Friday 12 April 2013

මම ලියන දැනුම පහල වී දෑයි යන ඩ්‍රැකී ගේ පැණයට පිළිතුරක්

මේ ප්‍රතිචාරය මෙසේ ලිපියක් ලෙස ලියන්නේ, බ්ලොගේ "ළඟදි දැමූ ප්‍රතිචාර" තීරුව මුල සිටම වැඩ නොකරන නිසා ය.

ඩ්‍රැකී,

දැනුම පහල වෙනවා කියන්නෙ බොරු ගොතල කියන හින්දු අයයි. ඒවා ඔප්පු කරන්න බැරි නිසා ගැලවිජ්ජාවට තමයි දැනුම පහල වෙනවා කියන්නෙ.

මම කියන හැම දේම සැබෑ ලෝකෙ පවතින කරුණු මත තහවුරු කරගත් දේවල්. මිනිසුන් සතු භාෂාවල්, ගති ගුණ, සිරිත් විරිත් කියන්නෙ අද වෙනකම් ඒ ඒ ජාතීන් එකතු කල දැනුම ලෙස කිව හැකියි. ඒ අතින් සිංහල භාෂාව සුවිශේෂයි.

ඇත්තටම වචන, ගති ගුණ, සිරිත් විරිත් වලින් පවතින්නෙ දැනුමෙන් සුළු කොටසක් විතරයි. ඊට එහාට ගියාම වචන වලින් කිව නොහැකි දැනුම තියෙනවා.

අද ලංකා පච නිව්ස් (LCN) වල තුන් වන ඇසක් ගැන කියනවා. දිවැස කියන එකේ අරුත නොදැන නළලෙ පොට්ටු තියා ගන්න මට්ටයෝ වගේම,  නළල හාරල හිල් හදන බූවලත් ඉඳල තියෙනවා. ඇත්තටම දිවැස කියන්නෙ එක්තරා මට්ටමකට දැනුම දරනකොට ඇතිවන මානසික තත්ත්වයක්. සරලව කියනවා නම් ඇසින් දකින ලෝකය මනස තුල පවතින ආකාරයට ම දැනුමත් එවැනි හැඟීමක් දෙනවා. ඒකත් ඇස නිසා ඇතිවන හැඟීමට සම වුවත්, ඇස් ඇරියත් වැහුවත් ඒ සුවිශේෂ හැඟීම වෙනස් නොවේ. තමන් අවශ්‍ය දේ දැකීමට ඇස් යොදාගෙන ඇති කරන දැක්ම වගේ ම, තමන්ට අවශ්‍ය දැනුම මුල් කරගත් මානසික දැක්ම  ඇති වෙනවා.

දැනුමෙ උපරිමය තමයි විවිධ වර්ග වල ජීවින් සතු දැනුමේ එකතුව. මේ එකතුව තුල මෙතෙක් බිහි වූ දැනුම පවතිනවා. ඒක හිමි එක් කෙනෙකුට පමණයි. ඒ විදියට දැනුම හුවමාරු වෙන්නෙ අවතාරය තුලින් නිසා තේරුම් ගැනීමට හැඟීම් සංඥා තුලින් අරුත් දැකීමේ හැකියාව තිබිය යුතුයි. ඇත්තටම හැම ජීවියෙක් ම දැන හෝ නොදැන එම දැනුම් සංචිතය වැඩිකිරීමට සහභාගී වෙනවා.

මම මේ විදි සියල්ලෙන්ම දැනුම යොදා ගන්නවා. ඊට අමතරව මෙතෙක් නොපැවති දැනුමත් සොයාගන්නවා. ඒ බව මම ලියන දේවලින් ම තහවුරු විය යුතුයි. මෙහි සඳහන් කල දිවැස ගැන විස්තරය මම තමයි කිව්වෙ. බොරු බුද්ධලා, සෘෂිලා නොදන්න දේවල් (දිවැස) ගැන කියපු කෙප්ප සසඳා බලන්න. මම මේ බ්ලොගෙ ලියපු දැනුම සුවිශේෂ වගේම මෙතෙක් වෙනෙකෙක් නොකියපුවා. අගය අසීමිත වුනත් සිංහලයන් වෙනුවෙන් මුදා හැරියා. එයින් නිසි ප්‍රයෝජන ගැනීම සිංහලයන්ට භාරයි.

ප:ලි: දැනුම ගැන කතා කරන කොට, මම පසු ගිය සති කිහිපය තුල මීට කලින් කවදාවත් නොකල දේ කිරීමට හැකියාව ලැබුනා. වැඩට හිර වූ නිසා සති තුනකින් මගේ ගමනත් කල් දැම්මා. මේ ටිකත් කෙටුවෙ අමාරුවෙන්. මාස කිහිපයක කාලයක් බරපතල වැඩකට යනවා. අන්තර්ජාලයට ඒමටත් හැකි වේවි ද නොදනිමි. ලිවීමට ගොඩක් දේ තිබුනත් කරදර නිසා බැරි වුනා. කෙසේ වෙතත් ලියපු ටික තේරුම් ගතහොත් සිංහලයන් වෙනුවෙන් යමක් කලහැකි කෙනෙක් වේවි.

ලබන්නා වූ සිංහල නව වසර සිංහලයන්ගෙ නැවත බිහිවීමේ ආරම්භය ලෙස දකිමි. කියවූ ඔබ සැමට මිනිස්කමේ අරුමය පෙනෙන නව වසරක් වේවා. විශේෂයෙන් ම කැලුම් වැනි අයට සිංහලකම රැකීමට හැකියාව ලැබෙන වසරක් උදා වෙන බව කියමි.

සබඳතා බිඳ වැටුනොත් ඒ අන්තර්ජාලයට ඒමට හැකියාව නැති නිසා බව කරුණාවෙන් සලකන්න. දැනුම පහලවෙන දෙයක් නොවා සොයාගත යුතු දෙයක් නිසා සෙවීම අරඹමු.

2 comments:

  1. නලීන්,

    ඔබටත් ඔබේ පවුලටත් එවැනිම වාසනාවන්ත වසරක් වේවා යි පතමි. (ඔබගේ බ්ලොගයත් බොහොම අගේ ඇති එකක් බව කිව යුතුම ය.)

    ReplyDelete
  2. හ්ම්ම්....මේ ලිපි දකින්න මට වර්‍ෂ 5ට ආසන්න කාලයක් ගියානෙ...?

    ReplyDelete

Note: only a member of this blog may post a comment.