Saturday, 17 August 2013

සිංහල දැනුමේ කොටසක් උපුටාගෙන විකෘර්ති කර හැදූ පන්සිල් ගැන විමසමු - සැබෑ සිංහල බුද දැනුම ජීවත්වීමටත් පැවැත්ම රැකුමටත් යොදා ගැනීමට මග සොයමු.

 අද බෞද්ධයන් යයි කියාගන්න අය, සැබෑ බුදලා අරුත් දුන් හිරුගේ දැනුම යයි කියමින් හින්දු ආගමික වතාවත් සිංහලයන් මත පටවන බව නිසොල්මනේ බලා සිටීම, දිය බීමට යයි කියා අශූචි වලකට වැටි දරුවන් මිය යනවා බලා සිටින දෙමව්පියන් වැනි නිසා මෙය ලියමි. තේමිය (ගිය තේමිය හෙවත් ගෝතම) බුද දෙසූ දැනුම යයි කියමින් හින්දු ආගමික පූජකයකන් කිහිප දෙනෙකු කී දෑ සිංහල දැනුමට එකතු කර, මේ තමයි සිංහල උරුමෙ කියමින් සිංහල ජාතිය නැසීමට වෙර දරන සිංහල වෙස් ගත් දෙමළුන්, මම සිංහල ජාතිය නසනවා යයි මොර දෙනු ඇත. ගෝතම යයි වෙස් ගන්වා සිදට් නමැත්තෙකුට පුද පූජා කර දේව කෝපයෙන් නැසෙන විට, සිංහලයන් සසර සයුරෙන් එතෙර කර නිවනට යැවීමට බාධා කරනවා යයි කියනු ඇත. නිවන ගොඩබිමක් වැනි දෙයක් දැයි කිසිවකු අසන්නේ නැත. දියේ යන්නා බියෙන් පෙලෙන්නේ මරණයේ දොරකඩ සිටින නිසා ය. එහෙත් ගොඩ බිමට යාම එම භය තුනී කරයි. ජීවිතය නැසීමෙන් (නිවීමෙන්) එම බිය පහවේ නම්, දියේ යන්නා  දියට පැන නැසීම යහපති.

අද හින්දු ආගම අදහන අය බෞද්ධයන් (බුද්ධිමතුන්) ය. ඒ බුද්ධිමත් බවට අනුව, හිඟමන් යැදීම, හිඟනුන්ට දණගසා වැඳීම, මනුෂ්‍යකම දුකක් ලෙස දැකීම, ජීවිතය නිවීම, ගස් ගල්වලට වැඳීම, සොහොන් වලට වැඳීම, මිනිස් ඇටකටු හිසමත තබා ගැනීම, සත්කාර කිරීමෙන් හෝ පිනට දීමෙන් හිඟමනට වැටීම උතුම් ය. මේවා සිංහල උරුමය ලු. මේ පච වහන්සේලාගේ කරුමයට, අසල්වැසි ඉන්දියාවේ ජන කොටසක් වන හින්දුන්ගේ ආගමේ ද, මේ සියලු විධ කරුණු උතුම් ලෙස සැලකේ. එසේ නම් ගවයන්ගෙ ජීවිත බේරීමට යයි කියමින් තමන් ලැබූ මිනිස් සිරුර පුලුස්සා අමු අමුවේ මරණ හාමදුරුවන්ගෙන් පිරි බෞද්ධයන්ට හින්දු ආගමිකයන් පතන නිර්වාණයට යාමට අඩු එකකි. එනම් පුරුද්දක් ලෙස දිව්‍යපානය ගැනීමයි. එය ඉතා පහසුවෙන් සොයාගත හැක. කල යුත්තේ ගවයෙකු හෝ එළදෙනක මුත්‍රා කරන විට භාජනයකට එකතු කර බීමය (නොදත් අය cow urine india ලෙස ගූගලේ ගසා බලා ඇත්ත දැන ගන්න). නිර්වාණයට ගියා වැනි හැඟීමක් ඇතිවේ. මේ දෑ ඇසු විට, බුද්ධිමතුන් නොව අමනයන් එවැනි පහත් වැඩ කරයි යයි ඔබ සිතනවා නම්, පහත ඇති බුදලාගේ දැනුම ලියන්නේ ඔබට ය.

