Saturday 5 October 2013

බෞද්ධයන් (බුද්ධිමතුන්) ලෙස අද පෙනී සිටමින්, හින්දූන් බිහිකල මතයක් වන නිර්වාන් (නිර්වාණය) සොයා යන අයගෙන් ප්‍රශ්ණ වැලකට පිළිතුරු ඉල්ලීමක්

මෙතෙක් මා ලියපු ලිපි තුලින් බෞද්ධයන්, හින්දූන්, ක්‍රිස්තියානීන්, මූසලයන් අදහන දේ දැඩි ලෙස හෙළා දුටු බව රහසක් නොවේ. එය, මටත් වඩා, ඇත්ත සොයන මට, නොපෙනන අය මා ඉදිරියේ දිග හැරි සිදුවීම් වලට මා දැක් වූ ප්‍රතිචාරයයි. මීට මාස කිහිපයකට පෙර ආ ගමනේ ද, අතීතයේ සිටියා යයි කියන දෙවියන් සැබැවින් ම ඇඳි රෙදි ගැනත්, මනුෂ්‍යකම පිළිකුල් කරන මනුෂ්‍යයන් ම කොටසක් වූ බෞද්ධයන් බවට පත්වූ ජීවීන් කවු ද යන්නත්, දැන ගැනීම මගේ උත්සාහයේ කොටසක් විය. නොපෙනෙන අය පෙනෙන දේ තුලින් මනා ව අංඟ සම්පූර්ණ පිළිතුරු සොයා ගැනීමට උදව් වුනා. ඒත්, මට බෞද්ධයන්ගෙන් ම දැනගත යුතු ප්‍රශ්ණ කිහිපයක් මෙසේ ලියමි. ඔබ හෝ දන්න කෙනෙක් ලවා, පිළිතුරු ප්‍රතිචාරයක් ලෙස හෝ ඊමේලයක් ලෙස miniskama@gmail.com වෙත එවා දන්වන්න.

ප්‍රශ්ණ 1:

ඕපපාතික වීම යන්න සරල සිංහල වචන යොදා උදාහරණ දී පහදන්න? දෙමාපියන් නැතුව ඕපපාතික වේ ද? මිනිසුන් ඕපපාතික නොවන්නේ ඇයි? මැවීම කියන්නේ ඕපපාතික වීම ද? නොවේ නම් පහදන්න. ඔබ කියන දෙවියන් මැවුනා ද? ඕපපාතික වුනා ද?

ප්‍රශ්ණ 2:

සිත යනු මොකක් ද? එය හැදෙන්නෙ කෙසේ ද? එය සිතිවිලි ඇති කරන්නේ කෙසේ ද? පවතින්නේ කෙසේ ද? නැසෙන්නේ කෙසේ ද?

ප්‍රශ්ණ 3:

කර්මය කියන්නේ මොකක් ද? එය පවතින්නේ කෙසේ ද? සංසාර ගමනේ දී උපතින් උපතට යන්නේ කෙසේ ද? කර්මය ඵල දෙනවා කියන්නේ මොකක් ද? එසේ ඵල දේ නම් කෙසේ ක්‍රියාත්මක වේ ද? ඉබේ වෙනවා ද? බාහිර බලපෑමක් ද? එකම ක්‍රියාවට දෙවිදියකට කර්මය ඵල දෙනවා ද?

ප්‍රශ්ණ 4:

ජීවිතය නිවිය හැකි ද? ඊට කලින් එහි කොටසක් නිවන හැටි කියන්න? අත නිවිය හැකි ද? ගල් කැබැල්ලක් වැනි දෙයක් නිවිය හැකි ද? සිත නිවෙනවා ද?

ප්‍රශ්ණ 5:

මිනිසකු වීම දුකක් යයි කීම පරම සත්‍යයයක් ද? එසේ නම් සතෙකු වීම ඊට වඩා අඩු හෝ වැඩි දුකක් ද? සතුන්ට නිවනට යන්න බැරි ඇයි?

ප්‍රශ්ණ 6:

දැනුම කියන්නේ මොකක් ද? දැනුම පහල වෙනවා ද? පහල වේ නම් ඒ කෙසේ වෙනවා ද? සතුන්ටත් දැනුම පහල වෙනවා ද? දැනුමත් ඕපපාතික වීමක් ද?

ප්‍රශ්ණ 7:

හිඟමන් (පිණ්ඩපාතය) යැද යැපීම උතුම් දෙයක් ද? හිඟමනින් යැපෙන්නන්ට හිඟමන් දීමට තව කොටසක් අවශ්‍ය නැද්ද? හිඟමනින් යැපෙන්නන්, බව භෝග වගා කරන ගොවියන්ට බර වැඩි නොකරයි ද? ගොවියන් අත පය සවියෙන් කරන දෙයින් යැපෙන හිඟනුන්ට, අත් පා ලැබුනේ මොකට ද? නිරෝගී බවට ගත භාවිතා කල යුතු නැද්ද? හිඟමන් යදින්නකු තම ජාතියට උරුම කරන්නේ මොනවා ද? හිඟමන් යැද යමක් නොලැබේ නම් මොකක් කල යුතු ද?

ඔබ මාර්ග ඵල ලැබූවකු දන්නේ නම්, ඔහුගෙන් මට ඇසීමට තව ප්‍රශ්ණ ඇති බව කියමි. අතුරු ප්‍රශ්ණයක් ලෙස මෙය අසමි.

අතුරු ප්‍රශ්ණ 1:

ඔබ බැහැර කරන හිරු (හූරා) යන දෙවියන් ගැන ආනන්ද මෛත්‍රීය භික්ෂුව විශ්වාස කලේ ද? ඔහු විශ්වාස කලා නම් මිථ්‍යාදෘෂ්ඨිකයෙක් ද? (ඔහු බොහෝ දේ ලියා ඇත.)

අතුරු ප්‍රශ්ණ 2:
 

මා ඔබේ වර්ගයේ බෞද්ධයකු නොවන නිසා, ඔබ මා ක්‍රිස්තියානීකාරයෙක් ලෙස සලකන්නේ නම් මෙය අසමි. ඔවුන් දේව පූජාවක් ලෙස ජේසුස් ගේ මස් කියා පාන් පෙත්තක් කා, ජේසුස් ගේ ලේ කියා වයින් බොන බව දන්නවා ද? එය අමනුෂ්‍ය ක්‍රියාවක් ලෙස මම කියන්නේ නම් ඔබ පිලි ගනී ද? මනුෂ්‍යකම පිළිකුල් කිරීම තුලින් පෙන්වන්නේ මනුෂ්‍ය ගතියක් ද?

අතුරු ප්‍රශ්ණ 3:

ඔබ මා මූසල ආගමට සම කරන්නෙක් ද? එසේ නම්, දරුවන් කුසගින්නේ අඬන කොට කිසි පිහිටක් නොලබන මූසල ගැහැණියක්, තම දරුවන් රැකීමට ගණිකාවක් වේ නම්, ඇය ගල් ගසා මැරීම අමනුෂ්‍ය ක්‍රියාවක් ලෙස මම කියන්නේ නම් ඔබ පිලි ගනී ද? කල යුත්තේ ගැහැණුන් එවැනි දුක්ඛිත තත්ත්වයට වැටීමෙන් වැලකීම නේ ද? අද ඔබේ ආගම අදහන බොහෝ කතුන් මූසලයන්ගේ කුස්සි වැඩට යෙදෙන බව දන්නවා ද?
 
අතුරු ප්‍රශ්ණ 4:

ඉන්දියාවේ පෙර කල සිටි අයෙකු වන මහා වීර් කියන්නේ කවුද? මහා වීර් සිටි යුගයේ ජීවත් වුනා යයි කියන ඔබේ ආගමේ නායකයා කියන්නේ, සිදට් ගෝතම් බුද් නමැති හින්දි කෙනාට ද? ඔවුන් දෙදෙනා ම බුද් ලා යයි කියා ගත් බව කියවේ. ඔබ එය පිළි ගන්නවා ද? සිදට් ගෝතම් බුද් නමැති හින්දි කෙනාගේ මව මායා බවත්, පියා ශුද්‍ර බවත් කීම වැරදි ද? එසේ නම් හරි හින්දි නම් කියන්න. ඔහු බ්‍රාහ්මණ කුලේ නම් තම කුලයට නිග්‍රහ කරන්නේ ඒක ශ්‍රේෂ්ඨ නොවන නිසා ද? ඔහු රාජ කුමාරයෙක් නොවේ යන මතය බොරු ද?
 
පසුවදන:

මෙම ලිපිය ද මම නොකඩවා කරන ඇත්ත සෙවීමේ කාරියේ කොටසක් බව කියමි. ඔබ යමක් දන්නේ නම්, එය මට මග පෙන්වීමක් ලෙස සලකමි.

5 comments:

  1. මේ ප්‍රශ්ණ වැලට පිළිතුරු ලබා ගැනීම මගේ උත්සාහය වුනත් සාර්ථක නොවූ නිසා, මම ම උත්තර සොයා ගන්න උත්සාහ කරනවා. දැනට ආගමික නියෝජිතයන් අන්තර්ජාලයට දමා ඇති කරුණු මත පිළිතුරු ගතහැකි වුවත් පසු කලක මේ ගැන පිළිතුරු සමඟ නැවත ලියමි. සිංහලයන්ට මෙන්ම බෞද්ධයන් ලෙස අද පෙනී සිටින අයට ද එය වැදගත් වේවි.

    ReplyDelete
  2. සිංහලයන් ගැන කීමට ගොස් මම බැනුම් අසන බව කිව යුතු ය. එසේ බනින්නේ තමන් සිංහලයන් යයි සිතන අයම ය. වෙනසකට තියෙන්නෙ, ඔවුන් කියන දේ හෝ විශ්වාස කරන දේ සිංහලයන්ගේ දෙයක් නොව හින්දු හා දෙමළ උපතක් ඇති දෑ වීමය. ඔවුන් සිංහල රටට ආ සංක්‍රමණිකයන්ගෙන් පැවතෙන අය බව මගේ හැඟීමයි. මෑතක ලැබූ ප්‍රතිචාරයක් මෙසේ ලියමි.

    "බුදු දහම (දර්ශණය) මම මම කියෙව්වා. මම උගතෙක් නම් නොවේ. මට හිතෙන විදියට ඕවා ලියන කෙනා කැපී පෙනෙන්න දඟලන හිස් අයෙක් කියා. කොහේ ඉපදුනත්, කොයි ජාතියකට අයිති වුනත්, අවිහිංසාව යහපත් විදියට අපි ගන්න ඕන.කොටින් ම කිව්වොත් එයාගෙ ප්‍රශ්ණ වලට උත්තර නොදී හොඳ නරක තේරුම් අරගෙන හොඳින් ජීවත් වුනා නම් ඉවරයි. මොන තරම් දැවෙන ප්‍රශ්ණ තියෙනවා ද?"

    දන් නැති දේවල් ගැන කරන රඟපෑමක් වගේ පෙනෙනවා. මිනිසුන් නැසීම හොඳ දෙයක් වෙලා වගෙයි

    ReplyDelete
  3. මෙම ප්‍රතිචාරය මා සමඟ කලක සිට තමන් අදහනවා යයි කියන ආගම රැකීමට යුද වැදුන සයිබරයේ ගැවසෙන "සිතිවිලි" නමින් ආරූඪ වූවෙක් ගෙන් ය.

    "ඕපපාතික වීම,

    මේ ගැන කතා කිරීමේදී ඔබ ජීවින් බිහි වීමේ ස්වාභාවික පාරිසරික දත්ත මැනැවින් දන්නා නිසා ඕපපාතිකත්වය බැහැර කරන බව දක්වනවා. ඔබගේ මේ දැක්ම භෞතික වාදීන්ගේ, හේතුවාදීන්ගේ දැක්මට සම්පූර්ණයෙන්ම එකඟයි.

    බුදු දහමේ ඕපපාතික යනුවෙන් දැක්වෙන්නේ කිසියම් වූ අදෘශ්‍යමාන බලවේගයක් ( මැවුම්කාර දෙවියෙකු වැනි ) හේතුවෙන් මා පිය සම්භෝගයක් නැතිව ජීවියෙකු භිහි වන බවක් නොවෙයි.
    එහෙත් බුදු දහමේ නොයෙකුත් සත්ත්ව වර්ග වලට අදාල භිහිවීමේ ක්‍රම දක්වා තිබෙනවා.
    ඒවා
    ජලාබුජ - අප වැනි ක්ෂීරපායී සත්ත්වයින්, ඇතැන් මත්ස්‍ය විසේශ ආදිය
    අණ්ඩජ - පක්ශීන්, උරගයින්, ඇතැම් මත්ස්‍යවිශේශ ආදිය
    කණ්ඩන - ඇතැම් පනු විශේශ, හෝ ඉතා කුඩා ඇමීබා වැනි සතුන්
    ඕපපාතික - දිව්‍ය, බ්‍රහ්ම, ප්‍රේත, ආදී වූ සියුම් ශරීර ඇති සත්ත්ව කොට්ටාශ.

    මේ අතරින් ඕපපාතික සත්ත්ව කොට්ටාශය අප ඉඳුරන්ට ගෝචර නොවන දෑවේ. එහෙත් පුහුදුන් අපට එය නොවැටහුනද එය ඉඳුරන් තීව්‍රකර ගැනීමෙන් දැනගන්නා ක්‍රමයද දහමෙහි උගන්වයි.
    මෙය තමන්ට ගෝචර නොවන බැවින් යමෙකු එය පිළිගැනීමට මැලි වනවානම් එසේ සැබැවින්ම ගෝචරනොවන එහෙත් පිළිගන්නා දෑ ලොව කොතෙකුත් වෙයි.

    අනෙක තර්කය මත පමණක් පදනම්ව බැලිවද, ඔබ නොදන්නා හෝ ඔබට නොදැනෙන යමක් ලොව පැවතීමෙහි ඉඩ සැබැවින්ම බැහැර කල හැකිදැයි ප්‍රශ්නයක් පැන නගියි. මට නොදැනෙන කිසිවක් ලොව නැතැයි යන මුලාවට පත් වීමට මානම් අකැමැතිය.

    ඔබගේ එකිනෙක පැන සරළව ගත් විට,

    2/ සිත යනු කුමක්ද?
    3/කර්මය යනු කුමක්ද?
    4/නිවන ඇතිද? නිවන් ලැබුය හැක්කේ සත්ත්වයෙකුට පමනද, භෞතික දේ නිවනට පත් නොවේද?
    5/ මිනිසත් බව දුකක්ද? සතුනට නිවන් දැකිය නොහැකිද?
    6/ දැනුම යනු කුමක්ද? සතුනටත් දැනුම ඇතිද?
    7/ පිණ්ඩ පාතය ආර්ථික විද්‍යාවට අනුව යහපත් දෙයක්ද?
    8/හිරු ගැන ආනන්ද මෛත්‍රීය හිමියන් විශ්වාස කලාද?
    මා නොදනිමි, දැන ගැනීමේ උවමනාවක්ද නැත.
    හිරු ගැන පිළිගැනීම නිසා ආනන්ද මෛත්‍රී හිමියන් මිත්‍යා දෘශ්ටිකයෙකුද?
    හිරු ගැනත් ආනන්ද මෛත්‍රී හිමියන් සිතූ දේත් නොදන්නා නිසා උපකල්පන මත පිළිතුරු දිය නොහැක

    ක්‍රිස්තියානින් සැබැවින්ම ජේසුස් ගේ ලේ බීවද මට ඉන් පලක් නැත. මන්ද මා උන්ගෙන් එකෙකු නොවනා නිසා. එහෙත් උන් ලොව මැවූ දෙවියෙඋ ඇතැයි අදහන බව නම් මා දනිමි. එය මුලාවක් බවත් දනිමි.

    මුස්ලිම් ආගම එහි මූල ධර්ම හා සියළු ඇවතුම් පැවතුම් ප්‍රාථමික ගොත්‍රික ඇදහීම් අයුරු බැව මට වැටහී ඇති නිසා ඒ ගැන වැඩිදුරටත් නොවෙහෙසෙමි. ඔබත් මාත් ඒ ගැන කරනා කථාව කාලය කා දැමීමකි.

    මෙහි 2 සිට 7 දක්වා වූ සියළු පැන වලට ඔබට බොහෝම පහසුවෙන් බුදු දහම තුලින් පිළිතුරු සොයා ගත හැක. ඔබ ඒ ගැන අංශුමාත්‍ර වශයෙන් හෝ නොදැන මෙසේ බැන අඬ ගසමින් හැසිරීම ඔබ කියනා මිනිස් කමදැයි මා වික්ශිප්ත වෙමි.
    මා මේ දේ ගැන ඔබට දිගු හෝ කෙටි පිළිතුරු ලබා නොදෙමි. ඒ ඔබ විසින්ම දහම හැදෑරීමෙන් අවබෝධ කල යුතු කරුනුය.

    සොයා ගැනීමෙහි පහසුව පිණිස මෙසේ කියන්නම්.
    සිත ගැන ඔබට සෙවීමට අවශ්‍යනම් පටිච්ච සමුප්පාදය හොඳින් හදාරන්න. එවිට බුදු දහම කියන සිත යනු කුමක්දැයි ඔබට වැටහේවි.

    එය කියවා වටහා ගැනීමෙන් පසු ඔබට ඉතිරි දේ සඳහා අවශ්‍යනම් මග පෙන්වීමක් කල හැක.

    මීට වැඩි පිළිතුරක් මේ ගැන මාගෙන් බලා පොරොත්තු නොවන්න."

    මගේ පිළිතුර: මේව ද උත්තර? ඉස්සර වෙලා හරියට ඉගෙන ගන්න. තමන් අදහන්නෙ මොකක්දැයි නොදැන අනුන්ගෙ රෙද්ද උස්සල බලන්න හදනවා. මම මගේ බ්ලොගේ ඕවට නියම උත්තර දෙනවා. මමත් ඔය දේවල් ගැන විශ්වාස කලා. ඊටත් එහා ගිය නිසයි වෙනස් වුනේ. කට තිබුන පලියට දන්න බව පෙන්වීම යනු ලොවටම හෙළුව පෙන්වීමයි. මීට වඩා යමක් තියෙන දේට මේ වගේ උත්තර දීම ආගමට කරන නින්දාවක්.

    කණගාටුයි. ආයෙ කතා කිරීමත් නොවටින දෙයක්.

    මෙන්න ඕපපාතික වීම ගැන ඔබට තොරතුරු ටිකක්:

    "ඕපපාතික – මව්පියන්ගේ සම්බන්ධයක් නොමැතිව ඉබේම පහළවන සත්වයෝ

    ඕපපාතික නොහොත් ඉබේ පහළ වන්නේ දෙවියන් ප්‍රේතයන් වැනි අයයි. දිව්‍ය ශරීර ඉතා සියුම්ය. අ: නි: තික නිපාතය ඒ පිළිබඳ කරුණු අනාවරණය වේ. දිනක් දෙවියන් බුදුන් ඉදිරියේ හිට ගැනීමට හදද්දී වැලිගොඩක හෙලූ හීයක් මෙන් යටගිය ආකාරයත් සඳහන්වේ. ඒ තරමටම ඔවුන්ගේ ශරීර සියුම්ය. ස: නි: මාර සංයුක්තය මාර වර්ගයේ ගෝධික සූත්‍රය තුළින් සියුම් ශරීර ගැන දේශනා කර ඇත." (http://www.lakehouse.lk/budusarana/2012/07/26/tmp.asp?ID=vision03)

    ReplyDelete
  4. මේ පහත දාන්නේ තමන් සිංහලයෙක් යයි කියන දෙමළ උරුමයක් ඇති, සයිබරයේ ජෝෂප් නමින් බුද්ධාගම සිංහල උරුමයක් යයි කියන, විරුද්ධ වූවා ම බැන වදින සැබෑ දෙමළෙකු ලියුවකි. වචන යෙදීම තුල දෙමළකම උතුරනවා.

    "මේ අංකල් සිංහලය ලෝකයේ ඉහලටම ඔසවන්න උපන් පුතයෙක් බව මේ යකාගේ වේලපත්කඩේ බැලූ ගිරිගොරිස් උන්නැහෙත් කියලා තිබුණා ලු. සුවර් නැත්තං ඕන් ඉර මුදුන් වෙන පළාතේ පදිංචි ඕනෙම ගස් ගොබිලෙක්ගෙන් අහල බලන්න. මෙයා එසේ මෙසේ පොරක් නෙමෙයි. ජපානේ විකිරණ කාන්දුව නවත්තන්න ජපන්-ඇමරිකන්-එංගලන්ත-ජර්මන් සුද්දන්ටත් බැරුව මෙයාගෙන් තමයි උපදෙස් ගත්තේ. අර මෙක්සිකන් බොක්කේ තෙල් කාන්දුව නැවත්තුවෙත් මෙයා තමයි. ඕන් කිවුවා. අනේ ඉතිං මුන්දැ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න අපි මොන ඔලු බක්කොද..." -

    දෙමළුන්ට උත්තර දීම නොකරමි.

    ReplyDelete
  5. ඕන කෙනෙකුට තම මතය අවංකව ඉදිරිත් කිරීමට මම විවෟතයි.

    ReplyDelete

Note: only a member of this blog may post a comment.