Thursday, 12 December 2013

හිඟාකෑම (හිඟනකම - හිඟා කන ගතිය), පොරකෑම (පොර කන ගතිය) හා උලා කෑම (නිසරු දේ කන ගතිය) - පළමු කොටස

හැඳින්වීම:


සිංහල සමාජය විග්‍රහ කිරීම මගේ ප්‍රධාන ඉලක්කයයි. ඒ අතරේ සිංහල උරුමයන් ලෙස දකින දේ හා එසේ නොවන දේ උකහා ගැනීම තුලින් සිංහලකම හා ඊට සමගාමී ව ඇති වෙනත් උරුමකම් ඇති මානව වර්ගීකරණයක් මෙතැන් සිට අරඹමි. එහි ආරම්භය ලෙස "හිඟාකෑම (හිඟනකම), පොරකෑම (පොර කන ගතිය) හා උලා කෑම (නිසරු දේ කන ගතිය)" තෝරා ගනිමි. මෙය ඉතා වැදගත් වෙන්නේ මිනිසුන් තිරිසනුන් ලෙස සිටි යුගයේ තිබුනු උරුමයන්ට මේ තොරතුරු බැඳෙන නිසා ය.

මුලින්ම "උරුමකම්" යන වචනය කෙසේ මා අරුත් දෙනවා දැයි කිවයුතු වේ. මෙය උපත හරහා අප ලබා ගත් සහජ ගතිලක්ෂණ ලෙස දැක්විය හැක. උදාහරණ ලෙස සිංහල කතාකරන පරිසරයක උපන්නකු නිතැතින් ම සිංහල බස තම මාධ්‍යයය ලෙස තෝරාගන්නේ එය එම සමාජය තුල තම ජීවත්වීමට අත්‍යාවශ්‍ය නිසා ය. එසේ ම එසේ උපදින්නෙකු බොහෝ විට පෙර උපත් තුලින් ද සිංහලයකු වී නම්, තම උරුමය උපතට පෙර හිමියකු නිසා උරුමකම ප්‍රබල වේ. පැහැදිලිව කියනවා නම් "උරුමකම්" යනු ජීවත්වීමේ පරාස තුල දිගින් දිගට ම ජීවත්වීම සඳහා නොකඩවා භාවිතා වන කම් (ක්‍රියා, දේවල්, නීති, රීති, පිළිවෙත්,....) ලෙස හැඳින්විය හැක. එසේම අප අපේ අනන්‍යතාවයට ගැලපෙන සේ ජීවත් කරවීමට පදනම් වන සියලු දෑ හා දැනුම අපේ "උරුමකම්" ලෙස හැඳින්විය හැක.

හිඟාකෑම (හිඟනකම - හිඟා කන ගතිය):


අප දැන හෝ නොදැන හිඟාකෑම තුලින් ජීවත්වීම කරනවා දැයි කිව හැකි ය. හිඟා කෑම තුලින් යැපෙන විට අපේ ජීවත් වීමට අවශ්‍ය දෑ ලබාගන්නෙ අපේ උත්සාහය තුලින් නොවේ. තිරිසන් ලෝකයේ, සියලු සත්ව වර්ගයක් ම තම පැවැත්මට හිඟාකෑම යොදා ගනී. හිඟාකෑමේ දී ජීවත්වීමට අවශ්‍ය දෑ ලබාගන්නෙ වෙන කෙනෙක්  දීම තුලින් ය.

