Friday, 30 August 2013

(1) තාරය (ගත) ගැනත්, තාරය හා අවතාරය අතර ඇති සබඳතාවය ගැනත්, මම කියා කෙනෙක් ඇති නැති බව ගැනත් සොයමු - පළමු කොටස

නොකියන බොහෝ දෑ වලින් එකක් වුවත්, මිනිසෙකු වී උපදින හැම කෙනෙකුම රහත් වීමට උත්සාහ කල යුතු නිසා ම, මෙම ලිපියේ අන්තර්ගත සොයාගැනීම් ඔබ සමඟ හුවමාරු කරමි. මිනිසෙකු වී අරහත් වීමට පෙළඹීම තරම් දුෂ්ඨ ක්‍රියාවක් නැත්තේම ය, එසේම නිශ්ඵල ය, වටිනා කාලය නසන කාලකන්නි කමකි. මෙහිදී මම රහත් වීම ලෙස කීවේ රහස් දත් වීමටයි. අප ගැන, අවට පරිසරය ගැන, අතීතය, අනාගතය ගැන පමණක් නොව මනුෂ්‍යයකු ලෙස ජීවත්වීමට මොකක් කල යුතු ද යන්න අපෙන් වසන් වී ඇත. මේ රහස් දැනගැනීම හෙවත් රහත් වීම අපේ පැවැත්ම වටහා ගැනීමට අත්‍යාවශ්‍ය වේ. මම අරහත් (අරහං) වීම ලෙස ගත්තේ රහත් වීම යන අරුතේ විරුද්ධ අර්ථයයි. එය හඳුනා ගැනීම ඔබට පවරමි.

කෙසේ වෙතත් අරහත් (අරහං) වීමෙන්, ඇස ඉදිරියේ ඇති දේ නොපෙනන, මහ හඬක් පවා කනට නොඇසෙන, මර උණ හැදුනත් ඇඟට වේදනාව නොදැනෙන, සරල ව කියනවා නම් සියලු හැඟීම් දනවන උපාංඟ නිෂ්ක්‍රීය කොට, මනසින් කිසිදු දැනීමක් නැති ජීවිතයක් බවට කෙනෙකු පත් වුවහොත්, අරහත් (අරහං) වූවෙකු යයි කිව හැක. හින්දූන් මෙම මග ගොස් ප්‍රගුණ කල ක්‍රමවේද බොහෝ ය. ඔවුන් ලැබූ අන්තිම ඵලය නම් සතුන් මෙන් චාර ප්‍රතිචාර දක්වන තලයක සිරවීම ය. එය මෙතන කීම මගේ උත්සාහය නොවන අතර, අද අපෙන් ගිලිහී ඇති, සිංහලයන් ප්‍රගුණ කල රහත්වීමට අදාල වැදගත් දැනුමක් ඔබ හමුවේ තැබීම  මගේ පැතුමයි. මෙය මුළු දැනුමෙන් සුළු කොටසක් බව පසක් කර ගන්න.

මගේ ලිපි තුලින් අරුත් දීමත්, නිශ්චිතව කීමත්, අවශ්‍ය නම් මිනිය හැකි බව ගණිතමය ක්‍රම තුලින් පෙන්වීමත් වැනි ඉලක්ක හඹායාමක් අපේක්ෂා කරන අතර, කිසිදු ආකාරයක අතාත්වික වචන ගැලපීමක් නොකරමි. එනයින් මගේ කීම බොරු කිරීමට ඉඩක්  නැති බව කියමි. කලින් ලිපියක අවතාරය මොකක්දැයි පැහැදිලි කලෙමි.

තාරය යනු සරලව ගත ලෙස ගත හැක. තාරය යනු ජීවිතය බිහිවීමේදී මවගෙත් පියාගෙත් දායකත්වයෙන්, පාරිසරක ද්‍රව්‍ය ගෙන සකසා ගන්නා කොටස ලෙසත්, එම කොටස මරණයෙන් නැවත පරිසරයට එකතු වන බවත්, යන කාරණා දෙකට ගැලපෙන ජීවයට පණ දෙන කොටස ලෙස ගනිමු. කලින් කී අවතාරය යනු, ඉපදීම, නැසීම තුලින් ඇති වීමක් හෝ නැති වීමක් නොවන ජීවයට පණ දෙන කොටස යයි නැවත අරුත් දිය හැක. ජීවය යනු පරිසරය තුල සිටින ගහ කොල සතා සීපාවන් වැනි නැවත නැවත බිහිවන ඒකීය හැසිරීම් රටාවක නැවත නැවත යන පාරිසාරික කොටස යයි කියමු. ඉතිරිය අජීවි කොටස ලෙස ද ගමු. පණ යනු නිශ්චත රටා තුලින් ජීවය තම අවශ්‍යතාවයන් සපුරාලන තත්ත්වය කියන අංඟය ලෙස ගනිමු. මේ අරුත් දැක්වීම් තුලින ඉතිරිය තහවුරු කර හදාරමු.

මෙහි අන්තර්ගත තොරතුරු සිංහලයන් සතු හැසිරීම් රටාව මත ගොඩනගා ඇත. විවිධ ජාතීන් සතු හැසිරීම් රටාවන් ගත් කල ඒ අනුව  ප්‍රබල වෙනස්කම් පෙන්වන බව කිව යුතු ය. අපි කොතරම් තිරිසන් ලොවේ හැසිරීම් රටාවෙන් බැහැර වී ඇද්ද යන්න අනුව අපේ  තාරයට බැඳි තොරතුරු ද වෙනස් වන බවත්, එකම ජාතිය තුල ද මේ වෙනස්වීම් පෙන්වන බවත් කිව යුතුය. තිරිසන් සතුන් අතර වර්ගය අනුව සුළු වෙනස්කම් තිබුන ද, එකම වර්ගයා තුල සම බවක් පෙන්වන්නේ පරිසරය තුලින් එන අභියෝග හමුවේ වෙනසකට ඉඩ නැති නිසා යයි කිව හැක. එහෙත් මිනිසුන් අතර මේඅභියෝගය නැති නිසා, බොහෝ අයගේ ගත දුබල වීමක් සිදු වී ඇත.

