Friday 1 November 2013

ඉපදීම හා නැවත ඉපදීම - තුන්වන කොටස

නැවත නැවත ඉපදීම හැදෑරීම තුලින් දුටු මිනිස් ලෝකය


මෙහි දී, මේ ලිපි තුලින් එළි දැක් වූ තොරතුරු වලට බැඳී සැබෑ ලොව සිටින මිනිසුන් යොදා තහවුරු කරගත් දේ තුලින් මා දුටු කරුණු අනුව, මිනිසුන් සමඟ මෙන් ම අන් සතුන් සමඟ ඇති බැඳීම ගත් කල, නෑ හිතවත් කම් තුලින් කියන දේ අපට ඉතා වැදගත් ය. ඔබ වටා ඔබේ දෙමව්පියන්, ඊට පෙර පරම්පරාව මෙන් ම ඔබ දැක නැති නෑයන් සිටී නම්, ඔබ සිතන පතන කරන කියන සියලු දේ වෙනස් නොවේ ද? ඒ මදිවට ගැහැණු පිරිමි භේදය කොතරම් තාවකාලික ද යන්න දත් විට අපට මොනවා හිතේවි ද? සිංහල ස්වාභාවයක් වන සීමිත පරිසර රටාවකට කොටුවීම තුල කෙතරම් තම සුපුරුදු ජීවන රටාව රැකෙනවා ද යන්න පෙනෙන කොට මොනවා හිතේවි ද? නෑයන් ලෙස ඉපදී ඇති සතුරන් දුටු කල ජීවිතය කෙතරම් අවදානම් ද? නෑ මිතුරන් ලෙස විවිධ සතුන් සිටී නම් කරන්නෙ මොනවා ද? ඒ වගේ ම කලාතුරකින් මිනිස්බව ලැබීම හඳුනා ගන්නේ කෙසේ ද? අපට ඉපදීම තීරණය කල හැකි ද? මෙවැනි ප්‍රශ්ණ හා ඊට විසඳුම් කීම මේ තුලින් උත්සාහ කරමු. නැවත නැවත ඉපදීම තුල එකිනෙක ජීවිත අතර ඇති සම්බන්ධය ද, ජීවිත කාල එකතු කල විට යම් රටාවක් ඇති ද යන්න ගැන ද යම් විමසීමක් කරමු. හින්දූන් කී අරහං (අරහත්) වී ජීවිතය නිවීම (නිර්වාණය) හා සිංහලයන් උත්සාහ කල රහත් වී ජීවිතය රැකීම තුල ඇති යථාර්තයන් අවබෝධ කර ගැනීමට ද උත්සාහ කරමු. හින්දු විශ්වාසයක් වන පව් පින් නැවත නැවත ඉපදීම තුල පවතී ද යන්නත්, එසේ ම අපේ ජීවත්වීම තුලින් ඊ ළඟ ජීවිතයට ගෙන යන නොයන දේ ගැනත් විමසමු. ඉපදීම හා නැවත නැවත ඉපදීම තුලින් අප කරන ඉතා වැදගත් මෙහෙය (ජීවත්වීම තුලින් දැනුම එකතු කිරීම හා එහි වැදගත් කම) ගැනත් යම් අදහසක් දෙන්න උත්සාහ කරන්නම්.

මා දුටු කරුණු අනුව මිනිසුන් සමඟ මෙන්ම අන් සතුන් සමඟ ඇති බැඳීම ගත් කල නෑ හිතවත් කම් තුලින් කියන දේ:


යමක් අවබෝධ කරගැනීම හෙවත් වචන වලින් කී දෙයක් ඒ වචන ටික මතක තබා ගැනීමට වඩා ඒ තුල ගැබ් වුන දැනුම බදාගැනීම (සිතේ දරාගැනීම) සිංහලයන්ගෙ උත්සාහය විය යුතුයි. මෙහි දී අව+තා+රය ගැන කී තොරතුරු මතක් කරමි. මා ඉපදීමට බැඳි තොරතුරු දුන්නේ කාගෙවත් පොතපතකින් පිටපත් කිරීමෙන් නොව මා වටා ඇති ලොව තුල ඇති දත්ත තුලිනි. එය ඔබට ද කල හැක. අනුන්ගෙ පොතපතකින් වචන අහුලාගෙන තමන්ගේ රචනා ලෙස ඉදිරිපත් කිරීම මොළේ ඇති අය නොකරති. යමෙක් පොතක ලියයි නම්, එම කතාව මුලින් ම ලියූ කෙනාට ඒ සඳහා පොතක් නැත. ඒ ඔහු තමන් සතු හැකියාවන් තුලින් පරිසරයට බැඳී ගොඩ නගන සැබෑ දැනුම බව සිහිකල යුතු ය. ඔබ එහි ඇත්ත නැත්ත තහවුරු කරගත යුතු වන්නේ එලෙස ම ඔබත් පරිසරයට බැඳී අවබෝධ කර ගැනීමෙන් පමණි. මම ද එය කලෙමි.

