Friday 22 March 2013

සිංහලයන් කී රහත්වීම තුලින් බුද කෙනෙකු වී පැවැත්ම රැකීම හා හින්දූන් කී බුද්ධ කෙනෙකු වී අරහත් වී නිවන් දැකීමට යා යුතු මගවල් ගැන සරලව සිතා බලමු ((සිංහලකම හා හින්දුකම සසඳමු)

අද තරම් සිංහලයන් අසිංහල වී ඇති කාලයක් නැති තරම් ය. එය කොතරම් බරපතල ද කියනවා නම්, තමන්ගෙ ඉතිහාසය ලෙස දකින්නේ තමන්ගෙ පරම සතුරන් කියන ඉතිහාසයයි. තමන්ගේ ආණ්ඩුව ලෙස දකින්නේ තමන්ගේ ජාතිය නසා, රට අල්ලාගෙන පරයන් ගෙනවිත් සිංහල බිමේ රඳවා තම විනාශයට මංකැපූ ඉංග්‍රීසීන් තැනූ ආණ්ඩුවයි. බොහෝ ජාතීන් සමූළඝාතනය කල, මිනී මැරීමට, ජීවත්වන පරිසරය නැසීමට හිතූමතේ පවරාගත් අන්තනෝමතික ඉංග්‍රීසි නීතියට දණ නමති. ඉංග්‍රීසින්ට රට පාවා දීම ජන්මයෙන් උරුම වූ ඉංග්‍රීසීන් තැනූ ආණ්ඩුවේ පාලකයන් තමන්ගේ රට ජාතිය රකින දේශප්‍රේමී නායකයන් වී ඇත. ලෙඩට දුකට පතන්නේ ඉංග්‍රීසින් දෙන බෙහෙත් ය. ගුරා කියන ඕන දෙයක් බූරුවන් (මම බූරුවන්ට අපහාස කලේ සුදුසු වචනයක් නැති නිසා බව සපථ කරමි.) සේ එලෙසම කීමට හැකි එකා උගතා වන ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමට ගේ දොර ඉඩකඩම් පමණක් නොව රටද උගස් තබන එක සුළු දෙයක් වී ඇත. මෙම උඩ යට මාරු වීම කොතරම් ද කියනවා නම් ඇත්තට ම කිසිදු සිංහල කියා දෙයක් නොකරන තරම් ය. කරන දෙයක් ඇත් නම් ඒ ද තේරුමක් නොදැන කරන්නකි. අඩු තරමින් සිංහල කියන වචනයේ තේරුමවත් දන්න එකෙක් නැත. එහෙත් තම ජාතිය කුමක් දැයි ඇහුවොත් සිංහලීස් යයි කියන අය ද ඇත. ඒ මදිවට රෙදිත් අදිති. මේ වෙනස කෙසේ වූවා දැයි බැලීම අනඟි උත්සාහයකි. අද ලියන්නේ/කියන්නේ තවත් එවැනි මහා පරිමාණ අනාගැනීමක් ගැන ය. ඒ බහුතරය සිංහලකම කියා හින්දුකම බදා ගෙන සිටීමයි. වෙනස ඇසට පෙනුනත් තේරුම් නොගනී. කණට ඇසුනොත් බීරන් සේ හැසිරේ. කිව්වොත් කියන එකා දේශද්‍රෝහි අසිංහල අවජාතකයෙකි. ඒ නිසාම දැන දැන කට පියාගෙන සිටින උන් ද ඇත. මගේ උත්සාහය ඇත්ත කියා සිහි ගැන්වීම ය. සැබැවින් ම මෙතරම් දුබලුන් සිංහල ජාතිය නියෝජනය කරනවාට වඩා වඳුරන් එයට සුදුසු නොවේ ද? දැන් සිංහලකම හා හින්දුකම අතර ඇති සම අසම බව හඳුනාගෙන, දෙජාතියේ ඇති ඉතා වැදගත් ලක්ෂණ වන, සිංහලයන් කී රහත්වීම තුලින් බුද කෙනෙකු වී පැවැත්ම රැකීම හා හින්දූන් කී බුද්ධ කෙනෙකු වී අරහත් වී නිවන් දැකීමට යා යුතු මගවල් ගැන සරලව සිතා බලමු.

සිංහලකම හා හින්දුකම:

සිංහලයන් හා හින්දූන් යනු ජාති දෙකක් බවට පත්වූ මානව ජන කොටස් දෙකකි. මා ජාතිය ලෙස හඳුන්වන්නේ, දිගු කලක් බාහිර බලපෑම් වලින් තොරව එකට ජීවත්වීම නිසා ඒකීය භාෂාවක් හා ඒකීය ජීවන රටාවක් ඇති ජන කොටසකට ය. දෙතැනක ජීවත් වූ ජාතීන්ට අයත් දෙදෙනෙකු හමුවූ විට වර්ග දෙකක සතුන් හමු වූවා වැනි ය.

ජීවිය බිහි කිරීම ගැන මම කලින් කීවෙමි. ඒ ගැන තවත් වැදගත් දෙයක් කිව යුතුය. ඊට කලින් ජීවිය යනු කිසිදු ආකාරයක ඕපපාතික වීමක් නැති, 200%ක් ම තමන් කරන කාර්යභාරය වෙනුවෙන් කැප වූ බිහිකිරීමක් බව මතක් කරමි. ඒ අතින් මිනිසා බිහිවීමට දායක වූ මානවයා හෙවත් තිරිසන් ගති ඇති ජීවියා බිහි වූයේ ද තමන්ට ගැලපෙන පරිසරයේ තමන්ගේ ජීවත්වීම තුලින් තම පැවැත්මත්, ඒ හරහා ජීව ලෝකයේ පැවැත්මට තමන්ගෙන් විය යුතු කාර්යයන් කිරීමටත් ය. මානවයා ඒ තත්ත්වයෙන් ගලවා විශේෂ ගතිගුණ දී දැනුම යොදා සුවිශේෂ තැනකට ගෙනා හැටි කලින් කීවෙමි. එසේ කිරීමට දායක වූ තොරතුරු මෙතෙක් කිසිවකු කියා නැති නිසා දැනට ඒ ගැන කතා නොකරමි. කෙසේ වෙතත් "දැනුම" ගැන ඵොන්සේකලා සිල්වලා මෑතකදී කල තර්ක දැක ඒ ගැන නැවත යමක් කිව යුතු යයි සිතමි.

