Friday 8 August 2014

කාලීන වෙනසක් ගැන කියන අදහසක්

අන්තර්ජාලය යනු, පෝප් අදහන, මිනී මස් කා ලේ බී පුදන දෙවියන්ගෙන් ලැබුනක් ළු. එවැනි දෙවියන් පිළි නොගන්නකු ලෙස එම දීපු දේ ප්‍රතික්ෂේප කරන නිසා, මීට පසු නාමික ව ගනුදෙනු කරන්නෙ, හැර යාම ප්‍රමාද කරන්නයි. ඒක තුල, බ්ලොගයේ හා සකර්බගර්ගෙ බුකිය කියන්නෙ, යන එන මං නැති වුනාම රිංඟන අම්බලමක් නිසා, ඒ වගේ තැනක සිංහලයන් ගැන කතා කිරීම මලවුන්ට කිරි පැණි දෙනවා වගේ නිසා, කාලය නාස්ති කිරීම මට පාඩුවක්.

මම කාලයක් තිස්සෙ අන්තර්ජාලය හරහා ගඟට ඉනි කැපුවත්, ඒක කලේ නිශ්ඵල බව දැනයි. හේතුව, මිනිස්කම බ්ලොගයේ, ඉරණම හා දෛවය ගැන ලියපු ලිපියේ අන්තර්ගත කරුණු වලින් පැහැදිලියි. ජීවීන් ලෙස අප බිහි කිරීමට දායක වූ අපට පාලනයක් නැති ක්‍රියාකාරකම් හිරුකම (ඉරණම) ලෙස ගත හොත්, ඒවාට අනුව සිදුවෙන කිසි දෙයක් නවතන්න බැරි බව මට ප්‍රත්‍යයක්ෂයි. අපි කොච්චර උත්සාහ කලත් ඒවා වලක්වන්න බැහැ. එවන් අතීතයක් උරුම අයට ඒ අනුව ම ඉදිරියත් තීරණය වෙන නිසා, එම සැබෑවට අනුව අප හැඩ ගැහෙන්න ඕන. මෙහිදී, පෞද්ගලික ව නැගෙන ප්‍රශ්ණ වෙනුවෙන් කාලය අපතේ හරින එක අවසානයි. මිනිස්කම බ්ලොගය හා බුකි ගෲප් තුන (මහ සම්මතය, ගෝලීය වෙළඳපොල හා පරමමුල) හරහා පොදු ප්‍රශ්ණ නැගුවොත්, තෝරා බේරා ගෙන සාකාච්ඡා කිරීම තම අභිමතය අනුව කල හැකියි.

සකර්බගර්ගෙ බුකිය යනු, තැනින් තැන අයාලේ යන හිඟනුන්ට ඉතා වටින තැනක් වුවත්, සීමිත කාලයක් තුල බොහෝ ක්‍රියාවන් කරන අයට අරහං තැනක්. අන්තර්ජාලය කිසිසේත් සිංහලයන්ට ගැලපෙන තැනක් නොවන නිසා ඔවුන් ගැන කතා කිරීම නුසුදුසුයි.

මම මෙතෙක් කියපු දෑ තුලින් යමෙක් ප්‍රයෝජන ගනී නම් එය යහපති. මට එයින් වන පාඩුවක් හෝ ලාභයක් නැති වුවත්, පොදු සමාජයේ වගකීමේ කොටසක් ලෙස හඳුන්වමි. මම මෙතෙක් ලියපු දේ කියවූවන්ට එයින් ඵලක් වී නම් අගයමි. හැකි විට, තවත් යමක් එකතු කල ද, මෙතැන් සිට, ඊට වඩා වැදගත් දේ කිරීමට කාලය පැමිණ ඇත. සිංහලකම කියන්නේ වාද විවාද කිරීමට යොදන මාථෘකාවක් නොව, සාර්ථකව මනුෂ්‍යයකු ලෙස ජීවත් වී තමන්ට ම යහපතක් කර ගැනීමකි. බැරි අය මොන මග ගියත් වරදක් නැති බව පැහැදිලියි.

