Tuesday 23 July 2013

මිනිසුන් අතර වෙනස සිංහල ජන සමාජය විශ්ලේෂණය කර හදාරමු.

බොහෝ දේ ලිවිය යුතු වුනත් පමාව වැලැක්වීම අපහසු ය. අද සිට, ඉතා වැදගත් අතීතයට හා වර්තමානයට බැඳි තොරතුරු ලිවීමට සිතුවෙමි. ඒ අනාගතය රැඳෙන්නේ අතීතය හා වර්තමානය මත නිසා ය. අප අතර බෙදීම් බොහෝ ය. කුල මල ජාති ගෝත්‍ර පක්ෂ විපක්ෂ කල්ලි පිල්ලි බොහෝ ය. ඒ සියල්ල අප අතර වෙනස කියා පායි. එසේ නම් ඒවායේ බිහිවීම හා පැවැත්ම මායාවක් නොව යම් ක්‍රියා දාමයක ප්‍රථිඵලයක් විය යුතුයි නේ ද? මෙම හැදෑරීම බොහෝ වැදගත් ය. සිංහල මිනිසුන් තුලින් මෙම වෙනසේ මූලාරම්භය දකින නිසා, සිංහලයන් ප්‍රත්‍යයක්ෂ ලෙස දත යුතු ය. බිහිකල ආකාරය සීමාවන්ට යටත් ව කීමට හේතු ඇත. එහෙත් මේ තොරතුරු අතීතය පමණක් නොව අනාගතය ද තීරණය වන ආකාරය පෙන්වන බව කියමි.

සමහරුන්, මිනිසුන් ඔක්කොම එකයි කියන කොට මගේ සිතට එන්නේ එවැන්නන් ඇස් නොපෙනෙන, කන් නොඇසෙන හැඟීම් දනවන සියලුම අංඟෝපාංඟ වල පහලම ක්‍රියාකාරිත්වය පෙන්වන ජීවීන් ලෙස ය. ඇස් කන් අඟ පසඟ තිබේ නම්, අප අතර එකම ආකාරයට කරන කියන සිතන දෙදෙනෙකු නැති බව පෙනේ.  එසේ වූයේ කෙසේ ද? සියලු ජීවින් වර්ග ගත් විට අප මිනිස් වර්ගයට අයත් යයි කියමු. එහෙත් අපේ වර්ගය තුල එක සමාන දෙදෙනෙක් නැත. ඒ ඇයි දැයි සිංහලයන් ගෙන හදාරමු. මෙම දත්ත මා කලින් කී බොහෝ දේටත් සිංහල යන නමේ අරුත දීමටත් අත්‍යාවශ්‍ය බව කියමි.

සිංහලයන් මුල් වරට වර්ග දෙකකට බෙදිය හැක. ඒ ගැහැණු හා පිරිමි ලෙස ය. වැදගත් ම කරුණ නම් ගැහැණියක හා පිරිමියෙකු නැතුව පැවැත්මක් (දරු උපතක්) නොවීම ය. එසේ නම් මේ ලෙස බෙදීම තුල විශාල වැදගත් කමක් ඇත. ඒ ගැන දැනට නොකියමි. දන්නේ නම් රහස් බොහෝ දන්නෙක් වීමට මග පෑදේ. ගැහැණු හා පිරිමි ලෙස බෙදීම තුල සුවිශේෂ වෙනස්කම්, ගත (තාරය) හා සිත (අවතාරය) තුලින් පෙන්නුම් කරයි. ඒ කුමට දැයි ඔබ සිතා බලන්න.

