කර ලබාගන්න උගත්කමට වඩා නූගතුන් බුද්ධිමත් බව අමතක කිරීමෙන්, ප්‍රශ්ණ විසඳීමට ගොස් වවාගෙන නා ගැනීමට සිදු විය. දැනුදු ඉන් තොර මගක් නොදකින බව නොරහසකි.

එහෙත් පරාජයට මුල් වූයේ මේ කිසිවක් යයි කීම මුසාවකි. කල බරපතලම වැරැද්ද නාමිකව දෙවියන් අදහන්නෙකු ලෙස පෙනී සිටිමින් දෙවියන් රැවටීමට උත්සාහ කිරීමයි. එය කල නොහැක. තමන් දියසේන කුමාරයා යයි කියා සිංහලයන් මුලා කල ද දෙවියන් රැවටිය නොහැක. උපන් දිනය පමණක් නොව තැන හා වෙලාව දී ඇති විට, එවැනි බොරුවක් ආරූඪ කරගැනීම දේව උදහසට මුල් වේ. සැබෑ දියසේන හමුවේ මහින්ද නිකම් ම නිකම් රූකඩයකි. මෙතෙක් දියසේන වෙස්ගෙන මුලා වූවකු යහතින් ජීවත් වී නැත. බොරුවෙන් මුලාවෙන් යැපෙන්න එකක් නැති වන විට තව බොරුවක් බදාගනියි. අද ද තවත් බොරුවකින් මුලා වී ඇත. එනම් "අළුත් ආරම්භයක් දෙන හිරු දෙවියන්" තමන් යයි කීම ය. මෙතරම් ප්‍රසිද්ධියේ තමන්ගේ වතගොත ප්‍රදර්ශණය කර "හිරු දෙවියන්" වීම උමතුවකි. තමන්ට කල හැකි අළුත් දෙයක් තබා පරණ දෙයක් වත් නැති විට මෙවැනි ක්‍රියා දෙවියන් තවත් දුරස්වීමට හේතු වේ. යම් සහනයක් වූවා නම් ඒ මහසම්මත මනු (විෂ්ණු හෙවත් විශ්ව මනු) සරණ යාම යයි සිතමි. දෙවියන් තමන්ට යස පාඩමක් උගන්වා ඇත. එයින් යමක් ඉගැනීම වැදගත් ය. ඉන් එහාට කීමට නොයමි.



පරාජයෙන් මිදීමට මහින්ද ගත යුතු මග:


මෙය ඉතාමත් අපහසුතාවයකින් ලියන්නේ පරාජිතයෙකු බවට හැරුනෙකු නැවත ජය මගට ගැනීම ලෙහෙසි නැති නිසා ය.  එහෙත් ජය සමඟ පරාජය එන සේ ම පරාජය සමඟ ජය මගද සැඟවී ඇති බව කිව යුතු ය. ජනවාරි 8 ඡන්දය ගත් කල බලයට ආවේ නායකයකු නොව මහින්ද විරෝධයයි. මේ පසුපස සිංහලයන් ද ශ්‍රිලනිප කාරයන් ද ඉදිරියෙන් සිටි බව නොරහසකි. මහින්ද මුලින් ම කල යුත්තේ සිංහලයන් හා ශ්‍රිලනිප කාරයන් දිගටම රැවටීම නොව ඔවුන්ට හිමි තැන දීමයි. එය කල හැක්කෙ තමන් වටා සිටින අයට සලකන විදියට වඩා ඉහලින් සිංහලයන් හා ශ්‍රිලනිප කාරයන් තබා සැලකීමයි. තමන් බලයට ඒමට මග පෑදු සිංහලයන්ට පිටු පා කරගත් විනාශයෙන් ගැලවීම අවශ්‍යයි.

ඡන්ද ප්‍රථිඵල අනුව සිංහල ජන ප්‍රසාදය හිමි මහින්දටයි. ඔහුගේ බලපදනම සිංහලයනුයි. ඒ නිසා සිංහලයන් හා අනෙක් සංක්‍රමණික ජාතීන් සම යයි සිතා ආගම් හෙවත් පිටින් ආ ඇදහිළි වලට මුල්තැන දීමත් සිංහලයන් පාගා හදන්න ගිය ශ්‍රී ලංකන් මලවිකාරයත් නවතා සියලු ජාතිකයන්ට සේම ඇදහිලි දරන උන්ට තම අනන්‍යතාවය රැක දී සිංහලයන්ට අහිමි වූ රටත්, තමන්ගේ උරුමයත්, ආකම නොව සිංහලකමත් පිළිබඳ ව සිංහලයන්ට ඇති අයිතියට ගරු කල යුතුයි.

