Monday 21 October 2013

ඉපදීම හා නැවත ඉපදීම - දෙවන කොටස

නැවත ඉපදීම හා නැවත නැවත ඉපදීම

මෙම කොටසේ මාතෘකාව ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය යයි සිතමි. ඉපදීම ගැන කලින් කතා කලෙමි. මෙහි දී, අප බලන්නෙ එසේ ඉපදුන කෙනෙකුට මරණයෙන් පසු නැවත එවැනි ම ඉපදීමක් තිබෙනවා ද යන්නයි. ඊට අමතරව යම් ජීවියෙක් නැවත උපදී නම්, එසේ උපදින්නේ එම ජීවී වර්ගයේ එකෙක් ලෙස ද නැද්ද යන වගත්, නැවත නැවත උපදිනවා නම්, මෙලෙස දිගටම උපදින්නේ එකම වර්ගයකට අයත් ජීවියකු ලෙස ද යන බව පසුව විමසමු. මෙහි දී දැනට පවතින මත ගැන ද සඳහන් කරන්නේ ඒ තුලින් තමන්ට ම තේරුම් ගත හැකි වීම උදෙසා ය. එසේම ඒ මත අරුත් දැක්වීමක් ද කරමි.

අද පවතින මතයන් ගත් විට පැරණි දැනුම, තම උරුමයත් සමඟ මිශ්‍ර වී අච්චාරු වී ඇත. අළුත් මත හා දැවටුනු පරණ දේ අතහැර පෙන්වීම තුලින්, විවිධ මත දරන්නන් තමන් දැරිය යුතු මතය ගැන යම් පැහැදිලි කිරීමක් ද කරමි. උදාහරණ ලෙස අද හින්දුකම මුල් වූ බෞද්ධාගම යයි කියන විශ්වාසයත්, යුදෙව්-ක්‍රිස්තියානි-මුස්ලිම් විශ්වාසයත්, නවීන විද්‍යාව ලෙස අධ්‍යාපනය තුලින් දෙන විශ්වාසයත් ගත් කල, ඒ සියල්ල ම සරල වූ නූතන මතවාදයන් මෙන්ම යම් ආකාරයක සමාන බවක් ද පෙන්වයි. මේ සියල්ල තුල "සිත" ලෙස කිසිවක් නැත. ඇත්තේ ගත පමණි. සමහර හින්දුකම මුල් වූ බෞද්ධාගම දරණ අය සිංහල බසින් "සිත" ලෙස හැඳීන්වීම සැබැවින් ම "සිතිවිළි" ලෙස ගත යුතු ය. එය පැහැදිලිව ම මෙසේ "ධර්මයේ" ඇත. "චෙතනාහං භික්ඛවේ කම්මං වදාමි චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා” යනු අංගුත්තර නිකාය චක්තනිපාත නිබ්බේධීත පරියාය සූත්‍රයෙහි කර්මය විස්තර කළ අන්දමයි. එයින් ප්‍රකාශ කොට ඇත්තේ චේතනාව කර්මය බවයි. චේතනා යනු සිතක් නොව චෛතසිකයකි...“චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා” යන්නෙන් විස්තර වන පරිදි එම සම්ප්‍රයුක්ත ධර්මයෙන් මෙහෙයවන ලදුව කයින් වචනයෙන් හෝ මනැසින් ක්‍රියා කරති.

  ඉහත කී මතවාද තුනම ශරීරය මත ම පදනම් වූ ඒවා ය. විසඳාලිය නොහැකි තැන, කාටවත් තේරුම් කිරීමට බැරි, පරිසරය තුලින් ග්‍රහණය නොවන පදනමක් යොදා බද්ධ කිරීමක් කරති. හින්දුකම මුල් වූ බෞද්ධාගම "කර්ම" විශ්වාසයද, යුදෙව්-ක්‍රිස්තියානි-මුස්ලිම් විශ්වාසය "සර්වබලධාරී දෙවියා" ද, නවීන විද්‍යාව ලෙස අධ්‍යාපනය තුලින් දෙන නවීන විද්‍යා විශ්වාසය "ස්වභාව ධර්මය" ද යොදා ගෙන, ඉපදීම වැනි අපහසු සංකීර්ණ දෑ වුව පහදති. මුල් විශ්වාස දෙක ගැන බොහෝ දේ කීව ද, අද ජනප්‍රිය වූ "ස්වභාව ධර්මය" ගැන යමක් කියමි. අතිසංකීර්ණ ජීවීන් බිහිකිරීමට සමත් "ස්වභාව ධර්මය", සරල දේ වන ඇඳක් පුටුවක් නොතැනීම අරුමයක් නොවේ ද?

නැවත ඉපදීමක් ගත් විට, නවීන විද්‍යාවට තවම එය මිථ්‍යාවකි.  යුදෙව්-ක්‍රිස්තියානි-මුස්ලිම් විශ්වාසය හා හින්දුකම මුල් වූ බෞද්ධාගම ගත් කල මෙය ආත්ම හා අනාත්ම යන ලෙස බෙදේ. සරලව කියනවා නම්, ඉපදුන ජීවයක් නැවත ඉපදීමට, ඉන් ශාරීරික කොටසක් යොදා ගන්නවා ද නැද්ද යන්නයි. එනම් දළුවක් වැනි යමකින් අළුත් ජීවයක් ඇරඹෙන සේ ශරීරයේ ආත්මය යන කොටස ඇත කතාවත්, එසේ නොවන බවත් මෙහි දී යොදා ගනී. මේ මත දෙකට ම මුල් වූයේ සිංහල දැනුම බවත්, සිත යනු කවරක් දැයි නොදැන අතරමං වූවක් බවත් කියයි.

හින්දුකම මුල් වූ බෞද්ධාගමට අනුව කර්මය (කර්ම ශක්තිය, කර්ම ධර්මතාවය) නැවත භවයක් ලැබීමට දායක වේ. කයෙන් වචනයෙන් සිතිවිලි තුලින් කර්මය බිහිවේ. මරණාසන්න මොහොතේ ඇතිවන සිතිවිල්ල මත කර්මය විසින් නැවත භවයක් ඇති කරයි. මේ භවය යනු සිංහල බසේ "බව" කියා බහුලව යෙදෙන, එහෙත් තනිවම අරුත් නොදෙන වචනයේ හින්දුකරණයක් ලෙස දිස් වේ. කම, කරන යන සිංහල වචන තුලින් කර්ම යන හින්දුකරණය වූ වචනය ද බිහිවීමක් පෙන්වයි. මෙම මතයට අනුව, අළුත් ජීවය බිහිවන්නේ එකතු වූ කර්මයේ ඵලයක් ලෙස ය. මරණාසන්න මොහොතේ ඇතිවන සිතිවිල්ල මොන ආකාරයේ භවයක්, උදාහරණ ලෙස මනුෂ්‍ය භවය, සුනඛ භවය, ගව භවය වැනි ගැලපෙන භවයක් තුල අළුත් ජීවයක් බිහි කරයි. කලින් ජීවිතයත්, අළුතින් බිහි වූ ජීවිතයත් අතර කිසිදු බැඳීමක් නැති අතර, ඇත්තේ කලින් ජීවියා තුන් දොරින් (කයින්, වචනින්, සිතිවිළි වලින්) ගොඩ නැගූ කර්ම එකතුව අළුත් ජීවීයාගේ බිහිවීමට හේතු වීම පමණි. මෙහි දී, මම කල කර්ම වලට විඳවන්නේ මම නොව, ඒ කර්ම තුලින් බිහි වූ අළුත් ජීවයක් බව කියවේ. මෙය කොතරම් පරිසරයට ගැලපේ ද යන්න සෙවීම ඔබට භාරයි. තුන් දොරින් (කයින්, වචනින්, සිතිවිළි වලින්) ගොඩ නැගූ කර්ම තුලින් අළුත් ජීවයක් බිහි වේ නම්, එම ලෝකය මෙතරම් සංකීර්ණ, එකිනෙකා මත යැපෙන, ඇති නැති වන, දිගට ම පවතින ජීව ලෝකයක් වීමට නම් ඉබේ පහලවීම වැනි මනස්ගාතයක් ද එකතු කල යුතුවේ. එහෙත් ඉබේ පහලවීම තුල කොතන කෙසේ වේ දැයි අනිශ්චිත නිසා, තවත් ව්‍යාකූල වීමක් වේ. මෙම ව්‍යාකූල මතය මෑත කල මනුෂ්‍යයන් හැසිරෙන ආකාරය මත ගෙතූ අගමුල පැටලුනු විශ්වාසයක් ලෙස මම බැහැර කරමි.

කලින් කොටසේ උපුටනයක සඳහන් "ප්‍රථමයෙන් බිහි වූයේ කර්මය ද? ජීවය ද?" යන ප්‍රශ්ණයට උත්තරය මෙතැන ඇත. එනම් කර්මයට පෙර ජීවය පැවතිය යුතු වීම ය. ජීවයේ ආරම්භය, පැවතීම නොදැන, අද පවතින මනුෂ්‍ය සමාජය තුලින් උත්තර සොයන විට, මෙවැනි වටේ යාමක් හෙවත් අගමුල පැටලීමක් වේ. සූර්යයා ජීවය බිහි කලා යයි පටන් ගත් විට, මෙවැනිම අගමුල පැටලීමක් වී, සූර්යයා බිහිකලේ ජීවය යයි වටේ යාමක් වූ බව මගේ ද අත්දැකීමයි. සැබැවින් ම සූර්යයා යනු සරල ස්වාභාවික ක්‍රියාවලියක් තුලින් කරන ද්‍රව්‍ය ජනකයක් බව තහවුරු වේ. වචන හා සිතිවිලි කර්මයට අයත් නම්, ඒවා අද්‍රව්‍ය නිසා කෙසේ ද්‍රව්‍යමය එකක් වන ජීවය සකසනවා ද යන්න ගත් කල, ඉබේ පහලවීම වැනි මතයක් නැතුව අරුත් ගැන්විය නොහැක. වචන සම්පූර්ණ වූව ද, ඉබේ පහලවීම වැනි ක්‍රියාවලියක් සැබෑ පරිසරයේ නැත.

යුදෙව්-ක්‍රිස්තියානි-මුස්ලිම් විශ්වාසයට අනුව, අපේ ශරීරයේ කොටසක් නැවත පැලවී ජීවයක් බිහි වේ නම්, මෙතරම් සංකීර්ණ ජීවී රටාවක් බිහිවිය හැකි ද? මෙය ද දළුවක් සිටුවා අළුත් ජීවයක් හදනවා වැනි ය. ඒවා දළුව හිමි ජීවියා වීම අනුව කිසිදා වෙනස් නොවන දෙයක් විය යුතු ය. එවැනි දළුවකට දෙමව්පියන් අවශ්‍ය නැත.

නවීන විද්‍යාව ලෙස අධ්‍යාපනය තුලින් දෙන විශ්වාසය ගත් කල, ක්‍රියාවෙන් ම එහි ආදීනව දැක අනර්ඝ හිතළුවක් බව අත්දැක තහවුරු කරගන්න. ඉහත කී පුහු විශ්වාස ගැන කාලය වැය කිරීම නාස්තියක් වුව ද, එසේ කලේ අන්ධ විශ්වාසය තුලින් ඇත්ත ලෙස විශ්වාස කරන බහුතරයක් සිටින නිසා ය. අප අවට සැබෑ ලෝකයේ සිදුවන දෑ යොදා පරික්ෂා කල විට මේවා මෝඩයන් තම කුසගිනි නිවීමට මුදල් උපයන මග පෑදීමට ගෙතු කෙප්ප බව තහවුරු වේ.

දැන් සිංහලයන් හා මා එකඟවන තොරතුරු ගෙන, යම් ජීවියෙක් නැවත හෝ නැවත නැවත උපදිනවා ද, එසේ වේ නම් මෙලෙස දිගටම උපදින්නේ එකම වර්ගයකට අයත් ජීවියකු ලෙස ද යන බව විමසමු.  මේ ගැන සෙවීමට නම් මනුෂ්‍යයන් ලෙස බැලීම කල යුතු ය. ඊට කලින් ජීවීන් ගැන හදාරා, ඔවුන් සතු එම ජීවී විශේෂය, අනෙක් සියලු ජීවී වර්ග වලින් වෙන් කරන ගති ලක්ෂණ (සුදුසු වචනයක් නැති නිසා මෙය ගනිමි.) හඳුනා ගනිමු. ඒ තුලින් අන් ජීවී වර්ග හා සම ගති ලක්ෂණ ද, අන් ජීවීන් හා ගැටෙන ගති ලක්ෂණ ද, හඳුනා ගනිමු.  මේ ගැන විමතියක් ඇති නම් උදාහරණයක් දෙමි. සියලු ජීවී වර්ගයන්ට ම පොදු වූ, තම වර්ගය වෙන් කර හඳුනා ගැනෙන සුවිශේෂ ලක්ෂණයක් ලෙස තම වර්ගයා බෝ කිරීම නම් කල හැක. එනම් තම වර්ගය තුලින් ම මිස වෙනත් ආකාරයකින් එසේ වර්ගයා බෝ කිරීම නොවන බව පරිසරය තුලින් තහවුරු වේ. මෙය තහවුරු කල හැකි දත්තයකි. අනිත් ගති ලක්ෂණ සෙවීම ඔබට පවරමි. මම ඒ ගැන නොකියන්නේ නුසුදුසු නිසා ය.

අනාගතය කීම මම ඉවත දමන්නේ එය පේන කීමක් වැනි ක්‍රියාවක් නිසා ය. සිදුවීමට යන දේ තුලින් කිව හැකි වුව ද, අද මනුෂ්‍යයන් සතු හැකියාවන් ගත් විට එය දරාගත නොහැක. ඒ නිසා කලින් වූ සිදුවීම් තුලින් විග්‍රහ කරන විට, සුපුරුදු බවක් මෙන්ම තාත්වික බවක් දැනීම ඒ ගැන අවබෝධයක් ලැබීමට පිටුවහලක් වේ. මෙහි දී, මම කියන්නෙ අද ඉපදී ඉන්න ජීවියකු හා මීට පෙර ඉපදී මිය ගිය අයකු අතර ඇති සම අසම කම් තුලින්, නැවත හෝ නැවත නැවත උපදිනවා ද යන්න සෙවිය යුතු බවයි. මෙම ක්‍රමය අත්හදා බැලීමේ දී, සියලූම ජීවීන් ගෙන ඇත්ත නැත්ත සෙවිය හැකි වුව ද, ඒ ගැන කීමට බොහෝ වැදගත් තොරතුරු මුදාහැරීමට සිදුවන නිසා වැලකෙමි. මිනිසුන් වන අපට අපේ නැවත හෝ නැවත නැවත ඉපදීමක් වේ දැයි තේරුම් ගැනීම පහසු නිසා ඒ මගින් මේ ගැන හදාරමු.

අද මිනිසුන් යනු, එක ජීවී වර්ගයක්ම ද යන්න මේ සෙවීම් තුල දී අත්දුටු ප්‍රහෙලිකාවකි. ඒ මිනිසුන්ගේ හැසිරීම මත වර්ග කිරීමේ දී, කලින් කී "සුවිශේෂ ගති ලක්ෂණ" හඳුනාගත් විට, බොහෝ මිනිසුන් ගේ එම තොරතුරු වඩා ගැලපුනේ මිනිසුන්ට නොව වෙනත් සත්ව විශේෂයන්ටය. එහෙත් කැළෑ සතුන් ගත් විට, ඔවුන්ගේ අනන්‍ය බවක් "සුවිශේෂ ගති ලක්ෂණ" තුලින් දුටිමි. ඔවුන් වෙනත් ජීවීන් හා සම වීමක් හෝ මිනිසුන් තුල දුටු ආකාරය වැනි විපරිත බවක් නොපෙන්වීම අරුමයක් නොවේ. තිරිසනුන් ලෙස ජීවත්වීමේ දී, පණ රැක ගැනීම සමහර විට කෙස් ගසක ප්‍රමාණයෙන් යයි කිව හැක. එනම් තම ජීවය උපරිම ලෙස ක්‍රියාත්මක විය යුතුයි. මෙවැනි අභියෝගයක් අද මිනිසුන්ට නැත. බඩගිනි නම් පිනට ද කෑම ලැබේ. එය තිරිසන් ලෝකයට වළංඟු නොවේ. සමහර මතවාදීන් කියන්නා සේ, එක් වරක් උපත ලැබූ ජීවියෙකු මුහුණ දෙන සියලු අභියෝග වලට සාර්ථකව මුහුණ දිය හැකි ද යන්න අප තුලින් දැකිය හැක. අළුත් රියදුරකු හා පළපුරුදු රියදුරකු අතර වෙනස කොතරම් ද? එවැනි ඉගෙනීමට අවස්ථාවක් තිරිසනුන්ට නැත. සතුරා එන්නේ ගොදුරු කරගැනීමට මිස ඉගැන්වීමට නොවේ. බොහෝ සතුන්ගේ හැසිරීම ගත් කල, සතුරාට මුහුණ දී පළපුරුදු ගතියක් පෙන්වීම වැදගත් තොරතුරකි. ඉන් එහාට යාමට සතුන් ගැන සුවිශේෂ අවබෝධයක් අවශ්‍ය වේ. මිනිසුන් අතර බිහිවීම ගත් කල අදාල නොවූව ද, තිරිසන් සතුන් ගත් කල නැවත නැවත ඉපදීම වන්නේ තම වර්ගයා තුල ම බව පෙනේ. වඳ වීම හෝ බාහිර අවශ්‍යතාවයකට මෙහි වෙනස්වීමක් කෙරෙන බව තොරතුරු තුලින් දිස් වේ.


නැවත හෝ නැවත නැවත ඉපදීම හැදෑරීමට වඩාත් ම සුදුසු අපම ය. මෙහි දී, මිනිසා යන ජීවියා තිරිසන් සතෙකු ලෙස සිටි කල කෙසේ වී දැයි, අපට උරුම ගති ලක්ෂණ තුලින් හඳුනා ගත යුතු ය. මෙය කිරීමට මනුසතා මුලින් ම බිහි වූ පරිසරය (තැන) සොයා ගත යුතුය. මිනිස් වර්ග ගත් විට එකිනෙක වර්ගයට ආවේනික ගති ලක්ෂණ හැදෑරූ විට, බොහෝ මිනිසුන්ට එම මුල් අවදිය ගැන හැඟීමක් වත් නැති තරම් ය. බහුතරය මනුශ්‍යයන් හා එකට ජීවත්වීම හරහා මිනිස්බව ලැබුවන් බව පෙන්විය හැක. ඒ ගැන නැවත හෝ නැවත නැවත ඉපදීම තහවුරු කලාට පසු වැඩි විස්තර දෙමි. මෙසේ මනුසතා ගේ මුල් උරුමය සොයා ගත්විට, ඔවුන් හරහා ආවේනික ගති ලක්ෂණ සොයා ගතිමි. මනුෂ්‍යයන් බොහෝ දෙනෙකු ගත් කල, ඔවුන් හා ඊට පෙර මිය ගිය අය අතර තොරතුරු ගැලපීම බරපතල වැඩක් වුව ද, ඉහත කී මුල් මනු ජීවීන් අතර ඇති සුවිශේෂකම නිසා ම, මෙම ගැලපීම ඉතා පහසු විය. එම කොටස මම දන්නා සිංහල යයි හඳුන්වන ජන කොටසට අයත් වීම, මේ කාර්යය පහසු කලා. ඔවුන් ගැන හදාර ගත් තොරතුරු අනුව, අළුතින් බිහි වූ අය හා ඊට කලින් මිය ගිය අය අතර තිබෙන සම බව, හා අන් අය හා ඇති විෂම බව ගත් කල, අළුතින් බිහි වූ අය යනු ඊට කලින් මිය ගිය අය ම විය යුතු බව තහවුරු විය. මේ සඳහා, මට සමීප ව සිට මිය ගිය අය හා මා අතර බැඳීම, ඉතාමත් පෞද්ගලික වීමත්, අළුතින් බිහි වූ  විට කිසිදු ආකාරයකින් එම බැඳීම ගැන දැන ගැනීමට අවස්ථාවක් නොවීමත් තුල, සැකයකින් තොරව නැවත උපත තහවුරු විය. ඒ තුලින් මා කලින් පැහැදිලි කල අවතාරය කලින් අයගේ ම අවතාරය ද යන්න දැඩි ලෙස පරික්ෂා කලේ, නෑ හිතමිතුරන් හරහා රහසිගත ව තහවුරු කරවීමෙනි. ඔවුන් සිතන විදිය එක ම වීමත් වැදගත් දෙයකි. තවත් විශේෂ දෙයක් වන්නේ, කලින් ජීවිතයේ තාරික අත්දැකීම් කිසිවක් නැවත උපතට පසු නොපෙන්වීම ය. අළුත් තාරය තුල හැසිරෙන විදිය ද තව බොහෝ තොරතුරු හෙලි කලා. මේ සියල්ල කීම මගේ අදහස නොවේ. ඔබත් සිංහල ජන කොටසට අයත් නම්,  බොහෝ දුරට ඔබ ද එවන් නැවත උපතක් ලැබුවෙකු සෙවීමෙන් මේ බව තහවුරු කරගැනීම අත්හදා බලා දත හැක.

