Monday, 11 March 2013

සිංහල "මානසික වෙදකම" හා "තිරිසන් උරුමය මැඩ මිනිස්කම බලගැන්වීම"


මම ලියන්න ගියේ මානසික වෙදකම කිව්වත්, ඊටත් වඩා වැදගත් දෙයක් වන "තිරිසන් උරුමය මැඩ මිනිස්කම බලගැන්වීම" ගැනත් කියන්න හිතුවේ ටිකක් අදි මදි කිරීමෙන් පසුය. ඒ හැඳින්වීමක් ලෙස ලියන ලිපි තුලින් දෙන දේවල් වැඩි වූ පමණින් ලබාගත හැකි බව, තම තමන්ගෙ වඩා ගත් නිපුණතාවය මත දැරීමේ හැකියාව රැඳෙන නිසයි. දැරීම ගැන කියන කොට "දරන" කියන සාමන්‍ය අරුත හින්දි වලින් "ධර්ම" කියන බහුභූත වචනය හැදුනා කියල හිතුනා. ඒකත් හරියට අර "කරන" කියන සාමන්‍ය අරුත හින්දි වලින් "කර්ම" වුනා වගෙයි. න කාරය ම වීමත් ර කාරය ර් වීමත් හරියට කෑල්ලෙ කොන් මාරුවෙනවා වගෙයි. සමහර සිංහල වෙස් ගත් උන් සිංහල කියන වචනෙ සිම්හල කියල කොච්චර තර්ක කරනවා ද?

දැන් මේ ලිපිය මොනවා ගැන කියනවා ද කියන්න කලින්, කැලෑ සතුන් ලෙස සිට අද ඉන්න තැනට ගෙන ඒමට දැරූ උත්සාහය ගැන කිව යුතුයි. ඒක සුළු උදාහරණ කීපයකින් කිය එක වඩා සුදුසුයි. අද අපේ අත පය ගත සිත යොදා කොතරම් නම් දේවල් කරනවා ද? ස්වාභාවික දේ හැර, ඒ සියල්ල එලෙස බිහි වූවා නොවේ ද? ඒත් කැලේ ඉන්න කාලේ, අප කලේ බොහොම ස්වාභාවික, පාලනයකින් තොර හැඟුම් වලින් වෙන දේ විතරයි නොවේ ද? එසේ නම් අප අපේ අංඟෝපාංඟ මෙලෙස හැසිරවීමට පන්නරය ලැබුවේ කෙසේ ද?

අපේ වර්ගෙ උන් අඟපසඟ එහා මෙහා කරන කොට (නටන කොට), රටාවකට ශබ්ද කරන කොට (ගයන කොට), අපි කොතරම් ඒ දේවල් දිහා හැඟුම් බරව අවධානය යොමු කරනවා ද? කැළෑ සතුන් මේ කිසිත් නොකරන්නේ ඇයි? එසේ නම් අපට පමණක් මේ ගති ආවේ කෙසේ ද?

අප කෙසේ වතුරට මෙතරම් හුරු වුනා ද? එදා කැලෑවේ දී නැඟූ ගොරහැඩි ශබ්ද අත හැර, කොතරම් මනහර වචන තෙපලනවා ද? මේ හැකියාව ආවේ කෙසේ ද? විදිහල් (Schools) නැති කැලෑවේ සිට කෙසේ නම් අපි අනුන් කරන කියන දේ අනුගමනය කිරීමට පටන් ගත්තෙමු ද?

කැලෑවේ ඉන්න කාලේ ගින්න යනු මරණය දෙන භයානක දෙයක් වූ අතර එයට මුහුණ දිය නොහැකි ව ආත පාත කඩාගෙන දුවපු එක ගත්තම, අද ගින්දර නැතුව ජීවත් වීම ද හිතා ගත නොහැක. අපි කෙසේ නම් ගින්න ජයගත්තෙමු ද?

හෙළුව යනු මොකක් දැයි නොදැන, ලොමෙන් පිරි වානරයන් ලෙස සිට, විවිධාකාර සළු පිළි පැළඳ, විළි වසා ගැනීමට තරම් වෙනස් වූයේ කෙසේ ද?

ගුණක් අගුණක්, රසක් නිරසක් නොබලා කෑමට හැකි ඕන ජරාවක් කන සතුන් ලෙස සිට, කෙසේ නම් මෙතරම් ප්‍රණීත ආහාර පාන සැකසීමට පුරුදු වුනෙමු ද?

කෙසේ නම් මතකය බිහි වී ද? කවුරු කෙසේ අප දැනුවත් කලා ද? මෙවැනි අද අප සතු, එහෙත් කැලෑ සමයේ නොතිබුන දේ කොපමණ දැයි කියනවා නම් නිමක් දැකීම ද අපහසු ය. මේ සියල්ලම දැනුමේ ඵල බව සහතික ය. කෙසේ වෙතත් මෙම දැනුම ඉබේ ආවා හෝ තම තමන් වඩා ගත්තා යයි කීව ද, එවැන්නන් තමන් විසින් වැඩූ අළුත් යමක් නැත්තේ ඇයි? මෙවැනි ප්‍රශ්ණ නිසා, ආදි සිංහලයන් කී මතය වන දැනුම දුන්නේ හිරු දෙවියන් ය යන කතාව අප ද තහවුරු කර ගතිමු. එසේ ලත් දැනුම කෙසේ නම් මිනිසුන් අතරට ගොස් උන්ගේ උරුමය වී ද? ඇත්තටම මේ ප්‍රශ්ණ වලට පිළිතුරු දීමක් ලෙස ලිපියේ නම වෙනස් කලෙමි.

දැන් බලමු මානසික වෙදකම කියන එක ගැන. අපේ හිත ගැන දැනීම අද සම්පූර්ණයෙන් ම අතුරුදහන් වෙලා වගෙයි. දැනුම, වචන නැවත නැවත කියවීමකට සීමා වෙලා. ඒ නිසා මානසික රෝග සාමාන්‍ය ගතිගුණ ලෙස දකිනවා. කෙසේ වෙතත් ඒ ගැන කිව යුතු වන්නෙ, සිංහලයන් සතුව අංඟ සම්පූර්ණව එම දැනුම පැවති බවට අදත් සාක්ෂි ඇති නිසයි. එම දැනුම කොතරම් ප්‍රබල දැයි කියනවා නම්, එය බිහි කරපු කෙනා අපේ හිත අයත් අවතාරය බිහි වූ හැටිත්, එහි ක්‍රියාකාරිත්වයත්, එසේම ගත (තාරය) සමඟ එකතු වී වැඩ කරන හැටිත් මුළුමණින් දැන සිටිය යුතුමයි. අපේ අවතාරය අප වටා ඇති තාරික (තාරය වැනි දේ අයත් කොටස) පරිසරය සමඟ ගණුදෙනු කරන්නේ අපේ තාරය (ගත) හරහා ය. ඇස් කන් වැනි අඟපසඟ ලබන දැනීම කෙලින් ම අවතාරයට ද මොළයට ද යවනවා. මොළය ගතේ කොටසක් වන අතර එය අවශ්‍යතාවයන් අනුව වෙනස් වන ක්‍රියා/ප්‍රතික්‍රියා රැසකට අවශ්‍ය තොරතුරු රැස් කර තබා ගත් දැනුම් ගබඩාවක්. තාරය පිළිබඳ තොරතුරු සිතාමතාම නොකියන්නෙ ඒවා ඕන කෙනෙකුට ක්‍රියාත්මක කර භාවිතා කල හැකි නිසයි. තාරයට බැඳි ප්‍රබල හැසිරීම් රටාවක් එලෙස Feedforward Control කියා ලිවීමෙන් අත්දුටු අනිසි ඵල නිසා  මෙම පිළිවෙත යොදමි.

තාරය (ගත)  තුලින් අපේ අවතාරය ලබන සංඥා අනුව ගත පමණක් නොව අවතාරය (හිත අයත් කොටස) ද නොයෙකුත් ක්‍රියා/ප්‍රතික්‍රියා දක්වනවා. එසේ නම් මොනවද මේ රෝග හෙවත් අසනීප කියන්නෙ? ඕනම දෙයක් දිගටම, ඒක හදපු විදියට සරිලන ලෙස ක්‍රියාත්මක වෙනවා නම්, ඒකෙ වරදක් නෑ කියනවා වගේ, අපේ ගතත් (තාරයත්), හිතත් (අවතාරයත්) ඒවායින් වියයුතු ක්‍රියා/ප්‍රතික්‍රියා කෙරෙන විට අප හොඳින් සිටිනවා යයි කියමු. එසේ නම් හිත ලෙඩ වූ බව හෝ දිගටම ඒක හදපු විදියට සරිලන ලෙස ක්‍රියාත්මක නොවෙනවා කියා දැන ගන්නේ කෙසේ ද? ගතට එසේ වූ විට ඇතිවන වේදනාව, අපහසුකම් අපි අත්දැකීමෙන් දනිමු. ඒ ගැන දැන් නොකියන්නේ ශාරීරික (ගතේ) වෙදකම යටතේ ඒ ගැන කතා කරන නිසා ය. අවතාරය ලෙඩ වූ විට, අපේ හැසිරීම් රටාව වෙනස් වේ. සංවේදී බව අඩු වේ. අප ජීවත්වන්නෙ සුපුරුදු පරිදි නොවේ. වැහැරීම, හැඟුමෙන් රැඟුමෙන් (ක්‍රියාන්විත බවින්) තොර වීම පොදු ලක්ෂණ වේ. තව බොහෝ දේ ඇති බව ඔබ සිංහල නම් දැන ගත යුතු ය.

අප කරන කියන හිතන පතන දෑ අප මත ස්වාභාවයෙන් ම පැටවුනු සමාජමය වගකීම් ය. ඊට අමතරව බාහිර පරිසරය තුල කරන, වෙන සිඳුවීම් ද අපට බලපාති. මීට අමතරව ඇති ඉතා වැදගත් ක්‍රියාවන් ද මේ සඳහා බලපාන බව ද කිව යුතු ය. ඒ ගතට නොබැඳී කෙලින්ම අවතාරය සමඟ වන ගැටීම් ය. මේවා කරන්නේ තාරය ඇතිව හෝ නැතිව අනෙක් අවතාර අප සමඟ ගැටීම ය. එයට ද හේතු බොහෝ ය. අපේ පරණ ක්‍රියාවල් මෙන්ම අප දුබල වූ විට ප්‍රබලයන් කරන දේ ද මෙයට අයත් වේ. කලින් ලිපි වල කී ලෙස අප පාලනය කිරීමට සිටින අය ද, අප මායිම් කැඩූ විට ක්‍රියාත්මක වීම තුලින් මෙවැනි දෑ සිදුවේ. දැන් අවතාරය ලෙඩ වූ බව හෝ දිගටම ඒක හදපු විදියට සරිලන ලෙස ක්‍රියාත්මක නොවෙන  බව කෙසේ විය හැකි දැයි තොරතුරු බිඳක් කීමි.

එසේ නම්,  ඒ බව හැඳින්වීමට සිහි විකල වීම, පිස්සු වැටීම, ඔල්මාදය යන වචන යොදා ඇති බව දනිමු. අවතාරය නැවත යථා තත්ත්වයට ගෙන එන්නේ කෙසේ ද? එය ලේසි වැඩක් නොවේ. නොදන්න දේවල් හදන්න ගියාම ඉතිරි ටිකත් කැඩීමෙන් කෙළවර වන නිසා, මෙය ලෙහෙසි පහසු වැඩක් නොවේ. දන්න කෙනෙකුට හැර ඒ ගැන යමක් කිරීමට තබා සිතීමටවත් නොහැකි බව, අප අපටම එවැනි දෙයක් විසඳීමට අභියෝග කල විට තේරේ.

මම ගොඩක් දේවල් කියුවත්, සිංහලයන් සතු කුමක් ගැන කතා කරනවා දැයි තවම නොකීවෙමි. ඇත්තටම මම මේ පුදුම වන්නේ සිංහලයන්ටම ආවේණික බලි තොවිල්, ගුරුකම් පුද පූජා ගැන ය. සුපුරුදු ලෙස බෞද්ධයන් (කෑ පතේ පහකරන මළයාලි දෙමළුන්) කුණුකසල එකතු කර විනාශ කරපු මේ වටිනා සිංහල උරුමය තුල තවමත් උන්ගේ දෙපා (උන්ට අත් නැත) වලින් අනා නැති සිංහල උරුමය තුලින් දුටු දෑ මගේ කතාවට මුල් විය. අද මුදලට ඕන දෙයක් කරන්න පුළුවන් යයි කියන සිංහල කතා කරන දෙමළුන් (බෞද්ධයන්) කියන බූරු කතා මෙයට අයත් නොවේ. මලයාලි, කේරල, දෙමළ සංක්‍රමණිකයන් ගෙනා කුණු ගැන ද නොවේ. එසේ නම් කුමක් ගැන ද මේ මම කියන්නේ?

මම කියන්නේ වෛවාරණ වෙස් ගෙන, රෙදි ඇඳන්, පන්දම් කරකවමින් සිංහල බෙර පදයට ගයමින් නටමින් කරන අරුම පුදුම ක්‍රියාවන් ගැන ය. සිංහල බෙරය කිව්වේ හින්දු දෙමළ වසලයන් යක් බෙරය කියන එකට ය. එය සිංහල භාෂා උච්චාරණයට සරිලන එකම වාදක භාණ්ඩයයි. අද ඇති බොරු සිංහල උරුමයක් පැළඳූ ගැට බෙරයත්, ඒකෙන් නැගෙන දර පලනවා වැනි කර්කෂ හඬත්, ඊට සරිලන වඳුරු පැනිල්ලත් කේරලයෙන් ගෙනාවේ වඳුරු/දෙමළසිංහ ගෝතයන් තුටු කිරීමට මිස, සිංහලකම රැකීමට නොවේ. ඊ ළඟට, සිංහල වචන තුලින් ගයන හඬ මිස, නොතේරෙන අණ්ඩරදෙමළ කියන මලයාලි හිඟනුන්ගෙන් පැවතෙන මලකෝලම් ගැන ද නොවේ. පැහැදිලිව කියනවා නම් මහසොහොන් සමයම වැනි විශේෂ සිංහල ක්‍රියාකාරකම් තුලින් දකින දේවල් ගැනය. තවත් විදියකින් කියනවා නම් සිංහලයන්ටම ආවේණික වූ දේවල් ගැන ය. වෙන ජාතියක් කරන දෑ හල විට මෙය දැකිය හැක.

