Monday 18 November 2013

වල්මත් වූ ජාතියක නම වන සිංහල නම් වදනේ අරුත සොයමු - දෙවන කොටස

පසුබිම් තොරතුරු දී දැන් ඊට වඩා වැදගත් කොටසකට ආවෙමි. එනම් සිංහලයන්ගේ ආරම්භක අවධියට යාමයි. අද ඉන්න මිනිසුන්ගේ වර්තමාන ගති ලක්ෂණ (මිනිසුන් වෙන්කර හඳුනා ගන්නා තොරතුරු) හරහා මිනිසා සතු දේ අතහැර මානවයා දක්වා ආපසු ගිය කල, මෙම සත්ව විශේෂය අද ලංකාවේ මාතර පෙදෙසේ කඳුහෙල් පරිසරයක බිහිවූ ගොරිල්ලන් වැනි සත්ව විශේෂයකින් බිහි වූ බව තහවුරු වේ. මේ බව පවතින ප්‍රදේශ නාම පවා තහවුරු කරයි. සිංහයන්, අලින් රජ කල ලෝකයක මෙවැනි සත්ව විශේෂයක් බිහිවීම නොවන දෙයක් නිසා, තමන්ට ආවේණික ආරක්ෂිත ප්‍රදේශයක බිහි නොවී නම්, මිනිසුන් බවට පත්වීමට අවශ්‍ය පසුබිම නැති වීම නිසා කිසි දිනෙක වෙනස්වීමට අවස්ථාවක් නොලැබේ. අද ශාරීරික ව බොහෝ මිනිසුන් සිටිය ද, ඔවුන්ගේ අවතාර, තමන්ගේ නිජබිම අවට සිටි වෙනත් සතුන්ගේ බව පෙන්විය හැක. මෙහි දී තාරය හා අවතාරය ගැන කලින් කී විස්තර නැවත සිහිගන්වමි. අංඟ සම්පූර්ණ ජීවියකු වීමට තාරයක් (ගතක්) හා අවතාරයක් (සිත හා ඊට බැඳි උපාංග) තිබිය යුතු ය. තිරිසන් යුගයේ සිට මානවයන් වූවන්, අද ද තම මුල් උරුමය ඇති අය බව මම දුටිමි. මොවුන්ගෙ සුවිශේෂ උරුමය, අදත් තිරිසන් සතුන් ලෙස පාතාල ලෝකයේ වසන සත්ත්ව විශේෂයක හැසිරීමට සම වීම, මානවයා මිනිසකු බවට පත්කිරීමට මුල් වූ බව සහතිකය. මෙය මානව වර්ගයා ජීවියකු ලෙස බිහිකිරීමට යොදාගත් තොරතුරු තුලින් ද තහවුරු වේ. මේ ගැන කලින් ලිපියක කියා ඇත.

