Saturday 3 August 2013

සිංහලයන් විවාහයට කරන කේන්ද්‍ර ගැලපීමෙන් ඵලක් තිබේ ද?

උගතුන් ලෙස හඳුන්වාගන්න සමහරුන් මෙය ද මිථ්‍යාවක් ලෙස සලකනවා. එය එසේම ද? ඕන ගැහැණියක් සමඟ ඕන පිරිමියෙක් එකතු වී අංඟ සම්පූර්ණ දරුවකු බිහි කල හැකි නම් සියලු පිරිමින් ද සියලු ගැහැණුන් ද උපදින දරුවන් ද ගත් විට, ඒ කොටසකට අයත් වන සියලු දෙනාම සම විය යුතුයි නේ ද? කවුරු මොන කෙප්ප කීවත්, අද අප ජීවත්වන මොහොත තුලින් තමන් කියන දේ එළි දැක්වේ.

අද අප ජීවත් වන මොහොත ගතහොත්, එක සමාන දෙදෙනෙකු නැත. එසේ නම් අසමානකම තුලින් දෙදෙනෙකු එකතු වී හැදෙන තුන් වැන්නා එකතු වන දෙදෙනා මත වෙනස් විය යුතුය. මේ අනුව ගැහැණියක හා පිරිමියෙකු එකතු වන විට, යම් තේරීම් රටාවකින් බිහිවන ඵලයේ ගුණ තීරණය වන බව කිව හැක. අද සමාජය තුල ඇති විෂම බව නිසා, පරස්පර විරෝධී සබඳතා තුලින් නා නා ප්‍රකාර දරුවන් බිහි වේ. දරුවන් නැති අය ද, අසම්පූර්ණ දරුවන් ද, සාමාන්‍ය මෙන් ම අසාමාන්‍ය දරුවන් ද බිහි වේ. මේ ගැන හැදෑරූ  විට, නීරෝගී අංඟ සම්පූර්ණ දරුවෙක් බිහි කර ජීවත් වීමට අවශ්‍ය හැකියාවන් ලැබීමට නම් දෙමව්පියන්ගේ ගැලපීම ඉතා වැදගත් ය. එසේ නම්, සිංහලයන් ගලපන පොරොන්දම් තුලින් මේ ආකාරයේ දෙමව්පියන්ගේ ගැලපීමක් වේ ද? හරියාකාරව පරික්ෂා කර බැලීමට ගොඩ නැගිය යුතු සබඳතා ගණන ගත් කල, එය මගේ සීමාවන් තුල කල නොහැකි වුව ද, ද්විතීයික දත්ත ගැලපීම මත එසේ බව තහවුරු වේ. ඊට අමතර ව බටහිර ඇති තොරතුරු තුලින් ගත් විට, ඊටත් වඩා තහවුරු වන්නේ, එම පරිසරය තුල විවාහය ජීවිතයට බලපාන තරම් දිගු බලපෑමක් නැති වීම නිසා, අන්තයට ම මෙම ක්‍රියාවලිය සිදුවන බවයි.

මොන දේ කීවත් කෙරුවත්, ගැහැණු හා පිරිමි යනු අසමාන බව පමණක් නොව, සපුරා වෙනස්, එහෙත් කොටස් දෙකකට බෙදුන එකම සුවිශේෂ කාර්යයකට බැඳුන නිර්මාණ බව ස්වාභාවික දත්ත හෙළි කරයි. සිංහලයන් විවාහයට කරන කේන්ද්‍ර ගැලපීම තුලින් නීරෝගී අංඟ සම්පූර්ණ දරුවෙක් බිහි කර ජීවත් වීමට අවශ්‍ය හැකියාවන් ලැබීම මුල් තැනට දමා ඇත. මෙම ක්‍රියාව සිංහල දෙමළ බෙදීමට පෙර බිහි වූවක් බව පොදු බව තුලින් පෙනේ. මේ ගැන විස්තර පසු ලිපියක ලියමි.