මම ලියන්නේ බෞද්ධයන් (මීට පසු "හොර බෞද්ධයන්" ලෙස කියමි) යයි කියමින් සැබෑ බුදලාගේ දැනුම කෙලෙසන අමනුෂ්‍යයන්, ගිරවුන් සේ අතෝරක් නැතිව කියන පන්සිල් වලට දායක වූ සිංහල දැනුම ය. දෙමළෙන් කියන වාක්‍ය පහකින් යුත් පන්සිල් අසා හෝ කියා නැති එකෙක් නැත (පාලි යයි අද හැඳින්වෙන තාලයකට කියන කෘතීම භාෂාව දෙමළුන් දැනුම කට පාඩම් කිරීමට ගෙතුවකි. මෙම රටාවට මුල් වූයේ සිංහලයන් බස යොදා තාලයට කියමින් නටන දහඅට පාලි ය. පේලි, පීලි වැනි පද එම ඒකකාරි රටාව අරුත් ගන්වයි). ගිරවුන් සේ උදේ හවා කීව ද, ක්‍රියාව ගත් කල තේරුම දන්න එකෙක් නැත. මා සංඝ (දෙමළ වදනකි) සක්විත්තන්ට (හිඟනුන් රවටා හිඟමන් ගෙන රජ සැප විඳින අයට) අභියෝග කල ද උත්තර නොලැබුවෙමි. දැන් එයට අදාල සිංහලයන් බිහිකල දැනුම ගැන විස්තර කරමි.

සිංහල දැනුම අංක දමා එක, දෙක, තුන ... ආදී වශයෙන් කොටස් කිරීම, මිනිසා කියන්නේ අත, පය, ඔලුව කඳ යයි කෑලි වලට දමා කියනවා වැනිය. එසේ කීවේ කියන සියලුම අංඟ එකම දෙයක කොටස් බව කීමට ය. සිංහල දැනුම යනු ජීවත්වීමට කල කී දෑ ගැන කියන්නකි. ඉන් තවත් අංඟයක් වන්නේ "පිළිවෙලකට ජීවත්වීම" ගැන කියන දැනුමයි. එම දැනුමෙන් උපුටා ගෙන "පන් සිල්" යයි විකෘර්ති කල දැනුම මෙහි කියවේ. පන් සිල් හි, සිල් යන පදයේ සිංහල අරුතක් නැත. මෙය හින්දු-දෙමළ උපතක් ඇති පිළිවෙල යන සිංහල දිගු වදනේ, පිල් නම් මුල් කොටස හින්දුකරණය කිරීමකැයි කිව හැක. "පිළිවෙලකට ජීවත්වීම", සිංහලයන් කතා කරන විට නිතර ඇසෙන්නකි.

"පිළිවෙලකට ජීවත්වීම"ට නම්, පණ රැකිය යුතු ය, අන්සතු දේ සොරකම් (පැහැර ගැනීම) නොකල යුතුය, කාමයේ වරදවා නොහැසිරිය යුතුය, මුසා (මූසල) බස් නොකිව යුතු ය, සුරාවෙන් තොර විය යුතු ය, මුලා නොකල යුතුය, බෙදාහදාගෙන ජීවත්විය යුතුය, නෑ හිතමිතුරන් පිනවිය යුතු ය (නිකම් කන උන් පින් යන වදන හැදුවේ ඉහත කී පිනවීම මුල් කරගෙනය), අඹු දරුවන් රැක ගත යුතු ය, ආදී වශයෙන් තොරතෝංචියක් නැතිව දෙමව්පියන්ගෙන් පිට වන වදන් නොඇසූ සිංහලයකු නැති තරම් ය. එයින් "පන්සිල්" වලට බැඳි දෑ මෙසේ විග්‍රහ කරමි.

පණ රැකීම:

හොර බෞද්ධයන්ට මෙය "පර පණ රැකීම" වේ. තමන්ගේ ජීවය වඳකරන්න හදන එකෙකුට, ගවයෙකු වෙනුවෙන් වුව අමුඅමුවේ පුච්චා තම පණ නසන එකෙකුට,  තමන්ගේ පණ රැකීම අයුතු දෙයකි. එසේ නම් උන්ට පර පණ නැසීමෙන් වැලකීම මෙතරම් වැදගත් වූයේ කෙසේ ද? සිංහලයන් වඳ කිරීමට හින්දි ආගම ගෙනා දෙමළා, මෙතුලින් තම පණ බේරාගත් බව නම් පැහැදිලි ය. උන් පරපණ නසන්න එපා කියන්නේ, උන්ගේ පණ නසන කොට උන්ට දැනෙන වේදනාව සිහිකොට තමන්ට ද එවැනි වේදනාවක් නොවිය යුතු ය සිතා නොකරන ලෙස ඉල්ලීමයි. තමන්ගේ පණ නැසීමට වෙර දරන්නෙකු, අනුන්ගෙ පණ රකින්නේ මොන රෙද්දකට දැයි සිතීම, අප අවට පරිසරය තුලින් මේ සිල් ගත්ත උන් පෙන්වයි. අනුන්ගෙ වේදනාව නොදැනෙන අපට, ඒ ගැන  හිතා දුක්වීම මුලාවක් නේද? එසේ නම් සිංහලයන් පණ රැකිය යුතු යයි කීවේ මොන අරමුණකින් දැයි බලමු.