 ඉහත කී සියලු ඵලයන් මෙතුලින් දීම කිව නොහැකි තරම් අඟනේ ය. සිතේ පළුදු නැතිකර සනීප කිරීම, විවිධ සිතුවිළි මෙන් ම අවශ්‍ය සිතුවිළි ජනනය කිරීමට හෙවත්, එවැනි සිතිවිළි අවතාරය තුල බිහිකිරීමට සාධක වන ක්‍රියාකාරකම් ද එක්තරා සුවිශේෂ රටාවකට ම කල යුතු ය. ඒ සියල්ලම මේ සුවිශේෂ සිංහල දැනුම තුල මනාව ගැබ් වී ඇත. එසේ නොවූ විට ලෙඩ උත්සන්න වෙන බව අපි දනිමු. ඒ අතින් අද බහුලව භාවිතා කරන බටහිර ක්‍රම හිසේ ඇම්මට කොට්ටය මාරු කරනවාටත් වඩා, ගතේ හැකියාවන් වස විෂ යොදා නැසීමෙන් එවැන්නක් නැති බව පෙන්වන මුලාවකි. ඊටත් වඩා භයානක වන්නේ ලෙඩාට වඩා අසාධ්‍ය ආබාධ ඇති උන් එවැනි ප්‍රතිකාර කිරීම ය. මෙහි දී බලු හිසක් යොදා පරික්ෂණ කල මානසික ආබාධිතයා සිහි විය.

මෙම සිංහල දැනුම යොදාගැනීමේ දී අඳින රෙදි පිළි තුලින් කාන්තා රූපය ගැනීම ද ඉතා වැදගත් දෙයකි. හැසිරෙන ආකාරය, කරන කියන දෑ, කරන රටාව මෙන්ම, මුල සිට අගට ඇති පිළිවෙළ ද ඉතා වැදගත් දැනුමකට බැඳී ඇත. එම දැනුම යොදන කිසිවෙකු ඒ ගැන නොදනී. දෙමළුන් ගේ (බෞද්ධයන්ගේ) කුණු දමා ඇනූ උන් ගේ පරම්පරාවම දිරාපත් වී නිකමුන් වීම ද අත්දුටු වැදගත් කරුණකි. ...

 ඉහත කී කාන්තා ඇඳුම යොදාගැනීම සුවිශේෂය. කාන්තාව යනු ජාතියක පැවැත්ම සනිටුහන් කරන මානය යි. මම ප්‍රතිචාර තුලින් ද වැදගත් කරුණු ලියන බව කියමි. http://sinha-ali.blogspot.com.au/2013/02/blog-post_20.html?showComment=1361777323745#c1804840026709699333 පුරුක තුල ලියා තැබූ "... නිශ්චිත බිහිවීම් ලෙස අප සැම විටම එහා මෙහා යන්නේ සීමිත පරාසයක විතරයි. මේ කියන වැදගත් කාරණය ගැන සිතන්න. මිනිසා බිහිවන බිජු වන ඩිම්බ බිහිවන්නේ ද ගැහැණු දරුවකුගේ බිහිවීමත් සමග ය. වැඩීමෙන් හා පරිසර බලපෑම් තුලින් ඩිම්බ වලට කිසිදු බලපෑමක් නොවේ. එසේම එම ඩිම්බ වලින් බිහිවන ගැහැණු දරුවකුගේ ඩිම්බ බිහිවන්නේ ද ගැහැණු දරුවකුගේ බිහිවීමත් සමග නිසා, ඩිම්බ වලට කාලානුරූප වෙනසක් ඇති වීමට ඉඩක් නැත. ජීවීන්ගේ පැවැත්මට, මෙය ඉතා වැදගත් කාර්යයක් කරයි. ගැහැණුන් කෙතරම් පරිත්‍යාගයක් ඒ සඳහා කරනවා දැයි කියනවා නම්, ගැහැණුන් කෙරෙහි ඇති මිනිස්කමේ ලක්ෂණ ඒ බව සනාථ කරයි. ගැහැණියක් රැකීමට පිරිමියෙකු දිවි පරදුවට තබන තරම් එම කාර්යය වැදගත් ය. ඉතිරිය ඔබට සෙවීමට භාරයි." තුල මිනිස් ජීවය නොකඩවා යන ගමනට අදාල වැදගත් තොරතුරු සැඟවී ඇත. එය කෙතරම් අප ආ ගමනට මග පෙන්නුවා ද යන්න ඉතා වැදගත් ය. මේ කතාව තුල ඩිම්බය ගැහැණියගේ චරියාව අනුව වෙනස් නොවන දෙයක් බව කියයි. ඉතිරිය තේරුම් ගැනීමත්, ගැහැණු රෙදි ඇඳීමත්, විවිධ අඟපසඟ එහා මෙහා කිරීමෙන් දෙන දේවලුත් සසඳා බලා දැන ගැනීම සිංහලයන්ගේ වගකීමයි.

මෙම බලි තොවිල් තුලින් කෙසේ අපට බලපෑම් කරයි දැයි නොදැනීම දුකකි. අප බොහෝ දත් මෙන් නොදත් දේ ග්‍රහණය කරන්නේ ඇසින් දැකීමෙන් හා කනෙන් ඇසීමෙනි. ඒ බව තහවුරු වන්නේ එයම ක්‍රියාවෙන් ඵල ගැන් වූ විටය. මේ තුල අපේ ජීවත්වීමටත් පැවැත්මටත් අඟනා සංයෝජනයක් ඇති බව නොකියා කියමි. බෞද්ධයන් වැනි විවිධාකාර දෙමළුන්, සිංහලයන් නැසීමට, මුලා කර නොමග යැවීමට යොදාගත්තේ ද මෙම සංයෝජනයන් බව තහවුරු වේ. එහෙත් ක්‍රියාවෙන් තහවුරු කිරීමේ වරදට සිංහලයන් වග කිවයුතු වන්නේ ඇත්ත නැත්තෙන් වෙන් කිරීම පොදු මෙන්ම පුද්ගල වගකීමක් ද වන නිසා ය.

මම බෞද්ධයන් ගැන කතා කලේ ලිපි කියවන ආකාරය තුලින් එවැන්නන් ද සිටින බව දකින නිසා ය. මම මේවා ලියන්නේ සිංහලයන්ට මිස බෞද්ධයන්ට නොවේ. ඔබ බෞද්ධ වූ සිංහලයෙක් නම්, එයින් මිදී තමන්ගෙ කම (සිංහලකම) දැරීමට ඇති තරම් දේ කී නිසා, තමන්ට හරිමග තෝරාගැනීමේ වගකීම දැරිය යුතුය. ඔබ සිංහල කතාකරන හින්දු අයෙකු නම් බෞද්ධකම ඔබේ කමයි. මම දැන දැනම ඔබේ කම ඔබට භාර කරමි.

ඔබ සිංහලයකු නම් "කාලීන තොරතුරු - 4" යටතේ ඇති දෑ කියවිය යුතුමය. සිංහලකම ගොඩ නැගුවේ තිරිසන්කම පෑගීමෙන් මිස, තිරිසන්කමට දරුවකු සේ සලකා වඩා හිස තබාගෙන නොවේ. එසේ කල හැටි දත්තේ වුව නොකියන්නේ තේරුම් ගැනීම ඔබේද වගකීම නිසා ය. බෞද්ධකම තුලින්, දරුවන්ට ඇතිවෙන හැඟීම් මිනීමරුවන්ට පල්හොරුන්ට පෙන්වීම ඔබට කවා ඇත. 1948 සිට අද දක්වා හින්දු බෞද්ධ ආධිපත්‍යයයට රට පමණක් නොව රටේ නම ද යටත් වී ඇත. ඒ අමන  ක්‍රියාවේ ප්‍රථිඵල අප ඇස් ඉදිරියේ ය. එකින් එක පෙන්විය යුතු නම්, ඔබට ඇත්තේ සිංහලකම නොව සමහර සත්වයන්ට ආවේණික අවතාරයන් ය. මේ ලෝකය සර්වසම්පූර්ණ ය. මරාගෙන කන්නන් ඇත. ඒකට උත්සාහයකින් තොරව ගොදුරු වන සතුන් ද එමටය. උදාහරණ ලෙස මුවන්, ගෝනුන්, හරකුන් වැනි සතුන් බෞද්ධයන් වැනි යයි කීම නිවැරදි ය. එහෙත් සිංහයන්, අලින්, නයින්, වඳුරන් සතුරා ඉදිරියේ බෞද්ධයන් ලෙස නොව, තම පැවැත්ම වෙනුවෙන් ඕන දෙයක් කරන සතුන් බව ඔබ දන්නවා ඇතැයි සිතමි. ඒ වර්ග මුසු කර තැනූ සිංහලකම මේ ලොවට සරිලන එකම නිපැයුම බව ඉතිහාසය කියයි. මම මෙසේ කීවේ මගේ ඉල්ලීමට පිටින් ගොස්, ඇහිඳ ඇහිඳ කියවන අය සිටින බව පෙනෙන නිසා ය. එහි ආදීනව තේරුම් ගත් විට පමා වැඩි යයි කියමි.

මගේ උත්සාහය ඇත්ත නැත්තෙන් වෙන් කිරීමට සිංහලයන්ට අත දීමයි. ඒ නිසා නියම මගින් පිට ගොස්, "සිංහලයන් කී රහත්වීම තුලින් බුද කෙනෙකු වී පැවැත්ම රැකීම හා හින්දූන් කී බුද්ධ කෙනෙකු වී අරහත් වී නිවන් දැකීමට යා යුතු මගවල් ගැන සරලව සිතා බලමු" යන ලිපිය තුලින් මේ දෙගොල්ලන් කරන කියන දෑ විග්‍රහ කරමි. මෙම පීලි පැනීම,  මගේ උත්සාහය සිංහලයන් සඳහා පමණක් බවට නැවත කීමට ය. බොහෝ මාතෘකා යටතේ ලිපි තොගයක් ලිවීමට හිතාගෙන සිටියත්, මම කරන දේවල් මගේ පාලනයටවත් නතු නොවන නිසා, කාලය හරහට සිටීම ගැන පුදුම නොවන්නේ අභියෝගයක් නැති තැන මම අවශ්‍ය නොවන නිසා ය. කෙසේ හෝ ඉලක්කය සපුරා ගැනීම මගේ ද අභිප්‍රාය වේ. එය සිංහලයන්ද උරුම කරගත් දෙයක් නිසා තේරුම් ගැනීම පහසු බව දනිමි. කීමට බොහෝ දේ ඇතත්, මෙය හැඳින්වීමක් ලෙස සලකමු.

එකතු කිරීම:

මේ ලිපියට අන්තර්ගත කල යුතු යයි සිතෙන වැදගත් කොටස් දෙකක් මෙසේ එකතු කරමි.

බොහෝ සිංහල වෙස්මූණු දාගත් අහිගුණ්ඨිකයන් සිතන්නේ, සියලු සිංහල දැනුම, උන් පැවතෙන හිඟනුන් සිංහලයන්ට ගෙනත් දුන් ලෙස ය. අද මෙන් අතීතයේ ද ඇඳි කිලිටු වතින් පැමිණ අතපාමින් යැපුණු හිඟනුන් ගෙනා එකම දේ උන්ගේ නීච හිඟනකම ය. සිංහලයන්ගේ මිනිස්කම තුලින් පැටව් ගසා අද මුළු රටම හිඟන පුරයක් කිරීමට නම් උන් මුල් වූ බව කිව යුතුමය. ඒ විතරක් නොව මේ වසලයන් කොතරම් අසිංහල ද කියනවා නම් කටට ආවක් ඇත්ත ලෙස දකින මානසිකයක් ඇති උන් ය. උදාහරණයක් ලෙස සිංහල අවුරුදු උළෙල පටන් ගත්තේ කාලිංග මාඝ යයි කියන තරමට තුච්ඡ වූ මේ වසලයන්, ඒ බොරුව කියන්නේ උන්ගේ වෙසක් පුරසඳ පායන දිනය සිංහල වසර ලෙස මුලා කිරීමට ය. මීට වසර තිස් දහසකටත් පෙර මහ සම්මත මනු (සුමන),ජාතිය යනු එකක්ම බව පසක් කිරීමට ඇරඹූ මේ ශ්‍රේෂ්ඨ සැමරුම, එසේ මරා දැමීමට දඟලන්නේ උන්ගේ දෙමළ උරුමය වන සිංහල ජාතිය වැනසීමේ තවත් පියවරක් ලෙස ය. සැබැවින් ම පුරසඳ ඇති දින, අඳුරේ අතපත ගාන, දේව කෝපයට ලක් වී විකල වූ මනසින් මිනිස්කම නසන අමනුෂ්‍යයන් රෝහල්ගත කර ප්‍රතිකාර කල යුතු දින ලෙස වෙන් කල යුතු ය.

එසේ නම්, මේ ලිපියට මුල් වූ අද පවතින  මානසික වෙදකමේ අංඟ කවදා සිට සිංහලයන් භාවිතා කලා දැයි ඇසිය යුතුය. මෙම ප්‍රශ්ණය නැගූ විට චක්‍ර (cycle) හතරකට පෙර යයි උත්තර ලැබුනු ආකාරය විස්තර කල නොහැකි තරම් ය. මෙහි චක්‍ර කියන්නේ වසර තිස් දහසකට ආසන්න කාලයක් ය. මහ සම්මත සුමන ආවේ ද එවැනි චක්‍රයක් ඇරඹීමට ය. මීට චක්‍ර දෙකකට පෙර, එනම් මිනිසුන් වඳ වී ගිය අවස්ථාවේ, හිරු ආවේ දරුවන් බිහි කිරීමේ හැකියාව තහවුරු කිරීමට ය. සිහ (ශිව හෝ සිංහ) ඒ කල ආ නම විය හැකි බව තහවුරු වේ. මෙම වඳ වීමට හේතුව ඉතාමත් ම ස්වාභාවික ය. එනම් කැළෑ පරිසරයෙන් මුදා ගෙන, ගෙවල් (ගුහා) තුලට කොටු වූ විට දරුඵල හීන වීම ය. මෙය සතුන් හිරකර ප්‍රදර්ශන කුටිවල දැමූ විට නිතර සිදුවන ආකාරයේ දරුඵල හීන වීමට සමාන ය. අර්ධ ජීවිත (half life) විනාශය වන ස්වාභාවික ක්‍රියා වලිය ගත් විට මෙය අප කැළෑ ජීවිතය අත හැර වසර හැට දහසකට පමණ පසු වූ බව පෙනේ. මම කියන්නට උත්සාහ කරන්නේ, මෙම සිංහල දැනුම වසර 120,000 (එක්ලක්ෂ විසි දහසකට) කට පෙර සිට ලැබුවක් බවයි. බාහිර දත්තවලට අනුව සිංහල බෙරය වසර 120,000 (එක්ලක්ෂ විසි දහසකට) කට පෙරත් පැවැති බව කියනු දුටිමි. නූතන කෙප්ප විජ්ජා උපක්‍රමවලට අනුව, අද මිනිසුන් නැටුමට, ගැයුමට පමණක් නොව ඒවා බලා තුටු වීමට යොමු කරන  ශාරීරික කොටස් එකතු වූ දින නිර්ණය කර, ඇත්ත නැත්ත ගැන සෙවිය හැක. නූතන මිනිස් හැසිරීමට මෙම පැරණි සිරිත් විරිත් කෙතරම් දායක වූවා ද යන්න අපේ ගති පැවතුම් හැදෑරූ විට තහවුරු වේ. දෙමළුන් ගෙතූ, පාලි යන නමැති, ගායනයට බර පැදි තුලින් දැනුම කට පාඩම් කිරීමට මුල් වූයේ ද, මෙම සිංහල දැනුම තුල ඇති නොයෙක් පාලි (දහඅට පාලි, ආඩාපාලි) නිසා යයි තහවුරු වේ.

