Thursday 14 November 2013

වල්මත් වූ ජාතියක නම වන සිංහල නම් වදනේ අරුත සොයමු - පළමු කොටස

ඇරඹුම



සිංහල යන වචනය ඇසූ පමණින් ඔල්මාදය උත්සන්න වන "සිංහල" තමන්ගේ ජාතිය ලෙස ලේඛණගත කල උන් සිටිය ද, සිංහල යන වචනයේ ඇති අරුත දන්න එකෙක් සෙවීමට මම මෙතෙක් කල උත්සාහයන් අසාර්ථක වූ නිසා ඒ ගැන කිව යුතු යයි සිතමි. "වචන ඉබේ පහල වන" අරුම පුදුම කටක් සොයාගත නොහැකි වූ නිසා, සිංහල යන වචනය ද යමෙක් බිහි කල වදනක් විය යුතු යයි මම තරයේ විශ්වාස කලෙමි. එසේ නම් එහි මුලක් ඇත. මම ගිය ගමනේ අවසානය වූයේ බොහෝ වැදගත් අතීතයක් සොයා ගැනීම ය. මෙහි දී මානව චාරය ගැන ද යමක් කියමි. යමෙක් කරපු දේ යථාර්තයෙන් ම දන්නේ ඒ කෙනා ය. ඔහුට උදව් කරපු අය දන්නේ කරපු උදව් ගැන පමණි. බලාගෙන හිටි උන් දන්නේ තමන් දුටු දේ ය. ඇසූ උන් දන්නේ ඇසූ දේ ය. කිසිවක් නොදන්නෙකු, තමන්ගෙ නොදැනුවත්කම හෙළි නොවීමට, කටට එන ඕන බොරුවක් කියන්නේ ය. බොරුවක් යයි කීමට වෙර දරන්නා, ඇත්ත වැසීමට බොරු ප්‍රශ්ණ නගා අවුල් කිරීමට මාන බලයි. මෙය අද සිංහලයන් අත් දකින ප්‍රධාන ප්‍රශ්ණයයි. මෙය කියවන අය එය සිත තබා ගත යුතුය. කැවුම් යන වදන ඇසූවට අශූචි මතක් වේ නම්, එවැනි, අශූචි රස යයි කෑ උරුමය ඇති උන්ට මේ ලිපිය අකැප බව කියමි.

සිංහල යන වදනේ තේරුම සෙවීම පහසු නැත. ඒ,  ඒ තරම් අතීතයකට දිව යන නිසා ය. මෑත ඉතිහාසය වුව, දින කිහිපයකින් අමතක වන විට නොදන්න අතීතයක් සෙවීම අපහසු වේ. නූතන ඉංග්‍රීසි ක්‍රමයට අනුව ගලක කොටා තිබුනා නම්, අඩු තරමින් ගලේ කොටපු එකාගේ මතය යයි එය ගත හැක. (මහාවංශයේ ඇතත් එය නින්දා සහගත දෙමළ මතයක් මිස ඵලක් නැත.) ඒත්, තේරුම ඉංග්‍රීසි ක්‍රමයට සීමා වේ. එනම් ගල්වල කෙටීමේ හැකියාව ලැබූ පසු ලිවීමක් ලෙස සීමා වීම ය. සිංහලයන් ගල් වල කෙටීම නොකල බව හමුවෙන සියලු ගල්වල කොටා ඇති දෙයින් තහවුරු වේ. අද ද, සිංහලයන් ළඟ නැති ගල් වල කෙටීමේ ගතිය ගැන කතා කිරීම ද නොවටී.

මෙහිදී සිංහලයන්ට ම ආවේණික ඉතිහාසය සෙවීමේ ක්‍රමයක් ඇති බව ද, එතුලින් සිංහල යන වදන තේරුම් ගත හැකි බව ද දුටිමි. සිංහල වචන යම් ස්වාභාවික අරුතක් දෙන නිසා, කාලය හෝ භාවිතා කරන කෙනා අනුව අරුත නැසිය නොහැකි වන්නේ ස්වාභාවික අරුත කාලය සමඟ වෙනස් නොවන නිසා ය. වචනයක් යනු එකවර අංඟ සම්පූර්ණ වී ඉබේ පහල වන දෙයක් නොව, කාලයත් සමඟ වරින් වර අංඟ සම්පූර්ණ වීමක් විය යුතු ය. ඒ වචන යනු ස්වාභාවික උරුමයක් නොව කෘත්‍රීම (බාහිර) ව ශබ්ද එකතු කර ගොඩනැඟු දෙයක් වීම නිසා ය. අද ද මානවයාගේ ස්වාභාවික උරුමයක් ලෙස ඇති හඬ අතදරුවන් ජාති භේදයකින් තොරව දක්වන නිසා, බාහිර ව සමාජගත දැනුම ලැබීමක් ලෙස වචන එකතු වී භාෂාව ඉදිවෙන බව තහවුරු කරන්නෙ විවිධ භාෂා කතා කරන මානව කොටස් සිටින නිසා ය.