පෙර කල සමීපව ආශ්‍රය කල අය මිය ගොස් ගැබ් ගන්නා කාලයට පසු උපන් අය, කලින් මා දැන සිටි අය ම බව ඉතාමත් පැහැදිලි විය. ඔවුන්ගේ සිත වෙනස් වී නැත. එදා දැක්වූ දැඩි බැඳීම දැනුදු වෙනස් නොවී ඇත. ඒ බව අත්දැකීමට අවශ්‍ය සිදුවීම් වූ නිසා සැකයකින් තොරව තහවුරු විය. පෙර කල මෙන් දැනුදු මගේ ඕනෑ එපාකම් දැන සිටීම අපූරු අත්දැකීමකි. අනන්‍යතාවය තහවුරු පසු, ඔවුන් කලින් ජීවිතය තුල කල කී දෑ අනුව, මෙවර උපතට අවශ්‍ය පසුබිම දැමුවේ කලින් ජීවත් ව සිටිය දී ම බව තහවුරු විය. එසේම තමන් කා ළඟ උපදිනවා ද යන්න කලින් උපතේ දී හැසුරුනු රටාව තුල මනාව ගැබ් වී ඇත. ඒ කල, අද මම දන්න දේ ගැන නොදැන සිටීම ගැන පසු තැවෙමි. එය ඒ තරම් පැහැදිලිව වූ දෙයක් නිසා ය. නැවත උපත ලත් අය තම පරණ උපතට බැඳි තොරතුරු නොදත් බව පෙන්වති. එහෙත් ඔවුන්ගේ පෙර ජීවිතය දත් සියල්ලන් ම මා සමඟ එකඟ වීම තුලින් එය මගේ හිතුළුවක් නොවන බව සක් සුදක් සේ පැහැදිලි විය. මම උපතේ පෙර සබඳතාවය හෙලි කල විට, ඔවුන්ගේ ළඟම ඥාතියෙකු පසු ව කීවේ හැසිරීම ඒ වගේම කියලයි.

 එක් නැවත උපතක් මට සොයාගත නොහැකි විය. ඒ, මම, උපන් කෙනා වෙනත් අයෙකු යයි සිතූ නිසා ය. දුරස්ථ බව නිසා ළඟ ඇසුරු කිරීමක් නොවී ය. එහෙත් මෑතක දී හමුවන විට, ඒ කවුරු වගේ දැයි බොහෝ දෙනා දැන සිටියහ. එම තැනැත්තා සතු ව සුවිශේෂ ලක්ෂණ තිබිනි. ඒ තුලින් බැලූ විට මගේ කිසිදු සැකයකින් තොරව තහවුරු විය. එය ඉතා වැදගත් දෙයකි. මිනිසුන් වී උපන් විට අප ණය ගනිමු. ඒත් සමහර විට ගෙවීමට අවස්ථාවක් නොලැබේ. එවන් ඉතිරි වීමක් මගේ සිතේ කැකෑරෙන නිසා, මෙම සොයා ගැනීම ඉතා වැදගත් වේ.