ඊළඟට ඇති සුවිශේෂ බෙදීම හදාරමු. ඒ එකම ගැහැනියකට හා පිරිමියෙකුට දාව උපදින  දරුවන් සම නොවීමයි. කලින් වරෙක, ගැහැනියකට හා පිරිමියෙකුට දාව උපදින දරුවකු දෙමව්පියන්ට අසම වීම තුලින් අප හැදෙන අවතාරය හා තාරය ගැන දැන ගතිමු. මේ වචන දෙක ගැන ඔබ දනිතැයි සිතමි. දැන් දෙමාපියන් නිශ්චිත කර දරුවන් අතර වෙනස හදාරමු. සිංහලයන්, පළමුව උපන් දරුවා ලොකු පුතා ලෙස ද, දෙවැනියා මද්දුම පුතා ලෙස ද, තුන්වැනියා හින්නි පුතා ද හතර වැනියා ඩිංඟි පුතා ලෙස ද පොදුවේ හැඳින්වීම ඉතා වැදගත් යමක් කියයි. ඒ අතර, හැම දෙමාපිය යුවලකටම දාව උපදින දරුවන් අතර එකම නමින් ඇමතෙන දරුවන් එක්තරා සුවිශේෂ රටාවක් පෙන්වන බව තහවුරු වේ. පිරිස්සූ විට ඒ හැසිරීම තුලින් තම පැවැත්මට කෙතරම් හිමිකමක් ඇද්දැයි කියනවා. ජීවීන් පැවැත්මේ ප්‍රවණතාව ගත් විට, ජීවිතය හා මරණය සම සමව බෙදෙන පරිසරයක අප ජීවත් වෙමු. එසේ නම් දෙදෙනෙකු එකතු වී, ඊළඟ පරපුර ලෙස තවත් දෙදෙනකු ජීවත් වීමට නම් දරුවන් හතර දෙනෙකු බිහිකර දෙදෙනෙකු මරණයට කැප කල යුතු නොවේ ද? දීර්ඝ කාලීන පැවැත්ම ගත් විට මෙය සැබෑවකි. නොඑසේ නම් අඩුවීම හෝ වැඩිවීම තුලින් වඳ වන බව පෙනේ. මෙම ස්වාභාවය අපේ දෙකොටසටම (තාරය හා අවතාරය) අයත් වූවද තාරය ප්‍රබල ලෙස එම ප්‍රවණතාවයට නතු වීම නිසා එය පාරිසරික හේතූන් පැවැත්මට කරන බලපෑමේ ඵලයක් බව පෙන්විය හැක.

ලොකු, මද්දුම, හින්නි හා ඩිංඟි දරුවන්ගේ බිහිවීම් රටාව ගත් විට, පළමු වැනියා ජීවත්වීම සහතික ව ලබන්නකු (100%) ලෙස හැසිරේ. ප්‍රථමයා ලෙස මව හා පියා මත යැපීම තුල එම  ප්‍රවණතාවය තහවුරු වේ. දෙවැනියාගේ බිහිවීම් රටාව ගත් විට  එවැනි සහතිකයක් නැති බවත්,  පළමු වැනියාට වඩා පසුව ඉපදීම තුලින් ජීවත්වීමට ඇති ප්‍රවණතාවයේ සැලකිය යුතු අඩුවීමක් ඇති බවත් පෙන්වයි. සත්වයන් ගේ පැවැත්ම ගත් විට මෙය 50%ක් ව ජීවත්වීම හා මරණයට පත්වීම සම සම ව සිදුවන බව පෙනේ. දැනුම නිසා මිනිසුන් මැරෙන ප්‍රවණතාව සුළු වුව ද, දෙවැන්නා ළඟ මෙම සුවිශේෂ හැසිරීම පෙන්වයි. එනම් පළමු වැන්නා මෙන් නොව පොරකෑම, උදුරාගැනීම ඉතාමත් ප්‍රබල ලෙස ක්‍රියාත්මක ගති වන අතර, ඒ වෙනුවෙන් සැකසුනු සුවිශේෂ ගුණාංඟ ද ඇත. උදාහරණයක් ලෙස උපායෙන් ගැනීම, බොරු කීම වුව ඉතා සූක්ෂමව යොදවන බව පෙනේ.