එකෙක් ලෙඩ වුනාම ගමටම ප්‍රතිකාර කිරීම ද පුදුම කරවන සුළු දෙයකි. සමහර අසිංහලයන් මේ ගැන විපරිත වීම තේරුම් ගත හැක. එය ද නොදත්කම හා කැලේ ගෙවූ තනිකඩ ජීවිතය හෙවත් තමන්ට තමන්ගෙ පිහිට පමණකි යන හැඟීම නිසා ගෙතුනකි. මිනිස්කම උරුම වීමට පෙර ද, අප ස්වාභාවික උරුමයෙන් පරිපූර්ණ වූ සත්ව කොටසක් විය. එසේ නම් මිනිස්කම උරුම වීම අපට අතිරේක බරක් වීම අනිවාර්ය ය. එහෙත් අපේ ජීවය කොතරම් කාර්යක්ෂම ද කියනවා නම් අපේ සැකසීම තුල අතිරේක (excess) දේවල් කිසිත් නැත. එය වීමට නම් එවැනි දෑ ක්ෂය විය යුතුය. මෙම ක්ෂයවීම ද ඉහත කී චක්‍රයට අනුව වන බව පෙනේ. (එවැනි ක්ෂය වන ශාරීරික අංඟ දෙකක් ද අප සතු බව කියමි.) මේ අනුව මිනිස්කම උරුම වීම අපට අතිරේක බරක් වීම අනිවාර්ය නිසා, ස්වභාවයෙන්ම එය අතහැරීමට පෙළඹවීමක් තිබිය යුතු ය. මෙය එක ජීවිත කාලයකින් සිදු වන දෙයක් නොවේ. එහෙත් මෙම අත්හැරීම කොතරම් ප්‍රබල ද යන්න අත්හදා බලා දත හැක. උදාහරණ ලෙස කිලෝ හතරක් පහක් පටියකින් ඇඟට බැඳ තබා තම හැඟීම් පරික්ෂා කල විට, ක්‍රමයෙන් අපහසුකම දැඩි වී කාලය ගෙවෙන විට සිය දිවි නසන හැඟීම් ද පහල වේ (එහෙත් දරුවකු වඩාගෙන සිටින විට එය බරපතල ලෙස බල නොපාන බව ද කියමි). මෙවැනි, ස්වභාවික පරිසරය වෙනුවට කුඩා කාමරයක සිර කිරීමෙන්, ස්වදේශිකයන් දිවි නැසීමට යොමු කිරීම, සුද්දන් මිනීමරණ උපක්‍රමයක් ලෙස සකසා ඇත. අතිරේක දේවල් එතරම් බලපෑම් කරයි නම්, කාලය සමඟ මිනිස්කම අතුරුදහන් වී තිරිසනකු වීම, තේරුම් ගත හැකි, සැබෑ ලොව අද ද වෙන දෙයකි. එසේ නම් එකෙකු ගේ ලෙඩ වීම යනු තමන් වටා සිටින උන්ගේ ද යථා තත්ත්වය එළි දැකීමක් නොවේ ද? එකෙක් ලෙඩ වූ විට ගමටම ප්‍රතිකාර කිරීම් කොතරම් නිවැරදි ද? එසේම ගතට සිතට  අළුත් ජවයක්, දැනුමක් ලබාගැනීම හොඳ දෙයක් නොවේ ද? මම කෙතරම් මෙම දැනුමෙන් ඵල ප්‍රයෝජන ලබනවා දැයි කීමට බැරි තරම් ය. නිතර මේ දැනුම භාවිතයෙන් මිනිස්කම ගිලිහී ගොස් තිරිසන්කමට යොමු වීම නැවතිය හැක.


25 comments:

  1. මම මේ කතා කරන්නෙ සිංහල බෙරේ ගසමින්, නටමින්, තාලයට කියමින් කරන තොවිල්, පේ වීම්, ගම්මඩු, සන්නි වැනි සිංහලයන්ටම සුවිශේෂ අනඟි දැනුම ගැනයි. මේවා ගැන හැඟීමක් නැති නම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන හැඟීමක් නැති නම්, එවැන්නන් සිංහලයන් නොව සිංහල කතා කරන සංක්‍රමණිකයන් ය. කැලේ සිටි තිරිසන් සත්ව වර්ගයක් අද ගෙවන මිනිස් දිවිය දක්වා තල්ලු කලේ මේ දැනුම තුල අන්තර්ගත උපක්‍රම වලිනි. එසේ නොවන්නට අද ද අප ස්වාභාවික හැඟීමෙන් පමණක් පාලනය වන තිරිසනුන් වනු ඇත.

    ReplyDelete
  2. කැඩුණු අස්ථි පැය දෙකෙන් හදන විශ්මිත කර්ම වෙදකම


    පැරැණි වෙද පරපුරේ වෙද කමත් පැරණි ශාස්ත‍්‍රයත් ආරක්ෂාකරගත් එමෙන්ම ඒ හැකියාවෙන් පිරිපුන් අපූරු තරුණයකු ගාල්ලේ කීඹියේ සිය පරපුරෙන් උරුම වූ අතීත වෙදගෙදර තවමත් ජීවමානව පවත්වාගෙන යන්නේ ලොවට වැඩ සලසමිනි.


    තවමත් 36 හැවිරිදි වියේ පසුවන නන්දසිරි වික‍්‍රමනායක ආරච්චි මහතා ඒ අභිමානවත් හෙළ සිංහල වෙද පරපුරේ ඔහු දන්නා පරිදි හයවැනි පරම්පරාවයි.
    කැඩුණු පා ඇටයක් හෝ අත් ඇටයක් පැයකින්, පැය දෙකකින් හෝ පැය හැටකින් හෝ දින ගණනකින් හෝ යළි තිබූ ආකාරයටම පිළිසකර කිරීමේ හැකියාව ඔහුට ද තිබේ.







    දක්ෂිණ ලංකාවේ උළු පට්ටලේ ගෙදර යනුවෙන් චිර ප‍්‍රසිද්ධියක් උසුළන මේ වෙද ගෙදර අතීතය දිව යන්නේ තොටගමුව මහ පිරිවෙන ශී‍්‍ර විභූතියෙන් විරාජමානව තිබූ යුගයටය. එකළ එම පිරිවෙන ආශි‍්‍රතව කි‍්‍රයාත්මක වූ භාෂා හා ශිල්ප ශාස්ත‍්‍ර බෙදාදීමේ මධ්‍යස්ථානයෙන් කැඩුම් බිඳුම් වෙදකම ඉගෙන ගත් වික‍්‍රමනායක ආරච්චි නම් වෙද මහතෙක් කීඹියේ තරුණියක් හා විවාහ වී එම ගමේ පදිංචියට පැමිණෙන්නේ උ`එ පට්ටලේ ගෙදර වෙද පරපුර ආරම්භ කරමිනි.
    ගාල්ලේ සිට මාපලගම මාර්ගයේ පැමිණ හිරිගල්කැටිය හන්දියෙන් හැරී කිලෝ මීටර තුනක් පමණ ගමන්ගත් විට මැද කීඹීයේ උළුපට්ටලේ ගෙදර හමුවෙයි.
    උළු පට්ටලේ ගෙදර අන්ද්‍රයස් වික‍්‍රමනායක ආරච්චි වෙද මහතාටත් ඔහුගේ බිරිඳ වූ නබඳව විතානගේ කුසුමලතා මහත්මියටත් දියණියන් දෙදෙනකි. ඉන් අනතුරුව තුන්වැනි දරුවා ලෙස 1976 අගෝස්තු 25 වැනි දින පුත් කුමරකු උපත ලබන්නේ වෙදකම ඉදිරියට රැුගෙන යාමේ අන්ද්‍රයස් වෙද මහතාගේ බලාපොරොත්තු ඉහළ නංවමිනි. මේ කුමරු නන්දසිරි නම් වූවේය.


    බද්දේගම කි‍්‍රස්තුදේව පිරිමි විද්‍යාලයේ අධ්‍යාපනයට ගිය නන්දසිරි නිවසේ සිටින සෑම මොහොතකම සිය පියාගේ වෙද කමට හෙද කමෙන් සහය වූයේ එය මනාව අධ්‍යයනය කරමිනි. පාඩම් පොත්වලට අමතරව පැරණි වෙද පොත් කියවීමටත් ඔහු කාලය ගත කළේ ඒ පිළිබඳව තිබූ නොනිමි ආශාව හේතුවෙනි.
    ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරූ නන්දසිරි පාසල් අධ්‍යාපනය හදාරා අවසන් වනවිටම වෙදකමට බැස්සේ පියා ජීවත්ව සිටියදීම ඔහුට යෝද ශක්තියක් වෙමිනි. ඔහුගේ වැඩිමහල් සොහොයුරිය කුසුමා වික‍්‍රමනායක ආරච්චි තරුණිය ද සොහොයුරා සමග වෙදකම ආරම්භ කළාය. contd..

    ReplyDelete
  3. ඔවුන්ගේ වෙදකම වූයේ සිංහල කැඩුම් බිඳුම් වෙදකමයි. ඊට අමතරව පීනස සුව කිරීම, නහරගත ආබාධ සුව කිරීම හා කාන්තා රෝග සුවපත් කිරීමත් පරපුරෙන් පැවත ආවේය. එහෙත් ඒ සියල්ල අභිබවමින් මතුවී තිබෙන්නේ විශේෂඥ විෂයක් වූ කැඩුම් බිඳුම් වෙදකමයි.
    සිය පිය පරපුරෙන් ලැබුණු පැරණි පුස්කොළ පොත් ඇතුළු වෙද පොත් රැුසක් ද පැරණි වෙද වට්ටෝරු ද ඔහු අධ්‍යයනය කළේය. එමෙන්ම වර්තමානයේ බටහිර වෛද්‍ය ක‍්‍රමය අනුව ප‍්‍රතිකාර ලබාගන්නා රෝගීන් එම ප‍්‍රතිකාරවලින් සුවපත් නොවී ඔහු සොයා පැමිණෙන විට ඒවා යළි සැකසීමේ ක‍්‍රමවේදයන් ද අධ්‍යයනය කිරීමට ඔහුටත් සොහොයුරියටත් සිදුව තිබේ.
    වික‍්‍රමනායක ආරච්චි මහතා පවසන්නේ වර්තමානයේ වෙදකමට ඇති ප‍්‍රධානතම බාධකය අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය නොමැති වීම බවයි.
    උළු පට්ටලේ ගෙදර වෙද පරපුර කැඩුණු අස්ථියක් පැයකින් බද්ධ කිරීමට සමත්කම් දැකුවූහ. එක් පෑ සන්ධි, දෙපෑ සන්ධි, තුන්පෑ සන්ධි, හත්පෑ සන්ධි, හැට පෑ සන්ධි යනුවෙන් අස්ථි සවිකිරීමට ගතවන කාලය අනුව බෙහෙත් වර්ග තිබෙන බව වික‍්‍රමනායක ආරච්චි මහතා පවසයි.
    ඔහු පවසන්නේ පැයකින් අස්ථි සවිකිරීමට නම් ඇතකුට පන තිබියදී හෝ මියගිය වහාම දළයෙන් ගන්නා කුඩු භාවිතා කිරීමට සිදුවන බවයි. එමෙන්ම උරුලෑවාගේ උකුල් ඇටයෙන් ගන්නා කුඩු ද මෙැවිනි අස්ථි බිඳුම් සඳහා භාවිතා කළ බව මේ තරුණ වෙද මහතා අප සමග කීවේය. ඔහු පවසන්නේ මිහිමත ජීවත්වන සතුන් අතරින් අස්ථිවල වැඩිම කැල්සියම් ප‍්‍රතිශතයක් ඇත්තේ උරුලෑවාගේ අස්ථිවල බව සිංහල වෙදකමේ පිළිගැනීමක් තිබෙන බවයි.
    ‘‘ එදා සිංහල වෙදකමට අනුව අවශ්‍ය වූ ඇත් දළ කුඩු, උරුලෑවාගේ අස්ථි කුඩු සහ ගව අඃ, හරක් අඃ ආදිය අද සොයා ගන්න දැන් හැකියාවක් නැහැ. ඒ නිසා පැයෙන් දෙකෙන් අස්ථි පිළිසකර කිරීමේ වෙදකම කිරීමනම් අපහසු දෙයක්. අපි දැන් කරන්නේ ගස්වල පොතු, කොළ ආදී පස් පංගුව යොදාගෙන අස්ථි වෙදකම කිරීමයි. ඒ සඳහා යම් කාලයක් ගතවනවා.’’ contd..

    ReplyDelete
  4. බටහිර වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණු වුවද අස්ථි සම්බන්ධයෙන් නම් ශී‍්‍ර ලංකාවේ බහුතර ජනතාවක් තවමත් විශ්වාස තබන්නේ පැරණි සිංහල අස්ථි වෙදකමට බව නොරහසකි. ඇටයක් කැඩුණු විට, උළුක්කුවක් හෝ පෙරළීමක් සිදුවූ විට සිංහල වෙද මහත්තයකු සොයා යා යුතු යැයි සිතිවිල්ලක් බොහෝ අය තුළ තිබේ. එහෙත් ඕනෑම අයකු අනතුරකදී කෙලින්ම යන්නේ රජයේ රෝහලටය. එහි ගිය විට යළි සිංහල වෙද ගෙදරට යාමට සිදුවන්නේ රෝගියාගේ කැමැත්තෙන් හෙවත් බලෙන් ටිකට් කපාගෙනය.
    ‘‘ බටහිර වෙදකම අනුව අස්ථි යළි සකස්කැර ගන්න ගිහින් ප්ලාස්ටර් දාගෙන, ඇණ සවිකරලා, එහෙමත් නැත්නම් අධාරක තහඩු ශරීරය ඇතුළට සවිකරගෙන පවා අවසානයේ අපේ ළ`ගට එනවා. ඇතැම් ඇයගේ අත පය ඇද වෙලා නැත්නම් කොට වෙලා සදාකාලික ආබාධිතයන් බවට පත්වෙලා තමයි එන්නේ. එවැනි රෝගීන් සුවකරන්න බැරි මට්ටමටම ආවට පස්සේ අපි ළගට එනවා. ඒත් අස්ථියක් කැඩුණු අළුතම අපි ළගට එනවානම් ඕනෑම ආකාරයක කෙනෙක් සුවපත් කිරීමේ හැකියාව අපට තිබෙනවා. ’’
    වික‍්‍රමනායක ආරච්චි මහතා පවසන්නේ තම පියාගේ කාලයේ අකුරටියේ අමරවංශ හිමියන්ට අසීරු ප‍්‍රතිකාරයක් කැර ඇති බවයි. ඒ හිමියන් සහ ගනේගම සරණංකර හිමියන් වරක් රිය අනතුරකට ලක්ව තිබේ. එයින් බරපතළ තුවාල ලැබූ අකුරටියේ අමරවංශ හිමියන් මාර්ගයේ පසෙක හාන්සිකොට තබා ඇත්තේ ඒ හිමියන් අපවත්වී ඇතැයි සිතමිනි. ඒ අවස්ථාවේ හිමියන්ගේ පාදයක් යන්තමින් සෙළවෙන ආකාරය යමකු දැකීම හේතුවෙන් උන්වහන්සේ වහාම රෝහල්ගත කැරුණි.
    වෛද්‍යවරුන් පැවසුවේ ස්ථාන කිහිපයකින් කැඞී ගිය හිමියන්ගේ පාදය කිසිදා සුව කළ නොහැකි වනු ඇති බවයි. අවිදීමට පමණක් නොව ඇඳෙන් බැසීමට පවා නොහැකිව සිටි අමරවංශ හිමියන්ට පිහිටට ආවේ වික‍්‍රමාරච්චි මහතාගේ පියා සහ ඔහුගේ සොහොයුරෙකි. මේ දෙදෙනා ගොස් විද්‍යාලෝක පිරිවෙනේ දී අමරවංශ හිමියන්ට ප‍්‍රතිකාර කළහ. කිසිදා පය බිමතබා ඇවිදීමට නොහැකි වනු ඇතැයි වෛද්‍යවරු කියා සිටි අමරවංශ හිමියෝ දින 13 න් පාද බිම තැබූහ. මාසයක් ගතවීමට පෙර ඇවිද ගියහ. contd..