මම මිනිසුන් ඇතුළු සියලු ජීවය දෙස බලන්නේ එකිනෙකට බැඳී අතිවිශාල අංඟ සමූහයක් එකතු වී බිහිවන අති සංකීර්ණ බිහිවීමක් ලෙස ය. එනයින් නීරෝගී අංඟ සම්පූර්ණ දරුවෙක් බිහි කර ජීවත් වීමට අවශ්‍ය හැකියාවන් ලැබීමට නම් සියලු කොටස් පරිපූර්ණ විය යුතු බව ය. එසේ වීමට නම් දෙමව්පියන් සතුව ද, දෙදෙනා එකතු කල විට පරිපූර්ණ බවක් ඇවැසි ය. මම ඕපපාතිකත්වය මිනිසුන්ට (ජීවින්ට) අහිමි දෙයක් ලෙස දකින්නේ එවැන්නක් කල බව සොයාගත නොහැකි නිසා ය. දෙමව්පියන් හා බිහිවන දරුවාගේ නිමැවුම අතර ඇති සබඳතා තහවුරු වී ඇතත් පැවසීමෙන් වැලකීමට සිදුවේ. ඒ ජීවය රැකීම මගේ අභිප්‍රාය නිසයි. අති සංකීර්ණ බිහිවීමක් වුවත් සිදුවන ආකාරය සරල ස්වාභාවික ක්‍රියාවක් ලෙස හඳුන්වමි.

සිංහලයන් යොදා ගන්නා ක්‍රමය තුල දරුවාගේ පැවතීමට අවශ්‍ය දෙමාපිය බැඳීමත් එහි කල් පවතින බවත් පැහැදිලිව ඔප්පු වේ. ඒකීය සමාජයක් තුල දියුණු සිරිත් විරිත් වලින් පිරි සිංහල ජීවන රටාව ඔවුන්ගේ සමානත්වයට ඇවැසි දැඩි පදනමක් දැමීම නිසා හා අනෙකුත් සමතාවයන් බලපාන නිසා, මේ පරික්ෂාව ගැලපේ. එහෙත් ඉන් පිට සබඳතාවල දී බිඳවැටීමක් පෙන්වයි. විශේෂයෙන් ම සිංහල වෙස් ගත් සංක්‍රමණිකයන් හා එකතුවීමේ දී මේ පරික්ෂාව මදි බව තහවුරු වේ. මනුෂ්‍යයත්වය පිළිකුල් කරන, මිනී කන හා මූසල මත දරනවා නම් ඵලක් නැති බව තහවුරු වේ. ඒ ඇයි දැයි කියනවා නම්, ඒ සිතා මතා කරන දේ අනිවාර්යයෙන්ම සිදුවන ප්‍රවණතාවය වැඩි නිසා ඒවා මුල්තැන ගැනීමයි.

යමෙක් සිංහල සමාජය ගැන කියන කොට එක දෙයක් පමණක් ගෙන ප්‍රථිඵල හැදැරීම නොමග යවයි. මුලු සමාජයීය පදනම ගෙන හැදෑරිය යුතුය. ඒ අනුව, නීරෝගී අංඟ සම්පූර්ණ දරුවෙක් බිහි කර ජීවත් වීමට අවශ්‍ය හැකියාවන් ලැබීම සඳහා තවත් බොහෝ දේ ඇති බව පෙන්විය හැක. අවශ්‍ය වන ශාරීරික හා මානසික තත්ත්වයන් ගොඩ නැගීමට බිහි වී ඇති රටරැකුම (රටයැකුම) වැනි මානසික වෙදකමේ කොටස් ද බලපානවා. මේ දිනවල හැදෑරූ මෙම ක්‍රියාවළිය හා බැඳි දැනුම ගත් කල, එවැනි දෑ බැලීම තුලින් දෙමාපියනට, විශේෂයෙන් ම ගැහැණුන්ට මහඟු උපකාරයක් වනු ඇත. මෙහි දී මිනිස්බව නසන උන් යොදා ඇති වස විෂ නිසා එහි ගුණාත්මක බව අඩු බව මගේ අත් දැකීමයි.

