Wednesday 24 July 2013

නොදන්නා එකෙකු ලෙස ගැවසී සිට කරලියට එන මා ගැන තොරතුරු බිඳක්

"හින්දූන්ට ජ්‍යෝතීෂ් වූ සිංහලයන්ගෙ ජීවිත දැනුම" ගැන ලියන අතරේ, මා ගැන ද තොරතුරු අණාවරණය කලයුතු යයි සිතමි. ඒ මා එන්නේ කුමට දැයි කීමටය. ගොනා හැරෙන්නෙ කෙහෙල් පැලය කෑමට වුවත්, මම කරන දේ එතරම් පැහැදිලි නැති නිසා මෙසේ ලියමි.

මම බ්ලොගය ලියන්නේ මට ඕනම නිසා නොවෙයි. ඊට බාහිර බලපෑම් ඇත. මම ලියන ලිපි ගත්තොත් අඩිතාලමක් දාන්න ගලෙන් ගල ගෙන බඳින බැම්මක් වගෙයි. ඒක සම්පූර්ණ වුනාම අප වටා ගෙතුන සැම දේමත් ඉන් එහාටත් යන දැනුම් පදනමක් බිහි වේවි. ඒ නිසා දැනට දකින්නෙ මූළික දත්ත විතරයි. ඒවත් පුළුවන් තරම් සරලවයි ලියන්නෙ. මම ස්වභාවය දකින්නෙ බොහොම සැබෑ සරල දෙයක් හැටියටයි. උදාහරණ ලෙස ඔබට මට බැරි දේ වෙන කෙනෙක් කරනවා කිව්වම එසේ යයි පිළිගන්නෙ නෑ. ඒ තුල ගිලී කෙසේ වේදැයි ඇත්ත සොයන කෙනෙක් තමයි මම.

මම ඉන්නේ ඔස්ට්‍රේලියාවෙ, Parramatta වල. මේ නම පැරණි සිංහල වචනයක්. ඇත්තට ම පරමතා හෙවත් පරම තැන ලෙස කිව හැකියි. මම උපන් ගම මාතර පරම මුල කියන ගමයි. මාතර, මාතා, මව් තැන යන වචන ගත් විට කියන දෙය පැහැදිළි යයි සිතමි. මහසම්මත මනු සිංහලේ නායක වී හිටියේ මන්නාරමේ පරම කන්ද කියන තැන. ඉස්සර එතැනට සූර්යයා මුදුන්වීම සිංහල අවුරුදු උදාව වුනා.

මම සිංහලයන්ට හා රටට බනිමින් රටෙන් පිටවුනේ 1990 දී. 88-89 කාලයේ දුටු දේ නිසා තමයි ගියේ. ඒත් වුනේ ඒ රටේ මව් රටට කඩා වැටීමයි. ලංකාවෙ මරාගන්නවා. මේක සමූළඝාතන වෙච්ච රටක්. මම ගැන කියනවා නම් අදත් මම සිංහලයකු යයි නොසිතමි. ඒක මට මදි කමක් ලෙස දැනේ. මම ජීවිත කාලය තුලම කලේ කාටත් බැරි වෙලා මට දෙන ඒවා. සියල්ල සාර්ථක ව කලා. ඒ ගතිය මට ලැබීම ගැනත් මට ඇති දැනුමත් ගැන මට ම විමතියක් ඇති වුනා. ඒ නිසා මට ඕන වුනා දැනුම මෙන්ම ජීවය බිහිවුන හැටි හොයන්න. ඒ සඳහා මට මුහුණ දීමට වුන දේවල් හා අවශ්‍ය තැන ඊට සරිලන දේ සිදුවීම මට බොහෝ උදව් වුනා. මම ලෝකය පුරා ඇති විවිධ ජන කොටස් මෙන් ම, දැනුමේ උපරිමේ ඉන්න අය කරන දේ ද අධ්‍යයනය කලා. මම උපරිම තලයට ගියේ 1994 මගේ ගුරු වූ මහාචාරි පීටර් ඩ්රෑන්ස්පීල්ඩ් යන අය මා කල වැඩක් අධීක්ෂණය කර, මගේ කාලයෙන් වසර තුනක් වැය කර, බැරිම තැන, මම කියන දේ නොතේරන අයෙකු යයි තමන් ම හඳුනා ගත් විටයි. ඒ වැඩේ අද වැරදි ලෙස අනා කියන Feedforward Control කියන විෂයයයි.