මෙහි දී බොහෝ අය අද්භූත යයි සිතිය හැකි, එහෙත් එසේ නොවන වැදගත් යමක් කියමි. එනම් මානවයා හා පාතාලයේ සිටින ජීවියා මෙන් ම, රටාවකට ජීව පරිසරය නියෝජනය කරන සියලු ජීවීන්, එක්තරා ආකාරයක බාහිර කොටසකගේ දැනුම යොදා දිගින් දිගට ම කරන උත්සාහයක ඵල බවයි. එය කෙතරම් සංකීර්ණ ද කියනවා නම්, අවතාරය යනු ඔවුන් ලෙසත්, තාරය යනු අජීවී පරිසරය ක්‍රමාණුකූලව සකසා බිහිකල එකතුවක් යයි කීම නිවැරදි ය. අවතාරයන් යනු ජීවීන් ලෙස ගතහොත්, මී මැස්සන් වැනි යයි සිතිය හැක. මී මැස්සන්ගේ පැවැත්මට විවිධ කාරියන් සඳහා මී මැස්සන් බිහි කරන සේ, මී මැසි රැජිණට සමාන ආකාරයක මුල් තැන ගන්නා අවතාර හිමියකු, විවිධාකාර අවතාර බිහිකර, සියලු ජීවීන් ගොඩ නඟා, පැවැත්ම රැකගැනීමට කරන උත්සාහයක් ලෙස ජීව ලෝකය ගත හැක. එසේ කිරීමට යොදාගන්නා ක්‍රමවේද හා ක්‍රියාත්මක වන ආකාරය මෙහි දී නොකීව ද, මිනිස් වර්ගයා ඇතුළු සියලු ජීවීන් බිහි කිරීමට යොදා ගත් දැනුම, ඉතා පැහැදිලිවම මහා මී මැසි ජනවාසයක් වැනි යයි කීම සැබෑ තොරතුරු වලට සමීප වේ. එනම් මී මැස්සන් වර්ග කරන ආකාරයට, බාහිර අවතාර හිමියකු බලපෑම් කිරීමක්, ජීවීන් වර්ග සතු, එහෙත් උන්ට නතු නොවන ගතිලක්ෂණ හරහා තහවුරු වේ. මෙම අවතාරය, අන් අවතාර වලට වඩා වෙනස් වීම, මී මැසි රැජිණ අනෙක් මී මැස්සන්ට වඩා වෙනස්වන ආකාරයට යයි පරිසර දත්ත තුලින් සරල ව නිරූපණය කල හැක. සැබෑ ස්වරූපය ඊට වඩා ඉතා සංකීර්ණ බව සිහි කරමි. මෙම මුල් තැන ගන්නා අවතාර හිමියා දස අවතාර බලැති අයෙකු ලෙස සිංහලයන් අතීතයේ හඳුන්වා ඇති නිසා, වෙනත් මගකින් අධ්‍යයනය කර සොයාගත් තොරතුරු වලට එම සම්මතය ම යොදමි. සියලු සතුන් ගත් කල අවතාර යනු සදාකාලික යන්ත්‍ර ආකාරයේ ක්‍රියාවළියක් පෙන්වන එකම ආකාරයක නිපැයුමක් වුවද, මී මැස්සන් වෙනස් වන සේ අවශ්‍ය පරිදි වෙනස් කිරීම් සහිතව බිහි කර ඇති බවත්, මනුෂ්‍යයන් ගත් කල, එකිනෙක මනුෂ්‍යයා අතර ද මෙවැනි වෙනස්කම් යොදා වර්ගීකරණය කිරීමක් කර ඇත. තාරය ගත් කල, මූල ධාතු මල්ලක් බෙදි බෙදී අවශ්‍ය හැඩරුව ලබා ගත්ත ද, අවතාරය යනු ඊට ආවේණික ක්‍රියාවළියක් හරහා පිටපත් වීමක් ලෙස දකිමි. මෙහි ඇති විශේෂය නම්, ජීවීන් ලෙසත්, ජීවීන් වර්ගයක් වන මිනිසුන් තුලත්, ඇති ගති ලක්ෂණ ගත් කල, දස අවතාර බලැති අයෙකු සතු අවතාර වලින් නවයක කොටස් ලෙස එකතුවීමක් දුටුව ද, මත්ස්‍ය අවතාරය ලෙස සිංහලයන් හැඳින් වූ කොටස, අංශුමාත්‍රයක්වත් නැති බව පෙනේ. මෙය ද මී මැස්සන් තුලින් බැලූ විට, මී මැසි රැජිණට හැර වෙන කිසිවෙකුට මී මැස්සන් බිහි කිරීම හෝ වර්ග කිරීම කල නොහැකි වීම ලෙස සරල ව දැක්වේ. එනම්, අන් සියලු ජීවීන්ට ම, තමන්ට උරුම වූ ගතිලක්ෂණ වෙනස් කිරීමට හැකියාවක් නොමැති බව ය. මෙය පරිසරය තුල මුළුමනින් දැකිය හැක්කකි. සිංහල ඉතිහාසය දැකීමට මෙම තොරතුරු කොතරම් ප්‍රත්‍යයක්ෂව අවබෝධ කර ගත යුතු දැයි කීම අනවශ්‍ය තරම් ය. එසේ ම, මේ තොරතුරු සියලු ජීවය එක මුලකින් ඇරඹීම ද තහවුරු කරයි. එසේම අපට උරුම දැනුම ද එම මූලයෙන් ලැබ අප බිහි වූ බව ද තහවුරු වේ. අවසානයේ, අප කරන්නේ ද විවිධ මී මැස්සන් කරන්නා සේ කාගෙත් පැවැත්මට අපට පැවරුණු වගකීම ඉටුකිරීම බව ද තහවුරු වේ.

අපේ අදහසට අනුව, අපි ජීවත්වන්නේ අප විසින් ම බිහිකල අපේ ලෝකයක යැයි සිතමු. එය මුලාවකි. අප යනු වැඩකරන්නට උපන් මී මැස්සා වැනි, තමන්ට ලැබූ දේ තමන්ට උරුම දේ ලෙස ගන්නා "බිහිකිරීමක්" මිස වෙන යම් ආකාරයක "බිහිවීමක්" නොවේ. අප වටා ඉතාම සංකීර්ණ වූ ද, තාරික සන්නිවේදනය තුලින් වුව ඇවැසි නම් තේරුම් ගත හැකි, ඉතා දියුණු පද්ධතියක් තුල අපට හිමි තැන දරන්නන් වෙමු. අප කරන, කියන, නොකරන, නොකියන සියලු දේ රහස් යයි අප සිතුව ද, අප වටා ඇති එම ඉතාම සංකීර්ණ වූ ද, දැනුම අතින් නොදෙවෙනි වූ ද, පද්ධතියේ මුල් තැන දරන්නේ, දස අවතාර බලැති අයෙකු ලෙස සිංහලයන් හැඳින් වූ ජීවියේ මුල් තැනයි. ඒ වටා සිංහලයන් හැඳින් වූ දෙවියන් වැනි කොටස් ද තවත් බොහෝ අංඟ ද ඇත. මා කලින් කී ඉටු දෙවියන්, තාරික හිමියාට ඇති ළඟම බැඳුමයි. මේ සියලු කොටස් හරහා නිශ්චිත මගක නිශ්චිත ඉලක්ක සපුරා ලීමත්, අවශ්‍ය තැන කල යුතු ඕන ම දෙයක් කර එම අවශ්‍යතා ඉටු කිරීමත් වේ. අප හරහා බැඳෙන දැනුම හුවමාරුවක් ද වේ. පැවැත්ම රැකීමට අවශ්‍ය වන දැනුම, හයක් හතරක් නොදන්නා සියලු ජීවීන්ට උරුම වන්නේ ද, කලින් කලට හැසිරීම වෙනස් කිරීමට අවශ්‍ය දැනුම ද මෙම මාර්ගය හරහා ජීවීන්ගේ අවතාර වලට එකතුවීම ද කරන බව පරිසරය තුලින් වුව අවබෝධ කර ගත හැක.

ඉහත විස්තර කල පද්ධතියේ මුල් තැන දරණ, දස අවතාර බලැති අය සතු අනෙක් ජීවීන්ට නැති ගුණාංඟ, ඔහු සතු මත්ස්‍ය අවතාරය තුලින් කියවේ. එනම් මී මැසි රැජිණට ඉපදෙන මී මැස්සන්ගේ ස්වාභාවය තීරණය කල හැකි සේ, ඔහුට ද ජීවී වර්ග බිහි කිරීමේ දැනුම හා හැකියාව සතු වීමයි. මෙහි දී මී මැසි කතාව ගත්තේ, යථාර්තය තුලින් මා කියන තොරතුරු වලට අරුත් දීමට වුව, එය ඉතා සරල දෙයක් බවත්, මී මැස්සන් ද තවත් ජීවී කොටසක් වන බවත්, සිහි තබා ගත යුතු ය. එනම්, දස අවතාර බලැති අය අළුත් ජීවිත බිහිකිරීම කරන ආකාරය කිසිදු උදාහරණයකින් පෙන්වීම, එහි ඇති සුවිශේෂත්වය අඩුවෙන් තක්සේරු කිරීමක් නිසා ය. මෙම ක්‍රියාවළිය මැවීම, ඕපපාතික වීම යනාදී වචන හරහා කීමත්, බ්‍රහ්ම, හිරු, විෂ්ණු, විශ්ව මනු, බුධ, බුද්ධ, සර්වබලධාරී දෙවි, අල්ලා (ඉල+හ්) යන නම් යොදා විවිධ වර්ගයේ මානවයන් අරුත් දුන්නත්, එහි ඇති සුවිශේෂත්වය තහවුරු කිරීමක් මිස ඇත්ත දැකීමක් නොවේ. ඒ සුවිශේෂත්වය තුල, යම් ආකාරයක සැබෑ ක්‍රියාවලියක් ඇති බවත්, එය ආවේණික හැකියාවක් ලෙස දැකීමත් සුදුසු ය. ඊට අමතර ව පැහැදිලි කිරීමක් නොකල ද, අප සියලු දේ දනී යයි මුලා නොවේ නම්, අපට ග්‍රහණය නොවන බොහෝ දේ ඇති බව දත යුතු ය. එවැනි සරල උදාහරණයක් ලෙස මෑතක හඳුනා ගත් චුම්භකත්වය, ඩාර්ක් මැටර් වැනි දෑ මෙන් තව කොතරම් අප නොදන්නා දේ ඇති දැයි අවබෝධ කර ගත යුතු ය. මා කියන දෙයට අතිරේක යමක් ලංකාවතාර සූත්‍රයේ ඇති බව මතක් කරමි.

තාරික ලෝකය හා අවතාරික ලෝකය ලෙස දෙකට බෙදුවහොත්, අපේ ජීවය යනු තාරය හා අවතාරය එකතුවීමක් නිසා, තාරය හා අවතාරය  අතර ඇති අන්න්‍යෝන්න්‍ය අවබෝධය තුලින් බැලුවහොත්, ඉහත මා සඳහන් කල තොරතුරු වල සත්‍යතාවය තාරික ක්‍රියාවළි තුලින් පැහැදිලිව දැකිය හැක. ඒ සඳහා අවශ්‍ය හැකියාවන් ගැන ද, දත යුතු සමහර මූලධර්ම ද කලින් ලිපි තුලින් දුන්නේ ඇත්ත තමන්ට ම දැක ගැනීමට ය. වැඩකාර මී මැස්සෙකුට වෙනත් වර්ගයක මී මැස්සන්ට උරුම දේ නැති සේ ම, සිංහල නොවේ නම් හෝ නාමික සිංහලයකු නම් ඉහට උඩින් ගලනු ඇත. සිංහලයන් වුව එම තත්ත්වය ලැබුවේ විහින් නොව බාහිර බලපෑමෙන් නිසා, යමෙකුට අවශ්‍ය නම් එම තත්ත්වය ලබාගැනීමට ද පැහැදිළි මගක් ඇත.

ඉහත (කොටස් තුලින්) කී තොරතුරු නොදැන සිංහලයන් ගැන කීම විහිළුවකි. මානවයන් යනු අන් සතුන් මෙන් ම, තමන්ට හිමි කාර්යභාරය ඉටුකිරීමට කල නිපැයුමකි. එය ද අන් ජීවීන් මෙන් ම දස දස අවතාර බලැති අය කල නිපැයුමකි. සිංහලයන් යොදාගත් නාමයට ගරු කිරීමක් ලෙස ඔහු මීට පසු හිරු දෙවියන් ලෙස ගනිමු. මම කලින් ලිපියක කී සේ දෙයාකාර බිහිවීම නැවත සිහි කරමි. එය අපේ බිහිවීම තුල ඇති සුවිශේෂ පදනමකි. එනම් මානවයා එක පසෙක ද, අනෙක් පස ඊට සමාන ව තවත් ජීවී කොටසක් ද බිහි කිරීම ය. යම් දිනෙක මානවයා තම කාර්යයෙන් බිඳ වැටේ නම්, ඒ වෙනුවට තව විකල්පයක් ඇත. එය අද නොවේ යයි සිතමු.

මානවයා ගත් කල, බිහි කිරීම තුල උරුම කරගත් ගතිලක්ෂණ හැර, අළුත් යමක් නැතිව ඉතා දිගු කලක් තිරිසනෙකු ලෙස සිට බව අපේ හැසිරීම තුලින් ම සනාථ වේ. එහෙත් එක්තරා හුරුවීම් කාලයකට පසු, හිරු දෙවියන් මානව අවතාර හරහා බලපෑම් කිරීම කල බව උන් අද ඉන්න තත්ත්වයට ආ ගමනේ මුල් කාලය තුලින් තහවුරු වේ. අද වුව තිරිසන් සතෙකුට අප කරන සුළු දෙයක් වුව කිරීම ඉතා අපහසු දෙයක් නේ ද? මෙම ක්‍රියාවලිය ඉතා සෙමෙන් මෙන් ම ඉතා දිගු කලක් තුල වූ බව පෙනේ. අද සිටින ගොරිල්ලන් මෙන් ම, මේ කොටස ද, කඳු හෙල් වල ගැවසුනු ශාක භක්ෂක ජීවී කොටසක් වීම නිසා, අද මෙන් ම පිරිසිදුකමින් සිටි, ආවේනික ගති වලින් අද සිටින ගොරිල්ලන් මෙන්ම උසස් හැසිරීමක් පෙන් වූ සත්ව කොටසකි. ඒක හිරුගේ අවශ්‍යතාවයට ම ඇතිකල උරුමයක් ලෙස මම දකිමි. ඒ හිරු යනු දෙවැනි බව නොගන්නකු නිසා ය.

මේ මානවයන්ගේ අද හැසිරීම ගත් කල ද, එක්තරා  සුවිශේෂ බවක් දුටුවෙමි. හැසිරීම් රටාව, උරුමය මිස බාහිර එකතුවක් නොවීමයි. එසේ වූයේ කලින් කලට හිරු ඔවුන් අතර ඉපදී, උරුම ස්වභාවික ගති වලට අමතරව දුන් අළුත් ගති ඔවුන්ට උරුම වීමයි. අන් සතුන්ට එවැනි බිහිවීමට පසු ලැබීමක් කෙලින් නොවූ නිසා, අද ද බිහිවුන කලට වඩා වෙනසක් නැත. හිරුගේ මෙම ක්‍රියාව තුලින්, තාරික වෙනස්කම් ද ඊට අණුරූප ව මානව අවතාරවල වෙනස්කම් ද වී ඇත. සැබැවින් ම, මේ තුල, අද බසින් ජාන ලෙස අර්ධ ව හඳුනාගන්නා ගතිලක්ෂණ බිහි කරණ ක්‍රමවේදයක් ඇත. එසේ හිරු නාවා නම්, කිසි දා මානවයා වෙනස් නොවන්නේ, හිරුට හැර වෙන කිසිවෙකුට එය වෙනස් කල නොහැකි නිසා ය. මෙහි දී හිරු, හැසිරීම පමණක් නොව තවත් සුවිශේෂ හැකියාවක් ද මානවයන්ට උරුම  කලේ ය. ඒ අද භාෂාවට මුල් වූ වචන එකතු කිරීමයි. එසේ කල විදිය සිංහල භාෂාව තුල ම ඇත. අපට උරුම දේ අපට ම වෙනස් කල නොහැකි බව එතුලින් ද සනාථ වේ. ගොරිල්ලන්ගෙ කටකින් අද කරන ශබ්ද කල නොහැක. එහෙත් ඌ, මූ, තෝ, තී, ඊ, ඕ වැනි සරල ශබ්ද වලින් පටන් ගෙන, ටිකෙන් ටික වචන ලෙස ද ශබ්ද එක දෙක එකතු කරමින් භාෂා හැකියාවන් ද උරුම කර දී ඇත. එක්තරා මට්ටමකට මේ උරුමයන් ස්ථාපිත වන තෙක් මානව ජනගහණය නිශ්චිතව තැබූ බව මෙම හැසිරීම් මුල් බැස ගත් ආකාරය තුල දිස් වේ. උදාහරණ ලෙස පරම්පරා විස්සක් එකම විදියට කරන දේ උරුමයක් වේ. මෙහි අන්තය ලෙස වසර තිස්දාහක කාලය ගන්නේ ඒ කාලය තුල වෙනස් නොවේ නම් කිසි දා වෙනස් නොවන උරුමයක් වීමයි. මේ තුල ඉතා වැදගත් පරිසරයෙන් ලැබෙන තොරතුරු ඇත.