සිංහල විදියට අඹුසැමියන් ගැලපීමට අමතරව, ගැහැණුබව හා පිරිමිබවත්, ජීවත් වීමට අවශ්‍ය දෑත් හිමිවීම අවශ්‍ය ය. දැනුම යෙදූ ආකාරය තුලින් පෙනෙන්නේ, එකල එවැනි ප්‍රශ්ණවලට සිංහලයන් මුහුණ නුදුන් බවයි.

බහුතරය බටහිර බලපෑම් තුලින් මුලා වී ඇති නිසා, අකමැත්තෙන් වුව ඒකමාන චින්තනයට වුව මෙම අවශ්‍යතාවය ප්‍රත්‍යයක්ෂව දත හැක. ඔවුන්ට අනුව වතුර යනු හයිඩ්‍රජන් හා ඔක්සිජන් වායු වලින් සෑදී ඇති දෙයකි. හයිඩ්‍රජන් වෙනුවට නයිට්‍රජන් වැනි වායුවක් ගෙන වතුර හැදිය නොහැකි යයි ඔවුන් ද කියනු ඇත. එසේ නම් ජීවය වැනි දෙයක් ගත් කල කෙතරම් සුදුසු දෑ ඇති දැයි සිතා බලන්න. කලින් කී මෝටර් රථ උපමාව ගතහොත් සියලු කොටස් එකිනෙකට ගැලපූ දේ වීම අත්‍යාවශ්‍ය වේ.  ටොයෝටා වාහනයකට යෙදීමට හෝල්ඩන් හෝ ඵෝඩ් වාහනයක කොටස් ගැලපේ ද? මෙවැනි සරල දේ පැහැදිලි කිරීමට යෙදුවත්, ජීවිතය ගිනි දළුවකට උපමා කිරීම තුලින් ජීවිතය නිවීමට වෙර දරන මෝඩයන් බිහි වූ සේ, ජීවිතය යනු මෝටර් රථයක් වැනි පාරෙ යන රෝද හතරක් තියෙන රියදුරකු එළවන දෙයකැයි යමෙක් කියයි නම් ඌ පරසක්වල ගැසිය යුතු ය.

මේ ලිපිය තුල මා කියන්නෙ, ඊටත් වඩා හුඟාක් සංකීර්ණ ගැලපීමක් යොදාගත යුතු බවයි. මගේ උත්සාහය අතීතයට සීමා වූවක් පමණක් නොවේ. එතුලින් අද දැඩි අර්බුදයකට මුහුණ දෙන සිංහලකම බලගැන්වීමට අද කල යුතු දේ කීමට මග පෑදීම මගේ අරමුණයි. ඒ සඳහා කාලය සීමිත බැවින් ලිපි ලිවීමේ වේගය වෙනස් කරමි. වෙනසට දායක වියහැකි අය අල්ප ය. පෙනෙන විදියට දෙවියන්ගෙ දායකත්වය ලබා ගත යුතුය. එනම් අර අනාවැකි කාරයා හරි බවයි. අද රට තවත් නව අදියරයකට ළඟා වී ඇත. නැසීමේ කාලය උදාවිය. ඒ අනුව අප කලයුතු දෑ බොහෝ ය. අද දේශප්‍රේමී වෙස් මුහුණු ගැලවෙමින් මලයාලි හිඟනුන්ගෙ හෙළුව පෙන්වීම ඇරඹී ඇත.

මා ලියූ ඊ මේලයක ද මෙම ලිපියටත් අදාල යමක් ඇත. එය උපුටා ලියන්නේ තවත් වැදගත් තොරතුරු ද සමඟ ය.