මෙය බොහෝ සතුන්ට ස්වාභාවික පරිසරය තුල ජීවත්වීමට ලැබෙන එකම විදියයි. වේයන්, කූඹි වර්ග ජීවත්වන සමාජ රටාව තුලත්, ඊට සමගාමීව පවතින මිනිස් සමාජය තුලත් ජීවත්වීමට අවශ්‍ය දෑ කණ්ඩායම් ලෙස බෙදී කිරීමක් දැකිය හැක. එහෙත් ශාක ගත් විට ජීවත් වීමට අවශ්‍ය දේ තමන් විසින් ම සකසා ගැනීමක් සිදුවේ. ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පරිසරය තුලින් ලැබෙන බවත්, නිශ්චල පැවැත්ම නිසා, හුළඟ, වැස්ස වැනි ස්වාභාවික සිදුවීම් හරහා මෙය වෙන බවත් දැකිය හැක. බොහෝ සතුන්, ශාක හා ඒවා නිපදවන දේ ආහාර ලෙස ගෙන යැපෙති. වැඩිදුර හැදෑරූ විට ජංගම ජීවීන් (සතුන්) යනු නිශ්චල පැවැත්ම ඇති ශාකවල ඌනතා පිරවීමට ගොඩ නැගූ ජීවීන් විශේෂයක් බව පෙන්විය හැක. මෙකී පාරිසරික ක්‍රියාවළි තුලින් සත්ව පැවැත්ම දෙස බැලූ විට, ජංගම ජීවීන් (සතුන්) හිඟමනින් ජීවත් වෙනවා යයි කීම, තවත් ආකාරයක ජීවත්වීමකට සුදු හුණු ගෑමක් නිසා මෙසේ ලියා තබමි. මේ කියන ජීවත්වීමේ උපක්‍රමය මිනිසුන්ට ප්‍රබල ලෙස බලපාන්නකි. එනම් තමන් කිසිදු උත්සාහයක් නොකර, අනුන්ගෙ ශ්‍රමයේ ඵලයන් කා බී ජීවත්වීමයි. ඒ සඳහා මිනිසුන් තමන්ට ම ආවේණික උපක්‍රම සකසාගෙන, අනුන්ගෙ ශ්‍රමයේ ඵලයන් ගෙන යැපෙන්නේ, ශ්‍රමය යොදන්නාගේ පැවැත්මට ද තර්ජනය වන සේ ය. මම මෙය හිඟනකමේ අන්තය ලෙස ගනිමි.

හිඟාකෑම තුල ඇති සුවිශේෂත්වය ලබන්නා හා දෙන්නා අතර ඇති සබඳතාවයි. එනම්, දෙන්නා (දෙන කෙනා), එය අහිමි කරගන්නෙ බාහිරව එල්ලවන බලපෑමට වඩා සිය කැමැත්ත තුලින් වීම ය. මෙය හිඟා කන්නාගේ ඉල්ලීමට කරන ප්‍රතිචාරයක් ලෙස සිදුවේ. මෙම හිඟාකෑම ගත් කල, තම උරුමය තිරිසන්කම තුලින් ආවක් බව පෙනේ. තිරිසනුන් ලෙස පරිසරයේ ඇති දෑ තුලින් යැපුණු මානවයා, ඉන් මිදී අද ඉන්න සමාජ ජීවියාගේ තත්ත්වයට ඒමේ දී, කොටසක්, පරණ උරුමය තුල ම සිරවී හිඟමනින් යැපීම ජීවිකාව කරගත් බව පෙනේ. මිනිසා සමාජ ජීවියකු ලෙස ඉදිරියට යන විට, ඊට සමාණුපාතිකව, හිඟමනින් යැපීම ජීවිකාව කරගත් උන් තම ජීවිකාව ගෙන යාමට අවශ්‍ය උපක්‍රම ද වඩාගත් බව ඉතිහාසය තුලින් දිස් වේ. ඒ අතරේ, මිනිසුන් ලෙස උපදින අනෙක් සත්වයන්, තමන්ට උරුම වූ මිනිස් හැකියාවන් නැති නිසා, තම උරුමය තුලින් ජීවත්වීමට මෙම හිඟමනින් යැපීම ජීවිකාව කරගත් උන් හරහා මග පාදගත් බව සමාජය තුල ඇති දත්ත පෙන්වයි.