මානවයා වෙනස් වූ ආකාරය ගත් කල, දෙමව්පියන්ගේ බලපෑම, සමාජයේ, නෑ මිතුරන්ගේ බලපෑම කෙතරම් අපගේ හැසිරීම හැඩ ගැස්වීමට බලපා ඇති දැයි දැකීමට උපහැරණ අවශ්‍ය නොවේ. හිරු ද එවැනි ම කොටසක් ඉපදීම තුලින් මානවයාට දී ඇත. මානවයා සතු ගතිලක්ෂණ වලින් එකක් වන අණුකරණය කිරීම උපරිම ලෙස යොදාගෙන ඇති බව අපේ හැසිරීම තුලින් තහවුරු වේ. අපි කොතරම් දේ පැහැදිලි අවබෝධයක් නැතුව කරනවා ද? මෙයින් වැදගත් ම දේ, අප දැනුම ලබාගැනීමට දරණ වෙහෙසයි. බොහෝ විට දැනුම කට පාඩම් කර ලබාගත නොහැකි යයි දැන දැන, අප අධ්‍යාපනය ලබන මුවාවෙන් කරන්නේ අනුන් කියන දෙයක් එසේ ම කීම නොවේ ද? මේ අනුව අප සතු දැනුම අප විසින් බිහිකල දෙයක් නොව, අණුකරණය තුලින් උරුම වීමක් නොවේ ද?

තිරිසන් සතුන් අතර වුව නායකයා අණුකරණය කිරීම සෙස්සන්ගේ හැසිරීම තුලින් තහවුරු වේ. භාෂාව ගොඩ නඟන ශබ්ද බොහොමයක් ස්වාභාවික ශබ්ද වන අතර, දරුවන් නඟන ශබ්ද වලට වඩා කොතරම් වෙනස් ද? අප අතර ඇති තනි වචනයෙන් හා වචන කීපයකින් කෙනෙකු හැඳින්වීමට යොදන පද සියල්ල ම ඇරඹුනේ, හිරු රැලේ නායක ලෙස නැඟූ ශබ්ද මුල් කරගෙන ය. එසේ කල ශබ්ද අණුකරණය කර, එම ශබ්ද හරහා රැලේ නායක හැඳින්වීම ප්‍රාථමික යුගයේ වූ බව භාෂාව තුලින් හෙළි වේ. හොඳම උදාහරණය නම් අඩා යන අදත් පැවතෙන වචනයයි. මෙය ගොරෝසු මෙන් ම දැඩි බවක් පෙන්වන වදනකි. එහෙත් අඩිය, අඩි හප්පනවා වැනි වඳන් තුලින් අඩා යනු කුපිත බව හා අඩි හප්පා අන් අයට කතා කිරීමක් ලෙස හැදුන ද, අඩා යනු එම ශබ්දය කල කෙනා හැඳින්වීමක් ලෙස ගත හැක. සමකාලීණ වචනයක් වන ඊ ද ගත් කල අඩා හා ඊ එකතු වී දරුවන් වැදීම, ඇඩම් හා ඊවා ලෙස දෙමළකරණය වී මැවීමට මුල් වූ කතාවක් වී ඇත. අද සුමන දෙවියන්ට පුදන සමනළකන්ද, මුල් කල අඩාගේ කන්ද වීම නිවැරදි විය හැක. ඇඩම් යයි කී පමණින් එය සිංහලයන්ගේ නොවේ නම්, සිලෝන් කී විට රට ද සිංහලයන්ගේ නොවිය යුතු ය. අඩා යන වදන ගත් කල කඳු මුදුනේ ඇති සලකුණ අඩාගේ අඩිය විය යුතුය. අඩා යන වදන ගත් කල එවැනි කඳු තරණය කිරීමට තරම් හයියක් ඇත්තකු වීම සහතික ය.


මුල් කාලීණ මානව හැසිරීම් රටාව වෙනස් වූ හැටි වැඩි දෙනෙකුට අදාළ නොවන්නේ, එකල හිටපු මානවයන්ගේ ජනගහණය නිශ්චිත මට්ටම ක පැවති නිසා, බොහෝ දෙනෙකුට සහජ හැඟීමක් ඇති නොවන නිසා ය. මේ ලිපියට වඩාත් වැදගත් වන්නේ අපට සමීප මෙන්ම අදත් අදාළ තොරතුරු අප වටා ඇති අතීතය යි. හිරුගේ කලින් බිහිවීම් සනිටුහන් කරන වදන් අද භාෂාවේ නිතර යොදන දේ බවට පත් වී ඇති නිසා, ඒවායේ වැදගත් බව තුනී වී ඇත. එහෙත් අදත් යෙදෙන හිරු දෙවියන්, මහ සම්මත මනු, විශ්ණු, බුධ, බ්‍රහ්ම, රා වැනි වදන් හා ඒ වටා ඇති විශේෂත්වය ගත් කල, ඒ වචන වලට බැඳි අතීතය තවමත් අප අතර ඇති නිසා, බාහිර තොරතුරු තුලින් හෙළිවෙන කරුණු අතිරේක දත්ත ලෙස යොදා ගත හැක. එහෙත්, මගේ කීමට පදනම එය නොව ස්වභාවය තුල ඇති තොරතුරු යෙදීමක් බව කියමි. මිනිසුන් කෙතරම් මේ වචන වලට බැඳී ඇති දැයි යන වග ද සැලකිය යුතු ය.