ඔබට මා කල සියලු දේ කීමත්, ගිය මග යාමත් කාලය වැයවෙන නිශ්ඵල ක්‍රියාවකි. ඒ මම ආ තැනට ඔබ නොපැමිණ මම කියන දේ ගැන හැඟීමක් ඇති කරගැනීම දුෂ්කර නිසා ය. මා සතු හැකියාවන් තුල ඒකීය බවක් ඇත යන හැඟීම, මිනිසුන් හා ගැටීම තුලින් ප්‍රායෝගිකව තහවුරු වූ දෙයකි. කෙසේ වෙතත්, මම සොයාගත් දේ මත, පහසු මගකින් නැවත හෝ නැවත නැවත ඉපදීම හැදෑරීමට මගක් කියමි.

මම කලින් ලිපි තුලින් තාරය හා අවතාරය ගැන කරුණු හෙළි කලෙමි. තාරය දෙමව්පියන්ගෙන් ලැබෙන දෙයකි. අවතාරය එසේ නොවන්නක් බව කියමි. එය ස්ථීර නිපැයුමක් බව තහවුරු කලෙමි. මෙහි දී, තාරය ද ඔබ දෙමව්පියන්ගෙන් ලැබුවක් වුව, ඔවුන් ලැබූ තාරයන්ට දායක වූවේ ඔබ කලින් දැරූ තාරයක් විය හැකි නිසා, ඔබේ තාරය ද ඔබ කලින් දීපු එකක් නැවත ගත්තා විය හැක. සිංහලයන් ගත් කල නැවත ඉපදීමක් පමණක් නොව නැවත නැවත ඉපදීමත් ඉතා ළඟ සම්බන්ධයක් ඇති කිහිප දෙනෙකුගේ සබඳතාවය තුලින් ගොඩ නැගෙන බව තහවුරු විය. ඔවුන් අතර ඉතා ළඟ මිතුරු බවක් පැවතීමත්, අන්න්‍යෝන්‍ය ගණුදෙනුත් නිසා, පෙර ඉපදීම් පමණක් නොව අනාගත ඉපදීම ද තහවුරු කල හැකි ය.

සිංහලයන් සතු ස්ථීර බව, සීමා වූ යාළු මිත්‍රකම හා සමාජ සම්මත නිසා, නැවත හෝ නැවත නැවත ඉපදීම හැදෑරීමට ඉතා පහසු ය. තමා වටා ඇති නෑ යාළු මිත්‍ර පොකුර තුල ම ඉපදීමත්, ඒ තුල ම මරණයක් වීමත්, මේ ඉපදීම කවුද යන්න තහවුරු කරනවා. දරුවකු වීම ලෙහෙසි නැත. තමන්ගේ මෙන් ම දෙමව්පියන්ගෙ ගති ලක්ෂණ ගැලපිය යුතුය. නොඑසේ නම් අකල් මරණය වුව සිදුවේ. සිංහල හැසිරීම් රටාව ගත් කල උදව් උපකාර ගන්නේ ද සීමිත නෑ යාළු මිත්‍ර පොකුර තුල ම බව පෙනේ. එසේ නම්, තමන්ට වාසයට නිවසක් නැති විට යන්නේ, තමන් දන්න කියන තැනකට නේ ද? සිංහලයන් ඉපදීම සඳහා ද තෝරා ගන්නේ දන්න කියන අය බව තහවුරු වේ. එවැනි අය නැති තැන, අමුත්තන්ගෙ ළඟ ඉපදීම කොතරම් අස්ථීර සිදුවීමක් ද යන්න වෙනත් සමාජ තුලින් දැක ගත හැක.

නැවත උපතක් ඇති බව තහවුරු කිරීම අපේ අවතාරික ගති ලක්ෂණ සැසඳීමෙන් කල හැක. තාරික බලපෑම් අනුව වන වෙනස්කම් හල විට, පූර්ණ අවතාරික ගැලපීමක් ඇති බව තහවුරු වේ. ඉපදුන පරිසරයේ අත්දැකීම් වලට බාහිර වූ හැසිරීම් ගත් කල, මෙම ගැලපීම තවත් සවිමත් වේ. මා සතු සමහර හැකියාවන් දෙමාපිය හත්මුතු පරම්පරාවේ ම නොතිබීම මට මහත් කුහුලක් ඇති කලේ කුඩා කාලයේ ම ය. ඒ ඇයි දැයි සොයා ගිය ගමන කෙළවර වූයේ නැවත හෝ නැවත නැවත ඉපදීම මුළුමණින් ප්‍රත්‍යයක්ෂ කර ගෙන ය.


තම තමන්ගේ අවතාරය, තමන්ගේ යයි කීම තාරය තමන්ගේ යයි කීමට සම ය. තාරය දෙමව්පියන්ගේ ද්‍රව්‍යමය මිශ්‍රණයකි. ප්‍රබල අවතාර හිමියන්, ඊට අමතර ව දෙමව්පියන් හරහා අවශ්‍ය දෑ ගෙන, ඊට අමතර ව තමන්ට ආවේණික වූ කොටස් ද බිහි කරති. මෙය දොළදුක තුලින් හෙළි වේ. එහෙත් අවතාරය අපට ලැබෙන විදිය ගතහොත්, එය එක්තරා සුවිශේෂ බෙදීම් රටාවකට ඇරඹෙන ඒකීය නිපැයුමකි. එනම් හිමි අයගේ ආරම්භක ගති (අවතාරික පදනම) ඒ තුල අන්තර්ගත වන අතර, අපට වෙනස් කල නොහැකි බව තහවුරු වේ. අප කරන්නේ ඒ තුලින් කරන තේරීම් හරහා අළුත් දෑ එකතු කිරීම හා එකතු කල දෑ ඉවත් කිරීම ය. මේ අතරේ, අපේ දැනුම ඇතිව හෝ නැතුව අපේ අවතාරික පදනම වෙනස් කරන බව සිහි කල යුතු ය. මෙම අවතාරික බැඳීම, නිපයන හිරු සමඟ දිගට ම පවතින බව ක්‍රියා තුලින් ප්‍රත්‍යයක්ෂ වේ. මේ ක්‍රියාවලියේ සංකීර්ණ බව නිසා නොකීව ද, මෙම වැදගත් සම්බන්ධතාවය සිහි කලේ, අප යනු දඩාවතේ හෝ ඉබාගාතේ යන, එහෙමත් නැත්නම්, ඕන ඕන වෙලාවට තැන තැන ඉබේ පහලවන දෙයක් නොවන බව කීමට ය. මා කියන දේ පැහැදිළි කර ගැනීමට, මිනිසකු වී වෙනත් සතෙකුගේ හැසිරීම ගැනීම උත්සාහ කර බලන්න. සැබැවින් ම, අප සැම එක්තරා රාමුවක් තුල නිශ්චිත කාර්යකට බැඳි ජීවීන් බව අපේ හැසිරීම සනාථ කරයි. මේ ටික කීවේ සුවිශේෂ ජීව ගති ලක්ෂණ ගත් කල, මිනිසුන් බොහෝ දෙනාගේ අවතාර නිපැයුම මිනිස් ගති ලක්ෂණ නොවන බව ප්‍රත්‍යක්ෂ වන නිසා ය.

ඉහත කී තොරතුරු වලට අනුව, ඔබ සොයාගන්නා ඔබේ ම ගති ලක්ෂණ තුලින් ඔබ මනුෂ්‍ය නොවන බව තහවුරු වේ නම්, එය ප්‍රශ්ණයක් කර නොගන්න. සැබැවින් ම, මිනිසුන් වූයේ ඊට පෙර වෙනත් සතුන් ලෙස බිහි වී ඉදිරියට ගිය අවතාර බව පසුගිය ලංකා සවාරියේ දී හමු වූ සැබෑ මිනිසුන් තහවුරු කලා. මා කතා කරන්නේ මිනිසුන් ලෙස මුලින් ම බිහි වූ අයගේ අවතාර ගැන ය. මේ දත්ත, පෙර අවස්ථාවක කී සිංහලයන් බිහිවූ ආකාරය කියන ලිපියේ ඇත. නැවත තහවුරු වීම කොතරම් අගේ ද?

ජීවීන් සියල්ල ම ඉතා වැදගත් සංකීර්ණ පද්ධතියක අත්‍යාවශ්‍ය කොටස් නියෝජනය කරන බව සිහි තබා ගන්න. එයිනුත්, මනුෂ්‍යයකු වූ ඔබට හිමි වී ඇති අවස්ථාව තුලින් නිසි ප්‍රයෝජන නොගත්තොත්, නැවතත් මුල සිට පටන් ගැනීමට සිදුවිය හැක. ඒ ඔබ වැරදි තේරීම් තුලින් ඔබට හිමි නියෝජනය නොවේ නම්, ඔබ එකතු කල සියලු දෑ ශුන්‍ය කර, ඔබෙන් වන හානිය නැවතිය හැකි හිරු නම් බාහිර බලයක් තිබීමත්,  ඊට සරිලන ක්‍රමවේදයක් පැවතීමත් ය. මෙම උපක්‍රමය යොදා ගත් බවට අතීත සාක්ෂි එමට ය. මෙය දෙමාපියන් විසින් දරුවන් පන්නා දමා නැසීමට හැරීම වැනි දෙයක් වුව, අවතාරය යනු අනර්ඝ නිපැයුමක් ලෙස ගත් කල, කුණු කසල සෝදා හැරීමක් වැනි ය. එකම ප්‍රශ්ණය නම් තමන් සතු සියලු සම්පත් අහිමි වී නැවත සතෙන් සතේ එකතු කිරීමට පත්වීම වැනි දෙයක් වීම ය.

ඔබ කරන කියන දේ අනුව ද, මරණෙන් පසු ඔබට අත්වන හිරුකම (ඉරණම) ද කිව හැකිය. මේ ගැන පසුව ලියමි. ඔබ නැවත ඉපදීමේ දී, ඉපදෙන පරිසරයට අනුව තේරීම් කර නව උපතක් ලබන බව තහවුරු වේ. උදාහරණ ලෙස සතුන් මරා කන සමාජයක උපදී නම්, ඊට සරිලන කෲර ගති ලක්ෂණ උකහා ගනී. අද සිංහල කතා කරන බොහෝ අය, මිනිස්කම දුකක් ලෙස දැක නිවීමට උත්සාහ කරන නිසා, උපදින දරුවා ද ඊට ම සරිලන ගති ලක්ෂණ ඇතිව උපදී. එනම් තම හැසිරීම තුලින්, තමන්ටත්, දෙමව්පිය සමාජයටත් මිනිස්කම දුකක් ලෙස දැක නිවීමට උත්සාහ කරන ක්‍රියා ම කරන්නේ ය. මෙය අද සමාජය තුලින් පිළිබිඹු වේ.

මිනිසුන් වී තිරිසන් සතුන් ද උපදී. ඒ සියලු ජීවීන් බිහිවන ආකාරය තුල ඇති පොදු ක්‍රියාවළිය වන දෙමාපියන්ගෙන් පිටපත් කිරීම ය. මේ අතරේ තම ගති ලක්ෂණ වලට සරිලන යම් කොටසක් වේ ද, එය උකහා ගැනීම ද, තමන්ට අනවශ්‍ය යයි හැඟෙන දෑ වලට අඩු අවධානයක් දීම ද වේ. කෙසේ වෙතත්, තාරික රාමුව තුල ඇති අත්‍යාවශ්‍ය අංඟ එසේම රැඟෙන යාමක් වේ. උදාහරණ ලෙස සුනඛයකු වී සිට, මිනිසකු වී නම්, දෙමව්පියන් සතු ගති ලක්ෂණ අතර පොරකෑම ඇති නම්, එය තම ගති ලක්ෂණයක් ද වන නිසා පූර්ණ ලෙස උකහා ගැනේ. දෙදෙනෙකුගෙන් එකෙක් හැදීමේ දී අතහැරීමක් ද කල යුතු ය. මිනිසුන්ට ම ආවේණික දැනුම වැනි ගති ලක්ෂණ අත හරින්නේ තමන්ට අනවශ්‍ය නිසා ය. අන්තිමට, සිංහල මිනිසුන්ට හිමි වටිනා දැනුම අහිමි වී අද ඉන්න පහලම තලයට වැටීම සිදු ආකාරය මෙතුලින් දිස් වුව ද පසුව ඒ ගැන ලියමි.

මෙහි දී මා සොයාගත් තොරතුරු අනුව, ඉපදීම, නැවත ඉපදීම පමණක් නොව නැවත නැවත ඉපදීම ද පාරිසරික දත්ත තුලින් තහවුරු වේ. මෙහි ඇති වැදගත්කම, සැබෑ ලෝකය තුලින් සියලු ජීවී වර්ගයන්ට අයත් ජීවීන්ගෙ පැවැත්ම තහවුරු වීම ය. මෙහි දී මිනිසුන් අතර මෙන් ම ජීවි වර්ගයක් තුල ද, එකිනෙකාට වෙනස් ගති ලක්ෂණ හදාරා, නැවත ඉපදුන ජීවීයා හා මිය ගිය එකෙක් ඌ ම බව පෙන්විය හැක. මෙහි අන්තයට ගිය විට, ජීවීන් බිහි වූ හැම ආකාරයක ම පැවැත්ම ඔවුන් තුලින් දැකිය හැක. මෙහි දී, ආදී සිංහලයන්ට, තමන් නැවත උපදින තැන, වෙලාව, දෙමව්පියන් හා තම ස්වරූපය තීරණය කිරීමේ හැකියාව තිබුනා යයි බොහෝ කලකට පෙර ලංකාදීප පත්‍රයට වෙද මහතෙකු ලියූ ලිපිය කියවීම මතක් විය. එදා හුදු ආස්වාදයට කියවූ දෙයක් කොතරම් සැබෑ දැයි අද ප්‍රත්‍යයක්ෂ ව දැනීම කොතරම් අඟනේ ද?

මෙහි දී තවත් වැදගත් යමක් කිව යුතු ය. එනම් තාරය පමණක් ඇති, බාහිර අවතාරයකට අනුව හැසිරෙන ජීවීන් ය. එය පැවැත්ම උදෙසා තම ජීවයේ අනුපිටපත් වටකර තබා ගැනීමට සමයි. එවැනි තාර නැවත බිහිවීම බාහිර අවතාරයේ අවශ්‍යතාවය මත පමණක් රඳා පවතී. මෙය සුළු එකතුවක් වුව, කාලගුණික විපර්යාස හමුවේ සුදුසු තාරය තෝරා බේරා ගත නොහැකි ජීවීන්, මෙම උපක්‍රමය නිතර යොදන බව තහවුරු වේ. එවන් අනුපිටපත් නැසීමට එරෙහි වීමක් නොදක්වයි. සැබෑ ජීවීන් පණ රැකීමට දන්න ශිල්ප සියල්ල ම දමන බව අත්හදා බලා දැන ගත හැක.

ඉතා සංකීර්ණ වූ ද, මිථ්‍යා මත තුලින් වැසී ගියා වූ ද, මෙතෙක් පරිසරය තුලින් පෙන්වීමට නොහැකි වූ ද, නැවත ඉපදීම සැබෑවක් ලෙස මෙසේ ලියුව ද, එය සුළු විස්තර කිරීමක් බව සිහි කරමි. ඊ ළඟට ලියන කොටස තුලින් මිනිසුන්ට අදාල වන තොරතුරු ටිකක් හෙළි කරමි.

Friday 18 October 2013

ඉපදීම හා නැවත ඉපදීම - පළමු කොටස

ඉපදීම

නැවත ඉපදීම හෝ නැවත නැවත මැරි මැරි ඉපදීමක් වීම ගැන කතා කිරීමට පෙර "ඉපදීම" මනාව හඳුනාගත යුතුය. මෙහි දී මිනිසුන්ගේ ඉපදීම ගත් කල, බොරුවක් මුසාවක් නැතිව තහවුරු කිරීම පහසු නිසා, ඒ ගැන කතා කිරීම මුල් තැනට දමා බලමු. අපි උපදින්නේ දෙමව්පියන්ගේ දායකත්වයෙනි. මවගේ ඩිම්බයත් (බිත්තරයත්) පියාගෙ ශුක්‍ර ධාතුවකුත් එකතු වීමෙන් දරුවකු බිහිවීම ඇරඹේ. දෙකට බෙදීම තුලින් ඉදිවන ශරීරය, මාස දහයකට ආසන්න කාලයක් ගිය විට, තමන්ට හැකි පමණින් අංඟසම්පූර්ණ වූ මිනිසකු වේ. මෙහි දී, උපදින දරුවා දෙමව්පියන්ගේ එකතුවක් ලෙස මුළුමණින් හඳුනාගත හැකි නම් බිහිවන හැටි කීම ඉතා සරල ය. එසේම, අපි ඔක්කොම කාලයත් සමඟ සර්වසම වන නිසා, මම අපි කීමක් ද අනවශ්‍ය ය. ඊට, අප කරන සැම දේ ම, ඔක්කොම එකම විදියට කරනවා නම් කිසිදු සැකයකින් තොරව අප බිහිවන්නේ පිටපත් ලෙස යයි තහවුරු වේ. අවාසනාවට එසේ නොවීම නිසා බොහෝ දෙන බොහෝ අරුත් දීම් කර ඇත. මේ නිසා ඇත්ත මොකක්දැයි සිතා ගත නොහැකි වී ඇත. ඒ ගැන ද විමසා බලමු.

අද ආදි සිංහලයන් කී දෑ මේ යයි කිසිවක් අප අතර නැත යන මතය දරණ අය බොහෝ වුව, ඒ මත ගොඩ නැඟුණු හින්දු මතය තවම භාවිතා වේ. හිරු යන වදන මත ගොඩ නැඟුණු මහා බ්‍රහ්ම, කිරි මුහුද කළඹා මිනිසුන් බිහිකල සුරංඟනා කතාවක් ඇත. ඒ මත ගොඩ නැගුණු විශ්ව ශක්තියක් හා ඒ තුලින් බිහිවෙන ජීවීන් ගැන කියන හින්දු මතයක් ද පවතී. සිංහලයන් යයි කියන බහුතරයක් බුද්ධාගම ලෙස වෙස් මුහුණු පැළඳූ හින්දු ආගමික මතය දරණ අදහස ගැඹුරෙන් හැදෑරීය යුතු වන්නේ, එවැනි සිංහලයන් සිටී නම් මුලාවෙන් මිදීමට ය.

බුද්ධාගම ලෙස වෙස් මුහුණු පැළඳූ හින්දු ආගමික මතයට අනුව, කර්ම ශක්තිය (ධර්මතාවය) දායක වී ජීවිත බිහිකරන බව කියයි. ඊට අමතරව, ඕපපාතික වීම හෝ ඉබේ පහලවීම තුලින් සමහර ජීවීන් පහල වන බවත්, සියලු ජීවීන් ගත් කල, ලොව ජීවත් වන සියලු සත්ව කොටස් මෙවැනි ක්‍රම හතරෙන් එකකට අයත් වන බව කියවේ. ඒ ක්‍රම හතර, අණ්ඩජ – බිත්තර වලින් හටගනු ලබන සත්වයෝ, කුසෙන් බිත්තරය එළියට ඒම හා බිත්තරෙන් සත්වයා එළියට ඒම, ජලාබුජ - තෙත් ද්‍රව්‍යයෙන් උපදින සත්වයෝ, ඔවුන් ගහකොළ, පස්, කසල, වැනි තැන්වල හටගන්නා සත්වයින්, සංසේදජ – මව් කුසින් උපදින සත්වයෝ, හා ඕපපාතික – මව්පියන්ගේ සම්බන්ධයක් නොමැතිව ඉබේම පහළවන සත්වයෝ, ඕපපාතික නොහොත් ඉබේ පහළ වන්නේ දෙවියන් ප්‍රේතයන් වැනි අය ලෙස සංඝයන් විසින් ලියා ඇති වදන් තුලින් දක්වමි. (මම සංඝයෙක්, සංඝයන් කියන වහර යොදන්නෙ දෙමළෙන් එසේ යොදන නිසා ය. සිංහලෙන් කෑලි එකතු කිරීම සිංහලයන් මුලා කිරීමක් ලෙස දකිමි. Bishop ට බිෂොප් කියනවා විනා බිෂොප් වහන්සේ හෝ තුමා කීමද එවැනි මුලාවකි.)