ඉහත කී ලෙස මානවයා අද සිටින විවිධ ජාතීන් ලෙස බෙදී ගිය ආකාරයත්, බාහිර ව සමාජගත දැනුම ලැබීමක් ලෙස භාෂාව පමණක් නොව තමන්ට සමාජය හරහා ලැබෙන ජීවන රටාවත් මේ උත්සාහය සඳහා යොදා ගත යුතු ය. සමාජය හරහා ලැබෙන ජීවන රටාව ද, සමාජය හරහා ම ලැබෙන බව අතදරුවන් තම හැසිරීම තුලින් පෙන්වති. එසේ නම්, දිග කලක් තමන්ට සමාජය හරහා ලැබෙන භාෂාව පමණක් නොව ජීවන රටාව ද නැතිව මානවයා තිරිසන් සතෙකු ලෙස සිටිය යුතු ය. මානවයා වැනි තිරිසන් සතෙකු අද සිටින තත්වයට ඒම ඉබේ වූවක් නම්, එසේ වූ ආකාරය ද, වෙනත් බාහිර ව ආ බලපෑමක් නිසා වූවක් නම්, එසේ වූ ආකාරය ද දත යුතු ය. මානවයා ගේ වර්තමාන ස්වරූපය මිනිසා යන වචනය යොදා සංකේත කරයි නම්, මිනිස් වර්ග ගත් කල, අද සිටින තත්වයට ඒම, ඉබේ වූවක් බව කෙසේවත් තහවුරු නොවන්නෙ මානවයා ගත කල තිරිසන් බවෙන් මිදීමට තිබිය යුතු, තමන් ම ඉන්න තත්ත්වය වෙනස් කර ගැනීමේ හැකියාව මිනිසුන් සතු නොවන නිසා ය. බාහිර ව ආ බලපෑමක් නිසා වූවක් නම් ඒ බව ද එසේ දැකීමට හැකි සාධක ද මිනිසුන් සතු චරියාව (හැසිරීම) තුල තිබිය යුතු ය. එසේම මිනිසා මෙතරම් වෙනසකට ලක් ව අද තත්ත්වයට ආව ද, වෙන කිසිදු ජීවියකු එසේ නොවී තිරිසන් ලෝකයේ ම හිරවීම ද පැහැදිළි ව දැන ගැනීම වැදගත් ය. සැබැවින් ම සිංහල යන වචනයේ අරුත සෙවීම යනු මුළු ජීව ඉතිහාසයම තේරුම් ගැනීමක් වේ. එහෙත් එම වචනය, කාලීනව ගත් කල තිරිසන් යුගයට ද බැඳෙන නිසා ඒ තුල සරල බවක් ද තිබිය යුතු ය.

තිරිසන් ලෝකය ගත් විට ජීවත්වීම යනු තමන් ගැන පමණක් සිතන කාර්යයක් වේ. දරුවන් කවා පොවා ඇති දැඩි කිරීම සහජ ක්‍රියාවකි. වැඩුන සතෙකු  රැකෙන්නේ තම උත්සාහයෙන් ය. කණ්ඩායම් ලෙස රැකෙන සතුන් ද ඇත. ඒ කණ්ඩායම් තුල සමානාත්මතාවයකට වඩා, ඉහල සිට පහළට බෙදුනු අණුපිළිවෙලක් ඇත. එසේ ම, තිරිසනුන් වුව, මූසලයන් මෙන් ඉවක් බවක් නැතිව ප්‍රජනන හැසිරීමක් නොපෙන්වයි. එය සුදුස්සාට තැන දෙන ආකාරයක් පෙන්වයි. ලේ ඥාතිත්වය දැඩිව රැකෙන රටාවක් මෙහිදී ද පෙන්වයි. එහෙත් මිනිසා දක්වන ගතියක් කිසිදු තිරිසන් සතෙකු නොපෙන්වයි. එනම් පරම්පරාවෙන් පරම්පරාවට උරුම සතුන්ගේ තිරිසන් ගතිය වෙනස් නොවීමයි. හැසිරීම ගත් කල කාලයට අනුව නොව බාහිර පරිසරයට ගැලපෙන නිශ්චිත හැසිරීම් රටාවකට කොටු වීමක් තිරිසනුන් පෙන්වයි. එසේ නම්, මිනිසා කෙසේ "පරම්පරාවෙන් පරම්පරාවට උරුම තිරිසන් ගතිය" වෙනස් කරගත්තා ද? මෙය ඊළඟට බලමු.