තෙවැන්නා හෙවත් හින්නි පුතාගේ හැසිරීම ද සුවිශේෂ ය. පළමු හා දෙවැනි අයගෙන් ගිලිහුන දෑ තමන්ගෙ ලෙස ගනී. බොහෝ විට ඉතිරි වන දෑ කන්නෙකු ලෙස හැසිරේ. පළමු හා දෙවැනි අය අතර පැත්තක් ගැනීමෙන් හා කෙටවීමෙන් තම පැවැත්මට මග පාදයි. උත්සාහයෙන් තොර, ජීවත්වීමට වැඩි තැකීමක් නැති දුබල බව තුලින් යැපෙන එනම් රැවටීමෙන් මුලාවෙන් යැපෙන චරිතයක් හිමි ය. අනෙක් ජීවීන් ගත් විට ජීවත්වීමට වඩා මරණයට පත්වීමේ ප්‍රවනතාවය ඉතා වැඩි ය. මම එය 100% ක මරණයට පත්වීමේ ප්‍රවණතාවයක් ලෙස දකිමි. මානසික තත්වය ගත් විට දෙවැන්නා ජීවිතය මරණය සමව දරන තැනක සිටිය ද, තෙවැන්නා මරණය තම උරුමය ලෙස සැකසි ඇති හැසිරීමක් පෙන්වයි. ඩිංඟි පුතා හෙවත් සිව්වැන්නාගේ හැසිරීම බොහෝ විට, යැපීමට ඕන දෙයක් කරන හැසිරීමක් පෙන්වයි. සොරකම පැහැර ගැනීම හැර ජීවත්වීමට වෙන මගක් නැති බව පැහැදිලි ය. ජීවත් වුව ද මළවුන් වැනිය. නිශ්ඵල ජීවිතයක් ගත කිරීමට යොමුවන බව මිනිසුන් අතරින් දකිමි. එම තැනට පත් කල, මිනිස්කම උඩුයටිකුරු කර ජීවත් වෙන බව පෙනේ. මේ සිව් දෙනාගේ හැසිරීම මෙයාකාරයෙන් වෙනස්වන අතර ඊට සරිලන තාරයක් හා අවතාරයක් ලැබීම තුලින් එය පුද්ගලික වෙනසකට වඩා දුර යන යම් ආකාරයක සම්මතයක පිහිටි දෙයක් බව තහවුරු වේ. මේ වෙනස ස්වාභාවික පරිසරය තුල වූ දෙයක් බව තහවුරු වේ.

අද මිනිසුන් දරුවන් බොහෝ ගණනක් බිහිකිරීම තුලින් පෙර කී සිව් වැදෑරුම් ප්‍රවණතාවය නැවත නැවත වෙන පරිසරික සාධක වලට උචිත ලෙස ගොඩ නඟන බව දරු හැසිරීම තුලින් පෙන්වයි. පස්වන තැන සිට අට දක්වා දැනුම මුල්කොට යැපෙන ප්‍රවණතාවයද, නවයේ සිට දොළහ දක්වා සමාජය මත යැපෙන ප්‍රවණතාවයද පිළිබිඹු කරයි. මේ ගැන යමක් නොකීවද පස්වැන්නා දැනුම තුලින් ලොකු පුතා දක්වන ගති පෙන්වීම ඔබේ දැනුමට කියා ඉතිරිය ඔබට පවරමි.

දත්ත ගත් විට ගැහැණු හා පිරිමි වෙන වෙනම මේ අණුපිළිවෙල ගන්නා බව දකිමි. මෙයාකාර බෙදීම ගත් කල සියලු ජාතීන්ගෙ අනන්‍යතාවයට ප්‍රබල ලෙස බලපා ඇති බව අධ්‍යයනය තුලින් දැකිය හැක.

ඉහත කී බෙදීම බොහෝ සතුනට පොදු බව දත හැක. දැන් දරුවන් අතර ඇති වෙනස්කම් කියා මිනිසුන්ට පමණක් සීමා වූ බෙදීම් ගැන කියමි. මිනිසාගේ ප්‍රථම සුවිශේෂ බෙදීම ලෙස හොඳ හා නරක කොටස් දෙක නම් කරමි. මෙය මනුෂ්‍යකමේ ඇරඹුම සමඟ ඇති වූවකි. තිරිසනුන් ලෙස කල දෑ වලින් අනුන්ගේ පැවැත්ම ගැන නොසිතා කරන දැ අතහැරීම "හොඳ" ලෙසත්, එසේ නොවූවන් "නරක" ලෙසත් හැඳින් වේ. මෙය (බෙදීම) උපතින් හා ක්‍රියාවෙන් ද ජීවත් වන පරිසරයේ බලපෑමෙන් ද තීරණය වේ. උදාහරණ ලෙස තිරිසනුන් භූමියේ අයිතිය ගැනීමට නැසීම සාමාන්‍ය දෙයකි. එහෙත් මිනිසුන් ට එය "නරක" ය. මෙවැනි සීමා කිරීම් තුලින් හොඳ හා නරක කොටස් වෙන් කල හැක. කලේ කවුද මොකටද යන ප්‍රශ්ණවලට පිළිතුරු ඔබ සෙවිය යුතු ය. නරක හා බැඳි "නරක සතා" යන යුගලය තුලින් රකුසා යන වදන බිහි විය.