මෙහි දී, බුද්ධාගම ලෙස වෙස් මුහුණු පැළඳූ හින්දු ආගමික මතයට අනුව මිනිසා ඇතුළු සියලු සත්ව කොටස් වල හට ගැනීමේ ක්‍රම එක සමාන නොවන බවත්,
තසා - තැති ගන්නා සුලු කෙලෙස් සහිත සත්වයෝ
ථාවරා - රහතන් වහන්සේලා
දීඝා - දිග් ශරීර ඇත්තෝ
මහන්තා - මහත් වූ ශරීර ඇති අය
මජ්ඣිමා - මධ්‍යම තරමේ සත්වයෝ
රස්ස - මිටි ශරීර ඇති සත්වයෝ
අණුක – ඉතා කුඩා ශරීර ඇති අය
ථූලා - තරබාරු ශරීර ඇති අය
දිට්ඨා - ඇසට පෙනෙන සත්වයෝ
අදිට්ඨා - ඇසට නොපෙනෙන සත්වයෝ
දූරෙ වසන්ති – දුර වසන සත්වයෝ
විදූරෙ වසන්ති - ළඟ වසන සත්වයෝ
භූතා - උපන්නා වූ සත්වයෝ
සම්භවේසී – ඉදීමට සිටින්නා වූ සත්වයෝ

මේ අනුව ඔවුන් හට ගන්නා ක්‍රම විවිධ බවත් තව විදියකට දක්වා ඇත. කෙසේ බැලුවත්, මේ කතාවේ ඇති වැදගත්කම, එහි ඇති ව්‍යාකූල බව මිස, පරිසරය තුල වන සැබෑ දේ ගැන කීමක් නොවන බව වේ. යමෙක් මෙතුලින් ඉපදීම දකිනවා ද, නැත්නම් දකින දේ මත ඉපදීම විග්‍රහ කිරීමක් ද යන්න බැලිය යුතු ය.

මෙහිදී මිනිසා සංසේදජ, අණ්ඩජ, ජලාබුජ කියන ඕනම උපත වන ආකාරයකට දැමිය නොහැකි දැයි ඇසීම වැදගත් වේ. නැවත ඉපදීමක් ගැන කියන නිසා, කර්මය හෝ කර්ම ශක්තිය තුලින්  සංඝයන් කියන කතාවලට මුල් තැන දිය යුතු ය. සංඝයෙක් "කර්මය හා පුනර්භවය" ගැන කියන විට, "කර්මය සැමට පොදු වූවකි. දෙව් - බඹු - නර යන පිරිසට ද එය එකලෙස බලපායි. අප කළ කර්මය, සක්වළ කොතනකට අප ගිය ද සෙවණැල්ල මෙන් පසු පස ගමන් ගනී. සැටලයිට් දුරකථනයකටත් වඩා සක්‍රීය ලෙස සම්බන්ධතාවයක් ඇති කර්ම ශක්තීන් සමඟ අපගේ උපාදානස්කන්ධ සන්තතිය සසරේ බොහෝ දුර සිට සබැඳිව පවතී." ලෙස දක්වා ඇත. මේ තොරතුරු මතකයේ තබා ගැනීමට ලීවෙමි.

"කර්මයෙන් සත්ත්වයා උපදිනවා නම්, සත්ත්වයකු නැතිව මුලින්ම කර්මය ඇතිවූයේ කෙසේ ද?" යන පැනයට පිළිතුරක් ලෙස, මුලින් ඇතිවූයේ සත්ත්වයා ද? කර්මය ද? යන පැනය නගමින්, තවත් සංඝයෙක් කියන උපුටනයක් දැන් අලවමි.

"...
මෙය කර්මවාදය අවලංගු කිරීමට ඇතමුන් අසන ප්‍රශ්නයෙකි. බීජයේ හෝ ගසේ හෝ මුල කෙසේ වුවත් බීජයෙන් ගස හටගන්නා බව සැමදෙනා ම පිළිගන්නා සත්‍යයෙකි. ගසින් බීජ හටගන්නා බවත් එවැනි ම සත්‍යයෙකි. බීජයක් නැතිව ගසක් නො හටගන්නා බවත්, ගසක් නැතිව බීජ නො හටගන්නා බවත් සත්‍යයෝ ය. එමෙන් කර්මයේ හා සත්ත්වයා ගේ මුල කුමක් වුණත් කර්මයෙන් සත්ත්වයන් උපදනා බව සත්‍යයෙකි.

බුදුසමයෙහි මේ කර්මවාදය උගන්වන්නේ ලෝකයේ හෝ සත්ත්වයා ගේ හෝ අගමුල සෙවීමට නොව දුකට හේතුවන කර්ම කිරීමෙන් වැළකි, සැපයට හේතුවන කර්ම කොට සත්ත්වයාට සුවපත් වීම පිණිස ය. එය සිදු කර ගැනීමට කර්මයේ හෝ සත්ත්වයා ගේ මුල සොයා ගැනීමක් වුවමනා නැත.

බීජයෙන් ගසත් ගසින් බීජයත් හටගැනීම් වශයෙන් පවත්නා වූ බීජ – වෘක්ෂ පරම්පරාවේ මුලක් නො ලැබිය හැකි ය. එහි මුල සොයන්නට තැත් කරන්නා වෙහෙසට පත්වෙනවා මිස, ඔහුට කවදාවත් එහි මුල සෙවිය හැකි නො වන්නේ ය. එමෙන් කර්මයෙන් උපදනා සත්ත්වයා ගේ මුල සොයන්නට යාමෙන් සොයන තැනැත්තා වෙහෙසට පත් වෙනවා මිස, ඔහුට කවදාවත් සත්ත්වයා ගේ මුල නො සෙවිය හැකි වන්නේ ය. එබැවින් කර්ම විපාක දෙක ඇති බව මුත් එහි මුලක් නො වදාළ සේක. මුල සෙවීම අනුමත ද නො කළ සේක.
..."

මෙම කතාව මගේ මාතෘකාවට ඉතා වැදගත් දෙයක් ලෙස ගනිමි. ඒ සදාකාලික ව ලෝකය අද පවතින අයුරෙන් තිබෙනවා යන මතය ගොඩනඟන නිසා ය.

ඉහත කී "කර්මයෙන් උපදනා සත්ත්වයා ගේ මුල සොයන්නට යාමෙන් සොයන තැනැත්තා වෙහෙසට පත් වෙනවා මිස, ඔහුට කවදාවත් සත්ත්වයා ගේ මුල නො සෙවිය හැකි වන්නේ ය." කියවූ විට, ඔබ අන්දමන්ද වී නම් එය සාධාරණ ය. ඊට කලින් කී බීජ කතාව සමඟ ගත් කල, මේ කතාවට අනුව ජීවිය බිහිවීම ගැන සෙවීම ඵලක් නැත. ඒ කියන්නේ සදාකාලික ව එම චක්‍රය තුල වන දෙයක් ලෙස දැක්වීමක් නොවේ ද? මෙයත්, සියලු දේ දෙවියන්ගේ මැවීම් බව කියමින්, දෙවියන් ප්‍රශ්ණ කලවුන් ගෙලා කපා නැසීම, ගල් ගැසීම හෝ පිච්චීම කරන මූසලයන් හා ක්‍රිස්තියානීන්, දෙවියන් බිහි වූ හැටි ඇසිය යුතු නොවේ යයි කීමත් අතර වෙනසක් තිබේ ද?

"මනුෂ්‍යයකු වීම සැපක් මිස දුකක් නොවේ" යයි කියන "පරම සත්‍යය" පිළිගන්නා මම, නාහෙට අහන එකෙක් නොවන නිසා, මේ සියලු ඵ්‍රලාප වලට මුලා නොවී, ඇත්ත සෙවීමට උත්සුක වූ සේ, ඔබට ද අනුන්ගෙ බසට නොරැවටී, මුලා නොවී, එපා කියන දේ කර බැලීමට ආරාධනා කරන්නේ, ඇත්ත මෙය නොවන බව දකින නිසා ය. මෙතරම් සරල ජීවය බිහිවීම පසුපස අද්භූත දේ තිබිය හැකි ද?


මෙහි දී මා අත් දැකපු හින්දු ජන්ම ගතියක් ද බෞද්ධ-හින්දු ආගම තුලින් දුටු නිසා මේ ටික ද ලියමි. කලකට පෙර මගේ හින්දු මිතුරෙකු තමන්ට ඇත්තේ මුල් පිටපතටත් වඩා හොඳ අණුපිටපත් ගැසීමට ලැබූ ප්‍රථම පන්තියක උගත්කමක් බව ක්‍රියාවෙන් පෙන්වූයේ, මගේ රචනාවක් ගෙන ගොස් එහි මුල් පිටත සකසාගෙන ඊට පසු දින ආ නිසා ය. වෙනසකට තිබුනේ, මගේ නම වෙනුවට ඔහුගේ නම අත්වැරැද්දකින් දැමීම පමණි. මම එය මුල් රචනය ලෙස ගත්තේ, බැලූ තඹල මහාචාරියා මට වඩා ඔහුට එක ලකුණක් දී තිබුණු නිසා ය. එදා මෙදා තුර, නැවත මුල් පිටපත් ගැසීමට ඉඩක් නොදුන්නෙමි. එය කීවේ, මුලා වී බුදකම ලෙස හින්දුකම බදාගෙන, නිර්වාණය යන මිරිඟුව ලබාගත හැකි අති උතුම් දෙයක් යයි සිතා මුලාවෙන් නැසෙන සිංහල මෝඩයන්ගේ යහපතට ය. මම ද ඉන් එකෙක් වීම ගැන දැනුදු පසු තැවෙමි.

හින්දූන් අතර ඇති විශ්ව ශක්තිය ගැන නොදන්න කෙනෙක් නැති තරම් ය. බ්‍රහ්මවාදයටත්, මේ විශ්ව ශක්ති වාදයටත් පදනම් වූ සැබෑ තොරතුරු සිංහල දැනුම තුලින් බිහි විය. නොදත් කම නිසා මෙසේ අනාගත්තේ හින්දූන් ය. බෞද්ධ-හින්දු ආගම තුල මෙහි "විශ්ව" යන වචනය, "කර්ම" යන වචනයෙන් අනුගත කර, විශ්ව ශක්තියට කී දෑ මෙම කර්ම ශක්ති වාදයට  පණ දෙන බව සංඝයෙක් කී දෑ තුලින් හෙලි විය. හැම දේටම දෙවියන් දමා ගැලවෙන්නා සේ, කර්මය දමා තේරුම් කිරීම, "තමන්ගේ වන එකම දේ කර්මයයි. දෑවැද්ද කර්මයයි. උපතෙහි මුල කර්මයයි. ඤාතියා කර්මයයි. පිහිට කර්මයයි. උස් පහත් බවට පත් කරන්නේ කර්මයයි." යන වැකි තුල ඇත. අහෝ කරුමය!

බෞද්ධ-හින්දු ආගම අනාත්ම වාදී ය. ඒ බවට සංඝයෙක් කී "ලොව ඇති සියලු ආගම් මගින් කර්මවාදය නොපිළිගැනේ. පිළිගන්නා ආගම් අතර ද ඒකමතික බවක් නොපෙනේ. මේ පිළිබඳ බොහෝ විස්තර දීඝනිකාය බ්‍රහ්මජාල සූත්‍රයෙහි ද සඳහන්ය. උච්ඡේදවාද, ප්‍රකෘතිවාද, නියතිවාද, නිර්මාණවාද පිළිගන්නා ආගම්වල කර්මවාදය පිළිගැනීමක් නැත. ශාස්වතවාද, අත්තවාද, අනත්තවාද ආදියෙහි කර්මය ප්‍රතික්ෂේප නොකරන නමුත් කර්මකරන්නාවූත් කම්පල විඳින්නා වූත් නිත්‍ය, අචල ආත්මයක් ඇත යන අත්තවාද දෘෂ්ටියක් සමගින් බැඳී ඇති බව පෙනේ. කර්මවාදි ක්‍රියාවාදි අදහස් පළකරන එවැනි ආගම් බෞද්ධ පොතපතෙහි හඳුන්වා දී ඇත්තේ බාහිර ශාසන යනුවෙනි.මේ පිළිබඳ දිර්ඝ විස්තරයක් විසුද්ධිමග්ග පඤ්ඤභූමි නිද්දේසයෙහි සඳහන් වෙයි. බෞද්ධ කර්මවාදය ඒ සියල්ලට වඩා වෙනස්වන අතර එහි ප්‍රධානතම අනන්‍යතාව අනාත්මවාදි බවයි. එහි කර්ම කාරකයෙකු හෝ විපාක වේදකයකු නැත්තේය." තුල සාධක ඇත. මේ තොරතුරු ක්‍රිස්තියානි කාරයන් ආත්මය සොරකම් කර ගැනීමට පෙර කී දෑ ය. ආත්මය ඇත නැත කියන දෙගොල්ලෝම, ආත්මය යනු අපේ ගත (තාරය) තුල ඇති කොටසක් ලෙස ගනී. සිත (අවතාරය) දෙගොල්ලන්ම අතහැර දමපු දෙයක් ය. මොවුන් සිතක් නැත, සිතිවිළි ඇත යන මතයේ ගිලී ඇත. සිතිවිළි  ඉබේ පහළවන දේ යයි ගැනීම වැරදි නැත. සියලු දේ දෙවියන් මැව්වේ මිනිසාගේ අවශ්‍යතාවයට යයි කියමින් දෙවියන් පාවා දී නොකරන අපරාධයක් නැත. එසේ ම, ඉහත උපුටනය තුල ඇති "කර්ම කාරකයෙකු හෝ විපාක වේදකයකු නැත්තේය" යන මතය තුලින්, ඉවක් බවක් නැතුව ඕන අපරාධයකට නොපෙළඹීම අරුමයක් වුව ද, හිඟමන් යැද යැපෙන්නෙකුට, මං පහරණ ම්ලේච්ඡ මරුවන් ගේ දැඩි ගති නැති නිසා එසේ නොකී හේතුව තේරුම් ගත හැක.

 කර්මය පෙරදැරි කර ගැනීම කොතරම් ගැඹුරු ද කියනවා නම්, සංඝ කතාවන්ට අනුව, "එකම මවුකුස එකට උපදින නිවුන් දරුවන්ගේ පවත්නා විවිධත්වයට ද හේතුව කර්මයයි.", "උපතෙහි මුල කර්මයයි.", "උස් පහත් බවට පත් කරන්නේ කර්මයයි.", "කර්මයේ හා සත්ත්වයා ගේ මුල කුමක් වුණත් කර්මයෙන් සත්ත්වයන් උපදනා බව සත්‍යයෙකි.", "සැටලයිට් දුරකථනයකටත් වඩා සක්‍රීය ලෙස සම්බන්ධතාවයක් ඇති කර්ම ශක්තීන් සමඟ අපගේ උපාදානස්කන්ධ සන්තතිය සසරේ බොහෝ දුර සිට සබැඳිව පවතී.",  "කර්ම පදනම් කොට ගෙන උපත හා මරණය සිදුවෙයි. කර්මය සත්ත්වයාට උපතයි. නෑයා ද වෙයි. පිළිසරණයි. එයම උරුම දායාද ය වේ.", "කුමන ස්ථානයක උපත ලබයි ද යන්න තීරණය වන්නේ එම පුද්ගලයාගේ කර්මය අනුවය.", "මේ ලෝකයේ සත්වයා කර්මය දායාද කොට කර්මය මගේ කොටගෙන පවතී", "ජනක කර්මය යනු උපත ඇති වීමට තුඩු දුන්නා වූ කර්ම බලවේගය යි", යන උපුටන ගත් කල, හැමදේම කර්මය තුලින් වෙනවා යයි කියයි. කරුමයකට තියෙන්නෙ, කරුමය කියන දේ තේරුම් කරගැනීමට බැරිව නා නා ප්‍රකාර විකාර කීමයි. ඒ ගැන වෙනම කතා කරමු.

ඒත් කර්මය ගැන මේ උපුටනය "කායදණ්ඩ , වචී දණ්ඩ සහ මනෝදණ්ඩ කියා නාථපුත්තගේ ධර්මයෙහි සඳහන් ව්‍යවහාරය, බුදුදහමෙහි කායකම්ම, වචීකම්ම, මනෝකම්ම වශයෙන් ව්‍යවහාර වන බවයි. ඒ අනුව කායික ක්‍රියා කායකර්මයි. වාචසික ක්‍රියා වචී කර්මයයි. මානසික ක්‍රියා මනෝකර්මයි."  ලියන්නේ, ඒකත් ඵලයක් යයි කියනවාටත් වඩා, වෙන කෙනෙක් (නාථපුත්ත) කී දේ (දණ්ඩ) මත "කර්ම" ඇලවීමක් නිසා ය. මේ නාථපුත්ත ද, තමන් බුද් කෙනෙක් යයි කී සමකාලීනයෙකි. කියන දේ නොතේරේ නම්, සිත ව්‍යාකූල වේ නම්, බිය නොවන්න. ඔබත් නොදන්න දෙයක් දන්න බව පෙන්වීමට බොරුවක් කියන්න. ඔබේ කතාව තහවුරු කිරීමට කප්පරක් බොරු කියා අත්දකින්න. ඒ සඳහා මේක ගන්න. ජීවය බිහි කලේ සූර්යයා කියා පටන් ගන්න. ඔබ කෙළවර වන්නේ, ජීවය සූර්යයා බිහිකල බව කියමිනි. බොරු කීම වමෑරීමට හේතු වේ. ඒ නිසා ඇත්තම කියමු.

නැවත අපේ ප්‍රධාන කතාවට එක් වෙමු. ඉපදීම යනු වර්තමානයේ වුව නොකඩවා වන දෙයකි. ජීවීන් බොහෝ පවතී. උන් ඉපදෙති, මැරෙති. මිනිසුන් උපදින්නේ, දෙවියන්ගෙ ක්‍රියාවකින් යයි පූසාරිලා කියන කතාප්‍රතික්ෂේප කරන්නේ පියා ද පූසාරියා වන නිසා ය. මිනිසුන් උපදින්නේ කර්මය නිසා නොව, දෙමව්පියන්ගේ ක්‍රියාවකින් බව ඇටෙන් පොත්තෙන් එළියට ආ නොදරුවන් පවා අන්තර්ජාලය තුලින් සොයා ගන්නා යුගයක, ඇත්ත සෙවීම එතරම් අමාරු දෙයක් දැයි සිතේ. එවැනි ම ක්‍රියාවලි තුලින් අළුත් ජීවීන් බිහි වේ. කරුමක්කාරයන් නොදුටු, කෑලි තුලින් ද නව ජීවීන් බිහි වේ. ඒත් දෙවියන් මවන, මැවෙන හෝ ඕපපාතික (ඉබේ පහල වන)  වන ජීවීන් මම නොදනිමි. ඔබ දන්නවා නම් කියන්න.

මුලින් කී පරිදි, දෙමාපියන් පමණක් මේ ඉපදීමට හේතු වේ නම්, එක් අන්තයකට අප යන්නේ පරම්පරාවන් හරහා අසමබවක් බිහි නොවන නිසාත්, තිබුනත් එකතුවන විදිය අනුව කාටත් බෙදී යන නිසාත් ය. අප වටා ඉන්න ජීවීන් ගත් කල, ගැබ් ගෙන ඉපදී, ජීවත් වී, මරණයට යන කාල පරාසය තුල, ඉපදීම වන ආකාරයත්, නැවත ඉපදීමක් වේ නම් එය තහවුරු කරන තොරතුරුත් තිබිය යුතුය. එනම්, ඉපදීම තුලින් බිහි වූයේ ඊට කලින් මැරුණු එකෙකු ද යන්න ගැන බලා නැවත ඉපදීමක් වුනා යයි කීම පහසු ය. එහෙත් ඉපදුන එකෙක් මල පසු උපදින ආකාරය කීම අනාවැකි කීමක් නිසා මම ප්‍රතික්ෂේප කරමි.