ආරම්භය:

අපේ ගතේ බිහිවීම ගතහොත් එය වන්නේ මවගේ ඩිම්බයක් තුලට ඇතුළුවන පියාගේ ශුක්‍ර ධාතුවකින් ඇරඹෙන ක්‍රියාවලියකිනි. (සිංහලයන් ධාතු ලෙස යෙදුවේ ජීවිතයට අත්‍යාවශ්‍ය දේ වුවත් දෙමළාගම තුලින් මිනී ඇට කටු වලට ද ධාතු යන වචනය යොදා අගයදී වැඳුම් පිදුම් කරන බව මතක් කරමි. එවැනි බස නැසීම නිසි දැයි ඔබ තීරණය කරන්න.)  මෙම ක්‍රියාකාරිත්වය තුලින් නැවත නැවත බෙදීමක් ද ඊට ඇවැසි පාරිසරික ද්‍රව්‍යයයන් මවගේ සිරුරට බලෙන් රිංඟාගත් රුධිර නාල වලින් උරාගන්න බව පෙනේ. බලෙන් රිංඟනවා යයි කීවේ මවගේ පටක වලට හානිකර සම්බන්ධතාවය ගොඩ නඟන නිසා ය. මූලාරම්භයේ බෙදීම් තුලින් මිනිස් රුව ගැනීමට පෙර ජලජ ජීවී රූපයක් ගන්නා නිසා, ජීවය ජලයේ බිහිවුනා යයි සමහරු කියති. එහෙත් මවගේ ගර්භාෂය ද දියර පිරි මල්ලක් නිසා ඊට උචිතව ජීවය බිහිවන බවත්, මෙම තරල මාධ්‍යයය, හැලහැප්පීම් තුලින් කලළය රැකීමට යෙදූ දෙයක් බවත්, එමගින් මවගෙ බාහිර ක්‍රියාවලින් වෙන්කර තැබීමට කල දෙයක් බවත්, ජීව ලෝකයේ දත්ත තහවුරු කරයි. මෙහි දී කලළය වැඩෙන කල මොළය සුළු අංගයක් ලෙස ඇරඹීම යනු, වෙන ආකාරයක දැනුම අනුව සිරුර ගොඩ නැගීමක් විය යුතු ය. නිශ්චිත හැඩ රුව මෙන්ම අංඟ සම්පූර්ණ සුවිශේෂ අංඟෝපාංඟ ඇති නිපැයුමක් වීම බෙදුනු මූලික ශාරිරික කොටස් තුලින් විය නොහැකි වන්නේ, ඒවායේ ඇති සම බවත්, බෙදීම තුලින් ඒකීය ලක්ෂණ ගැනීමත් නිසා බහුකාර්ය කරන රාමුවක් නොවන නිසා ය. මෙසේ වැඩීම තුලින් අවශ්‍ය අංඟෝපාංඟ සමඟ සම්පූර්ණ වී තනිවම ජීවත්වීමට හැකිබව ලබා ගැනීමට ලොකු වීම සඳහා මාස දහයක් පමණ ගතවේ.

දෙමාපියන්ට ඇති සම්බන්ධය:

තාරය ගත් විට, බොහෝ කොටස් දෙමාපියන්ගෙන් පිටපත් කිරීමක් වන බව ද, ඒ අතරේ දෙමාපියන්ට අයත් නොවන කොටස් ද බිහිවන බව දරුවාගේ අනන්‍යතාවය ගත් විට දැක ගත හැක. පියාගේ කාර්යය සුළු වේලාවකට ද, මවගේ කාර්යය කුස තුල දරා සිටින කාලයට ද සීමා වුවත්, ඒ දෙදෙනාගෙන් බරපතල බලපෑමක් කළලය වැඩීමට දායක නොවන බව ඒ දෙදෙනාගේ හැසිරීම් ගත් විට පෙනේ.
එසේ නම් ඊට තෙවැන්නෙකු සිටිය යුතු ය. කෙසේ නම් රටාවට බිහිවේ ද? ඒ සඳහා අවශ්‍ය දැනුම කෙසේ ලැබේ ද? අද්භූත දේ හැරි විට, මොළයේ වැඩීමට පෙර ද බිහිවීම වන නිසා එය දැනුමේ මුල යයි යන මතය බිඳ වැටේ. මොළය විසින් මොළය බිහිවීම පරිසර දත්ත ඉවත දමනවා. එහෙත් බිහිවන නිශ්චිත නිර්මාණය ගත් විට, අහඹු සිදුවීමක් නොව ඉතා දියුණු අංඟ සම්පූර්ණ දායකත්වයක් ලැබිය යුතු ය. එසේ වීම අවතාරයේ වුවමනාකම් මත තීරණය වන බව පෙන්විය හැක. දරුවකු වැඩිහිටියකු වන තෙක් පැවැත්ම ගත් විට, කුඩා කල දෙමාපියන්ට අවනත වී ඔවුන්ට ගැලපෙන චරියා රටාවක් පෙන්වීමත්, කරදඬු උස් මහත් වීම සමඟ තම අනන්‍ය හැසිරීමට පෙළඹෙන බවත් අත්දැකීමයි. සමහර විට, දෙමාපියන්ට වඩා හාත්පසින් වෙනස් වූ හැසිරීමක් ද පෙන්වන අය සිටී. එසේ වීමට නම් දෙමාපිය සිතුම් පැතුම් අනුව තම මුල්කාලය නිශ්චිතව තීරණය විය යුතුයි නේ ද? බිහිවීමත් ඊට බැඳි ගුණාංඟත් බිහිවෙන කෙනාගෙ අවතාරය තුලින් වෙන බව පෙනේ. දෙමාපිය සිතුම් පැතුම් අනුව හැඩගැස්වීම ද එලෙසම විය යුතු ය. මේ සුවිශේෂ ලමා විය කියන්නෙ පැවැත්මේ අවශ්‍යතා සපුරා ලීමට දරුවා තම හැසිරීම තාවකාලිකව හසුරු වන බවයි. එනම් දෙමව්පියන්ගෙ සිතුවිලි පවා යොදා ගන්න බවයි. දෙමළාගම තුලින් මිනිස්කම පිළිකුල් කරන දෙමව්පියනට ලැබබෙන දරුවන් වදකයන් වීම, තම අභිමතය වන මිනිස්කම දුකක් බව තහවුරු කිරීමට උපදින දරුවන් ද හැඩගැසීම තුලින් වේ. මෙය මම ද අත්දුටුවෙමි.