මිනිසාගේ හැසිරීම් රටාව, උපතට අනුව සීමා වූ රටාවක් පෙන්වයි. මානවයා ලෙස ගත කල තිරිසන් ජීවිතය තුල ගෙවූ ඒකාකාරී හැසිරීම අද ද බහුතරයක් උරුම කරගත් බව තහවුරු වේ. එනම් තමන්ට හුරු රටාව වෙනස් කරගත නොහැකි බවයි. එසේ නම් කෙසේ "පරම්පරාවෙන් පරම්පරාවට උරුම තිරිසන් ගතිය" වෙනස් කරගත්තා ද යන්න බරපතල ප්‍රශ්ණයකි. අද ද, නොයෙකුත් වද බන්ධන වලට දරුවන් භාජනය කර තමන්ට අවශ්‍ය මගට යොමු කරන බව දෙමව්පියන්ගේ හැසිරීම පෙන්වයි. ඔවුන් ද කුඩා කල එසේ ම තම දෙම්පියන්ගෙ මග පෙන්වීමකට ලක් වූ බව කියති. එසේ නම් යම් බාහිර බලපෑමකින් මෙසේ වෙනස් වූවා යයි කීම, අදටත් වෙන දේ අනුව දිගටම අතීතය පුරා වූවා යයි කිව හැක. එහෙත් එය හැම මිනිසාට ම වළංඟු නොවන බව අත් දුටුවෙමි. ඉංග්‍රීසි සමාජය තුල ඉහත කී බලපෑම 100%ක් තරම් බව එම සමාජය තුලින් මම දකිමි. එහෙත් මම උපතේ සිට බොහෝ කලක් ඇසුරු කරන මා අවට ජීවත් වන සිංහලයන් මීට හාත්පසින් ම වෙනස් ය. යම් ආකාරයක බලපෑමක් කරයි නම් ඔවුන් දැඩි සේ ප්‍රතික්ෂේප කරති. එසේම ඔවුන්ගෙ හිතගත් අය කියයි නම් තම හැසිරීම උඩුයටිකුරු කරන බව මම අත්දැකීමෙන් දනිමි. මෙහි දී මම මේ දෙකොටසට ම අයත් නොවීම මට බොහෝ කලක් ප්‍රහෙළිකාවක් විය. එනම් මා වටා සිටින්නන් සතු මිනිස් ගති, එනම් තිරිසන් ගති වලට අයත් නොවන ගති ගත් කල, ඔවුන්ට වඩා බොහෝ ගති මෙන් ම, ඔවුන්ට නැති ගති ද මට තිබීමයි. එය කෙසේ වී ද? එසේ ම මගේ ගති අණුකරණය කිරීමක් ද පවුලට සමීප අය තුලින් දුටිමි.

මිනිසුන් හෝ මානවයන් ලෙස අප තුලින් ම බැලූ විට, පටු සීමාවකට කොටු වන නිසා, අපේ ම බලපෑම හරහා තිරිසන් සතුන්ට වන දේ තුල ද යම් වටිනාකමක් තිබිය යුතු ය. හීළෑ කිරීම, සතුන් ඇතිකිරීම වැනි ක්‍රියා හරහා අපට උචිත වන හැසිරීම් රාමුවකට බොහෝ සතුන් අසුකර ඇති බව දනිමු. මේවා තිරිසන්කම තුල ඇති හැසිරම් නොවන බව ද දනිමු. මෙම සතුන් අපේ ශාරීරික හා අනෙකුත් බලපෑම් නිසා මෙලෙස හැසිරෙන බව අපි හොඳාකාරව ම දනිමු. උදාහරණ ලෙස ගැල අදින ගවයකු ගනිමු. කැලේ සිටින තිරිසන්කම උරුම වූ ගවයකු කිසිසේත් ගැල අදින්නට එන්නෙ නැති බව කිව යුතු නොවේ. එහෙත් එම ගැල අදින ගවයන්ගේ ම පැටවුන් අප අතර හැදී වැඩුණු පසු ගැල ඇදීමට පුරුදු කිරීම ඉතා පහසු ය.