පරණ ජීවිතය තුල ඇති වූ කෝන්තර ඒ කාලයට අදාළ යයි සිතුව ද, අද බැලූ විට, ඒ අනාගත සිදුවීමක් නතර කිරීමට නොවේ දැයි තහවුරු වීම කොතරම් වටිනවා ද? එක් අයෙක් යමෙකුගේ විවාහයට දැඩි විරෝධයක් පෙන්වී ය. එය සමාජගත දේ නිසා යයි එකල මම සිතුව ද, විරෝධය මැද විවාහය වුන නිසා, ප්‍රථිඵල අද ඇත. එයින් උපන් දරුවා මා ද බැන වැදී සොයමින්  සිටි අපේ පෙර කල ඥාතියෙකි. ඔහු කල දේ වල ප්‍රථිඵල පැවතීම නිසා ඔහු ගැන ඔහුගේ හැසිරීම ගැන වයසක අය මට කුඩා කල කී තොරතුරු මත, මට ඔහු ගැන වැදගත් තොරතුරු ලැබින. මා ඔහු, ඇත්තට ම දැන් ඇය, කවුදැයි සොයා ගත්තේ මෑතක දී ය. බැලුව ම මම ප්‍රමාද වැඩි ය. ඇය මගේ ම දියණියක් ලෙස කුඩා කල හැසිරුන බව දකින විට, මේ ලෝකය කොතරම් පටු දැයි සිතේ. ඊටත් වඩා අරුමය නම් ඇයට උපන් දරුවා ද, පෙර කලත් ඔහුගේ ම දරුවා වීමයි. මේ අත්හදා බැලීම් පහසු වූයේ ඔවුන්ටම ආවේණික තියුණු ගති ලක්ෂණ තිබීම නිසාය. දෙමව්පිය දේහ ලක්ෂණ වලට අමතර වූ දෑ පෙර කල ලක්ෂණ මෙන් ම ජීවිත දැනුම (ජ්‍යෝතිෂය) හරහා කී තොරතුරු වලට අණුකූල වීම නැවත නැවත ඉපදීම යනු දිනකින් තවත් දිනකට යාමක් ලෙස දකිමි.

අනුන් ගැන කී මම, මම ගැන ද සෙවූ බව කිව යුතු ය. මා වටා ඇති අය මට දක්වන ලෙන්ගතුකම ගැන පුදුම වෙමි. ඔවුන් මා කවුදැයි මට වඩා දන්න බවක් දකිමි. එසේම මා රකින්නේ ඔවුන්ගේ දිවි පරදුවට තබා ය. කරන සැලකිලි කරදරයක් වන තරමට වැඩිය. මට තනිව ම ගමනක් යාමත් බලෙන් කලයුතු තරම් ය. කෑම බීම දෙන්නේ මට දස මහ යෝධයන්ගේ බඩක් තියෙන ලෙස සිතා ගෙන ය. මම බලන්නට එන්නේ සමාජ සම්මතයට අනුව මා ගොස් බැලිය යුතු අය යි. ඒත් මට ඇත්තේ, යාළු මිත්‍රකමකට වඩා මම රැකගත යුතු උන් ලෙස ය. මගේ වචනයට පිටු පෑම යනු දුක් කරදර ගොනු වීමක් බව අත් දුටුවෙමි.  එනයින්, මට ඔවුන් රැකීම අත්හැරිය නොහැකි දෙයකි. මම සිතන පතන දේ කරන කියන දේ අද සමාජයේ දක්වන දෙයට වඩා ප්‍රතිවිරුද්ධ ය. මම මිනිසුන්ගේ හැසිරීම දැඩි ලෙස පිළිකුල් කරමි. බොරු කීම යනු හිතවත් කම ඉවර කරන්නකි. නෑ බෑ කීම අරහං ය. මම කරන කියන දේ සමාජයේ දක්වන දෙයට වඩා ප්‍රතිවිරුද්ධ ය. ඒ වගේ තොරතුරු නිසා මට දැනෙන්නේ වෙනත් ලෝකයකින් ආ ලෙස යයි කීම, පැහැදිලි කිරීමට කියමි. එහෙත් සමාජය යනු නොකඩවා වෙනස් වන චක්‍රීය ගමණක් ඇති ජීවමාන ලෝකයකි. එහි ගති ලක්ෂණ කාලයත් සමඟ එක අන්තයක සිට අනෙක් අන්තයට යන බව පෙන්විය හැක. මෙයට වසර 30,000 (තිස් දහස) ක කාල පරාසයක් පෙන්වයි. එය කොටස් හතරකට බෙදී ක්‍රමයෙන් වෙනස්වන බව බාහිර දත්ත තුලින් දැකිය හැක. මේ අනුව මම කලින් ඉපදුන කාලය නිර්ණය කල හැක. අරුමයකට ඇත්තේ අද මම කියන බොහෝ දේ එකල සිටි යමෙකු පවසා ඇති බව අහම්බෙන් තහවුරු වීමයි. ඔහු අද වන තුරු ඉතිරි කර ඇති සළකුණු තුලින් එකල මගේ ම ගමේ උපන්නකු බව තහවුරු වේ. ඊට එහා යාම සිංහලයන්ට පවරමි.

