Tuesday, 4 November 2014

උදාවෙන සෙනසුරු අඵලය ගැන බිය විය යුතු ද?

අප ගැන අප වටා ඇති පරිසරය ගැන හරියට තේරුම් නොගැනීම නිසා බොහෝ විට අප මුලා වෙනවා. සමහරු අප ඇතුළු සියල්ල ඉබේ පහල වෙනවා හෝ මැවෙනවා කියලා හෝ පරිණාමනය වෙනවා කියන කොට අපි ඒවා පිළිගන්න පෙළඹුනත්, ඔය කියන මත අද පරිසරය තුල ඊට අණුකූල විවිධ අවස්ථාවන් නිරූපණය නොකරන්නෙ ඇයි කියලා විමසන්නෙ නැහැ. උදාහරණ ලෙස සිංහල කතා කරන බහුතරය දරන ඉබේ පහලවීම හෝ ඕපපාතික වීම යන ක්‍රියාවළිය ගත හොත්, අද ඊට අණුරූපව වෙන දෙයක් පෙන්විය හැකි ද?

ඒත් සැබෑව ගත්තම, නොකඩවා බාහිරව කරන බලපෑම් මත බිහි වීම වගේම වෙනස් වීම වෙන බවත්, ඊට මුල්වන පදනම ගත්තම ඒකත් බාහිරව ගොඩ නැගූ දෙයක් බවත් තහවුරු වෙන සිදුවීම් අප අවට හැමදාම වෙනවා.

මිනිසුන් ලෙස ගතහොත් අපේ ශරීරය කියන එකත් වෙන අය හදපු එකක් නේ ද? එතකොට අපේ හිත ගැන බැලුවත් ඒක අපි හදාගත් එකක් නොවෙන බව තහවුරු වෙනවා. ඒ කියන්නෙ අප කියන්නෙ ඉබේ හදාගත් අපේ දෙයක් නොව, බාහිර ක්‍රියා තුලින් බිහි වූවන් වෙනවා. අප වටා ඇති පරසරයත්, ඒ ඒ කොටස් අතර ඇති සම්බන්ධතා හා අනන්‍ය ක්‍රියාකාරකම් ගත්තම, ඒ සියල්ලත්, ඉබේ හදාගත් අපේ දේ නොව, බාහිර ක්‍රියා තුලින් බිහි වූවන් බව තහවුරු වෙනවා. මේ බව අපට තේරුම් ගත හැකි සරල සිදුවීම් හරහා දැනගන්න පුළුවන්. මෙයින් අදහස් වෙන්නේ ස්වාභාවික (සැබෑ) සිදුවීම් සියල්ල ම බාහිර බලපෑම් වලට නතු බවයි. සරල ව කියනවා නම් ස්වාභාවික (සැබෑ) සිදුවීම් සියල්ල අවශ්‍ය පරිදි පාලනය කලහැකි බාහිර බලවේග ඇති බවයි. ඒ ගැන අත්හදා බැලීම් කලත් මෙතන කීමට අදහස් කරන්නෙ නැහැ.

ඉහත කාරණා කීවේ සෙනසුරා (හෙනහුරා) ගේ අඵල ගැන කීම පැහැදිලි කිරීමටයි. බාහිරව බිහි කර පාලනය වන මිනිස් ජීවිතය ගත්තම, එය එක්තරා පදනමක් මත ඊටම ආවේනික හැකියාවන් ගොඩ නැගීමට ගෙතුවක්. ඒ අනුව, ඒ හැකියාවන් මැනීමට ඊට සරිලන පරික්ෂාවන් ද පැවතිය යුතුයි. මිනිස් ජීවිතය වසර 120කට සකසා සරිලන වෙනස් වීම් එක්තරා ආකාරයකට කාල පරිච්ඡේද ලෙස බෙදා, මිනිසුන්ට වෙනස් කල නොහැකි රටාවකට පාලනය කෙරෙන බව ජීවිත දැනුම (ජ්‍යෝතිෂය) නිවැරදිව හඳුනා ගත් විට පේනවා. උපන් මොහොත අනුව යන මෙම ගමනේ ආරම්භය උපන් මොහොත අනුව සැකසෙන හඳහනෙන් පෙන්වන අතර ඒ තුල අනාවැකි කීමකට වඩා උපදින මොහොත තෙක් අතීතයෙන් ගෙනා උරුමය කියන බව තහවුරු වෙනවා. ඒ තුලින් අතීතය දකින්න පුළුවන්. තමන් අතීතයේ මුහුණ දුන් ජීවිත හා ඒ තුලින් ලැබු හැකියාවන් ද දැකිය හැකියි. ඒ වගේම බාහිර පරිසරයේ විය හැකි වෙනස් කම් ගත්තම ඊට මුහුණ දී ලැබෙන අත්දැකීම් වුව කිව හැකියි.