ඉහත කී මිනිසුන් ලෙස උපදින අනෙක් සත්වයන් ජීවත් වන ආකාරය තව විග්‍රහ කල යුතු යයි සිතමි. වෙනත් සතෙකුට මිනිසකු වීම ලෙහෙසි නැත. එහෙත් මිනිස් වර්ගයා සමඟ ළඟ ඇසුර නිසා අන්න්‍යෝන්‍ය සබඳතා තුලින් සම බවක් ලබා මිනිසුන් වන සත්ව වර්ග ඇත. එවන් ජීවීන් ගෙ උපත හඳුනා ගැනීම පහසු ය. හීළෑ ගවයෙකු ලෙස මිනිස් වර්ගයා සමඟ ළඟ ඇසුර නිසා මිනිස් බව ලැබුවකුට, පූර්ණ මිනිස් හැකියාවන් ලැබීමට අනන්ත වාරයක් මිනිසකු විය යුතු ය. එහෙත් ආරම්භක කාලය තුල හැසිරීම ජීවි වර්ග දෙකට ම පොදු වූ රටාවක් පෙන්වයි. ප්‍රධාන ව, කෑම බීම වැනි අත්‍යාවශ්‍ය දෑ වලට සීමා වූ, කියන සරල වැඩක් පලක් කර ජීවත් වීම බහුල ව දැකිය හැක. තවත් සමීප සතෙකු වන සුනඛයන් මිනිස් බව ලැබූ විට, ඉතා සුවිශේෂ හැකියාවන් පෙන්වනවා. සත්ව ලෝකය තුල සුනඛයා හැසිරීම තුලින් ප්‍රගුණ කරගත් ගති ඇත. ඒ අතර, තම සමාජය තුල ඇති අණුපිළිවෙල නිතැතින් ම පිළි ගනී. එසේම තමන්ට හිමි තැන ද රකී. තම වාරය ලැබෙන තුරු බලා සිටීම, ස්වාමියාට රිසි ලෙස හැසිරීම, නිකරුණේ කාලය ගත කරන විට ඇඟපත හකුලවාගෙන සිටීම, ස්වාමියා දෙන ඕන දෙයක් කෑම, ස්වාමියාගෙ පැත්ත ගැනීම වැනි ගති මෙන් ම තමන්ට ම ආවේනික මිනිසුන් නුරුස්සන ගති ද ඇත. මේ ගැන සෙවීම ඔබට භාරයි. එහෙත් සුනඛයකු මිනිසකු වූ විට හැසිරීම, මේ ගති නිසා වෙනස් වේ. වැඩපල කර පුරුද්දක් නැති නිසා, හිඟමනෙන් හෝ ගැතියකු වීමෙන් රැකේ. තමන් ආහාර ගැනීමේ දී මෙන් ම, හැසිරීම තුල ද සමානත්වයට වඩා අණුපිළිවෙලකට කටයුතු කරයි. හැසිරීම තුල නිවටකම ඇත. මෙහි දී ආවේනික විශේෂ ලක්ෂණයක් ඇත. එනම් මිනිසා කන ආකාරයට වඩා මිනිසා නොකරන ආකාරයට කෑමයි. එනම් වීසි කරන දේ කෑමට පෙළඹීමයි. පුරුද්ද හරහා, බාල කෑම හා විවිධත්වය තම ජීවිකාව කරගනියි. බොහෝ හිඟමන් යදින්නන් තුල ද මෙම ලක්ෂණ ඇත. හිඟන්නාට හොඳම දේ නොව විවිධාකාර කෑම ගැනීමට සිදුවේ. එය පුරුද්දක් ලෙස ගත් කල, සුනඛයන්ගේ හැසිරීමට සම වේ. හිඟනකමට අවශ්‍ය නිවටකම හා ඉවසීම සුනඛයාගෙ උරුම ගති වැනි ය. එහෙත් සුනඛයා නිවට වන්නෙ ස්වාමියාට ය. තමන්ට පහල සිටින උන්ට සලකන්නේ බල්ලන්ට ලෙස උජාරුවෙනි. එහෙත් හිඟන මිනිසකුට එවැනි උජාරුවීමක් අහිමි ය. මේ නිසා මිනිස්බව ගත් සුනඛයන් මිනිසත් බවට ප්‍රිය නොවෙන්නෙ, සුනඛ ගති මිනිසුන් හෙලා දකින නිසා යයි කිව හැක. තමන්ට රිසි සේ හැසිරීමට නොලැබීම කාටත් අපහසු දෙයකි. එසේ නම් සුනඛයන් මිනිස්බව පිළිකුල් කලයුතුයි නේ ද?

