Tuesday 17 February 2015

මිනිසුන් ඇතුළු ජීවීන් බිහි වී ඇති ආකාරය කියන තාරය හා අවතාරය ගැන තවත් වැඩිදුර විස්තර කිරීමක්

මේක සිංහල අය අතර ඉන්න සුළු පිරිසකට වැදගත් විය හැකි රචනාවක්. පරෙස්සමෙන් කියවන්න>>>>>>>>>>>......

ප්‍රශ්ණය: තාරය නැති අවතාරය පමණක් ඇති පිරිස ගැන ලියපු ලිපි නැද්ද?

මේ ගැන විස්තර අර බ්ලොග් ලිපි වල තියෙනවා. සරලව අරුත් දුන්නොත් තාරය කියන්නෙ ගත හා අවතාරය කියන්නෙ හිත ලෙස අප තුලින්ම හඳුනාගන්න පුළුවන්. තාරය (ගත) හඳුනා ගන්න ලේසියි. ඒත් තාරයක් තිබූ පමණින් අවතාරයක් (හිතක්) තියෙනවා කියලා කියන්න බැහැ. ඊට හේතුව පැවැත්ම තහවුරු කිරීමට අණුපිටපත් සැකසීමක් (DUPLICATION) වෙනවා. මේ සියල්ලම එක අවතාරයකින් පාලනය වෙන්නෙ. අනුන්ගෙ ගොදුරු ලෙස මෙම අණුපිටපත් බිලි දී ජීවිතය රකිනවා. මේකෙ සරලම එක තමයි වල්ගය දී දිවි ගලවා ගැනීම. මෙම ගැලපීම හැසිරෙන ආකාරයෙන් කියන්න පුළුවන්. ඒ කොටස් හැසිරෙන්නෙ තව කෙනෙක් ජීවත් කරවන්න. තමන්ට කියලා ආවේණික හැසිරීමක් නැහැ. මේ සියල්ල අපේ පරිසරයෙ බහුලව පවතින එකක්.

ඔබ ඇසූ තාරය නැති අවතාරය පමණක් ඇති පිරිස ගැන කියනවා නම්, අවතාර තියෙන අපි ඔක්කොටම තාරය නැතිව ඉන්න වෙනවා. තාරය කියන්නෙ වෙන දෙන්නෙක් දෙන එකක්. එහෙම දෙන්නෙක් නැති වුනොත් අපට වේළි වේළි ඉන්න වෙනවා. ඒ වගේම ඉපදීම අහිමි වූ කොටස් අවතාරයෙන් ඉන්නවා. මනුෂ්‍යකම පිළිකුල් කරන බෞද්ධයන් වැනි අය මේ විදියට ඉන්නවා. බෞද්ධ ජනගහණය අඩු වෙන්නෙ මේ නිසයි. බහුතරය සොහොන්පල් (පන්සල්, දාගැබ්) අවට හිරවෙලා ඉන්නවා. මල පෙරේතයන් (දැඩි පෙරේතකම නිසා තාරික නෑකම් නැති උන්), කුම්භාණ්ඩයන් (කම්මැලියන්), පිශාචයන් (පිස්සන්) වගේ මනුෂ්‍ය සමාජ ජීවිතයට නුසුදුසු උන් ගොඩක් ඉන්නවා.

ඒත්, තාරය නැති අවතාරය පමණක් ඇති පිරිස අතර ඉන්න වැදගත් ම කොටස තමයි දෙවියන් (දන්න අය). මේ අයට පැරණියන් (ANCIENTS) කියලා කියන්න පුළුවන්. අපි වගේ ම ජීවත්වීම තුලින් පන්නරය ලැබ, ලෝකය පිළිබඳ දැනුමෙන් මුහුකුරා ගිය ඉහළ පන්තියක්. ඔවුන්ට තාරය ගැනීම නොගැනීම පාලනය කල හැකි, ජීව ලෝකය පවත්වා ගැනීමට මුල් වෙන කොටසක්. ඒ අයටත් උඩ තලයක ඉන්නෙ හිරු දෙවියන් ලෙස හඳුන්වන දස අවතාර බලැති කෙනෙයි. මම කැමති ඒ කෙනාව "පරම දෙවි" ලෙස හැඳින්වීමටයි. සරලව පරිසරය තුලින් බලනවා නම් මී මැසි රැජිණ වගෙයි. ඒත් විවිධ වර්ග වල මී මැස්සන් බිහි කරන මී මැසි රැජිණට වෙන ජීවීන් බිහි කිරීමටවත් තමන්ගෙ හැසිරීම වෙනස් කිරීමටත් බැරි බාහිරව බිහි කල ජීවියෙක්. ඒත් "පරම දෙවි" සතු හැකියාව තුල වෙන ජීවීන් බිහි කිරීමටත් තමන්ගෙ හැසිරීම වෙනස් කිරීමටත්, ජීවීන් අළුතින් බිහි කිරීමටත්, නැති කිරීමටත් හැකියාව තිබෙන බව අප වටා ඇති ජීව ලෝකයේ විවිධත්වය තහවුරු කරනවා. මේ හැකියාව බොහොම සැබෑ එකක්. ඒක කෙසේ දැයි පැහැදිළි කිරීමට ජීවීන් යනු කිම දැයි හරියට තේරුම් ගන්න ඕන. තාරයේ මුලත් අවතාරයේ මුලත් මේ "පරම දෙවි" ජීවියාගෙන් ඇරඹුන බවත්, ජීවීන් යන ගමන ඒ තුලින් නොකඩවා පාලනය කරන බවත් කියන්න ඕන.