මිනිසකු වී සිට නව උපතකට තාරය බිහිකිරීම:

නැවත නැවත ඉපදීම හෙවත් තාරය නැවත නැවත බිහිකිරීම ගැන තවම නොකීව ද ඊ ළඟ ලිපියකින් එය සැබෑ ස්වාභාවික සිදුවීමක් බව තහවුරු කරමි. මෙසේ නැවත උපදින්නේ කලින් මිනිස්බව ලැබුවෙකු නම් එක විදියකටත්, එසේ නොවන ජීවීන් මිනිස් උපතක් වීම වෙන විදියක් බවත් කියමි. කලින් ලිපියක ඩිම්බ වලට හිමියාගෙ චරියාව බල නොපාන බවත් ශුක්‍ර ධාතු වලට එසේ නොවන බවත් කීමි. මෙය වැදගත් වන්නේ අපේ ජීවියේ අනන්‍යතාවය ඩිම්බය තුලිනුත් පාරිසරික වෙනස්වීම් ශුක්‍ර ධාතුව තුලිනුත් පිළිබිඹු වන නිසා ය. දරුවාට පණ දී දරුවා වෙනුවෙන් තම පණ දීම ස්වභාවික දත්ත හෙළි කරයි. දරුවාගේ වැඩීම මවගේ බරකි. ස්වාභාවික පරිසරයෙන් ඈත් වුව ද ඒ මත ගොඩ නැඟුණු ගති අද ද දරුවන් පෙන්වයි.

කලින් මිනිස්බව නොලැබුවෙකු තාරය බිහිකිරීම:

නැවත ඉපදීම ගත් විට, දරුවා හුරු පුරුදු කාරයෙක් පමණක් නොව මිනිසුන්ට හා තමන්ට ආවේණික ගති ගුණ සියල්ල උපත තුලින් බිහි කරනවා. මෙය කෙතරම් දුරට මිනිස් බවට ලංවේ ද යන්න කී වරක් මනුෂ්‍යයෙකු ලෙස ජීවත් වුවා ද යන්න මත රඳා පවතී. දෙමව්පියන්ට සම හෝ දුබල දරුවන් අඩුවෙන් ද, ප්‍රබල අය වැඩියෙන් ද බිහිවීම තුලින් නියෝජනය වෙනවා. සාමාන්‍යයෙන්, පියා හා මව අතර මැද ගතිගුණ පෙන්නුවද, ඉතා ප්‍රබල උපතකින් වැරදි පමණක් නොව නැති දේ ද බිහිකර අංඟසම්පූර්ණ තාරයක් බිහි වේ. මෙසේ නොවන්නට ක්ෂය වූ දේ නැවත යථා තත්ත්වය පත් නොවන්නේ මය.

ඊළඟට කලින් මිනිසකු නොවූවකුගේ උපත ගනිමු. ආධුනිකයකුට පලපුරුද්දක් නැතුව මිනිසකු විය හැකි ද? ඉපදීම තමන්ගෙ වුවමනාවට වේ. ඉල්ලීමට, බල කිරීමට හෝ අවශ්‍යතා ඉටු කිරීමට මිනිසුන් වී උපදින සුළුතරයක් ද වේ. තමන්ගෙ වුවමනාවට මිනිසුන් වී උපදින බහුතරය ගත් විට සෑම ජීවයකට ම පොදු විදිය යොදා ගනිති. උදාහරණ ලෙස මිනිසුන් අතර උපදින එවැනි බහුතරය සුනඛයන් බව තහවුරු වේ. මෙය අපහාස කිරීමක් නොවේ. මානවයා හා සුනඛයා ජීවීන් වර්ග දෙකක්  බව මතක තබා ගන්න. සුනඛයා අද ද තිරිසනකු වුව, මිනිසා සමඟ ළඟ ඇසුරක් ඇති, මිනිසාගේ හැසිරීමට අණුකූල වූ දැනුම ඇති සතෙකි. එනයින් මිනිසකු වීම බරපතල දෙයක් නොවේ. සුනඛයා අද ද තිරිසනකු නිසා තවත් තිරිසන් සතෙකුට සුනඛයෙකු වීම සුළු දෙයකි. බාහිර පාරිසරික අභියෝග අඩු නිසා පැවැත්මට තර්ජන නැති තරම් ය. මෙවැනිම දරු උපතකට, ඝාතනය වූවකු හෝ අප නිතර බුදින සතෙකු මුල් වන බව පෙනේ. ඒ ගැන කතා නොකර, මාතෘකාව ගැන හිතුවොත්, දරු උපත යනු දෙමාපියන් අණුකරණය කර පිටපත් කිරීම,  අඩු වැඩි නම් මැද සිටීම, ඇති නැති නම් දෙපැත්තට ම යාම වැනි පදනම් තුලින් තාරය බිහි කරයි. ඒ අතර තමන්ගේම මිනිස් ගති නැති අඩුව දිස්වෙන අතර, හැකියාව අනුව කලින් හිමි අනන්‍යතාවය නැවත බිහි කරයි. එවැන්නන්ට බල්ලන් යයි කීම හිමි වේ. මිනිසකු ලෙස නැවත නැවත බිහි වී ජීවත්වීමේ දී, තම අනන්‍යතාවයට මිනිස් බව ආදේශ කරයි. මෙහි දී, ඇතිවෙන වෙනස තමන් අභියෝගයන්ට ලක්වන ප්‍රමාණය මත සිදුවේ. මේ අතරේ තිරිසන් සතුන් ද මිනිසුන් වීම අහම්බයක් ලෙස සිදුවේ. තිරිසන්කම නිසා මුල් උපත අකාලයේ නැසෙන බව පෙනේ. මේ කොටසට, අප අතර සිටින,  අනුන්ගේ දේට හිමිකම් කියමින් පොර කන, තුප්පහි හිඟනවාදයට නතු වූවන් අයත් වන බව පෙනේ. මිනිසුන්ගෙ හැසිරීමට පටහැනි වී මිනිසුන් අතින් ම නැසීම සිදුවෙන බව ඉතිහාසය කියයි.