අප වටා ඇති දෑ තුලින් බැලූ විට, විවිධ ජීවීන් බිහිවන, නැතහොත් ඉපදෙන ආකාර බොහෝ බව ඕනෑ කෙනෙකුට තේරුම් ගත හැක. මීට විවිධ ජීවීන් (ශාක හා සත්ව) සතු ගති ලක්ෂණ ගත් කල, ඒ ඒ වර්ගයට සුවිශේෂ වූ ඒකීය රටාවක් පෙනේ. උදාහරණ ලෙස කැලෑ සතෙක් වන වල් ඌරෙක් ගත හොත් ඌටම ආවේණික ජීව ලක්ෂණ ඇත. ඒවා ගත් කල, ජීව වර්ග කිහිපයකට හෝ පොදු ඒවා මෙන් ම ඌටම අයත් ඒකීය (unique) ජීව ලක්ෂණ ඇත. මෙම ඒකීය ජීව ලක්ෂණ තුලින්, සතෙක් ඌරකු වීම හෝ නොවීම වෙන් වෙන් ව හඳුනාගත හැක. එසේම එම ජීව ලක්ෂණ සියල්ල ඉපදෙන දරුවන් ට ද ලැබෙන බවක් පෙන්වයි. ඌරන් ගැන ඉන් එහාට යාමට බැරි වන්නේ, ඌරන් දෙදෙනෙකු ගත් කල, උන් අසමාන බව දැකීමට ඌරකු ලෙස සිතීමට අපට බැරි නිසා ය. ඌරන් මෙන් ම අන් සතුන් ගැන ද මේ ආකාරයට දැකීමක් කල හැක. මෙහි දී සියලු සතුන් අප මෙන් වූ ජීව වර්ගයක් ලෙස බැලිය යුතු වේ. මුලාවීමෙන් උස් පහත් බවක් දැකීම වේ නම්, ඔබ නොමග යනු ඇත.

ජීව වර්ගයක් ලෙස මිනිසුන් දිහා බැලූ විට, අප අතර එක වගේ දෙදෙනෙකු නැති බව තහවුරු වේ. මිනිසුන් ලෙස හඳුනාගත් සියලු ලක්ෂණ තිබුන ද, එකිනෙකා වෙන් කල විට අප අතර කොතරම් වෙනස් කම් තිබේ ද? එකම දෙමව්පියන්ගෙන් බිහිවන දරුවන් අතර ද පොදු ලක්ෂණ මෙන් ම එක් එක් අයට ආවේනික ලක්ෂණ ද, ඉපදෙන පිළිවෙල අනුව එවැනිම ආවේනික ලක්ෂණ ද, ඊට අමතරව, වෙන කිසිවෙකුට අයත් නොවන ලක්ෂණ ද ඇත. මේවා කර්මය, මැවීම, ඕපපාතික වීම (ඉබේ පහලවීම) වැනි අද්භූත ක්‍රියාවලියකට සම්බන්ධ කර මග හැරීම රැවටීමක් වන්නේ, අප වටා අප අත්දකින අද්භූත ක්‍රියාවලි නැති නිසා ය. නොදත් බව සැඟවීමට අද්භූත ක්‍රියාවලි ගෙතීම නිසා ඇත්ත නොදකිමු.


මිනිසුන් ගත් කල, ජාතියක් යනු නොනැසී ගලන ජීව ප්‍රවාහයක් ලෙස ද දකිමු. එතුල එක් ජීවියකු යනු ඉපදී ජීවත් වී මැරෙණ එකෙක් වුව ද, අද සමාජය තුල දරුවන්, දෙමව්පියන්, මුතුන් මිත්තන් ලෙස පරම්පරා තුනක් පවතී. ඒ ස්වභාවය ඉතා වැදගත් වන්නේ, අපේ පැවැත්ම එතුලින් තහවුරු වන නිසා ය. මෙම උරුමය බොහෝ ජීවීන්ට උරුම නැති දෙයක් බව පරිසරය කියයි.

ඊ ළඟට, මිනිසුන් හැර අනෙක් ජීවීන් ගත් කල තිරිසන් ලෝකයේ ජීවත් වීමට තමන්ට ම ආවේණික හැකියාවන් තිබිය යුතු බව තේරුම් ගැනීම පහසු ය. මිනිස් බලපෑම් නොතිබුනු යුගයේ එක් එක් ජීවීන්ගේ මුළු ජනගහණය සමතුලිත ව පැවති බව තහවුරු වේ. එනම් කාලගුණ විපර්යාස අනුව නිවැරදි කල විට, මුළු ජීවීන්  ගණන වෙනස් නොවූ බවයි. මිනිසුන් ගත් කල, පසුගිය වසර දසදහස ගතහොත් ජනගහණය එක්තරා මට්ටමක නියතයක් ලෙස පසු ගිය වසර දෙසීය තෙක් පැවති බව තහවුරු වේ. මිනිසුන් ගත් කල, අද ජනගහණයේ වැඩිවීම දිගට ම වේ. එහෙත් ඒ එක් එක් මිනිසා ගත් කල, කලින් කී විවිධ ජීවීන්ටම අයත් ඒකීය (unique) ජීව ලක්ෂණ පෙන්වන බහුතරයක් ඇති බව තහවුරු වේ. එසේම මිනිසුන්ට ම ආවේනික වූ ඒකීය (unique) ජීව ලක්ෂණ නැති වීමත් මෙහි දී සටහන් කරමි. අද මිනිසා යනු තිරිසන් ලෝකයේ බලපෑමෙන් දුරස් වූ ජීවි වර්ගයක් හා තමන්ටම ආවේනික පරිසරයක් ගොඩ නඟන කොටසක් බව සිහිකල යුතු ය.

මිනිසුන් ගත් කල, එකිනෙකා අතර ඇති සබඳතාවය තිරිසන්කම තුල නැති තරම් ය. ඉතා ළඟ හා ඉතා දුර යන පරාසය තුල වන සබඳතා පවතින අතර, දුටු තැන තිරිසනුන් ලෙස සබඳතා පැවැත්වීම ද ඇත. මෙතුලින් ඉතා ළඟ සබඳතාවය පැවතීම,  පරම්පරාවෙන් පරම්පරාවට සබඳතාවය ගෙන යාම, නෑ සබඳතා තුලින් පවතින සබඳතාවය තරවීම, තරහ වීම් තුලින් ඈත් වීම, සිංහල සමාජය තුල කැපී පෙනෙන උරුම අතරට වැටේ. නොයෙකුත් හේතු නිසා සබඳතාවයන් බිඳ වැටී ඈත්වීම තුල, එවැනි ඈත් වූ පවුළ් අවුල් වී වඳ වීම ද සිංහල සමාජය තුලින් දැකිය හැක. ජීවත්වන කාලය තුල වන සියලු දේ මනාව හඳුනා ගැනීමත්, ඒ හැම තොරතුරක් ම වැදගත් ලෙසත් ගැනීමත් වටිනා දෙයකි. ඒ, ඊට පසුපසින් ඉතා වැදගත් යමක් පවසන නිසා ය.

අප වටා ඇති සමාජය ගත්විට නා නා ප්‍රකාර ලක්ෂණ ඇති, තමන් කරන කියන දේ තුලින් පෙන්වන හැකියාවෙන් අණූන මිනිසුන් බොහෝ ය. එකම කෑම කෑව ද, එකම විදියට ඉපදුන ද, එකම රැකියාව කල ද, එකම දිසාවට පිය නැගුව ද, අප අතර ඇති වෙනස්කම් කොතරම් තියුණු ද? එකම ආකාරයක හැසිරීමක් ගත්ත ද, දෙදෙනෙකු අතර ඇති වෙනස කොතරම් ප්‍රබල ද? එකම පන්තියේ එකම දේ උගත ද, ප්‍රථිඵල වෙනස් වේ. මේ සියලු දෑ ගෙන විග්‍රහ කල විට, අප සැමට, තමන්ටම ආවේනික වූ ගති ලක්ෂණ සමූහයක් ඇති බව තහවුරු වේ. මෙහි දී ගති ලක්ෂණ ලෙස කීව ද, පුද්ගලයෙකු ලෙස ගෙන හඳුන්වාදිය හැකි සියලු දේ අදහස් කලෙමි. එම සුවිශේෂ බව අපට ඉපදීම හා ඊට පසු ලැබුනේ යයි සිතූ විට, පැහැදිළි උත්තරයක් සොයාගත නොහැකි එකක් වේ. එසේ නම් මොන ආකාරයකින් එසේ වේ දැයි බැලිය යුතු ය. කර්මය වැනි බාහිර යමක් ක්‍රියාත්මක වී මෙවැනි වෙනසක් වේ නම්, ඉහත කී සුවිශේෂත්වය ලබා දීමට එම බාහිර බලවේගය කොතරම් සංකීර්ණ විය යුතු ද? එවැනි සංකීර්ණ රටාවක් ඉබේ පහල (ඕපපාතික) වේ නම්,  එම පහලවීම සිදුවන ආකාරය කුමක් විය හැකි ද? එයට කාරයක්, ගෙයක් වැනි සරල යමක් පහල කිරීම සුළු දෙයක් නොවේ ද? යම් සර්වබලධාරී දෙවියෙක් කලා නම්, එවැන්නෙකුට කෙතරම් අවයව තිබිය යුතු ද? මෙහි දී වැදගත් යමක් කිව යුතු ය. ඒ අපේ ජීවිතයට බැඳි සියලු දේ තීරණය කරන්නේ අප හෝ අපට බැඳි දෙමව්පිය කාරකාදීන් හෝ විසින් ම වීමයි. එසේම අපේ සුවිශේෂත්වය කිසිදු ආකාරයකින් වෙන කෙනෙකුට දීමට හෝ ආදේශ කිරීමට බැරිවීම ද වැදගත් ය.

මුල දී දෙමව්පියන් හා උපදින දරුවා අතර ඇති සම අසම කම්, එකම දෙමාපියන්ට ජාතකව උපන් දරුවන් අතර ඇති වෙනස්කම් ගැන කියා ගොඩ නැගූ සිංහල දැනුම මෙතැනට ද වැදගත් වේ. ඒවා නැවත නැවත කීම කාලය අපතේ යැවීමක් නිසා, නැවත ඒ තොරතුරු ගැන කියවන ලෙස මතක් කරමි. මේවා ලියන්නේ සිංහලයන්ට ය. ඒ නිසා කැඩීම හා තැත තැන කීම සිංහල හැකියාවන්ට පමණක් ගෝචර වන ලෙස තොරතුරු දීමකි. ඔබට මා කියන දේ තේරේ නම්, ඒ ඔබේ උරුමය ද දායක වන නිසා බව මතක් කරමි.

මම කලින් ලිපි තුලින් කී දැනුම හා හැකියාව ඇත්නම්, ජීවයක් ලෙස එකිනෙකා සතු, ඉහත කී වෙනසට දායක වන විවිධාකාර ගති ලක්ෂණ (පුද්ගලයෙකු ලෙස ගෙන හඳුන්වාදිය හැකි සියලු දේ) සලකා බැලූ විට, ඒවා අප පිළිසිඳ ගැනීම, ඉපදීම, ජීවත්වීම, මරණය සංකේතවත් කරන කාල සීමාවට කිසිසේත් ගොණු කල නොහැකි බව තහවුරු වේ. මේ ජීවිත කාලය තුල එකතුවෙන විවිධාකාර ගති ලක්ෂණ (පුද්ගලයෙකු ලෙස ගෙන හඳුන්වාදිය හැකි සියලු දේ) හඳුනාගත් විට, ඉතිරිය තුල මනුෂ්‍යයන් කියන ජීවීන් බිහිවීමට පෙර කාලයේ පැවති පරිසරය තුලින් ලැබූ ගති ලක්ෂණ (පුද්ගලයෙකු ලෙස ගෙන හඳුන්වාදිය හැකි සියලු දේ) සමහරුන් සතු බව තහවුරු වේ. සමහරුන් ළඟ ඇති ගති ලක්ෂණ (පුද්ගලයෙකු ලෙස ගෙන හඳුන්වාදිය හැකි සියලු දේ) කිසි සේත් මිනිසකු ලෙස ජීවත් වී ලබා ගත නොහැකි දෑ වේ. ඒ ඉහත කී ජීවීන් වෙන් කරන ගති ලක්ෂණයි. සුළුතරයක් ළඟ, මේ විශ්වයට ම අයත් නොවන ගති ලක්ෂණ (පුද්ගලයෙකු ලෙස ගෙන හඳුන්වාදිය හැකි සියලු දේ) ඇති බව ද කිව යුතුය. එසේ ම, මිනිසුන් බහුතරයක් ගත් විට, මිනිසුන් ලෙස තිබිය යුතු ගති ලක්ෂණ (පුද්ගලයෙකු ලෙස ගෙන හඳුන්වාදිය හැකි සියලු දේ) ඇත්තේ අල්පයක් බව ද තහවුරු වේ. මෙවැනි වෙනසක් කැළෑ සතුන් අතර නැති බව ද තහවුරු වේ. ඊට අමතරව මිනිසුන් සතු ගති ලක්ෂණ (පුද්ගලයෙකු ලෙස ගෙන හඳුන්වාදිය හැකි සියලු දේ) ඇති සුළුතරයක් තුල, ඊට අමතරව තවත් සත්ව වර්ග කිහිපයකට ආවේනික වූ ගති ලක්ෂණ පවතින බව තහවුරු වේ. ඒ ගැන සිංහලයන් (මිනිසුන්) බිහිවීම ගැන ලියපු ලිපියක සටහන් කලෙමි. මම කෙසේ කීවා දැයි අගමුල ගැලපීම ඔබට භාරයි.

අද ජීවත්වන ජීවීන් ගත් කල, එක්තරා කොටසක් ජීවත්වන ආකාරය ගත්විට ඔවුන් ජීවීන් ලෙස තනිව ක්‍රියා නොකරන බවත්, තමන්ගේ ගතිලක්ෂණ වෙන කෙනෙකුගෙන් ගැනීමත්, තම ජීවත්වීම එම දායකයාගේ ජීවත්වීමට උපකාරවීමක් බව ද පෙනේ. එනම් තමන්ට ම කියා අනන්‍ය භාවයක් නැති, වෙනත් අනන්‍ය භාවය ඇති ජීවිතයක දිගුවක් ලෙස පවතින බවයි.

ඉහත කී සියල්ල ගැබ් ගැනීමේ සිට මරණය දක්වා වන එක ජීවිත කාලයකට හිමිවන දේ තුලින් දැකිය හැකි බව සිහි කරමි. බුදකම (සිංහලකමේ සුළු කොටසකි) කියමින් හින්දුකම බදාගෙන නැසෙන බහුතරයට, ඔවුන්ගේ දැනුමේ ඇති බොළඳකම ඉහත පෙන්වීමි. ඊට අමතරව මේ ටික ලියමි. මොවුන් මුලාවූවන් නිසා කීමෙන් ඵලක් ඇති දැයි සැක කරමි. ඔවුන් විශ්වාස කරන බොළඳ දැනුම තුල, ශාක ජීවීන් ලෙස සලකනවා දැයි තහවුරු නොවේ. ශාක ගත් විට, ඉපදීම අතු,පොතු, මුල්, කඳන්, අල, ගෙඩි (ඇට), දළු යන කොටස් එකකින් හෝ කීපයකින් වේ. සතුන් අතර ද කෑලි වලින් ඉපදීමක් වන අවස්ථා තිබුන ද, බහුතරය කෑලි තුලින් නූපදී. අතකින්, ඇඟිල්ලකින් මිනිසකු බිහි කර නැති වුව ද, ඇඟ මත අවයව බිහි කිරීමක් අද වන විට ක්‍රියාත්මක වේ. මතුපිටින් අද්භූත වුව ද, ඉපදීම තුලින් ගත් කල, මිනිස් සිරුර බිහි වන්නේ එකම කොටසක් නැවත නැවත බිහිවීමෙන් බව සිහි කල යුතු ය. ඇඟ මත අවයව බිහි කිරීම හා ශාක බිහිවන ආකාරය ගත් කල අමුත්තක් නැත. ශාක යනු පොළවෙන් හා වාතයෙන් අවශ්‍ය දේ ලබාගෙන වැඩෙන ජීවීන් ය. සතුන් පෙනහළු තුලින් කරන දේ සේ ම, ශාක කොල මත වදින සුළඟ තුලින් වාතය ගැනීම අද්භූත දෙයක් නොවේ. ඇඟ මත අවයව බිහි කිරීම ද ඇඟෙන් යැපී වැඩීමක් ය. එතුලින් බිහිවන්නේ තවත් ජීවියෙක් නොව එම පැලකිරීමට ගත් අංඟයේ කොටස් වලට සරිලන අංඟයක් වීම සත්වයන්ගේ බිහිවීම ගැන වැදගත් යමක් කියයි. ඒ ගැන කතා කිරීම අදාළ නැත.

සියලු තොරතුරු ගත් විට අනන්ත අප්‍රමාණ වුව ද, ඒ සියල්ල තුල ඉතා සරල හා අනගිතම දැනුමක් මුල් වී ඇති බව කියමි. ඒ බව ඉපදීම යනු පරිසරය තුල නිතර වන සරල දෙයක් වීම පහදා දෙනවා. සැබැවින් ම සියලු ජීවීන් සංකේතවත් කරන්නේ, මම මීට කලින් ලිපියේ කී "දෙයාකාර හැසිරීම" හා "ජීව තීර (ස්ථීර) බව" වැනි ලෝක (විශ්ව) ස්වභාවය මගින් නිරූපණය වන නිශ්චිත රාමුවක් තුල ඉදිරියට යන අංඟ සම්පූර්ණ ක්‍රියාවලියක් බවයි. ඒ තුලින් බැලූ විට, ඉපදීම හා ජීවිය ඇති නැති වන ආකාරය සරලව පෙනේ. මෙහි දී, අප සතු ගති ලක්ෂණ (පුද්ගලයෙකු ලෙස ගෙන හඳුන්වා දිය හැකි සියලු දේ) මෙන් ම, සියලු ජීවීන් ගේ ගති ලක්ෂණ (ජීවියෙකු ලෙස ගෙන හඳුන්වා දිය හැකි සියලු දේ) බොහෝ තිබුන ද, ඒ සියල්ලම පවතින්නේ අපට බාහිර වූ සියලු ජීවීන්ට පොදු වූ රටාවක් තුල බව තහවුරු වේ. ඒ අතර අපට අහිමි හෝ අභිමත ලෙස වෙනස් කල නොහැකි ගති ලක්ෂණ (ජීවියෙකු ලෙස ගෙන හඳුන්වා දිය හැකි සියලු දේ)  ද ඇති බව තහවුරු වේ. මෙහි දී මා කලින් කී ලිපි තුලින් දැක් වූ තාරය හා අවතාරය ගැන තොරතුරු දැනීම වැදගත් වේ. සියලු ජීවීන්ගේ ඉපදීම හැදෑරූ විට, එකිනෙකා අතර මෙන් ම, එකිනෙක ජීවී වර්ගයන් අතර ඇති සම්බන්ධතා ගත් විට, කාලයට සමාන්තර වර්තමාන ජීවී එකතුවේ තුලනය මෙන් ම, කාලය දිගේ ඇති ජීව සම්බන්ධතා කියන්නේ සියලූ ජීවීන් එකම ජීවියකුගේ ආරම්භයකට මුල පුරන බව ය. ජීවීන් ලෙස මෙය පැහැදිලිව අප නොදුටුව ද, අප නියෝජනය කරන ගත අපේ දෙමව්පිය උරුමයයි. එසේම දෙමව්පිය උරුමයක් නොවන සිත ද අපේ බිහිකිරීමක් නොවන බව දනිමු. මා ලිපි තුලින් සිත (අවතාරය) බිහි කලේ හිරු යයි නම් කලෙමි. අපේ ගත දෙමව්පියන්ගෙන් ද සිත හිරුගෙන් ද ලැබී නම්, අප ඔවුන් නියෝජනය කරන බව තහවුරු වේ. අපේ ඇති වෙනස නම්, දෙමව්පියන් වුව ගත අපට දෙන්නේ ඔවුන්ට එය මුතුන් මිත්තන්ගෙන් ලද නිසා ය. එසේ නම් ගතේ මුල් හිමිකරු ද හිරු විය යුතු ය. ඒ ඉහත කී "දෙයාකාර හැසිරීම" හා "ජීව තීර (ස්ථීර) බව" වැනි ලෝක (විශ්ව) ස්වභාවය තුල ඇති නිශ්චිත බව තහවුරු කිරීමයි. ගත එක ආකාරයකිනුත් සිත තවත් ආකාරයකිනුත් ගෙන ස්ථාවර ජීවියකු බිහිවන අතර, සිත නිශ්චිත කිරීමත්, ගත විචල්‍ය කිරීමත් තුලින් එකී "දෙයාකාර හැසිරීම" ගොඩ නැගීමත් ජීවය පවත්වා ගැනීම තුල ඇත්තේ ලෝක (විශ්ව) ස්වභාවයන් දෙකක පැවතීම නේ ද? අපේ එක කොටසක් නිශ්චිත බව හා අනෙක් කොටස අවිනිශ්චිත බව, සමබර කිරීම ජීවය නොවේ ද? එසේ නොවේ නම්, මිනිසා ලෙස පටන් ගෙන කෙළවර වෙන්නේ වෙන සතකු ලෙස යයි කිව හැක. අප ජීවීන් ලෙස ලෝක (විශ්ව) ස්වභාවයෙන් දුරස්වීමට යත්න දැරුව ද, අප ද එහි කොටස් කරුවන් වෙමු. වෙනස් ලෝක (විශ්ව) ස්වභාවයක් තුලින් බැලූ විට, අප ද අජීවි ගල් වැලි අතර ද ඇත්තේ, අවකාශය තුල ගොඩ නැඟුණු ද්‍රව්‍ය එකතු වූ ආකාරයේ වෙනසක් ලෙස දැකීම විය නොහැකි ද?