    ReplyDelete
  5. තවත් බරපතළ රෝගියකු වූයේ බද්දේගම මාකුරුගොඩ ප‍්‍රදේශයේ නාවික හමුදා සෙබළෙකි. දබරයකදී ඔහු යකඩ පොලූ වලින් පහරකා ආබාධිත වී සිටියේය. රෝහලට ගෙන යන විට ඔහුගේ එක්පාදයක දිවිත්ව අස්ථියක් කැඞී ගොස් තිබේ. එහි ඇතුළත කුහරයක් ද හටගෙන තිබිණි.
    ‘‘ අපෙ තාත්තා ඒ කුහරයට බෙහෙත් තෙල් කාලක් විතර පුරවනවා. මාස එකහමාරක් ප‍්‍රතිකාර කරනකොට ඒ ඇට පෑහිලා කුහරය නොපෙනී ගියා රෝගියා ටික දිනකින්ම සුව වුණා. ඒ කාලේනම් වැඩිපුරම එන්නේ ගස්වලින් වැටිලා එන කට්ටිය දැන් එන්නේ රිය අනතුරු වලට ලක්වීමෙන් අත් පා අහිමි වූ පිරිස. නමුත් අද ඒ තත්ත්වය වෙනස්වෙලා දැන් වැඩිපුරම එන්නේ රිය අනතුරුවලට ලක්වූ අය. ඇතැම් අය එනවිට කකුලේ විශාල තුවලා පවා තියෙනවා. මේ තුවාල සුවපත් කිරීමේ හැකියාව අපේ වෙද පරපුරෙන් උරුම වුණත්. දැන් ඒවාට අවශ්‍ය බෙහෙත් වර්ග සොයා ගැනීම ඉතාමත්ම අපහහසුයි. ඒ නිසා දැන් එවැනි තුවාල ඉක්මණින් සුවපත් කරන ආලේපන වර්ග සකස් කරන්නේ නැහැ. ’’
    වෙද මහතා පවසන්නේ සිංහල වෙදකමට අනුව ඉතාමත් අත්‍යාවශ්‍ය ඖෂධයක් වන කලාඳුරු පවා නොමැති බවයි. කෘෂි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් එවැනි ශාක සොයාගත නොහැකි වීම සිංහල වෙදකමට බරපතළ හානියක් බව ද හෙතෙම කියයි. මුවකීරිය, ලූණු වරණ වැනි අස්ථි පෑහීමට ගන්නා ශාක වර්ග මෙන්ම රත්නෙටොල් ද සොයා ගැනීම ඉතාමත්ම අසීරු වී තිබේ. අස්ථි බිඳුම් සඳහා ඖෂධ සෑදීමට යොදා ගන්නා ගොනිකා කොල මේ වනවිට සොයා ගැනීමට නොහැකි තරමටම වඳවී ගොසිනි. වෙද මහතා පවසන්නේ ගොනිකා කොළ වෙනුවට වෙනත් ආදේශක යොදා ගන්නා බවයි.
    තෙල්, ගුලි, කල්ක , චූර්ණ ආදී සියල්ල සකසන උළුපට්ටලේ ගෙදර අතීතයේ සිට භාවිතා කළ සමපාක හෙවත් හිසෙන් ඉහළ ගල්වන තෙල්, කරපාක හෙවත් හිසෙන් පහළ ගල්වන තෙල් හා ශරීර අභයන්තරයට ගල්වන තෙල් වර්ග තුනකි. වර්තමානයේ ඒවා සකසා ගන්නේ ද වෙද මහතාගේ පූර්ණ අධීක්ෂණයෙනි.
    ‘‘ අස්ථියක් බිඳෙනවිට අස්ථිය සමග එන ස්නායු බිඳීම්, අස්ථිය සමග ඇති පටක තුවාල වීම් තිබෙනවා. මේ තුවාල වේලෙන්න කසාය දෙනවා. කසාය කියන්නේ ශරීරය ඇතුළේ තුවාල වේලීම ඉක්මන් කරන්න දෙන බෙහෙතක්. මේ සිය`එ දේ යොදාගෙන තමයි අපි වෙදකම කරගෙන යන්නේ. ’’

    ReplyDelete
  6. අස්ථි කෑලි වලට කැඞී වෙන්වී ගිය ද ඒවා එකතුකොට රෝගියා යළි ඇවිද්දවීමට පවා සමත්වන මේ සිංහල වෙද මහතා පවසන්නේ ලෙඩාගේ තත්ත්වය, ඔහුගේ නිරෝගී ස්වභවාය හා ඖෂධ භාවිතා කරන පිළිවෙල හා රෝගියාට ලැබෙන සාත්තුව අනුව සුවවීමට ගතවන කාලය තීරණය වන බවයි.
    වෙද මහතා හමුවීමට ගොස් සිටි කාලයේදී අපට පෙනී ගියේ වසර ගණනාවක් පැරණි කැඩුම් බිඳුම් සහිත රෝගීන් පවා එහි ගෙන එන බවයි. එමෙන්ම උකුළු ඇටය කැඞී ගිය රෝගීන් පවා පැමිණ සුවපත් වී සිටින අයුරු ද දක්නට ලැබිණි. පාදය කපා ඉවත් කිරීමට තීරණය කැර තිබූ රෝගීන් පවා මේ වෙදගෙදරින් ප‍්‍රතිකාර ලබා ඇවිද යති.
    වෙද මහතා පවතින්නේ බොහෝ දෙනා රෝහලට ගොස් ප‍්‍රතිකාර ලබාගෙන ගැට`එ ඇතිකරගෙන එන බවයි. කකුල පසාරු කරගෙන යන උණ්ඩයක් වැනි දෙයක් පවා බෙහෙත් බැඳ ඉවත් කිරීමේ හැකියාව සිංහල වෙදකමේ තිබෙන බව ද ඔහු පවසයි.
    කකුලක හෝ අතක බිඳුණු අස්ථියක් යළි සකස් කිරීම සඳහා ශරීරයට ලෝහමය ආධාරක ඇතුළු කිරීම බටහිර වෙදකමට අනුව සිදුකරන්නකි. එසේ සිදුකළ අවස්ථාවේදී අස්ථිවලට බෙහෙත් යෙදුව ද එය සාර්ථක නොවන බව ද වෙද මහතා පවසයි. එවැනි තහඩු යොදා නොමැතිනම් වැරදි ලෙස ඇති අස්ථිය යළි බුරුල් කිරීම සඳහා හමට පිටින් බෙහෙත් බැඳ යළිත් අස්ථිය නිසි පරිදි සකස්කොට බෙහෙත් බැඳ සුවකරයි.
    උ`එපට්ටලේ ගෙදර වික‍්‍රමනායක ආරච්චි වෙද පරපුර සිංහල කැඩුම් බිඳුම් වෙදකම කරගෙන යන්නේ ව්‍යාපාරයක් ලෙසින් නොවේ. ජනතාව වෙනුවෙන් කරන සේවාවක් වෙනුවෙනි. ඔවුන් පවසන්නේ ඖෂධ සෑදීම වෙනුවෙන් වැයවන සුළු මුදලක් පමණක් තමන් අයකරන බවයි.

    ReplyDelete
  7. උදේ සිට සවස් වනතුරුම රෝගීන් විශාල පිරිසක් නිරන්තරවම පැමිණෙන මේ වෙද ගෙදර නිතරම පිරී ගොසිනි. තරුණ පරපුර සිංහල වෙදකමෙන් ඈත්වන යුගයක එය තම උරුමය පමණක් නොව යුතුකම ද ලෙස සළකා එහිම යෙදී සිටින නන්දසිරි වික‍්‍රමාරච්චි වෙද මහතා සිය ජීවනෝපාය සොයා ගන්නේ ඉඩම් වගා කිරීමෙනි. ඒ වෙනුවෙන් ඔහු කාලය කලමණාකරණය කරගන්නේ අසීරුවෙනි. ඔහු පවසන්නේ තම පරපුරෙන් උරුම වූ සිංහල වෙදකම තවත් සියවස් ගණනක්කල් නොනැසී පවත්වාගැනීම තම යුතුකම හා වගකීම වන බවයි.

    විශේෂ ස්තූතිය අක්මීමණ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතාට

    ReplyDelete
  8. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ අභියෝගය භාර ගනිමින් ගුරුකම් දන්නා පොඩි හාමුදුරු නමක් මව්බිම පුවත් පතට ලබා දී ඇති අදහස් ඇතුලත් ලිපිය පහත පරිදි වේ.
    ගුරුකම පූජනීයයි. ඒ පූජනීය ගුරුකමෙන් කළ යුත්තේ පූජනීය දේවල් විතරයි. එතකොට මොනවද මේ පූජනීය දේවල්. ඒ තමයි යහපත. මේ යහපත කවුරු වෙනුවෙන්ද? සියලු සතා, සිවුපාවුන්, ගහකොළ සඳහායි. ඒකෙ තේරුම ජීවත් කරවීමයි.
    මේ විදියට ජීවත් කරවන්න ඕන වෙන්නෙ කවුද?
    ජීවිතය අපහසුවෙන් ගෙවන අය.එහෙනම් අපි පිළිගත යුතු එක් කරුණක් තිබෙනවා. ඒ මෙලොව ඇති යම් ශාස්ත්‍රයක් වේද, ඒ ශාස්ත්‍රය තුළ යම් ක්‍රියාවක් වේද, ඒ යම් ක්‍රියාව ක්‍රියාත්මක වේද, ක්‍රියාත්මක කරවන්නේද, එසේ කරන සියල්ල අර මුලින් කිව් සතා, සීපාවා ගහකොළ ජීවත් කරවන්නක් විය යුතුයි.
    මේ දේ අපිට කියාදුන්නෙ අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ. මම උන්වහන්සේගේ බුද්ධ පුත්‍රයෙක්. උන්වහන්සේ ලෝ සත වෙත සෙත සඳහා දෙසාහළ වදාළ බුදුමඟ, බුද්ධ ධර්මය ඇසුරෙන් ජීවිතය දිනුවෙක්.
    මම එහෙම කියන කොට ගොඩාක් දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙ මේකයි.
    බුද්ධ පුත්‍රයෙක් වෙලත් ඇයි ඔබ වහන්සේ ගුරුකම් කරන්නේ.
    මට ඒකට දෙන්න තියෙන්නෙ සරල පිළිතුරක්.
    මගේ මතය නම් ගුරුකම යහපත සඳහා තියෙන්නක් නම්, ඒ යහපතින් ලෝසත වෙතට සෙත සැලසීමේ වරදක් නැත යන්නයි.මම බුද්ධ පුත්‍රයෙක් විදියට බුදු දහමින් ලෝකය සනසනවා වගේම ගුරුකම්වලිනුත් ලෝකය සනසනවා. ඒ සනසන ලෝකයේ සියලු සත්ත්වයන් දුක් කරදරවලින් යම් තරමකට අත් මිදෙනවා නම් එයයි මගේ සැපත.
    ඇයි ගුරුකම ඕන වෙන්නෙ කියලා ඇහුවොත් ඒකට දෙන්න තියෙන එකම උත්තරය තමයි ඇයි මිනිසුන් ගුරුකම ඉල්ලන්නෙ කියන එක.
    මේ පංචේන්ද්‍රිය ඇතුළෙ එක එක ලෙඩ රෝග තියෙනවා කියන එක ඇත්තක්. මේ ලෙඩ රෝග කොටස් දෙකයි. එකක් මානසික රෝග. අනෙක කායික රෝග. මේ ශරීරය ඇතුළෙ එක එක ලෙඩ හැදෙන්න පටන් ගත්තම මේ ලෝකය පුරා අතීතයේ වැඩ වාසය කරපු සෘෂිවරු ඒ ගැන සොයා බැලුවා. ඒකට උත්තර හෙව්වා. ඒ ලෙඩ රෝග සමනය කරන්න ප්‍රතිකාර හෙව්වා.

    ReplyDelete
  9. මේ ඒ ගැන පුංචි උදාහරණයක්.

    වරක් ආනන්ද හාමුදුරුවන්ට රොඩී බන්ධනයක් කළා පිණ්ඩපාතෙ වඩිද්දී. ආනන්ද හාමුදුරුවො එක ගෙදරකට ගිහින් පිපාසය සිංසිඳුවා ගන්න පැන් වීදුරුවක් ඉල්ලුවා. ඒ වෙලාවේ ඒ ගෙදර හිටියා ලස්සන තරුණ ගැහැනු ළමයෙක්. මේ දැරියට ආනන්ද හාමුදුරුවො ගැන ආසාවක් ඇති වුණා. ඇය එහෙම හිතද්දී ආනන්ද හාමුදුරුවො වතුර වීදුරුව බීලා ආපසු වැඩියා. ඒ අතරෙ ඇය අම්මා ආවට පස්සේ මේ විස්තරය කිව්වා. එතැනදී අම්මා දූගෙන් බේරෙන්න බැරිව රොඩී බන්ධනයක් කළා. ඒ බන්ධනේට කියන්නෙ නීචකුල බන්ධනය කියලා. මේක බුදුහාමුදුරුවො දිවැසින් දැක්කා. ඊට පස්සේ බුදු හාමුදුරුවො ඒ බන්ධනය කැඩුවා. ඒ ජලනන්දන පිරිත සජ්ජායනා කිරීමෙන්. ඊට පස්සෙ ඒ බන්ධනේ වැඩ කළේ නෑ.

    මිනිස් ජීවිතවලට කරදර එන්නෙ මෙන්න මේ විදියට. ඒ එන කරදරවලට එක එක කාලෙට දැනුම් තේරුම් ඇති අය, පර්යේෂකයො එකතුවෙලා යම් යම් උත්තර, ප්‍රතිකාර කරනවා. ඒකට මේ මිනිස් සමාජය දියුණුද, නොදියුණුද කියන එක ප්‍රශ්නයක් නෑ.

    මේ මිනිසුන්ට නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගවලින් සිදුවන කරදර අනතුරුවලට පිහිටක් වෙන්න තමයි ඒ කාලයේ හිටිය සෘෂිවරු තනි තනිව සාමූහිකව මේ මන්ත්‍ර ශාස්ත්‍රය සොයාගත්තෙ. මේක අපිට අර්ථ ගන්වන්න පුළුවන් මේ විදියට. හැමදෙනාගේම පිහිට සඳහාත්, තමන්ගෙ ආරක්‍ෂාව සඳහාත් යොදා ගන්නා ක්‍රමයක් විදියට.

    මේ මන්ත්‍ර ශාස්ත්‍රය මුලින්ම තිබුණෙ මුඛ පරම්පරානුගතව. ඊට පස්සෙයි ඒක ලිඛිත භාෂාවෙන් සටහන් වුණේ. මන්ත්‍ර ශාස්ත්‍රයෙ වැදගත්ම දේ තමයි පළමු වරට ලියැවුණු භාෂාවෙන්ම එය භාවිත කිරීම. ඒකත් මන්ත්‍ර ශාස්ත්‍රයේ එක්තරා ගුරු මුෂ්ටියක්.
    අනුන්ට පිහිටක් වෙනවා කියන්නේ කෙනකුගේ කරදරේකට පිහිට වීම. පුංචි උදාහරණයක් ගත්තොත් බඩේ රුදාවක් අල්ලපු කෙනෙක් මං ගාවට ආවොත් කරන පළමු සරල ප්‍රතිකාරය තමයි දෙහි ගෙඩියක් මතුරලා දීම. ඒක එච්චරයි. ආයි ජීවිතේටවත් බඩේ කැක්කුමක් මතුවෙන්නෙ නෑ. මෙතැන දෙහි ඉස්ම වුණේ බඩට ඇතුළුවන ද්‍රාවණයක්. මැතිරිල්ල වුණේ අදාළ මන්ත්‍රය. බලය වුණේ ස්වර රටාව බල පිහිටුවීම.


    සමහර අයට යටිපතුල් දැවිල්ල හැදෙනවා. ඇඟපතේ වේදනාව ඇතිවෙනවා. ඇඟ නිතරම උෂ්ණයි. පරීක්‍ෂා කරලා බැලුවාම කිසිම ලෙඩක් නෑ. නමුත් ඇඟ පිච්චෙනවා.
    තවත් සමහර අය ලෙඩට බෙහෙත් බොනවා. ගුදම් ගණන් බොනවා. ලෙඩේ අඩුවෙන්නේ නෑ. එහෙම අය ඇවිල්ලා කියන්නෙ කොච්චර බෙහෙත් බිව්වත් බෙහෙත් ඇඟට අහන්නෙ නෑ කියලා.


    මේ වගේ අයටත් තියෙන්නෙ ඉතා සරල පුංචි ප්‍රතිකාරයක්. මම ඉස්සෙල්ලම කරන්නෙ ඇඟේ තුන්‍ෙදාස් අයින් කිරීම. ඊට පස්සේ ඇඟට බෙහෙත් අහන විදියට මං ඉගෙන ගත්තු ශාස්ත්‍රයෙන් පිහිටක් ලබාදෙනවා. ආයිත් කවදාවත් ඒ අයට ඒ රෝගය මතුවෙන්නෙ නෑ. ඇඟට බෙහෙත් නාහා ඉන්නෙත් නෑ.


    ඒ මං කිව්වෙ අන් අයගේ ආරක්‍ෂාවට මේ ශාස්ත්‍රය යොදාගන්න පුළුවන් ඉතා සරල ක්‍රම දෙකක්. මේ මම කියන්න යන්නෙ ඒ ශාස්ත්‍රයම මට ආරක්‍ෂාවට, පිහිටට යොදාගන්නා ආකාරය ගැන.

    ReplyDelete
  10. අපි හිතමු කවුරුහරි කෙනෙක් පිරිසක් මට පහරදෙන්න ආවොත් මටත් කේන්ති යෑම වළක්වන්න බෑ. ඒ වුණාට එහෙම කේන්ති ගියාට, ඒ කේන්තිය තුළින් යමක් ක්‍රියාත්මක කරන්න කලින් මට ශාස්ත්‍රයෙන් ඒ සඳහා අවසර ගන්න ඕන. ඒ අවසරය තමයි මේ මම කරන්න යන දේ හුදෙක් මගේ ආරක්‍ෂාව සඳහාත්, මගෙන් තමන්ගෙ ජීවිතවලට පිහිටක් ලබාගැනීමට ඉන්න අයට පිහිට ලබාදෙන මාර්ගයක් පමණක් බව සිතීම.
    මේ ශාස්ත්‍රයේම අපට දීලා තියෙනවා උඹත් පරිස්සම් වෙයං කියලා ලබාදීපු ගුරු මුෂ්ටි වරමක්. මේ ගුරු මුෂ්ටි වරම අපිට හිතෙන හිතෙන විදියට පාවිච්චි කරන්න බෑ. ඒකට හේතුවක් තමයි සාධාරණ හේතුවක් නැතුව පාවිච්චි කළොත් ඒකෙ බලය නොපිහිටින එක.
    පළමුවැනි පියවර තමයි ඕනම කෙනෙක් එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳීම. ඒකත් කරන්න බැරි නම් තමයි අපිට ඉන් එහාට යන්න වෙන්නෙ. එතැනදි අපි කරන්නෙ ගුරුකමේ බලයෙන් අදාළ කෙනාගේ සිතිවිලි පාලනය කිරීම. ඔහු යහමඟට ගැනීම. ඒ මොහොතේ හිතට පහළ වූ නරක, නපුරු සිතිවිලි වෙනුවට මෛත්‍රි, කරුණා සිතිවිලි සිතට පහළ කරවීම. මේක මං ඉගෙන ගත්තු ගුරුකමේ සත්ත පෙන්නන හාස්කමක්.
    මේ වගේ වෙලාවක මේ ශාස්ත්‍රයේම තියෙනවා එක් ගුරුකමක්. ඒකට කියන්නේ කාලම් පිඹිනවා කියලා. මේ ගුරුකම පරම්පරාගත එකක්.
    මේ ගුරුකමට ගම්මිරිස් ගහකින් නෑඹුල් ගම්මිරිස් ඇටයක් කඩාගන්න ඕන. ඊළඟට මොකක් හරි තමන්ට කරදරයක් එනව නම් කරන්න තියෙන්නෙ ඉතා පුංචි දෙයක්. ඒක තමයි ගම්මිරිස් ඇටේ කටේ දාලා හපන එක. මේ විදියට විකලා සුළඟ හමන අතට කටින් පිඹිනවා. මේක කරන්න ඕන හැම තිස්සෙම සුළඟ හමන අතට. සුළං පාරට විරුද්ධව කෙරුවොත් ඒ කාලම ආපසු සුළඟත් එක්කම ඇවිත් තමන්ටම වදිනවා. එතකොට ඒක තමන්ටම කරගත්තු කොඩිවිනයක් වෙනවා.
    මෙතැනදී කියන්න ඕන දෙයක් තියෙනවා. මේ ගම්මිරිස් ඇටේ ඒ දේ කරන්න ඉස්සෙල්ලා ජීවම් කරගන්න ඕන ඒකට තියෙන මන්තරේකින්. ඉස්සර කාලෙ මේ විදියට ජීවම් කරගත්තු ගම්මිරිස් ඇට බුලත් පයියෙ දාගෙන හිටියා අපේ ගුරුන්නාන්සේලා. ඒ අයට මොකක් හරි කරදරයක් ආවොත් බුලත් විටක් හපනවා වගේ ගම්මිරිස් ඇටේ හපලා පිඹිනවා. මේක හරියට අද කාලෙ ආරක්‍ෂාවට ආයුධයක් අතේ තියාගෙන ඉන්නව වගේ.
    මේ විදියට කාලම් පිඹීම හින්ද ඒ කාලමට අහුවෙන පුද්ගලයා සිහිනැතුව එකපාරටම ඇදගෙන වැටෙනවා. ඊට පස්සෙ කාලම පිම්බ පුද්ගලයාට කරදරයක් නැතිව ඉවත්වෙලා යන්න පුළුවන්.
    මේ කාලම අනතුරුදායක විදියට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. කාලම් පිඹීමට අහුවෙන පුද්ගලයා අනතුරුදායක තත්ත්වයකට පත්වෙන්න ඉස්සෙල්ලා බේරාගත්තේ නැත්නම් ඊළඟ පියවරේදී එම පුද්ගලයා මරා දමන තත්ත්වයකට ගේන්නත් පුළුවන්.

    ReplyDelete
  11. මෙතැන තියෙන විශේෂ දේ මේකයි. ඕනම මන්තරේකට ඉන්නවා හතුරෙක් හෝ මිතුරෙක්. අපි මිතුරු මන්තරයක් මැතුරුවොත් ඒ මන්තරේ අඳුරගන්න පුළුවන් දක්‍ෂ මන්තරකාරයෙක් ඉන්නව නම්, එයාට පුළුවන් ඒ මිතුරු මන්තරේට හතුරු මන්තරයක් ජප කරන්න. ඒ වගේම අපි හතුරු මන්තරයක් මැතුරුවොත් ඒ මන්තරය අඳුරගන්න පුළුවන් දක්‍ෂ මන්තර කරුවෙක් හිටියොත්, එයාට පුළුවන් ඒ හතුරු මන්තරේට විරුද්ධව මිතුරු මන්තරයක් ජප කරන්න. එතැනදි කරන්න තියෙන්නේ ඒ මන්තරයෙන් පැන් ටිකක් මතුරලා ඉහින එක. එතකොට අර සිහි නැතුව වැටිච්ච පුද්ගලයා කරදරයක් නැතිව නැඟිටිනවා.
    අපි හැමෝම ආරක්‍ෂාවට යන්ත්‍ර පලඳින්න කැමැතියි. ඒකට හේතුව වෙන්නෙ අංගම්, පිල්ලුවලින් බේරෙන්න උත්සාහ කිරීම. අංගම් පිල්ලුවලින් බේරෙන යන්තරයක් කා ළඟ හරි තියෙනවා නම් ඒ අයට අංගම්, පිල්ලු වදින්නෙ නෑ. මේ ගුරුකම් සාස්තරේ හැංගිච්ච ගොඩාක් දේවල් තියෙනවා.
    මේ ගුරුකම්වල වර්ග තියෙනවා. මලයාල ගුරුකම්, රොඩී ගුරුකම් වගේ ඒවා තියෙනවා. මේ මන්තරවල තියෙනවා යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර කියලා තුන් වර්ගයක්.
    යන්තර කියන්නෙ අතින් අඳින ඒවා. තඹ කොළේ අඳින එකට තමයි යන්තර කියලා කියන්නේ.

    මන්තරේ කියන එක දිගයි. සමහර මන්තරවල එක කොටසක් පිටු එකහමාරක් විතර දිගයි. මන්තරයක් කියන්නෙ කටින් ශබ්ද නඟා නිවැරැදිව මතුරන දෙයක්.
    මේ දෙකට අමතරව තවත් දෙයක් තියෙනවා ගුරුකම්වල තන්ත්‍ර කියලා. මේ තන්තරවල හරිම කෙටියි. තියෙන්නේ වචනයයි දෙකයි. මේ තන්තර අනෙත් ඔක්කෝටම වැඩිය බලවත්. බලගතුයි.


    මෙතැනදී අපිට කාලමක් වගෙ දෙයක් පිඹින්න ඕන නම් අපිට ඕනවෙන්නෙ තන්තර. ඒකට හේතුව තමයි කෙටිවීම. මොකද කාලමක් පිඹිනකොට මන්තර ජප කර කර හිටියොත් අපි ගහන්න කලින් අපිට ගහලා ඉවරයි. ඒ හින්දා වචනෙන් දෙකෙන් කියන්න පුළුවන් තන්තර ඕන වෙනවා.
    මේ තුනෙන් වැඩියෙන්ම ප්‍රබල වෙන්නෙ තන්තර. ඊළඟට මන්තර. යන්ත්‍ර ප්‍රබල වෙන්නෙ ඊටත් පස්සෙ.
    මේ යන්තරවලට ගුණ දෙන ක්‍රමයක් තියෙනවා. එතැනදී අපි කරුණු කිහිපයක් ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඉස්සෙල්ලම යන්තරය අඳින්න සුබ හෝරාවක් තෝර ගන්න ඕන. ඒ වගේම දවසකුත් තියෙනවා. ඒක කේන්දරේට අනුව බලන්නත් පුළුවන්. කේන්දරේ නැතුවත් බලන්න පුළුවන්. එතකොට හෝරාව තෝර ගන්න ඕන. ඒ තෝරගත්තු සුබ හෝරාවෙන් අඳින්න ඕන. ඊළඟට යන්තරය අඳින පුද්ගලයාගෙන් වෙන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා.
    මෙතැනදී යන්තරේ පළල වගේ පස් ගුණයක් දිග ගන්න ඕන. මේ විදියට කළොත් තමයි යන්තරේ බලය එන්නේ. ඊට පස්සෙ රේඛා අඳින්න ඕන. ඒ අඳින හැම රේඛාවක්ම ද්විත්ව රේඛා වෙන්න ඕන. ඒ කියන්නේ ඩබල් ඉරි වෙන්න ඕන. ඉරි දෙකක් කියන එකයි ඒකෙන් කියන්නෙ. මේ විදියට අඳින හැම ඉරක්ම කැපෙන්න බැහැ. නොකැපී තියෙන්න ඕන. යන්තරේ අඳිනකොට හිල්වෙන්න බෑ. මෙන්න මේ වගේ ගොඩාක් පිළිවෙත් ආරක්‍ෂා කරන්න ඕන යන්තරයක් අඳින කොට.

    ReplyDelete
  12. මන්තරයක් කියනකොට ඕනම තැනකදි ඒක කරන්න පුළුවන්. ඒකට වෙලාවක්, කාලයක් මුකුත් නෑ. නමුත් තවත් දෙයක් තියෙනවා. තටු හදලා, මල් තියලා, පිදේනි දීලා, පහන් පත්තු කරලා, කපුරු පත්තු කරලා තමයි සාමාන්‍යයෙන් මන්තරයක් කියන්නේ.
    හැබැයි තන්තරේට මේ කිසිම දෙයක් ඕන නෑ. තත්ත්පර දෙක තුනෙන් කියන්න පුළුවන්.
    පොදුවේ මිනිසුන්ට ඇතිවන ඕනෑම ප්‍රශ්නයකට මන්තර ගුරුකම්වල පිහිට ලබාගන්න පුළුවන්. එතැනදි තමන් කරන්න ඕන ඒ ගැන හිත හිත ළතවෙවී ඉන්න එක නෙවෙයි. ඉක්මනින්ම පිහිට ලබාගැනීම.
    ලෙඩට, දුකට, මනුස්ස, අමනුස්ස බියට, හදි හූනියම්, අනවින කොඩිවින, පැන්නිලි, තනිකම් දෝෂ, අපල උපද්‍රව, දරුපල අහිමි වීම වළක්වා ප්‍රතිඵල දෙන්න මන්තර ගුරුකම්වලට තියෙන හැකියාවට අභියෝග කරන්න කිසිම සාත්තරයකට බැහැ. ඒ වගේ අභියෝගයක් ආවොත් මම ඒ අභියෝගය බාර අරගෙන ඒකෙන් දිනන හැටි ඔප්පු කරන්න සූදානම්. මම මේ දේවල් කියන්නෙ මම කරපු ගුරුකම්වල අත්දුටු ප්‍රතිඵලවලින්. ඒක සත්තයි.
    කාටවත් කියන්න බෑ මේ ගුරුකම් සාස්ත්‍රය බොරුයි කියලා කියන්න. ඒ වගේම අවිස්වාස කරන්න. එහෙම කෙනෙක් ඉන්නවා නම් මං ඒ අයට කියනවා එන්න මා ළඟට. මම ඒ සත්තය පෙන්නනවා කියලා.
    මගේ ගුරුකමේ සත්ත මේකයි. මිනිහෙක්ගෙ මරණාසන්න මොහොත දක්වා මිනිසකුට අනතුරුදායක තත්ත්වයක් ලබාදීලා අවසානයේ ඒ තත්ත්වයෙන් මුදා සුවපත් කිරීම.
    ඒ වගේම පසුගිය දවස්වල මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහත්මයා ලොකු ප්‍රචාරයක් ගෙනගියා මේ ගුරුකම් ඔක්කොම බොරුවක් කියලා.
    මම මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහත්මයාට අභියෝග කරනවා. මම කියනවා මේ ගුරුකම් ඔක්කොම ඇත්තයි, සත්තයි ඒක මං ඔප්පු කරලා පෙන්වනවා කියලා.
    හැබැයි, මට එතුමා ළඟට වඩින්න බෑ. එතුමා මම ඉන්න පන්සලට ආවොත් මම එතුමාට බන්ධනයක් කරලා පෙන්නනවා උතුර දකුණ හොයාගන්න බැරිවෙන්න. නැගිටින්න බැරිවෙන්න පුටුවක වාඩිකරවන්න මට පුළුවන්.
    දැන් එතුමාට තියෙන්නේ මගේ අභියෝගය බාරගන්න එක. මොකද මං එතුමාගේ අභියෝගය බාරගත්තා. තව එකක් කියන්න ඕන. මිනිසුන් මේ වධ හිංසා බන්ධනවලින් මුදා සෙත සලසන මේ ගුරුකමේ සත්ත පෙන්නන බලයේ අභියෝගය එතුමා බාරගත්තත් පරාදයි. බාර නොගත්තත් පරාදයි. හැබැයි බාර නොගෙන පරාද වෙනවට වැඩිය බාර අරගෙන පරාද වෙන එක ගොඩක් නම්බුකාරයි.

    ReplyDelete
  13. බොහොම ඉස්සරදි මගේ ඇහැට කුඩා කෘමියෙක් විද්දා. ඇහැ රතු වෙලා දැවිල්ලයි. ඒකට බේත් කරන්නට, අපේ අම්ම මාව එක්කගෙන ගමේ වෙද ආත ගාවට ගියා. ඇස් වෙද කම දන්න නිසා ගම්මු ඔහුව හැඳින්වූයේ "ඇස් වෙද මහත්තයා" නොහොත් "ඇස්සද මහත්තය" කියලයි
    ඇහැ පරීක්ෂා කරපු ආත කළේ මගේ කකුලෙ මාපට ඇඟිල්ලේ බේතක් බැඳපු එක. මම ඇහුවා ඒ මොකටද කියල. "රංග පුතේ, ඕක තමයි ඇහේ විස බහින්න කරන පාරම්පරික බේත, වරුවකින් විස බහීවි" කියලා වෙද ආත මයෙ ඔළුව අත ගාල කිව්ව. කිව්වත් වගේ රෑ වෙනකොට ඇහේ රතුව අඩු වුණා.
    රිෆ්ලෙක්සොලොජි (සිංහලෙන් "ප්‍රතීකවේදය" විය හැකියි) ගැන සුද්දො දැන ගත්තේත් 1913 දි විලියම් ෆිට්ස්ගරල්ඩ් විසින් හඳුන්වාදීමෙන් පසුවයි. ඒත් වෙද ආත බටහිර වෛද්‍ය විද්‍යාව ගැන දන්නේ නෑ. ඒව ආතට අවුරුදු දාස් ගාණක් පාරම්පරිකව ආපු දැනුම. ඒ දැනුමෙන් මිනිස්සුන්ට සේවය කරද්දී වෙද ආත සත පහක්වත් අය කළේ නෑ, ඒත් ගමේ මිනිස්සුනම් බලෙන්ම කිරි හට්ටියක් හරි ඇම්බුන් කෙහෙල් ඇවරියක් හරි උන්දැගෙ ඇඟේ ගහලයි එන්නෙ.
    සුද්දො තාම හරියටම දන්නේ යටි පතුලේ ඒ ඒ ස්ථාන මසාජ් කරල ශරීරයේ කොටස් වලට සහනයක් ලබා දීම පමණයි. හැබැයි අර මම කියපු වෙද ආත යටි පතුලේ බෙහෙත් බැඳල ශරීරයේ නව අනූවක් ව්‍යාධීන් හොඳ කරන්නත් දැනන් හිටිය. ඒ දැනුම බිහි වුණේ කොහොමද? ඊට දෙන උත්තරේට කාලෝ ෆොන්සේකා මහතා සහ ඔහුගේ බටහිර විද්‍යාගමික අනුගාමිකයින්නම් කොක් හඬලා සිනා සේවි.
    වෙද ආත අන්තරා වෙලා දැන් දසක දෙකකටත් වැඩියි. උන්දැගෙ දරුවො වෙද කම ඉගෙන ගත්තේ නෑ, වරක් මම ඔහුගේ පුතෙක්ගෙන් ඒ ගැන ඇහුවාම, "ඩොක්ටර්ස්ලා නියමෙට බේත් කරද්දී හණ මිටි උස්සන් ඉන්න ඕනැද" කියල ඒ මාම කිව්වා. දැන් ඒ මාමලා මේ රටෙත් නෑ.
    වෙද ආත මළාට පස්සෙ වළලපු තැන වවාපු කොස් ගහ දැන් පීදිලා. වෙද ආත මැරුනට පස්සෙත් උන්දැ ගැන නොදන්න අයගේ පවා බඩගින්න නිවනවා. ඒත් ටවුමෙ ඩිස්පැන්සරියෙන් හෙම්බිරිස්සාවට බේත් ගත්තත් රු.300 යි. හෙම්බිරිස්සාව හොඳ වුණාට පස්සේ බටහිර බේත් වල සැරට උගුර වේලෙන එකට වෙනම බේත් ගන්න ඕනැ.

    ReplyDelete
  14. ඒඩ්ස්‌ (AIDS) යන කෙටි යෙදුමෙන් අර්ථවත් වන්නේ "පරිචිත ප්‍රතිශක්‌ති ඌනතා සහලක්‍ෂණය" (Aqnirev immunity Deficiency Syndrome) යන්නයි. මේ දක්‌වා මෙම වෛරසය ශරීරගත වූ සෑම පුද්ගලයකුටම මරු හා යැමට සිදුවූයේ, මේ දක්‌වා මෙම වෛරසය මගින් පහත දමන ශරීරයේ පරිචිත ප්‍රතිශක්‌තිකරණ ශක්‌තිය යළි නගාසිටුවීමට සමත් ඖෂධයක්‌ සොයා ගැනීමට මේ මිහිපිට කිසිවකු සමත් නොවුණ බැවිනි.
    එසේ වුවත් එම අඳුරු යුගය නිමා කිරීමට සමත් වන සොයා ගැනීමක්‌ පිළිබඳව පසුගියදා වාර්තා පළ වී තිබිණි. එම වාර්තාවල සඳහන් වී තිබුණේ මාරාන්තික ඩෙංගු රෝගය සඳහා ඖෂධයක්‌ සොයාගත් අම්බලන්ගොඩ, අළුත්වල තරංගා කුමාරි වික්‍රමසූරිය වෛද්‍යතුමිය විසින්ම මෙම ඖෂධය ද සොයාගෙන ඇති බවයි. තරංගා කුමාරි වික්‍රමසූරිය වෛද්‍යතුමිය විසින්ම ඒඩ්ස්‌ සඳහා ද ඖෂධයක්‌ සොයාගෙන ඇති බව සැලවූ සැනින්ම අපට නම් මෙනෙහි වූයේ ඩෙංගු සඳහා ඖෂධයක්‌ සොයා ගත් අවස්‌ථාවේදී ඒ පිළිබඳව සොයා බැලීමට ගිය අපට තමන් ඒඩ්ස්‌ වැනි රෝග සඳහා ද ඖෂධයක්‌ සොයා ගැනීමේ පර්යේෂණ කටයුතුවල නිරත වී සිටින බවට ඇය කළ ප්‍රකාශයයි.
    තරංගා වික්‍රමසූරිය වෛද්‍යතුමියම සඳහන් කරන ආකාරයට ඒඩ්ස්‌ රෝගීන් 10 දෙනකු යොදා ගනිමින් මාස 6 ක කාලයක්‌ පුරා අදාළ ඖෂධය පිළිබඳව පරීක්‍ෂණ කටයුතු සිදු කර ඇත. එම පර්යේෂණ මගින් පරිචිත ප්‍රතිශක්‌තිකරණ ශක්‌තිය පිරිහී තිබූ ඒඩ්ස්‌ රෝගීන්ගේ ප්‍රතිශක්‌තිකරණ ශක්‌තිය මසක්‌ වැනි කාලයක්‌ තුළ සියයට සියයකින්ම ඉහළ යන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇති බවත් එමෙන්ම එම පර්යේෂණ මගින් එච්.අයි.වී. පොසිටිව් තත්ත්වය මසක්‌ තුළ සියයට සියයකින්ම නෙගටිව් වන බවත්, මෙම ඖෂධය මගින් වෛරසය විනාශ කර රක්‌තානු පිරිසිදු කිරීම සිදු කරන බවත් තහවුරු වූ බවත් වෛද්‍යතුමිය පවසන්නීය.
    එසේ වුවත් තරංගා කුමාරි වික්‍රමසූරිය වෛද්‍යතුමිය අප හා වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් ප්‍රකාශ කර සිටියේ තමා විසින් සොයාගත් ඖෂධය තවදුරටත් පර්යේෂණයන්ට භාජනය කරන බවයි. ඒ යටතේ දැනට ඒඩ්ස්‌ රෝගීන් 10 දෙනකු යොදාගෙන කරන ලද පර්යේෂණ තවදුරටත් එම රෝගීන් විශාල සංඛ්‍යාවක්‌ යොදාගෙන සිදු කිරීමට අපේක්‍ෂිතය. මෙම පර්යේෂණ අභිනවයෙන් සොයාගත් ඖෂධයේ විශ්වසනීය භාවය තහවුරු කිරීම සඳහා එය අත්‍යවශ්‍ය සාධකයක්‌ ද වනවා ඇත.

    ReplyDelete
  15. කෙසේ වුවත් මෙම ඖෂධයේ විශ්වසනීය භාවය පිළිබඳව විවිධ පාර්ශ්වයන් විවිධ ප්‍රශ්න මතු කරන බව නම් පැහැදිලිය. ඩෙංගු රෝගය සඳහා ඖෂධය සොයාගත් අවස්‌ථාවේදී එම ඖෂධය ලබාගෙන සුව වූ රෝගීන් පිළිබඳව අප විමසා සිටි අවස්‌ථාවේදී, සුව වූ රෝගීන්ගේ නම් සහ ලිපින පමණක්‌ නොව දුරකථන අංක පවා ඇය විසින් අපට ලබාදුන්නාය. එම අවස්‌ථාවේදී එම ලිපින සහ දුරකථන අංක ඔස්‌සේ අප ද එම පුද්ගලයන්ගෙන් ඩෙංගු සඳහා සොයාගත් ඖෂධ පිළිබඳව විමසා සිටි අතර, ඔවුහු සෑම කෙනෙක්‌ම ඒ වෙනුවෙන් පෙනී සිටියහ.
    එහෙත් මෙම අවස්‌ථාවේදී නම් තරංගා කුමාරි වික්‍රමසූරිය වෛද්‍යතුමිය ඒඩ්ස්‌ සඳහා සොයාගත් ඖෂධය ලබාගෙන තම රෝගී තත්ත්වය සුව අතට හරවාගත් ඒඩ්ස්‌ රෝගීන් පිළිබඳව නම් අපට විමසීමේ හැකියාවක්‌ තිබුණේ නැත. ඒ ඒඩ්ස්‌ යනු බොහෝදුරට ලිංගාශ්‍රිතව බෝවන රෝගයක්‌ වන බැවින් සහ එම රෝගයට ගොදුරු වූවන් සමාජයට වසන් වී සිටීමට උත්සාහ දරන නිසාය. එබැවින් තරංගා කුමාරි වික්‍රසූරිය වෛද්‍යතුමියගේ පර්යේෂණයට භාජනය වූ ඒඩ්ස්‌ රෝගීන් පිළිබඳව අප පරීක්‍ෂා කිරීමට යැම නොකෙරෙන වැඩක්‌ බැවින් අප ඒ සඳහා වෙහෙස නොවුණෙමු.
    එසේ වුවත් මෙම කාර්යයේදී ඇයට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහයෝගය හිමි වී ඇත. එම සහයෝගය සමගින් මෙම ඖෂධය ආයුර්වේද වෛද්‍ය සභාව මගින් සහතික කර ගැනීමට ඇය සමත් වුවහොත්, මෙම ඖෂධය පිළිබඳව කුමන පාර්ශ්වයක්‌ සැකසංකා මතු කළත්, ඒ සියල්ල පහව යනවා ඇත.
    ඒඩ්ස්‌ සඳහා ප්‍රතිකාරයක්‌ සොයා ගැනීමට තරංගා කුමාරි වික්‍රමසූරිය වෛද්‍යතුමිය සාර්ථක උත්සාහයක්‌ දරා තිබෙන්නේ අනුහස්‌පාමින් සිටිනා බටහිර වෛද්‍ය ක්‍රමය, ඒඩ්ස්‌ සඳහා ප්‍රතිකාරයක්‌ සොයා ගැනීමට අසමත්ව සිටියදීය. තරංගා කුමාරි වික්‍රමසූරිය පැහැදිලිව සඳහන් කර ඇති ආකාරයට ඇය මෙම ඖෂධය සොයාගෙන ඇත්තේ සිංහල වෛද්‍ය ක්‍රමය අනුව යමින් දේශීය ඖෂධීය ශාක යොදා ගෙනය.
    ඇය ඒ සඳහා පොළඹවා ඇත්තේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව ඇයට ඇති දැනුම සහ ඇයගේ පියා සර්ප වෙදකමට දක්‌වන ලද පරිචය විසිනි.