තාරයේ වැඩීම:

තාරය ගත් විට, එහි වර්ධනය අවස්ථා/අදියර දෙකකට කැඩේ. ප්‍රථම ව, එකම කොටස සමව දෙකට බෙදෙන සරල ක්‍රමය තුලින් බෙදී යන අතරේ, ඒ ඒ කොටස් සිරුරේ ආවේනික උපාංඟ ලෙස හැසිරීමට පෙළඹේ. ඊටපසු ඒවා ද දෙකට බෙදී එම උපාංඟ බිහි කරනවා. මෙසේ නිශ්චිත මිනිස් ස්වභාවය ගත් විට මෙම අවස්ථාව/අදියරය අවසන් වී දෙවන අදියරය පටන් ගනී. මෙවර වන්නෙ උපාංඟ වලට ආවේනික කොටස් දෙකට බෙදීමේ ක්‍රියාවලිය තුලින් තම උපාංඟ වැඩීම ය. උපත වන විට තනිවම ජීවත් වීමට ප්‍රමාණවත් තරමට තාරය වැඩී ඇත.

මෙහි කී දෙකට බෙදීමේ ක්‍රියාවලිය සරල වූ ද්‍රව්‍ය එකතුවකට පොදු දෙයක් වුව, මෙහි සඳහන් නොකිරීමට සිදුවේ. එහෙත් මෙහි කී දෙකට බෙදීම තුල, අප (දරුවන් හා දෙමාපියන්) කන බොන දෑ ප්‍රබලව බලපානවා. සරල උදාහරණයක් ලෙස මෝටර් රථය ගතහොත්, එය අංඟ සම්පූර්ණ රථයක් වන්නේ, එයටම ආවේනික වූ කොටස් එක්තරා නිශ්චිත රටාවකට එකට එකතු කිරීමෙන් නොවේ ද? එලෙසම, සංකීර්ණ නිපැයුමක් වූ මිනිස් දරුවකු බිහිවන්නේද එක්තරා නිශ්චිත රටාවකට ඇමිණූ කොටස් වලින් නේ ද? විශේෂයකට ඇත්තේ මෙම කොටස් වෙනත් ජීවීන් බිහි කිරීම හා අපට ම ආවේණික කොටස් අප විසින් ම නිපදවා ගැනීමයි. අප කන බොන දෑ කෙතරම් වැදගත් දැයි මෙහි දී හෙළි වේ. අවශ්‍ය දෑ නොලැබීම හෝ ඒවාට හානි වීමත්, අවශ්‍ය දෑ ලැබුනත් හරියට ඈඳා ගත නොහැකිවීමත් යනු, අඩුපාඩි සහිත බිහිවීමකට දායක නොවේ ද?

තාරය වැඩෙන අයුරු:

ඉහත කී අදියර දෙකේ වර්ධනය  කෙසේ වේ දැයි බලමු. මුල් අදියරේ ආරම්භය මව හා පියා දෙන දේවල් වලින් ඇරඹේ. බෙදීම හා අංඟ බිහිවීමට අවශ්‍ය දෑ මවගේ ගර්භාෂය විද ඇතුලු කල නාලයකින් උරා ගන්නා ලේ මත රැඳේ. මෙසේ කුස තුල වැඩී, උපතෙන් පසු දෙවන අදියරයේ වර්ධනය හෙවත් නිශ්චිත හැඩයක් තුල ප්‍රමාණයෙන් වැඩි වීම, මුල් මාස කිහිපය තුල මවගේ තනෙන් එන කිරි බීමෙන් ද, බාහිර දේ කෑමට පරිවර්තනය වීමෙන් ද ඉටු වේ. කල් යත්ම වර්ධනය පරිසරය තුල බිහිවෙන ජීවීන්ගේ කොටස් කෑමෙන් සිදු වේ. මෙහි දී සුවිශේෂ යමක් කියමි. එනම් අවශ්‍ය දේවල් සියල්ල පරිසරයෙන් ලබා ගැනීමයි. විවිධ පරිසර තුල සිටින මිනිසුන් විවිධ දේ මිස එකම සංයුතියක් වර්ධනයට යොදා නොගන්න බවත්, තම තාරය පවත්වාගෙන යන නිසාත්, කෙසේ ජීවීන් නිපදවන විවිධ ද්‍රව්‍ය තාරය බිහි කිරීමට දායක වනවා ද යන බවත්, අපේ ජීවත්වීමට දායක වන ආකාරය දැන ගැනීම සඳහා වැදගත් වේ. එනම් විවිධ ආකාරයේ කොටස් ගෙන මිනිස් රාමුව තුල තාරය බිහිකල හැකි බව ය. එසේ බිහිවන්නේ එකම හැසිරීම ඇති මිනිසුන් නොවන බව තහවුරු වේ.