අද අසිංහලයන් රකුසා හෙවත් රාක්ෂයා යනු යක්ෂ යන වදනම යයි විකෘර්ති කර ඇත. මේ ගැන දැන් කියමි. මිනිසුන් උපන් වේළාව අනුව ගණ හතරකට බෙදේ. ඒවා දේව නාග මනුෂ්‍ය හා යක්ෂ ලෙස නම් කෙරේ. මේ ගණවල ස්වභාවය තාරය අවතාරය අතර අනුපාතය දක්වයි. යක්ෂ යනු ප්‍රබල කයක් හා ඊට සරිලන දැඩි හිතක් ගැන කියයි. මනුෂ්‍ය යනු තාරය හා අවතාරය මනුෂ්‍යයකුට සරිලන සම තත්වයක් දීම ය. දේව යනු ප්‍රබල අවතාරයක් ඇතියෙකු යයි කිව හැක. නාග හෙවත් නායක යනු ප්‍රබල තාරයක් හා අවතාරයක් ඇති නායකයකු බව කියයි. අද නාග හා දේව එක ගණයකට දමා දේව ලෙස හඳුන්වන්නේ ඝාතන වූ නිසා බව පෙනේ. සිංහල යනු මේ නාම හතර ගෙන මැවූ සිව්හෙල යන වදනම යයි, සිංහල බස නසන අසිංහලයන් කියනු දකිමි. නුදුරු කල සිංහල යන වදනේ තේරුම කී විට උන් රෙදි ඇඳීමෙන් ඵලක් නැති වේවි.

දැන් කියන්නේ විවිධ මතවාද වලට ලක් වී කුල භේදය ලෙස හඳුන්වා ගරහන සිංහලයන් අතර ඇති බෙදීම ගැන ය. ඒ ගැන කියන බවට කලින් කීව ද කල් ගත වීම ගැන තැවෙමි. සිංහලයන් කරන දේ (කුල) අනුව කොටස් දහයකට බෙදුවේ මහ සම්මතයෙන් නායක වූ සුමන (මනු හෝ විෂ්ණු) සමයේ ය. එම කුල දහයේ නායකත්වය දැරුවේ සුමනගේ දරුවන් දස දෙනා ය. ඒ දරුවන්ගේ උරුම ගති ඉහත කී දරුවන් බෙදෙන ආකාරය තුලින් කීවෙමි. මේ බෙදීම තුල ජාතියක් ලෙස නොකැඩී පැවැත්ම රැකීමක් වන බව තහවුරු වේ. ඒ සියල්ලන් ම ජීවත්වීමට අත්‍යාවශ්‍ය කාර්යයක් කල නිසා ජීවත් වීමට මගක් පෑදීම ය. පසු කලෙක නායක (නාග) කුලය නැති වී ගිය අතර, ඉතිරි කුල නවය අදත් නාමික ව හෝ පවතී. මෙම බෙදීම වැඩිමහල් දරුවට බරපතලම වගකීමත්, බාලම දරුවට ඊට සරිලන තැනත් දීම තුලින් ක්‍රියාත්මක විය. ඒ වගකීම් වර්ගීකරණය මෙසේ දක්වමි.