අතපය හකුලාගෙන සිටීම, කෑම දෙනකම් බලාගෙන සිටීම, ඉවසීම මෙන් ම බල්ලන් සේ බිරීම කරන මනුෂ්‍යයන් මෙම ජන්ම ගති පෙන්වීම කොතරම් අපූරු ද? සමහරුන් තමන්ගෙ කෑමට ඇති උරුමය හිඟමනින් ලැබෙන විවිධත්වය තුලින් තහවුරු කර ගැනීම ද, මිනිස් හැකියාවන් තුලින් හිඟාකෑම සාධරණීකරණය ද කරන බව පෙනේ. මෙම ගති ස්වභාවය තුලින් මානවයාට වඩා තියුණු වෙනසක් පෙන්වීම නිසා හඳුනා ගැනීම පහසු ය. මානවයා ගත් කල එක්තරා තේරීම් රටාවකට හුරුවීම නිසා කෑමෙහි ඒකාකාරි බවක් ඇත. විවිධ උපත් හරහා මානවයන් වූ අන් සතුන් මානව ස්වරූපයට මුවා වී, පරණ ජන්ම උරුමය රැකීම නිසා මානව අගයන් බිඳවැටීමක් වී ඇත. ඒ නිසා, හිඟාකෑම යනු අප ප්‍රතික්ෂේප කලයුතු, සමාජයෙන් තුරං කල යුතු බාහිර උරුමයක් ලෙස හඳුන්වමි. සමාජ සත්වයකු ලෙස, තමන් ජීවත්වීමට අවශ්‍ය එක කොටසක් කිරීම තුලින් බිහි වූ මෙම අවමානව උරුමය, සමාජ රටාව තුල ජීවත්වීමට අවශ්‍ය දේ බිහි කිරීමට දායකත්වයක් නැති, තමන්ට පමණක් වාසි සහගත වන තනතුරු තුලින් ස්ථාවර වී ඇත. මෙය අද කොතරම් මුල් බැසගෙන ඇත්දැයි කියනවා නම්, තම කාර්යයන් කිරීමට සත්වයන් සහාය කරගත් මිනිසුන්, අද වන විට මිනිස් වෙස් ගත් තිරිසනුන් ජීවත් කරවීමට බැලමෙහෙ කරන උන් බවට පත් වී ඇත. මෙය, මිනිසුන් වෙනස් කලයුතු බරපතල තත්ත්වයකි.

ඉහත කී හිඟා කෑම අද ලංකාවේ (සිංහල රටේ) කොතරම් තදින් මුල් බැස ගෙන ඇති දැයි බැලූ විට, රට අදත් පාලනය වන ගරාවැටුනු ඉංග්‍රීසීන් බිහිකල ආණ්ඩුවේ මූලික පදනම වන්නේ ද, රටේ සියලු සම්පත් වලින් යැපෙන නිකමුන් නායක වෙසින් යැපෙන තේමිය බුධගේ දැනුමෙන් බිහි වූවකි. විශේෂත්වයකට ඇත්තෙ, අද වන විට මුළු රාජ්‍ය ඒකකයම බදාගෙන සිටින්නෙ, මීට වසර හාරදහසකට පමණ පෙර සිට මෑතක් වන තුරු ඉබේගාතේ ඇවිත් සිංහලයන්ගෙන් යැපී දේවාල, කෝවිල්, පන්සල්, පල්ලි, මොස්කු හදාගෙන ඒ තුලින් යැපෙමින් කිසිදු ඵලදායි ක්‍රියාවක නොයෙදෙන හිඟන සම්භවයක් ඇති උන් වීම ය. බහුතරය රාවණා ලෙස නම් ගත් අන්තිම සක්විති රජාගෙන් පසු සමාජ රටාව බිඳ වැටුනු විට අනාථ වී හිඟමනට වැටී ඉබාගාතේ ආ "මලයාලි හිඟනුන්" ලෙස නම් කරන ජන කොටසයි.