මිනිස්බව කියන්නෙ තාරික අවතාරික ලෝක දෙක මුණගස්සන පොදු ජීව තාරයක් (common life platform). සත්ව ලෝකයේ ඉහලට යන ජීවීනුත්, අවතාරික ලෝකෙ ඉන්න දෙවි වරුනුත් තාරික ලෝකෙදි ගණුදෙණු කරන්නේ මිනිස් ස්වරූපය අරං. "පරම දෙවි" ජීවියා කාලෙකට වරක් එන බව කාලෙකට වරක් වෙන එම ජීවියාටම ආවේනික හැකියාවන් නිසා වෙන වෙනස්කම් තුලින් තහවුරු වෙනවා.

මම කියන ඒවා අද්භූත වගේ පෙනුනට සියල්ලටම අප වටා බිහි වී ඇති ජීව ලෝකයම සාක්ෂි දරණවා. මේ සියල්ල තුල ම ඉතා දියුණු තාක්ෂණයන් හා දැනුම භාවිතා වෙනවා. සරලව කියනවා නම් කර්මාන්ත ශාලාවක මෝටර් රථ හදන එක කොතරම් ප්‍රායෝගික හා සැබෑ ක්‍රියාවළියක් ද කියන එක තහවුරු වෙනවා වගේ ම, අප වටා ඇති ජීව ලෝකය ද එවැනිම ප්‍රායෝගික හා සැබෑ බිහිවීම් වල එකතුවක්. වෙනසකට තියෙන්නෙ දන්න අය දන්නවා, නොදන්න අයට හොල්මන්. නිවැරදිව තේරුම් ගැනීමට නම් දෙවියන් (දන්න අය) වෙන්න ඕන. ඒ තුලත් ඉහල සිට පහලට පිරමිඩ ආකාර එකතුවක් තියෙන බව තහවුරු වෙනවා. මම කී සියල්ල ගැඹුරු වුවත්, අප වටා ඇති සැබෑ ලෝකය හඳුනාගතහොත් නොපෙනන ලෝකය අප ඉදිරියේ දිස් වෙනවා. තව විස්තර පසුවට.

තේරුම් ගැනීමට සෑහෙන වෑයමක් දාන්න ඕන. නැත්නම් හින්දූන් වගේ අහපු ටික ගිරවුන් වගේ කියන නැඹුරුවක් උදා වෙනවා. රහත් (රහස් දත්) වීම මෙම තලයට අප තල්ලු කරන කඩ ඉමයි. එය අප කොතරම් අප වටා ඇති ලෝකය තේරුම් ගත්තා ද යන්න මිස, කිසිම මැජික් එකක් නොවේ. ඒත් පොඩි අවවාදයක් කරන්න ඕන. මේ තත්ත්වයට ළඟා වීමට දිවි හිමියෙන් පැවැත්ම රැකීමට කැප වෙන්න ඕන. වඩා සුදුසු මැරුණත් ඒක වෙනස් නොකරන අයට විතරයි. බොරු කාරයන්ට පිස්සු හැදෙනවා. ඔවුන් මිනිසුන් ඉදිරියේ නිගාවට ලක් වෙනවා. බොහෝ මාර්ග තිබෙනවා කීවත් අන් සියල්ලම අප මුලා කර අතරමං කරනවා. අපි අද ඉන්න තත්ත්වයෙන් ගැලවීමට තියෙන්නෙ එකම මගයි. එහි කෙළවර ඇත්තේ එකම දොරයි. අපි ඒක හොයාගන්න තුරු අපට උරුම තැන පල් වෙනවා. මුල්ම අවතාරික උපතේ සිට ඉහලම තලයකට යාම ඒ ගමනේ දී අප කෙතරම් දැනුමෙන් පෝෂණය වෙනවා ද යන්න මත තීරණය වෙනවා.

මෙම ජීවීන් බිහිකරන සැබෑ ක්‍රියාවළිය තුල කිසි විටෙක දෙවැනි නොවන තාක්ෂණ ක්‍රම වේද තිබීම කියල විස්තර කිරීමට බැරි තරම්. ඒ වගේම ගණිතමය සබඳතා, ගණිතමය විසඳුම් ගත්තම සොයාගත හැකි සංකීර්ණම ප්‍රශ්ණ ජාලාව හා ඊට නොදෙවෙනි විසඳුම් ගත්තම, කල නොහැකි (impossible) දේවල් කජු කනවා වගේ විසඳන්න පුළුවන් බව මගේ අත් දැකීමයි.

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.