හිරු ගැන කී නිසා පැහැදිළි කිරීමක් කරමි. ජීවීන් හා හිරු අතර බොහෝ සමානකම් ඇත. එහෙත් ප්‍රබල වෙනසක් ද ඇත. එනම් අපට ජීවය බිහිකිරීම වැනි හැකියාවන් නැත. අපට අපේ ජීවිතය ද වෙනස් කල නොහැකි තරම් ය. මේ තුල හිරු සතු සුවිශේෂ හැකියාවක් පෙන්වයි. එය අප වටා ක්‍රියාත්මක වුව ද, තේරුම් ගැනීමට හැකියාව ලබා ගත යුතු වේ. අපට නැති, හිරුට ඇති හැකියාව තේරුම් ගැනීම පරිසරය තුලින් තහවුරු වේ. ඊට අමතර ව, යම් ජීවියෙකු තුලින් සුළු හෙළි කිරීමක් කරමි. මී මැසි රැජිණ දමන බිත්තර තුලින් බිහිවන පැටවුන් වර්ග කිරීමේ හැකියාව ඇයට ඇත. එය අද්භූත දෙයක් නොව සැබෑවකි. මව්වරුන් පිරිමි දරුවෙකුත් ගැහැණු දරුවෙකුත් බිහි කිරීම යන දෙවිදියෙන් පෙන්වන හැකියාව ද අද්භූත දෙයක් නොව සැබෑවකි. මේ තුලින් හිරු ගැන යම් අදහසක් ගත හැක. හිරු සතු සුවිශේෂ හැකියාවන් නිසා, බොහෝ මිනිසුන් බ්‍රහ්ම, සර්වබලධාරී, බුද්ධ වැනි අපට නැති ගතිලක්ෂණ ඇති චරිත මවා අද්භූත දෑ ගොඩ නැගීමට පෙළඹෙන්නේ ඉහත කී සුවිශේෂ ගතිලක්ෂණ තුලින් කල හැකි දෑ නිරූපණය කිරීමටයි. එක් අතකින් අපේ ඇති නැති වීම තීරණය කරන පාලකයෙක් වුව, සර්වබලධාරී නොවේ ද? අනෙක් අතින්, අප නියෝජනය කරන්නේ කවරෙක් ද යන්න තුලින්, අපි කොතරම් හිරුට සමීප ද? හිරු ගැන කීවේ සමහර විකාර මත දුරලීමට ය. මීටත් එහා යන තොරතුරු දීම නුසුදුසු යයි සිතමි. ඉපදීම හා අපේ ජීවී බව ලැබුනු ආකාරය හා බැඳි සිංහලයන් කී හිරු යන නම මම යොදන්නේ එවන් සුවිශේෂ හැකියාවක් ජීවීන් බිහිකිරීමට අවශ්‍ය යයි වෙන මගකින් තහවුරු කරගත් නිසා ය. ජීවීන් බිහි කිරීමට එම හැකියාව සතු කෙනෙකු පැවතිය යුතුය. හඳුනා ගැනීමට බොහෝ දෑ අත්හදා බැලිය යුතු වේ.

ඉපදීම තුලින් එකතු කරගත් දත්ත තුල, ඉහත කී සුවිශේෂ හැකියාව යොදා ගත් ආකාරය බැලූ විට, පැවැත්ම රැකීමට අවශ්‍ය තැන, ස්වාභාවය වුව උඩියටිකුරු කර ඇති අවස්ථා ද දුටුවෙමි. ඊට අමතරව,  අපේ ඉපදීම තුල අප උරුම කරගත් සියල්ල මකා දමා ලන තරම් ප්‍රබල උපක්‍රම ද ඇත. ඒ තුල මිනිසුන් සලිත කරන බවක් ගැබ් වුව ද, අප සතු සුවිශේෂ හැකියාවක් වන තේරීම තුලින්, අප, අපේ හෝ අනෙකුත් ජීවීන්ගේ පැවැත්මට තර්ජනය වන දේ උරුම කරගැනීමේ ගතිය මෙම ක්‍රියාව තුලින් නවතාලයි. ඒ බවට ඇති ඓතිහාසික තොරතුරු ද එමට ය. මිනිසුන් දැඩි ලෙස බියවීමට ද එය දායක වී ඇත. වතුර හා ගින්න දෙයාකාර වුව ද ස්ථාවර බවට අවශ්‍ය නොවේ ද?

Friday 11 October 2013

සියලු ජීවීන්ට පොදු වූ "දෙයාකාර හැසිරීම" මගින් නිරූපණය වන ලෝක (විශ්ව) ස්වභාවය හා "ජීව තීර (ස්ථීර) බව" වැදගත් දැයි බලමු

නැවත නැවත ඉපදීම මුලින් ම කීවේ සිංහලයන් ය. සිංහලයන් කී දේ ගැන කතා කිරීමට මට අවශ්‍ය ය. ඒ සිංහලයන් කී ආකාරයට නැවත නැවත ඉපදීම වන බව, පාරිසරක දත්ත තුලින් මට තහවුරු වූ නිසා ය. තවම, මට ආදි සිංහලයන් එක ද බොරුවක් කී බව සොයාගැනීමට බැරි විය. ඒ නිසා ඉහත කී නැවත නැවත ඉපදීම තහවුරු කිරීමට මගේ දැනුම ගැන යම් අවබෝධයක් අවශ්‍ය නිසා මෙසේ ලියමි. පසුව, සිංහල  යයි කියාගන්නා අය නොදන්නා "සිංහල"  යන වචනයේ මුල් අරුත දීමට ද මෙය යොදා ගනිමි.

හින්දූන් ද, හින්දූන් අතර බිහි වූ මතයක් වන නිර්වාන් (නිර්වාණය) යොදා ජීවිතය නිවීම හෙවත් නැවත නැවත ඉපදීම (සංසාර ගමන) නවතා සසර සයුරෙන් එතෙර වන තැන නොකියා එතෙරවීමක් ගැන කියන නූතන බෞද්ධයන් ද, මෙම මතය දරති. හින්දූන් මරණින් පසු ඉණිමගක නැග ඉහලට යන්නා සේ දිව්‍ය ලෝකයට යාමට, සුර සැප විඳීමට පෙරුම් පුරති. නූතන බෞද්ධයන් නිවන් යාමට පෙර දිව්‍ය සැප ලැබීමට පින් කිරීමත්, ඔවුන්ගේ පාලියෙන් ලියපු බයිබලය කුරාණය වැනිම ධර්මය යයි කියන මතකයේ රඳවා ගත් පොත පත නිතර නිතර භාවිතා කිරීම හෙවත් දහම් (පින් දහම්) කිරීමත් කරති. ක්‍රිස්තියානීන් හා මූසලයන් තමන් දෙවියන්ගේ සැබෑ දරුවන් නිසා, එනම් එකම හා දෙවන නොවන දෙවියකු ඇදහීමේ බල මහිමයෙන් දිව්‍යලොවට අනිවාර්යෙන් ම යන බවත්, මම වැනි උන් මෙන්ම දෙවියන් දෙවැනි පංතියට දැමූ නූතන බෞද්ධයන් ද අපාගත වන බවත් කියති. මේ අනුව බැලුවොත්, මම කියන්නට යන දේ හැම එකාටම වැදගත් එකක් නොවේ ද?

ප්‍රථමයෙන් (පරමුකව, පළමුව) "ජීව තීර (ස්ථීර) බව" යන ඔබ අසා නැති සරල සිංහල වචනය ගැන දැන ගනිමු. ඔබ තීරණය යන වචනය අසා ඇත. එතුලින් අදහස් වන්නෙ "පදනම් කරගත් සියලු දේ අනුව යමින් අවසන යොමුවන එක්තරා නිශ්චිත දෙය/ඵලය" බවය. ඔබ වඩා දත් "ස්ථීර" නම් පැරැන්නන් ස කාරය දමා අමාරුවෙන් කී පදය ඔබේ පහසුවට යොදන්නෙමි. මීට වඩා පැහැදිලි කරන අය සිටී නම් අගයමි.

සියලු ජීවීන්ට පොදු වූ "දෙයාකාර හැසිරීම" මගින් නිරූපණය වන ලෝක (විශ්ව) ස්වභාවය තුලින් මම අදහස් කලේ, කිසිම ජීවියෙකුට තනි පැවැත්මක් නැති බවත්, ඊට විරුද්ධ වූ හෝ කනපිට පෙරළුන තවත් ජීවියකු ද සිටින බවත් ය. පරිසරය ගත් විට, ඇතිවන සියල්ලම නැති වී යා යුතු උදාසීන තත්ත්වයක් පෙන්වයි. ඇතිවීමක් නැත්නම් නැතිවීමක් නැත. ඇතිවීම යනු උදාසීන තත්ත්වයෙන් ක්‍රියාශීලි තත්ත්වයකට ඒමක් බවත්, නැතිවීමේ දී නැවත උදාසීන තත්ත්වයටම පත්වන බවත් ය. මෙම සක්‍රීය වීම බටහිර නූතන විද්‍යාවට අනුව සූර්යයා වැනි "ශක්ති" ප්‍රභවයන් තුලින් ඇතිවන බවක් පෙන්වයි. තවත් පෙරදිග කොටසක් "විශ්ව ශක්තියක්" ගැන කියති. මෙම ශක්තිය නමැති සංකල්පය ම, එනම් ද්‍රව්‍යමය නොවන දෑ ද්‍රව්‍යමය දෑ සමඟ මුසු වීම මම ප්‍රතික්ෂේප කරන්නේ, එය නොමග ගොස් කියන දෙයක් ලෙස පරිසර සාධක තහවුරු කරන නිසා ය. එසේ වුවත් මා සොයාගත් තොරතුරුවල වටිනාකම නිසා මෙලෙස මුදා හැරීමෙන් වැලකෙමි. පවතින මතයට අනුව බැලීම තුලින් නොමග නොයන්න. සරල උදාහරණයක් ගතහොත්, මිනිසුන්ගේ ගත ක්‍රියාශීලි තත්ත්වයකට ඒම වන්නේ, උදාසීන තත්ත්වයෙන් ඇති දෑ උකහා ගෙන බව ය. මිනිස් ගත නැසුන විට, ඊට යොදා ගත් සියල්ල නැවත මුලින් තිබුනු තත්ත්වයට පත්වේ. මේ බව තහවුරු වන්නේ, වසර අසීමත ගාණක් තිස්සේ බිහිවූ තාරයන් එසේ මුලුමණින් උදාසීන නොවී නම්,  උදාසීන නොවන කොටස දිගටම එකතු වීමක් පරිසරයේ නැති නිසා ය. මෙම දත්තය, ජීවීන් නැසුන විට, ඉපදෙන අය නැවත එම ද්‍රව්‍යයන් ම යොදාගැනීමක් ගැන කියනවා. මෙම සමතුලිත බව කාල පරාසය වැඩිවන විට වඩාත් රැකෙන බවක් පෙන්වයි. අප කියන දේ අපට පරිබාහිර ස්වභාවය තුලින් තහවුරු නොවේ නම් එය ගෙතුමක් වේ.

එසේ ඉහත කී දත්ත සැබෑ වීමට නම්, අඩු තරමින් ජීවය දෙයාකාරයකට බිහිවිය යුතුය. උදාහරණයක් ලෙස ශාක හා සත්ව වර්ග ගත් විට, ජීවීන් ප්‍රයෝජනයට ගෙන පිට කරන වාතය ශාක මගින් උරාගෙන නැවත ජීවීන්ට ප්‍රයෝජනයට ගත හැකි තත්ත්වයට ගෙන ආ යුතු ය.

මෙම "දෙයාකාර හැසිරීම" යනු, ඒකීය අදහසක් දෙන කොටස් දෙක යන අදහස නොව, එකම කොටසක් නම් එයින් භාගයක් තෙක් එය නැසුන ද සක්‍රීය තත්ත්වයේ පැවතෙන බවයි. එසේම පොදු කොටස් දෙකකට සීමා වීමක් ද අදහස් නොකරයි. මෙය ඉතා වැදගත් "බවක්" (ස්වාභවයක්) වුවත්, මේ ලිපිය තුල අරුත් දැක්වීම මිනිසුන්ට සීමා කරමි. මිනිසුන් ගත් කල මේ "දෙයාකාර හැසිරීම" ගැහැණු හා පිරිමි බෙදීම තුල ද ඇත. පළපුරුදු විවාහක අයට මෙය මනාව වැටහෙනු ඇත. අපේ ජීවය ගත් කල ගත (තාරය) මනාව හඳුනාගත හැකි දෙයකි. එය ඇති වී නැති වන බව අසා නිමක් නැති දෙයකි. සිත යනු ගතේ කොටසක් නොවේ. එය ගතට පරිබාහිර වූ අවතාරයේ කොටසක් බව කී පැරණි සිංහල මතය සමඟ මම ද එකඟ වෙමි. එය ද ද්‍රව්‍යමය දෙයක් ලෙසත්, නිශ්චිත බැඳීම් ඇති ගත (තාරය)ට අනුව යන නිපැයුමක් ලෙස කලින් ලිපි තුලින් තහවුරු කලෙමි. ඉහත කී "දෙයාකාර හැසිරීම" තාරය හා අවතාරය ගත් කල ද සැබෑ වේ. එනම් තාරය යනු ඇති වී නැති වන බව දෙයක් බවත්, අවතාරය යනු එසේ නොවන දෙයක් බවත් ය. තවත් බෙදීම් කල විට, තාරය දෙමව්පියන්ගෙන් ලැබුන ද, අවතාරය එසේ නොව, වෙනත්  ඒකීය බවක් ඇති නිපැයුමක් බව පරිසර දත්ත පෙන්වයි.

මෙම "දෙයාකාර හැසිරීම" ගත් කල, අපේ අවයව තුලින් ද එවැනි බවක් පෙන්වනවා නේ ද? පරිසරික ලෙස ගත් කල, ආහාර දිරවන පද්ධතියේ ඇති උපාංඟ එකක් වුව ද, එයින් අඩක් හෝ ක්‍රියා කරයි නම් පණ නොනැසේ. එතැනින් නොනැවතී, මෙම ක්‍රියාවලිය දරුවන් බිහිවීම තුල ද ඇති බව තහවුරු වේ. එ නම්, ලොකු දරුවා බිහිවන ආකාරයට වඩා ප්‍රතිවිරුද්ධ ආකාරයකින් දෙවැන්නා බිහිවීමයි. තුන්වන දරුවා දෙවන දරුවාට ප්‍රතිවිරුද්ධ ආකාරයකින් බිහි වුව ද, කිසි ලෙසකින් පළමු දරුවාට සම නොවේ. හතරවන දරුවා තුන්වන දරුවාට ප්‍රතිවිරුද්ධ ආකාරයකින් බිහි වුව ද කිසි ලෙසකින් පළමු (ලොකු) දෙවන හෝ තුන්වන දරුවාට සම නොවේ. එහෙත් අණුපිළිවෙල තුල, එක ළඟ උපදින දෙදෙනෙකු අතර පොදු වූ අර්ධයක් ද ප්‍රතිවිරුද්ධ වූ අර්ධයක් ද ඇති බව තුලින් මෙම "දෙයාකාර හැසිරීම" එළි දැක්වේ. මෙම අපූරු හැසිරීම සියලු ජීවීන්ගේ බිහිවීමට ද ගැලපෙන බව දුටුව ද ඒ ගැන කතා නොකරමි. මෙහි දී අදහස් කලේ හැම ජීවියටම ජීව ලෝකයේ තමන්ට හිමි තැන නිර්ණය වීම මේ හැසිරීම අනුව කල බවයි.

"දෙයාකාර හැසිරීම" තහවුරු කරන ජීවීන්ගේ හැසිරීමක් ගනිමු. තණකොල කා වැඩෙන සතෙකුත්, ඌ මරාගෙන කා යැපෙන සතෙකුත් ගමු. මෙහි දී, තණකොල කා වැඩෙන එකා මරා කා යැපෙන සතා ම, තම වර්ගයා හා මාරක සටන් කර ගොදුරුවන සතුන්ට ඇති තර්ජනයක් ඉවත් කිරීම තුලින් උන්ගේ ආරක්ෂකයා ද වේ. මරණ ආකාරය ගතහොත් ගොදුරු වන සතා හැදී ඇති ආකාරයත්, උගේ හැකි බැරි කම් ගැනත් දත් බව මරන ආකාරයෙන් තහවුරු වේ. උදාහරණ ලෙස ගෙල හිර කර හුස්ම ගැනීම වලකා මැරීමට නම්, ගොදුරු වන සතාගේ පියවි ඇසට නොපෙනෙන හුස්ම ගන්නා ආකාරය ගැන ද දත යුතු ය. මෙතුලින් බැලූ විට, මරාගෙන කන එකා, ගොදුර වීමද අවශ්‍ය වේ. එනම් ඒ ගැන දන්නේ ගොදුර පමණක් නිසා ය. ගොදුරු ඩැහැ ගැනීමට යොදන උපාය ගත් කල, එය පුරුද්දෙන් උරුම වූවකට වඩා ජන්මයෙන් ලැබූවක් බව පෙනේ. එනම් ජීවත්වීමට අවශ්‍ය දැනුමකි. මෙවැනි දැනුමක් ඇති සතෙකුට ඉන් එහාට යාමට බැරි ඇයි ද යන්නට පිළිතුරු සෙවීම තවත් වැදගත් දේ හෙළි කරනවා. එය මෙම මාතෘකාවට අදාළ නැති නිසා නවතිමි.

මම "දෙයාකාර හැසිරීම" ගැන කීවේ, ඊ ළඟට ලියන ලිපි තුල දෙමව්පියන්ට දාව උපදින දරුවන් අතර වෙනස පැහැදිලි කිරීමට ය. මෙහි දී ලොකු, මද්දුම, හින්නි හා ඩිංඟි දරුවන්ගේ බිහිවීම් රටාව කී "මිනිසුන් අතර වෙනස සිංහල ජන සමාජය විශ්ලේෂණය කර හදාරමු." යන ලිපියේ තොරතුර ද මනාව දැන ගැනීම වැදගත් වේ.

දැන් "ජීව තීර (ස්ථීර) බව" හෙවත් ජීවතය තුල පවතින ස්ථීර බව ගැන යමක් කිව යුතු ය. ඉහත කී "දෙයාකාර හැසිරීම" තුල බිහිවීමත් සමඟ, එසේ බිහිවන ජීවයේ ස්ථීර බවක් ඇති වීම ය. මෙය, සරල ව, ගත (තාරය) හා සිත (අවතාරය) එකතු වීම "දෙයාකාර හැසිරීම" තුලින් බිහි වුව ද, බිහි වූ ජීවයේ ඇති ස්ථීර බවයි. එසේ ස්ථීර නොවේ නම්, බිහි නොවීම හෙවත් දරුඵල අහිමි වීම, ගබ්සා වීම වන බව දනිමු. ඉපදුන ද, බාහිර අයට තේරුම්ගත නොහැකි සියදිවි හානි කරගැනීම තුලින් ජීවිතය කෙළවර කිරීම මෙම "ජීව තීර (ස්ථීර) බව" කොතරම් වැදගත් වේ දැයි කියනවා. එසේ නම් මෙවැනි වැදගත් දෙයක් දැන ගැනීම අත්‍යාවශ්‍ය දෙයක් නේද?


ජීවයේ ඇති ස්ථීර බව, උපතේ සිට ස්වාභාවික හෝ බාහිර හේතු නිසා නැසීම දක්වා තමන් ගෙවන ජීවිතය තුලින් දිස් වේ. දැන් මෙය පැහැදිලිකර ගනිමු. උදාහරණ ලෙස මිනිස්කම ඇති දරුවකු ඉපදුනා නම්, ඔහු ගතෙන් කරන ක්‍රියාවලින් හා නොකරන ක්‍රියාවලින් ද, ඊට අනුරූපව සිතන හා නොසිත දෑ තුලින් ද ගැටුමක්, අර්බුදයක් නොවී ගැලපෙන බවක් පෙන්වයි. මුල් කාලයේ සමාජීය බලපෑම් නිසා එසේ නොවූවත් කාලය සමඟ තම ස්ථාවර තලයට ළඟාවේ.