දෙමව්පියන්, ඊට පෙර පරම්පරාව මෙන් ම ඔබ දැක නැති නෑයන්:


නැවත ඉපදීම හැදෑරීම තුලින් තමන්ගෙ දෙමව්පියන් නැවත ඉපදුන බව දැන ගැනීම, එමෙන් ම අප දැක නැති ඔවුන්ගේ දෙමව්පියන්, නෑයන් මෙන්ම අප අතරින් වියෝ වුන හිත මිතුරන් ගේ අළුත් ඉපදීම් දැකීම, කෙලෙස ඔබ ජීවත්වන ලෝකය වෙනස් කරයි ද? එදා ඔබ දුටු සම්බන්ධයෙන් මිදී අළුත් සබඳතාවයකින් ඔබට මුණ ගැසේ නම් කෙසේ ඔබ මුහුණ දෙනවා ද? පෙර කල වැඩිහිටියන් වූ දෙමාපියන් නැවත කුඩා දරුවන් ලෙස ඔබ අතරට ඒ නම්, එය ඔබ විස්මයට පත් කරන බව මගේ විශ්වාසයයි. ඊටත් වඩා, කලින් පිරිමියකු ලෙස දුටුවෙකු නැවත ගැහැණියක් වී උපදී නම් අපේ සමාජ සම්මත දෙදරා යන්නේ ය. එහෙත්, එසේ වීම කලින් ජීවිතය තුලින් දකී නම් ඔබ කරන්නේ මොනවා දැයි සිතන විට කෙසේ යථාර්තයට මුහුණ දෙමු ද? ඒ අතරේ කවදාවත් ගැහැණියක වී නූපන් අයෙකු ගැන දනී නම්, ඒ තුලින් ගැහැණු පිරිමි භේදය විග්‍රහ කරන විදිය ගැන ද සිතන්න.

මෙම හඳුනා ගැනීම ඔබ සමඟ ඔවුන් කොතරම් සමීප ද යන්න මත තීරණය වේ. එනම් නැවත නැවත නෑ හිතමිතුරන් ලෙස ගත කල ජීවිත ගණන වැඩි නම් ඉතා පහසු ය. ඊට වඩා වෙනස් ආකාරයක බැඳීමක් ඇති බව ද මම අත්දුටුවෙමි. එය ඔබට අදාළ නොවේ යයි සිතමි. මෙහි දී එක් ජීවිත කාලයක දී පවත්වාගෙන යන සබඳතා අනුව දැනහැඳුනම්කම තීරණය වන බව සිහි කරමි. එනම්, ළඟින් ආශ්‍රය කරන අය හඳුනාගැනීමට හැඳුනුම්පත් හෝ හඳුන්වාදීම් අවශ්‍ය නැති බවයි. අපි ඡායාව දුටු පමණින් හෝ නම හෝ කටහඬ ඇසූ පමණින් හඳුනාගන්න අය කොතරම් ඉන්නවා ද? එලෙස ම, නැවත නැවත උපත් තුලින් සමීප වීමක් පෙන්වයි. විරසක වීම් තුලින් දුරස්වීම ද දැකිය හැක. එය යමෙක් මිය යාමට කලින් අත්දකින පරිසරය තුලින් දැකිය හැකි දෙයකි. එනම්, නැවත නැවත ඉපදීම තුලින් වෙනස් වන දේ තමන්ගේ ජීවත්වන පරිසරය තුලින් දැකිය හැකි බවයි. දෙමව්පියන් සමඟ වැඩි ගණුදෙනුවක් නැති අය දුරස්ථ ජීවීන්ගෙ උපතක් පෙන්වයි. නොගැලපීමක් දකී නම්, ඒ අහඹු බැදීමක් හෝ කාලාන්තරයකට පසු නැවත හමුවක් වන්නේ කෙසේ ඔවුන් ජීවත්වන කාලය තුල හැසිරෙනවා ද යන්න මතයි.

දැඩි බැඳීම් නැත්තකුට, තමන් කිසි කලෙක නොදුටුව කෙනෙකු සමඟ එකට විසීමක් වේ නම්, එය අහඹු දෙයක් හෝ තමන්ගේ අවශ්‍යතාවය තුලින් තව එකෙකු ප්‍රයෝජන ගැනීමක් විය හැක. මෙහි දී, මම ලියන හැම වැකියකට ම, ලිපියකට ම, සියලුම ලිපි වලටම බැඳි වැදගත් යමක් කියමි. ඒ මම ලියන්නේ සුළු කොටසක් බවත්, ලියන නොලියන සියලු දේ අවශ්‍ය පරිදි වෙනස් කිරීම, රැකගැනීම හෝ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය දැනුම ද මා සතු බවත් ය. වැදගත්කම නිසා මුදාහල නොහැකිවීම දුකකි. ඒත් කියන දේ හරියට අවබෝධ කලේ නම්, ඔබට ද එවැනි හැකියාවන් ලබාගත හැක.