වැඩීමේ පරමාර්ථ:

වැඩෙන තාරය ජීවත්වීමට අවශ්‍ය වන ආකාරයට සැකසෙන අතර පරිසරය තුල කරන දෑ තුලින් කෙසේ වැඩිය යුතුදැයි තීරණය වේ. මීට අමතර ව මවගේ හා පියාගේ හැසිරීම් රටාවලට අණුකූල වූ විශේෂ ලක්ෂණ පෙන්වයි. එනම් උපත කාලීන ස්වරූපයක් ගනී. ඉතා දිග ඇති මිනිස් පැවැත්ම තුල, තාරය කාලීන ස්වරූපය ගන්නේ දෙමව්පියන්ගෙන් වුව ද, සුළුතරයක් මේ පොදු ප්‍රවණතාවයට නොගැලපේ. උදාහරණ ලෙස බහුතරය පොදු සමාජ ස්ථාවරය ගන්නා අතර සුළු පිරිසක් ඊට එරෙහි ව යන හැසිරීමක් පෙන්වයි. පවතින තොරතුරු මත සැලකුවහොත් පසු ගිය වසර තිස් දහසක කාලය තුල ආරම්භයේ මිනිසුන් සිටි ස්ථාවරය අද වන විට උඩුයටිකුරු වී ඇත. එදා මිනිසුන්, අද වචනයට සීමා වූ ක්‍රියාවෙන් යුක්ත වූ බවත්, අද ක්‍රියාව එදා ක්‍රියාවේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාව බවත් තහවුරු වේ. උදාහරණ ලෙස එදා මහසම්මත මනු රට වැසියන් තමන්ගේ අය ලෙස වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද පෙන්වා සියල්ලන්ගෙ ගෞරවය ලැබ දේවත්වයට පත් විය. නූතන නායකයන් ද වචනයෙන් රට වැසියන් තමන්ගේ අය ලෙස උදේ හවා තෙපළුවද ක්‍රියාවෙන් තමන්ගේ සතුරන්ටත් වඩා ද්‍රෝහියෙකි. රටම පාවා දෙන පරගැති වසලයෙකි. රට වැසියන්ගේ සම්පත් උදුරා ගන්නේ ද පර සතුරු ආක්‍රමණිකයන් ලෙස ය. රටේ බහුතරය ද මේ නායකයන් වගේ නිසා ඉන් රටට, ජාතියට, තමන්ගෙ කමට වෙන්නේ මහ විනාශයකි. එහෙත් සුළුතරයක් මේ රටාවට අයත් නැත.

කිසියම් හේතුවකට මම සිටින්නේ අද සිටින බහුතරයට සම්පූර්ණයෙන් ම ප්‍රතිවිරුද්ධ රටාවක් තුලය. මම වැනි සුළු පිරිසක් සිටීම අස්වැසිල්ලකි. මෙම වෙනස්වීම සඳහා, තාරය හා අවතාරය දැඩිව හේතු වන බව පෙනේ. තාරයේ පැවැත්මට කාලීන වෙනස්කම් ඊට පෙර පරම්පරාව වන දෙමව්පිය දායකත්වය දෙනවා. ඒ අනුව අවතාරය ද සිතන විදිය වෙනස් කරන බව පෙනේ. එවිට මුළු කාලය තුලම නැවත නැවත උපන් අයගේ බහුතරයකට අයත් තාරය හා අවතාරය, සමාජීය වෙනසට අනුගාමීව හැසිරීම් රටාව වෙනස් වන නිසා, අද පරිසරයට ගැලපෙන චරියාවක් ගැනීම පෙන්වයි. ඔවුන්ට අද තිබෙන වෙනස නොපෙනෙන්නේ, පැවැත්මට කාලීනව වෙනස් වූ නිසා ය. එහෙත් යම් කාලයක් නැවත නැවත ඉපදීමක් නොවුයේ නම්,  අවතාරය හා තාරය අතර ඇති අසමාන කම් නිසා අවතාරයට අනුව තාරය සකසන බවත්, තාරය යනු අවතාරයට මුල් තැන දෙන නිපැයුමක් බවත් තහවුරු වේ. එමගින් තම අතීත කාලය කෙසේ ගෙවුනා දැයි දත හැක. මේ ගැන නැවත නැවත ඉපදීම යටතේ කතා කරමු. කෙසේ වෙතත් මේ අසමාන උපත් තුලින් දිගුකාලීන පැවැත්ම තහවුරු කරන බවත්, අද ඉන්න සුවිශේෂ තැනට තිරිසන් මානවයා ආවේද එම විදිය තුලින් බවත් අපේ හැසිරීම් රටාව තහවුරු කරයි. මෙතුලින් කාලීන හීන වීම් හා ගතිගුණ ක්ෂය වීම නිරීක්ෂණය වේ. සුදුසු කල බහුතරය නැසී නැවත මුල් තත්ත්වයටත් වඩා ඉහලට මිනිසා ගිය බව ඉතිහාසය කියයි.