හිරු (හූරා, රා) දෙවියන් යනු මීට වසර 120,000 කට පමණ පෙර සිටි මිනිසුන්ගේ නායකයා ය. ඔහු බිහි කල වෙනස්කම් හරහා මානවයාගේ හැසිරීම් රටාව වෙනස් වූ බව අද පවා පෙන්විය හැකි දෙයකි. එහෙයින් ඔහු දස අවතාර බලැති අය බව තහවුරු වේ. එනම් ජීවයක සංයුතිය වෙනස් කල හැකි කෙනා යන්නයි. ඒ අතින්, අනෙක් සියලු දෙනා ම ලැබූ ගතිලක්ෂණ තුල කොටු වූවන් යයි කිව හැක. හිරු, මානව වර්ගයාගේ විශාල වෙනසක් කලේ ය.  සරලව කියනවා නම්, අද ඉන්න මිනිසුන් සතුන්ට වඩා වෙනස් වූයේ ඔහු නිසා ය. අප අවශ්‍ය පරිදි අඟපසඟ සෙලවීමේ හැකියාව ලැබුවෙත්, ගැහැණුන් තිරිසන් හැසිරීමෙන් මුදාගෙන ගැහැණුකම ලැබුවෙත් ඔහු නිසා ය. මුලින් ම පොදු අධ්‍යාපනය තුලින් දැනුම දීම ඇරඹුවේ ද ඔහු ය. ඒ බව, අදත් හිරු දෙවියන් මුල් කරගෙන කරන බලි තොවිල් තුල ගැබ්වී ඇති දැනුමෙන් පැහැදිලි වේ. මේ ගැන කලින් ලිපියක විස්තර දුන්නෙමි. මිනිසුන් තම අළුත් උරුමය හැර නැවත මානව උරුමයට යාම නතර කිරීම ද, නොයෙකුත් මානසික අපහසුකම් වලට භාජනය වීම ද, මේ කාලය තුල මුහුණ දුන්නේ, ඒකකාරි මානව ජීවිතයට හුරු වී බොහෝ කල් හිඳ ඉන් ගැලවීම නිසා ඇති වූ අසමතුලිත භාවය නිසා ය. මෙය පැහැදිලි කරන උදාහරණයක් දෙමි. නොකඩවා ඒකාකාරී නින්දකට හුරු වී උදෑසන අවදි වන්නෙකුට බාහිර බලපෑම් නිසා අවේලාවේ ඇහැරීමට සිදුවේ නම්, එය දැඩි පීඩනයක් දෙන ක්‍රියාවකි. ඊට සරිලන ලෙස යම් ආකාරයක විසඳුමක් ලැබේ නම් පීඩනය අඩුවේ. මෙහි දී, මිනිසුන්ට ලැබුනේ දැනුම හා ඇස් කන් පිනවන දේ ය. අදත් තමන්ගේ වර්ගයේ සතෙකුගේ අඟපසඟ සෙලවීම බලා සැනසෙන එකම ජාතිය මිනිසුන් නොවේ ද? හිරුගේ මේ ක්‍රියා මාර්ග තුලින් හැම දෙනාටම දැනුම මෙන්ම හැකියාවන්ද ලැබුණු නිසා සමාජීය පදනම ඉහළට එසවිනි. ලොව පුරා සිටින මිනිසුන් හිරු දෙවියන් කියා සූර්යයාට වැඳීම තුල, හිරු යනු හැම මිනිසාට ම සම්බන්ධ වන අයෙක් බව තහවුරු වේ. එහෙත් සිංහලයන් සූර්යයාට නොවඳින අතර, දෙමළුන් එසේ කරන බව අද සමාජය තුල දැකිය හැක. හිරුගේ ස්වභාවය සමහරුන් සූර්යයාට සමාන කිරීම තුලින් මේ අරුත් පෙරලීම වූ බව පෙනේ. එහෙත්, සිංහල සිරිත් විරිත් හා භාෂාව ගත් කල, හිරු යනු මිනිස් වර්ගයට නායකයා වූ කෙනෙකු බව තහවුරු වේ. හිරුගේ සමයේ බිහි වූ බලි තොවිල්, සිංහල බෙරය ලංකාවේ රුහුණු ප්‍රදේශයට සීමා වීම තුල, ඒ කාලයේ මිනිසුන් සිටියේ එම ප්‍රදේශයේ පමණක් බව තහවුරු වේ. රුහුණු යන්න ද "හිරු උන්නු" යන අරුත දෙන නිසා, එකල මානව ව්‍යාප්තිය මෙවැනි ප්‍රදේශයකට සීමා වූවක් බව පෙනේ. පසු කලෙක සූර්යයාට හිරු කීමත්, ඒ අනුව වැඳීමත් දෙමළ සම්ප්‍රදායක් ලෙස බිහි වූවා යයි කිව හැක. මේ ගැන පසුව කියමි. හිරුගේ උරුමය සිහිකරමින් හිරුගේ හෝ සූර්ය වංශයේ ලෙස මිනිසුන් හඳුන්වා ගැනීමක් අද දක්වා ම පැවතේ.