ගැහැණු පිරිමි භේදය කොතරම් තාවකාලික ද?


මෙය සමහර විට ඇඟ කිලිපොළා යන දෙයක් විය හැක. වරක් පිරිමියෙකු වූවකු, ඊ ළඟට ගැහැණියක වීම මෙන් ම, තමන් එකම ලිංඟයක නැවත ඉපදීම ද සිදුවන බව මම අත්දුටුවෙමි. එසේ පිරිමියෙකු වූවකු, ඊ ළඟට ගැහැණියක වීම නැවත උපතට පසුව සිදුවීම දෙමාපියන්ට බරපතල ප්‍රශ්ණයක් වී ඇත. එනම් දියණිය සරම ඇඳීමට නොදීම නිසා දැඩි ලෙස උරණ වීමක් කුඩා අවදියේ පෙන්වීමයි. ඒත් අද සාමාන්‍ය හැසිරීමක් රෙද්ද හැඳීමේ දි පෙන්නුව ද, ජීවන රටාව ගත් කල පිරිමි බවක් තිබීම වැදගත් ලක්ෂණයකි. ඊ ළඟ උපතේ දී පිරිමියකු වේ යයි මම සිතමි. මෙම සිදුවීම, ජීවිත කාලය තුල හැසිරෙන ආකාරය තුලින් ද දිස් වේ. කලින් කී දෙයාකාර විදිය සිහි කරමි. ගැහැණු පිරිමි ගති ලක්ෂණ තුලින් අන්ත දෙකේ සිටින්නේ නම් එවැනි මාරුවක් නොවේ. එහෙත් අන්ත දෙක අතර මධ්‍යයයේ සිටින අයට මෙම හුවමාරුව වන බව දුටිමි. මෙහි දී, මම පිරිමි අන්තයේ සිටින්නකු බවත්, ගැහැණු වැඩ කිරීමට වුවොත් මාරාවේශ කෝපයක් ඇතිවීමත් සිහි කරන්නේ, මගේ අතීතය එසේ වූ නිසා ය. මෙහිදී ද ජීවිත කාලය තුල ඔබ හැසිරෙන ආකාරය තුලින් ඔබේ අතීතය මෙන් ම අනාගතය ගැන ද දැකිය හැකි බව කියමි.

ගැහැණු පිරිමි බව තනිවම තීරණය කල නොහැකි බව දුටිමි. ඒ දෙමාපියන්ගේ දායකත්වය ද ඊට බලපාන නිසා ය. තමන්ගෙ නැවත උපත පාලනය  කල හැකි ද යන කාරණය ගැන පහල නැවත ලිව්ව ද, මෙතැන ඉතා වැදගත් යමක් කියමි. නැවත උපතේ දී වුව තාරය (ගත) බිහිකරන්නේ දෙමාපියන් සතු තාරික ගති ලක්ෂණ අනුව නිසාත්, තමන් සුවිශේෂ නොවේ නම්, එම ක්‍රියාවලිය සරල අනුපිටපත් කිරීමේ හා දෙකෙන් එකක් තේරීමේ ස්වාභාවික සිදුවීමක් නිසා, දැඩි අපහසුතාවයන්ට ලක් විය හැක. උදාහරණ ලෙස දැඩි පිරිමි ගති ඇති අතීතයක් හිමියකු, නැවත ඉපදීමේදී පිරිමි බවට මුල් තැන දේ. එහෙත් දෙමාපියන්ගෙ නොගැලපීම තුලින්, ඉපදෙන කෙනාට හිමි විය හැක්කේ ගැහැණු බවක් නම්, උපදින්නා ගැහැණියක වුව පිරිමි බව දරයි. දෙමාපියන්ගෙ නොගැලපීම ඉතා තියුණු නම් ද්විලිංඟික අවයව පවා තැනෙනු ඇත. මෙම සිදුවීමේ අන් අන්තයක් ද ඇති බව වටහා ගන්න. මෙහි දී දෙමව්පියන් ගැලපීමට සිංහලයන් යොදා ගත් දැනුම කොතරම් දරුවාගේ පැවැත්මට හිතකර ද යන්න මතක් කරමි.

මෙම ක්‍රියාවලිය ද යම් අයට පාලනය කල හැකි වුවද ඒ ගැන නොකියමි. ස්වාභාවික ස්ථාවර තාවය රැකීමට සම සමව ගැහැණු පිරිමි උපත් විය යුතු ය. පැවැත්ම රැකීම අත්‍යාවශ්‍ය කාර්යයක් වේ.