තාරයේ ක්‍රියාකාරිත්වය:

තාරයේ ක්‍රියාකාරිත්වය ගත් විට දෙවිදියක් පෙන්වනවා. එකක් නම් කිසිදු දැනීමක් නැතුව වන ක්‍රියාවන් ය. අනෙක සිතීම තුලින් අවශ්‍ය ආකාරයකට ක්‍රියා කිරීමයි. ශාරීරික ක්‍රියාවලට අවශ්‍ය කොටස්වල ක්‍රියාකාරිත්වය මොළය තුල භෞතිකව ගබඩා කර ඇති බවත්, එය හා අංඟ අතර සංඥා හුවමාරුවක් ඇති බව ද පෙනේ. එය අංඟ වලින් ඇරඹෙන බවත්,  සිතන ක්‍රියාව මොළයෙන් නොකරන බවත් කිව හැක. ජීවිතයේ වැදගත්ම අවස්ථාව වන කළලය වර්ධනය වන විට මොළයක් නැතුවම එසේ වීම, මොළය යනු ශාරීරික ක්‍රියාවලට අවශ්‍ය කොටස්වල ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය භෞතික සංඥා ගබඩාවක් බව කිව හැක. මොළය ශරීරය සමඟ වැඩීම ඒ අතර බැඳීම කියයි. මොළය සිතීමට බල නොපාන බව සම වැඩීම් ඇති අයගේ සිතීමේ හැකියාවන්ගේ අසමාන බව තහවුරු කරයි. එහෙත් තාරය යොදා යමක් කිරීමට අවතාරයට තනිවම බැරි බවත්, එය මොළයේ ඇති භෞතික දත්ත උපයෝගී කර ගැනීමක් තුලින් කල යුතු බවත් දත්ත කියයි. මෙම ක්‍රියාවන් සිදුවන ආකාරය දැන දැන නොකියා සිටීමට සිදු වේ. මොළය ඉතා සරල ලෙස වැඩ කරන උපාංඟයක් මිස සිතීම කල හැකි දෙයක් නොවන බව සිතීම අරුත් ගැන් වූ විට පෙනේ. සිතීම ද සරල ක්‍රියාවකි. එහෙත් අළුත් දෙයක් කිරීම හෝ සිතීම තාරයට හෝ අවතාරයට නැති බව කියන්නේ, කොටස් දෙකම නියත මෙන්ම සීමිත හැකියාවන් ඇති නිපැයුම් බවයි. ඒ බව අළුත් විසඳුමක් ඇවැසි තැන මා හා අන් අය අතර ඇති වෙනස තුලින් මනාව ප්‍රත්‍යයක්ෂ විය. තාරය හා අවතාරය අතර ගණුදෙනු අපට අත්‍යාවශ්‍ය වන, එහෙත් එතරම් ප්‍රබල වෙනසකට පාත්‍ර නොවන ගුප්ත ගතිගුණ ඇති මාධ්‍යයයකින් සිදු වේ.  එය පාලනය කර තාරය අඩපන කිරීමෙන් හැඟීම් තොර හෝ හිරි වැටුන තත්ත්වයක් ඇති කල හැක. ඒ ගැන විමසීම ඔබට භාර කරමි.

තාරය ගත් කල එහි පැවැත්මත්, නඩත්තුවත්, එයට පැවරී ඇති කාර්යයන් කිරීමටත් අවශ්‍ය අංඟ හා පද්ධති කොතරම් ඉහල තලයක තිබේ ද කියනවා නම්, එයට අවතාරය නැතුවම පැවතිය හැක. එහෙත් කරන කියන දෑ, කලින් කල නැවත නැවත කල දෑට සම වේ. උදාහරණයක් ලෙස නිතර මග පෙන්වීමෙන් ගෙදරට යන කරත්තය අදින ගවයකු කිසිදු අණ කිරීමක් නැතුව පුරුද්ද තුලින් නිවසට එන බව අත් දකිමි. එසේ කිරීමට ගවයා සිතයි නම් වෙනත් තැනකට වුව එසේ යා යුතු ය. පුරුද්ද යන වචනය ගත් කල, එය සිතීම අනවශ්‍ය දෙයක් නොවේ ද?

තාරයේ පැවැත්ම ගත් විට යථා තත්ත්වයෙන් පවතින කොටස් ඇති නැති බව වත් නොදැනේ. යම් කොටසක පැවැත්මට කිසියම් බලපෑමක් වේ නම් හිරි වැටීම හෝ කැසීම තුලින් අවධානය ගනී. හානි වීම හෝ නඩත්තු කරනවාට වඩා වේගයෙන් වැයවීම නිසා ඇතිවන ආබාධිත තත්ත්වයේදී රිදීමක් වේදනාවක් දැනේ. මෙය සුළු සිට දරාගත නොහැකි යන පරාසය තුල දෝලනය වී එම කොටස මිය ගියොත් එතැනින් නිම වේ. මිනිස්කම නසන දුබලයන්, මේ වේදනාව ලොකු කර මිනිසකු වීම දුකක් යයි කියන පරම කෙප්පය ගොතා ඇත. මා දකින්නේ මේ විදිය කොතරම් අනඟි නිපැයුමක් ද යන වගයි. රිදීමක් වේදනාවක් දැනේ නම් කලයුත්තේ ජීවිතය හානි කරගැනීම නොව ඊට අවශ්‍ය පිළිවෙත් ඉටු කිරීමයි. බඩගිනි වේදනාවෙන් මරහඬ දෙන දරුවකු නැසිය යුතු යයි කියන්නේ මිනිසකු නොවේ.