පණ රැකිය යුත්තේ අනුන්ට දැනෙන වේදනාවක්  නිසා නොව ඉන් තමන්ටම වන යහපත ගැන සිතීමෙනි. සියලු පණ බිහි කලේ යම් පරමාර්ථයකට ය. පණ නැසීමෙන් ඒ පරමාර්ථයට බාධා කිරීම තුලින්  එම පණ රැකීමට බැඳුනන් ගේ කෝපයට ලක්වී තමන් නැසෙන නිසා ය. පැත්තකින් දෙවියන් කෝප කිරීමකි. අනෙක් පැත්තෙන් පණ රැකියවුන්ගෙ කෝපයට ද ලක්වේ. බරපතලම එක පණ හිමියා වෛර කිරීමයි. ගත නැසුව ද, අවතාරය තුලින් තමන්ට වූ අපරාධයට පළිගනු ඇත. එය කෙතරම් ප්‍රබල ප්‍රතික්‍රියාවක් දැයි තීරණය වන්නේ නැසුනු එකා මත ය. ප්‍රතිවිපාක ලැබීම වැලක්වීමට නම් පණ නැසීමෙන් වැලකිය යුතු ය. එසේම පණ නසන්නෙකුට හිමිකම අහෝසි වේ. එනම් මිනීමරුවකුට හෝ පණ නසන්නකුට නිතැතින් උරුම වන්නේ තම පණ නැසෙන රටාවක් ය. සිංහලයන් තමන්ගෙ පාඩුවෙ ඉන්න උත්සාහ කරන කොටසකි. පණ නසන්නන්ට, පණට ඇති අයිතිය අහිමි වේ. ඒ නිසා පණ රැක ගත නොහැකි වේ. මේ ගැන බැලූ විට පණ රැකීම තුලින් තමන්ට ම යහපතක් වන බව කිව හැක. මෙහිදී අනුන්ගේ පමණක් නොව තම පණ ද රැකීම වැදගත් ය. පණ යනු නොකඩවා යන පුරුක් වලින් සැදි දම්වැලක් වැනි ය. එක පුරුකක් වන අප, අපේ පණ නැසූ විට නැවත ඉපදීමට බැරි වේ. අපේ නෑයන්ගෙ අනාගත පැවැත්ම නැවතීම නිසා උරණ වේ. පණ නැසීම තුලින් යන එන මං නැති වී, දේව කෝපයට ලක්වූ අපරාධකාරයකු වීමෙන්, තම පැවැත්ම නිමක් නැති දුක් ගැහැට වේදනාවට ලක්වීම සිදු වේ.

තමන්ගෙ හයියෙන් හරිහම්බ කර ගැනීම (සොරකම් නොකිරීම):

ජීවත්වීම අභියෝගයක්. ජීවිතේ රැකගැනීමට කල යුතු දෑ බොහෝ ය. එයට දෙවිදියක් ඇත. එනම් තමන්ගෙ උත්සාහයෙන් හදාවඩා ගැනීමයි. අනෙක වෙනෙකෙක් හදාවඩා ගත් දේ තමන්ගෙ පරිහරණයට ගැනීමයි. තිරිසනුන්ට මෙය අදාල නැත. හදාවඩා ගැනීමක් නැති නිසා පොර කෑම තුලින් යැපේ. මිනිසුන්ට දැනුම දී ඇත. සොරකම් කරන්නා දැනුම ප්‍රයෝජනයට නොගන්නවා පමණක් නොව එසේ කරන්නාගෙන් උදුරා ගැනීම නිසා පණ නැසීමට ද දායක වේ. මෙය හිමියාගේ ප්‍රතික්‍රියාවට අමතරව දෙවියන් ද කෝප කරවන්නකි. තමන්ට හිමි දේ අහිමි වේ. සැනසීමක් නැත. ජීවිතය ම දුක් කරදර ගොඩකි. සමාජ සබඳතා බිඳ වැටී සොරුන් අසරණයන් කරයි. පිළිගැනීමක් නැත. නෑ මිතුරන්ට ද නින්දාව ගෙනේ. අපරාධකාරයෙක් වේ. තම පැවැත්මට නම් තමන්ගෙ හයියෙන් හරිහම්බ කර ගැනීම අත්‍යාවශ්‍ය දෙයකි.