1. නායක (නාග)
1. ගොවිකම/තැන
2. වාරි/ජල වැඩ
3. හකුරු/කැවිළි වැඩ
4. රෙදිපිළි වැඩ
5. නැකති/ආයුවඩන (වෙද) වැඩ
6. කුළු/වට්ටි/පෙට්ටි (හුනු/හින්න) වැඩ
7. දඬු/යකඩ වැඩ (ගෙවල්) වැඩ
8. කුඹල් වැඩ (වළං මුට්ටි) වැඩ
9. පඩි වැඩ (paid, handiman, helper/බත්කම)

මෙම වර්ගීකරණය නිවැරදි වුවත් අද සමාජය තුල පවතින අණුපිළිවෙල හඳුනාගැනීමට ඇවැසි තරම් දත්ත නැති නිසා එය විවෟත කරුණක් යයි ලියමි. මෙහි දී බාලම දරුවා හෙවත් පදු (හෝ බත්ගම යයි දෙමළුන් බිහිකල) නමින් කියන කොටස ගැන යමක් කියන්නේ කලකට පෙර අඩවියක ලිවූ ප්‍රතිචාරය පදනම් කර ගෙන ය. දරුවන් කිහිප දෙනෙකු ඇති පවුලක වයසින් අඩුවීම අනුව වැඩිමහල් දරුවන් සැමගේ කාර්යයන් කිරීමට සිදු වේ. ඒ අනුව පඩි වැඩ කරන්නා යනු ඉහල කී අනෙක් සහෝදරයන් සැමගේ වැඩට සහාය වෙන්නා යන අරුත ගනී. මෙම කුලයේ අය කරන කියන දේ තුලින් මෙය තහවුරු වන අතර බාල වීමත් සමඟ එන ජීවත්වීමට හිමි ප්‍රවනතාවයේ අඩුව නිසා හැසිරීම සුවිශේෂ වේ.

කුල භේදයක් ගැන නංදොඩවන අතර, හැම කුලයකම තවමත් සිය කැමැත්තෙන් කාරිය කරන උන් සිටිනා නිසා කැමැත්තෙන් භාරගත් බෙදීමක් ලෙස දකිමි.
 

එසේ නම් තමන්ගේ කුලය මේක යයි කියමින් අනෙක් කුල වලට ගරහමින් ඉහත කී අණුපිළිවෙල ප්‍රතික්ෂේප කර තම කුලය උසස් යයි කියමින් කුල භේදයක් ගැන නංදොඩවන්නේ කවුද? එසේම සමහර කුල තුලට රිංඟා ඉන් සිංහලකම මකා, නිවට නියාලු ගති පෙන්වන්නේ කවු ද? කුල භේදයක් ගැන නංදොඩවමින් තමන්ගේ කුලය ලොකු යයි පොරකන්නේ පසුගිය වසර 4000  තුල රිංඟාගෙන සිංහල වෙස් මුහුණු පැළඳි දෙමළුන් ය. දෙමළාට සිංහල විදිය අකැපය. පොර නොකා සිටීමද බැරිය. ඒ උන්ගේ උරුමයයි. විජේ කුමාර් නම් දෙමළාගෙන් ඇරඹි, බෞද්ධ වෙස් ගත් හින්දුකමට මුවා වූ දෙමළුන් බොහෝ පිරිසක් මෙරටට රිංඟාගෙන නොයෙකුත් කුල වලට හිමි කාර්යයන් කර යැපුන ද උන්ගෙ ජන්ම ගති නොවෙනස් ව පවතී.

දෙමළුන් ජන කොටසක් ලෙස බෙදී උන්ටම ආවේණික කුල ක්‍රමයක් තනා ඇත. ඒ රජාටත් ඌ වටා රකින උන්ටත් මුල් තැන දෙන, ඉතිරිය උන්ට දාසයන් වූ ක්‍රමයකි. ජරාට ළංවී සිංහලයන් අතරට විත් සිංහල වෙස් ගත්ත ද, කාරිය අනුව කුලය තේරුව ද, පැවැත්ම හා වැඩිහිටිකම මත බිහිවුනු කුල ක්‍රමය තුල තමනට මුල් තැනද අනුන්ට පහත් තැන ද විය යුතු යයි සිතන මේ වසලයන් අවස්ථාව ලද තැන භේදය වපුරන උන් ය. උන්ට බෙදීමක් නැති තැන ජීවයක් නැත.

එසේම සිංහලයන් අතරට නිවට නියාළු කම රිංඟවා අවමාන කරන්නේ පසුගිය වසර 4000  තුල රිංඟාගෙන සිංහල වෙස් මුහුණු පැළඳි මලයාලි හිඟනුන් බව දත යුතු ය. හිඟා කා යැපෙන උන්ට තිබෙන වැදගත් කම මොකක්දැයි මම අසමි.