තාරය වයස්ගතවීම හා ඵලවිපාක:

තාරය යනු පාරිසරික ද්‍රව්‍ය යොදා තැනුවකි. පරිසරය යනු ද්‍රව්‍යවල උදාසීන හෙවත් අක්‍රීය බව ස්ථාවර කරන තලයක පවතින්නකි. එනම් සක්‍රීය වීමට ඉහල තලයකට ද්‍රව්‍යයන් නැගීමක් කල යුතුය. එයට අවශ්‍ය වෙනස දෙන්නේ සූර්යයා බව කිව හැක. මෙහි දී සූර්යයා යනු අවශ්‍ය ද්‍රව්‍ය ජනකයක් බව කියමි. එය මුදාහරින ද්‍රව්‍ය පාරිසරික ද්‍රව්‍යයන් ඉහල තලයක බැඳීම් රටාවකට යොමු කරනවා.  මේ සූර්ය ද්‍රව්‍යයන් පාරිසරික ද්‍රව්‍යයන්  සමඟ බැඳී ඉහල තලයට ගෙන යනවා සේම, ක්ෂය වීම හෝ තරවීම තුලින් උදාසීන හෙවත් අක්‍රීය බව ස්ථාවර කරන තලයකට පාරිසරික ද්‍රව්‍යයන් ගෙන යාම නිසා සක්‍රීයත්වයේ බිඳ වැටීමක් ද වේ. මෙය පොදුවේ වයසට යාම යයි කියවේ. එක්තරා කාල සීමාවක දී නිපැයුම, වැයවීමට වඩා අඩු වී පරිහාණියක් වීම තුලින් තාරය දුබල වේ. තාරයේ නිශ්චිත බව නිසා මුළුමනින් නඩත්තු කල නොහැකි වුව ද, සුළු හානි පිළිසකර කෙරේ. මෙය පාරිසරික හා නිපැයුම් රටාවට කැවූ නීති රීති මත රැඳෙන හැසිරීමක් බව පෙනේ. වයසට ගොස් දුබල වීම එක්තරා කාලයකට පසු  වීම අපූරු ය. එනම් පැවැත්ම තහවුරු වූ පසු එසේ වීමය. මේ අනුව සියලු දත්ත පෙන්වන්නේ මෙම ක්‍රියාවලිය යම් අරමුණක් සඳහා කෙරෙන බව ය. එසේම යොදාගන්නා ජීව කොටස් වල සක්‍රීය කාලය ද එයට ගැන ඇති බව පෙනේ.

මරණය:

තාරය යනු ඉතා සංකීර්ණ ක්‍රියාවලි රැසක් ඉටු කරමින්, තමන් විසින් නඩත්තු කරන මෙන්ම, විරුද්ධ ලිංඟිකයකු හා එකතු වීමෙන් නැවත ජනනය වන නිපැයුමක් බව අමතක නොකල යුතුය. එසේ ක්‍රියාත්මක වීමේ දී අවයව හෝ අනෙක් කොටස් වලට හානි වීමෙන් තාරයේ පැවැත්මට ඇවැසි ක්‍රියා දාමයන් බිඳ වැටුනු විට තාරය සම්පූර්ණයෙන් අක්‍රීය වීම මරණය ලෙස ගත හැක. ස්වාභාවික පරිසරය තුල දුබල වීම තුල තම සතුරන් ගේ ගොදුරක් බවට පත්වීම තුලින් නැසෙන විට, තාරය සිහිසුන් වන බව එවැනි මරණයකට බඳුන් වී අනුන්ගේ පිහිටෙන් ගැලවුන අයගේ මතයයි. එවැනි අයට වේදනාව දැනීමක් නොවූ බව කියති. එහෙත් එවැනි බාහිර බලපෑමක් නොමැතිව වයසට යෑම තුලින් නැසෙන්නේ දුබල ඉන්ද්‍රියක් අඩපන වීම නිසා ඉතා සෙමින් වෙන වේදනාකාර  කාලයකට පසුවය. සුළුතරයක් අවම වේදනාවක් තුලින් නැසේ. ඉහත කී සිහිසුන් වීම වැනි විදියකට නැසීම ද වයසට ගොස් විශේෂ රටාවකින් නැසෙන විට සිදුවේ. ඒ ගැන නොකියමි. කෙසේ වෙතත් මැරෙන මොහොත දක්වා තාරය දුබල වුව ද සිතට දැනීම වෙනස් නොවන බව මරණාසන්න මොහොතේ සමහරු දක්වන සංවේදී ප්‍රතිචාර වලින් තහවුරු වේ. දුබල බව තාරයට බැඳේ.

බහුතරය මත මුලාවෙන් පටවා ඇති මාරයා හෝ මාර දූලා හින්දු කෙප්ප මිස වෙන යමක් නොවන බව තහවුරු වේ. අත්‍යාවශ්‍ය අංඟ පරිහානි නොවූව ද, පැවැත්ම රකින අයට අභියෝග කල විට ද, පරණ කෝන්තර නිසා ද මරණය වන බව පෙනේ. තමන්ගේ හැසිරීමේ විපරිත බව මෙයට මුල් වේ.

මරණයෙන් පසු රැගෙන යන්නේ මොනවා ද?