හොර බෞද්ධයන් සොරකම් කරන්න එපා කියන්නේ තමන්ගේ සොරාගත් දෙය රැකීමට බිය ගැන්වීමෙනි. පව් සහ අපාය නම් මනඃකල්පිත සංකල්ප යොදා ගනී. එහෙත් පින් ලැබෙනවා යයි මුලාකොට සොරකම් කරගෙන ජීවත් වීම හොඳ ය. තමන්ට වන පාඩුව නොසලකා හැරිය යුතු ය. එක සොරකමක් විහිළුවට කලත් ආදීනව දරුණු ය. සිය දහස් වර දඬුවම් ලබන බිය ජනිත කරයි.

මෙහි දී තමන්ගේ හිමි දේ තමන් රැක ගැනීම ද සිංහල මතයයි. තමන් හරිහම්බ කරගත් දේ තමන්ගේ මය. එහි හිමිකරු තමන් මය. තමන්ගෙ දේ නැවත ලබාගැනීමේ අයිතිය ඇත. එනයින් ගත් කල හැසිරීම තුලින් පැවැත්ම තහවුරු වේ.

කාමයේ වරදවා හැසිරීමෙන් වැලකීම:

කාමාශාව පිළිකුල් කරන, කතාවෙන් මුළුමණින් වැලකී සිටිනවා යයි කියන හොර බෞද්ධයන්, කටින් මිසක් ක්‍රියාවෙන් කිසිදු පෙන්වීමක් නොකරන බව අත්දැකීමයි. මෙම ජීවත්වෙන පිළිවෙල ඉතා වැදගත් වේ. යහපත් දරුවන් ලැබීමට නම් දෙමාපියන්ගේ හැසිරීම වැදගත් ය. තිරිසනුන්ට කාමක්‍රියා සහජයෙන් කෙරෙන ප්‍රබල උත්තේජනයක් වුව, මිනිසුන්ට එය පාලනය කලයුතු ක්‍රියාවකි. පාලනයකින් තොරවීම තුලින් දරුණු රෝගාබාධ වලට ලක්වන පරිදි ජීවය සැකසී ඇත. කාම උන්මාදය නිසා විකෘර්ති ක්‍රියාවල යෙදීමෙන් ශාරීරික හා මානසික ආබාධ වලින් නැසීම වුව සිදුවේ.

එසේ ම දරුවන් බිහිකිරීමේ ක්‍රියාවලිය ඉවක් බවක් නැතිව යෙදීම තුලින් නිසරු නිශ්ඵල ජීවිතයකට පත් වේ. 

දුක් කරදර නැති, යහපත් යුග දිවියකට මෙය ඉතා වැදගත් වේ. නැතහොත් ජීවිතය පවා නැති කරන, අනාගතය වැනසී අපරාධකාරයකු වන තරම් දුරදිග යන ක්‍රියා සිදුවේ. තමන්ගේ පමණක් නොව අනුන්ගේ ජීවිත නසන දෙයකින් වැලකීම කියවේ. ගණිකා වෘත්තිය වැනි දෑ තමන්ගේ නීච බව පෙන්වන අනාගතය අඳුරු කරන, විශ්වාසය, ගෞරවය නැති කරන, වාසනාවන්ත දරුවන් ඉපදීමෙන් වලකන, දුප්පත්බව උරුම කරන, ජීවිතය නසන ක්‍රියාවකි.

මෙහි දී දකින සුවිශේෂත්වය වන්නේ තිරිසන් බවෙන් මිදුනු මිනිසාගේ ජීවිත රැකීමටත් පැවැත්ම තහවුරු කිරීමටත් තම ක්‍රියාවන් පාලනය කර ගැනීමත්, ඉන් පිටතට ගියොත් ආදීනව තුලින් එය වැලැක්වීමත් සැකසී ඇති බව ය.