1815 බිහිවූ ඉංග්‍රීසී ආක්‍රමණික පාලනයත් ඒ තුලින් සිංහලයන්ගෙන් පැහැරගත් සම්පතුත් සිංහලයන්ට උරුම කිරීමට වැඩ කලයුතුයි. සිංහලයන් පාගා මර්දනය කර සිංහලයන් මත බලෙන් පටවන ඉංග්‍රීසිකමත් 1815 දීත් 2015දීත් රට ජාතිය පාවා දුන් සිංහල කතා කරන හිඟමනේ ආ සංක්‍රමණිකයන්ගේ බලපෑමෙන් සිංහලයන් මුදවා ගෙන තම ජාතිකත්වය පණ ගැන්වීමට ඉඩ දිය යුතුයි. විශේෂයෙන් ම පාර්ලිමේන්තුව, අධිකරණය හා විධායකය හරහා රටට ගෙනෙන ම්ලේච්ඡ ඉංග්‍රීසී නීති රීති මෙන් ම විපරිත ඉංග්‍රීසී මතවාද වලින් සිංහලයන් මුදවා ගත යුතුයි. යල්පැන ගිය ඉංග්‍රීසී යහපාලන මිථ්‍යාව බිඳ හෙලා ඇත්ත හෙළි කල යුතුයි.

සිංහලයන්ගේ විශ්වාසය දිනා මිස නැවත බලයට ආවත් ඵලක් නැත. එය කිරීමට නම්, බලයට ඇති කෑඳරකම නැති බව පෙන්වීමට දෙවැනි ජනපති ධූරය අවසන් වන දින දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතුයි. තම ඥාති මිත්‍රාදීන් වටකර නොගන්නා බවට සහතික විය යුතුයි.

අද පවතින සිංහල විරෝධී ඉංග්‍රීසි පාලනය හරහා උන්ගේ රට බහු ජාතික කොළණියක් වීමට සිංහලයන් පලි නැත. සිංහලයන්ගෙන් පැහැරගෙන තේ රබර් පොල් වතු මෙන්ම පන්සල් කෝවිල් දේවාල පල්ලි මොස්කු හැදූ භූමියේ අයිතිය සිංහලයන්ට දිය යුතු ය. සිංහලයන්ට තර්ජණයක් වන ලෙස හැසිරෙන සංක්‍රමණිකයන්ගෙන් සිංහලයන් රැක ගත යුතු ය. සිංහලයන් විරුද්ධ වන චරියාවන් ඇති සංක්‍රමණිකයන් ඔවුන්ට උරුම මව් රටකට සංක්‍රමණය කිරීමට උදව් කල යුතු ය. එසේ කල නොහැකි විට අතරමැදි කලාපයක් ("transit zone") සකසා සිංහලයන්ට තර්ජණයක් වන ලෙස හැසිරෙන සංක්‍රමණිකයන්ගෙන් ගේ ජීවත්වීම එම පෙදෙසට සීමා කර, අනෙක් හැමෝටම මුළු රටම තම අභිමතය අනුව යාම් ඊම් කිරීමට සැකසිය යුතු ය. පුරවැසි භාවය සිංහලයන්ට එදිරිවන්නන්ට අහිමි කල යුතු ය. මෙහිදී සිංහලයන් ලංකාවේ නිජවාසීන් බවත් ඉංග්‍රීසි ආධිපත්‍යය හරහා ගොඩ නැගූ පරයන්ගේ මිථ්‍යාවන් බිඳ හෙලීමත් කල යුතු ය.

අද සිංහල රටේ පැරණිම උරුමය වන රජ රට යනු මහසම්මත මනු (විෂ්ණු) එවක මිනිස්ලොව පාලනය කල බල පෙදෙසයි. අද එය බාහිර ආක්‍රමණිකයන් සමඟ වැඩ කිරීමට ආ සංක්‍රමණිකයන් පැහැරගැනීම සිංහලයන්ට කරන අවමානයකි. එම බිම ජාතික වන උයනක් කිරීමට පෙරමග ගත යුතු ය. භූමියේ අයිතිය එය නසන උන්ට නොව එයට මුල් ඇදි ගස්වැල් වලට පැවරිය යුතුය. මෑතකදී ඡන්දය ලබාගැනීමට අල්ලස් ලෙස දී විනාශ කල භූමිය නැවත ආරක්ෂිත වනයන් කල යුතුය. ඒවා මිනිසුන්ට නොව සියල්ලන්ගේ පැවැත්මට අවශ්‍ය පරිසරයක් කල යුතුය.

අද රාජ්‍ය බලය හරහා පැහැරගෙන ඇති සිංහලයන්ගේ සැපයුම් ජාලය නැවත ගොඩ නැගීමට සහාය විය යුතුය.

ජනාධිපති දුරය අහෝසි කිරීමටත් ඉන්දු ලංකා ගිවිසුම් අහෝසි කර පළාත් සභා අහෝසි කර දැමීමටත් මුල් විය යුතු ය. කලයුතු දේ නොකිරීම පරාජයට හේතු විය. පවතින ම්ලේච්ඡ ඉංග්‍රීසි පාලනය සුණු විසුණු කර, මනුෂ්‍යයන්ට උචිත පාලනයක් බිහි කිරීමට සහාය විය යුතු ය. මෙහිදී මම කරනවා යයි බැරි දේ කිරීමට නොයා යුතු ය. ඉංග්‍රීසි පාලනය සමඟ අත්වැල් බැඳගත් රාජ්‍ය ත්‍රස්තවාදය වෙනුවට ජීවිත රකින පාලනයක් බිහි කිරීමට සහාය විය යුතු ය.

ජාතියේ ඉදිරි ගමන ගත් කල, වැඩ බැරි උගත් මෝඩයන් පසුපස ගොස් ඉංග්‍රීසීන්ට බැලමෙහෙ කරන සේවකයන් බිහිකිරීමට නොව මනුෂ්‍යයත්වයට ගැලපෙන දියුණුවක්, උපතේ සිට මියෙන තුරු නිවහල් නිදහස් මනුෂ්‍යයන් ලෙස ජීවත් වීමට අවශ්‍ය පසුබිම සැකසීමට සහාය විය යුතු ය.

සීමිත වූ අධ්‍යාපන හා වෘත්තීය අවස්ථා මුළු රටටම ඉගෙනීමට කැමති කාටත් දෙන විදියකට අවශ්‍ය පසුබිම සැකසීමට සහාය විය යුතු ය. ගිරවුන්, පිටපත් කරන්නන් නොව රහතුන් (ලෝකයේ ඇති නැතිවීම් ගැන රහස් දත් උන්) බිහිකරන පසුබිම සැකසීමට සහාය විය යුතු ය. ජීවත්වීම යනු ඉල්ලා බැගෑපත්වීම මත නොව සහජ අයිතියක් කරන, එතුලින් අනාගතයට මග පෙන්වන මිනිසුන් බිහිවන පරිසරයක් ගොඩ නැගීමට සහාය විය යුතු ය. තමන්ට බැරි දේ බැරි බව තේරුම් ගෙන ක්‍රියාවෙන් තහවුරු කරන අයට වගකීම භාරදීම වැදගත් වේ. එසේ නොවේ නම් ප්‍රථිවිපාකය හා සසඳන කල ලැබූ පරාජය ඉතා සුළු ය.

බොරු දියසේන කම්, හිරු දෙවිකම්, රජකම් අතහැර මිනිසුන් අතර මිනිසකු වීම වැදගත් ය. එවිට දෙවියන් (දන්න අය) පිහිටට එනු ඇත.

කලයුතු බොහෝ දේ ඇතත් මෙය ආරම්භයකට ඕනවටත් වඩා වැඩි ය.


සිංහලයන් ගත යුතු මග:


තම රට උරුමය භාෂාව අහිමි වී, පෑගී සිටින, මුලාවෙන් නැසෙන සිංහලයන්ට පවතින තත්වය වෙනස් කිරීමට කලහැකි අගයැති දෙයක් නැත. එවන් තත්වයකදී, පවතිණ අභියෝග හමුවේ කල හැකි එකම දෙය කඩදාසියක සලකුණු කර කැමති වූවත් අකමැති වූවත් ඉදිරිපත් වී ඇති දේශපාලුවෙකු බලයට ගෙන ඒමය. මෙහිදී තම ඡන්දය මෙවර මහින්දට දෙන ලෙස ඉල්ලමි. ඒ ඇයි දැයි බැලුවොත් කිසිවෙකු හොඳ යයි සිතා නොව නරකම උන් අතර අඩුවෙන් ම නරක එකා තේරීමයි. වෙන කලහැකි දෙයක් නැත. ඒ අතරේ වසර 50ක් පුරා රට විනාශ කල  මාර්ක්ස්ගේ වහළුන් අළුත් වෙස් මුහුණක් දමා ගෙන නටන නැටුමට රැවටී ඔවුන්ට ඡන්දය දෙනවාට වඩා මැරුණු ප්‍රභාකරන්ට දීම සුදුසු ය. ඒ ප්‍රභාකරන්  පරම සතුරෙකු වුවත් සිංහල කියා ජාතියක් ඇති බව පිළිගත් නිසා ය. ඒ වෙනුවට සිංහල කියන නම හරි කියන්නේ මහින්ද පමණක් නිසා තේරීම පහසු ය.

මෙය තේරීමකට වඩා සිංහලයන්ගේ සුවිශේෂ හැකියාවක් වන අභියෝගයන්ට මුහුණ දීමකි. සිංහලයන් බලාපොරොත්තු වූ අනාගතය අත ළඟට ආ මොහොතක, අතුගෑවී යන ම්ලේච්ඡ ආක්‍රමණික පාලනයටත් එයට සිංහල වෙස් දී සිංහලයන් මුලා කල හිඟන සංක්‍රමණිකයන්ටත් පසුපසට පා පහරක් දී සමු ගැනීමක් පැහැර හැරිය යුතු නොවේ.

රෑ දවල් අතෝරක් නැතිව කියන්නේ මහින්ද හොරෙකි, මැරයෙකි, ඒකාධිපතියෙකි, ඒ නිසා අපට බලය දෙන්න කියා ය. මේ ශුද්ධවන්තයන් ගේ හොරකම් මැරකම් ඒකාධිපතිබව, දේශද්‍රෝහී කම සිංහල විරෝධය ගත්තම සාපේක්ෂව මහින්ද ඉන්නේ කොතනදැයි දැකීම සුළු දෙයකි. ම්ලේච්ඡ ඉංග්‍රීසි පාලනය ම හොරකම හා මැරකම මත ගොඩ නැගුණකි. මැර බලයෙන් ඝාතනයෙන් භීෂණයෙන් රටේ සම්පත් වලින් 90% ක් සිංහලයන්ට අහිමි වූයේත්, තමන්ගේ රට බහුජාතික කොළණියක් වූයේත්, මහින්දගේ කෙරුවාව නිසා නොව 1815 සිටි රොබර්ට් බ්‍රවුන්රිග් සමයේ සිට ය. සිංහලයන් මුලාකරන උන්, රජ සැප විඳින්නේත්, සිංහලයන් ජීවත්වීමට දැඩි වෙහෙසක් ගන්නේත් මොකා හොරකම් කල නිසා දැයි පැහැදිළි ය. එසේම ශුද්ධවන්තයන් ලෙස වෙස්ගත් හොරුන්, මැරයන් ඒකාධිපතියන් මහින්දට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින බව අමතක නොකල යුතුය.

පසු වදන: 


තීරණ ගැනීම මත අපේ අනාගතය තීරණය වේ. වැරදි තීරණ විනාශයෙන් කෙළවර වේ. ඔබ මම කියන තේරීම ඔබේ තේරීම කරයි නම් මම ඔබට වග කියමි. ඔබට අහිමි වූ සියල්ලමත්, ඊට වඩා සිය දහස් ගුණයක් වටිනා අනාගතයක හිමිකමත් ඔබ ප්‍රතික්ෂේප කරයි නම්, එයට ඔබම වගකිව යුතුයි.

මෙය සිංහල ජාතිය රට උරුමය වැනසූ ඉංග්‍රීසි පාලනයේ වත්මන් සංකේතයයි. අද එය අරක්ගෙන සිටින්නේ තිරිසනුන්ටත් අපහාසයක් වන අමනුෂ්‍යයන් රැලකි. මෙයට හෙණ වැදුනොත් මම කී තේරීම ඔබේ තේරීම කරගන්න.  
මෙම රූපය සංකේතවත් කරන්නේ සිංහලයන්ගේ රට මිහිපිට අපාය කල බහුජාතික කොළණියේ මූලස්ථානයයි. එය, මිහිකත කම්පා වී සුණු වේ නම් මම කී තේරීම ඔබේ තේරීම කරගන්න.



Tuesday 14 July 2015

මර බියෙන් මුසපත් වූ පාලකයකු වන මෛත්‍රී නිසා සිංහලයන්ට මර බිය හැදෙන තොරතුරු සමඟ කාලීන තොරතුරු කිහිපයක් සිංහලයන්ගේ දැනුම උදෙසා ලියමි.

මරණයට බිය හා බිය නැති යන අන්ත දෙකක් ඇත. මරණයට බිය නැති එකා මරු ඉදිරියේ සිනා සී මරුට මුහුණ දෙයි. ඒත් සිංහලයන්ට නුහුරු දෙයක් ඇත. එනම් මරුට බිය උන් හැසිරෙන ආකාරයයි. එම අන්තයේ දී මල මුත්‍ර පහ වීම මෙන් ම භයානක වියරු බවක් පෙන්වයි. තම ජීවිතය බේරා ගැනීමට නොකරන දෙයක් නැත. තම ජීවිතය බේරා ගැනීමට අහිංසක දරුවන් බිලි දී පසුව නැසෙන තිරිසනුන් ගැන අප දනිමු. එහෙත් එවැනි මර බියෙන් පෙලෙන්නෙකු රටේ නායකයා වී නම් වෙන දේ සිතා ගැනීමට බැරි තරම් ය. මෙය ඉතා බරපතල තත්වයකි. ඉතිරිය කියවන සිංහලයන්ට ද මර බිය දැනෙනු ඇත. ඒ ඔවුන් මැරෙන නිසා නොවේ. ඇත්තට ම උන්ගෙ පණට වඩා වටින දරු මුණුපුරන් මෙන්ම රට ජාතිය ද අළු දූවිළි වී යන අනාගතයකට මර බියෙන් මුසපත් වූ මෛත්‍රීපාල මුළු රට ම බිලි දීමට අර අඳින නිසා ය.

සිංහලයන්ට ද මර බිය දැනෙනු ඇත කියන කොට, සිංහල වෙස් ගත් හිඟන රැලට ද බටහිර ගැති විජ්ජාගම් කාරයන් ඇතුළු කාලය-කන්නන්ට ද කාලකන්නි සතුටක් දැනෙනු ඇත. එහෙත් මේ මර බිය උඹලාට ද උරුම ය. එනම් මම ලියන මේ බස (සිංහල) කතා කරන  හැම එකාගෙ ම අනාගතය අඳුරු කිරීමට "මර බියෙන් මුසපත් වූ මෛත්‍රීපාල"ගේ හැසිරීම දායක වන නිසා ය. මෙය ශ්‍රී ලංකා කාරයන්ට ද යූ එන් පී කාරයන්ට ද එක සේ බලපාන්නකි. අවසනාවට ගැලවීමට ඇත්තේ එක මගකි. එනම් මෛත්‍රී පැරදවීමයි. එය කල හැකි ද, එයට ඇති මග මොකක්දැ යි විමසිය යුතු ය.