ඉහත කී දෙමළුන් හා මලයාලි හිඟනුන් ඉංග්‍රීසි ආක්‍රමණයට පෙර රටේ වූ ප්‍රබලම තනතුරු හෙබ වූ අතර අවි දැරූ බහුතරය ද උන්ම ය. කොටසක් සුපුරුදු පාවා දීම තුලින් සමූළඝාතනය වුව ද ඉතිරිය ඉංග්‍රීසින්ට කඹුරා 1948 දී රටේ බලය අල්ලා ගත් හැටි අපූරු ය.  ඉංග්‍රීසීන් ආණයනය කර පදිංචි කල දෙමළුන් හා මූසලයන් අද සිංහලේ ගිනි ලති.

මෙතෙක් අතීත බෙදීම් ගැන කියා අනාගතය ගැන යම් ඉඟියක් නොකිරීම අඩුවක් නිසා මෙය ලියමි. ඒ හිරු දෙවියන් පැමිණ නව ආරම්භයක් දෙන බව ය. සිංහලයන් කියා ඇත්තේ දියසේන සිංහල ජාතිය ගොඩ නගා නියම දැනුම (බුදලා කී දැනුම) දෙන බව ය. මා අදහස් කලේ අමනුෂ්‍යයන් මරහඬ දී ගයන සිංහල වෙස් දැමූ හින්දු කම නොවේ. එය කෙසේ වේ දැයි දැනගැනීමට හෙලන පදනම මේ යයි මම සිතමි.

නැත්ත හෙළිකර, ඇත්ත කියා මනුෂ්‍යකම බිහිකිරීමට සිංහලයන් අවශ්‍යම ය. මා කියන දෑ නොදත් උන්ට පෑම, කියවන සිංහලයන්ගේ වගකීම යයි මතක් කරමි. ඔබේ හිත සැලෙන විට "ඇත්ත දැකීමටත්, මනුෂ්‍යයකු ලෙස ජීවත් වී මනුෂ්‍යයකු ලෙස නැවත ඉපදීමට අවශ්‍ය දැනුමත්, හැකියාවනුත් ලැබේවා!" කියා නිතර මතුරන්න.

අතිරේක:

අප අතර ධනපති හා නිර්ධන ලෙස පංති දෙකක් ඇතැයි කියන හෝදාපාළුවන් කරලියේ ඇත. මේ සියල්ලෝම යුරෝපීය පාතාලයන් ය. ඔය බෙදීම lords හා commoners යන ඉංග්‍රීසි බෙදීම හෙළි කරයි. රට ආක්‍රමණය කල ම්ලේච්ඡයන්ගෙන් බිහි වී, සිංහලයන් අතර කා බී සිංහලයන් විනාශ කර උන්ගේ පාතාලය දිගු කර දැමීමට ගොස් අළුවන අමනුෂ්‍යයන් සිංහල විය හැකි ද?

සිංහල දෙමළ මූසල, මැලේ යන බහු ජාතික රටක් මවන අමනුෂ්‍යයන් යනු, සිංහලේට රිංඟාගෙන පරයන් කරන විනාශය සැඟවීමට වෙර දරන උන් මය. අමනුෂ්‍යකම, තිරිසන්කම, මූසලකම මිනිස් වර්ගයාගෙන් මකා දමා මනුෂ්‍යකම රජ කරවමු. සැබැවින්ම එය කිරීමට ඇවැසි දැනුම මේ ලිපියේ අන්තර්ගත ය.


2 comments:

  1. අගනා ලිපියක්..බලාගන ඉන්නෙ අලුත් කරුණු එකතුකරගන්න...ඇතැම් තැන් වලදී කරුණු හිතාගැනීමට ඉඩ නොදී සරලව සියලු කරුණු දෙන්නේ නම් වටිනවා..හැකි තරම් සරල වහරකින් කරුණු ඉදිරිපත් කලොත් බොහෝ දෙනා තුල නිද්‍රාගතව ඇති සිංහලකමට පණ එනු ඇති...
    සංකීර්ණ රටාවකින් දැක්වෙන කරුණු බොහොමයක් දෙනා කියවන්න අකමැතියි...අද පවතින අධ්‍යාපන රටාවෙන් බිහිවෙන අය හොයන්න අකමැතියි, දෙනවනම් කැමතියි...සරලව කරුණු ඉදිරිපත් වෙනකොට කියවන්න යොමුකරවගන්න පහසුයි...දැනුම සීනි බෝල වචන වලින් කියන්න බෑ තමයි. නමුත් සාමාන්‍ය ජනයාද ඉලක්ක කරගෙන ලිවීම වැදගත් කියල හිතනවා...