මුසා (මූසල) වදන්  කීමෙන් වැලකීම:

බොරු කීමෙන් වලකිමි යයි දෙමළෙන් උදේ හවා පොරොන්දු වී කියන තරමක් බොරු ම කියන අය අප අතර ඇත. සැබැවින් ම මූසල වදන් යයි ගත යුතු ය. මූසල ගතිය මත බිහි වූ ජන කොටසක් ද ඇත. මෙම අංඟය ගත් කල, බොරු කීම, රැවටීම, වංචා කිරීම, මුලා කිරීම වැනි මිනිසුන් නොමග යවන ක්‍රියා මෙන් ම මිනිස්කමට නොගැලපෙන ගති විදහා දක්වන වචන යෙදුම් ද අයත් වේ. ඇත්ත පමණක් කිව යුතු ය. එය ප්‍රගුණ කිරීමෙන් හැමවිට ම ඇත්ත දැකීමට හැකි වේ. ජීවත්වීමට ඇත්ත අවශ්‍යම ය. එසේ නොකර, මිනිසුන් රැකෙන, සමාජය රැකෙන, අරුත් බර වදන් මත පවතින සමාජය මුසාවෙන් විනාශ වේ. එකිනෙකා අතර විශ්වාසය නැති වේ. භාෂාව යනු ඕනෑම ජාතියක පැවැත්ම කියන උරුමයයි. සමාජ සම්මත ප්‍රයෝජනයට ගෙන අනෙක් මිනිසුන්ගේ වැදගත්කම, භාෂාවට ඇති ගරුත්වය මුසාවෙන් බිඳ හෙලයි ද, එවැන්නා පැවැත්මට තර්ජනයක් වීම හේතුවෙන් දේව කෝපයට ලක් වන්නේය. අපරාධකාරයකු වේ. සමාජය තුල නොරැකේ.

මූසලයන්ගේ දරුවන් ද මූසලයන් වී තමනට කරදරයක් බරක් වන්නේමය. තම වචන කෙරෙහි විශ්වාසය බිඳීම තුලින් කෙතරම් නැති බැරිකම් අත් දුටුව ද පිහිටක් නැත. කටුක, සාමය වල් වැදි, සරුකමක් නැති, මිනිස්කමින් තොර පරිසරයක් උරුම වේ.  තමන්ගෙ හැකියාවන් බිඳ වැටේ. විරූපී ලක්ෂණ මෙන් ම අනුන්ට කැපූ වලේ තමන් වැටෙන්නා සේ තමන්ගෙම කෙරුවාවෙන් රැවටීම, වංචා කිරීම, මුලා කිරීම වැනි මිනිසුන් නොමග යවන ක්‍රියා වලින් පෙලේ. ළඟ කල ලබන වාසියට දිගු කලක් වන්දි ගෙවීම උරුම ය.

මෙහිදී ද වැලකීම තුලින් ජීවිත රැකීමටත් පැවැත්ම රැකුමටත් මග පෑදීම මුල් අරමුණ බව පෙනේ.

සුරාවෙන් වැලකීම:

 වඩාත් නිවැරදිව කියනවා නම් "ඇබ්බැහි වීම තුලින් ජීවත්වීමටත් පැවැත්මටත් තර්ජනය වන ගතිසිරිත් වලින් වැලකීම" ලෙස ගත යුතු ය. තාරය ගැන තවම නොකීව ද, නැවත නැවත කිරීම තුලින් ඕනම දෙයකට නතුවීම හෙවත් ඇබ්බැහි වීම සිදු වේ. සුරාපානය යනු ජීවය අක්‍රීය කරන පානයකි. සිහිය විකල් වීම, සිතීමේ හැකියාව අඩපන වීම, කලයුතු නොකලයුතු දෑ තෝරා බේරා ගැනීමට නොහැකි වීම, ශරීරය විනාශ වීම, රෝගී වීම, සම්පත් හීන වීම නිසා දුක් කරදර වලට මැදිවීම සිදුවේ. එම නිසා වැලකීම ජීවය රකී.

මේ අංඟ පහ හා අනෙක් අංඟ ගැන තව බොහෝ දේ කිව හැකි වුව ද, එයට සුදුසු කල නොවේ. මේ සියල්ලම සිංහල සමාජය තුල බිහි වූයේ මිනිස්කම ඇති උන්ගෙ රැකුමට ය. අද හොර බෞද්ධයන් නිසා මෙම අංඟ නැවත නැවත කියවන පදවැල් වලට සීමා වී ඇත. මට විමතියක් දැනෙන්නේ මෙම පිළිවෙල බිහිකිරීමට යොදාගන්නා විදි සිංහලයන් සතු නොවීම ය. තම හැසිරීම අනුව ඊට ආවේනික ප්‍රතිචාරයන් තමන් තුලත් බාහිර පරිසරය හා බලපෑමට ලක්වූවන් තුලත් ජනිත වන්නේ අපේ තාරය හා අවතාරය සැකසුනු ආකාරයත්, ඒවා ජීවය ලෙස ක්‍රියාකරන ආකාරයත් මත බව පෙන්විය හැක. තාරය ගැනත්, තාරය හා අවතාරය අතර ඇති සබඳතාවයත් ගැන පසුව කියන විට මෙය වඩාත් පැහැදිලි වේවි.