"මර බියෙන් මුසපත් වූ මෛත්‍රීපාල" මෙතරම් භයානක අභියෝගයක් වන්නේ කෙසේ ද? ඒ ඔහු රට අල්ලාගත් ඉංග්‍රීසි කොළණි ආණ්ඩුවේ ආණ්ඩුකාරයා නිසා ය. කුලියට වැඩ කරන පාතාල රාජ්‍ය සේවාවක බලය ගත්තේ කිසිදු පෞද්ගලික ජන වරමක් නැති මෛත්‍රී ය. බලයට ආවේ මහින්දගේ රජයේ සේවය තුලින් උරුම වූ ජන වරමත්, චන්ද්‍රිකා සතුව ශේෂ වූ ජනවරමත්, දිගටම බිඳ වැටෙන රනිල්ගේ ජනවරමත්, සිංහල විරෝධී දෙමළ හා මුස්ලිම් ජනවරමත්, ජාතිය පාවා දුන් හෙල කරුමයේ හිඟන වරමත්, ඉංග්‍රීසීන්ගේ දේශීය ඔත්තු සේවා මෙහෙයවන එන්ජීඕ කඩාකප්පල්කාරී වරමත් එකට එකතු කිරීමෙනි. ඒ තුලින් බිහි වූ "මර බියෙන් මුසපත් වූ මෛත්‍රීපාල" අද වන විට කවුරුවත් නොදැන සිටි තම චරිතය අමු හෙළුවෙන් ප්‍රදර්ශණය කරන බව මෙතෙක් වූ සිදුවීම් තුලින් තහවුරු වේ.

මම ලියන මේ බස (සිංහල) කතා කරන  හැම එකාගෙ ම අනාගතය අඳුරු කිරීමට "මර බියෙන් මුසපත් වූ මෛත්‍රීපාල"ගේ හැසිරීම දායක වන ආකාරය ඔහුගේ හැසිරීම තුල ඇත. අද සිංහලයන් මුහුණදෙන මාරන්තික (මරණයෙන් කෙළවර වන) අභියෝග වලින්, ඉදිරියෙන් ම සිටින අභියෝගය එල්ලවන්නේ "මර බියෙන් මුසපත් වූ මෛත්‍රීපාල"ගේ හැසිරීම  නිසා ය. සිංහලයන් මුලින් ම මෙවැනිම මාරන්තික (මරණයෙන් කෙළවර වන) අභියෝගයකයට 2015 ජනවාරි 8 දින මුහුණ දුන්නා. ඒ "ජයග්‍රහණයෙන් මුසපත් වූ මහින්ද ගේ හැසිරීම"යි. බලයෙන් අසීමිතව මත් වූ මහින්ද එදා රට තමන්ගෙ පෞද්ගලික බූදලයක් ලෙස පවත්වාගෙන යාමට හැදුවත් එම වියරුව ඔහුගේ පරාජයෙන් කෙළවර වුනා. අද එල්ලවන "මර බියෙන් මුසපත් වූ මෛත්‍රීපාල"ගේ අභියෝගය ද එවැනි ය. අද සිංහලයන්ට මේ වියරුවෙන් බේරීමට නම් මෛත්‍රීපාල පැරදිය යුතු ය.

අද එල්ලවන "මර බියෙන් මුසපත් වූ මෛත්‍රීපාල"ගේ අභියෝගය නිවැරදිව හඳුනා ගමු. එය මෛත්‍රී ගේ යයි කීමට වඩා ඉංග්‍රීසීන් (බ්‍රිතාන්‍ය-ඇමෙරිකන් අධිරාජ්‍යය ලෙස තේරුම් ගත යුතුයි) හා සිංහලයන් අතර බුද්ධිමය සටනක් ලෙස මම දකිමි. එසේම ඊ ළඟට ලෝකය වෙලා ගන්නා ශාරීරික සටනක (යුද්ධයක) පළමු කොටස ලෙස කිව හැක. පවතින සාධක සියල්ල ගත් කල නුදුරු කල ලෝක යුද්ධයකින් කෙළවර වන බව ඉතා පැහැදිළි ය. මෙහි දී සිංහලයන් ගත් කල උන්ට එවැනි තත්වයකට මුහුණදීමට යුධමය ශක්තියක් නැත. තමන්ගේ රටේ පෑගී තෙරපී සිටින සිංහලයන්ට ශාරීරිකව කල හැකි දෙයක් නැත. ඒ නිසා උන් අයත් වන පැත්ත වැදගත් ය.