ඉහත කී තොරතුරු හා සිංහල ඉංග්‍රීසි අන්ත දෙක ද, ඒ අතරට වැටෙන අනෙකුත් ජාතීන් ද ගත් කල, තිරිසන් ලෝකය තුල නැති ගති අපට ලැබීමට නම්, ලැබෙන ආකාරය කවරක් වුව ද, අපට බාහිර උපතක් තිබිය යුතු ම වන්නේ, මොන දේ කරත්, අපට අහිමි ගතිගුණ ගොඩ නගා ගැනීමක් නැති නිසා ය. මෙහි දී පිලලේතස් නමැත්තෙකු 1817 දී ලියන ලද පොතක, සිංහලයන් කීවා යයි කියන කතාවක් සිහි විය. එනම් සිංහල ජාතිය බිහි කලේ හිරු දෙවියන් බවයි. එසේම හිරු දෙවියන් මුල් කරගත් බොහෝ ඉපැරණි සිරිත් විරිත් ද සිංහලයන් සතු වේ. මීට සමාන්තරව අනෙක් ජාතිකයන් සූර්ය දෙවියන් වැදීමක් කල බව ද පැහැදිළි ව තහවුරු වේ. මෙහි දී සූර්යයා ගත් කල එය ගිනි පිටකරන තරුවක් මිස දෙවියකු නොවන බව සහතික ය. එසේ නම් හිරු යනු කවරෙක් දැයි බැලිය යුතු ය. ඒ සඳහා සිංහලයන් සතු තොරතුරු ද සිංහල හැසිරීම් රටාව ද අවධානයට ලක් කරමු. සිංහලයන්, දෙමළුන් මෙන් සූර්යයාට වන්දනා නොකරන බව අත්දුටිමි. බොහෝ උපතින් නායක වන්නන් හිරු දෙවියන්ගෙන් පැවතෙන බව කියනවා. එසේ නම් මිනිසකු විය හැකි දැයි බැලිය යුතු වන්නේ, දන්න තොරතුරු වලට අනුව සමහර නායකයන් පසු කලෙක දෙවිවරුන් ලෙස හඳුන්වන නිසා ය. මේ ගැන විශේෂ යමක් කියන්නේ රුහුණු යන නම ඇති ප්‍රදේශය හා ඊට ම ආවේණික හිරු දෙවියන් පිදීම මුල් කරගත්  සිරිත් විරිත් ය. රුහුණු පලාත යනු හිරු+උන්නු පළාත ලෙස ගත් විට කාලයාගේ ඇවෑමෙන් රුහුණු යන වචනය වූවා යයි කීම සිංහල වහරට මනාව ගැලපේ. ඉහත කී පිලලේතස්ට සහායට හිටියේ දෙමළකු බව දෙමළකරණය වූ බසින් තහවුරු වේ. හිරු දෙවියන් දුටුවේ තැන්නසරී වල දී යයි ලියා ඇත. මෙය සිංහලකරණය කල විට, "තැන්න හරිය" වේ. මෙම යෙදුම අද ද එම ප්‍රදේශයේ තැනක් හැඳින්වීමට යොදන්නකි. එසේ ම සිංහල වහරේ ඇති හේ, ඔහු වැනි වඳන් තුල ද මේ වචනය මුල් කරගත් බෙදීම් ඇත. සිංහල භාෂාව යනු එකිනෙකට බැඳුනු, රටාවකට අරුත් දෙන වචනැති භාෂාවක් බව භාෂාව තුලින් ම තහවුරු වන බව කියමි. මෙහි දී වචන සියල්ලම මුල් යුගයේ බිහිවුනු, පාරිසරික ශබ්ද හා කලින් කල එකතු වූ අළුත් ශබ්ද හරහා විකාශණය වූ භාෂාවක් බව පෙන්විය හැක. මෙහි දී මිනිස් ගති මෙන් ම මෙම අළුත් ශබ්ද එකතුවීම ද අපට බාහිර ව එකතු වූ ලෙස තහවුරු වේ. අද වුව අපට ම කිව හැකි අළුත් ශබ්දයක් ගොඩනැගීමට බැරිවීම තුල මෙය වඩාත් තහවුරු වේ.