මම මේ ලිපිය ලියන්න හදනකොටම අන්තර්ජාලයේ ඊට අදාල පුවතක් විය (August 14, 2013 at 1:52 pm | lanka C news ). ඒක හරියට කොස් ඇටයක් හොයන කොට කැවුමක් ලැබුන වගෙ දෙයක්. එය ලංකෑ චී නිව්ස් අඩවියේ පලවිය. එය ලියුවේ ඕමල්පේ මැල්කම් කාර්ඩිනල් යයි කී විට ඔබ දකින්නේ සිංහලයකු නොවන බවයි. ඒත් ඕමල්පේ සෝභිත සංඝ හිමි යයි කී විට ඔබ ඒ සිංහලයකු ලෙස දකීනම් ලැජ්ජා විය යුතු ය. මුලින් කී ඕමල්පේ මැල්කම් කාර්ඩිනල් තුලින් ඔබ දකින්නේ සිංහල වදන් නොව ඉංග්‍රීසි වදන් වන මැල්කම් කාර්ඩිනල් ය. එනම් යුරෝපීය නම් ය. එතකොට ඕමල්පේ සෝභිත සංඝ හිමි කියන කොට ඔබ සෝභිත සංඝ හිමි යන වදන් සිංහල ලෙස දකින්නේ ඇයි? මේ වදන් දෙමළ භාෂාවෙන් උච්චාරණය කල වදන් ය. ඔබ අතීතය නොදනී නම්, ඒ 1815 ඉංග්‍රීසි ආධිපත්‍යයට යටවීමට පෙර ඔබේ රට වසර 2500 ක් පමණ දෙමළ ආධිපත්‍යයට යට වී තිබුනු බව ඇබ්බැහිවීම තුලින් නොදකින නිසා ය. ඇත්ත නම්, 1815 දී සුද්දට සිංහල රට පාවා දී, ඒ තුලින් අදත් හොර බෞද්ධ (දෙමළ) ආධිපත්‍යය පැවතීමයි.

හොර බෞද්ධ (දෙමළ) මිෂණාරියා කියන්නේ, රට හදන්න නම් මුලින්ම වගකිව යුත්තන් පන්සිල් රකින්න ඕනෑ  බවය. මම දන්නා තරමින්, වගකිව යුත්තන් පමණක් නොව පණ අදින උන් ද උදේ හවා පන්සිල් ගන්න රටක් බව පෙනේ. මේ පූජක (දෙමළ හින්දු මිශ්‍ර වදනකි) කියන විදියට "රට හදන්නට ජාතිය නගන්නට පොහොසත් සංස්කෘතියක් මත සවිමත් ආර්ථිකයක් ගොඩ නගන්නට නම් භික්ෂූන් වහන්සේ පෙන්වන මග යා යුතුයි." කියා ය. මොවුන්ගේ වදනින් වසර 2600ක් තිස්සේ "භික්ෂූන් වහන්සේ" (තේරුම මොකක්ද?) කලෙත් ඒකම ය. හිඟනුන්ගෙන් යැපෙන හිඟනුන් පෙන් වූ මග ගොස් හිඟන වූ රටක, හැම දේටම අතපාන නිකමුන් වීම ආශ්චර්යයක් නොවේ ද? සවිමත් ආර්ථිකය කෙසේ වෙතත් දෙමළුන්ගේ සඟිස්කුරිතය සිංහල උරුමය කර, දෙමළු ලියූ කෙප්ප, සිංහල අතීතය බවට හැරවීම අගය කල යුතු ද? එදා ඉන්දීය දෙමළකු ගෙතූ මහා වංශය අද සිංහලයන්ගේ ඉතිහාසයයි. අද ප්‍රභාකරන් ලියූ ඉතිහාසය හෙට සිංහලයන්ගේ ඉතිහාසය කරනු ඇත.

තව ද "පන්සලත් භික්ෂූන් වහන්සේත් අනාදිමත් කලක පටන් මේ රටත් ජන සමාජයත් රැක බලා ගත්තා." කියා ඇත. ඔය කියන රට තියෙන්නේ කොහේ ද?