උපතින් සියලු ජීවීන් තම තිරිසන් ජීවිතය ගෙන යාමට අවශ්‍ය දැනුම ලබාගන්නේ පාලනයකින් තොර ස්වාභාවික හැඟීම් හා බැඳුනු අංඟෝපාංඟ ක්‍රියා කරවීමෙන් ය. මේ සඳහා කිසිදු දැනුම දීමක් අවශ්‍ය නොවන බවත්, ඒ තිරිසන් ජීවිතය ගෙන යාමට අවශ්‍ය දැනුම කිසිදු ආකාරයකින් ගිලිහී නොයන බවත්, අතිවිශාල සංඛ්‍යාවක් වන ජීවී වර්ගයන් තහවුරු කරන්නේ, අළුතින් බිහිවන කිසිදු පැටියකු තම වර්ගයාට වඩා වෙනස් හැසිරීමක් නොපෙන්වන නිසා ය. නොඑසේ නම් ජීවත් වී පැවැත්ම රැකීමට නොහැකි උන් බිහිවිය යුතුයි නේ ද? මෙහි දී මා දැනුම ලෙස හැඳින්නුවේ ජීවත් වී පැවැත්ම රැකීමට අවශ්‍ය කරන ක්‍රියාකාරකම් එලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය හැකියාව දෙන දත්ත සබඳතා සමූහයට ය. උදාහරණ ලෙස කන බොන දේවල්, කරන නොකරන දේවල් මේ ක්‍රියාකාරකම් වලින් කොටසකි. ජීවිය රැකගෙන හානි සුවකර ගැනීම ද තවත් කොටසක් බව කිව යුතු ය.

ඉහත කී දැනුමට සහජ දැනුම යයි කියමු. එය අවතාරයෙන් හා දෙමව්පිය උරුමය තුලින් හිමි වේ. මිනිසාට මීට වඩා අමතර දැනුමක් ඇත. ඒ ස්වභාවයෙන්   කරන දෑ වැඩි දියුණු කිරීමටත් පාලනය කිරීමටත් අවශ්‍ය හැකියාව දෙන දැනුමයි. ඊට අමතර ව, ස්වභාවයෙන් නොකරන හෝ ස්වාභාවිකව නැති දෑ කිරීමේ හැකියාව ද දෙන දැනුම අප සතුය. දැනුම යනු දන්නකම ලෙස ද කිව හැක.

එසේ නම් මිනිසා සතු දැනුම මොකක් දැයි කියා බලමු. අප සතු දැනුම යනු වචන හා ඒ වචන යොදා සැකසුනු වැකි තුලින් පෙන්වන හැකියාව හෝ දන්නකම ලෙස නම් කල හැක. මෙහිදී "වෙන" දේවල් වෙන විදිය දැන ගැනීම ද, "කරන" දේවල් කරන විදිය දැන ගැනීම ද ලෙස දෙකට බෙදේ. ඊට වඩා එහා යන දැනුම මෙතන කතා නොකරමි. මෙහිදී "කරන" දේවල් කරන විදිය ගැන "වචන හා ඒ වචන යොදා සැකසුනු වැකි තුලින්" දෙන දැනුම  ක්‍රියාවෙන් මැනිය හැක. වචන හා ඒ වචන යොදා සැකසුනු වැකි අවබෝධ කරගත් හෝ තේරුම් ගත්තෙකුට එසේ කියන දෑ කල හැකි නම් එය අපි "ඇත්ත" ලෙස ගනිමු. එසේ නොවේ නම් වචන හා වැකි වැරදි ලෙස යෙදීම හෝ නොගැලපීම තුලින් "නැත්ත" ද සොයාගත හැක.

එහෙත් "වෙන" දේවල් වෙන විදිය දැන ගැනීමට කියන "වචන හා ඒ වචන යොදා සැකසුනු වැකි" වල ඇත්ත නැත්ත දැකීම කෙසේ කරමු ද? මේ බව තම උත්සාහයෙන් හෝ එවැනි අවබෝධ කරගැනීමේ හැකියාවන් ඇති අයගෙන් ඇත්ත නැත්ත දැකීමට උත්සාහ කිරීම මගින් සිදුවේ.  එකී සුවිශේෂ හැකියාවන් ඇති බුදලා හා බුද්ධලා ගැන කලින් ලිපියක කී නිසා නැවත නොකියමි. මෙහි දී ඊට වඩා වැදගත් යමක් කිව යුතු ය.

අප ජීවත් වන ලෝකය තුල කිසි දෙයක් ඕපාතික නොවන නිසා ඇත්ත හා නැත්ත ද ඉබේ සිදු නොවන, යම්කිසි නිශ්චිත රාමුවක් තුල විය යුතු ය. එනම් ඇත්ත බිහිකිරීමටත් ඊට සමානව නැත්ත බිහිකිරීමටත් කැප වූ ජීවී කොටස් සිටිය යුතුය. ඒකීය ජීවී ස්වරූපය නිසා එකම වර්ගයකට දෙවිදියකට ක්‍රියාකල නොහැකි බව පැහැදිලි වේ. වඩාත් පැහැදිළි ව කියනවා නම් ඇත්ත කියන එකෙකුට නැත්ත කිව නොහැක. එසේ කල විට ඒකා ඇත්ත කියන එකෙකු නොවේ. එසේම නැත්ත කියන එකා නැත්තෙන් නැසෙන නිසා, ජීවත්වීමත් පැවැත්මත් මත පදනම් වූ ජීවය රැක ගත යුතුයි නේ ද? එසේ නම් මෙයට ඇති ස්වාභාවික විසඳුම සොයමු.

ඇත්ත කීම ද නැත්ත කීම ද ජන්ම ගති ලෙස හැඳින්විය හැක. ස්වාභාවික දත්ත අනුව, ඇත්ත දැනුම සෙවීම සිංහලයන්ටත්, නැත්ත දැනුම හින්දූන්ටත් පැවරී ඇත. ඒ නිසා සිංහලකම ඇත්ත දැකීමටත් හින්දුකම නැත්ත දැකීමටත් සැකසුනු දෙකක් වීම අවශ්‍ය ය. දෙගොල්ලන් සැසඳූ විට මේ බව කදිමෙට ඔප්පු වේ. දෙගොල්ල දෙකොනේ ය. සිංහලයන් ජීවත්වීමට හා පැවැත්ම රැකීමට කැප වූ බව කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද තහවුරු වේ. එසේ ම හින්දූන් යනු ජීවිතය නැසීමටත් (නිවීමටත්), නැවත ඉපදීම නැති කිරීමටත් උපතින් ම කැප වී ඇති බව කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද තහවුරු වේ. එසේ කිරීමට වෙර දරණ හින්දූන් නොනැසී පැවතීම පුදුමයක් නොවේ ද? ඇත්තටම හින්දූන් නොනැසේ ද? නැත. උන්ගෙන් කොටසක් ජීවිතය නැසීමටත් (නිවීමටත්), නැවත ඉපදීම නැති කිරීමටත් ගොස් නැසෙනවා මය. වෙනසකට ඇත්තේ එකෙක් නැසෙන විට දෙන්නෙක් උපදී නම් අඩුවක් නොවීම ය. එසේ ම හින්දුකම තුල තමන් කියන දේ තමන්වත් නොපිළි පැදීම, අනුන් විශ්වාස නොකිරීම, හිතේ හැටියට පැත්ත මාරු කිරීම, පැති මාරු කිරීමට හැකිවීම, හොඳ නරක තමන්ට වාසි ලෙස අරුත් දැක්වීම වැනි සුවිශේෂ සහජ හින්දු ගති ගුණ හින්දුකමේ කොටසක් නිසා, නැත්ත සෙවීම තුලින් එහි ගිලී නැසීම වලකා ඇත. තමන් කියන දේ තමනුත් විශ්වාස නොකරයි නම්, තමන් බොරු කී පමණින්, ඉන් තමන්ට හානියක් නොවෙන බව සහතික නොවේ ද? ඇත්ත සොයන සිංහලයන්ට සහජයෙන් උරුම වූ සිංහලකම මීට සපුරා ප්‍රතිවිරුද්ධ ය. ඒ උන් ඇත්ත පමණක් සෙවීමට සැකසුනු නිසා ය. සිංහලකම ගැන මම කලින් කීවෙමි.

සිංහලයන් සොයා ගත් ඇත්ත යටවීමත් හින්දූන් සොයා ගත් නැත්ත උඩට ඒමත් සිදුවූයේ කලින් කලට දෙපැත්තටම හේත්තු වන දෙමළු නිසා බව කී දෙනෙක් දනී ද? සිංහල, දෙමළ, හින්දු යන කොටස් තුන අතර ඇති සම්බන්ධය ඉතා වැදගත් වූවත් තවම කීමට නුසුදුසු ය. කීවේ නම් තේරුම් ගැනීම කජු කෑම වැනි යයි දනිමි. කෙසේ වෙතත් දෙමළාගෙ කරෙන් හින්දූන් බිහිකල නැත්ත සොයා ගොස් මකබෑවෙන සිංහල උන් බේරාගැනීම මගේ ද උත්සාහය නිසා නැත්ත ගැන ද ඇත්ත ඇති සැටියෙන් කියමි.

ඇත්ත සොයමින් සිංහලයන් ඉදිරියට ගිය ගමන නැත්ත සොයා ගත් හින්දූන් තුලින් ආපස්සට ගොස් නැවත තිරිසන් බවට පත්වීම අද දැකිය හැකි සිදුවීමකි. එනයින් සිංහලකම ඇත්ත දැනුම දීමත් හින්දුකම නැත්ත දැනුම දීමත් කෙසේ නම් ජීවත්වීමටත් පැවැත්ම රැකීමටත් ඉවහල් වේ ද? මෙය දැනගත යුතුම ය. මිනිසා බිහි වූයේ දැනුම තුලින් ය. කෙසේ ඒ දැනුම දුන්නා දැයි කීවෙමි. ඊ ළඟට කෙසේ නම් එම දැනුම මිනිසාට අහිමි වේ දැයි දැන ගත යුතුය. එවිට එම නැතිවන මාර්ග වසා දැනුම රැක ගත හැකි නොවේ ද? එසේ නම් හින්දූන් කරන්නේ ද වැදගත් දෙයකි. සිංහලයන් ලෙස, හින්දූන් කල ඇත්ත නැත්තට හැරවීම කෙසේ කලා ද යන ඇත්ත දැකීමට මම මේ ලිපිය ලියමි. මෙහි දී සුවිශේෂ දෙයක් කිව යුතු ය. ඇත්ත සෙවීම ලෙහෙසි නැත. එහෙත් නැත්තක් කීම ඉතා පහසුය. ඒ නැත්ත යනු ඇත්ත මත යැපෙන පරපුටුවකු වීමයි. ඇත්ත නැත්ත කිරීම ඉතා ලේසි ය. ඇත්තේ එක වචනයක් හැලීම, කණපිට පෙර ලීම හෝ වෙන වචනයකින් ආදේශ කිරීම තුලින් ක්ෂණිකව නැත්ත බවට පත්වේ. හින්දූන් ඊටත් වඩා දක්ෂය. පිටු ගණන් හලති. අහපු දේ නොව හිතෙන දේ අහපු දේ වේ. උපමාව ගෙන කාරණය හලති. ජීවිතය නිවීම ද, පව් වතුරෙන් සේදීම ද එවැනි උපමා පිටමා කර ගැනීමකි (පිටමා යනු මගේ වදනකි). ඒ අනුව සිංහලයන්ට වැදගත් ඇත්ත නැත්ත හඳුනා ගැනීමට අවශ්‍ය දෙයක් ගැන දැන් කියමි.

හින්දූන් කී බුද්ධ කෙනෙකු වී අරහත් වී නිවන් දැකීම:

මම මුලින් ම, නැත්ත ගැන කතා කරමි. ඒ නැත්ත බිහිවීමට දායක වූ ඇත්ත මුලින් ම බිහිකලේ සිංහලයන් නිසා ය. එනයි අඩු තැන් පුරවා, උඩු යටි කුරු කර එතුලින් ඇත්ත ගොඩ නැගිය හැකි නිසා ය.

බුද්ධ කියන වචනය සිංහලෙන් බුද ලෙස කී වචනය තලා පෙලා විකෘර්ති කර සැදුවකි. එහෙත් බෞද්ධාකමිකයන්ට බුද ට වඩා බුද්ධ මහා තේජස් ඇති වචනයකි. බුද්ධට බුද යයි කීම හෙළා දකිති. එහෙත් හින්දූන් කියන බුද්ධලා බොහෝ ය. ඉන් චණ්ඩාෂෝක් ගෙ හිත දිනා ප්‍රසිද්ධ වූ සිදට් යනු එකල සිටි ප්‍රසිද්ධ (කුප්‍රසිද්ධ) බුද්ධලා හය දෙනෙකුගෙන් එකෙක් පමණි. සමහර බුද්ධලා ගැන කතා කිරීමද පිළිකුල් දනවන්නේ අශූචි මුත්‍රා බුදින උන් ගැන කීම පිළිකුල් නිසාය. කෙසේ වෙතත් අද සිංහල බෞද්ධයන් යයි කියමින් හඳුන්වන අය සතු කතා මත මෙය ලියමි.

ඊට ප්‍රථම තවත් ලෝකායන නීතියක් ගැන කියමි. මිනිසුන් ගත් විට ඒ තුල හැම එකාටම අනන්‍යතාවයක් ඇත. එසේම උන්ගේ දැනුම කාගේ දැයි හංවඩු ගසා ඇත. මෙලෙස ගලේ කෙටූ ලෙස ලියවී ඇත්තේ ඇයි දැයි කියා හෝ කාගේ වුවමනාවට දැයි සෙවීම කියවන අයට භාරයි. බුද බුද්ධ නොවන්නේ ද, සිංහලයන් බුදලාට බුද්ධලා යයි නොකියන්නේ ද මේ සුවිශේෂ අනන්‍යතාවය නිසා බව කියමි. එසේ නොවන්නට, හින්දූන් ද බුද යයි කීවේ නම් කෙසේ අච්චාරු වේ ද?


නිවන් දැකීම අරුත් නොදැන උපමාවක් පිටමාවක් කරගෙන කෙලපු හින්දු කෙප්පයකැයි මම කලින් කියා, එම නැත්ත බිහිවීමට මුල් වූ සිංහලයන් කී ඇත්ත කලින් පහදා දුනිමි. අද කතා කරන්නේ හින්දු විදියට අරහත් වීම ගැන ය. මෙහි දී මුළින් ඇත්ත මත නැත්ත බිහිවන හැටි බලමු. බුද වෙනුවට බුද්ධ කියා නොගෙන, සෘෂි වැනි නමක් යෙදුවේ නම් එය ඇත්තට නොබැඳේ. ඒ නම ගෙන "රහත්වීම" යෙදීම වෙනුවට "අරහත් වීම" තුලින් සුපුරුදු ස්වාභාවික සිංහල හින්දු ප්‍රවණතා එළි දැක්වේ. සිංහලයන් රහත් වීම තුලින් දැනුම ලබාගැනීමට උත්සාහ කලහ. රහත් හෙවත් රහ දත් හෙවත් රහස් දත් යනු අපට සහජයෙන් නොදෙන සැඟවුන දැනුම සොයා යාම ය. උදාහරණ ලෙස අප කවුද? කෙසේ බිහිවී ද? යනාදී දහසකුත් ප්‍රශ්ණ වලට පිළිතුරු සොයා ගැනීම ය. එසේ නම්, හින්දූන් අරහත්වීම තුලින් දන්න සියලු දේමත් නොදත්තකු වීමට උත්සාහ කරන බව එය ලබා ගැනීමට යන මගින් මොනවට පැහැදිළි වේ දැයි උන් කියන දෑ වලින් ම පෙන්වමි.

අරහත්වීමට යන අය මිනිස් ජීවිතය මහා දුකක්, ලෙඩක්, කරදරයක්, විනාශ කලයුතු දෙයක්, නැවත ලබා නොගත යුතු දෙයක්, යනාදී ලෙස පිළිකුල් කරති. මේ සිතිවිල්ල තුලින් ඉල්ලගෙන කන්නේ අප බිහිකරපු අයගේ හොම්බට ඇනීමකි. මෙතරම් සංකීර්ණ දෙයකට පයින් ගැසීම මොන තරම් කුපිත කිරීමක් දැයි කියනවා නම්, එසැනින් අපේ සිත අයත් අවතාරය ක්‍රියාවිරහිත වන්නේ යන්ත්‍රයක ආරක්ෂණ උපාංඟ විරහිත කරනවාටත් වඩා දරුණු ලෙස ය. එසේ කිව්වේ ප්‍රතිචාරය සිතාගත නොහැකි තරම් දරුණු නිසා ය. එතැන් සිට අවතාරය එම තැනැත්තා තලා පෙලා නොමග ඇර හිංසා කරවන්නේ සියතින් තම නැසුම ගැනීමටය. දැනුම මැරිලාය. අනුන්ගෙ දැනුමෙන් ද ඵලක් නැත. මේ බව අරහත්වීමට යන බෞද්ධයන්ගේ උරුමය බව සැබෑ ලොව දත්ත හෙළි කරයි.

අරහත්වීමට යන බෞද්ධයන් වන ගත වීම හෝ සොහොන් පලකට ගොස් තනි විය යුතු ය. අපට දැනුම එන ප්‍රධාන මගක් වන අප වටා සිටින උන්ගෙන් ඈත්වීම ඉතා වැදගත් දැනුම් සම්භාරයකට පයින් ගැසීමකි. තනිකම තුල සිත ගොළුවේ. මෙහි දී සොහොන් පලකට යාම ගැන කිව යුතුය. එදා මළවුන් නිකම් දමා එන්නේ සතුන්ට කෑමට ය. මළවුන්ගේ දුගඳ සියගත වෙළාගත් විට, කෙතරම් සිතීම නැසේ ද? එවැනි දුගඳක් ඇති විට සුළු ගණිත ප්‍රශ්ණයක් විසඳීමටවත් සිතක් තියෙනවා ද? මෙහි දී සිංහල ප්‍රජාවට ගැලපෙන ලෙස දෙමළුන් මැකූ අශූචි කෑම, මුත්‍රා බීම ගැන ද අමතක නොකල යුතු ය. සිංහලයන්ට අප්‍රිය වුව ද මගඵල ලබාගැනීමට ඒවා කෑ බී හින්දූන් ද සිටි බව අමතක නොකරන්න.

අරහත්වීමට යන බෞද්ධයන් කැළෑ ගත වීමෙන් මිනිසුන් කන බොන දෑ අහිමි වී ගහෙන් පොත්තෙන් ඇටෙන් යැපෙන විට මොළේ තිබුනොත් (දැනුම) දියවී නොයයි ද? නොකා නොබී මැරිච්ච කොල හපමින් පොතක් කියවා කොතරම් අවබෝධ වේ දැයි අවබෝධ කරගන්න. එයම කුසගින්නෙන් කර බලන්න.

අරහත්වීමට යන බෞද්ධයන් මුළු විශ්වයම තේරුම් ගැනීමට බඹයක් විතර උස තමන් තුලින් බැලිය යුතු ය. අප අප ගැන මොනවද දන්නේ? කිසිත් නොදැන තුලින් බලන විට, විශ්වය දිහා බලා, බාහිර පරිසරය දෙස බලා ලැබිය හැකි දැනුමත් නැතිව යයි. එය හිස් පිටුවක් කියවනවා වැනි ය. විශ්වය හා බැලූ විට මේ බඹය තුල කිසිත් නැති තරම් ය.

අරහත්වීමට යන බෞද්ධයන් හිඟමනින් යැපීම යනු තම උත්සාහයෙන් කෑමක් බීමක් සොයාගැනීමට ඇති දැනුම නොඑන ගමණක් යැවීම ය. හිඟමනින් යැපෙන එකෙකුට කවදාවත් එයින් මිදිය නොහැක. ශරීරය යනු ක්‍රියාවෙන් පැවතෙන, අක්‍රියාවෙන් නැසෙන දෙයකි. හිඟමනින් ගත නැසේ.

අරහත්වීමට යන බෞද්ධයන් ගිහි ගෙය හල යුතු ය. එනයින් දරු පවුලක් රැක බලා ගැනීමට අවශ්‍ය දැනුම නැසේ. එසේම නැවත ඉපදීමට තිත තැබේ. ඒ නැවත ඉපදීමට වන්නේ තමන්ගෙ උරුමය ඇති එකෙකුට නොව කාගෙ හෝ තැනකට රිංඟා ගැනීමට සිදුවන නිසාය. අනුන්ගේ ගෙට රිංඟූ හොරාට ගිය කල යන්නේමය. මේ ගැන නැවත ඉපදීම යටතේ කියන නිසා මේ ඇති ය.

පන්සිල් ගැනීම හා දවසට තුන් සැරයක් තෙරුවණ වැදීම තුලින් අරහත්වීමට යන බෞද්ධයන් පත්වන්නේ ගසට ළණුවෙන් බැදි සතාට යන කල ය. එකම දේ නැවත නැවත කීම සිතීමේ හැකියාව මරයි. ඕන වෙලාවක ඕන දේකට එකම සිහිවීම දැනුම නැසීමට කදිමය. තමන්ට තම මව් බස හැර වෙන බසකින් කියන දෑ විමතිය දනවන ප්‍රලාප පමණි.

අරහත්වීමට යන බෞද්ධයන් දන් පින් රැස් කල යුතුය. දන් යනු දීම ය. පින් යනු පිනවීම ය. තමන් සතු දෑ දීමෙන් අහිමිව හිඟමනට වැටේ. සිංහලයන් පිනවූයේ නෑ මිතුරන්ට කෑම බීම දීමෙනි. එහෙත් මිනිස්කම පිළිකුල් කරන අමනුෂ්‍යයන්ට, පිසාචයන්ට දීම යනු උන්ට අත වනා ගෙට ගැනීමකි. එවැන්නා දැනුමෙන් පිරිහී අමන අමනුෂ්‍යයන් සමඟ වාසයට හේතු වේ.

අරහත්වීමට යන බෞද්ධයන් කරන දෑ තව බොහෝ ය. ඒ සියල්ලම දැනුම අකා මකා දමන ක්‍රියා ය. ඉන් ප්‍රබලම ක්‍රියා භාවනා ය. විශේෂයෙන් ම හුස්ම ගැනීම පිට කිරීම මත ගෙතුනු භාවනාව යනු ගත සිත දෙකම නසන උත්සාහයකි. එසේ කිරීමෙන් සිතීමට ඇති හැකියාව ඵලක් නැති දෙයකට යෙදේ. හුස්ම ගැනීම යනු ගතේ ක්‍රියාවට අණූකූල ක්‍රියාවකි. එය උදුරාගත් විට ගතේ ක්‍රියා විකෘර්ති වී අකර්මණ්‍ය වේ. සැබැවින් ම ගත රවටා සිත මැරීමකි.

අරහත්වීමට යන බෞද්ධයන් මේ සියල්ලම කරන අතරේ මාර්ග ඵල ලබමින් ඉතා උසස් තත්ත්වයකට ළඟාවෙන බව තේරුම් ගනිති. එය උන් මුලා කර නැසීමට යැවීමක් යයි කියමි. වරෙක බෞද්ධයකු තමා කෙතරම් සිත දියුණු කරගත් අයෙක් දැයි කීවේ මදුරුවන් කෑවත් හැඟීමක් නැති බව කියමිනි. මගේ කටට ආ කුණු හරුප නොකියා, ඔය හැකියාව ගමේ පොල් කඩන උන්ට ද ඇතැයි කීමි. සැබැවින් ම අරහත්වීමට යන බෞද්ධයන් සියලු දෙන අරහත් වන්නේම ය. හිඟනුන්ට, මිනිස්කම පිළිකුල් කරන උන්ට දන් පින් (දීම පිනවීම) කර, දෙවියන්ට ඒ පින් අණුමෝදනා කිරීම තරම් බෞද්ධයන් කරන අමනකමක් නැත. අනිවාර්ය දේවකෝපයට අත වැනීමකි. අරහත්වීමට යන බෞද්ධයන් තම හැකියාවන් අතරට "දිවැසින් දැකීම" ද අයත් ය. දැනුම නැසූවන්ට ඕන කෙප්පයක් දිවැසින් දැකීම අරුමයක් නොවේ. මේ අය සැබෑ දිවැසින් දැකීම දනී නම් සියතින් නැසිය යුතුය. මෙවැනි අය (අරහත් වූවන්) සතුන් අතර ද නැත. මේ කීවා ඇති යයි සිතුනේ මිනිස්කමට නිගා කරන උන් ලෝ දියෙන් අළු දූවිළි කරමි යයි සිතුනු නිසා ය.

සිංහලයන් කී රහත්වීම තුලින් බුද කෙනෙකු වී පැවැත්ම රැකීම:

මේ ගැන යමක් කිව යුතු දැයි තවම සිතමි. කෙසේ වෙතත් හින්දූන් බිහි කල නැත්තට දායක වූ ඇත්ත මෙතුලින් දැකිය හැක.

කාලය මද නිසාත් සිංහලකම ඇති බව තහවුරු විය යුතු නිසාත් පසුවට කල් තබමි.

5 comments:

  1. සිංහලයන් කී රහත්වීම තුලින් බුද කෙනෙකු වී පැවැත්ම රැකීම:

    කිව යුතුය...ගැටළු බොහෝය...ඒවාද විසඳා දිය යුතුය...

    මේ පරිසරය තුල නිසි ලෙස මග දන්නකුට හැර නැත්තෙන් ඇත්ත වෙන කර තේරුම් ගැනීම ඉතා අපහසු බව කියමි. යමක් නොතේරේ නම් එය අසා ගැනීමට දන්නා අයකුද නැත. සාකච්ඡාවකට මුල පිරීමද දාහක් කතන්දර අසා ගැනීමට අර ඇදීමකි..ඉතිරිව ඇති සිංහලකම සොයන්නන්ට වටහා ගැනීමට සැළැස්වීම අගනේය..එහෙත් සොයාගැනීමට සැළැස්වීම යම් විදියකින් මං මුළා කරවීමකි...ඔබ දන්නා දේ ඔබගේ සීමාව තුල කිව යුතු යැයි සිතමි...
    අද පවතින බටහිර ක්‍රමයට යට වූ එහි අනුගාමිකයන්ට අවශ්‍ය දෙයක් පහසුවෙන් ප්‍රාමාණික ලෙස පංචේන්ද්‍රිය මගින් මැන ගනීමටයි...උන්ට සත්‍ය පෙන්වීම අවශ්‍ය නැහැ යයි ඔබ කියාවි...නමුත් මහා ජනකායකට බයිලා කියමින් නොමග යවන්නෝ ඔවුහුය..එනිසා උන්ට පිළිතුරු දිය යුතුව තිබේ.

    උදාහරණයකට බෞද්ධ භාවනාවන් ඔබ ප්‍රතික්ශේප කරයි නම් යමකුට ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ශ කරගත හැකි දැනුම දකින ක්‍රමවේදයක් ලබා දිය යුතුයි...අවතාරය තුල ගැබ්ව ඇති බලය ලබා ගැනීමට ක්‍රමවේදයක් ලබා දිය යුතුයි...කාලෝ වැන්නවුන්ට අපි කොතරම් මන්ත්‍ර ශාස්ත්‍රය ඇත්ත යැයි පැවසුවද එවැන්නන් මෙල්ල කල හැකි වන්නේ එහි බලයට කාලෝව නතු කොට පෙන්වීමෙනුයි...එහිදී උන්ට වෙන හානියද නොසළකා හැරිය යුතු වේ...

    ReplyDelete
    Replies
    1. Part1

      කැලුම්,

      තමන් කරන දේවල් තමන්ගෙ භාෂාවෙන් කීමට තරම් සිංහලයන් පිරිහිලා ද? ඇත්තටම අප දන්න දෙයක් නැද්ද? තියෙනවා නම් ඒ දැනුම හෙවත් දන්න දේ ලැබුනේ කෙසේ ද? උදා: බයිසිකලයක් පැදීමේ හැකියාව, බත් කටට දමා හපා ගිලීම වැනි දේ කිරීමට අවශ්‍ය දැනුම කෙසේ ලැබෙනවා ද? හින්දු විදියට ලේසි වුනාට සිංහල විදියට කාලය ගත කලයුතු, දැඩි ලෙස උත්සාහ කලයුතු දෙයක්. අප නොදන්න දේවල් කොච්චර තියෙනවා ද? දන්න දේවල් කොච්චර තියෙනවා ද? උත්සාහ කිරීම මත නොදත් දේත් දන්න දේවල් වෙනවා.

      දැනුම කියන්නෙ දරාගත යුතු බරක්. ඒකයි සමහර තොරතුරු අපට නොලැබුනේ. අපේ ජීවත්වීමට අවශ්‍ය මට්ටමට ඕන කරන දැනුම තමයි ස්වාභාවෙන් හිමිවෙන්නෙ. ඊට එහා යන්න ඔබට අවශ්‍ය ඇයි? ඇත්තම කියනවා නම් සැබෑ දැනුම තමන් ම සොයා ගත යුතුයි. අනෙක් අයට මග කීවත් දැනුම දෙන්න බෑ. දුන්නත් ඒක තමන්ට නතු නෑ. ඒ නිසා කලයුතු වන්නෙ තමන් විසින් සොයා ගැනීමයි. අප මේ කරන්නෙ ගැටළු විසඳීම නොවේ ද? දැනටම බුදලා දත් දැනුම ලිපි වලින් දුන්න නෙ. ඒවා දැන ගත්තම වෙනසක් නැද්ද?

      සිංහලයන් කී රහත්වීම තුලින් බුද කෙනෙකු වී පැවැත්ම රැකීමට අත්‍යාවශ්‍ය පළමු පියවර තමයි මිනිස්කමත් එය රැකගැනීමත් තමන්ගෙ පරම අරුත කර ගැනීම. මේක වචන වලින් කීමක් නොව ස්වභාවය දැක ඒ තුලින් තහවුරු කල යුතුයි. හරියට අවබෝධ වුනාම අද පවතින හැම ඇදහීමක් ම මුළුමණින් ප්‍රතික්ෂේප වෙනවා. ඒක එක්තරා මානයක් කියන්නත් පුළුවන්. ඊ ළඟට තමන්ට හිතෙන දේ කරන හැටි ඒ සඳහා අවශ්‍ය කරන දැනුම වගේම විසඳුම් සොයාගත යුතු ප්‍රශ්ණ නිමක් නැතිව පෙනේවි. මිනිහෙක් මරණ එක හරිම ලේසියි. ඒත් දරුවෙක් ගැබ් ගන්වා හදා වඩා ලොකු මහත් කරන්න කොච්චර නම් දේවල් කල යුතු ද? ඒවා ලේසි නෑ. ඒ නිසා එවැනි අභියෝග ජය ගැනීමට සිංහල වෙලා මදි. සිංහල මූලයට ළංවූ අයට පමණයි එවැනි පීඩනයක් දරා ගන්න පුළුවන්. හිඟා කකා කටට එන කෙප්ප එළියට දාමින්, වැඩක් පලක් නොකර නිකමෙක් වෙලා ජීවිතේ නිවන්න දැඟලීම ඒ අතින් මොන බරක් ද? ඒ නිසාමයි, වැඩිය කිව යුතුදැයි සිතන්නෙ.

      ctd...

      Delete
    2. Part 2


      //මේ පරිසරය තුල නිසි ලෙස මග දන්නකුට හැර නැත්තෙන් ඇත්ත වෙන් කර තේරුම් ගැනීම ඉතා අපහසු බව කියමි. යමක් නොතේරේ නම් එය අසා ගැනීමට දන්නා අයකුද නැත. සාකච්ඡාවකට මුල පිරීම ද දාහක් කතන්දර අසා ගැනීමට අර ඇදීමකි.//



      අද අප ඉන්න තැනට ආවෙ ඔය කියන විදියට අනුන් කියන දේ භාවිතා කර නැත්තෙන් ඇත්ත වෙන් කර තේරුම් ගැනීමට යාම නිසයි. එමගින් ඉහළ පංතියක් බිහිවෙනවා. ඔවුන්ගෙ තැනට බොරු කාරයෝ එනවා. අන්තිමට එක් දවසක් අතරමං වෙච්ච එකා පාර අහන්නෙ හත් දවසක් මංමුළා වෙලා යන එන මං නැති එකෙක් ගෙන්. ඇත්ත කතාවක් කියන්නම්. මම 2010 දී මගේ ලොකු අයියා එක්ක ගම වටේ ගියා. ඒ වසර 30කට පස්සෙ. අයියා තමයි දන්න කෙනා. කෙටි පාරක් දිගේ යන්න ගිහින් අපි රක්ෂිත වනේ ඇතුළට ගොස් ඒක යන ආරණ්‍යයකට ගියා. ඒකත් පහුකරල යන කොට මට හිතුනා අපි දැන් ඉන්නෙ වෙන ගමක කියල. මම ගෙදරක හිටපු කෙනෙක්ගෙන් ගමේ නම ඇහුවා. ඒ නම අපි දෙන්නම අහල නෑ. ඊට පස්සෙ අපි ආපසු ආවා. අතරමග ආරණ්‍යවැසි මහණෙක් එනවා දැක අයියා එයාගෙන් අහමු ද ඇහුවා. මම එපා කියල පාර දන්න එකෙක් මේ කැලේ අතරමං වී මදුරුවන් කකා ඉඳීවි ද ඇහුවා. ඒත් අයියා ඇහුවා. උත්තර දුන්නේ තමන් දන්නෙ නෑ කියලයි. මට හිනා ගියා. ඊට පසු මම ආපසු එන මග සෙවීමට ඉදිරියට ගියා. අන්තිමට ගෙදර ආවට පසු අයියගෙ දන්නකමට හිනා වුනා. මම උත්සාහ කලේ ඒ වගේ සුළු දේටවත් අනුන් මත යැපීම නුසුදුසුයි කීමටයි. ඔය අනුන්ගෙන් අහල දැනගැනීම හින්දු අය තමයි ලෝකෙට දුන්නේ. අද ඉගෙනීම කියන්නෙත් ඒකටමයි.

      //ඉතිරිව ඇති සිංහලකම සොයන්නන්ට වටහා ගැනීමට සැළැස්වීම අගනේය..එහෙත් සොයාගැනීමට සැළැස්වීම යම් විදියකින් මං මුළා කරවීමකි...ඔබ දන්නා දේ ඔබගේ සීමාව තුල කිව යුතු යැයි සිතමි...//

      සිංහලකම කියන එක හැම සිංහල කතාකරන කෙනාටම නැහැ. තියෙන අයට ඒක නැති කරන්නත් බෑ. බහුතරය සිංහල කතා කරන අසිංහලයන් නිසා පැටළුනත්, අවශ්‍ය තැන සිංහලකම හිස ඔසවන බව දහසකුත් එකක් ප්‍රතිචාර තුලින් හදාරා අත්දුටු දෙයක්. සිංහලකම දෙන්න බෑ. ගන්න ඕන. මම උත්සාහ කරන්නෙ ඒක තියෙන අයව අවදි කරවීමක්. මගේ ලිපි කියවන කොට තමන් තුල ඊට අණුකූලව හැඟීම් එනවා නම් ඒක තමයි සිංහලකම. මං මුළා වීමට බිය නොවිය යුතු ය. මම කලින් කී ඇදහීම ඇති උන් නැවත නැවත අතරමං වුවත් නිසි මගට එන බව අත් දැකීමෙන් දනිමි. මම මුහුණ දුන් බරපතලම අතරමං වීම තමයි සාගරයක් මැද තනි වුනා වගේ දැනුම නැති තත්ත්වයක හිරවීම. ඒක ප්‍රශ්ණයක් නොවේ. මුහුදේ මාළුවකු ලෙස සිතූ විට අතරමං නොවේ. ඇත්තටම සීමාවන් තුල අතරමං වීම ඉතා අවශ්‍ය දෙයක්. ළමයින්ට හැන්දෙන් කැවීම වගේ දැනුම දිය හැකි නම් අපූරුයි.

      ctd...

      Delete
    3. Part3


      //අද පවතින බටහිර ක්‍රමයට යට වූ එහි අනුගාමිකයන්ට අවශ්‍ය දෙයක් පහසුවෙන් ප්‍රාමාණික ලෙස පංචේන්ද්‍රිය මගින් මැන ගනීමටයි...උන්ට සත්‍ය පෙන්වීම අවශ්‍ය නැහැ යයි ඔබ කියාවි...නමුත් මහා ජනකායකට බයිලා කියමින් නොමග යවන්නෝ ඔවුහුය..එනිසා උන්ට පිළිතුරු දිය යුතුව තිබේ.//

      බටහිර මහාචාරියෙකුට ඇත්ත පෙන්වීමට වසර තුන හමාරක් ගත කර, තමන් මෝඩයකු යයි ඉබේ කියා ගැනීමට සලස්වා පළපුරුදු මට, ඊට වඩා, මා පුංචි කල පූසාට සිංහල හෝඩිය කියවීම සාර්ථක යයි කියමි. ඒ අඩු තරමින් උගේ අත පය අඹරා මුල් අකුර හතරට ආසන්න ශබ්ද මුවින් පිට වූ නිසා ය. හරිමග කියමින් නොමග යන අය බොහෝ ය. එවැන්නන්ට තවත් හරිමගක් ගැන කීම විහිළුවක් වේ. වැරදි මග යයි නම් එය අත් දැක විඳවන විට හරි යයි සිතූ ඒ මග වැරදි යයි අවබෝධ වුවහොත් නිසිමගක් සොයනු ඇත. නොඑසේ නම් තවත් බිල්ලකි. අප සිංහලකම තුලින් සිංහලයන් දැකිය යුතු ය. අද ද බොහෝ සිංහලයන් බටහිර ගැන කිසිදු හැඟීමක් නැති උන් ය. අද බොහෝ ආගමිකයන් අනුන්ගේ යහපතට යයි කියමින් නිවන දීමට, ස්වර්ගයට යැවීමට පොරකන්නේ තමන්ගේම බඩගෝස්තරය රැක ගැනීමට ය. සිංහලයන් සිංහලකම බිහිකලේ තමන්ගේ පැවැත්මට මිස අනුන්ට බලෙන් දීමට නොවේ. කැමැත්තට ඉඩ දීම සිංහලකමක් නොවේ ද?

      //උදාහරණයකට බෞද්ධ භාවනාවන් ඔබ ප්‍රතික්ශේප කරයි නම් යමකුට ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ශ කරගත හැකි දැනුම දකින ක්‍රමවේදයක් ලබා දිය යුතුයි...//

      භාවනාව යන වචනය සිංහල එකක් නොවේ. ඒ හා ළඟින් යන වචන නම් බාවනවා, භාව (වල්ගය) නවනවා වැනි ය. එනයින්, අතපය හකුලාගෙන, වෙලාගෙන, ඔතාගෙන සිටීම කෙතරම් ඉහත ක්‍රියාවට සම ද? මෙය සත්ව ඉරියව් අණුගමනය කිරීමකි. සුනඛයන් ගේ දඟර ගසාගෙන සිටීම, වල්ගය හකුලුවා උක්කුටිකව සිටීම ද මතක් විය. මෙවැනි දෑ දැනුම දේ ද?

      මම උදාහරණයක් දෙමි. පිටු කිහිපයක් ඇති ළමා කතා පොතක් ගෙන, එම පොත නොබලා, එහි ඇති කතාව විඥානයෙන් කියවීමට භාවනා කරන්න. උත්සාහය ඵල නොදරයි කියා තේරුනොත් පොත මුල සිට අගට කියවන්න. අනුලෝම ප්‍රථිලෝම මෝඩකම් නොකරන්න. ඒ අග සිට මුලට කියවීමෙන් වළකින්න කියලයි කිව්වෙ. එක සැරයක් මදි නම් දෙසැරයක් තුන් හතර සැරයක් කියවන්න. වෙනස ඔබට තේරේ යයි සිතමි. තවත් උදාහරණයක් කියමි. ඔබට වී ගොවිතැන් කර හාල් බත් කර කෑමට අවශ්‍ය යයි සිතමු. ඒකට කඩේ ඇති සියලු පොත් ගෙන හාල් බත් වෙලා පිඟානට බෙදෙන තුරු සිය දහස් වර කියවා බලන්න. එය ඵල රහිත යයි සිතේ නම් වී ඇට කිහිපයක් හිටවා බලන්න. පරිසරය දිහා බලා ස්වාභාවික ව වන දෑ තේරුම් ගෙන ඒ දේවල් ම කරන්න. පළමු වර නැත්නම් දෙසැරයක් තුන් හතර සැරයක් කරල බලන්න. වෙනස ඔබට තේරේ යයි සිතමි.

      ctd...

      Delete
    4. Part4


      //අවතාරය තුල ගැබ්ව ඇති බලය ලබා ගැනීමට ක්‍රමවේදයක් ලබා දිය යුතුයි...//

      එය ඔබේ සැඟවුනු කොටසකි. අත පය මෙන් මෙය ද ඔබට අවශ්‍ය දෑ කිරීමට යොදා ගැනීම ඔබ කල යුතු ය. කලින් ලිපි තුල ඉතා වැදගත් තොරතුරු ලීවෙමි. ප්‍රබලම උපක්‍රමය ප්‍රශ්ණ වලට විසඳුම් සෙවීම ය. තියෙන එකට වඩා හොඳ හෝ වෙනස් විසඳුම් සෙවීම ය. විසඳිය නොහැකි ප්‍රශ්ණ වලට විසඳුම් සෙවීම අඟනේ ය.

      //කාලෝ වැන්නවුන්ට අපි කොතරම් මන්ත්‍ර ශාස්ත්‍රය ඇත්ත යැයි පැවසුවද එවැන්නන් මෙල්ල කල හැකි වන්නේ එහි බලයට කාලෝව නතු කොට පෙන්වීමෙනුයි...එහිදී උන්ට වෙන හානියද නොසළකා හැරිය යුතු වේ...//

      කාලෝ වැනි අමනාචාරීන් ගැන කතා කිරීමද කාලය නැසීමකි. ඔබ කී දොරමඩලාව බලද්දී මනසේ අජීර්ණය හැදිනි. ඔහු කී දෑ කෙතරම් මෝඩ දැයි කීමට මෙය ලියමි.

      පැන්සල කෙලින් ද ඇද ලෙස ද අපට සිතෙන බව කීම වංචාවකි. කීමට හැදුවේ සිතෙන සැම දේම නිවැරදි නොවන බවයි. එහෙත් ඒ සඳහා සම්පූර්ණයෙන් වෙනස් අවස්ථා දෙකක් ගෙන කීම මෝඩකම පෙන්වයි. සැබෑ පර්යේෂණයක සිත හැර අන් සැම දේම සම විය යුතු ය. නැතහොත් ගොනා, බූරුවා සමඟ සැසදීමකි. කල යුතු ව තිබුනේ කෙලින් පැන්සල් ගොඩක් ගෙන ඒ අතරට ඇද එකක් දමා එකම තත්ව යටතේ පෙන්වීම ය. බොහෝ විට ඇද එකද කෙලින් ලෙස පෙනේ. එය ස්වාභාවික අවශ්‍යතාවය නිසා වන්නක් බව නොදත් අමනයකු මහාචාරියෙක් වීම කදිම ය. සතුන් ගේ දැකුම පැවැත්මට හැදුනකි. නිතර දකින දේ හැර හදිසියේ දකින දැඩි වෙනස හෙවත් විමතිය දැනවීම තුලින් සතුරා හඳුනා ගැනීම කෙරේ. හැම සුළු වෙනසක් ම දැකීම හරියට හැම ගහක් වැලක්ම සෙලවීම දැකීම වැනි ය. එවිට සතෙකුට වෙන වැඩක් නැත. එසේම අවධානය අඩුවීම ද හේතුවකි.

      වීදුරුව අඟනා තොරතුරු දුන්නත් එය නොදැකීම අමනකමකි. අපට ඇස් දෙකක් තියෙන බව නොදනී ද? ජලය තුල වුව, එක් අවස්ථාවකදී පිහිටීම අනුව පැන්සල කෙලින් බව පෙනේ.

      ඊ ළඟට කඩදාසියක ඇඳි රූප ගැන කී අමන කතාව ද මතක් විය. වටකුරු ඇස් දෙකක් ම ඇති මිනිසා රැවටීමට සිතා මතා ඇඳි රූප තුලින් මනස මැනීම අපූරු ය. ඒත් එය කඩදාසියක් යයි දත්තෙකු නොමග යයි ද
      ? දැනුම නැති උන් දුබල ය. රූපවාහිණිය ද එවැනි වංචාවකි. එය සැබවින් ම තිත් රූ වාහිණියකි. බෞද්ධයන් නැති රැස් මැවීමට හැදූ තොරණ නොවන්නට අදත් පරිඝණක හෝ තිත්රූවාහිණි නැත. මේවා ද මුලා කිරීම් ය. ඇස සිත වැනි දෑ ගත් විට මේවා ගල් යුගයේ මෙවළම් ය.

      එතැන සිටි බටුචාරින් හින්දූන් වැනූ හැටි දුටිමි. මුන් සිංහලයන් නොව කල්ලතෝනීන් බව පැහැදිළි ය. ශුන්‍යයය හින්දූන් බිහිකල ලබ්බකැයි අමනාචාරියෙක් කී විට, සුන් කිරීම, සුණු විසුණු කිරීම, සුන්නත්දූලි කිරීම හින්දු වදන් දැයි ඇසිය යුතු ය. සැබැවින්ම බින්දුව මිස ශුන්‍යයය සැබෑ ගණිතයට අනවශ්‍ය ය.

      මන්ත්‍ර ගැන ඔබ කී දේ කිරීම සිංහලයන්ට අකැප ය. එසේ ම මොනවා කලත්, කාලෝට වෙනසක් නොවේ. ඒ කාලෝ ඉන්නේ පතුලේ නිසා ය.

      ඔබ කාලෝ වැන්නන් සිංහල සේ දකින බව පෙනේ. එය වැරදි ය. එසේම අප සිංහල යයි සිතා සිංහලකම අප වටා එතීමද අ පමුළාකර ගැනීමකි. නිරපේක්ෂව බැලීම අවශ්‍ය වේ.

      සිංහලයන් කී රහත්වීම තුලින් බුද කෙනෙකු වී පැවැත්ම රැකීම ගැන බොහෝ දෑ ඇත. එය ලියනවාට වඩා වෙනස් මගක යන්නකි. සැබැවින් ම ඇත්ත නැත්ත සෙවීම කරන හැටි ඉහත මම පෙන්වූවෙමි.

      Delete

Note: only a member of this blog may post a comment.