""""
..."ලන්කාවෙ උන්ගෙ ලිංගික අහේනිය නැති කිරීම තුලින් ලිංගික අපචාර නැති කරන්න ගණිකාවට සමාජයේ නිසි තැනක් දෙන්න ඕනෙලු, වටිනාකමක් දීල ඒක නීතිගත කරන්න ඕනෙලු..." - මේ වගේ දේවල් කියන උන් එක්ක මොන කතා ද? මුන් අපේ පඬංඟු අස්සට රිංඟපු යුරෝපීය පැවැත්ම ඇති උන්. ඔය වගේ කතා කරන්නේ ගණිකාවන් ගෙන් බිහිවෙන උන්. අපට තිත්ත වුනාට, උන්ට ඒ පරිසරය උරුම එකයි. ඕවා බටහිර තියෙන දේවල් නේ ද? උන් සමඟ වාද කරන කොට, ඔබත් උන් සිංහලුන් ලෙස සලකන බව පේනවා. ඔය වගේ අමනුෂ්‍යයන් මනු ලොවින් තුරන් නොකර මිනිස්කම ජයගත නොහැකියි.

"උන් කියනව ඉස්සර ගමේ ප්‍රධානියා ගමේ කෙල්ලෙක් වැඩිවිය පැමිණියම ටෙස්ට් කරල බලනවලු. බිග් ගර්ල් පාටිය තිබ්බෙ ඒකටලු...නොයෙකුත් අභව්‍ය දේ කියනව.." - මුන් දෙමළ මලයාලි ලෙයින් පන්නරය ලැබුවන්. මුන් සිංහලයන්ගෙ ජීවත්වන ආකාරය ගැන මෙළෝ දෙයක් දන්නෙ නෑ. ගැහැණු දරුවකු වැඩිවියට යාම උත්සවයකට වඩා සංවරකම පෙන්වන, සපුරා වෙනස් දෙයක්.

ඔයා සිංහල දේවල් ගැන වටපිටාවෙන් උකහා ගන්න බලන්න. මට වෙළාව සීමිතයි. ඒ වගේම ගොඩක් දේ ලියන්න ඕන. ඒත් ඵලක් තියෙනවා ද කියලත් හිතනවා. දැනුම ඕන පොරකෑමට නොව අපේ ම පැවත්ම රැක ගැනීමටයි. නිශ්ඵල දේ ගැන වාදකර ඵලක් නෑ. ඔබ ඇසූ දෑ යමෙක් පවසයි නම් ඒ මොහොතෙම ... එල්ලීම මිස කතාකර පැහැදවීම මම නම් නොකරමි. ඒ තරමට ම මේවා තුල සිංහල විරෝධී අමනුෂ්‍යකම උතුරා යනවා. සිංහල යයි කී පමණින් ඌ අපේ එකෙක් යයි සිතීම, සිංහලයන් අද ඉන්න වලට වැටීමේ ප්‍රධාන හේතුවයි. එය දැන්වත් නවතා අමනුෂ්‍යයන් නැසීම අත්‍යාවශ්‍යයි.

"...සත්තු ඔක්කොමගෙ ලිංගික අවයව විවෘතව තියෙද්දි අපේ විතරක් වැහිල තියෙන්නෙ ඇයි කියල රෝමවලින්...පරිණාමය බැහැර කරන්න එක හේතුවක් විදියට එයා ඒක හිතනවා...." - xxxx බොහොම විමසිලිවත් බව පෙනෙනවා. මිනිසා අද සතෙකු ලෙස නොහැසිරෙන එකෙකි. මම කිව්වෙ සතුන් ජීවත්වීමට කරන කියන දේ ගැන පමණයි. ජීවීන් සියල්ලම උන්ට ම ආවේනික ගත සිත ලබා බිහි කරපු උන් ය. තමන් සිතන පතන කරන කියන දේ අනුව, අවශ්‍ය තැන අවශ්‍ය දේ, සීමිත පරාසයක් තුල වීමට බිහි වූ මොහොතේ සිට ඉඩ ලැබේ. බැරි නම් නැසෙන්නෙ පරිණාමයත් නසාගෙන නේ ද? අවශ්‍ය තැන රෝම හැදී හමට වන හානිය වැලකීම රෝම වලින් වේ. බොහෝ අය රෝම යනු කාලගුණයට මුහුණ දීමට ඇවැසි යයි සිතුව ද, හම ඇතිල්ලීම නවතන්න ද යොදනවා. ඒ වගේම බාහිර දේවල් ගැටීමෙන් වන හානිය ද වැලකීමට යොදනවා. රෙදිපිළි ඇඳීම, කෙලින් සිටීම, අත් එල්ලා වැටීම,  හැසිරීම නිසා නිරාවරණය වී අනතුරු වීම වැලැක්වීමට මෙන්ම හමෙන් කරන බරපතල රාජකාරිය කිරීමටත් රෝම උදව් කරනවා. පිරිමින්ගෙ කිහිලි තුල රෝම හැදීම බර වැඩ කරන කොට කදිම දෙයක්. ඒත් ගැහැණු අයගේ නැති වීමත් එවැනිම දෙයක් කියනවා. ඊට අමතර ව නෙරාගිය උපාංඟ ලෙස හමේ හැදෙන දේ අප හිරවී සිටින ඉරියව්ව තුල දැඩි කැසීමක් ඇති කර ඒක වෙනස් කරනවා. මේක කෙස් වලට වඩා අපූරු දෙයක්. මේ දේවල් කියන්නෙ අපේ සුවිශේෂ බව නේ ද? එතකොට ගැහැණු කෙස් දිගු කිරීම ජීව දැනුම යොදා කල දෙයක්...

""""

2 comments:

  1. මෙතැනදී ඔබ තර්කය ගොඩනගන ආකාරය නිසා කිසිසේත්ම අපට එය බැහැර කරන්නට බැරි තත්ත්වයක් පවතින්නේ.
    මට වෙලාවකට හිතෙනවා මේ කේන්දර කතාවේදී එහි කියැවෙන දේ තුළ සත්‍යයක් පැවතුනත් මිනිසුන් ඒවා බැහැර කරන්නට පෙළැඹෙන්නේ ඒ පසුපස එයිට පිළියම් ලෙසින් කරලියට ඇවිත් ඇති තෝත්තර වැනි දේ නිසා කියලයි.

    මේ කෙන්දර කතාවන්වලදී මගේ මතකයට එන්නේ මාරයා.(මාරයාගේ හෝරාව ලියන මාරයා). ඔහු මේ ගැන හැදෑරීමක් සහිත තැනැත්තෙක්. එයත් මෙතැනට ආවනං හොඳ සංවාදයක් ගොඩ නැගේවි.

    ReplyDelete
    Replies
    1. නලීන්,

      ඔබ කියන කතාව අගයමි. මම කියන දැනුම අද සැඟවිලා. අද භාවිතයේ තියෙන්නෙ පොත පතින් ගෙන හින්දුන්ගෙන් ආනයනය කල එයාලගෙ උරුම කොටස. ඒ තුලින් ප්‍රශ්ණවලින් පලායාම, බිය ගන්වා මුදල් ගැරීම වගේ ම වාසිය තකා නොමඟ යැවීම කරනවා. ඒ බලපෑමෙන් බොහෝ දෙනෙකු අගය මනින නිසා බැහැර කිරීම වෙනවා. ඒ වගේම ප්‍රාඥයෝ යයි කියාගෙන, අතෝරක් නැතිව මේවා බොරු යයි කියන මෙළෝ දෙයක් නොදත් බටහිර අධ්‍යාපනය තුලින් එන උගතුන් නඟන අඳෝනා නිසා බොහෝ අය වල්මත් වෙලා. අනෙක මේවා වළංඟු වෙන්න නම් සිංහලයෙකු වෙන්න ඕන. එවැනි අය විරලයි. ආකම් බදාගත් අයට මේවයින් ඇති ඵලක් නෑ. අද ඉන්න ජීවිතය නිවන්න හදන හින්දුකම වැළඳගත් බහුතරයට ඕවා කලත් නොකලත් වෙනසක් නෑ. මර උණ හැදිච්ච එකාට සුළු සනීපයක් දැනුනට මරණයෙන් ගැලවෙන්න බැහැනෙ. මම කලින් ලිපියේ කී හිරුකම (ඉරණම) තුල ඇති සුවිශේෂ අංඟයක් මිනිස්කම පිළිකුල් කරන අයට ජීවිතය නිමක් නැති ගිනි ජාලයක් කරනවා. අනෙක් ආකම් නිසාත් එවැනි ම සිය දිවි හාණි කර ගන්නා තත්ත්වයක් බිහිකරනවා. ඒ අයටත් ගැලපීම ඇතත් නැතත් වෙනසක් නෑ. ඔවුන් ගේ ජීවිත මේ බව තහවුරු කරනවා.

      මමත් මාරයාගේ හෝරාව බලනවා. අද මෙයාලා කරන්නේ ඉන්දියාවෙන් ආනයනය කල මුදල් ඉපැයීමට යොදන දෑ. ඒ තුළින් අනාවැකි කියනවා. මම කලිනුත් කීවේ මේ වැනි දැනුම අපට ලැබුන විදිය ගැනයි. මෙතන කිව්වේ ඉතා සුළුවෙන්.

      කෙසේ වෙතත් මට අභියෝග කරන විකල්ප මතයක් ඇති නම් සංවාදයට කැමතියි. උදාහරණ ලෙස, යමෙක් කැළෑවේ ඉන්න කාලේ කේන්දර බැලුවෙ නැහැ කීම වැදගත් වෙනවා. ඒත් ඒක නොදැනුවත්කම නිසා කියන එකක්. මම කිව්වෙ දැනුම නිසා බිහිවූ පරිසරය තුල සිටින මිනිසාගෙ පැවැත්මට යොදා ගත් දෙයක් ගැන. කැළෑවේ ඉන්න කාලේ සුදුස්සා තේරීම ඉතා කෲර මෙන්ම මරු දකින මාර්ගයකින් වුනේ. සටනින් ජය ගැනීම පියෙකු වීමට අත්‍යාවශ්‍යයි. පරාජය මරණයෙන් හෝ පැනයාමෙන් කෙළවරවීමට හෝ නපුංසකයකු ලෙස ජීවත්වීමට හේතු වෙනවා. ඒ වගේම දුබලුන් කැළෑව තුල අනෙක් සතුන්ගෙ ගොදුර වෙනවා. ඝන කැළෑව හා අනෙක් ජීවීන් නිසා ගැහැණු පිරිමි ඔක්කොම එක සමාන පරිසරයක එකම දේ කා බී යැපීම තුලින් කදිමෙට ගැලපෙනවා. කැළෑව තුල, ජීවීන්ගේ ගැලපීම 100%ක් සාර්ථක වන පරිසරයක් ස්වභාවයෙන් ම බිහි වී ඇත. ඒ අතින් කේන්ද්‍ර ගැලපීම කොතරම් අනතුරු රහිත සරල දෙයක් දැයි පෙනෙනවා.

      මම කියන දේ එසේම යයි කියනවාට වඩා අභියෝගයට ලක් කරන විට, මා සතු ප්‍රබල දැනුම උකහා ගන්න පුළුවන්. ටිකක් කරදර තමයි. ඒත් කාටත් යහපතක් වෙන බව කියමි.

      Delete

Note: only a member of this blog may post a comment.