    ReplyDelete
  16. බටහිර වෛද්‍ය විද්‍යාවේ තිබෙන්නේ ලාක්‍ෂණික ප්‍රතිකාර පමණයි. එයට වෛරස්‌ විනාශ කිරීමට බැහැ. ඒ වගේම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ද්‍රව්‍ය ගුණ විඥනය කියල එකක්‌ තිබෙනවා. ඊට අනුව කිසිදු රෝගයක්‌ සඳහා බෙහෙත් නැහැ කියල කියන්න බැරි බව පෙර අවස්‌ථාවකදී ඇය අප හා පැවසීය. ඒ අනුව යමින් සිදු කරන ලද පර්යේෂණ ඔස්‌සේම ඇය විසින් මෙම ඖෂධය ද සොයාගෙන ඇති බව පැහැදිලිය.
    කෙසේ වුවත් බටහිරයන්ට බැරි කිසිවක්‌ අපට කරන්න බැහැ කියල සිතන මිනිසුන් සිටින සමාජයක ජීවත් වන ඇය විසින් දරන ලද මෙම උත්සාහය පවා අප අගය කළ යුතුව ඇත. එය කෙසේ වුවත් ඒඩ්ස්‌ සඳහා ප්‍රතිකාරයක්‌ සොයාගෙන ඇත යන්නම බටහිර ලෝකය කලඹන ප්‍රවෘත්තියක්‌ වන බව නම් පැහැදිලිය. ඒ බටහිර ලෝකයේ බොහෝ පිරිසක්‌ ප්‍රතිකාරයක්‌ නොමැති මාරාන්තික මෙම රෝගයට ගොදුරු වී පීඩා විඳිමින් සිටින බැවිනි. රොක්‌ හඩ්සන් වැනි හොලිවුඩ් නළුවන් මෙම රෝගයට ගොදුරුව මියයැම සහ ඒ නිසාම එළිසබත් ටේලර් වැනි හොලිවුඩ් නිළියන් මෙම රෝගය නිවාරණය කිරීමේ කටයුතුවල නිරතවීම ද මෙම අවාසනාවන්ත රෝගය සඳහා සියලු දෙනාගේ අවධානය යොමු වීමට හේතුවී ඇත.
    මෙම රෝගය මාරාන්තික රෝගයක්‌ වුවත් මෙය බොහෝදුරට ලිංගාශ්‍රිතව බෝවන රෝගයක්‌ බැවින් සදාචාරය වෙනුවෙන් කටයුතු කරනා බොහෝ දෙනා මෙම රෝගය දුරාචාරයට එරෙහිව ස්‌වභාවධර්මයෙන් ලැබුණ දඬුවමක්‌ ලෙස සලකා කටයුතු කරන තත්ත්වයක්‌ ඇත. එසේ වුවත් මව් කුස තුළ සිටිනා නූපන් දරුවන්ට මෙන්ම රුධිර පාරවිලයනය මගින් පවා මෙම රෝගය බෝවිය හැකි බැවින් මෙම රෝගය දුරාචාරයට දුන් දඬුවමක්‌ සේ සලකා ඉවත බලාගෙන සිටිය නොහැක. එබැවින් ඒඩ්ස්‌ සඳහා ඖෂධයක්‌ සොයාගෙන ඇති බව දුරාචාරයේ යෙදෙන පුද්ගලයන්ට මෙන්ම සදාචාරයේ යෙදෙනා පුද්ගලයන්ට ද සතුටුදායක ප්‍රවෘත්තියක්‌ වනවා ඇත.

    එරික්‌ ගාමිණි ජිනප්‍රිය

    ReplyDelete
  17. මේ ටිකේ ලැබුණු ඉතාමත් වැදගත් ලිපි කීපයක්...සිංහල දැනුම් පද්ධතිය නොයෙකුත් බාහිර දේවලින් දූෂණය වෙලා තියනව කියලත් මේ ලිපි වලින් පැහැදිළි වෙනව...අද පවා ආයුර්වේදයෙ, ජ්‍යෝතිශයෙ මුල් පොත් පත් ගත්තම ඒවයේ සඳහන් වෙලා තියෙන්නෙ ඒ දැනුම බිහි කලේ තුන් කල් දක්නා සෘෂිවරුන් කියලයි...ඒ නමුත් දැනුම අදට පවා වැඩදායී විදියට ආරක්ෂා වී පැවතීම හරිම වැදගත්..විශේෂයෙන්ම සිංහල දැනුම යනු කුමක්දැයි බක පණ්ඩිත ප්‍රශ්න අසන නූතනවාදීන් හා කාලෝ වැනි බටහිර අනුගාමිකයින්ගේ කට වැසීමට මේ දැනුම පැවතීම හරිම වැදගත්...ඔය මන්ත්‍ර ශාස්ත්‍රය ගැන කතා කරල තිබුනෙ පොඩි හාමුදුරු කෙනෙක්..කවුරුන් හෝ වේවා සිංහලකමට එදිරිව තියන මේ මතවාද බිඳ හෙලීම ඉතා වැදගත්...

    කලින් ඩෙංගුවලට ගස් ලබු කොල ප්‍රතිකාරය සොයාගත් වෛද්‍යතුමියම තමයි ඒඩ්ස් සඳහා ප්‍රතිකාරය හොයාගෙන තියෙන්නෙත්..ඕක දැකපු එක බටහිර වෙදෙක් අහල තිබුනා ප්‍රමිතියක් නැති ඖෂධ ඖෂධ පණතට විරුද්ධව පිළිගත් සුදුසුකම් නැති කෙනෙක් බෙදා හැරීම නීති විරෝදියි කියල..මේකෙ තේරුම අපේ දැනුමෙ එදිරිවාදියො බටහිර විද්‍යාවේ සරණ යන්නන්ම බවයි...කාලෝලා, භෞතිකවාදීන්, බටහිර වෙදුන්...මුන් සියල්ලම වගකිවයුතුයි මේ රටේ සිදු වූ සාම්ප්‍රදායික දැනුමේ සංහාරයට...සිංහල දැනුම සම්බන්ධ මෙහෙව් තොරතුරු තමන් සතුව තියනවනම් සිංහලයින්ගේ දැන ගැනීම පිණිස මෙහි පළ කරන්න...

    පසුව ලියමි...ඇස් වෙදකම සිදු කල සාම්ප්‍රදායික සිංහල වෙද පවුලක වත්මන් පුරුකක් මට කීවේ ඉස්සර ඔහුගේ මුතුන් මිත්තන් ඇස් ගලවා පවා වෙදකම් කල බවට පවුලේ තොරතුරු ඇති බවයි...

    මට හිතෙන්නෙ ඔබ මේ ලිපිවලින් කී සහ මායන්වරු දැක්වූ නව යුගයක උදාව දැන් සිදුවෙමින් පවතින බවයි..නලින් මහතාද පවසනව දැන බටහිර විද්‍යාව බිඳ වැටෙන්න පටන් අරන් කියල...හැම පැත්තෙන්ම පෙනෙන්න තියෙන්නෙ ඒකයි..ඒ සියල්ල අභිභවා වෙනස්ම දැනුම් පද්ධතියක් හිස ඔසවමින් පවතිනව...

    ReplyDelete
  18. ගමේ කුස්සියට මොකද උනේ ?

    අදනම් ලෝකෙ හරි දියුණුයි. ගෙවල් දෙරවල් නවීන ඉලෙක්ට්‍රොනික් බඩුවලින් පිරිල. විනාඩි පහෙන් බත් මුට්ටියක් උනත් උයල දෙයි. විනාඩි දෙකෙන් අයිස් හදල දෙයි. අලුත් කෑමත් එමටයි. දැන් ගෙවල්වල බත් උයන‍්නෙ නෑ. උයන්නෙ “රයිස්”. මාලුපිණි උයන්නෙ නෑ. “කරි” තමයි ඉදෙන්නෙ. කපන්න කොටන්න දේවලුත් නෑ. පැගට් එක කැඩුව. වලදට දැම්ම. රසකාරක පැකට් එක ‍දැම්ම. පොල් පිටි කිරි දියකරල වැක්කෙරුව. තැම්බුව. ගිල්ල. අද ඉන්න “භාග අම්මල” හරියට ළමයි දහයක් වැදුව වගේ. හැරෙන්න, පෙරලෙන්න, නැමෙන්න කැමති නෑ. හරියට අර චීන ඊරියො වගේ. මනුස්සය කීය හරි ගෙනත් දුන්නම ත්‍රීවීල් එකට කියල ගෑස් එක ගෙන්න ගන්නව. රයිස්කුකර්ථ ටොස්ටර්, බ්ලෙන්ඩර්, අවන්, අරව මේව ඔක්කොම ප්ලග් වලට ගහනව. හරියට ගරාජ්එකක් වගේ කුස්සිය. ඉතින් මොනව හරි කඩෙන් ගේන වහ ගහපු එලවලුවක් තම්බනව. ඊටපස්සෙ රස නැති වෙනකොට අජිනමොටෝ, මැගී සුප් දානව. ඉතින් ගිලපන්. ඊටපස්සෙ ලෙඩ ගොඩවල් ශරීර. ඉතින් ගෑනුන්ගෙ ඇට දිරන්න පටන්ගන්නවලු. මේ මේ ඇට කිව්වෙ ඇටකෝටු ගැන හොදද. ඉතින් බීපන්කො ඇන්ලීන්. ඊලගට වෙන වෙන අමාරු. ඉතින් පලයන්කො චැනල් කරන්න. මනුස්සය මොයන ඔක්කොම චැනල් කොරන්න වියදම් කොරනව. යන්නෙත් ගමේගොඩේ වෙද මහත්තුරු ගාවට එහෙම නෙවෙයි. ඉස්පෙෂලිස්ට්ල හම්බවෙන්න. ඒකත් හරි තමයි. ගිලින වසවිෂ වල හැටියට හැදෙන ලෙඩ අපේ දොස්තරලට හොයන්න ලැබෙන්නෙ නෑ.
    බලන්නකො අපේ අතීත ගෙදර කුස්සිය. මොනතරම් සරලද? ‍ෙකා් ඔය කියන ලෙඩ. කෝ ඔය කියන විටමින් අඩුපාඩු. ඕව මොකුත් නෑ. ඒකට හේතුව තමයි සරල ජීවන රටාවෙ ඇතුලෙ සංකීර්ණ පෝෂණයක් අපේ ගැ‍මි ගෙවල්වල තිබුන. උයන්නෙ දර ලිපේ මැටි වලංවල නිසා ආයි අජිනමොටෝ ඕනි නෑ. අපේ පැරණි සිංහල ක්‍රමයට අනුව වසර පටන්ගන්නෙ බක් මාසෙන්.
    බක් මහ සැමරුමට සූදානම් වෙන්නෙ අස්වැන්න නෙළාගෙන, අටුකොටු පුරවා ගත්තට පස්සෙයි. මේ කාලෙදී සෑම ආකාරයකින්ම සශ්‍රීකත්වයට පත්වෙලා සිටින නිසා. කඩේට ගිහින් ගේන්න තිබුණෙ බඩු අඩු ප්‍රමාණයක්. පළමුවෙන් ම අලුත් සහලින් දේව දානය දීලා, ඊට පස්සෙ අලුත් අවුරුද්ද සමරන්න කටයුතු කළා. අදත් මේ තත්ත්වය දකින්න පුළුවන්. ඒත් එදා ගමක් ගත්තොත් වැඩිපුර සිටියෙ ගොවියො. අද තිබෙන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයක්. අද ඉන්නෙ විවිධ රැකියාවලට යන අය. ගොවිතැනින් ජීවිකාව ගෙවන අය අඩුයි. මේ නිසා එදා මා දුටු සශ්‍රීකත්වය, සරු බවින් පිරුණු අලුත් අවුරුද්ද, නිදහස නැතිවෙලා ගිහින්. එදා කැවුම්, කොකිස් හැම ගෙදරකම ඉව්වා. ඒත් අද කඩෙන් අරන් ඇවිත් අවුරුදු මේසයට තියන තත්ත්වයක් දකින්න තියෙන්නෙ.
    එදා බෙදා හදාගෙන කෑවත්, අද ජීවන රටාව වෙනස් වීම නිසා එවන් තත්ත්වයක් දකින්න නෑ. පරගැති බව හා ණයගැති බව නිසා මුළු සමාජ ක්‍රමයම උඩු යටිකුරු වෙලා. මට මතකයි ඒ කාලේ අපේ අම්මා හාල් මිටක් හැමදාම මුට්ටියක දාලා ඉතිරි කළා. ගෙදරට එන නැති බැරි කෙනෙකුට, දානයකට දෙන්න ඒ හාල් ප්‍රයෝජනයට ගත්තා. එදා වැසි කාලෙට පෙර වෙනමම සූදානමක් තිබුණා. කොස් ඇට එකතු කරලා වැලි කොස් ඇට මුල්ලක් හැදුවා. ලුණු දෙහි, අටු කොස්, අඹ එකතු කළේ ඒවා නැති කාලෙදි ප්‍රයෝජනයට ගැනීමටයි. එදා ඉතිරි කිරීම් කළේ මුදලින් විතරක් නෙමෙයි. ඒත් එදා පැවැති මේ සමාජ රටාව අද වන විට වෙනසකට ලක් වෙලා. මවුපියො ආදර්ශ චරිත විදිහට නොසිටීම නිසා, පරම්පරා ගණනක් තිස්සේ පැවැති චාරිත්‍ර වාරිත්‍ර වත්මන් දරු පරපුරට උරුම වෙලා නෑ.
    අපේ මහගෙදර හෝ වෙනත් ගැමි ගෙදරක කුස්සියට පැත්තකින් ඇත්තේ දිය මැස්සකි. දිය මැස්ස යනු ශක්තිමත් කණු හතරක් මත, කිතුල් පටි ගසා සකස් කළ ශක්තිමත් මැස්සකි. ඒ මත කළ ගෙඩි දෙක තුනක්, එය හොඳින් පිරිසුදු කරගත් ලොකු පොල් කටු වලින් වසා ඇත. ඕනෑම කෙනකුට වතුර බොන්න අවශ්‍ය නම් දියමැස්ස ළඟට ගොස් වතුර පානය කළ හැකි ය. වැරැදිලාවත් දිය මැස්සේ කළයක වතුර නොමැති නම් වතුර තිබෙන අනෙක් කළයෙන් බීමේ පුරුද්දක් නැත. කෝප්පය දිය මැස්සේ තබා ළිඳට ගොස් වතුර කලයක් ගෙනැවිත් වතුර බොනු ඇත. ඒ නිසා දිය මැස්සේ කළ ගෙඩි කොයි වෙලාවේත් ජලය පිරී තිබිණි. එය ගෙදර වාසනාවන්තකමේ ලක්ෂණයක් ලෙස ගැමියෝ සැලකූහ.
    එහෙත් අද කාලයේ නම් සෑම ගෙදරක ම පාරේ නළ ජලය ඇත. ඒ නිසා ජලයේ අරපරෙස්සමක් ද නැත. වත්ත පහළ ළිඳෙන් දිය ඇද වතුර බිව් අපට ජලය අපතේ යාමට හුරුවක් නොවුන නමුත් අද සමහර තැන්වල ජල කරාමයක් ඇරියොත් ඇරියාම ය.