අද ඉතිහාසය තුල ප්‍රබලව ඇති හිරුගේ බලපෑම්වලට අමතරව එවැනි අළුත් බලපෑමක් ආවේ මීට වසර 90,000කට පමණ පෙර බිහි වූ නායකයකු වූ බුධ ගෙනි. කල කී දෑ මෙන්ම, බාහිර ව ඇති තොරතුරු අනුව, හිරු මෙන් මිනිස් වර්ගයාට බලපාන දැඩි වෙනස්කම් කල නිසා, ඔහු ද දස අවතාර බලැති එකම කෙනා බවත්, හිරුගේ නැවත උපතක් බවත්, අද පවා ඇති තොරතුරු වලින් තහවුරු වේ. මෙහි දී මිනිසුන් තබා අනෙක් කිසිදු ජීවී වර්ගයකටවත්, තමන්ගේ ඒකීය බව පෙන්වන ගති ලක්ෂණ වෙනස් කල නොහැක යන කතාව නැවත සිහි කලෙමි. එහෙත් කලින් කලට මිනිස් ගති ලක්ෂණ වෙනස් වීමක් තහවුරු වන නිසාත්, මී මැසි පවුලේ රැජිණ තමන්ට උපදින මී මැස්සන්ට ආවේණික ගති ලක්ෂණ දෙන සේ, මිනිසුන්ට ලැබෙන වෙනස් ගති ලක්ෂණ වල බිහිවීම එකම මූළයකින් වන බව තහවුරු වේ. මෙම වෙනස්වීම ඉතා සීමිත කාල සීමාවක වීමත්, එක්තරා පරමාර්ථයක් උදෙසා කිරීම නිසාත්, පැහැදිලි අණාවැකි ලෙස කියවේ.

බුධගේ බිහි වීමට පෙර, හිරු හඳුන්වා දුන් පොදු අධ්‍යාපන ක්‍රමයක් තුලින් දැනුම පොදු උරුමයක් කල බව කීවෙමි. කාලයත් සමඟ මෙම දැනුම හරහා අළුත් කතා බොහෝ බිහිවීම, මානසික හැසිරීමට අනුව උඩුයටිකුරු වීමක් වූ බව ස්ථීර ය. ඒ, මිනිසා නිශ්චිත රාමුවකට ගොදුරු වූ බව ද, මේ මත ඇත්ත හා නැත්ත ද, ජන්ම ගති ලක්ෂන තුලින් තහවුරු කරගමු. ජීවත්වීම අභියෝගයක් මෙන් ම තරඟයක් වන නිසා, තිරිසනුන් ඇඟේ හයිය තුලින් අනුන් පරදවා තම ජීවිත රැක ගැනීම ස්වාභාවික ය. එවන් පරිසරයක දැනුම යනු ඇඟේ හයියට වඩා ප්‍රබල අවියක් වීම වැලැක්විය නොහැක. අපේ දැනුම නොවන්නට අදත් අලි හා සිංහයන් ලොව රජ කරන බව මතක් කරමි. දැනුම එතරම් ප්‍රබල ය. සිංහලයන් දැනුමට මුල් තැන දුන්නේ ඒ නිසා ය. එහෙත් නොදැනුම දැනුම ලෙස ගැනීම දුබල බව හිමි කරයි. පරාජය යනු මරණය බව ස්වභාවය තුලින් දැකිය හැක. දැනුම නැති තැන බොරුවෙන් ඒ අඩුව පිරවීම ගත් කල, තේරුම් ගත නොහැකි ව මුලා වේ. ඇත්තට ම බුධ ආවේ එවන් කලක ය. මිනිසා ඒකීය ජීවිතය තුල චක්‍රීය ව ගිය ගමනින් පසු, එයින් මිදී මනස විවෘත වූ විට, දකින දකින දේ මෙන් ම සැඟවුන දේවල් ගැන ද සෙවීම අද පවා කුඩා දරුවන් තුලින් වුව දකින ගතියකි. දෙමාපියන් දරුවන් අසන ප්‍රශ්ණ වලට කොතරම් බොරු උත්තර දෙනවා ද? එවැනි දේ මෙන් ම උපත මරණය වැනි දෑ ගැන ද කුතුහලයක් ඇති වීම මිනිස් ගතියකි. එවැනි හැසිරීමක් තිරිසනුන් තුල ඇත්තෙ කෑම සෙවීමට බව පැහැදිලි වේ. තරඟකාරී ජීවිත තුල පැවැත්ම බලය මත රැකේ. දැනුම නැති තැන පැරදීම වේ. ඊට ප්‍රතිචාර ලෙස වංචාව, බොරුව, මුලාව, අන්ධ විශ්වාසය වැනි ගුණාංඟ මිනිසුන්ට හිමි වූයේ තිරිසන් අතීතය තුල ඇති ගති ලක්ෂණ හරහා ය. මෙහි දී මානවයන් ලෙස සිටි සත්ව විශේෂයට අමතර ව අනෙක් සතුන්ට ද මිනිස් උපතක් හිමි වීම තුලින් උන්ගෙ මුල් ගති ද මිනිස් වර්ගයාට ආදේශ විය. අන් සතුන් හැසිරෙන ආකාරය තුල මේ ගුණාංඟ දැකිය හැක. හිරුගේ කාලයේ හිටි මිනිසුන්ගේ පැතිරීම ගැන ඉහත දැක්වීමි. බුධ ගේ බලපෑම කොතරම් ද යන්න ගැන බුධ හා බැඳි හැසිරීම ඇති මිනිසුන්ගෙ පැතිරීම තුලින් දත හැක.