ජනවාරි 8 සිංහලයන්ට ඉතා වැදගත් වූ සේ ම, 2015 අගෝස්තු 17 ද සිංහලයන්ට මාරාන්තික (8) දිනයකි. මෙහිදී මෛත්‍රී පැරදවිය යුතු ය. ඒ ඇයි දැයි කියනවා නම්, මෛත්‍රී දුවන්නේ ඉංග්‍රීසීන් (බ්‍රිතාන්‍ය-ඇමෙරිකන්) ගේ ජොකියා ලෙස ය. මිනිසුන් රැවටීමට යොදාගන්නේ ඉංග්‍රීසිකමයි. සිංහලයන්ට නායකත්වය දිය හැකි ගැරඬියෙක්වත් දේශපාලනයට සම්බන්ධ නැත. මෙහිදී ඉංග්‍රීසි අභියෝගයට අභියෝග කල හැකි තවත් ගැත්තෙකු ඇත. ඒ එළඹෙන යුද්ධයක දී ඉංග්‍රීසීන්ට අභියෝග කරන චීනුන්ගේ පැත්ත ගත් මහින්ද ය. අද සියල්ලන් ම, පරදවන්න, සැබැවින් ම දිනීම වැලැක්වීමට උත්සාහ කරන්නේ ද මහින්දට ය. මහින්ද පැරදවීම යනු ඉංග්‍රීසීන් විසින් සිංහලයන්ට මරු පෙන්වීමකි. ඒ "මර බියෙන් මුසපත් වූ මෛත්‍රීපාල" අල්ලේ නැටවීමට ඉංග්‍රීසින් සමත් වන නිසා ය. මෙය සිංහලයන්ට මර බිය ගෙනෙන කාරණයක් වේ.

සිංහලයන්ට මර බිය ගෙනෙන කාරණය මොකක් දැයි හඳුනා ගනිමු. ඒ සඳහා අද ලෝකය ගමන් කරන අත දැකීම වැදගත් ය. ලංකාවේ, ජයග්‍රහණයෙන් ඔද වැඩී ගිය මහින්ද මෙන් ම, ලෝකයේ ජයග්‍රහණයෙන් ඔද වැඩී ගිය ඉංග්‍රීසීන්, ලෝකයේම බලය තම අතට ගැනීමට යුද්ධමය මගක යාමයි. අන් මගවල් වලින් පසුබසින විට, යුද්ධමය මග තෝරාගැනීමට පෙළඹීම නිසා, ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට තමන්ට අභියෝගයක් වී ඇති ආසියාතික බලවතුන් හා ගැටීමට ලංකාව මධ්‍යස්ථානයක් කරගැනීමට ඇති ම්ලේච්ඡ ආශාවයි. උන්ට රටක් ජාතියක් යනු අවශ්‍ය තැන බිල්ලට දෙන කුකුල් පරාණයක් වැනි ය. මෙවැනි තත්වයක් හමුවේ බිහිවන ලෝක යුද්ධයකදී ආසියාතික බලවතුන්ගේ ප්‍රහාරයකට මුලින් ම ලක් වන්නේ ඉතා කුඩා රටක් වන ලංකාව වැනි ආසන්න ඉලක්ක වේ. එවිට ලක්බිම අළු දූවිළි වී යනු ඇත. න්‍යෂ්ටික ප්‍රහාරයකට සාර්ථකව මුහුණ දීමේ තාක්ෂණය කාටවත් නැත. (එවැනි තාක්ෂණයක් සතු නම් ඒ මම පමණි.) පවතින තාක්ෂණික සමතුලිතතාවයන් ගත් විට යුද්ධය කෙළවර වන්නේ ඉංග්‍රීසීන්ගේ පරාජයෙනි. ඒ සමඟ සිංහලයන් වැනසිය යුතු ද?


න්‍යෂ්ටික පිපිරීමක්

මෙය හිරෝෂිමා වලට කල න්‍යෂ්ටික ප්‍රහාරයක ඵලය යි. න්‍යෂ්ටික ප්‍රහාරයට ලක්වන ලංකාවේ ඵලය ද මෙය ම වේ. එසේ වුවහොත් සිංහලයන් මිහිපිටින් අතු ගෑවී යනු ඇත.