ඉහත කී පිලලේතස් මේ මාතෘකාවට කිසි සේත් අදාළ නොවූව ද සඳහන් කලේ තවත් මුහුණුවරක් දීමට ය. ඒ අද බොහෝ අමණයන් පොතක නැති දෙයක් නොපිළිගන්නා තරමට පිරිහී ඇති නිසා ය. අද අධ්‍යාපනය තුලින් ලබා ගන්නා උගත්කම කියන්නේ, පොතක ලියූ දෙයක් හෝ අනුන්ගෙ දේ කියවන ගුරෙකුගේ කීම එසේ ම කියා, එම පිටපත්කිරීම උගත්කම ලෙස දැක්වීම ය. ඉහලම ලෙස සමත් වන්නේ එසේ උපරිමයට නැවත කියවන උන් ය. අතීතයේ, උන්ට කීවේ ගිරවුන් වැනි යයි වුව ද, අද උන් උගතුන් වී ඇත. උන්ට අනුව මූලශ්‍ර නැති නම් ඉන් එහාට හිස් ය. සිංහල ඉතිහාසය මූලාශ්‍ර මත ගොඩ නැඟුණු කෘථීම ඉතිහාසයක් නොවන නිසාත් බාහිර ආක්‍රමණිකයන් කල විනාශයත් නිසා, සැබෑ ඉතිහාසය සෙවීමට මූලාශ්‍ර නැති විදියක් අවශ්‍ය වේ. සැබැවින් ම සිංහල ඉතිහාසය කීමට මූලාශ්‍ර නැත්තේ ද, කිසිවෙකුට වෙනස් කල නොහැකි විදියක් ඔවුන් මනාව දැන සිටිය නිසා බව මම දුටුවේ, එම ස්වාභාවික දත්ත හරහා මුළු ඉතිහාසය සෙවිය හැකි මගක් මවිසින් ද සොයාගත් නිසා ය. ඒ විදිය සිංහල විදිය යයි නම් කරමි. අද ඇති බහුලව යොදන ඉංග්‍රීසි ක්‍රමය, නටබුන්, සොහොන්පිටි හරහා ඉතිහාසය ගොඩ නඟයි. එවැන්නක් නොමැති අතීතයට යන විට අනාථ වේ. සිංහල ගතිපැවතුම් ගත් කල නටබුන්, සොහොන්පිටි හරහා සිංහල ඉතිහාසය ගොඩ නැගීමට උත්සාහ කලොත්, මේ ලියන මොහොතේ වුව සිංහලයන්ගේ නටබුන්, සොහොන්පිටි කියා දෙයක් නැති නිසා සිංහලයන් කොටසක් නැතයි පෙන්විය හැක. එහෙත් එයම සිංහලකම දැඩිව නිරූපණය කරයි. එනම් නටබුන්, සොහොන්පිටි බිහිකල හැම ජාතියම පරිසරය නසා බිහි වී එම විනාශය තුලම බොඳ වුව ද, පරිසරය රැකීම තුලින් අද ද සිංහලයන් ජීවමාන ජාතියක් වීමය. ඇති වී නැති වුනු හැම ඉතිහාසයකට ම වඩා දිග ඉතිහාසයක් සිංහලයන් සතු බව මිය ගිය ශිෂ්ඨාචාර ඉතිරි කල නටබුන්, සොහොන්පිටි තුලින් ම හෙළි වේ.