බුධ ලෙස හිරු ආ සමයේ, පැවති වියවුල් සහගත මිනිස් හැසිරීම තුල, ඇත්ත නැත්තෙන් වෙන් කර ගැනීමේ හැකියාව හෙවත් ඇත්ත (සත්ත, සත්‍යයය) සෙවීමේ හැකියාව මිනිසුන්ට දීම අවශ්‍ය වූයේ, මිනිසා කැලයෙන් මුදාගෙන හීලෑ කර, පැවරීමට නියත කාර්යය සඳහා යා යුතු මඟ ඇහිරුණු නිසා ය. මිනිස් ජීවයට අදාළ, මිනිසුන් දැන ගත යුතු ඇත්ත සියල්ලම කියා දී, සතුන් නිසා උරුම වූ ගති නැසීමට ඒවා නරක ලෙස හඳුන්වා ආදීනව කීවේ ය. එසේ ම, ඊට සරිලන ලෙස, මිනිසුන්ට වඩා ඉහල තලයක සිටින අයට වගකීම් පවරා, කරන කියන දේ අනුව, ඊට දඬුවම් ලබා දීම ද සැකසී ය. අද කර්ම යන මිථ්‍යාව තුල කෙසේ ඊට විපාක ලැබේ දැයි නොදැන මනස්ගාත කීව ද, ඇවැසි තැන දඬුවම් කිරීම මිනිසුන්ට වඩා ඉහල තලයක සිටින අය කරන බව තහවුරු වන්නෙ සැබෑ දත්ත හරහා ය. එසේ ම, මේ සියල්ල ඉතා පැහැදිලි ක්‍රමයකට කරන බව ද පැහැදිලි වේ. එසේ නැතුව කර්මය ඉබේ කරනවා යයි කීම ප්‍රලාඵයකි. දෙවරක් දීම ඉතා වටිනා එකකි. ඊට අමතර ව මිනිස් තාරය හා අවතාරය තුල විශේෂ වෙනස්කම් කර, පිටුපා යන උන්ට විහින් ම දඬුවම් ලැබෙන ආකාරයේ චක්‍රීය එකතුවක් ද කර ඇත. වැරදි කරන උන්ගෙ අවතාරය හරහා තාරයේ සමහර සළකුණු හැදීම තුලින් වර්ග කිරීමක් ද පනවා ඇත. ඉන් බිඳක්, අංඟ ලක්ෂණ ලෙස පැවතුන ද සැබෑ දැනුම ඒ තුල නැත.

බුධගේ ප්‍රධාන කාරිය වූයේ වල්මත් වූ මිනිසුන් ජීවත් කරවීම ය. ඇත්ත නොදැන, නැත්ත තුලින් නැසීම වැලැක්වීම ය. ඒ සඳහා රහත් බව, හෙවත් රහස් දත් බව, ලබාගැනීමට මගක් ද, අවශ්‍ය දැනුම ද දී ඇත්ත සෙවීම මිනිස් ගති ලක්ෂණයක් කලේ ය. මෙහි දී නැත්ත බිහිවෙන මගක් ද සකසා, මිනිසුන් පැහැදිලිව ම යන මග හඳුනා ගැනීමට මගක් ද සැකසී ය. මිනිස් ක්‍රියාකාරකම් ක්‍රියාවෙන් ම මැනීමත්, තමන් කරන දේ ඇත්ත නැත්ත දැන කරනවා ද යන්නත් බැලීමට, නැත්ත මත ජීවත් වන නිර්වාණය හා අරහත් වීම ද හඳුන්වා දී, මිනිසා කරන කියන දේ මෙන් ම, කෙතරම් ඇත්ත නැත්ත තේරීමට සමත් ද යන්න බැලීමත් හඳුන්වා දුන්නේ ය. යමෙක් තමන් කරන දේ ඇත්ත දැන කරනවා කිව් පමණින් පිළිගත නොහැක. මෙහි දී, ඉතාමත් සූක්ෂම ලෙස මිනිසා පරික්ෂා කරන විදියක් බිහි විය. මිනිසුන්ට නොතේරුන ද, මිනිසුන් යන මග සක් සුදක් සේ දකින අය සිටින බව කියමි.

හිරුගේ නැවත නැවත ඉපදීම තුල, ඉතා පැහැදිළි මෙන් ම තීරණාත්මක වෙනසක් මිනිස් සමාජය තුල වූ බවත්, ඒ එක්තරා පරමාර්ථයක් ඉටු කර ගැනීමට බවත් ඉහත කී අවස්ථා දෙකේ දී දුන් විස්තර අනුව ද, ඊ ළඟට දෙන විස්තර අනුව ද පැහැදිලිව සමාජය අද තෙක් ආ ගමන සනිටුහන් කරයි.

ඊ ළඟට ...........  තෙවන කොටස

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.