මම ගාල්ලේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙල හදාරා, පේරාදෙණියෙන් ඉංජීනේරු උපාධිය ගත්, බටහිරට ගැති අයෙකු ලෙස බොහෝ කලක් ජීවත් වුවෙක්. එසේම මම ඉතා කුඩා කල සිය කැමැත්තෙන් පොහොයට සිල් ගත් බෞද්ධයෙක් (ඒ කියන්නෙ හින්දුකම බදාගෙන හිටපු එකෙක්). මිනිසුන් රැවටීමට ගෙතූ පන්සිය පනස් කෙප්ප ජාතකයේවත් සඳහන් නොවන තාලෙ වැඩ පින් පිණිස කරපු කෙනෙක්. එහි අන්තයටම ගොස් නිවන යනු වචන විකෘර්ති කර ගෙතු බොරුවක් බව සක් සුදක් සේ දැක, අද වන විට, සැබෑ දෑ සියල්ලම එසේ දකින, මිනිසුන්ට තේරුම් ගැනීමටත් බැරි හැකියාවන් ඇත්තෙක්. 2010 දී ඇමෙරිකාවේ ගල්ඵ් බොක්කෙ සිදු වූ අනතුර තුලින් ලෝකයේ ඉහලම හිටපු අයත් impossible කියපු දෙයකින් විසඳා මට හිමිතැන දැන ගත්තා. ඊට පසු ඒ දැනුමට අයිතිය කී උන්ට ඉතිරිය කිරීමට අභියෝග කර, බැරිකම පෙන්වා දී, මට සුළු දෙයක් වුව වෙනෙකෙකුට බැරිබව ක්‍රියාවෙන් තහවුරු වුනා. එවැනි තැනක සිටිය ද, සිංහලයන් අද පවතින මිනිස් වර්ගයා බිහිකිරීමට යොදා ගැනීම තුලින්, මා හා බැඳී ඇති බව දනිමි. අද සිංහලයන්ට මේ වෙනස තුල ඇති තැන ගැන තැවී, උන්ගේ උරුමය කියා ඉදිරි මග සැකසීමට වෙර දරනවා.

ඔබ මට මේ දැනුම කෙසේ ලැබේ දැයි අසන විට, මම ඔබට "මම ලියන දැනුම පහල වී දෑයි යන ඩ්‍රැකී ගේ පැණයට පිළිතුරක්" ලිපිය කියවන ලෙස ඉල්ලමි. මම කරන කියන දෑ වලට මිනිසුන්ට නොතේරන මාර්ගවලින් ද සහාය ලැබුන ද, දැනුම යනු මගේ ම උත්සාහයේ ඵලයකි. කිසිවෙකුට මට පිහිටවිය නොහැකි බව සුපුරුදු අත්දැකීමයි. එනම් මා හැම විටම සීමා වලට පිටින් සිටින බව ය. "දියසේන කියන්නේ කවුදැ යි බලමු" තුල මා ගැන ද කියනවා. තව බොහෝ ඇතත් කීම නුසුදුසු නිසා නවතමි.

මම ද සුවිශේෂ සිංහලයන් සමඟ ගණුදෙණු කරන බවත් මෑතකදී මාස දෙකක් ගත කල බවත් කියමි. විශේෂයෙන් ම අද සිංහලයන් සතු දැනුම කෙසේ පවතීදැයි දැන ගැනීමට වෙර දරමි. මා කියන දේ ඔබට පිහිට වේ නම් අගයමි. ඇවැසි තැන අභියෝග කරනු දැකීමට කැමැත්තෙමි. සිංහලකම යනු එක්තරා සුවිශේෂ හැකියා ඇති සත්ව කොටසකට බලෙන් පටවා, තිරිසන් බව නසා ඉතා වැදගත් කාර්යයක් කිරීමට සැකසීම ලෙස මා දකිමි. ඒක කල කෙනා හිරු දෙවියන් ලෙස සිංහලයන් හඳුන්වන, කලින් කල විත් සිංහලකම නැසෙන විට වඩා සවිමත් කරන කෙනා බව සිංහලයන් විශ්වාස කරනවා. ඒ ගැන 1817 ලියපු පොතකත් (History of Ceylon from the Earliest Period to the Year 1815: With ...
 By Philalethes) සඳහන් වෙනවා.

මා කියන දේ තේරුම් ගැනීමට ගන්නා ඔබේ උත්සාහය පසසමින් අනාගතයට සුභ පතමි. ඇවැසි තැන ලියා විමසන්න.

ආයු බොහෝ වේවා!

ප්‍රියන්ත අබේවික්‍රම


No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.