මෙහිදී මාතෘකාව වන සෙනසුරාගේ අඵල ගතහොත් එය අඵලයකට වඩා ඉහත කී මිනිසාගෙන් බලාපොරොත්තු වන ඊටම ආවේනික හැකියාවන් ගොඩ නැගීමට අන්තර්ගත, අපේ පාලනයට එහා යන ක්‍රියාවළියක් බව තහවුරු වෙනවා. මෙහි දී සෙනසුරා හරහා දීමට හදන ආවේනික හැකියාවන් ගොඩ නැගීම ගුරුගෙන් ද තවත් ආකාරයකින් හෙවත් අඵල නැතිව ලැබෙනවා. දීමට හදන ආවේනික හැකියාවන් මේ දෙවිදිය තුලින් ම අපට ලැබෙනවා. ඒ මොනවා ද කියනවා නම්, ජීවත් වීමට අවශ්‍ය හැකියාවන් ලෙස ගත හැකියි. මේවා ගත හැකි හොඳම මග තමයි එවැනි හැකියා ඇති අයගෙන් (ගුරු උපදෙසින්) දැන ලබාගැනීම. එවැනි අයගේ ගුරු ප්‍රබලව හඳහනේ දකිනවා. ඔවුන් තම උත්සාහයෙන් දැනුම හැකියාව ලබා ගෙන ජීවත් වීමට එල්ල වන අභියෝග ජය ගන්නවා. දෙයාකාර ලෝකයක (මේ ගැන කලින් කිව්වා), අඩක් එසේ නොකරන කොටසට අයත් වෙනවා. ඒ කොටසට දැනුම හැකියාව ලබා ගෙන ජීවත්වීමට අවස්ථාව සැලසෙන්නෙ සැබෑ පරිසරයේ ජීවත් වීමට එල්ලවෙන අභියෝග හමුවෙ ජය පරාජය හරහා ලබන අත් දැකීමෙනුයි. මේක සෙනසුරු හරහා නියෝජනය කරන කාලය තුල සිදුවෙනවා. බොහෝ විට දුප්පතුන්ට හෙවත් ජීවත්වීමට හැකියාවන් අඩු කොටසට බලපාන දෙයක්. එක අතකින් කියන දේ නාහන උන්ට විඳවල ඉගෙන ගන්න හරිනවා වගේ දෙයක්. බාහිර පරිසර තත්ත්වය ගත් කල ඉදිරි අනාගතය හැකියාවන් දැනුම නැති අයට හෙවත් දුබලුන්ට මාරකයි.

අද බොහෝ මිනිසුන් අතට අහුවෙන හැම දේම උගස් කර අත පය නොසොල්වා හිඟමනෙන් යැපෙන කොටසක් වෙලා. මේක බාහිර පදනම තුලින් බැලුවම ප්‍රතික්ෂේප වෙන හැසිරීමක් නිසා, බහුතරයක් නැසෙන කාලයක්. ඔවුන් ම මේ විනාශයට දායක වී අද ඉන්න තැනට ආ නිසා, ඔවුන්ගෙ මරණය තුලින් ලබන අත් දැකීම ඊ ළඟ උපත්වලදී එසේ නොවීමට හේතු වේවී. සමාජය තුල මරණය බිය උපදවන දෙයක් වුවත්, සැබෑ ලෝකය තුල මරණය කෙතරම් මිනිසාගෙ ගමන පාලනය කරනවා ද යන්න සැලකූ විට අද ඉන්න තැනට ඒමට මරණය විශාල දායකත්වයක් දුන් බව පේනවා.

මේ පෙරවදන ලිව්වේ මරණයට මුහුණ දෙන බහුතරයට නොව ඉන් ගැලවී අනාගතයට ඉතිරි වන සුළුතරයටයි. බහුතරය ගලවා ගැනීම නිශ්ඵල වෙන්නේ ඔවුන්ගේ දායකත්වය අපේක්ෂිත බාහිර අවශ්‍යතාවයන්ට පටහැනි නිසා බව පේනවා. ඒක හරියට වයසක මිනිසුන් මිය යන්න නොදී රැකීමෙන්, ඔවුන්ගේ නැවත උපත කල් දමනවා පමණක් නොව අන් අයගේ කාලය ද අපතේ යන රැකීමක් නිසයි.

මෙම ලිපිය ලිවීමට අදහස් කලේ සිංහල ජාතිය නැසූ ඉන්දියාවෙන් ඇවිත් සිංහල වෙස්ගත් හිඟනුන්ගෙ අවසානය අප ඉදිරියේ දිස්වෙන නිසයි. මින් මතු හිඟනකම මිනිස් පැවැත්මට නොයෙදෙන උරුමයක් වීම අගය කල යුතුයි. මා මෙන් ම ඔබ ද දකින මේ ව්‍යසනය මීට බොහෝ කලකට පෙර සිටි සිංහලයන් දැන සිටියේ ද, එය එසේ ඉබේ වෙන දෙයක් නිසා නොව බාහිරව කල් යල් බලා කරන කියන බාහිර බලවේග නිසා බව මගේ අදහසයි.

No comments:

Post a Comment