සිංහල ස්වාභාවයක් වන සීමිත පරිසර රටාවකට කොටුවීම තුල කෙතරම් තම සුපුරුදු ජීවන රටාව රැකෙනවා ද යන්න හදාරමු.


සිංහලයන් යනු තෝරා බේරාගත් සබඳතා අතර මෙන් ම සීමිත පරිසරයකට සීමා වූ ජන කොටසකි. ඉන් ඈතට ගිය විට ආපහු ඒමට දරණ උත්සාහය ගත් කල, තමන් දුන්නකින් එම සීමිත කොටසකට බැන්දා වැනි ය. නිවස යනු ඉත්තෑවට ගුහාව වැනි ය. මොනවා කෑවත් බත් තරම් නොවටී. මේ තුල ඉතා බරපතල රහසක් ඇත. එනම් නැවත ඉපදුන නිසා ජීවිතය කලින් එකම වන්නේ තමන් උපදින්නේ ද තමන් කලින් තම සම්පත් දුන් අයෙකු ළඟ නිසා ය. එනම් අප සතු ජීවන සම්පත් අපි නැවත ඉපදීමට පසු ද පරිහරණය කරන්නෙමු. ඒවා යමෙක් අහිමි කරයි නම් ඔහුට දෙවියන්ගේ පිහිට ද නැත.

ජීවත් වන කාලය තුල තමන් කෙතරම් ඊ ළඟ ජීවිතය ගැන හිතනවා ද යන්න, මම පෞද්ගලිකව ම අත් දුටුවෙමි. ඒ ගැන මට පුදුමයක් නැත. මා දන්නා බොහෝ අයට මරණය යනු අළුත් ගතක් (තාරයක්) ගැනීම පමණි. නැවත නැවත ඉපදීම තුලින් ඔවුන් ඒ භූමිය අරක් (අයිති කර) ගෙන ඇත. මෙහි ප්‍රබල ඇත්තක් ද ඇත. ඒ ජීවත්වීම යනු ජීවිත කාලය පුරා ම පරිසරය තුලින් යැපීමක් නිසා ය. එනම් නැවත ඉපදිය යුත්තේ තමන්ට ජීවත් වීමට අවශ්‍ය දෑ ඇති තැනක ය. මේ අනුව කොහේ හරි නැවත උපදිනවා කියන මතය ද බිඳ වැටේ. මෙහි දී තමන්ගේ දෙමව්පියන් ජීවත් වන්නේ ඔවුන්ගේ යැපීමට අවශ්‍ය දෑ ලැබෙන පරිසරයක නිසා, තමන්ට ද එම වරය ලැබෙන බව තහවුරු වේ. එහෙත් සබඳතා නැති උපතක දී ආදීනව බොහෝ ඇති බව ප්‍රත්‍යයක්ෂ වේ.

සංක්‍රමණිකයන් ලෙස ජීවත් වන මිනිසුන් කලින් කලට තැනින් තැනට ගිය ද, තම අගයැති දේ පොදි බැඳගෙන යන්නා සේ, ඔවුන්ගේ යැපීමට අවශ්‍ය දෑ ද කලින් කලට තැනින් තැනට ගෙන යන නිසා, ඒ තුලින් තමන් ජන වර්ගයක් ලෙස මුල් ඇදගත් පරිසරය හඳුනා ගැනීමට පිටුවහල් වේ. සිංහලයන් අතරට දෙමළ වෙස් ගෙන ආ මූසලයන්ගේ ජන වර්ගයක් ලෙස මුල් ඇදගත් පරිසරය වනුයේ, පෙර කල මෙසපොටේමියාව ලෙස හැඳින් වූ, අද කාන්තර වූ භූමිය වන බවට තහවුරු කරන එක ප්‍රබල සාධකයක් වන්නේ, ඔවුන්ගේ යැපීමට අවශ්‍ය දෑ ද කලින් කලට තැනින් තැනට ගෙන යාම හරහා, අද ද යොදාගන්නා සුවිශේෂ දෑ ඒ පරිසරයට ආවේණික දෑ වීම ය. මෙම මිනිස් බලපෑම (සංක්‍රමණික බව) දැනුම යෙදීමෙන් වූව ද, අන් ජීවීන්ට එසේ යා හැකි දුර ඉතා සීමිත ය.