මොහු "වගකිව යුත්තන් පන්සිල් නොරැක සෙස්සන්ට පන්සිල් රැකපල්ලා යැයි කී පමණින් මේ රට හදන්න බෑ. රට හදන්න නම් පළමුව වගකිව යුත්තන්ම පන්සිල් රකින්නට  ඕනි. දෙමවුපියන් රට වැසියන් පාලකයන් මේ සියලූ දෙනාම පංචසීලය රැකිය යුතුයි" කියන විට පන්සිල් කෙතරම් බලවත් දැයි සිතේ. මෙම මන්තරය මෙතෙක් කල් උදේ හවා ජප නොකලා නම්,  අපේ වාතය වුව කටින් පිටවනු ඇත. ඒගැන වහන්සේ (වහ සේ)ට කුරුතඥ්ඥ වෙමු.

මේ අඟනා වැදි බණ කීවේ දරුවන් 150 දෙනෙකු සසුන්ගත කිරීමේ දීපව්‍යාප්ත  සාසන සේවාවකට මුල පුරමිනි. "පන්සිල් රකින සමාජයක් වෙනුවෙන් කටයුතු කර අනතුරුව නිවන සාක්ෂාත් කළ යුතු යැයිද සදහන් කළ උන්වහන්සේ තමන් සතු උතුම්ම වස්තුව වන දරුවන් සසුනට පූජා කළ දෙමාපියන්ට තම ප‍්‍රණාමය පළ කරන බවද වැඩිදුරටත් සදහන් කළේය." ද කියා ඇත. පන්සිල් රකින සමාජයක් වෙනුවෙන් වටිනා කාලය නාස්ති නොකර හොර බෞද්ධයන් සියලු දෙන තම දරුවන් සියලු දෙනම සුන්නත් නොකර මුලින් කපා, මහන කලේ නම් නිවන අද ම ලබා ගත හැකි බව සහතික කරමි.

තම දරුවන්, පරසතුරන් ගෙනා මූසල ආගමට, හින්දු ආගමට හෝ කුරුසාගමට දී, තම ජාතිය නැසීමට වෙර දරන තිරිසනුන් වේ නම්, උන්ගේ හිස සත්කඩකට කැඩී පරසක්වල ගැසීම දෙවියන් කල යුතු ය. මම මේ ගැන කීවේ අද සිංහලයන් වැටී ඇති තැන ගැන කීමට ය. එයින් සිංහලයන් ගලවාගත හැකි දැනුමත් හැකියාවත් ඇත්තේ මුන්ට නොව පෙර සිංහලයන් කී කෙනාට බව පැහැදිලි වේ. අද සිටින තැන ගත් විට, සිංහලයන් නැවත බිහි කල යුතු වන්නේ ය. පරයන් ගෙතූ කෙප්ප ඉරා දමා උන්ගේ හෙළුව පෙන්වා සැබෑ සිංහල දැනුම මෙසේ දෙන්නේ, ඒ කල නොහැකි තරම් අමාරු කාරිය කිරීමට ය. හැම සිංහලයකුම මෙයින් පණ ගැන්වීම මගේ උත්සාහයයි. එය කරන්නේ මටත් වඩා සිංහලයන් දෙවියන් ලෙස හැඳින්වූවන්ගේ පෙරැත්ත නිසා යයි කියමි. මගේ මතය නම්, මේ තරම් දැනුම දීලත්, අද වැටී ඇති වලට වැටුනා නම් අද ඉන්න උන් රැකිය යුතු ද යන්නයි. එහෙත් සිංහලයන් දෙවියන් ලෙස හැඳින්වූවන්ගේ අවශ්‍යතාවය ගත් විට, ඉතිරි වී ඇති විකල්පය යනු මෙතෙක් මිනිසා තුලින් ලැබූ අත්දැකීම හැර දා නැවත තිරසනුන් කොටසක් එම තත්වයට ගෙන ඒම නිසා, මට අකමැත්තෙන් වුව එම කාරිය කිරීමට සිදු වේ. එහි ඵලය දකී නම් නිවනට ස්වර්ගයට යන උන් ද මිනිසුන් වීමට දඟලනු ඇත. ඒ මොනවා දැයි සුදුසු කාලය ආ විට කියමි. ඔබ මට සවන් දේ නම් සිංහලයෙකි. එවැනි සිංහලයන් අනෙක් සිංහලයන්ට මග පෙන්විය යුතු ය. ඔබේ පැවැත්මත් නැවැත්මත් තීරණය වන්නේ කෙසේ දැයි මම දනිමි.