ඇත්ත නැත්තෙන් බේරා ගැනීමත් ලෙහෙසි නැත. ජීවත්වීමේ අභියෝගය හමුවේ, ඇත්ත නැත්තෙන් තෝරා ගැනීම වැල නොකැඩී එන සිදුවීම් රටාවකි. කොතරම් නිවැරදි මග ගියත්, එක වරක් වැරදි මග ගියොත්, එය හඳුනා ගන්නා තෙක් යන්නේ වැරදි මගේ ය. එය දිනකින් දෙකකින් හෝ කල්පයකින් වුව හඳුනා ගන්නා තෙක් යන්නේ වැරදි මගේ ය. ඒ නිසා ඇත්ත නැත්තෙන් බේරා ගැනීම කල්පාන්තර අභියෝගයකි. සමහර මගවල් ගත් විට බාහිර බලවේග අප පටන් ගත් තැනට වුව හරවා යවන නිසා, මෙම අභියෝගය අනන්ත කාලයකට බැඳුනකි. පමා වන තරමට "දඬුවම" දිගු වන නිසා ඉක්මන් ගමන වටනේ ය. හරි මග හරි අය සමඟ යාම මෙයට මග පානවා. ඒ අතින් මම කියපු දේ නැවත නැවත කියවා, ක්‍රියාවෙන් අත්හදා බලා, යන මග හෙලි කර ගැනීම තමන්ගේ වගකීමයි. එක් ජීවිත කාලයක් තුල දැනුමෙන් ලොව පැරදුවකු  කියන දේ වටිනා බව කිව යුතුය. එහෙත් අනුන් කියපු දෙයක් නැවත කියවීමෙන් නූතන උගතුන් වූවන්ට, කොතරම් කලක් ඒ මුලාවෙන් ගැලවීමට යනවා දැයි කිව නොහැකි තරම් ය.

ලියපු දෙයක් කියවා ඒක පුනරුච්චාරණය කිරීම හෝ ඊට එකඟ යයි කීම කිසි සේත් තේරුම් ගත් බව නොකියයි. එසේම කියපු දේවත් නොදැන තව දේ කියවූවත් නිශ්ඵල ය. කීමට අමතරව ක්‍රියාවන් ද ප්‍රගුණ කර, ඇත්ත ඒ ලෙසින් ම දැකීමට හැකියාව වඩා ගත හැක. එවැනි අවස්ථාවක් ලැබීමට හැකියාව මැනීම අවශ්‍යයි. කාලාන්තරයක් හිඟමන වටා ජීවත් වූවන් හැම දේම පිනට ලැබෙන තෙක් බලා සිටීම අරුමයක් නොවේ. එහෙත් එම ගමන කෙළවර වෙන්නෙ මනුෂ්‍යයකු වීම කුසගින්නෙන් මිය යන දින සිට අහිමි වීමෙනුයි (වඳ වීමෙනුයි). බොහෝ ජීවන ගමන් ඇත. ඒ සැම මග ම කෙළවර වෙන්නෙ මනුෂ්‍යයකු වීම කෙළවර වෙන මරණයෙනුයි (වඳ වීමෙනුයි). එහෙත් සිංහලකම පමණක් එසේ නොවීම අදත් අත්දුටු සැබෑවකි. එසේ දැකීම නිසා මම ඒ ගැන බොහෝ දේ ලිව්ව ද, එය කවර ආකාරයක ක්‍රියා සමුදායක් දැයි කීමට ඇත. වචන තුලින් එය කල නොහැකි වීම කණගාටුවකි. බාහිරව ප්‍රගුණ කුල යුතු ක්‍රියාකාරකම් ද බොහෝ ය.

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.