හිඟමනට වැටෙන්නා සතු සුවිශේෂ ලක්ෂණය වන්නේ පමණ දැන වියදම් හෙවත් පරිභෝජනය පාලනය කිරීමට ඇති නොහැකියාවයි. එය කෙතරම් ප්‍රබලද කියනවා නම් එවැන්නන්ට ලෝකයේ තියෙන සම්පත් සියල්ල ලැබුන ද, ඒ සියල්ල අහිමි වී සුපුරුදු හිඟමනට වැටීමයි. එවැනි හිඟනුන් පිරි ආණ්ඩුව අද වන විට ගස් කපා, භූමියා විකුණා, ණය ගෙන රට ම වලපල්ලට යවා ඇත. අපට නොපෙන සම්පත් වුව හිඟණුන්ට පෙනෙන බව කරන කියන දෑ තුලින් පැහැදිලි වේ. එනම් තව තවත් ණය ගත හැකි බවයි. උන්ට කවදාවත් එම මුග්ධ ගතියෙන් ගැලවිය නොහැක. ප්‍රශ්ණයකට ඇත්තේ කොතරම් දුර මේ විදියට ජීවත් විය හැකි ද යන්නයි. අද වන විට, හිඟනකමේ දොරටුව ළඟට ආ බව සූදුව හා ගණිකා වෘත්ත්තිය ගැන දක්වන ආකල්පය තුලින් දිස්වේ. එයිනුත් බැරි විට, උන් දහස් ගණනින් නොව ඊට වඩා බරපතල හාණියකට ලක්වී වඳ වන බව ඉතිහාසය තුලින් දකිමි. සිංහලයන්ට, මෙය සිදු වීම බලා සිටීමට බැරි වුවත්, හිඟනකමට වඳින, එයින් යැපෙන උන්ගෙ ඇති සිංහලකම මිය ගොස් ය. එය පණ ගැන්වීමට නම් හිඟනකම මුළුමනින් පිටු දැකිය යුතුය. ඒ සඳහා හිඟනකම හිමි නොවන, ජීවත්වීම පදනම වූ, ඵලදායී කාර්ය තුලින් පමණක් යැපෙන පරිසරයක් බිහි කල යුතුය. එබැවින් හිඟනකම යනු මනාව හඳුනාගත යුතු මෙන් ම මිනිස්බව තුලින් මුළිනුපුටා දැමිය යුතු උරුමයක් බව කියමි.



ඊළඟට දෙවන කොටස ...........





2 comments:

  1. තම කාර්යයන් කිරීමට සත්වයන් සහාය කරගත් මිනිසුන්, අද වන විට මිනිස් වෙස් ගත් තිරිසනුන් ජීවත් කරවීමට බැලමෙහෙ කරන උන් බවට පත් වී ඇත. මෙය, මිනිසුන් වෙනස් කලයුතු බරපතල තත්ත්වයකි./// VERY TRUE!

    ReplyDelete
  2. අද වන විට, හිඟනකමේ දොරටුව ළඟට ආ බව සූදුව හා ගණිකා වෘත්ත්තිය ගැන දක්වන ආකල්පය තුලින් දිස්වේ. /// බුකියෙත් ඉන්නවනෙ එකෙක් මේවගෙ අවුලක් නෑ කියල කෑ ගහන...

    ReplyDelete