3 comments:

  1. සංකිලි වංශලාගේ ලන්කෑ චී නිව්ස් (2013 අගෝස්තු 17) වලට අනුව "සිංහලයන් වඳ වී යන ජාතියක්" යයි දෙමළාගමේ මැඩිවලේ පඤ්ඤාලෝකන් ස්වාමි (හිමි) කියයි. මේ දෙගොල්ලම අර එළුවගේ එල්ලෙන ඒවා වැටෙනකම් ඌ පස්සෙ ගිය නරියා වගේ, සිංහලයට කෙලවෙනකම් බලන් ඉන්න වසලයන් ය. සිංහලයන් වඳ කිරීමට වලිකන මුන්ගෙ කටින් එන වචන ගත් කල, නුදුරු අනාගතයේ, මුන් හා ගෝලබාලයන් ලෝ දියෙන් අළුදූවිලි වෙන බව මෙහි යටි අරුතයි. ඉතිහාසය තුල, එසේ නැසුනු කිසි තැනක නැසුනවුන් නැවත බිහි වී නැත. ඒ ගැන සිංහලයන් තුටු විය යුතු ය. තමන්ගේ විනාශය සිංහලයන්ගේ විනාශය ලෙස දකින්නේ මර උණ හැදුනාම ය.

    අශෝක් රජාගේ කාලයේ මුලු ඉන්දියාවේම බහුතරය මේ මිනිස්බව නසන හින්දු අන්තවාදයට නතුවිය. එයට මුලින් නතු වූ අරාබිකාරයන්, මූසලයන් වී, උන් කලින් දැරු මේ අන්තවාදය වැළඳගත් උන් නැසීමට ඉන්දියාව ආක්‍රමණය කරන කොට (ඌරාගෙ මස් ඌරා පිට තබා කැපීමට), මේ අන්තවාදය තමන් නසන බව දුටු දෙමළුන් හා හින්දූන් ඒ හිඟනවාදය අතහැර තමන් කලින් ඇදහූ දෙය නැවත වැළඳ ගත්හ. කාලකන්නි හිඟනවාදයේ ගිලී සිටි උන්ගෙ හිස කඳින් වෙන් විය. මූසලයන් එනවිට, මේ මලපෙරේත හිඟනුන් කලේ, මරණය සිහිකරමින් ජීවිතය පිළිකුල් කරන එක ය (නැත්නම් මරණාස්මෘථි භාවනාවේ යෙදීමය). ගවඝාතකාරයෙදී ගවයන්ගෙ හිස් ගැසුනා සේ උන් නැසිනි. මෙසේ වූයේ ඇයි?

    මුලාවෙන් මේ කාලකන්නි හිඟනවාදයේ ගිලී සිටින සිංහලයෙක් වේ නම්, එයින් මිදී සිංහලකම වැළඳ ගෙන තම පැවැත්ම රැකීමට මේ කාලයයි. නැත්නම් සියලු දුක් විඳ මරණයට කැපයි. මිනිසුන් බිහිකල කෙනා මිනිස්කමට නුසුදුසු උන්ට නව තැනක් සකසා ඇත. එය ලෝ දියෙහි අනන්ත කලක් සිටීම උරුම කරවයි.

    ReplyDelete
  2. කමෙන්ට් එක ලොකු දෙයක් පැහැදිලි කරනව...මෙහෙමයි වෙන්න ඕනෙ...තම පණ රැකගැනීමට, තමන් සතු දේ රැක ගැනීමට විකෘති කල සිංහල දැනුම භාවිතය උන්ට වාසිදායක පදනමක් සහිත ඇත්තක් කියාපානව...මේ ලිපිය මට වැටහෙන දෙයට ලොකු සන්ධිස්ථානයක් සැපයුවා..

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි අය තව හිටියා නම් අපූරු ය. අද සිංහලයන්ගේ පිරිහීම නොවන්නට, මා කාලය නාස්ති කරමින් දුන් තොරතුරු බිඳට වඩා අනන්ත අප්‍රමාණ තොරතුරු ලෝක ඉතිහාසය තුල ඇත. මිනිසුන් ලෙස උපන් අප මිනිසුන් ලෙස ජීවත්විය යුතු යයි සිතුවා නම්, ජීවිතය සාර්ථක කර ගැනීමට ඇති තරම් අත්දැකීම් අප අතර ඇත. මා දැඩි බසින් පවසන්නේ හැම දේටම සීමාවක් තිබිය යුතු නිසා ය. දෙමව්පියන් වුව දැඩි ලෙස කියා බැරි නම්, ඊට පසු කලයුතු දේ කරන බව අප දනිමු.

      Delete