දැන්, සිංහලයන්ගේ හැසිරීම ගත් කල ඔවුන් තම රටටම ආවේණික වූ සත්ව විශේෂයක් බවත්, ඉන්දීය හා මූසල සංක්‍රමණය තුලින් ලැබූ දේ හල විට, තම පරිසරය තුලින් ම යැපෙන කොටසක් වීම, ඔවුන්ගෙ මව් බිම එයම බව සනාථ කරයි. දෙමළුන් කියන්නෙ බොරු බවත් එය උන්ගේ වාසියට ගෙතුවක් බවත් තහවුරු වේ. එය දෙමළකමයි. දෙමළකු වී උපදින්නකුට එය උරුම වන සහජ ගතියකි.

නෑයන් ලෙස ඉපදී ඇති සතුරන් දුටු කල ජීවිතය කෙතරම් අවදානම් ද?


මේ කොටස කියවීමට කලින් මේ ටික අවබෝධ කරගත යුතුයි. ඔබ සමඟ එකඟ නොවන හෝ ගැටෙන හැමෝ ම සතුරන් නොවේ. බොහෝ විට මිතුරන් ද ඔබට වෙන අයහපතක් දැක ඔබ බේරා ගැනීමට ගැටෙන විට, සතුරකු ලෙස ඔබ හිතන්නේ, ඔබ යම් හේතුවකට කරන දෙය කල යුතුයි සිතන නිසා ය. සැබෑ සතුරා ඔබේ මිතුරාගේ ප්‍රතිවිරුද්ධ අන්තයේ සිටී. පරම සතුරා ඔබ කරන දෙය දෙස බලා එයින් ඔබට විනාශයක් වේ නම් ඔබට ඉත සිතින් සහය දෙයි. ඔබට ඔහු මිතුරෙකු ලෙස පෙනේ. එසේ ම ඔබ කරන දෙයින් ඔබට යහපතක් වේ නම් දන්න සූත්තර ඔක්කොම දක්වා එයින් ඔබ වලක්වයි. ඔබට පිහිටවිය යුතු තැන මග හරියි. ඔබට හිමි දෑ නැති කරයි. හැම විට ම ඔබ නැසීමට කල හැකි හැම දේ ම කරයි. මුන් හඳුනා ගැනීමට උපායක් ලෙස, නොකරන දෙයක් කරන්නට උත්සාහ කර බැලුවොත් නිතැතින් හෙළි වේ. සිතිවිළි දුෂ්ඨ ය. එනයින් මා කියන දේ තේරුම් ගත යුතුයි.

උපත යනු අහඹු දෙයකට වඩා යම් පෙර සූදානමකින් වෙන දෙයක් බවට කලින් ද ඉඟි කලෙමි. ඔබ මෙන් ම ඔබේ සතුරන් ද බලවත් ය. භේදයට ඔබ ද දැන හෝ නොදැන දායක විය යුතු ය. සතුරා ඔබ නැසීමට ආවාහ විවාහ වුව යොදා ගනී. ඔබේ දුබලකම් ද යොදා ගනී. මෙහි දී විදිය තෝරාගැනීම තමන් කෙතරම් තිරිසන් ද යන කාරණය මත තීරණය වේ. උන්ගේ ද මුල් අභිමතය ජීවත් වීමයි. සිංහලයන්ගේ සහජීවන රටාව තුල ඇති භේදයකින් තොරව උපකාර කිරීම සතුරාට ද ප්‍රබල අවියකි. තව බොහෝ අගයන් ද එවැනි ම අවි වේ. මෙය ඉපදීම තුලින් විනාශ කිරීම තරම් දුර යන බව අත් දුටුවෙමි. දෙමව්පියන්, දරුවන් වූ විට, සතුරා වුව ඔබේ පැවැත්මේ එක ජීව පුරුකක් වේ. ඒ කාලය තුල ඔබේ සම්පත් නැසීම තුලින් ඔබට නැවත උපතට ඇති අවස්ථාව නැති කරයි. දෙමව්පියන්ගෙ සරුබව දරුවන් ලැබීමට ඉතා වැදගත් ය. රැකියා කරන මව්වරුන්ට දරුවන් හිඟ වන්නේ, උපදින දරුවාට මව් සෙනෙහස රැකවරණය නොලැබෙන බව ඉපදීමට පෙර ම දැනගන්න නිසා ය. ඉහත කී සතුරු උපක්‍රම තුලින් බොහෝ පවුල් වඳ වූ බව දුටිමි. මේ ගැන කියන විට, අපට ද එවැන් තත්ත්වයක් උදා වූ බව සහතික විය. එහෙත් සමහර අයට එවැනි සතුරන් පරාජය කල හැකි බව කියමි. එවැන් සතුරු පවුලක් අද වන විට ගින්නේ දැවී පිලිස්සී යන ආකාරයක් දුටිමි. ඔවුන් ගේ නිවසට නිතර හෙණ වදී. බොහෝ දෙන සියදිවි නසා ගෙන ය. සමහර උපත් අංඟ විකල ය. අද ඒ නිවස හිස් ය. සියල්ලන් ගම හැර ගොස් ය. ඔවුන්ගේ හැසිරීම් රටාව තුල දෙමළ සම්භවයක් තිබෙන බව තහවුරු විය. තම බලය අනුව, යුද පිටියේ මෙන් ම උපත තුලින් කරන සතුරුකම් පැරදිය හැක.