ඉහත කී දෑ මිනිස්කමට පමණක් සීමා නොවේ. තිරිසන් ගති ඇත්තෙකු ගත් කල ඔහුට සරිලන තාරික හා අවතාරික ස්ථාවර බවක් ලැබේ. මිනීමැරීම වැනි දරුණු ක්‍රියාවක් ගත් කල, ඊට ම සරිලන සිතිවිලිත්, තුන්කල් ගත් කල, ගැලපෙන හැසිරීමකුත් උරුම ය. ක්‍රියාවට සරිලන හැඟීම් ද හැඟීම් වලට සරිලන ක්‍රියාවන්ද ඇති ජීවියෙක් වේ.

අමනුෂ්‍ය ගති ඇත්තකු ගත් කල ද, තමන්ටම ආවේනික ස්ථීර බවක් පෙන්වයි. මනුෂ්‍යයන් නොකරන වැඩ කිරීමට, ප්‍රතිවිරුද්ධ ගති ඇති ජීවියක් උරුම වේ. උදාහරණයක් ගතහොත්, අශූචි මුත්‍ර බුදින්නකු නම්, තමන් එය කරන විදිය හරි යයි දකී. එසේ නොකිරීම වැරදි යයි දකී. තම තාරික හා අවතාරික හැසිරීම, තමන්ගේ හැසිරීම ගැටුමකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය සමබරතාවයක්,  ස්ථාවර බවක් පෙන්වයි.

මූසලයෙක් ගත් විට, සෑම නීතියක් ම රීතියක් ම නැසීමටත්, තමන් කරන දේ තුල ස්ථාවර බවක් පෙන්වීමත් සිදුවේ. සොරකම් කරන්නේ තමන්ගේ දෙයක් ගන්නා ලෙස ය. සම්මතයක් කඩන්නේ එය වැරදි දෙයක් ලෙස ගෙන ය. හැසිරීමට ම සරිලන ප්‍රතිචාර ද ඇත.

ඉහත කී දෑ ගැන බොහෝ විවරණ පසුවට තැබුව ද, මෙහි දී දිග හැරියේ, ජීවයක් ලෙස බිහිවීමට රුකුල් දෙන ප්‍රබල අංඟ දෙකක් ගෙන හැර පෑම ය. මෙතුලින් ජීවය යනු අංඟ සම්පූර්ණ ඒකකයක් මිස, එතුල කිසිදු අස්ථාවර බවක් නැති බව ය. මෙම තොරතුරු තුලින් දරුවකු බිහිවීමත්, ඊට අමතරව නැවත නැවත බිහි වීමත් යන ක්‍රියාවලට මුල් වන පදනම ගොඩ නැගුවෙමි. ඒ තුලින් ලෝකය දිහා බැලීම අප දකින දේට වඩා කොතරම් වෙනස් ද? ඉහත කී දැනුම ජීවීන්ට වඩා ඉහලට යන්නක් බව තහවුරු වේ.

ඊළඟ ලිපිය තුලින් ඉපදීමට බැඳි නැවත නැවත ඉපදීම යන කරුණ පිළිබඳ සිංහලයන් දැරූ මතය විවරණය කරමි. ඒ සඳහා මේ ලිපියත්, ඉහත සඳහන් කල ලිපියත් ඉතා වැදගත් කියවීම් ය. මෙතෙක් ලියපු දෑ අවබෝධ කර නොගැනීම තුලින්, ඉදිරියට කියන දේ දුරස්ථවීම නිසා අතරමන් විය හැක. සංකීර්ණ දේ කරන කියන විට, රටාවකට ඇරඹීම අවශ්‍ය බව නොරහසකි.

කී බොහෝ තොරතුරු තමන් සිංහල යයි කියන අයට ඉතා වැදගත් වේ. එනම් "සිංහල" යන වදනේ සැබෑ අරුත දීම නුදුරු ලිපියකින් කිරීමයි.


Saturday 5 October 2013

බෞද්ධයන් (බුද්ධිමතුන්) ලෙස අද පෙනී සිටමින්, හින්දූන් බිහිකල මතයක් වන නිර්වාන් (නිර්වාණය) සොයා යන අයගෙන් ප්‍රශ්ණ වැලකට පිළිතුරු ඉල්ලීමක්

මෙතෙක් මා ලියපු ලිපි තුලින් බෞද්ධයන්, හින්දූන්, ක්‍රිස්තියානීන්, මූසලයන් අදහන දේ දැඩි ලෙස හෙළා දුටු බව රහසක් නොවේ. එය, මටත් වඩා, ඇත්ත සොයන මට, නොපෙනන අය මා ඉදිරියේ දිග හැරි සිදුවීම් වලට මා දැක් වූ ප්‍රතිචාරයයි. මීට මාස කිහිපයකට පෙර ආ ගමනේ ද, අතීතයේ සිටියා යයි කියන දෙවියන් සැබැවින් ම ඇඳි රෙදි ගැනත්, මනුෂ්‍යකම පිළිකුල් කරන මනුෂ්‍යයන් ම කොටසක් වූ බෞද්ධයන් බවට පත්වූ ජීවීන් කවු ද යන්නත්, දැන ගැනීම මගේ උත්සාහයේ කොටසක් විය. නොපෙනෙන අය පෙනෙන දේ තුලින් මනා ව අංඟ සම්පූර්ණ පිළිතුරු සොයා ගැනීමට උදව් වුනා. ඒත්, මට බෞද්ධයන්ගෙන් ම දැනගත යුතු ප්‍රශ්ණ කිහිපයක් මෙසේ ලියමි. ඔබ හෝ දන්න කෙනෙක් ලවා, පිළිතුරු ප්‍රතිචාරයක් ලෙස හෝ ඊමේලයක් ලෙස miniskama@gmail.com වෙත එවා දන්වන්න.

ප්‍රශ්ණ 1:

ඕපපාතික වීම යන්න සරල සිංහල වචන යොදා උදාහරණ දී පහදන්න? දෙමාපියන් නැතුව ඕපපාතික වේ ද? මිනිසුන් ඕපපාතික නොවන්නේ ඇයි? මැවීම කියන්නේ ඕපපාතික වීම ද? නොවේ නම් පහදන්න. ඔබ කියන දෙවියන් මැවුනා ද? ඕපපාතික වුනා ද?

ප්‍රශ්ණ 2:

සිත යනු මොකක් ද? එය හැදෙන්නෙ කෙසේ ද? එය සිතිවිලි ඇති කරන්නේ කෙසේ ද? පවතින්නේ කෙසේ ද? නැසෙන්නේ කෙසේ ද?

ප්‍රශ්ණ 3:

කර්මය කියන්නේ මොකක් ද? එය පවතින්නේ කෙසේ ද? සංසාර ගමනේ දී උපතින් උපතට යන්නේ කෙසේ ද? කර්මය ඵල දෙනවා කියන්නේ මොකක් ද? එසේ ඵල දේ නම් කෙසේ ක්‍රියාත්මක වේ ද? ඉබේ වෙනවා ද? බාහිර බලපෑමක් ද? එකම ක්‍රියාවට දෙවිදියකට කර්මය ඵල දෙනවා ද?

ප්‍රශ්ණ 4:

ජීවිතය නිවිය හැකි ද? ඊට කලින් එහි කොටසක් නිවන හැටි කියන්න? අත නිවිය හැකි ද? ගල් කැබැල්ලක් වැනි දෙයක් නිවිය හැකි ද? සිත නිවෙනවා ද?

ප්‍රශ්ණ 5:

මිනිසකු වීම දුකක් යයි කීම පරම සත්‍යයයක් ද? එසේ නම් සතෙකු වීම ඊට වඩා අඩු හෝ වැඩි දුකක් ද? සතුන්ට නිවනට යන්න බැරි ඇයි?

ප්‍රශ්ණ 6:

දැනුම කියන්නේ මොකක් ද? දැනුම පහල වෙනවා ද? පහල වේ නම් ඒ කෙසේ වෙනවා ද? සතුන්ටත් දැනුම පහල වෙනවා ද? දැනුමත් ඕපපාතික වීමක් ද?

ප්‍රශ්ණ 7:

හිඟමන් (පිණ්ඩපාතය) යැද යැපීම උතුම් දෙයක් ද? හිඟමනින් යැපෙන්නන්ට හිඟමන් දීමට තව කොටසක් අවශ්‍ය නැද්ද? හිඟමනින් යැපෙන්නන්, බව භෝග වගා කරන ගොවියන්ට බර වැඩි නොකරයි ද? ගොවියන් අත පය සවියෙන් කරන දෙයින් යැපෙන හිඟනුන්ට, අත් පා ලැබුනේ මොකට ද? නිරෝගී බවට ගත භාවිතා කල යුතු නැද්ද? හිඟමන් යදින්නකු තම ජාතියට උරුම කරන්නේ මොනවා ද? හිඟමන් යැද යමක් නොලැබේ නම් මොකක් කල යුතු ද?

ඔබ මාර්ග ඵල ලැබූවකු දන්නේ නම්, ඔහුගෙන් මට ඇසීමට තව ප්‍රශ්ණ ඇති බව කියමි. අතුරු ප්‍රශ්ණයක් ලෙස මෙය අසමි.

අතුරු ප්‍රශ්ණ 1:

ඔබ බැහැර කරන හිරු (හූරා) යන දෙවියන් ගැන ආනන්ද මෛත්‍රීය භික්ෂුව විශ්වාස කලේ ද? ඔහු විශ්වාස කලා නම් මිථ්‍යාදෘෂ්ඨිකයෙක් ද? (ඔහු බොහෝ දේ ලියා ඇත.)

අතුරු ප්‍රශ්ණ 2:
 

මා ඔබේ වර්ගයේ බෞද්ධයකු නොවන නිසා, ඔබ මා ක්‍රිස්තියානීකාරයෙක් ලෙස සලකන්නේ නම් මෙය අසමි. ඔවුන් දේව පූජාවක් ලෙස ජේසුස් ගේ මස් කියා පාන් පෙත්තක් කා, ජේසුස් ගේ ලේ කියා වයින් බොන බව දන්නවා ද? එය අමනුෂ්‍ය ක්‍රියාවක් ලෙස මම කියන්නේ නම් ඔබ පිලි ගනී ද? මනුෂ්‍යකම පිළිකුල් කිරීම තුලින් පෙන්වන්නේ මනුෂ්‍ය ගතියක් ද?

අතුරු ප්‍රශ්ණ 3:

ඔබ මා මූසල ආගමට සම කරන්නෙක් ද? එසේ නම්, දරුවන් කුසගින්නේ අඬන කොට කිසි පිහිටක් නොලබන මූසල ගැහැණියක්, තම දරුවන් රැකීමට ගණිකාවක් වේ නම්, ඇය ගල් ගසා මැරීම අමනුෂ්‍ය ක්‍රියාවක් ලෙස මම කියන්නේ නම් ඔබ පිලි ගනී ද? කල යුත්තේ ගැහැණුන් එවැනි දුක්ඛිත තත්ත්වයට වැටීමෙන් වැලකීම නේ ද? අද ඔබේ ආගම අදහන බොහෝ කතුන් මූසලයන්ගේ කුස්සි වැඩට යෙදෙන බව දන්නවා ද?
 
අතුරු ප්‍රශ්ණ 4:

ඉන්දියාවේ පෙර කල සිටි අයෙකු වන මහා වීර් කියන්නේ කවුද? මහා වීර් සිටි යුගයේ ජීවත් වුනා යයි කියන ඔබේ ආගමේ නායකයා කියන්නේ, සිදට් ගෝතම් බුද් නමැති හින්දි කෙනාට ද? ඔවුන් දෙදෙනා ම බුද් ලා යයි කියා ගත් බව කියවේ. ඔබ එය පිළි ගන්නවා ද? සිදට් ගෝතම් බුද් නමැති හින්දි කෙනාගේ මව මායා බවත්, පියා ශුද්‍ර බවත් කීම වැරදි ද? එසේ නම් හරි හින්දි නම් කියන්න. ඔහු බ්‍රාහ්මණ කුලේ නම් තම කුලයට නිග්‍රහ කරන්නේ ඒක ශ්‍රේෂ්ඨ නොවන නිසා ද? ඔහු රාජ කුමාරයෙක් නොවේ යන මතය බොරු ද?
 
පසුවදන:

මෙම ලිපිය ද මම නොකඩවා කරන ඇත්ත සෙවීමේ කාරියේ කොටසක් බව කියමි. ඔබ යමක් දන්නේ නම්, එය මට මග පෙන්වීමක් ලෙස සලකමි.

Friday 4 October 2013

හින්දූන්ට "ආයූර්වේදය" වූ සිංහලයන්ගේ "ආයු වැඩිකරන විදිය" දෙන දැනුම - පස්වන කොටස

බටහිර වෙදකම හා සැසඳීම


සිංහල දේවල් ගැන කියන කොට බටහිර වෙදකම ගැන කතා කිරීම සරඳමක් නොවේ. ඊට හේතුව අද සිංහල කතා කරන බහුතරය පමණක් නොව, ලොව පුරා විසිර සිටින හැම මිනිසාම මේ බටහිර වෙදකම භාවිතා කරන දෙයක් වීම ය. ඒ විතරක් නොව බොහෝ තිරිසන් සතුන්ට ද බලෙන් ප්‍රතිකාර කරන විදියකි. ඊට සහායට ගොඩ නැගී ඇති කර්මාන්ත හා වෙළඳ පදනම ගත් විට, ප්‍රධාන අවශ්‍යතාවය වන ආහාර නිපදවීමටවත් ඒ තරම් දායක වීමක් නැත. මුදල් උපයන කප් රුකක් ලෙස මෙම වෙදකම ප්‍රචලිත ය. ඒ සියල්ලට ම වඩා වැදගත් වන්නේ මිනිසා පමණක් නොව ඒ වටා ඇති සියලු ජීවීන් අතුගෑවී යන තැනට තල්ලු කල මහා බලවේගයේ ප්‍රධාන අංඟය ද එය වීමයි.

අපි සිංහල දැනුම ගැන කියන කොට, වසර තිස් දහසකට පෙර අතීතයකට යමු. එසේ නම් බටහිර වෙදකම ඊට වඩා දිග ඉතිහාසයක් තියෙන දෙයක් විය යුතු ය. අවාසනාවට, එහි හිමිකරුවන් ම කියන විදියට මීට වසර තුන්සියයකට පෙර බිහි වී ඇත. ඊට පෙර, වඳුරන් ඊට වඩා ප්‍රතිකාර කෙරුමට දක්ෂ බව පරිසර සාධක පෙන්වයි. මෙම වෙදකමේ ආරම්භය ගත් කල, පටන් ගත්තේ ගස්වැල් වල සාරය ගෙන මිශ්‍ර කර බෙහෙත් ලෙස අලෙවි කිරීමෙන් බව කියවේ. ඊට අමතර ව අතට අහුවෙන ඕන දෙයක් දමා මිශ්‍ර කිරීම ද විය. මේ සෙල්ලමේ ප්‍රථිඵලය වූයේ වස විෂ කා නැසීම හා නා නා ප්‍රකාර දේ මිශ්‍ර කිරීමේ දී පිපිරීම වැනි අනතුරු වීමය. මේ සියල්ල ඇරඹුනේ ලොකු කියා ගත් පුංචි දූපතක කොටසක් වූ එංගලන්තයේ ය. ඒ කාලයේ ලංකාව, ඉන්දියාව මේ "පුංචි" රටේ යටත් විජිත බවට පත් විය. ගස්වැල් වල සාරය ගෙන මිශ්‍ර කර බෙහෙත් හැදීම අතීතයේ සිට මේ රටවල සිදු විය. එසේ නම්, යටත් විජිත වලින් උකහා ගත් සම්පත් මෙන්ම මේ ක්‍රියාවන් ද අණුකරණය කලා යයි කීම නිවැරදි ය. මේ කීම සුද්දගෙ කටින් හා ක්‍රියාවන්ගෙන් තහවුරු කර ගැනීමට "වික්ටෝරියන් ඵාමසි" යන  තොරතුරු නැවත ගොඩනඟන තිත්රූවාහිනී තැටිය බලන්න.

සියල්ලට ම වඩා වැදගත් වන්නේ, මලයාලි හිඟනුන්ගෙන් පැවතෙන උන්, අල්ලාගත් කොළණි ආණ්ඩුව, රට විකුණා මිලයට ගෙන පිනට දී සිංහල කතා කරන අහිගුණ්ඨික මිනිසුන් නසන ප්‍රතිකාර ක්‍රමය ද මෙය වීමය. මේ ප්‍රතිකාර කරන විදිය තුල මුල් තැන ගන්නා දොස්තරලා රටේ ඉහල සමාජය ලෙස ගැනේ. ඒ ගැන පුදුම වේ නම්, සිංහල රට ආක්‍රමණය කල සුද්දා සමඟ එකතු වී සිංහල ජාතිය නසන උන්, රටේ නායක කාරකාදීන් වීම ආශ්චර්යයක් විය යුතු ය. මෙම ප්‍රතිකාර සොයන අය ඇග පත කපන කොට හැසිරෙන්නෙ තමන්ට ගත අයිති නැති ලෙසය. දෙන පෙති කරල් ගිලින්නේ බඩ කර්මාන්ත ශාලාවක රසායනික ද්‍රව්‍ය එකතු කරන කල්දේරමක් යයි සිතා ය. එවන් පසුබිමක බටහිර (ඉංග්‍රීසි) වෙදකම යනු මොකක්දැයි කීම සිංහලයන් සතු දේ ගැන කියනවාට වඩා වැදගත් ය.

මේ ප්‍රතිකාර කරන විදියට අනුව සරල ව කතා කරනවා නම්, ඇඟ රත්වීම (උණ), කැස්ස, පපුවෙ සෙම ගතිය (සිදුරු කුඩා වීම නිසා නඟන හඬ), බඩ යෑම බෙහෙත් ගත යුතු රෝගයන් ය. ඒ බෙහෙත් ගත් විට ඵලයන් වන, දාඩිය දමා ඇඟ සීතල වීම, සෙම වියලී යාම හා බඩ වේලීම වුව සිදුවේ. රෝගය සනීප වේ. ඊට පසු හැදෙන වලිප්පුව (අධික උණ නිසා සිහිසුන් වීම), අධික හිස රදය, උගුරේ රෝග, පීණස, ඇදුම, සෙම් ගෙඩි, කල්යාමේදී මලබද්ධය, ලේ වහනය වීම, ගෙඩි, වණ, පිළිකා, අධික රුධිර පීඩනය, සීනි වැඩිවීම, ලේ වල තෙල් මන්ද වැඩිවීම තවත් රෝග ලෙස සැලකේ.  මා මේ තොරතුරු කීවේ මේ වෙදකම භාවිතා කරන අයට බහුලව ඇති රෝග ගැන මතක් කිරීමටය. බොහෝ ලෙඩ ගැන දරණ මත වෙනස් නිසා සරල උදාහරණයකින් මෙම ප්‍රතිකාර ක්‍රමය හඳුනා ගනිමු. ඊට කලින්, මේ සඳහා යොදන බෙහෙත් ගැන කිව යුතු ය. බොහෝ බෙහෙත් වර්ග, කෘථීම නිෂ්පාදන තත්ත්ව යටතේ නිපදවන, පරිසරයේ කිසි දා නොතිබුන ද්‍රව්‍යයයන් වේ. ඒ අතරට ස්වාභාවික පරිසරයේ ඇති සත්ව හා ශාක කොටස් ද රසායනික සංයෝග සමඟ මිශ්‍ර කර බෙහෙත් හදන බව කිව යුතු ය. මේ කර්මාන්තයට ඇති බැඳීම් තුලින්, ගොටු කොල, සෙනෙහෙ කොල වැනි සිංහල බෙහෙත් වලට යොදන දෑ ද ඇති බව දනිමි. එවැනි තවත් දේශීය ද්‍රව්‍ය පමණක් නොව පැහැරගත් දැනුම ද යොදන බව කිව හැක.