මම කී ඉතිහාසය සොයන "සිංහල විදිය", විස්තරාත්මක ව මෙහිදී සඳහන් කල නොහැකි වුව ද, එම ක්‍රමය ජීවීන් බිහි වීම හා පැවතීම තුල ගොණු වී ඇති ඓතිහාසික තොරතුරු හා කෙටි කාලීන, දිගු කාලීන හා චක්‍රීය වෙනස් වීම්, හා නොකඩවා වෙනස් වීම තුල සැඟවුනු තොරතුරු තුලින් සැබෑ ඉතිහාසය දැකීමක් ලෙස හඳුන්වමි. එසේම ජීවය බිහි වීම, ඒ පසුපස ඇති යාන්ත්‍රණය මෙන්ම අරමුණු පැහැදිලිව හඳුනා ගත් විට, ඉතාමත් සංකීර්ණ වූ ද සූක්ෂම වූද කාල මිනුමක් ඇති බව මෙතුලින් තහවුරු වේ. ස්වාභාවික සිදුවීම් විග්‍රහ කිරීම් තුලින්, ජීවය බිහි වීමට පෙර ඉතිහාසය ද, එනම් අනන්ත කාල පරාසයක ඉතිහාසය මෙතුලින් දැකිය හැක. මේ පරාසයට යන විට, කාලය යනු පවතින තත්ත්වය වෙනස්වීම සංකේතවත් කරන ක්‍රියාවලියක් වේ. කෙටි කාලීනව රෑ දවල් උදාවීම නියත කාලමානයක් වුව ද, දීර්ඝ කාල මානයේ දී එවැනි නියත කාලමානයක් තිබුන ද ඵලක් නැත්තෙ, ඊට අනුරූපව වෙනසක් දැකීමට බැරි නිසා ය. පරිසරය තුලින් පැහැදිලි කරනවා නම්, තිරිසන් සතකු බිහි වූ පෙර කල ඉතිහාසය කීමට ආපසු අතීතයට යාම අනවශ්‍ය වන්නේ අද ද එම හැසිරීම දක්වන නිසා ය. එහෙත් බිහිවීමට පසු හා පෙර කල වෙනස, බිහිවීමේ ක්‍රියාවලිය හඳුනාගත් විට පැහැදිලි ව දුටුව ද ඒ ගැන ද විස්තර කීමෙන් වැළකෙමි. එහෙත්, බිහිවීම් අතර ඇති වෙනස්කම් හරහා ජීවයේ උපතත් ඊට පෙර සිදුවීම් ගැනත් තොරතුරු පැහැදිලිව හඳුනාගත හැක. මෙහි දී, අද පවතින ලෝකය යනු සැබෑ සිදුවීම් හරහා මෙතෙක් ගත වූ මුළු ඉතිහාසය ම දක්වන නිසා, සිංහල විදිය තුලින් ලබාගත් ඉතිහාසය අදට ද, ඉංග්‍රීසි විදිය තුලින් ලබාගත් මෑත ඉතිහාසයට ද කදිමෙට ගැලපීම අඟනේ ය. ඉතිහාසයේ වර්තමාන කඩඉම වන අද ඇති බොහෝ තොරතුරු ඉංග්‍රීසි විදිය තුලින් පැහැදිලි කල නොහැකි වුව ද, සිංහල විදිය තුලින් අංඟසම්පූර්ණව පැහැදිලි වේ. උදාහරණ ලෙස භාෂාවන් වැනි සංකීර්ණ ඓතිහාසික උරුමයන් ගත් කල ඉංග්‍රීසි විදිය තුලින් පෙන්විය නොහැකි බොහෝ තොරතුරු නිසැකව දැකිය හැක. ඊට අමතරව, එනම් සිංහල විදියට අමතර ව පවතින, අප වටා ඇති සියලු දේට මුල් වුන බාහිර උපතකින් ද සියලු තොරතුරු නැවත සොයාගැනීම නිසා, මා අපේක්ෂා කරන ද්විතීයික මගකින් සැසඳුව ද, එය මෙම ලිපියට සම්බන්ධ නොකරමි. සැබැවින් ම එය ඉතාමත් පැහැදිලි ගණිතමය රාමුවක් තුල කරන ගොඩ නැගුමක් නිසා, නිරවද්‍ය ම මග එය වුව ද, අපේ සහජ හැකියාවන්ට පරිබාහිර නිසා යොදා ගැනීමෙන් වැලකෙමි. එහෙත් අප වටා ඇති සියලු ජීවය බිහිකිරීම, පවත්වාගෙන යාම, ඇති නැති කිරීම හා වෙනස් කිරීම මෙම බාහිර කොටසකගේ ඕනෑඑපාකම් අනුව වන බව කියන්නෙ, ඇත්ත එලෙසම කිව යුතු නිසා ය. අප යයි අප විසින් ම හඳුනාගත්ත ද, අප යනු තවත් කොටසක් විසින් කරන බිහිකිරීමක් බව කිව යුතු වන්නෙ, අපේ පරිසරය තුලින් දකින කොටස වුව එලෙස වන නිසා ය. උදාහරණ ලෙස අපේ ගත (තාරය) යයි හඳුන්වන කොටස පවා බිහිකලේ දෙමව්පියන් ම මිස අප නොවේ. එකම දෙය නම් එය අපට අවශ්‍ය ලෙස බිහි වී අප නියෝජනය කිරීමයි. තව බොහෝ දේ කලින් කියා ඇති නිසා මෙයින් සීමා කරමි.