ඉංග්‍රීසින්ගේ පෙරමුණේ නායකයා (ඉත්තා) රනිල් වුව ද, අද ඊටත් වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිට සටන මෙහෙය වන්නෙ "මර බියෙන් මුසපත් වූ මෛත්‍රීපාල" ය. ඔහු බිය වෙන්නෙ මහින්ද බලයට ඒමට ය. වැලැක්වීමට නොකරන දෙයක් නැත. ඒ බව දැන් ඔප්පු වූවකි. ලැජ්ජාවක් හැදියාවක් නැත්තෙකුට ප්‍රතිපත්ති වගේම ගුණාංඟ ද පිටතින් තම නිරුවත වසන ආභරණ පමණි. මෛත්‍රී තරම් තම උරුමය වූ පක්ෂය මෙන් ම රාජ්‍යබලය පාවා දුන්නෙකු, අයථා ලෙස භාවිතා කල එකෙකු මුළු මානව ඉතිහාසයේ ම නැත. එතරම් "මර බිය" මොහු විකෘර්ථි කර ඇත. එවැන්නෙකුට රටේ බලය දීම බරපතල දෙයකි. එය කල චන්ද්‍රිකා අද රට හැර ගොස් ය. එකට ආප්ප කා පසු දින තම වර්ගයා පාවා දුන්නෙකුට, තමන් බලයට ගෙන ඒමට මුල පිරූ චන්ද්‍රිකා පාවා දීමට ගත වූයේ සුළු කාලයකි. අද වන විට සිංහල යන නාමික සංකේත පවා අකා මකා දමමින් සිටින අතරේ, කටින් වමාරන ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය, සාධාරණය, නීතිය, රීතිය පිළිගෙන අකාලේ මියැදෙනවා ද නැත්නම් ක්‍රියාවෙන් මැන පහර පිට පහර දී පරදනවා ද යන්න සිංහලයන් තෝරාගත යුතු ය. එවැනි "මර බියෙන් මුසපත් වූ මෛත්‍රීපාල" කෙනෙකුට රනිල් පාවා දීම අබැටක දෙයකි. රටක් ජාතියක් වුව පාවා දී පණ බේරා ගනු ඇත. ඔහුගේ මර බිය එතරම් ප්‍රබල ය. මරු විකලෙන් පෙළෙන්නෙකුට බලය දීම සිය දිවි හානි කර ගැනීමකි.

"මර බියෙන් මුසපත් වූ මෛත්‍රීපාල" පැරදවීමට සිංහලයන්ට ඇති එකම විකල්පය මහින්ද දිනවීම ය. ඒ මහින්දට ඇති ආදරයකට නොව තමන්ගේ දූ දරුවන් රට ජාතිය බේරා ගැනීමට වෙන කල හැකි දෙයක් නැති නිසා ය. මෙය සිංහලයන්ට අභියෝගයකි. අන්ත අසරණ තත්වයකදී වුව සතුරාට එරෙහිව සතුරා කොටවා තම රැකුම තෝරා ගත යුතු බව පසක් කරවන අභියෝගයකි. ජනවාරි 8 කලේ ද එයම ය. අගෝස්තු 17 ද කලයුතු වන්නේ බලයේ සිටින උන් පැරදවීම ය. එසේ කලහොත් සිංහලයන්ට තම සැබෑ අයිතිය දෙන නායකයකු ඉදිරියට එනු ඇත.

"මර බියෙන් මුසපත් වූ මෛත්‍රීපාල" අද වන විට තමන් යැපුණු ශ්‍රීලනිපය ග්‍රහණයට ගෙන ඇත. අළුත්ම තත්වය නම්, යන එන මං නැති පාවාදෙන්නන් රැලකට යූඑන්පී වෙස් ගන්වා, එම පක්ෂයට ද රිංඟවා බලය ඇල්ලීමට මග පාදාගෙන ඇත. මර බිය දන්නා එකාට උන්ගෙ බිය ද තේරුම් ගත හැක. මහින්ද හා රනිල් තම වාසියට වැට බඳින අතරේ මොහු තම නැති බලය ගොඩ නැගීමට දන්න සෙල්ලම් සියල්ලම දාන බව පැහැදිළි ය.

මෛත්‍රීපාල පැරදවීම යනු ඉංග්‍රීසීන් බුද්ධිමය සටනකින් පැරදවීමකි. නැති නම් මෛත්‍රී මුළු රටම ඉංග්‍රීසීන්ට පාවා දී මහා විනාශයකට මුල පුරනු ඇත. මෛත්‍රී පැරදවීමට නම් ඇති එකම විකල්පය මහින්ද දිනවීමය. චීනුන්ට ලංකාව වැදගත් වන්නේ තමන්ට තර්ජනයක් නොවී පවත්වා ගැනීමටය. මෙය ඉංග්‍රීසීන්ට වඩා දුරස් සබඳතාවයකි.

සිංහලයන්ට ඉංග්‍රීසීන් බුද්ධිමය සටනකින් පැරදවීම සඳහා උදව් කිරීමට මම තීරණය කලෙමි. අද ඔවුන් සිංහලයන් තුලින් මහින්ද ව ඈත් කිරීමට යොදා ගන්නා ප්‍රබල බුද්ධිමය අවිය මහින්ද හොරෙකි ඒකාධිපතියෙකි යන තර්ක දෙකයි. එය පුදුමයක් නොවේ. සිංහලයන්ට හොරකම හා මැරකම (ඒකාධිපතිකම) පෙන්නන්න බැරි ය. එය කොතරම් ප්‍රබල හැඟීමක් ද යන්න කියනවා නම්, කවුරු හරි හොරෙක් මැරයෙක් කී පමණින් ඒ කෙනාව සිංහලයන් විසින් ප්‍රතික්ෂේප වේ. මෙහිදී සිංහලයන් ගේ දුර්වලකමක් ඉංග්‍රීසීන් යොදා ගනී. එනම් චෝදනා කරන කෙනා ගැනවත් චූදිතයා ගැනවත් සොයා නොබලා චෝදනාවට වැරදිකරු කිරීමයි. මෙම සිද්ධියේ දී චෝදනා කරන කෙනා ගැනවත් චූදිතයා ගැනවත් සොයා නොබලා තීරණ ගැනීම සිංහලයන්ගේ මලගම වනු ඇත.