ඇත්තටම, ඉංග්‍රීසි (බටහිර) වෙදකම මමත් බැරිම වෙලාවට ප්‍රයෝජනයට ගන්න එකක්. ඒත් බොහොම පරෙස්සමෙන් කරන්නෙ. උදාහරණයක් ගත හොත්, හිසේ අමාරුවට පැනඩෝල්වත් ගත්ත කාලයක් මතක නෑ. මෑතකදී පාරිසරික හේතු නිසා ඇතිවුන තත්වයක දී, වැරදි පරීක්ෂණ විදියක් නිසා ලිප්රෝ කියන වස ගත්තා. වස වුනත් බොන විදිය අනුව බලපෑම අවම වෙන විදියට ගත හැකියි. මේ තත්ත්වයට මම වුනත් මුහුණ දෙන්නෙ ජීවත් වන පරිසරය අනුවයි. මේ ටික කීවේ ඉංග්‍රීසි (බටහිර) වෙදකම කියන්නෙ ඒ මිනිසුන් ජීවත්වන රටාවට උචිත ව සැකසුන බව කියන්නයි. ඒ තුලින් ඉංග්‍රීසි (බටහිර) වෙදකම හා සිංහල විදිය අතර වෙනස පැහැදිලිවම දැකිය හැකියි. ඉංග්‍රීසි කියන්නේ මස් පමණක් ප්‍රධාන ආහාරය කර ගත් කොටසක්. ඒ නිසා මස්, ඇට, කටු කැපීම කියන එක බොහෝම සරල දෙයක්. පලා ලියනවාට වඩා පළපුරුදු දෙයක්. අදහන ආගමට අනුවත්, ජීවිතය මේ උපතට සීමා වූ දෙයක්. ඒ කියන්නෙ උපත හා විපත අතර ඔක්කොම සෙල්ලම් කල යුතුය යන හැඟීම සමාජ සම්මතයයි. අපි හිත කියන එක ගැන ගොඩක් දේ කීවත්, උන් හිත කියන්නෙ අපි හදවත කියන එකටයි. ජීවන රටාව ඇසෙන් දකින දේ මත රැඳුන එකක්. තමන්ට හරි යයි හිතෙන දේ කරනවා. දෙමාපියන්ගෙ රැකවරණ නීතිය මගින් තමයි බලගන්වන්නෙ. වයස 16  වුනාම බොහෝ දරුවන්ට දෙමාපියන්ගෙ රැකවරණය අහිමි වෙනවා. නෑ හිත මිතුරන් කියන්නෙ බොහොම දුරින් තිබෙන බැඳීමක්. සමාජය තුලින් අළුත් දේ හොඳයි කියන මතය උතුරනවා. ඒ වගේම සතුට කියන එක ලබාගන්නේ, මත්පැන්, කුඩු යොදා සිරුර ආරූඪ කිරීම වැනි දෙයින්. මේ තොරතුරු ලිව්වේ ඉංග්‍රීසි (බටහිර) වෙදකම ක්‍රියාත්මක වෙන පරිසරය හැඳින්වීමටයි.

සිංහල දැනුමේ පදනම ආයුෂ වැඩි කිරීමයි. ඉංග්‍රීසි (බටහිර) වෙදකම  යොදාගන්නෙ ශරීරය වේදනාවෙන් තොරව තබා ගැනීමටත් එමගින් තම රැකියාවට වන අපහසුකම් මග හැරීමටත් ය. ප්‍රතිකාර කිරීම තුල, දීල බැලීමත්, ඵලක් නැත්නම් ඊට ප්‍රබල දෙයක් දීමත් කෙරෙනවා. සිංහල විදියට කියනවා නම් සූදු කෙලිනවා වගෙයි. බොහෝ බෙහෙත් වර්ග ලබාගැනීමට දොස්තර ලියපු වට්ටෝරුවක් අවශ්‍යයි. සමහර ලිප්රෝ වැනි දෑ ගැනීමට පෙර රජයේ අනුමැතිය ගත යුතුයි. මෙවැනි දෑ වැඩිපුර යොදන්නේ වියදම අඩු කිරීමටයි. බොහෝ බෙහෙත් හිස් බඩට බොන්න කියනවා. ලංකාවේ ඒක ක්‍රියාත්මක නොවේ. සමහර රෝග සඳහා ජීවිත කාලය පුරාම බෙහෙත් ගත යුතුයි (ඔබ ජීවිතය පුරා බෙහෙත් ගනී නම් එය රෝගයකට වඩා, රෝගයකට දක්වන ප්‍රතික්‍රියාවක් නැවතීමට කරන උත්සාහයකි). ශරීර අභ්‍යන්තර ලෙඩ සඳහා කපා කොටා විවර කර කෑලි කපා ඉවත් කරනවා. ඒකට සිහිසුන් කිරීම මෙන් ම මස්කඩවල ඇති අවි වලට වඩා තියුණු අවි යොදනවා. විෂ බීජ නැසීමට යයි රසායනිකත් යොදනවා. බොහෝ අය වයසට යන කොට බෙහෙත් පෙති දහයක් පහලවක් දිනපතා ගන්නවා. වයසක අය බලාගන්න තැන්වල ඒ බෙහෙත් දීම සේවකයන්ගෙ රැකියාවේ අනිවාර්ය කොටසක්. මිනිසුන්ට හැදෙන මාරක රෝග ගත්තම, අද දකින කෙනා හෙට මැරිලා වගෙ අත්දැකීම් එමටයි. නා නා ප්‍රකාර පිළිකා රෝග නැති අය සොයා ගත නොහැකි තරම්. අද ලංකාවත් මෙම මට්ටමට ඉතා වේගයෙන් දියුණු වන රටක් බව ළඟදි ආපු වෙලාවේ දී දැක්ක. ඒ නිසා සිංහල කතා කරන අයටත් මම කියන දේ ප්‍රයෝජනවත් වේවි.

ඉංග්‍රීසි (බටහිර) වෙදකම ගැන සරල විග්‍රහයක් කරනවා නම්, සිංහලයන් යොදපු උපක්‍රම වලින් එකක් වන "විෂෙන් විෂ නැසීම" අසීමිතව යෙදීමක් ලෙස දැකිය හැක. විෂ හා තව විෂ භාවිතයේ දී නැසීම පමණක් නොව, කොරේ පිටට මරේ කිව්ව වගේ, එක විෂ මදිවට තව විෂක් එකතු කිරීම ද ප්‍රථිඵල ගත්තම තහවුරු වෙනවා. ඒ කියන්නේ කාපු නයාගෙ විෂ නැසීමට තිත් පොළඟෙකු ලවා දෂ්ඨ කිරීම වගෙයි. ඊටත් වඩා වෙනස් තලයක තමයි අද ඉංග්‍රීසි (බටහිර) වෙදකම තියෙන්නේ. සිංහල විදියට රෝග සුව කිරීමට යොදාගත් සියල්ල ස්වාභාවික පරිසරෙ තියෙන ඒවා පමණයි. අමතර දෙයක් විදියට යෙදුවේ වතුර එකතු කර රත් කිරීමයි. ඉංග්‍රීසි විදියට "ලොවෙත් නැති" කෘථීම ව හදපු රසායනික ද්‍රව්‍ය යොදා ගන්නවා. මෙහිදී තවත් ඉතා වැදගත් වෙනසක් කියන්නම්. සිංහල විදියට බෙහෙත් හදන්නේ, වෙදා හෝ ලෙඩාගේ ආවතේව කරන අය තමයි. ඒත් දොස්තරල බෙහෙත් හදන විදිය තබා ඒකට යොදන දේවල්වත් ගැන හරියට දන්නේ නෑ. සිංහල විදියට ගත්තොත්, දොස්තර කියන්නෙ වෙද පොතකින් වට්ටෝරුවක් පිටපත් කරන්නෙක් පමණයි. බෙහෙත් හඳුනාගැනීමට මුල්වන්නේ විද්‍යාඅඥයෝ ය. ඔවුන් මීයන් වැනි සතුන් යොදා පරික්ෂණාගාරවල නොයෙකුත් රසායනික මිශ්‍රණ අත්හදා බලනවා. හැමදේම පටන් ගන්නෙ අමෘතය හදනවා කියලයි. මෙහෙම කරන කොට කලාතුරකින් කනා ෂොට් වැදුනම, ඒක බෙහෙතක් විදියට බලපත්‍ර අරගෙන කකුල් දෙකේ කතා කරන වඳුරන්ට දීල අත්හදා බලනවා. ඔබ වුනත් එවැනි අත්හදා බැලීම් වලට යොදාගන්න බව ඔබත් නොදන්න දෙයක්. මේවාට සුද්දගෙ හිඟන කොළණිවල රජකරන කටුකන සුද්දන් නීතිරීති හදල වුව අවශ්‍ය පසුබිම සකසන තරම් තුච්ඡ බව කිව යුතුයි. සතුන් හා අත්හදා බැලූ පසු, බෙහෙත් නිෂ්පාදනය ඉංජිමරුවන් හා විද්‍යාඅඥයන්ගෙ මූලිකත්වයෙන් ද, රෝගීන්ට ගිල්ලා අත්හදා බැලීම වට්ටෝරු ලියන්නන්ගේ (දොස්තරලාගේ) ද කාරියන් වේ. වට්ටෝරු ලිවීම ලැබෙන සන්තෝෂම් මත වීම සරල අලෙවි සම්ප්‍රදායකි. ඊට පස්සෙ වසර දහයක් විතර ගියා ම, ඒ බෙහෙත වස විෂ බව තේරෙන කොට අයින් කරල අළුත් බෙහෙත් ගේනවා. මේ සියලු ක්‍රියා වෙන්නෙ දැඩි රාජ්‍ය මැදිහත් වීම් තුලයි. ඒ අස්සෙ අරික්කාල් ගහන පාරකුත් හදල තියෙනවා. රජය යනු, බදු ගෙවයි නම්, ගණිකා වෘත්තිය ද නීතිගත කරන මංකොල්ලකාර ආයතනයක් බව සිහිකල යුතුය. අර තැලිඩොමයිඩ් කියන අපූරු බෙහෙත ගැන ඉතිහාසය දුටුවොත්, නියඟලා කාලා මැරෙන එක හොඳා කියල හිතෙන්නත් පුළුවන්.

ජීවිත බිහි වූ හා පවතින දැනුම යොදා විග්‍රහ කල විට, සිංහල විදිය යනු ජීවයේ කොටසක් වන නඩත්තු ක්‍රියාවලිය යොදා ගෙන රෝග කාරක ඉවත් කිරීමයි. කැහි සෙම හොටු යනු ශරීරයට ඇතුළු වූ බාහිර දෑ පිටතට ගෙන ඒමේ ප්‍රථිඵලයන් ය. එසේ ම හොරි, ගෙඩි යනු ද අභ්‍යන්තරයේ ඇති දෑ ඉවත් කරන උපක්‍රම වල කොටසකි. උණ යනු බාහිරයෙන් ආ අනවශ්‍ය කොටස් ඇඟ පුරා විහිදෙන විට කරන අරගලයේ ඵලයකි. එතුලින් සතුරු වර්ධනයන් ද අඩපණ කරයි. බරපතල අවස්ථා වල දී, අඩපන වීම, එක්තැන් වීම, සිහිසුන් වීම සිදුවේ. අරගලයෙන් පැරදුනොත් මරණයට ගොදුරු වේ. සිංහල විදියට පෙර-වැලකීම තුලින් බොහෝ ලෙඩදුක් හැදීම වලකයි. හැදුනු විට, ජීවයේ කොටසක් වන නඩත්තු ක්‍රියාවලිය පණ ගන්වා ඊට අවශ්‍ය පසුබිම සකස් කර දෙයි. ඒ සඳහා අවශ්‍ය තත්ත්වය රැකීමට ගතයුතු කලයුතු දෑ තීරණය වේ. එහෙත් ඉංග්‍රීසි විදියට ජීවයේ කොටසක් වන නඩත්තු ක්‍රියාවලිය ගැන එතරම් තැකීමක් නැත. කරන දෑ පාලනයක් ද නැත. ප්‍රතිකාර කරන විට ද උත්සන්න වූ රෝගී බවක් ඇත. එසේම, රෝගීන් ගත් කල ජීවයේ කොටසක් වන නඩත්තු ක්‍රියාවලිය වැනි දෙයක් නොපවතින තරම් ය. එය ජීවන රටාව තුලින් නැසී ඇතැයි කීම වැරදි නැත. ජීවිත ඉතා සීමිත රටාවකට හැඩ ගැසුනකි. ලෙඩ රෝග බොහෝ නම් ජීවයේ කොටසක් වන නඩත්තු ක්‍රියාවලිය  අඩපණ වෙන බව කිව යුතු නොවේ.

ඉහත කී දේ උදාහරණයකින් ගත් කල, වස විෂ සිරුරෙන් ඉවත් කිරීම වකුගඩු තුලින් වේ. සමහර දෑ සමඟ අංඟ හැදී ඇති මූළික කොටස් (සෛල) ගැටෙන විට ඒවායේ නැසීමක් වේ. එසේ දිගටම වූ විට, නැවත බිහිකිරීමේ වේගයට වඩා නැසීමේ වේගය වැඩි නම්, විනාශ වීම දිගට ම සිදුවී ශරීරය රකින තත්ත්වයට වඩා පහලට යත් ම මාරන්තික වේ. අද, කෑම, බීම, හුස්ම ගැනීම, හමෙන් ඇතුළු වීම ගත් කල, ජීවය මුහුණ දෙන අභියෝගය ගතහොත් මිනිසුන් පැවතීම ද පුදුම විය යුත්තකි. අතිරේක උපාංඟ හා විදි නොවන්නට එය වෙනවාමය. අද බටහිර වෙදකම ලබන අයගෙන් කී දෙනෙක් නිරෝගී ද යන්න බැලූ විට, සංක්‍රමණිකයන් නොවන්නට බොහෝ ජාතීන් වඳ වී ගොස් ය. උන් රැගෙන යන නීරෝගි කොටස් එකතුවීම නිසා තාවකාලික විසඳීමක් වුව ද, ක්‍රමයෙන්, උන් ද අර තත්ත්වයටම පත්වීම අත් දැකීමයි.

අපේ ජීවිත ගත් කල කෙසේවත් අපි භාවිතයට නොගන්නා දෑ බොහෝ ය. උදාහරණ ලෙස නියඟලා කෑවොත් මැරෙන්නේ ය. ස්වාභාවික පරිසරයේ ඇති ගල් වුව කෑවොත් මරණයට ආවැඩීමක් වේ. ස්වාභාවික පරිසරයේ බිහි වූ ශරීරය එවන් දෙයටත් එසේ වේ නම්, පරිසරයට එක් වූ කෘථීම දෑ වලට කෙසේ මුහුණ දේ දැයි අණුමාන කිරීම ඔබට භාර කරමි. ශරීරය ගොඩ නැඟී ඇත්තේ ජීවත් වීමේ දී අත්දකින අභියෝග වලට මුහුණ දීමට ය. එවැන්නකට බලෙන් කෘථීම දෑ ගිල්වීමේ ආනිසංශ අවබෝධ කරගැනීම පහසු ය. එවැනි තත්ත්වයකදී ඇතිවන ඵල ඉංග්‍රීසි වෙදකමේ ප්‍රථිලාභ නෙලාගත් අය ක්‍රියාවෙන් පෙන්වති. සතුන් ආදර්ශයට ගත හොත්, ඉංග්‍රීසි වෙදකම  බිහිවීමට කලින් විදියට ජීවත් වී, ලෙඩ දුකෙන් මිය යාම ද සුදුසු විකල්පයක් ලෙස ගත හැක. ඉංග්‍රීසි වෙදකමේ ප්‍රථිලාභ ලෙස නෙලා ගත් ලෙඩරෝග වලට සිංහල විදිය තුල ද විසඳුම් නැත්තේ එය ස්වභාවයට පටහැනි නිසා ය. මිනිසුන් වී තිරිසනුන් නොවිඳිනා දුක් උරුම වීමට කල වරද ගැන බැලූ විට, දේව කෝපය ගැන කී ලිපිය සිහි විය. දෙවියන්ට මුවා වී සියලු සතුන් බිහි වූයේ මිනිසාගේ අවශ්‍යතා සපුරාලීමට යයි කියා, තිරිසන් බවටත් පහලට ගොස් තිරිසන් සතුන්ට කරන අපරාධ තුලින් දෙවියන් කෝප ගන්වා, මිහිපිට ජීවත් වන තිරිසන් සතුන්ටත් අන්ත ජීවිත ගත කිරීම බලාපොරොත්තු විය යුතු ය. මිනිස්කම පිළිකුල් කර නිවීමට වෙර දරණ හින්දු ආගමිකයන් ද එලෙසම කබලෙන් ලිපිට වැටි වැටී දහදුක් විඳිමින් හිනාවෙන හිඟන රැලක් වීම ද මෙහි දී සිහි විය.

ඉංග්‍රීසි වෙදකමේ, මස් කිරීම නම් මස් කඩේ මුදලාලිලාට දෙවැනි නැත. ඕන ලෙඩකට මන්න පොරෝ කියත් මානගෙන සිටින්නෙ ගොදුරු ඩැහැ ගැනීමට පනින සතුන් වගේ ය. උගුරේ අමාරුවට බේත් ගැනීමට ගොස් අත පය අහිමි වීම අරුමයක් නොවේ. මෙහි දී උණට බෙහෙත් ගෙන රුධිර පීඩනයට මාස තුනක් බේත් බිව් අය ගැන මතක් කරන්නේ මා මෑතක දී ආ විට ලත් අත්දැකීමක් සිහි කිරීමට ය. ඇඟේ කොටස් කපා දමා, ඒ වෙනුවට ජීවිත කාලයම පෙති ගෙන දුක් විඳින උන් ගැන ද දනිමි. මෙහි දී, කපා කොටා නූලෙන් මැසීම තුල කරන්නේ ස්වභාවිකව අප සතු තුවාල සුවකිරීමේ හැකියාව ප්‍රයෝජනයට ගැනීම බව කිව යුතුය. එදා පොරවෙන් කැපූ තුවාල වෙනුවට අද සිහින් සිදුරු විද කරන කැපීම් කෙටීම් වලට යොදන පිහිතල පාලනයට "මගේ දැනුම" ද දායක වීම ගැන කම්පා වෙමි. මෙහි දී, අද වෛද්‍ය හාස්කම් වලට භාවිතා වන බොහෝ තාක්ෂණික උපක්‍රම, මීට බොහෝ කලකට පෙර සිට ඉංජිමරුවන් අශූචි ගෙන යන බට පිරිසිදු කිරීමට ගත් තාක්ෂණයම බව කිව යුතු ය.

ඉංග්‍රීසි වෙදකමේ ඉතාමත් ම දියුණු තාක්ෂණය වන්නෙ අනුන්ගෙ අවයව කපා බද්ධ කිරීමය. මුල දී උස් හඬින් කීවේ, සතුන්ගේ අවයව බද්ධ කිරීම ගැන ය. අද එය ගැලපෙන මිනිස් අවයව වලට සැර බාල කර ඇත. ඒවා කල විට, ප්‍රතික්ෂේප වීම වැලකීමට බෙහෙත් ගත යුතු ය. ඒ අතරේ මිනිසුන් ඝාතනය කර ශරීර කොටස් විකිණීම ද ව්‍යාපාරයක් වේ. මෙය අනාගතයට ආදේශ කල විට, ඔබ වුව මරා කෑලි ගන්නා තත්ත්වයක් උදා වනු ඇත. ප්‍රශ්ණයකට ඇත්තේ උපතින් උත්සාහයකින් තොරව ලැබුන දේ නැවත නැවත නොලැබුන විට, මේ අනුන්ගෙ අවයව කපා බද්ධ කිරීම මනුෂ්‍යයන් වඳවීමට විසඳුමක් නොවන බව ය. මෙම වෙද චින්තනයට අතීතයක් ද ඇත. එදා මිනීමස් කා යැපුන උන්, අද දේව පූජා මුවාවෙන් පාන් කා වයින් බී එම  සතුටු හැඟීම් රස විදින බව නොරහසකි. දැන් කරන අනුන්ගෙ අවයව කපා බද්ධ කිරීම තුල ද ඇත්තේ ඒ මෘර්ග ගතියම නොවේ ද? එදා මිනීමස් කෑ උන්, අද කරන්නේ මිනීමස් කෑලි ඇඟට අමුණාගෙන ජීවත්වීම නොවේ ද?

සිංහලයන් නොකල දේ ද ඉංග්‍රීසි විදිය තුල ඇත. එනම් බහුතරය ආබාධිත ව උපදින නිසා, ඒ ආබාධ කපා කොටා ඉවත් කර, යකඩ කෑලි වයර් දමා විසඳුමක් ලෙස දීම ය. එසේම විනාශකාරී අවි තුලින් නැසෙන කොටස් කපා කොටා, කෘථීම අංඟ සවිකිරීම ද කෙරේ. හදවත, හන්ධි පමණක් නොව කැඩුණු බිඳුණු තැන් පවා, යකඩ කෑලි ඇණ වලින් සවිකර, පණ ඇදගෙන යාමට කරන උත්සාහය අනර්ඝ තාක්ෂණයකි. ඒවා දිරා, ගෙවී ගැලවී වෙන ජංජාල ගැන සිතීම ඔබට භාරයි. ස්වභාවයෙන් ලද අවයව නසා ඒ වෙනුවට තමන් හැදූ උපකරණ දී බඩ වඩා ගන්නා මුදලාලිලාට ම හරියන, කණකර අභරණ විකුණා ඒවා මිලයට ගන්නා බුද්ධිමතුන් සිටීම ආශ්චර්යයක් නොවේ ද?