මානවයා හෙවත් මනුසතා (තිරිසනා) තිරිසන්කම සනිටුහන් කරන නාමය ලෙසත්, මිනිසා යනු තිරිසන්කමේ ඇති අංඟ හැර ගත් විට නියෝජනය කරන සියලු වැඩි දියුණු වීම් සංකේතවත් කරන නාමය ලෙසත් ගත් විට, තවත් කොටසක් තිරිසන්කමේ ඇති අංඟ පවා නැසුණු ස්වභාවයක් පෙන්වන නිසා නොමිනිසා (අමනුෂ්‍යයා) ලෙස ද, මේ කොටස් තුනට ම අයත් නොවන තවත් කොටසක් ඇති නිසා ඔවුන් මූසලයන් ලෙස නාමිකව හැඳුන්වා දීම, ලිපිය අංඟසම්පූර්ණ කිරීමට ලියමි. මෙහි දී තිරිසන්කම සංකේතවත් කරන තිරිසනා (මානවයා = මනුසතා) ස්වභාවය නියෝජනය කරන සම්මතය ලෙස ගනිමු. මේ සම්මතයට අනුව ජීවත්වීම හා දරුවන් බිහිකිරීම ප්‍රධාන අරමුණු කොට විග්‍රහ කරමු. එවිට මිනිසා යනු ජීවත්වීම හා දරුවන් බිහිකිරීම සඳහා තිරිසනාට වඩා බොහෝ වැඩි අවධානයක් යොමු කරන තලයක සිටී. නොමිනිසා (මිනිසාගේ විරුද්ධ පදය), මිනිසා ජීවත්වීම හා දරුවන් බිහිකිරීම තිරිසනාගෙන් වෙන් කරන යමක් වේ ද එහි විරුද්ධ අර්ථය ක්‍රියාවට නගයි. උදාහරණ ලෙස මිනිසා ජීවත්වීම උතුම් යයි කියයි නම්, නොමිනිසා ජීවත්වීම පහත් දෙයක් ලෙස සලකා මරණය උතුම් යයි කියයි. මූසලයා ජීවත්වීම හා දරුවන් බිහිකිරීම සඳහා නොමිනිසුන්ටත් වඩා අන්තයට යයි. උදාහරණ ලෙස, නොමිනිසුන් කුඩා දරුවන් විවාහයට සීමා කල ද, කුඩා දරුවන් සමඟ සහවාසයේ යෙදීම වැනි, උන් පවා නොකරන දෙයක් වුව, මූසලයන් උතුම් යයි කියති.  මෙය මනාව මිනිසුන් බෙදී ඇති අන්ත හතරේ අන්තිම කොන් හතර ලෙස ගත් කල, සියලු මනුෂ්‍ය වර්ගයාම මේ කොන් හතර තුල කොටු වේ. මෙය සිංහල යන නම ගැන සෙවීමේ දී වැදගත් සිද්ධාන්තයක් වේ.

මෙම ඉහත කී සිවු වැදෑරුම් බෙදීම තිරිසන්කම තුල ද ඇති ජීවත්වීම හා දරුවන් බිහිකිරීම තහවුරු කරන උපක්‍රමයක්  බව ජීවීන් තුලින් ද දැකිය හැක. දෙමාපියනට බිහිවන දරුවන් ගත් කල, දෙදෙනෙකු එකතු වී තවත් දෙදෙනකු උස් මහත් කර නොහදයි නම්, ජනගහණය අඩු වී නැසෙන්නේ ය. එහෙත් ස්වභාවික පරිසරය තුල ඇති ජීවිතය, මරණය යන සම සම්භාවිතාවයට අනුව දෙදෙනෙක් බිහි කිරීමට නම් හතර දෙනෙකු ඉපදිය යුතු ය. ජීවත්වීමට ඇති සම්පත අඩු වැඩි වීම අනුව, අඩුම තරමින් එකෙකු හෝ වැඩිම තරමින් හතර දෙනෙකු යැපුන ද, විවිධ තත්ත්ව යටතේ මරණය වුව බලාපොරොත්තු විය යුතු ය. එනම් සම්පත් හීන විට අඩු තරමින් එකෙකු හෝ පැවතීම, ඇතිවීම නැතිවීම තුලින් ජනගහණය සමතුලිත වීම ද අත්‍යාවශ්‍ය වේ. නොඑසේ නම් ජනගහණය හීන වීම හෝ දිගටම වැඩි වීම වේ. සත්ව ජනගහණය ගත් විට මිනිසාගේ බලපෑම හල විට, සියලු සත්වයන්ගේ ගණන දිගුකාලීනව එකම අගයක පවතින බව හෙළි වේ.

