Sunday 14 July 2013

සිංහලකම (මනුෂ්‍යකම) බලගන්වන යුගයකට පා තබමු.

මගේ ලිපි තවමත් කියවන බව දැකීම සතුටකි. ලියමින් සිටින ලිපියට කල් ගත වන නිසා මේ සටහන ලියමි. බොහෝ කල් අනියමින් තොරතුරු සෙවූ මම, ඒ මොන අදහසකින් ද යන බව නුදුරු කල හෙළි කරමි. සිංහලයන් අද සිටින මුලා වූ  පරිසරය නසා, උන්ගේ සැබෑ උරුමය රැකීම මගේ වගකීම යයි මතක් කර කරදර කරන කොටසක් ඇත. ඒ නිසා ක්‍රියාවෙන් එම වගකීම ඉටු කිරීමට සුදුසු කල දැන් ය. ඒ සඳහා සිංහලකම තමන්ගේ උරුමය ලෙස දකින අය වෙත වැදගත් දෑ නැවත ලියමි. ආකම් (ආගම්) බදාගත් උන් ද, සිංහලකම (මනුෂ්‍යකම) නැති උන් ද වනසා සිංහලකම (මනුෂ්‍යකම) නැවත  ගොඩ නැගීමට මෑතකදී දැමු පදනම මත කිසි දා දෙවැනි නොවන ජාතියක් ලෙස සිංහලයන් පත් වන බව කියමි.

1 comment:

  1. බලමු එහෙම ලොවකට අපිත් කැමතියි.

    ReplyDelete

Note: only a member of this blog may post a comment.