ඉංග්‍රීසීන්ට හොරකමේ හා මැරකමේ ආදීනව කියා දිය යුතු නැත. ස්වභාවයෙන් ම හොරුන් මැරයන් වන ඉංග්‍රීසීන් අද ලෝකයේම හොරකමේ මැරකමේ සංකේතය වීමට ආ ගමන ගත් කල, මහින්ද හොරෙකි ඒකාධිපතියෙකි යන තර්ක දෙක නොසලකා හැරිය හැක. ඉංග්‍රීසීන් කල සමූළඝාතන මංකොල්ලකෑම් ගත් කල, මහින්ද එවැන්නකු ලෙස බැහැර කිරීම සිංහලයන්ට නින්දාවකි. ඔහුගේ මැරකමින් සිංහලයන්ට පිළිලයක් වූ දෙමළ කොටි ඝාතනය සිංහලයන් අගය කල යුතු වේ.

ඉංග්‍රීසීන්ගේ සැබෑ නියෝජිත "මර බියෙන් මුසපත් වූ මෛත්‍රීපාල" පැරදවීමට යොදා ගත යුතු ප්‍රබල අවිය ඉංග්‍රීසීන්ගේ ප්‍රබල දුර්වලකමයි. එනම් මොහුට දැනෙන මර බියයි. සිංහලයන්ට, උදාවෙන මර බිය වචනයෙන්, රූපයෙන්, චිත්‍රපටයෙන් සිංහලයන් අතරට ගෙන ගොස් සැබෑ මරබිය සිංහල හදවතට ඒත්තු ගැන්වීමයි. තම දිවි පරදුවට තබන්නේ, සිංහලයන් තම අනාගත පරපුරට රටට ජාතියට තිබෙන ආදරය නිසයි. මෙහිදී සිංහල වෙස් ගත් කැහැටුන් ද ඒ ඉරණමේ කොටස් කාරයන් බව ඒත්තු ගැන්විය යුතුයි. අද දෙමළ මුස්ලිම් සංක්‍රමණිකයන් රට තුලම සිංහලයන්ට විරුද්ධව මෛත්‍රී යොදා ගන්නවා සේම, බාහිර බලවේගයන් ද ඔහුම සිංහලයන්ට එදිරිව යොදන විට, මෛත්‍රී යනු සිංහලයන්ගේ පොදු සතුරා වේ. ඔහු පරදවා ඊ ළඟ අභියෝගයට මුහුණදීමට සිංහලයන්ට ඇති එකම තුරුම්පුව මහින්ද දිනවීම ය.

මෙම ලිපියේ මහින්ද දිනවිය යුතු යයි කියන්නේ සිංහලයන් හා මා අතර ඇති ලෙන්ගතු කමට මිස, මහින්දට ඇති ආදරයකට නොවන බව මම අතීතයේ කී කතා දන්නෙකුට තේරෙණු ඇත. මින් ඉදිරියට සිංහලයන් එවැනි අභියෝගවලට ලක් නොවීමට අවශ්‍ය පසුබිම සැකසීමට මම මග සලසන බව කියමි. එහෙත් මෙම අභියෝගය තනිවී දුබල වූ සිංහලයන් ම ජය ගත යුතුයි. එතුලින් සිංහලයන්ට නුහුරු, දෙවියන්ට ප්‍රත්‍යයක්ෂ, "එක ගලින් කුරුල්ලන් දෙතුන් දෙනෙකු බිම හෙළීම" සිදු වේවි. ඒ ගැන පසුවට කියමි.

ප.ලි.: දීර්ඝකාලීණ ගැතිකම නිසා ඡන්දය දීම වෙන කාරණාවක් මත පදනම් වේ නම්, මෛත්‍රීපාල නියෝජනය කරන යූඑන්පී ශ්‍රී ලංකා දෙපක්ෂයේ අපේක්ෂයන්ට ඡන්දය නොදීමෙන් යම් සේවයක් සිංහලයන්ට වේ. පුරුද්දක් ලෙස ඡන්දය නොදෙන මම වැනි අයට කිවයුතු වන්නේ මෙවර මහින්ද දිනවීමට කතිරය ගසන්න ඉදිරිපත් වන ලෙසයි. එවැනි සුළු දෙයකින් කල හැකි දෙයක් නොකිරීම මහා ව්‍යසනයකට මුල් විය හැක. නියපොත්තෙන් නොකඩා පොරොවෙන් කැපීමට බලාගෙන සිටීමට වඩා මිරිඟුවෙන් පිපාසය නිවීම යෙහෙකි.

යූඑන්පී ශ්‍රී ලංකා දෙපක්ෂයන් හැර වෙන කිසිදු පක්ෂයකට ඡන්දය දේ නම් එවැන්නන් සිංහලයන්ගේ පරම සතුරන් වේ.