නැසීමත් සමඟ තාරයේ කොටස් කිසිවක් අතුරුදහන් නොවන බවත්, ඒවාට පණ නැතිවීම පමණක් සිදුවන බවත් තහවුරු කල හැක. අවතාරය තුලින් තාරයට බැඳි විශේෂ හැඟීම් පමණක් අවතාරය රැඟෙන යන බවත් ඒ තොරතුරු නැවත තාරය බිහිකරන විට උපයෝගී කර ගන්නා බවත්, මේවා නිශ්චිත බව තුලින් සීමාවන බවත් ජීවීන් පෙන්වයි. තාරය නැසීමට පෙර දරුවන් බිහි කලේ නම්, තමන් සතු වැදගත් දේ එසේ දරු තාරවලට සංයුක්ත කිරීමත්, ඒ දෑ නැවත උපතකදී ප්‍රයෝජනයට ගැනීමත් සිදුවේ. තාරය තුල ඇති සමහර තොරතුරු තාරයට එක් කල කෙනාට මිස අන් අයට ප්‍රයෝජනයක් නොවන සේ පැවතීමත්, නැවත නැවත බිහිවන තාරයන් තුල පැවතීමත්  හරියට රහසක් රැගෙන යන පරිදි සිදුවේ. මෙවැනි රහස් හිමියන් දරු තාරයන් කා සමඟ එකතු වන්නේ ද යන්න තීරණය කරන බවත්, තම රහස් නැතිවන සේ හැසිරුන විට නැසීම වුව කරන බවත් ජීව දත්ත තහවුරු කරයි.

ඉහත කී දෑ වැදගත් වන්නේ මව හා පියා රැඟෙන එන දේ තුලින් බිහිවෙන තාරයක් ගත් විට දෙදෙනා අතර ඇති කොටස් වල විවිධත්වය වැඩි වීමට අනුරූප ව, බිහිවන තාරය තේරීමක් කරන්නේ "දෙන්නෙකු ගෙන් එකෙකු බිහිවෙන විට ඇතිවන සීමාවන්" යන පදනම මතය. මව හා පියා ගැලපෙනවා නම් දරු තාරය අතහරින දෙයක් නැති තරම් ය. මෙහි දී මව හෝ පියා එක් අයකු නොව ස්ත්‍රී පුරුෂ යුගලයම අන්තර්ගත නිපැයුම් විය යුතු ය. මෙහි දී මව හා පියා එකතු වී ස්ත්‍රී හෝ පුරුෂ තාරයක් බිහි කරන නිසා ඒ දෙවර්ගයම ජනිත කිරීමට අවශ්‍ය දෑ දෙදෙනා ළඟම තිබිය යුතු බව සිහි කල යුතු ය.

තාරය කෙසේ අවතාරය සමඟ බැඳේ ද?

තාරය හා අවතාරය සම්බන්ධ වන්නේ අප නිතර ගන්නා ගුප්ත ගතිගුණ ඇති අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් හරහා බව අත්හදා බැලීමෙන් තහවුරු වේ. මේ ගැන කලින් ද සඳහන් කලෙමි. තාරය හා අවතාරය කෙසේ එකිනෙක අතර ගණු දෙනු කරනවා දැයි බැලූ විට, හැම විට ම දෙමව්පියන් හා දරුවන් වන්නේ එකම අවතාරයන් නොවන නිසා, ජීවිත කාලයක් එකට සිටීම අංඟසම්පූර්ණ සිදුවීමක් නොවන බව ජීවී හැසිරීම පෙන්වනවා. කෙසේ වෙතත් තාරය බිහි කරන්නා එම තාරයෙ උරුම කරුවෙකු නම්, ඒ කියන්නෙ නැවත නැවත ඉපදීම තුලින් කාලයක සිට බැඳුනේ නම්, ගත හා සිත සමබර බව, හැසිරීම පෙන්වයි. උරුමය මඳ වේ නම් හෝ කාලන්තරයකට පසු දරු තාරයක් වූවා නම් ඒ බව හැසිරීමෙන් දැකිය හැක. ජීවත්වීමට ඇති අභියෝග හමුවේ එකමුතු බවක් පෙන්වීම පොදු ලක්ෂණයකි. කෙතරම් දුරට තාරය අංඟ සම්පූර්ණ ද යන්නත් අවතාරය කෙතරම් තාරයක් බිහි කිරීමට සමත් ද යන්නත් සලකා බැලිය යුතු ය.

තාරය හා අවතාරය සමඟියෙන් ජීවත් වීම:

තාරය හා අවතාරය සූක්ෂම බැඳීමකට වඩා, එකට පැවතීමක් බවත්, එය අන්‍යෝන්‍ය අවශ්‍යතා ඉටු කරගැනීමට සහයෝගයෙන් වැඩ කරන බවත් පෙනේ. කෙසේ වෙතත් තාරය යනු සදාකාලිකව එක අවතාරයකට ම බැඳි දෙයක් නොවන නිසා එය බැදගත් බෙරේ පලු නැතුවත් ගසනවා වැනි හැසිරීම් ද ඇත. මෙය අන්තයට ගිය විට නොමග යවා තම අවශ්‍යතා සපුරා ගන්න බවත් පෙනේ. විශේෂයෙන් ම අවතාරය සිතීම තුලින් තාරය නොමඟ යවන බව හෙලිකරන සොයාගැනීම් ද ඇත. මෙය නොගැලපෙන සබඳතාවයක පැවැත්මට ගැලපේ. කතා කරන බස තුලින් ද නොදැනුවත්වම මෙය සිදුවන බව පෙනේ ඒ ගැන පසුව කියමි. විවිධාකාර සාධක නිසා ඒකීය රටාවකට නැවත නැවත තාරය බිහිකිරීමට අපොහොසත් නිසා, අප හිතන සම්මතයන්ට පටහැනි ලෙස එකතු වී තාරයන් බිහි කරන බවද, ඒ ඒ අවතාරයන් හැසිරෙන ආකාරයේ වෙනස්කම් තුලින් දැකීමට පුළුවන් බව ද කියමි. මේ ගැන නැවත නැවත ඉපදීම ගැන කියන විට කියමි.


ඉතිරිය (දෙවන කොටස) ඊළඟ ලිපියෙන් කියවන්න ...

1 comment: