Friday, 18 October 2013

ඉපදීම හා නැවත ඉපදීම - පළමු කොටස

ඉපදීම

නැවත ඉපදීම හෝ නැවත නැවත මැරි මැරි ඉපදීමක් වීම ගැන කතා කිරීමට පෙර "ඉපදීම" මනාව හඳුනාගත යුතුය. මෙහි දී මිනිසුන්ගේ ඉපදීම ගත් කල, බොරුවක් මුසාවක් නැතිව තහවුරු කිරීම පහසු නිසා, ඒ ගැන කතා කිරීම මුල් තැනට දමා බලමු. අපි උපදින්නේ දෙමව්පියන්ගේ දායකත්වයෙනි. මවගේ ඩිම්බයත් (බිත්තරයත්) පියාගෙ ශුක්‍ර ධාතුවකුත් එකතු වීමෙන් දරුවකු බිහිවීම ඇරඹේ. දෙකට බෙදීම තුලින් ඉදිවන ශරීරය, මාස දහයකට ආසන්න කාලයක් ගිය විට, තමන්ට හැකි පමණින් අංඟසම්පූර්ණ වූ මිනිසකු වේ. මෙහි දී, උපදින දරුවා දෙමව්පියන්ගේ එකතුවක් ලෙස මුළුමණින් හඳුනාගත හැකි නම් බිහිවන හැටි කීම ඉතා සරල ය. එසේම, අපි ඔක්කොම කාලයත් සමඟ සර්වසම වන නිසා, මම අපි කීමක් ද අනවශ්‍ය ය. ඊට, අප කරන සැම දේ ම, ඔක්කොම එකම විදියට කරනවා නම් කිසිදු සැකයකින් තොරව අප බිහිවන්නේ පිටපත් ලෙස යයි තහවුරු වේ. අවාසනාවට එසේ නොවීම නිසා බොහෝ දෙන බොහෝ අරුත් දීම් කර ඇත. මේ නිසා ඇත්ත මොකක්දැයි සිතා ගත නොහැකි වී ඇත. ඒ ගැන ද විමසා බලමු.

අද ආදි සිංහලයන් කී දෑ මේ යයි කිසිවක් අප අතර නැත යන මතය දරණ අය බොහෝ වුව, ඒ මත ගොඩ නැඟුණු හින්දු මතය තවම භාවිතා වේ. හිරු යන වදන මත ගොඩ නැඟුණු මහා බ්‍රහ්ම, කිරි මුහුද කළඹා මිනිසුන් බිහිකල සුරංඟනා කතාවක් ඇත. ඒ මත ගොඩ නැගුණු විශ්ව ශක්තියක් හා ඒ තුලින් බිහිවෙන ජීවීන් ගැන කියන හින්දු මතයක් ද පවතී. සිංහලයන් යයි කියන බහුතරයක් බුද්ධාගම ලෙස වෙස් මුහුණු පැළඳූ හින්දු ආගමික මතය දරණ අදහස ගැඹුරෙන් හැදෑරීය යුතු වන්නේ, එවැනි සිංහලයන් සිටී නම් මුලාවෙන් මිදීමට ය.

බුද්ධාගම ලෙස වෙස් මුහුණු පැළඳූ හින්දු ආගමික මතයට අනුව, කර්ම ශක්තිය (ධර්මතාවය) දායක වී ජීවිත බිහිකරන බව කියයි. ඊට අමතරව, ඕපපාතික වීම හෝ ඉබේ පහලවීම තුලින් සමහර ජීවීන් පහල වන බවත්, සියලු ජීවීන් ගත් කල, ලොව ජීවත් වන සියලු සත්ව කොටස් මෙවැනි ක්‍රම හතරෙන් එකකට අයත් වන බව කියවේ. ඒ ක්‍රම හතර, අණ්ඩජ – බිත්තර වලින් හටගනු ලබන සත්වයෝ, කුසෙන් බිත්තරය එළියට ඒම හා බිත්තරෙන් සත්වයා එළියට ඒම, ජලාබුජ - තෙත් ද්‍රව්‍යයෙන් උපදින සත්වයෝ, ඔවුන් ගහකොළ, පස්, කසල, වැනි තැන්වල හටගන්නා සත්වයින්, සංසේදජ – මව් කුසින් උපදින සත්වයෝ, හා ඕපපාතික – මව්පියන්ගේ සම්බන්ධයක් නොමැතිව ඉබේම පහළවන සත්වයෝ, ඕපපාතික නොහොත් ඉබේ පහළ වන්නේ දෙවියන් ප්‍රේතයන් වැනි අය ලෙස සංඝයන් විසින් ලියා ඇති වදන් තුලින් දක්වමි. (මම සංඝයෙක්, සංඝයන් කියන වහර යොදන්නෙ දෙමළෙන් එසේ යොදන නිසා ය. සිංහලෙන් කෑලි එකතු කිරීම සිංහලයන් මුලා කිරීමක් ලෙස දකිමි. Bishop ට බිෂොප් කියනවා විනා බිෂොප් වහන්සේ හෝ තුමා කීමද එවැනි මුලාවකි.)

මෙහි දී, බුද්ධාගම ලෙස වෙස් මුහුණු පැළඳූ හින්දු ආගමික මතයට අනුව මිනිසා ඇතුළු සියලු සත්ව කොටස් වල හට ගැනීමේ ක්‍රම එක සමාන නොවන බවත්,
තසා - තැති ගන්නා සුලු කෙලෙස් සහිත සත්වයෝ
ථාවරා - රහතන් වහන්සේලා
දීඝා - දිග් ශරීර ඇත්තෝ
මහන්තා - මහත් වූ ශරීර ඇති අය
මජ්ඣිමා - මධ්‍යම තරමේ සත්වයෝ
රස්ස - මිටි ශරීර ඇති සත්වයෝ
අණුක – ඉතා කුඩා ශරීර ඇති අය
ථූලා - තරබාරු ශරීර ඇති අය
දිට්ඨා - ඇසට පෙනෙන සත්වයෝ
අදිට්ඨා - ඇසට නොපෙනෙන සත්වයෝ
දූරෙ වසන්ති – දුර වසන සත්වයෝ
විදූරෙ වසන්ති - ළඟ වසන සත්වයෝ
භූතා - උපන්නා වූ සත්වයෝ
සම්භවේසී – ඉදීමට සිටින්නා වූ සත්වයෝ

මේ අනුව ඔවුන් හට ගන්නා ක්‍රම විවිධ බවත් තව විදියකට දක්වා ඇත. කෙසේ බැලුවත්, මේ කතාවේ ඇති වැදගත්කම, එහි ඇති ව්‍යාකූල බව මිස, පරිසරය තුල වන සැබෑ දේ ගැන කීමක් නොවන බව වේ. යමෙක් මෙතුලින් ඉපදීම දකිනවා ද, නැත්නම් දකින දේ මත ඉපදීම විග්‍රහ කිරීමක් ද යන්න බැලිය යුතු ය.

මෙහිදී මිනිසා සංසේදජ, අණ්ඩජ, ජලාබුජ කියන ඕනම උපත වන ආකාරයකට දැමිය නොහැකි දැයි ඇසීම වැදගත් වේ. නැවත ඉපදීමක් ගැන කියන නිසා, කර්මය හෝ කර්ම ශක්තිය තුලින්  සංඝයන් කියන කතාවලට මුල් තැන දිය යුතු ය. සංඝයෙක් "කර්මය හා පුනර්භවය" ගැන කියන විට, "කර්මය සැමට පොදු වූවකි. දෙව් - බඹු - නර යන පිරිසට ද එය එකලෙස බලපායි. අප කළ කර්මය, සක්වළ කොතනකට අප ගිය ද සෙවණැල්ල මෙන් පසු පස ගමන් ගනී. සැටලයිට් දුරකථනයකටත් වඩා සක්‍රීය ලෙස සම්බන්ධතාවයක් ඇති කර්ම ශක්තීන් සමඟ අපගේ උපාදානස්කන්ධ සන්තතිය සසරේ බොහෝ දුර සිට සබැඳිව පවතී." ලෙස දක්වා ඇත. මේ තොරතුරු මතකයේ තබා ගැනීමට ලීවෙමි.

"කර්මයෙන් සත්ත්වයා උපදිනවා නම්, සත්ත්වයකු නැතිව මුලින්ම කර්මය ඇතිවූයේ කෙසේ ද?" යන පැනයට පිළිතුරක් ලෙස, මුලින් ඇතිවූයේ සත්ත්වයා ද? කර්මය ද? යන පැනය නගමින්, තවත් සංඝයෙක් කියන උපුටනයක් දැන් අලවමි.

"...
මෙය කර්මවාදය අවලංගු කිරීමට ඇතමුන් අසන ප්‍රශ්නයෙකි. බීජයේ හෝ ගසේ හෝ මුල කෙසේ වුවත් බීජයෙන් ගස හටගන්නා බව සැමදෙනා ම පිළිගන්නා සත්‍යයෙකි. ගසින් බීජ හටගන්නා බවත් එවැනි ම සත්‍යයෙකි. බීජයක් නැතිව ගසක් නො හටගන්නා බවත්, ගසක් නැතිව බීජ නො හටගන්නා බවත් සත්‍යයෝ ය. එමෙන් කර්මයේ හා සත්ත්වයා ගේ මුල කුමක් වුණත් කර්මයෙන් සත්ත්වයන් උපදනා බව සත්‍යයෙකි.

බුදුසමයෙහි මේ කර්මවාදය උගන්වන්නේ ලෝකයේ හෝ සත්ත්වයා ගේ හෝ අගමුල සෙවීමට නොව දුකට හේතුවන කර්ම කිරීමෙන් වැළකි, සැපයට හේතුවන කර්ම කොට සත්ත්වයාට සුවපත් වීම පිණිස ය. එය සිදු කර ගැනීමට කර්මයේ හෝ සත්ත්වයා ගේ මුල සොයා ගැනීමක් වුවමනා නැත.

බීජයෙන් ගසත් ගසින් බීජයත් හටගැනීම් වශයෙන් පවත්නා වූ බීජ – වෘක්ෂ පරම්පරාවේ මුලක් නො ලැබිය හැකි ය. එහි මුල සොයන්නට තැත් කරන්නා වෙහෙසට පත්වෙනවා මිස, ඔහුට කවදාවත් එහි මුල සෙවිය හැකි නො වන්නේ ය. එමෙන් කර්මයෙන් උපදනා සත්ත්වයා ගේ මුල සොයන්නට යාමෙන් සොයන තැනැත්තා වෙහෙසට පත් වෙනවා මිස, ඔහුට කවදාවත් සත්ත්වයා ගේ මුල නො සෙවිය හැකි වන්නේ ය. එබැවින් කර්ම විපාක දෙක ඇති බව මුත් එහි මුලක් නො වදාළ සේක. මුල සෙවීම අනුමත ද නො කළ සේක.
..."

මෙම කතාව මගේ මාතෘකාවට ඉතා වැදගත් දෙයක් ලෙස ගනිමි. ඒ සදාකාලික ව ලෝකය අද පවතින අයුරෙන් තිබෙනවා යන මතය ගොඩනඟන නිසා ය.

ඉහත කී "කර්මයෙන් උපදනා සත්ත්වයා ගේ මුල සොයන්නට යාමෙන් සොයන තැනැත්තා වෙහෙසට පත් වෙනවා මිස, ඔහුට කවදාවත් සත්ත්වයා ගේ මුල නො සෙවිය හැකි වන්නේ ය." කියවූ විට, ඔබ අන්දමන්ද වී නම් එය සාධාරණ ය. ඊට කලින් කී බීජ කතාව සමඟ ගත් කල, මේ කතාවට අනුව ජීවිය බිහිවීම ගැන සෙවීම ඵලක් නැත. ඒ කියන්නේ සදාකාලික ව එම චක්‍රය තුල වන දෙයක් ලෙස දැක්වීමක් නොවේ ද? මෙයත්, සියලු දේ දෙවියන්ගේ මැවීම් බව කියමින්, දෙවියන් ප්‍රශ්ණ කලවුන් ගෙලා කපා නැසීම, ගල් ගැසීම හෝ පිච්චීම කරන මූසලයන් හා ක්‍රිස්තියානීන්, දෙවියන් බිහි වූ හැටි ඇසිය යුතු නොවේ යයි කීමත් අතර වෙනසක් තිබේ ද?

"මනුෂ්‍යයකු වීම සැපක් මිස දුකක් නොවේ" යයි කියන "පරම සත්‍යය" පිළිගන්නා මම, නාහෙට අහන එකෙක් නොවන නිසා, මේ සියලු ඵ්‍රලාප වලට මුලා නොවී, ඇත්ත සෙවීමට උත්සුක වූ සේ, ඔබට ද අනුන්ගෙ බසට නොරැවටී, මුලා නොවී, එපා කියන දේ කර බැලීමට ආරාධනා කරන්නේ, ඇත්ත මෙය නොවන බව දකින නිසා ය. මෙතරම් සරල ජීවය බිහිවීම පසුපස අද්භූත දේ තිබිය හැකි ද?


මෙහි දී මා අත් දැකපු හින්දු ජන්ම ගතියක් ද බෞද්ධ-හින්දු ආගම තුලින් දුටු නිසා මේ ටික ද ලියමි. කලකට පෙර මගේ හින්දු මිතුරෙකු තමන්ට ඇත්තේ මුල් පිටපතටත් වඩා හොඳ අණුපිටපත් ගැසීමට ලැබූ ප්‍රථම පන්තියක උගත්කමක් බව ක්‍රියාවෙන් පෙන්වූයේ, මගේ රචනාවක් ගෙන ගොස් එහි මුල් පිටත සකසාගෙන ඊට පසු දින ආ නිසා ය. වෙනසකට තිබුනේ, මගේ නම වෙනුවට ඔහුගේ නම අත්වැරැද්දකින් දැමීම පමණි. මම එය මුල් රචනය ලෙස ගත්තේ, බැලූ තඹල මහාචාරියා මට වඩා ඔහුට එක ලකුණක් දී තිබුණු නිසා ය. එදා මෙදා තුර, නැවත මුල් පිටපත් ගැසීමට ඉඩක් නොදුන්නෙමි. එය කීවේ, මුලා වී බුදකම ලෙස හින්දුකම බදාගෙන, නිර්වාණය යන මිරිඟුව ලබාගත හැකි අති උතුම් දෙයක් යයි සිතා මුලාවෙන් නැසෙන සිංහල මෝඩයන්ගේ යහපතට ය. මම ද ඉන් එකෙක් වීම ගැන දැනුදු පසු තැවෙමි.

හින්දූන් අතර ඇති විශ්ව ශක්තිය ගැන නොදන්න කෙනෙක් නැති තරම් ය. බ්‍රහ්මවාදයටත්, මේ විශ්ව ශක්ති වාදයටත් පදනම් වූ සැබෑ තොරතුරු සිංහල දැනුම තුලින් බිහි විය. නොදත් කම නිසා මෙසේ අනාගත්තේ හින්දූන් ය. බෞද්ධ-හින්දු ආගම තුල මෙහි "විශ්ව" යන වචනය, "කර්ම" යන වචනයෙන් අනුගත කර, විශ්ව ශක්තියට කී දෑ මෙම කර්ම ශක්ති වාදයට  පණ දෙන බව සංඝයෙක් කී දෑ තුලින් හෙලි විය. හැම දේටම දෙවියන් දමා ගැලවෙන්නා සේ, කර්මය දමා තේරුම් කිරීම, "තමන්ගේ වන එකම දේ කර්මයයි. දෑවැද්ද කර්මයයි. උපතෙහි මුල කර්මයයි. ඤාතියා කර්මයයි. පිහිට කර්මයයි. උස් පහත් බවට පත් කරන්නේ කර්මයයි." යන වැකි තුල ඇත. අහෝ කරුමය!

බෞද්ධ-හින්දු ආගම අනාත්ම වාදී ය. ඒ බවට සංඝයෙක් කී "ලොව ඇති සියලු ආගම් මගින් කර්මවාදය නොපිළිගැනේ. පිළිගන්නා ආගම් අතර ද ඒකමතික බවක් නොපෙනේ. මේ පිළිබඳ බොහෝ විස්තර දීඝනිකාය බ්‍රහ්මජාල සූත්‍රයෙහි ද සඳහන්ය. උච්ඡේදවාද, ප්‍රකෘතිවාද, නියතිවාද, නිර්මාණවාද පිළිගන්නා ආගම්වල කර්මවාදය පිළිගැනීමක් නැත. ශාස්වතවාද, අත්තවාද, අනත්තවාද ආදියෙහි කර්මය ප්‍රතික්ෂේප නොකරන නමුත් කර්මකරන්නාවූත් කම්පල විඳින්නා වූත් නිත්‍ය, අචල ආත්මයක් ඇත යන අත්තවාද දෘෂ්ටියක් සමගින් බැඳී ඇති බව පෙනේ. කර්මවාදි ක්‍රියාවාදි අදහස් පළකරන එවැනි ආගම් බෞද්ධ පොතපතෙහි හඳුන්වා දී ඇත්තේ බාහිර ශාසන යනුවෙනි.මේ පිළිබඳ දිර්ඝ විස්තරයක් විසුද්ධිමග්ග පඤ්ඤභූමි නිද්දේසයෙහි සඳහන් වෙයි. බෞද්ධ කර්මවාදය ඒ සියල්ලට වඩා වෙනස්වන අතර එහි ප්‍රධානතම අනන්‍යතාව අනාත්මවාදි බවයි. එහි කර්ම කාරකයෙකු හෝ විපාක වේදකයකු නැත්තේය." තුල සාධක ඇත. මේ තොරතුරු ක්‍රිස්තියානි කාරයන් ආත්මය සොරකම් කර ගැනීමට පෙර කී දෑ ය. ආත්මය ඇත නැත කියන දෙගොල්ලෝම, ආත්මය යනු අපේ ගත (තාරය) තුල ඇති කොටසක් ලෙස ගනී. සිත (අවතාරය) දෙගොල්ලන්ම අතහැර දමපු දෙයක් ය. මොවුන් සිතක් නැත, සිතිවිළි ඇත යන මතයේ ගිලී ඇත. සිතිවිළි  ඉබේ පහළවන දේ යයි ගැනීම වැරදි නැත. සියලු දේ දෙවියන් මැව්වේ මිනිසාගේ අවශ්‍යතාවයට යයි කියමින් දෙවියන් පාවා දී නොකරන අපරාධයක් නැත. එසේ ම, ඉහත උපුටනය තුල ඇති "කර්ම කාරකයෙකු හෝ විපාක වේදකයකු නැත්තේය" යන මතය තුලින්, ඉවක් බවක් නැතුව ඕන අපරාධයකට නොපෙළඹීම අරුමයක් වුව ද, හිඟමන් යැද යැපෙන්නෙකුට, මං පහරණ ම්ලේච්ඡ මරුවන් ගේ දැඩි ගති නැති නිසා එසේ නොකී හේතුව තේරුම් ගත හැක.

 කර්මය පෙරදැරි කර ගැනීම කොතරම් ගැඹුරු ද කියනවා නම්, සංඝ කතාවන්ට අනුව, "එකම මවුකුස එකට උපදින නිවුන් දරුවන්ගේ පවත්නා විවිධත්වයට ද හේතුව කර්මයයි.", "උපතෙහි මුල කර්මයයි.", "උස් පහත් බවට පත් කරන්නේ කර්මයයි.", "කර්මයේ හා සත්ත්වයා ගේ මුල කුමක් වුණත් කර්මයෙන් සත්ත්වයන් උපදනා බව සත්‍යයෙකි.", "සැටලයිට් දුරකථනයකටත් වඩා සක්‍රීය ලෙස සම්බන්ධතාවයක් ඇති කර්ම ශක්තීන් සමඟ අපගේ උපාදානස්කන්ධ සන්තතිය සසරේ බොහෝ දුර සිට සබැඳිව පවතී.",  "කර්ම පදනම් කොට ගෙන උපත හා මරණය සිදුවෙයි. කර්මය සත්ත්වයාට උපතයි. නෑයා ද වෙයි. පිළිසරණයි. එයම උරුම දායාද ය වේ.", "කුමන ස්ථානයක උපත ලබයි ද යන්න තීරණය වන්නේ එම පුද්ගලයාගේ කර්මය අනුවය.", "මේ ලෝකයේ සත්වයා කර්මය දායාද කොට කර්මය මගේ කොටගෙන පවතී", "ජනක කර්මය යනු උපත ඇති වීමට තුඩු දුන්නා වූ කර්ම බලවේගය යි", යන උපුටන ගත් කල, හැමදේම කර්මය තුලින් වෙනවා යයි කියයි. කරුමයකට තියෙන්නෙ, කරුමය කියන දේ තේරුම් කරගැනීමට බැරිව නා නා ප්‍රකාර විකාර කීමයි. ඒ ගැන වෙනම කතා කරමු.

ඒත් කර්මය ගැන මේ උපුටනය "කායදණ්ඩ , වචී දණ්ඩ සහ මනෝදණ්ඩ කියා නාථපුත්තගේ ධර්මයෙහි සඳහන් ව්‍යවහාරය, බුදුදහමෙහි කායකම්ම, වචීකම්ම, මනෝකම්ම වශයෙන් ව්‍යවහාර වන බවයි. ඒ අනුව කායික ක්‍රියා කායකර්මයි. වාචසික ක්‍රියා වචී කර්මයයි. මානසික ක්‍රියා මනෝකර්මයි."  ලියන්නේ, ඒකත් ඵලයක් යයි කියනවාටත් වඩා, වෙන කෙනෙක් (නාථපුත්ත) කී දේ (දණ්ඩ) මත "කර්ම" ඇලවීමක් නිසා ය. මේ නාථපුත්ත ද, තමන් බුද් කෙනෙක් යයි කී සමකාලීනයෙකි. කියන දේ නොතේරේ නම්, සිත ව්‍යාකූල වේ නම්, බිය නොවන්න. ඔබත් නොදන්න දෙයක් දන්න බව පෙන්වීමට බොරුවක් කියන්න. ඔබේ කතාව තහවුරු කිරීමට කප්පරක් බොරු කියා අත්දකින්න. ඒ සඳහා මේක ගන්න. ජීවය බිහි කලේ සූර්යයා කියා පටන් ගන්න. ඔබ කෙළවර වන්නේ, ජීවය සූර්යයා බිහිකල බව කියමිනි. බොරු කීම වමෑරීමට හේතු වේ. ඒ නිසා ඇත්තම කියමු.

නැවත අපේ ප්‍රධාන කතාවට එක් වෙමු. ඉපදීම යනු වර්තමානයේ වුව නොකඩවා වන දෙයකි. ජීවීන් බොහෝ පවතී. උන් ඉපදෙති, මැරෙති. මිනිසුන් උපදින්නේ, දෙවියන්ගෙ ක්‍රියාවකින් යයි පූසාරිලා කියන කතාප්‍රතික්ෂේප කරන්නේ පියා ද පූසාරියා වන නිසා ය. මිනිසුන් උපදින්නේ කර්මය නිසා නොව, දෙමව්පියන්ගේ ක්‍රියාවකින් බව ඇටෙන් පොත්තෙන් එළියට ආ නොදරුවන් පවා අන්තර්ජාලය තුලින් සොයා ගන්නා යුගයක, ඇත්ත සෙවීම එතරම් අමාරු දෙයක් දැයි සිතේ. එවැනි ම ක්‍රියාවලි තුලින් අළුත් ජීවීන් බිහි වේ. කරුමක්කාරයන් නොදුටු, කෑලි තුලින් ද නව ජීවීන් බිහි වේ. ඒත් දෙවියන් මවන, මැවෙන හෝ ඕපපාතික (ඉබේ පහල වන)  වන ජීවීන් මම නොදනිමි. ඔබ දන්නවා නම් කියන්න.

මුලින් කී පරිදි, දෙමාපියන් පමණක් මේ ඉපදීමට හේතු වේ නම්, එක් අන්තයකට අප යන්නේ පරම්පරාවන් හරහා අසමබවක් බිහි නොවන නිසාත්, තිබුනත් එකතුවන විදිය අනුව කාටත් බෙදී යන නිසාත් ය. අප වටා ඉන්න ජීවීන් ගත් කල, ගැබ් ගෙන ඉපදී, ජීවත් වී, මරණයට යන කාල පරාසය තුල, ඉපදීම වන ආකාරයත්, නැවත ඉපදීමක් වේ නම් එය තහවුරු කරන තොරතුරුත් තිබිය යුතුය. එනම්, ඉපදීම තුලින් බිහි වූයේ ඊට කලින් මැරුණු එකෙකු ද යන්න ගැන බලා නැවත ඉපදීමක් වුනා යයි කීම පහසු ය. එහෙත් ඉපදුන එකෙක් මල පසු උපදින ආකාරය කීම අනාවැකි කීමක් නිසා මම ප්‍රතික්ෂේප කරමි.

අප වටා ඇති දෑ තුලින් බැලූ විට, විවිධ ජීවීන් බිහිවන, නැතහොත් ඉපදෙන ආකාර බොහෝ බව ඕනෑ කෙනෙකුට තේරුම් ගත හැක. මීට විවිධ ජීවීන් (ශාක හා සත්ව) සතු ගති ලක්ෂණ ගත් කල, ඒ ඒ වර්ගයට සුවිශේෂ වූ ඒකීය රටාවක් පෙනේ. උදාහරණ ලෙස කැලෑ සතෙක් වන වල් ඌරෙක් ගත හොත් ඌටම ආවේණික ජීව ලක්ෂණ ඇත. ඒවා ගත් කල, ජීව වර්ග කිහිපයකට හෝ පොදු ඒවා මෙන් ම ඌටම අයත් ඒකීය (unique) ජීව ලක්ෂණ ඇත. මෙම ඒකීය ජීව ලක්ෂණ තුලින්, සතෙක් ඌරකු වීම හෝ නොවීම වෙන් වෙන් ව හඳුනාගත හැක. එසේම එම ජීව ලක්ෂණ සියල්ල ඉපදෙන දරුවන් ට ද ලැබෙන බවක් පෙන්වයි. ඌරන් ගැන ඉන් එහාට යාමට බැරි වන්නේ, ඌරන් දෙදෙනෙකු ගත් කල, උන් අසමාන බව දැකීමට ඌරකු ලෙස සිතීමට අපට බැරි නිසා ය. ඌරන් මෙන් ම අන් සතුන් ගැන ද මේ ආකාරයට දැකීමක් කල හැක. මෙහි දී සියලු සතුන් අප මෙන් වූ ජීව වර්ගයක් ලෙස බැලිය යුතු වේ. මුලාවීමෙන් උස් පහත් බවක් දැකීම වේ නම්, ඔබ නොමග යනු ඇත.

ජීව වර්ගයක් ලෙස මිනිසුන් දිහා බැලූ විට, අප අතර එක වගේ දෙදෙනෙකු නැති බව තහවුරු වේ. මිනිසුන් ලෙස හඳුනාගත් සියලු ලක්ෂණ තිබුන ද, එකිනෙකා වෙන් කල විට අප අතර කොතරම් වෙනස් කම් තිබේ ද? එකම දෙමව්පියන්ගෙන් බිහිවන දරුවන් අතර ද පොදු ලක්ෂණ මෙන් ම එක් එක් අයට ආවේනික ලක්ෂණ ද, ඉපදෙන පිළිවෙල අනුව එවැනිම ආවේනික ලක්ෂණ ද, ඊට අමතරව, වෙන කිසිවෙකුට අයත් නොවන ලක්ෂණ ද ඇත. මේවා කර්මය, මැවීම, ඕපපාතික වීම (ඉබේ පහලවීම) වැනි අද්භූත ක්‍රියාවලියකට සම්බන්ධ කර මග හැරීම රැවටීමක් වන්නේ, අප වටා අප අත්දකින අද්භූත ක්‍රියාවලි නැති නිසා ය. නොදත් බව සැඟවීමට අද්භූත ක්‍රියාවලි ගෙතීම නිසා ඇත්ත නොදකිමු.


මිනිසුන් ගත් කල, ජාතියක් යනු නොනැසී ගලන ජීව ප්‍රවාහයක් ලෙස ද දකිමු. එතුල එක් ජීවියකු යනු ඉපදී ජීවත් වී මැරෙණ එකෙක් වුව ද, අද සමාජය තුල දරුවන්, දෙමව්පියන්, මුතුන් මිත්තන් ලෙස පරම්පරා තුනක් පවතී. ඒ ස්වභාවය ඉතා වැදගත් වන්නේ, අපේ පැවැත්ම එතුලින් තහවුරු වන නිසා ය. මෙම උරුමය බොහෝ ජීවීන්ට උරුම නැති දෙයක් බව පරිසරය කියයි.

ඊ ළඟට, මිනිසුන් හැර අනෙක් ජීවීන් ගත් කල තිරිසන් ලෝකයේ ජීවත් වීමට තමන්ට ම ආවේණික හැකියාවන් තිබිය යුතු බව තේරුම් ගැනීම පහසු ය. මිනිස් බලපෑම් නොතිබුනු යුගයේ එක් එක් ජීවීන්ගේ මුළු ජනගහණය සමතුලිත ව පැවති බව තහවුරු වේ. එනම් කාලගුණ විපර්යාස අනුව නිවැරදි කල විට, මුළු ජීවීන්  ගණන වෙනස් නොවූ බවයි. මිනිසුන් ගත් කල, පසුගිය වසර දසදහස ගතහොත් ජනගහණය එක්තරා මට්ටමක නියතයක් ලෙස පසු ගිය වසර දෙසීය තෙක් පැවති බව තහවුරු වේ. මිනිසුන් ගත් කල, අද ජනගහණයේ වැඩිවීම දිගට ම වේ. එහෙත් ඒ එක් එක් මිනිසා ගත් කල, කලින් කී විවිධ ජීවීන්ටම අයත් ඒකීය (unique) ජීව ලක්ෂණ පෙන්වන බහුතරයක් ඇති බව තහවුරු වේ. එසේම මිනිසුන්ට ම ආවේනික වූ ඒකීය (unique) ජීව ලක්ෂණ නැති වීමත් මෙහි දී සටහන් කරමි. අද මිනිසා යනු තිරිසන් ලෝකයේ බලපෑමෙන් දුරස් වූ ජීවි වර්ගයක් හා තමන්ටම ආවේනික පරිසරයක් ගොඩ නඟන කොටසක් බව සිහිකල යුතු ය.

මිනිසුන් ගත් කල, එකිනෙකා අතර ඇති සබඳතාවය තිරිසන්කම තුල නැති තරම් ය. ඉතා ළඟ හා ඉතා දුර යන පරාසය තුල වන සබඳතා පවතින අතර, දුටු තැන තිරිසනුන් ලෙස සබඳතා පැවැත්වීම ද ඇත. මෙතුලින් ඉතා ළඟ සබඳතාවය පැවතීම,  පරම්පරාවෙන් පරම්පරාවට සබඳතාවය ගෙන යාම, නෑ සබඳතා තුලින් පවතින සබඳතාවය තරවීම, තරහ වීම් තුලින් ඈත් වීම, සිංහල සමාජය තුල කැපී පෙනෙන උරුම අතරට වැටේ. නොයෙකුත් හේතු නිසා සබඳතාවයන් බිඳ වැටී ඈත්වීම තුල, එවැනි ඈත් වූ පවුළ් අවුල් වී වඳ වීම ද සිංහල සමාජය තුලින් දැකිය හැක. ජීවත්වන කාලය තුල වන සියලු දේ මනාව හඳුනා ගැනීමත්, ඒ හැම තොරතුරක් ම වැදගත් ලෙසත් ගැනීමත් වටිනා දෙයකි. ඒ, ඊට පසුපසින් ඉතා වැදගත් යමක් පවසන නිසා ය.

අප වටා ඇති සමාජය ගත්විට නා නා ප්‍රකාර ලක්ෂණ ඇති, තමන් කරන කියන දේ තුලින් පෙන්වන හැකියාවෙන් අණූන මිනිසුන් බොහෝ ය. එකම කෑම කෑව ද, එකම විදියට ඉපදුන ද, එකම රැකියාව කල ද, එකම දිසාවට පිය නැගුව ද, අප අතර ඇති වෙනස්කම් කොතරම් තියුණු ද? එකම ආකාරයක හැසිරීමක් ගත්ත ද, දෙදෙනෙකු අතර ඇති වෙනස කොතරම් ප්‍රබල ද? එකම පන්තියේ එකම දේ උගත ද, ප්‍රථිඵල වෙනස් වේ. මේ සියලු දෑ ගෙන විග්‍රහ කල විට, අප සැමට, තමන්ටම ආවේනික වූ ගති ලක්ෂණ සමූහයක් ඇති බව තහවුරු වේ. මෙහි දී ගති ලක්ෂණ ලෙස කීව ද, පුද්ගලයෙකු ලෙස ගෙන හඳුන්වාදිය හැකි සියලු දේ අදහස් කලෙමි. එම සුවිශේෂ බව අපට ඉපදීම හා ඊට පසු ලැබුනේ යයි සිතූ විට, පැහැදිළි උත්තරයක් සොයාගත නොහැකි එකක් වේ. එසේ නම් මොන ආකාරයකින් එසේ වේ දැයි බැලිය යුතු ය. කර්මය වැනි බාහිර යමක් ක්‍රියාත්මක වී මෙවැනි වෙනසක් වේ නම්, ඉහත කී සුවිශේෂත්වය ලබා දීමට එම බාහිර බලවේගය කොතරම් සංකීර්ණ විය යුතු ද? එවැනි සංකීර්ණ රටාවක් ඉබේ පහල (ඕපපාතික) වේ නම්,  එම පහලවීම සිදුවන ආකාරය කුමක් විය හැකි ද? එයට කාරයක්, ගෙයක් වැනි සරල යමක් පහල කිරීම සුළු දෙයක් නොවේ ද? යම් සර්වබලධාරී දෙවියෙක් කලා නම්, එවැන්නෙකුට කෙතරම් අවයව තිබිය යුතු ද? මෙහි දී වැදගත් යමක් කිව යුතු ය. ඒ අපේ ජීවිතයට බැඳි සියලු දේ තීරණය කරන්නේ අප හෝ අපට බැඳි දෙමව්පිය කාරකාදීන් හෝ විසින් ම වීමයි. එසේම අපේ සුවිශේෂත්වය කිසිදු ආකාරයකින් වෙන කෙනෙකුට දීමට හෝ ආදේශ කිරීමට බැරිවීම ද වැදගත් ය.

මුල දී දෙමව්පියන් හා උපදින දරුවා අතර ඇති සම අසම කම්, එකම දෙමාපියන්ට ජාතකව උපන් දරුවන් අතර ඇති වෙනස්කම් ගැන කියා ගොඩ නැගූ සිංහල දැනුම මෙතැනට ද වැදගත් වේ. ඒවා නැවත නැවත කීම කාලය අපතේ යැවීමක් නිසා, නැවත ඒ තොරතුරු ගැන කියවන ලෙස මතක් කරමි. මේවා ලියන්නේ සිංහලයන්ට ය. ඒ නිසා කැඩීම හා තැත තැන කීම සිංහල හැකියාවන්ට පමණක් ගෝචර වන ලෙස තොරතුරු දීමකි. ඔබට මා කියන දේ තේරේ නම්, ඒ ඔබේ උරුමය ද දායක වන නිසා බව මතක් කරමි.

මම කලින් ලිපි තුලින් කී දැනුම හා හැකියාව ඇත්නම්, ජීවයක් ලෙස එකිනෙකා සතු, ඉහත කී වෙනසට දායක වන විවිධාකාර ගති ලක්ෂණ (පුද්ගලයෙකු ලෙස ගෙන හඳුන්වාදිය හැකි සියලු දේ) සලකා බැලූ විට, ඒවා අප පිළිසිඳ ගැනීම, ඉපදීම, ජීවත්වීම, මරණය සංකේතවත් කරන කාල සීමාවට කිසිසේත් ගොණු කල නොහැකි බව තහවුරු වේ. මේ ජීවිත කාලය තුල එකතුවෙන විවිධාකාර ගති ලක්ෂණ (පුද්ගලයෙකු ලෙස ගෙන හඳුන්වාදිය හැකි සියලු දේ) හඳුනාගත් විට, ඉතිරිය තුල මනුෂ්‍යයන් කියන ජීවීන් බිහිවීමට පෙර කාලයේ පැවති පරිසරය තුලින් ලැබූ ගති ලක්ෂණ (පුද්ගලයෙකු ලෙස ගෙන හඳුන්වාදිය හැකි සියලු දේ) සමහරුන් සතු බව තහවුරු වේ. සමහරුන් ළඟ ඇති ගති ලක්ෂණ (පුද්ගලයෙකු ලෙස ගෙන හඳුන්වාදිය හැකි සියලු දේ) කිසි සේත් මිනිසකු ලෙස ජීවත් වී ලබා ගත නොහැකි දෑ වේ. ඒ ඉහත කී ජීවීන් වෙන් කරන ගති ලක්ෂණයි. සුළුතරයක් ළඟ, මේ විශ්වයට ම අයත් නොවන ගති ලක්ෂණ (පුද්ගලයෙකු ලෙස ගෙන හඳුන්වාදිය හැකි සියලු දේ) ඇති බව ද කිව යුතුය. එසේ ම, මිනිසුන් බහුතරයක් ගත් විට, මිනිසුන් ලෙස තිබිය යුතු ගති ලක්ෂණ (පුද්ගලයෙකු ලෙස ගෙන හඳුන්වාදිය හැකි සියලු දේ) ඇත්තේ අල්පයක් බව ද තහවුරු වේ. මෙවැනි වෙනසක් කැළෑ සතුන් අතර නැති බව ද තහවුරු වේ. ඊට අමතරව මිනිසුන් සතු ගති ලක්ෂණ (පුද්ගලයෙකු ලෙස ගෙන හඳුන්වාදිය හැකි සියලු දේ) ඇති සුළුතරයක් තුල, ඊට අමතරව තවත් සත්ව වර්ග කිහිපයකට ආවේනික වූ ගති ලක්ෂණ පවතින බව තහවුරු වේ. ඒ ගැන සිංහලයන් (මිනිසුන්) බිහිවීම ගැන ලියපු ලිපියක සටහන් කලෙමි. මම කෙසේ කීවා දැයි අගමුල ගැලපීම ඔබට භාරයි.

අද ජීවත්වන ජීවීන් ගත් කල, එක්තරා කොටසක් ජීවත්වන ආකාරය ගත්විට ඔවුන් ජීවීන් ලෙස තනිව ක්‍රියා නොකරන බවත්, තමන්ගේ ගතිලක්ෂණ වෙන කෙනෙකුගෙන් ගැනීමත්, තම ජීවත්වීම එම දායකයාගේ ජීවත්වීමට උපකාරවීමක් බව ද පෙනේ. එනම් තමන්ට ම කියා අනන්‍ය භාවයක් නැති, වෙනත් අනන්‍ය භාවය ඇති ජීවිතයක දිගුවක් ලෙස පවතින බවයි.

ඉහත කී සියල්ල ගැබ් ගැනීමේ සිට මරණය දක්වා වන එක ජීවිත කාලයකට හිමිවන දේ තුලින් දැකිය හැකි බව සිහි කරමි. බුදකම (සිංහලකමේ සුළු කොටසකි) කියමින් හින්දුකම බදාගෙන නැසෙන බහුතරයට, ඔවුන්ගේ දැනුමේ ඇති බොළඳකම ඉහත පෙන්වීමි. ඊට අමතරව මේ ටික ලියමි. මොවුන් මුලාවූවන් නිසා කීමෙන් ඵලක් ඇති දැයි සැක කරමි. ඔවුන් විශ්වාස කරන බොළඳ දැනුම තුල, ශාක ජීවීන් ලෙස සලකනවා දැයි තහවුරු නොවේ. ශාක ගත් විට, ඉපදීම අතු,පොතු, මුල්, කඳන්, අල, ගෙඩි (ඇට), දළු යන කොටස් එකකින් හෝ කීපයකින් වේ. සතුන් අතර ද කෑලි වලින් ඉපදීමක් වන අවස්ථා තිබුන ද, බහුතරය කෑලි තුලින් නූපදී. අතකින්, ඇඟිල්ලකින් මිනිසකු බිහි කර නැති වුව ද, ඇඟ මත අවයව බිහි කිරීමක් අද වන විට ක්‍රියාත්මක වේ. මතුපිටින් අද්භූත වුව ද, ඉපදීම තුලින් ගත් කල, මිනිස් සිරුර බිහි වන්නේ එකම කොටසක් නැවත නැවත බිහිවීමෙන් බව සිහි කල යුතු ය. ඇඟ මත අවයව බිහි කිරීම හා ශාක බිහිවන ආකාරය ගත් කල අමුත්තක් නැත. ශාක යනු පොළවෙන් හා වාතයෙන් අවශ්‍ය දේ ලබාගෙන වැඩෙන ජීවීන් ය. සතුන් පෙනහළු තුලින් කරන දේ සේ ම, ශාක කොල මත වදින සුළඟ තුලින් වාතය ගැනීම අද්භූත දෙයක් නොවේ. ඇඟ මත අවයව බිහි කිරීම ද ඇඟෙන් යැපී වැඩීමක් ය. එතුලින් බිහිවන්නේ තවත් ජීවියෙක් නොව එම පැලකිරීමට ගත් අංඟයේ කොටස් වලට සරිලන අංඟයක් වීම සත්වයන්ගේ බිහිවීම ගැන වැදගත් යමක් කියයි. ඒ ගැන කතා කිරීම අදාළ නැත.

සියලු තොරතුරු ගත් විට අනන්ත අප්‍රමාණ වුව ද, ඒ සියල්ල තුල ඉතා සරල හා අනගිතම දැනුමක් මුල් වී ඇති බව කියමි. ඒ බව ඉපදීම යනු පරිසරය තුල නිතර වන සරල දෙයක් වීම පහදා දෙනවා. සැබැවින් ම සියලු ජීවීන් සංකේතවත් කරන්නේ, මම මීට කලින් ලිපියේ කී "දෙයාකාර හැසිරීම" හා "ජීව තීර (ස්ථීර) බව" වැනි ලෝක (විශ්ව) ස්වභාවය මගින් නිරූපණය වන නිශ්චිත රාමුවක් තුල ඉදිරියට යන අංඟ සම්පූර්ණ ක්‍රියාවලියක් බවයි. ඒ තුලින් බැලූ විට, ඉපදීම හා ජීවිය ඇති නැති වන ආකාරය සරලව පෙනේ. මෙහි දී, අප සතු ගති ලක්ෂණ (පුද්ගලයෙකු ලෙස ගෙන හඳුන්වා දිය හැකි සියලු දේ) මෙන් ම, සියලු ජීවීන් ගේ ගති ලක්ෂණ (ජීවියෙකු ලෙස ගෙන හඳුන්වා දිය හැකි සියලු දේ) බොහෝ තිබුන ද, ඒ සියල්ලම පවතින්නේ අපට බාහිර වූ සියලු ජීවීන්ට පොදු වූ රටාවක් තුල බව තහවුරු වේ. ඒ අතර අපට අහිමි හෝ අභිමත ලෙස වෙනස් කල නොහැකි ගති ලක්ෂණ (ජීවියෙකු ලෙස ගෙන හඳුන්වා දිය හැකි සියලු දේ)  ද ඇති බව තහවුරු වේ. මෙහි දී මා කලින් කී ලිපි තුලින් දැක් වූ තාරය හා අවතාරය ගැන තොරතුරු දැනීම වැදගත් වේ. සියලු ජීවීන්ගේ ඉපදීම හැදෑරූ විට, එකිනෙකා අතර මෙන් ම, එකිනෙක ජීවී වර්ගයන් අතර ඇති සම්බන්ධතා ගත් විට, කාලයට සමාන්තර වර්තමාන ජීවී එකතුවේ තුලනය මෙන් ම, කාලය දිගේ ඇති ජීව සම්බන්ධතා කියන්නේ සියලූ ජීවීන් එකම ජීවියකුගේ ආරම්භයකට මුල පුරන බව ය. ජීවීන් ලෙස මෙය පැහැදිලිව අප නොදුටුව ද, අප නියෝජනය කරන ගත අපේ දෙමව්පිය උරුමයයි. එසේම දෙමව්පිය උරුමයක් නොවන සිත ද අපේ බිහිකිරීමක් නොවන බව දනිමු. මා ලිපි තුලින් සිත (අවතාරය) බිහි කලේ හිරු යයි නම් කලෙමි. අපේ ගත දෙමව්පියන්ගෙන් ද සිත හිරුගෙන් ද ලැබී නම්, අප ඔවුන් නියෝජනය කරන බව තහවුරු වේ. අපේ ඇති වෙනස නම්, දෙමව්පියන් වුව ගත අපට දෙන්නේ ඔවුන්ට එය මුතුන් මිත්තන්ගෙන් ලද නිසා ය. එසේ නම් ගතේ මුල් හිමිකරු ද හිරු විය යුතු ය. ඒ ඉහත කී "දෙයාකාර හැසිරීම" හා "ජීව තීර (ස්ථීර) බව" වැනි ලෝක (විශ්ව) ස්වභාවය තුල ඇති නිශ්චිත බව තහවුරු කිරීමයි. ගත එක ආකාරයකිනුත් සිත තවත් ආකාරයකිනුත් ගෙන ස්ථාවර ජීවියකු බිහිවන අතර, සිත නිශ්චිත කිරීමත්, ගත විචල්‍ය කිරීමත් තුලින් එකී "දෙයාකාර හැසිරීම" ගොඩ නැගීමත් ජීවය පවත්වා ගැනීම තුල ඇත්තේ ලෝක (විශ්ව) ස්වභාවයන් දෙකක පැවතීම නේ ද? අපේ එක කොටසක් නිශ්චිත බව හා අනෙක් කොටස අවිනිශ්චිත බව, සමබර කිරීම ජීවය නොවේ ද? එසේ නොවේ නම්, මිනිසා ලෙස පටන් ගෙන කෙළවර වෙන්නේ වෙන සතකු ලෙස යයි කිව හැක. අප ජීවීන් ලෙස ලෝක (විශ්ව) ස්වභාවයෙන් දුරස්වීමට යත්න දැරුව ද, අප ද එහි කොටස් කරුවන් වෙමු. වෙනස් ලෝක (විශ්ව) ස්වභාවයක් තුලින් බැලූ විට, අප ද අජීවි ගල් වැලි අතර ද ඇත්තේ, අවකාශය තුල ගොඩ නැඟුණු ද්‍රව්‍ය එකතු වූ ආකාරයේ වෙනසක් ලෙස දැකීම විය නොහැකි ද?

හිරු ගැන කී නිසා පැහැදිළි කිරීමක් කරමි. ජීවීන් හා හිරු අතර බොහෝ සමානකම් ඇත. එහෙත් ප්‍රබල වෙනසක් ද ඇත. එනම් අපට ජීවය බිහිකිරීම වැනි හැකියාවන් නැත. අපට අපේ ජීවිතය ද වෙනස් කල නොහැකි තරම් ය. මේ තුල හිරු සතු සුවිශේෂ හැකියාවක් පෙන්වයි. එය අප වටා ක්‍රියාත්මක වුව ද, තේරුම් ගැනීමට හැකියාව ලබා ගත යුතු වේ. අපට නැති, හිරුට ඇති හැකියාව තේරුම් ගැනීම පරිසරය තුලින් තහවුරු වේ. ඊට අමතර ව, යම් ජීවියෙකු තුලින් සුළු හෙළි කිරීමක් කරමි. මී මැසි රැජිණ දමන බිත්තර තුලින් බිහිවන පැටවුන් වර්ග කිරීමේ හැකියාව ඇයට ඇත. එය අද්භූත දෙයක් නොව සැබෑවකි. මව්වරුන් පිරිමි දරුවෙකුත් ගැහැණු දරුවෙකුත් බිහි කිරීම යන දෙවිදියෙන් පෙන්වන හැකියාව ද අද්භූත දෙයක් නොව සැබෑවකි. මේ තුලින් හිරු ගැන යම් අදහසක් ගත හැක. හිරු සතු සුවිශේෂ හැකියාවන් නිසා, බොහෝ මිනිසුන් බ්‍රහ්ම, සර්වබලධාරී, බුද්ධ වැනි අපට නැති ගතිලක්ෂණ ඇති චරිත මවා අද්භූත දෑ ගොඩ නැගීමට පෙළඹෙන්නේ ඉහත කී සුවිශේෂ ගතිලක්ෂණ තුලින් කල හැකි දෑ නිරූපණය කිරීමටයි. එක් අතකින් අපේ ඇති නැති වීම තීරණය කරන පාලකයෙක් වුව, සර්වබලධාරී නොවේ ද? අනෙක් අතින්, අප නියෝජනය කරන්නේ කවරෙක් ද යන්න තුලින්, අපි කොතරම් හිරුට සමීප ද? හිරු ගැන කීවේ සමහර විකාර මත දුරලීමට ය. මීටත් එහා යන තොරතුරු දීම නුසුදුසු යයි සිතමි. ඉපදීම හා අපේ ජීවී බව ලැබුනු ආකාරය හා බැඳි සිංහලයන් කී හිරු යන නම මම යොදන්නේ එවන් සුවිශේෂ හැකියාවක් ජීවීන් බිහිකිරීමට අවශ්‍ය යයි වෙන මගකින් තහවුරු කරගත් නිසා ය. ජීවීන් බිහි කිරීමට එම හැකියාව සතු කෙනෙකු පැවතිය යුතුය. හඳුනා ගැනීමට බොහෝ දෑ අත්හදා බැලිය යුතු වේ.

ඉපදීම තුලින් එකතු කරගත් දත්ත තුල, ඉහත කී සුවිශේෂ හැකියාව යොදා ගත් ආකාරය බැලූ විට, පැවැත්ම රැකීමට අවශ්‍ය තැන, ස්වාභාවය වුව උඩියටිකුරු කර ඇති අවස්ථා ද දුටුවෙමි. ඊට අමතරව,  අපේ ඉපදීම තුල අප උරුම කරගත් සියල්ල මකා දමා ලන තරම් ප්‍රබල උපක්‍රම ද ඇත. ඒ තුල මිනිසුන් සලිත කරන බවක් ගැබ් වුව ද, අප සතු සුවිශේෂ හැකියාවක් වන තේරීම තුලින්, අප, අපේ හෝ අනෙකුත් ජීවීන්ගේ පැවැත්මට තර්ජනය වන දේ උරුම කරගැනීමේ ගතිය මෙම ක්‍රියාව තුලින් නවතාලයි. ඒ බවට ඇති ඓතිහාසික තොරතුරු ද එමට ය. මිනිසුන් දැඩි ලෙස බියවීමට ද එය දායක වී ඇත. වතුර හා ගින්න දෙයාකාර වුව ද ස්ථාවර බවට අවශ්‍ය නොවේ ද?

6 comments:

  1. ජලාබුජ - මව ගැබ දරා දරුවා බිහි කිරීම
    අණ්ඩජ - බිත්තර මගින්
    ( අණ්ඩ ජලාබුජ - බිත්තර දමා දේහය තුල රැඳී තිබී පැටවුන් බිහි වීම - පොළඟා, ගෝනුස්සා )
    සංසේදජ - තෙත් ගතිය මගින්
    ඕපපාතික - ඉබේ පහල වීම

    ReplyDelete
    Replies
    1. "සංසේදජ - තෙත් ගතිය මගින්" - මෙය සංසේචනයෙන් බිහිවීම ලෙස කියනවා නේ ද.

      තෙත් ගතිය මගින් යනු ජලාබුජ හෝ ජලාස්ශ්‍රිත යන ලෙස ගන්න ඕන නේ ද?

      මේක බලන්න.

      http://www.lakehouse.lk/budusarana/2012/07/26/tmp.asp?ID=vision03

      කෙසේ වෙතත් පිරිමි හා ගැහැණු වශයෙන් බෙදෙන ජීවීන්, ඩිම්බ හා ශුක්‍රධාතු එකතු කර පැටවුන් බිහි කිරීම සිදුවේ. කෙසේ එකතු වේද යන්න මත වර්ග කිරීම වැදගත් නොවන්නේ, පැවැත්ම රැකීමට, විවිධ ජීවීන් පරිසරය තුල එකතු වන ආකාර තීරණය වන නිසා ය. එය වර්ගයාට ආවේනික පැවැත්ම මුල් කරගත් වෙනසකි. විවිධ ජීවීන් පෙන්වන මෙම සුවිශේෂ හැසිරීම ආරම්භයේ සිටම පැවතිය යුතු දෙයක් නොවේ ද?ගැබ කොතන වැඩේ ද යන්නත් එවැනිම දෙයකි. කලින් සිටි වෙනත් ජීවයෙකුගෙ කර්ම නිසා මෙය වෙනවා යයි කීම විහිළුවක් නොවේ ද? අද ජීවත්වන මිනිසකු කයින්, වචනෙන්, සිතිවිළි වලින් කරන කර්ම තුලින්, හෙට බිහිවෙන ගෙම්ඹකුගේ ජීවය තීරණය වීම මේ ලොවට අදාළ ද? ඊ ළඟ කොටසේ වැඩි විස්තර දෙමි.

      Delete
  2. මගේ ලිපි තුල වෙන අය හෝ ආගම්වල කියපු දේවල් එලෙසම උපුටා ගත් බව කිව යුතුය. එසේ කලේ එය හරි හෝ වැරදි හෝ ව්‍යාකූල හෝ වන්නේ නම්, එය කියන්නාගේ නොදැනුම හෝ වැරදි අවබෝධය ලෙස අත්දැකීමට ය. සැබැවින් ම, මෙහි ඇති උපුටාගැනීම්, ප්‍රසිද්ධියේ එම ඇදහීම නියෝජනය කරන අයගේ මිස අන් අයගේ නොවන බව සලකන්න. අවශ්‍ය නම් මුලාශ්‍ර දිය හැක. අන්තර්ජාලය තුලින් සෙවීම ඊට වඩා සුදුසු ය.

    ReplyDelete
    Replies
    1. obathumage awasan nigamanaya nohoth..me artcle eken kiyanna uthsaha karana de kumakda.. itha saralawa ketiyen dakwanawanam therum genimata pahasu wewi..

      Delete
  3. obathumage awasan nigamanaya nohoth..me artcle eken kiyanna uthsaha karana de kumakda.. itha saralawa ketiyen dakwanawanam therum genimata pahasu wewi..

    ReplyDelete
    Replies
    1. ඔබ අසන ප්‍රශ්ණයට පිළිතුරු දීමට මේ ලිපි වැල ම සම්බන්ධයි. ජීවය කියන්නේ ඉතාම සංකීර්ණ දෙයක්. ඒක විස්තර කල හැකි සරලම මට්ටම මේ ලිපි මගින් කියවෙනවා. ඔබ අසන්නෙ නැවත ඉපදීම ගැන නම් හෝ දෙවියන් ගැන නම්, පහල තියෙන කෙටි ප්‍රතිචාරය බලන්න.

      "... සියලු ජාතීන් අතර පවතින මත, ඒ ඒ ජාතියට ආවේණික උරුමයන් වන සැබෑ දැනුමේ කොටස් මිනිස්කරණය වී පැවතීමක් වුනත්, මිනිසුන්ගේ සීමිත හැකියාවට එහා තලයක දැනුම සංකේතවත් කරනවා. මේ සියල්ලේ ම මුල් දැනුමෙ හිමිකාරයන් වන්නෙ තමන් ඉන්න රටේ මුල් වැසියන් වන සිංහලයන්ගෙයි.

      විවිධ ජාතීන්ට බ්‍රහ්ම, බුද්ධ, ශිව හා විෂ්ණු වුනේ කලින් කල සිංහලයන් අතරේ බිහි වූ සුවිශේෂ නායකයෙකුයි. ඔහු හා ජීවීන් අතර වෙනස සරලව බැලුවොත්, මී මැසි රැළ හා මී මැසි රැජිණ සංකේතවත් කරනවා. ඔහු සතු දැනුම හා හැකියාව බුධ හා බ්‍රහ්ම සංකේතවත් කරනවා. නමින් වෙනස් වුනේ, හිරු (හූරා = බ්‍රහ්ම), බුධ, සිංහ (කුජ = ශිව = ඉලාහ් (අල්ලාහ්)) හා මනු (ගුරු = විෂ්ණු) යන නම් ගෙන ආ කාලයේ සිටියවුන් දැන සිටි ආකාරය බල පෑ නිසයි. මේ නම් තුල, අපට ඔහුගෙන් උරුම වූ ගතිගුණ පෙන්වනවා. මිනිසුන් දැනුම අදින්නෙ, තමන්ට නොව, අපේ පරිසරයට බාහිරව සිටින ප්‍රබල කොටස (දෙවියන්)ට අයත් මෙම සුවිශේෂ නායකයගෙ අවශ්‍යතාවයටයි. ඔවුන්ගෙ බලය අදය ඔබ සැම වටා වෙන දේ තුල ප්‍රබලව ඇති බව කරන කියන දේ තුලින් දැකිය හැකි සැබෑවක්. ඒ කියන්නෙ දෙවියන් ඇත. නැවත ඉපදීම නොව, තම තමන් සංකේතවත් කරන අවතාරය නොකඩවා පවතින අතර, ගත කියන්නෙ නැවත නැවත ගොඩ නඟන බාහිර එකතුවක් බවට තොරතුරු එමටයි. ගිරවුන් සේ අනුන්ගෙ දේ උපුටා දක්වන අයට කිසි දා ඇත්ත දැකිය නොහැක. අවසානය ගත්තම, මිනිසා කියන්නෙ, ලුනු අදින කොටළුවන් වැනි, අනුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට දක්කාගෙන දිගු ගමණක් යන තිරිසන් සතුන් කොටසක් පමණි. උන්ට කල හැකි දේ අද පැහැදිළිවම එළිදකින්නෙ ගමනේ තවත් පියවරකට මග පාදමිනුයි."


      මම ලිපි මගින් මේ ගැන බොහෝ තොරතුරු දුන්නෙමි. එහෙත් ජීවීන් බිහිවන සැබෑ (ස්වාභාවික) ආකාරය ගැන සියළු තොරතුරු දැන දැන, දිග හැරියේ ඉතාමත් අල්ප ව බව සලකන්න.

      Delete