බොහෝ විට නෑ සබඳකම් ඇති සතුරන් ඉපදීම වැලැක්විය නොහැකි තරම් ය. එවිට ඇණ කොටා ගැනීම් මෙන් ම මරා ගැනීම් ද සිදු වේ. නයි වෛරය යයි හඳුන්වන අරගල තුල නොනවතින බවක් මෙන් ම සියල්ල නැසී කෙළවර වීමක් හෝ ඔක්කොම අබල දුබල වීමක් දුටුවෙමි. මෙහි දී, පවුලේ දරුවන් අතර මෙවැනිම තත්ත්වයක් ඇති වුව ද, එය සතුරු කමට වඩා ප්‍රබල තිරිසන් උරුමයක් ක්‍රියාත්මක වීම තුලින් වේ. ස්වාභාවික ලෝකයේ, මා සඳහන් කල දෙයාකාර ස්වභාවය තුල ස්ථාවර වීමට (එම ලිපිය කියවන්න), දරුවන් දෙදෙනෙකු ගේ පැවැත්ම තුලින් දෙමව්පියන් නියෝජනය වුව ද, දරුවන් සිව් දෙනෙකු බිහි විය යුතු ය. සම්පත් බහුල විට හතර දෙනාම යැපුන ද, සීමිත වූ විට, ඉන් දෙදෙනෙකු මරණයට පත් විය යුතුය. මෙම දෙදෙනෙකු ඉවත් කිරීම ස්වභාවය තුල වන ආකාරය කුරිරු ය. සමහර විට දෙමව්පියන් කෑම නොදී මරති. ලොකු දරුවන් පොඩි උන්ට නොදී මැරෙන්න හරිති. නැත්නම් පහර දී නසති. මිනිසුන් අතර ද මේ මරාගැනීම වන අතර, දැනුම භාවිතා වන නිසා මැරෙන දෙදෙනා කවුද කියා කිව නොහැකි තරම් ය. අද මරාගැණීම කලාතුරකින් වේ. බොහෝ විට මන්දපෝෂණය, ලෙඩ දුක් නැසීම කරයි. මෙය මනාව දරාගත යුතු කාරණයකි.

ඊළඟට කීමට සිටිය ද මෙතැන ද ඒ ගැන කිව යුතු යයි සිතමි. ඒ සතුන් මිනිසුන් වූ විට කෙසේ හැසිරේ ද යන්න ය. අද, සිංහල සමාජය තුල, ඇසුර නිසා මිනිස්බව දායාද කරගත් සතුන් මිනිසුන් වී ඉපදේ. එහෙත් තම වර්ගයාට හිමි අංඟ ද රැඟෙන එන බව දුටිමි. මිනිසුන් සමඟ බොහෝ කලක් ඇසුරෙන් මෙන්ම ක්‍රියාවෙන් මිත්‍ර වූ සුනඛයන් ද මිනිසුන් වී ඉපදේ. එසේ වුව ද, උන්ටම ආවේණික ගති ලක්ෂණ ඇත. ඉන් එකක් වන එකිනෙකාට හිමි තැන සුරැකීම මිනිසුන් වූ විට ද අත් නොහරින බව තහවුරු වේ. එනම් එවන් දරුවකු තමන්ට බාල අය තමන්ට වඩා ඉහලට යාම රුස්සන්නේ නැති කමයි. මෙය බලු පොරකෑම වැනි අරගලයක් වේ. සමහර විට නොගැලපෙන හැසිරීම වුව යොදා ගනී. ඔවුන්ගේ ගතිලක්ෂණ තුල මිනිස් ගුණාංඟ වල අණුපාතය තමන් කී වරක් මිනිස් බව ලැබුවා ද යන්න මත රැඳෙන බව පෙනේ. මෙය සතුරුකමකට වඩා සහජ උරුමය ක්‍රියාත්මක වීමකි.


ඉතිරිය ඊ ළඟ කොටසේ ය...........

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.