    කුල ක්‍රමය ගැනත්, ජ්‍යෝතිශයේ අන්තර්ගත කරුණු ගැනත් ගොඩක් ස්තූතියි..ඒ කියන්නෙ අද දේව වර්ගය ලෙස හඳුන්වන කොටස තුල ගත දුබල අය වගේම ප්‍රභල අයත් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. කැලුම් ඔබ කියන දේ මම දනිමි. ඒත් අළුතින් යමක් කියන කොට සරලව කීමට ගතවන කාලය වැඩි නිසා කෙටියෙන් ලියන්න වෙනවා. අද අපේ සිත (අවතාරය) අලස වෙලා. ගතත් ඒ වගේමයි. අවතාරය පණ ගැන්වීමට නම් බරපතල ලෙස මානසික හා ශාරීරික අභියෝග වලට මුහුණ දෙන්න ඕන.

      "අද පවතින අධ්‍යාපන රටාවෙන් බිහිවෙන අය හොයන්න අකමැතියි, දෙනවනම් කැමතියි...සරලව කරුණු ඉදිරිපත් වෙනකොට කියවන්න යොමුකරවගන්න පහසුයි..." - ඒ අයට අහපු දේ එලෙසම කීම හැර වෙන ගත යුත්තක් නෑ. මිනිසුන් ලෙස නැසීම අනුමත නොකලත්, මළවුන් හා සියදිවි නසාගන්නන් වෙනුවෙන් කාලය යෙදවීම පැවැත්ම රැකීමෙදි නොකෙරෙන දෙයක්.

      සිංහල කියන්නේ බැරි දේ කරන කොටසක්. ඒ නිසා ප්‍රශ්ණ නැගීම හා ගැටීම තුලින් තමන් ම සොයාගැනීම අත්‍යාවශ්‍යයි. නොඑසේ නම්, අද අප අතරෙ සිටින බහුතරය වන හින්දු ආගමිකයන් වගේ ඇසූ දේ කියව කියව සිටීවි.

      ඇත්තටම බොහෝ වැදගත් දේ, විශේෂයෙන් ම මිනිසුන් වීමට ප්‍රථම, මම මිනිස් වර්ගය බිහිකල ආකාරය කී විට සඳහන් කල සතුන් සේ උන් ඇත්තන්ගේ අවතාරගත බැඳීම් වල බලපෑම මේක ලියන කොට සම්පූර්ණයෙන් ම අතහැරියා. මෑතක ගිය ගමනේ දී අත් දුටු මෙවැනි දේ කොතරම් මිනිසුන්ගෙ ආවේනික හැසිරීම් පාලනය කරනව ද කියන එකත් නොකීවේ සංකීර්ණ වන නිසා. මම කිව්වෙ හැම මිනිසාම වෙන් කර හඳුනාගෙන ඒ හැම කෙනාම එලෙස වීමට දායක වූ කරුණු වලින් බිඳක් පමණයි.

      සිංහල බස අප සතු සංකීර්ණ ම බසයි. ඒ අනුව අප හැඩ ගැසෙමු. වහර නම් යෙදුවේ සිතා මතාම සම්මතයෙන් බැහැර වීමටයි. ඒ ගැන පසුවට ලියමි. අවශ්‍ය තැන පැහැදිළි කරන්නම්. ඒක කියවන අය මත රැඳෙනවා.

      ඉගෙනීම කියන්නෙ නොතේරෙන දේවල් ඇසීම තුලින් දැනගැනීම නේ ද? මේ මා කී සියල්ලම අප ඉදිරියේ ඇති දෑ නේ ද?

      ඔබ කියන කාරිය කිරීමට අවශ්‍ය අය බිහි කිරීමට වෑයම් කරමු.

      Delete

Note: only a member of this blog may post a comment.