මෙවන් ආශ්චර්යමත් පරිසරයක, හෙටක් නැති මනුෂ්‍ය වෙස් ගත් අමනුෂ්‍යයන් කරන අභියෝග අප ජයගත යුතුමය. මගේ උත්සාහය ඊට අවශ්‍ය දැනුම ගොනු කිරීම බව කියමි. මේ ලිපි තුලින් උත්සාහ කලේ අප මුහුණ දෙන සැබෑ අනාගතය කීමයි. ඊට විසඳුම් ඇත. එම හැකියාව ඇති බව සිංහල දැනුම තුලින් දකිමි. හිඟනුන්, මිනී කන්නන් පසුපස නොගොස්, ජීවිතයක් යනු අංඟ සම්පූර්ණ නැවත නැවත බිහිවෙන එකක් කිරීම උත්සාහය විය යුතුයි. ඔබ එම අභියෝගයට මුහුණ දීමට කැමති නම් අවශ්‍ය දැනුම ඇත.

ඉංග්‍රීසි වෙදකමේ ඇති විශ්මිත ම දෙය නම්, එක් එක් රෝගයන්ගෙන් පෙළෙන දහසකුත් එකක් රෝගීන්ට වෙදකම් කරන දොස්තර ද එම රෝගයකින් මරු දැකීමයි. එවැනි අත්දැකීමක් කෙතරම් සුවිශේෂ ද? මෙහිදී මා ලියන දෑ, ප්‍රශ්ණ අවුස්සා ජීවත්වන මාධ්‍යවේදී ඉහඳෙකුට වඩා, ඊට සරිලන විසඳුමක් දත්තකු කරන විග්‍රහයක් ලෙස දකී නම් මැනවි. එදා ආයුෂ වැඩි කිරීමට අනඟි දැනුමක් උරුම වූවන්ට, අද අවශ්‍ය වන්නේ සිතා මතා ජීවිත නසන උන් කරන විනාශයෙන් ජීවිත බේරාගැනීමට අවශ්‍ය දැනුම යයි පවසමි.

මෙයින් වෙදකම ගැන ලිපි නිම වේ.

Wednesday 2 October 2013

හින්දූන්ට "ආයූර්වේදය" වූ සිංහලයන්ගේ "ආයු වැඩිකරන විදිය" දෙන දැනුම - සිව්වන කොටස

ආයුර්වේදය හා සැසඳීම


අද රට තුල ආයූර්වේදයේ (හින්දුකම තුලින් රැඟෙන ආපු සිංහලයන්ගේ "ආයු වැඩිකරන විදිය" දෙන දැනුමේ සොච්චමක) ක්‍රියාකාරිත්වය කොතරම් බලවත් ද කියනවා නම්, ආයූර්වේදය කියන්නේ  සිංහලයන්ගේ "ආයු වැඩිකරන විදිය" දෙන දැනුම යයි සිතන අය බොහෝ ය. මම කලින් ලිපියක, සිංහලයන් සතු ජීවිතය ගොඩ නැඟුණු ආකාරය කියන දැනුම අද වන විට අනාවැකි/පේන කියන හින්දූන්ගේ ජ්‍යෝතිෂයෙන් යට වූ හැටි කීවෙමි. අද සිංහලයන්ගේ රට කෙතරම් හින්දුකමට යට වී ඇති දැයි කියනවා නම්, නිර්වාණය (ජීවිතය නිවීම/වඳ කිරීම) හා අරහත්වීම මුල්කොට ඇති හින්දු කම,  ජීවත්වීම/පැවැත්ම රැකීම හා රහත්වීම (බුදවීම) මුල්කොට ගත් සිංහලකමට වඩා සිංහලයන්ගේ ම දෙයක් වී ඇත. හින්දුකම සංකේතවත් කරන සොහොන් ගැබ් නැති තැනක් නැති තරම් ය. රටේ නම ද මුළුමනින් හින්දුකරණය (ශ්‍රී ලංකා) වී ඇත.  රටේ පාලනය ද හින්දූන් අතේ ය. කේරළයෙන් ආ පාලකයන් පිණවීමට ගෙනා කේරළ බෙර හා නැටුම් සිංහල ජාතික සංකේතයන් ය. අද මාධ්‍යවේදීන් සියල්ලන් ම හින්දූන් ය. මාධ්‍ය තුලින් මුදා හරින සියලු නිර්මාණ හින්දු ජන්මයෙන් බිහි වී ඇත. එවන් පරිසරයක, ආයුර්වේදය සිංහල උරුමයක් නොවී නම් මම පුදුම වෙමි. මේ ප්‍රශ්ණ වැල දිග හැරෙන කොට, හින්දූන් කියන්නේ සිංහලයන් ම ද යන උභතෝකෝටික තත්ත්වය උද්ගත වෙනවා. එහෙත් සිංහල හා හින්දු යනු අනන්‍ය ගුණාංඟ ඇති ජාතීන් දෙකක් බව ඇස් කන් යොමා බැලුවොත් පේනවා. එසේ නම්, මේ හින්දු උරුමයන් සිංහලයන්ගෙ උරුමයන් කිරීමට වෙර දරන්නේ, සිංහල රටට සංක්‍රමණය වී සිංහල බස කතා කරන හින්දූන්ගේ ජන්ම උරුමය නොවේ ද? සිංහලයන් ඉන්දියාවෙන් ආ කොටසක් යයි දෙමළුන් කියන්නේ, මේ හින්දු සංක්‍රමණිකයන් ගැන නොවේ ද? මගේ උත්සාහය මේ වෙනස පැහැදිලි කිරීමයි. සිංහලකම හා හින්දුකම අතර ඇති සම අසම කම් අනාගත ලිපියකින් අනාවරණය කල විට මම කියන දේ වඩා පැහැදිලි වේවි.

ආයූර්වේදය යනු සිංහලයන්ගෙන් රැඟෙන ගිය දැනුම පාදක කොට බිහි වූ දෙයක් බවට බොහෝ අතීත කතා ඇත. මහාවංශයේ ඇති විජේකුමාර්ගේ තැනට ශ්‍රී රාවණයෙක් රිංඟවීමට හෙල ( ඉල හෝ ඊලම්) උරුමයක් ගොඩ නඟන සුළුතරයක් අද ඇත. ශ්‍රී භාවිතය ම හින්දු උපතක් දෙනවා නේ ද? හින්දූන් අතර, මේ ශ්‍රී රාවණයන් කියන්නෙ ඔවුන්ට වෙද හෙදකම් දැනුම දුන් එකා ලෙස ය. ඒ සියලු දැනුම සිංහලයන්ගෙන් පැහැර ගත් දේ නොවේ ද? ආයූර්වේදය යනු හින්දුකම උතුරා යන දෙයකි. එනම් ඇත්ත අස්සේ නැත්ත ඇලී වෙලී දෝරෙ ගලා යාමයි. ඔවුන්ට අනුව අමෘතය වුව තැනිය හැකි කසිප්පු (අරිෂ්ඨ) වර්ගයකි. ගංජා, අබිං, මී බෙටි, ගොම, මුත්‍රා, අශූචි වුව බෙහෙත් ඖෂධයන් ය. අශූචි, මුත්‍රා සමඟ අනා, ආලේප කල විට තුවාල සනීප වේ යයි ලියා තිබෙනු මම දැක ඇත. සියලු රෝග නිවාරණයට ගව මුත්‍රා පානය කල යුතු යයි සිතීම ජාතික උරුමයක් වන කොටසකට, කැලිකසළ වුව ඖෂධ වන්නේ මය. මෙම ආයූර්වේදයේ, සිංහලයන් අප්‍රිය කරන දේ හැර, ඉතිරිය සිංහලයන්ගෙ උරුමයක් කොට එමගින් යැපෙන අය බොහෝ ය. ඒ මදිවට ආයතන පවා බිහිකර නා නා ප්‍රකාර පට්ටම් ලබා ලෙඩ "සුව කරන" අය ද බොහෝ ය.

අද ආයූර්වේදය ලබා ඇති තැනට ආවේ නිකම් ම නොවේ. සිංහලයන් අතරට සංක්‍රමණය වූ මලයාලි හිඟනුන් ලෙස හඳුන්වන දුගී ජන කොටස, මුලින්ම සිංහල වෙදුන්ට ආවතේව කිරීම තුලින් ඇරඹූ ගමන කෙළවර වුනේ සිංහල වෙදුන් ගේ තැන ගෙන ය. මෙම ක්‍රියාවලිය තහවුරු වන්නේ උතුරේ සිට දකුණේ කෙළවරට යනතෙක්, අද පාරම්පරික ප්‍රතිකාර ක්‍රම යයි කියමින් කරන දේවල්, ඉන්දියාවේ කරන කියන දේවල් හා සැසඳූ විට ය. අද දකුණු කොනට ගිය සංක්‍රමණිකයන් බොහෝ වුව ද, තවමත් සිංහලයන්ටම උරුම වූ ප්‍රතිකාර ඇති නිසාත්, ඒවා හා හින්දු උරුමය අතර ඇති පරස්පර බවත් නිසා, ආයුර්වේදය කියන්නේ සිංහලයන් සතු ආයුෂ වැඩිකරන දැනුමෙන් අහුලාගත් සොච්චමක් බව කිව හැක.

මා මෑතක දී ආයූර්වේදය හා බටහිර දොස්තරකම අතර අත්හදා බැලීමක් කලෙමි. මේ වෙදා, දොස්තර නලාව පමණක් නොව එක්ස්රේ පවා යොදාගන්නා මිශ්‍රජාතකයක් ඇත්තෙකු බව පසුව දැන ගතිමි. ඒ ප්‍රතිකාර ක්‍රම දෙකටම වඩා නිකම් සිටීම හොඳ යයි සිතුනේ,  මා ආබාධය සුව කරගත්තේ තිරිසන් සතුන් කරන ප්‍රතිකාර ක්‍රමයක් තුලින් නිසා ය. ඒ තුලින් ඉතා වැදගත් යමක් දුටිමි. ඔහු ප්‍රතිකාර කිරීමට නියම කල ද්‍රව්‍යයයන් නිවස අවට වැඩෙන ඒවා පමණක් වීම ය. ඒවා හින්දූන් දැකලා වත් නැති බව සහතික ය. ඒවා නිසා සිරුර දැක් වූ ප්‍රතිචාර අරුම පුදුම ය. වෙදා පොතපතින් උගත් අයකු බව මැනවින් තහවුරු වූයේ, ඒ බෙහෙත් තුලින් ශරීරයට වෙන බලපෑම් ගැන හැඟීමක් නැතිව දුන් නිසා ය. ඔහු හරියට දැන සිටියේ නම්, එය මට තිබූ සුළු ආබාධයට නොදෙන්නකි. දැන දැන ප්‍රතිකාර ගැනීම තුලින් අද වෙදුන් ලෙස පෙනී සිටින්නේ අධ්‍යාපනයෙන් උගතුන් වූවන් වැනි කොටසක් බව තහවුරු විය.

අද ආයූර්වේදය ලෙස සිංහල සමාජය තුල ඇති ප්‍රතිකාර සඳහා යොදන ද්‍රව්‍යයන් බහුතරයක් සිංහලයන් සතු ආයුෂ වැඩි කිරීමට යොදා ගත් දේශීය ද්‍රව්‍යයයන් ය. ප්‍රතිකාර ක්‍රම ද බොහොමයක් සිංහලයන්ට ම ආවේණික ඒවා ය. එහෙත් අධ්‍යපනය තුලින් බිහිවන්නන්, එය බටහිර දොස්තරකමේ කොටසක් කර ඇත. හින්දු වචන යොදා ඔවුන්ගෙ ප්‍රතිකාර ක්‍රම ද මිශ්‍රකර ඇත. සැබැවින් ම පිස්සගේ පලාමල්ලට නොදෙවෙනි ය. තමන්ගේ ඇදහිලි ද කොතරම් බලපෑම් කරනවා ද? මනුෂ්‍යකම පිළිකුල් කරන, නිර්වාණය පතන හින්දු ආගමිකයන් කරන ප්‍රතිකාර සම වන්නේ දෙවියන් බැහැර කර මලප්‍රේතයන්ගේ සහාය පැතීමට ය.

සිංහලයන් සතු ආයුෂ වැඩිකරන විදිය හා බැඳි දැනුම විග්‍රහ කිරීම සිතා මතා ම අත්හැරියේ, එම දැනුම නුසුදුස්සන් අතට නොදීමට ය. අද සිංහල බ්ලොග් අවකාශය තුල ද මේ දැනුම බටහිරයන්ට දී බඩවියත රැකීමට වෙර දරණ හිඟනුන් සිටින නිසා ඒ මග ගනිමි. කෙසේ වෙතත් යමක් හඳුනා ගැනීමට දෙවිදියක් ඇත. එක විදියක් නම් ඒ ගැනම කීමය. අනෙක නම් අන් දෑ එය නොවේ යයි පෙන්වීමය. දුෂ්කර වුවත් දෙවන මග යමි.

ආයුර්වේදය සිංහලයන්ගේ දෙයක් නොවන්නේ එතුලින් මිනිසා බිහි වූ ආකාරය පිළිබඳ දැනුම වත් අනෙක් ජීවීන් හා මිනිස් ජීවය අතර ඇති සබඳතාවය වත් නිරූපනය නොවන නිසා ය. කිසිදු ආයුර්වේදියෙකුට මෙම දැනුම නැතැයි කියමි. ආයූර්වේදය තුලින් කරන කැපිලි, කෙටිලි, බෙදීම් ගත් කල හින්දු උරුමයක් වන කෙටවීම මනාව පිළිබිඹු වේ. ලෙඩ රෝග වලට සාධක ලෙස කරන ශාරීරික වර්ගීකරණය බෙදීම ජන්මය වූ හින්දුකම නිරූපණය කරයි. බෙහෙත්වලට යොදාගන්න විදිය තුල, ඒ ඒ ද්‍රව්‍යවල ගැලපීම ගත් කල, අවශ්‍ය අනවශ්‍ය දේ මෙන් ම නොගත යුතු දේ ද දෙන්නේ තමන් කරන්නේ අවබෝධයකින් තොර නිසා ය. තමන් කරන දේ නොදන්නේ නම්, ඒ කෙනා අනුන් කී දෙයක් කරන්නෙකි. ඔවුන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. ඒ වැරදි දේ ගෙන නැති කරදර ඇති කරගන්නා නිසා ය. මෙහි දී බටහිර දොස්තරකමට සමාන බවක් පෙන්වයි.

ලෙඩ සුවකිරීමේ මුවාවෙන් ලෙඩ සැඟවීම ද කරන බව සමහර ද්‍රව්‍ය භාවිතයෙන් තහවුරු වේ. මේවා ආනයනය කරන දෑවලට ද අයත් වේ. එසේම එක ලෙඩකට ප්‍රතිකාර කිරීමේ දී තවත් නැති ලෙඩ බොහොමයකට ද ප්‍රතිකාර කරන බව ඔවුන්ගේ බෙහෙත් වට්ටෝරු (??? කඩචෝරු) තුලින් දිස් වේ. මෙහි දී ද, බටහිර දොස්තරකමට සමාන බවක් පෙන්වයි. බටහිර බෙහෙත් කඩයක සියලු රෝග සඳහා ඇති සියල්ලම එකවර බීවොත් මරණය උදා වුව ද, ආයුර්වේදයේ යොදාගන්නා දෑ වල ප්‍රමාණය හා භාවිත කාලය ගත් විට එතරම් දරුණු නැත.

යොදා ගන්නා දැනුමට උපත වන්නේ අභූත දේවල් ය. බොහෝ දෑ සෘෂිවරුන් දී ඇත. ගිය සෙප්තෙම්බර් 26 දින, ඉල වංශයට අදාළ දෙරණ වැඩසටහනේ, සූරිය ගුණසේකර සෘෂිවරුන්  ගැන කී දෑ මතක් වී මට හිනා ගියා. බොරුවක් ඇත්තක් කිරීමට නම්, එය කීවේ බුද්ධ යයි කිව යුතු ය. අන්ධ භක්තිය ප්‍රශ්ණ නැගීමට ඉඩ නොදෙයි. ඉහත මා කී ජීවිතය ගැන දැනුම තිබේ නම් සෘෂීන්ට මුවා නොවී ඇත්ත දැකිය හැක. තවත් අය සිහිනෙන් ඇසූ දෙයක් බව කියයි. මගේ සීයා වෙදකම් කල පරපුරක අන්තිමයා විය. මා කුඩා කල දුටු දෙයක් නම්, බෙහෙත් රහසක් ලෙස රැකීම ය. එවන් එක ප්‍රතිකාරයකට යොදාගත් ද්‍රව්‍යය, ඔහුගේ ගෙදර වැටට හිටවා තිබුන බව මතක් වෙනකොට, එවන්නැන් සිංහල දැනුම නැසුවන් ලෙස දකිමි. එසේ කිරීම වැරදි නොවන්නේ මට අළුතින් පටන් ගැනීමට අවස්ථාවක් උදා වුන නිසා ය.

ආයූර්වේදය හා කසිප්පු පෙරීම අතර යම් සමානත්වයක් ඇත. බොහෝ ප්‍රතිකාර තුල අනවශ්‍ය දෑ ඇත. එය තහවුරු වන්නේ මේ වට්ටෝරුකාරයන්ගේ නාමාවලි තුල ඇති ද්‍රව්‍යවලින් කිහිපයක් "පමණක්" ගෙන එම ලෙඩටම තමන් ම ප්‍රතිකාර කර ගන්නා සිංහලයන් ද සිටින නිසා ය. මෙහි දී ප්‍රතිකාර ලෙස හැඳින්නුවේ ලෙඩ "සුව කරන" දේ වලට ය. සිංහල දැනුම, ආයූර්වේදය හෝ බටහිර දොස්තරකම මෙන් තම බඩවියත සඳහා හදාවඩා ගත්, සීමිත කොටසකට උරුම වූ මර උගුලක් නොවේ. හැම සිංහලයාට ම මේ දේවල් ගැන යම් දැනුමක් ඇති බව අමතක නොකල යුතු ය. මුදල් හෝ තෑගි භෝග බලාගෙන ප්‍රතිකාර කරන්නේ හොර වෙදුන් ය. සිංහලයන්ට නියම දැනුම ලැබුනේ බරපතල කොන්දේසි ද සමඟ ය. වැරදියට යෙදීම වඳ වීමට හේතු වේ. එය සැබෑ බව තහවුරු කරන සාධක බොහෝ ය.

මගේ උත්සාහය ඇත්ත කීම මිස වෙන යමක් නොවේ. අද ඇති බටහිර උරුමයෙන් ජනිත රෝගවලට ආයූර්වේදයේ තබා, ඉපැරණි සිංහල දැනුමේ ද ප්‍රතිකාර නැත. යමෙක් පිළිකාවන් වැනි මිනිසුන් නසන නූතන රෝගවලට ප්‍රතිකාර තිබේ යයි කියන්නේ නම්, එය ලැජ්ජා නැති අය කී බොරුවකි. ලෙඩ නොදැන ප්‍රතිකාර කරයි නම් ඒ උන්මත්තකයන් ය. එසේම,  සර්ව රෝග නිවාරණ තෛල, අරිෂ්ඨ, ගුලි, කල්ක, කසිප්පු හදන ආයූර්වේදයේ පරතෙරට ගිය අය, සර්ප තෙල් වෙළඳුන් යයි කියමි. ඒ මිනිසා යනු ඉතා සංකීර්ණ නිපැයුමක් නිසා ය. එය යථා පරිදි පවත්වාගෙන යාමට සිංහලයන් යොදාගත් උපක්‍රම ගත් කල, ඔවුන් කොතරම් සූක්ෂම එය කලා ද යන්න රෝගය සුව වී අතුරු ආබාධ රහිත වීමෙන් පෙන්වයි. එසේම, එම ක්‍රම තුල ඇති සරල බව අගය කල යුතු ය. ඵලදායී බව රැකෙන්නේ සරල බව තුලිනි. නොඑසේ නම්, සියලූ ප්‍රතිකාර සඳහා යොදන ද්‍රව්‍යයන් එකට මිශ්‍ර කර සියලු රෝග නිවාරණය කර නොමැරී සිටීමට අවශ්‍ය අමෘතය සකසා ගත. එවැනි මායාවන් සිත ගත සැනසුව ද, සැබෑ ලෝකය තුල යථාර්තය එය නොවේ. නොදැන කරන ප්‍රතිකාර නිසා නැති ලෙඩ හැදෙන බව ඊ ළඟ ලිපියෙන් දැක ගත හැකි වේවි.

සිංහල යන වචනයේ සැබෑ අරුත දෙන ලිපියේ ඉංග්‍රීසි, දෙමළ හා හින්දූන් ගැන ද කියන සුවිශේෂ තොරතුරු ගත් කල, මා කියන දෑ මැනවින් තේරුම් ගනු ඇත.