මානවයා වැනි අණුපිළිවෙලට දරුවන් බිහි කරන සතුන් ද, එකවර දරුවන් බිහිකරන සතුන් ද ගත්ත විට, එක් දරුවකු හෝ ප්‍රථමයෙන් උපදින හෝ ලොකු ගතක් ඇත්තා, සහජයෙන් ම දෙමාපිය රැකවරණය මෙන් ම විශේෂ රැකවරණය ලබන, ජීවත් වීම ස්ථීර වූ දරුවෙකු ලෙස හැසිරේ. එහෙත් ප්‍රමාණයෙන් හෝ උපතින් දෙවන තැන ගන්නා දරුවා, පළමු දරුවාට ලැබෙන සැලකිලි නොලබන බවත්, සම්පත් හීන විට කිසිදු සැලකිල්ලක් නොලබා මැරෙන බව ද ජීවීන්ගේ හැසිරීම ගැන ස්වභාවික තොරතුරු සනාථ කරයි. දෙවැනි දරුවා පළමු දරුවාගෙන් උදුරාගෙන කෑමට උත්සාහ කරන බව ද, බොහෝ විට පළමු දරුවා ගෙන් පහර කන බව ද ස්වභාවික තොරතුරු සනාථ කරයි. බොහෝ විට, තුන්වන දරුවකු සිටී නම්, ඔහුට හිමි වන්නේ, අනෙක් දෙදෙනා කා ඉතිරි වෙන සොච්චමකි. නැත්නම් ජීවත් වන්නේ, අනෙක් දෙදෙනා පොරකන විට, එක පැත්තකට හේත්තු වී තමන්ට ලැබෙන කොටස ගැනීමෙනි. මෙය උදුරා ගැනීමක් නොව  අනෙක් දෙදෙනා කොටවා එක පැත්තකින් වාසි ගැනීමක් ලෙස පෙන්විය හැක. බොහෝ විට තෙවැන්නා  අනෙක් දෙදෙනාගෙන් පහර කෑමෙන් හෝ, සම්පත් හීන විට කුසගින්නේ මිය යන බව පරිසරය තුලින් පෙනේ. බොහෝ සතුන් සිව්වැන්නෙකු බිහි නොකරන තරම් ය. ඒ නිරන්තර මරණය නිසා යයි කිව හැක. කලින් උපන් තිදෙනා ගත් කල, හතරවැන්නාට ජීවත්වීම හා දරුවන් බිහිකිරීම හිමි වන්නේ පළමු තුන්දෙනා කරන දේ හැර වෙන මගක යාමෙනි. ඒ අන් අය යන මගින් ජයක් නොලැබෙන නිසා ය. හතරවැන්නා සොරකමින් යැපේ. නොඑසේ නම් පළමු තුන්දෙනා අතහරින දෑ තුලින් යැපේ. මෙම සිවු වැදෑරුම් හැසිරීම ස්වභාවික පරිසරයේ ඇති අභියෝග හමුවේ පැවැත්ම තහවුරු කිරීමට යෙදුවක් බව, පරිසරයේ ඇති තොරතුරු තුලින් තහවුරු වේ. එසේම, මම කලින් කී දෙයාකාර හැසිරීම හා ස්ථාවර බව මේ සියලු දරුවන් තුල ඇති හැසිරීමෙන් තහවුරු වේ. එනම් පළමු දරුවා ඉපදීම තුල ජීවත්වීම හැර වෙන තේරීමක් නැති නිපැයුමකි. දෙවැන්නා ජීවත්වීම මෙන්ම මරණය ද සමව උරුම කර ගෙන ඉපදේ. තෙවැන්නා ජීවත්වීමට වඩා මරණයට නැඹුරු නිසා ඊට සරිලන මරණය පතන මානසිකයක් ඇති ව උපදී. හතරවන දරුවා ජීවත්වීම යනු මරණය නොවුනත් කලාතුරෙකින් ලැබෙන දෙයක් නිසා, කරන කියන හැම දෙයින් ම මරණය දකින නිපැයුම් රාමුවක උපත ලබයි. මෙය ස්වාභාවය තුල ඇති දත්ත හරහා හඳුනාගත හැකි සිවු වැදෑරුම් ස්වරූපය නිරූපණය කිරීමට ඇරඹුමක් වුව, අද ද මිනිසුන්ට වැදගත් වන උරුමයක් වේ. මේ ගැන පසුව දීර්ඝ විස්තර කිරීමක් කරමි.

ඊ ළඟට .......... දෙවන කොටස

1 comment:

Note: only a member of this blog may post a comment.