    ReplyDelete
  19. දිය මැස්සට එහායින් තවත් මැස්සකි. එය ඒ තරම් ශක්තිමත් නොවූවත් කණු හතරක් මත පුවක් පටිවලින් හෝ සවිමත් ලී කෝටු වලින් තනා ඇත. එය ‘වළං මැස්ස’ නම් විය. උදේට, දවාලට හැලි වළං සෝදා වේලෙන්නට තබන්නේ මෙහි ය. දැඩි හිරු රැසින් වළං වල යම් විදියකින් වෛරස්, විෂබීජ, බැක්ටීරියා තිබුණේ නම් නැති භංගවනු නියත ය. ඒ නිසා අතීතයේ රෝගීන් අඩු විය.
    ඊටත් ටිකක් ඈතින් ඇත්තේ දර මඩුවයි. හතර පැත්තම විවෘතව ඇති එහි එක් තැනක වියළි පොල් කොළ අතු ය. තවත් තැනක, වියළා ගත් පොල් ලෙලි ය. අද මෙන් ඩෙංගු මදුරුවන්ට නිජ බිම් වන පොල් කටු ද වියළා එක් මුල්ලක ය. ඊළඟට ඇත්තේ ළිපේ දැමීමට සැකසූ, කුරුඳු දර, කැලෑ දර, පොල්පිති යනාදිය වෙයි. වහලේ එල්ලා ඇත්තේ කොළපු හනසු ය. මිටි බැඳ ඇති ඒවා පසු කාලයේ දී කැවුම් උයන්නට උපයෝගි කරගන්නා වහා ඇවිලෙන සුලු දාහක විශේෂයකි. එදා අපට ගෑස් ගණන් ගියාට කේන්ති යන්නේ නැත. ගෑස් ඉවර වුණාට කලබලයක් නැත. ගෙදර කොයි කවුරුත් එකතු වී හවස් කාලයේ දර සපයා ගැනීම එක්තරා විධියකට ව්‍යායාමක් මෙන් ම විනෝදාංශයකි.

    අපේ දර මඩුවේ මැද අඩියක් පමණ උසට මැටියෙන් තැනූ බිත්ති හතරකින් වට වූ කොටුවකි. එහි වියළි මැටි සහ වැලි ඇත. වැල වරකා කාලයට එකතු වන කොස් ඇට හොඳින් සෝදා වියළා ගෙන මෙහි තබා ඇත.

    පොල් කටුව නම් කුස්සියට නැතුවම බැරි දෙයකි. අප කුඩා කාලයේ අලස වුවහොත් ‘කම්මැලි කොල්ලනේ, පොල්කටුව ගෙන අතිනේ, පලයවු හිඟමනේ, තොපට වෙන නැත වැඩක් ඉතිනේ’ යයි කීවේ අලසකම දුරු කරවන්නට ය.
    පොල් නටුවෙන් නිමැවූ පොල් කටු හැන්ද නම් අද ගෙවල්වල ඇත. අපේ කුස්සියෙ ‘හැඳි අලුව‘ නම් දෙයක් දුම අයිනේ එල්ලා ඇත. එය පන් වලින් වියා ඇත. නැති නම් පුවක් කොළයකින් කපා සිදුරු සාදා ඇත.

    එහි විවිධ හැඳි තබා ඇත. බත් හැන්ද, කැඳ හැන්ද, මාලු හැන්ද, එළවලු හැන්ද, බැදුම සඳහා හිල් විඳින ලද හැන්ද, රස කැවිලි සඳහා අලුවා හැන්ද, යනාදී ලෙස හැඳි එල්ලා ඇත. මේවායේ ස්ථානගතවීම අනුව කුස්සියේ කවුරුත් හැඳි හඳුනනවා ඇත.
    ‘ලුණු පොල් කටුව‘ නම් අවශ්‍යමය. ලුණු පොල් කටුව ශිව දෙවියන්ගේ කුස්සියේ සිට පැවැත ගෙන ආශ්චර්යවත් බඳුනකි. ශිව දෙවියන් කරදිය වළල්ල වටේ යාමට ගණ දෙවියන්ට කීවිට තම මී වාහනයෙන් පොල් කටුව වටේ රවුමක් ගසා පෙන්වා තම බුද්ධිය ප්‍රකාශ කළ බවට ජනප්‍රවාදයක් ඇත. අපට නම් කුඩා කල ලුණු පොල්කටුවට සමීප වන්නට වූයේ අමු අඹ, වෙරලු, ලොවි, ඇඹැරැල්ලා ආදිය රස බලන්නට අවශ්‍ය විටක දී ය. ලුණු සමඟ ප්‍රතික්‍රියා නොකරන පොල් කටුව චිරාත් කාලයක් කුස්සියේ තබා ඇති බව අපට දකින්නට ලැබේ.

    ගෙදර දොර මනින මිම්මක් ලෙස ද පොල් කටුව යොදාගනී. කුඩා දරුවන් උපන් මුල් දිනවල නාවන්නේ හිලක් විඳින ලද පොල් කටුවෙනි.
    අපට විශාල ප්‍රශ්නයක් වන තැන තැන පොල් කටු විසි කර වතුර පිරි මදුරුවන් බෝ වන සිරිතක් එදා කුස්සියෙන් පාලනය විය. ළිපේ දැමීමට අමතරව, අඟුරු ඉස්ත්‍රික්කයට දැමීමට, සවස් කාලයේ සාම්බ්‍රානි දුම් ඇල්ලීමට යොදා ගන්නා නිසා ද පොල් කටු එක් රැස්වීමක් ද නොවී ය.
    කුස්සියේ භාවිතයට ගත් වංගෙඩිය ලොකු බුරුත කොටයකින් හෝ කොස් කොටයකින් හාරා ගත් එකකි. ඇතැම් ගෙවල්වල කලුවර, පතඟි වැනි ශක්තිමත් දැවයෙන් තනා ඇත. මෝල් ගහෙන් හොඳට කෙටීමට පිත්තල විල්ලක් ද දමා ඇත.
    අපේ ගෙදර ලී වංගෙඩිය පිටි කෙටීමට, වී කෙටීමට මිස වෙනත් දේකට යොදා නොගනී. පසෙකින් වූ ගල් වංගෙඩිය, මිරිස් තුනපහ කෙටීමට ය.
    නැතිනම් ඉඳහිට අතක් පයක් කඩා ගත් විට බෙහෙත් කෙටීමට ද, වයස්ගත වූවන්ගේ වාත අමාරු සඳහා තැවීමට ගන්නා බෙහෙත් කෙටීමට ද යොදා ගනී.

    අපේ ගෙවල්වල උදේට පාන් කන සිරිතක් නොවීය. අද කාලයේ මෙන් “නැගිටපාන්’, නැගිටපාන්” කියමින් දුව එන චූන් පාන් ත්‍රිරෝද රථ එදා නොවීය. හීලට පාන් කන එක නම් නොකරන දෙයකි. ආප්ප, ඉඳිආප්ප, පිට්ටු, බත් කෑමට ගන්නේ දවස පුරාම හයිය ශක්තිය තියා ගන්නට ය. එහෙම නැත්නම් හීල් බත් කන්නට දෙනු ඇත. ඒ බව ජනකවියා මෙසේ කියා ඇත.
    “එළිය වෙන්න ඉස්සර බැහලා දොර ට
    පිරිය වෙන්න අතු ගා පන් මිදුල ව ට
    හීලට තිබුණු බත් දීපන් කොල්ලන් ට
    රාලට දෙකක් ඇනපන් වැඩකට යන් ට

    මෙහෙම කෑම ගෙන පාසල් ගිය අපේ කාලයේ උදේ රැස්වීමේ දී ක්ලාන්ත වන ශිෂ්‍යයන් දක්නට නොලැබුණේ බඩ පිරෙන්න කෑම ගත් නිසා සහ හිස් බඩේම වෑන්වලට නොයන නිසා ය.

    ReplyDelete
  20. මිරිස් ගල මවු ගල සහ දරු ගල නම් විය. මිරිස් ඇඹරීම, තුනපහ ඇඹරීම, අපේ ගෙවල්වල අක්කලාට හොඳ ව්‍යායාමයක් විය. එහෙම අඹරාගත් මිරිස්, තුන පහ ගුලි කුස්සියේ පිඟානක තබා ඒ මත ලුණු කැටයක් තබා මැටි කෝප්පයකින් වසා ඇති සැටි අදත් මතකයට නැඟේ.
    එදා අපේ ගෙවල්වල කුඩා බංකු දෙක තුනක් විය. පහළම මට්ටමෙන් වාඩිවීමට ‘කොලම්බු’ නම් වූ බංකුවක් විය. අපේ පවුලේ අයියලා, අක්කලා, නංගිලා හවසට වාඩි වී ආගිය තොරතුරු කතා කරමින්, විනෝද වන්නේ මේවායේ වාඩි වෙමිනි. සමහර විට අවට ගෙවල්වල නෑයින් ද එනු ඇත. ඇත්තටම එදා අප කතා කළේ ඕපා දූත නොව සමාජ සබඳතා පවත්වා ගනිමින් සාමූහික දිවි පෙවතකට ව්‍යවහාර වශයෙන් හුරු වීමකි. කවර ගැටුමක් වුව ද හවසට රෑ බතට ඒවා නිම වෙයි.

    අද නම් අවාසනාවකට මෙන් මුහුණ බලාගෙන වට වි ඉඳගෙන පවුලේ අය කතා කරන පුද්ගලාන්තර සබඳතා අවම ය. එක්කෝ පරිගණකයක් ඉදිරියේ ය. නැතිනම් රූපවාහිනිය ඉදිරියේ ය. එසේත් නැත්නම් කන වසාගෙන ජංගම දුරකතනයෙන් දෙබසක ය. කෙසේ වෙතත් ‘එස් එම් එස්’ ලෝකය හමුවේ අපේ මේ පරපුරේ අයට දුරස්ථ සබඳතා වලින් අදහස් පමණක් හුවමාරු කරගනු ඇත.
    අපට කුස්සිය ගැන කතා කරන විට ‘අටුව‘ හෙවත් ‘දුම’ ගැන සඳහන් නොකර ම බැරි දෙයකි. කුස්සියේ සාදන ලද ළිප් දෙකට උඩින් දුම සාදා ඇත. ශක්තිමත් දැවයෙන් සාදා ඇති දුමෙහි තට්ටු දෙකක් හෝ තුනකි. ආසන්න තට්ටුවේ නිතර ඉවීමට පිහීමට අවශ්‍ය මැටි වළං ඇත. කරවල මුට්ටිය, උඩින් එල්ලා ඇත්තේ පොල් කටුවක් ද සමඟය. ඒ නිසා මීයන් වැනි සතුන්ට එයට ඇතුළු විය නොහැකි ය. මේ මුට්ටි එල්ලීමට ගන්නේ යකඩ කොකු නොවේ. ලී කෙක්කෙන් කපාගෙන එය උඩු අතට සිටින සේ දුමෙහි පටි අතර එල්ලා ඇත. මේ තට්ටුවේ නොවැරදී ම ඇති දෙයක් නම් වෙනිවැල්ගැටය කි. ඇඟ පත වෙහෙසුන විටෙක වෙනිවැල් ගැට මුට්ටියක් තම්බා පානය කරනු ඇත.

    වේලාගත් අටු කොස්, දෙල්කූරු, බිළිං පන් මලු වල දමා ඇත්තේ උඩම තට්ටුවේ ය. උඩ තට්ටුවේ ඇත්තේ තරමක ලොකු වළං ය. ඒවා යමක් කමක්, උත්සවයක් දානයක් පිරිතක් දාට කෑම උයන්නට යොදා ගනී.
    අද කාලයේ වගේ සංඛ්‍යාවට අනුව ‘ෆුඩ් සෙන්ටර්’ වලින් කෑම පැකට් හෝ ආහාර බඳුන් ගෙන සංග්‍රහ කිරීමක් ඒ කාලයේ නොවී ය. දුම යටින්, ලුණු මුට්ටිය, කෂාය මුට්ටිය ද වෙයි. කෂාය මුට්ටිය වටේට යකඩ කම්බියක් ගැට ගසා ඇත්තේ භූත දෝෂ වලට වඩා හඳුනා ගැනීමේ පහසුවට විය හැකි ය.

    දකුණේ උපන් අපට කුස්සිය පැත්තේ ඇති ජාඩි මුට්ටිය ද අමතක කළ නොහැකි ය. යහමින් බලයන්, හුරුල්ලන් වැනි මාලු ඇති කාලයට ජාඩි දමන්නේ මාලු හිඟ කාලයට ප්‍රයෝජනයට ගැනීමටයි. ජාඩි සමඟ රතු කැකුලු බත්’ යයි සඳහන් වුණු හෝටලයක් මා උපන් කොස්ගොඩ ගමේ දකින්නට ලැබුණ ද ඒ කාලයේ අපේ කොයි ගෙදරත් ජාඩි දැමීමේ තාක්ෂණය ගෘහණියන් සතු විය. බලන්න අපේ තාක්ෂණය. බතක් බෙරි උනාම මොකද කරන්නෙ. ලුණු ටිකක් මිශ්‍රකරනවනෙ. මාලුවක ලුණු වැඩි උනාම. අර්තපල් ගෙඩියක් දාන්නකො. අඹවගේ මාලුවකට සීනි ටිකක් දාල බලන්න රහ කොච්චරද කියල. මේව අද අපේ අය දන්නවද?

    අද කාලයේ මෙන් ඇලුමිනියම් භාජන හෝ ආහාර නොඇලෙන භාජන හෝ ගෑස් වලට ගැළපෙන මැටි හට්ටි හෝ නොවූයේ ය. හට්ටි මුට්ටි කාර්යය අනුව වෙන් විය. බොල් වී ගිය ඇතිලිය ‘කබල’ නම් විය. කබල ගන්නේ රොටී පිච්චීමටත් යම් යම් දේ බැඳ ගැනීමටත් ය. මුට්ටි තුනක් හාල් වලට වෙන් විය. එක් මුට්ටියක් සුන් සහල් ය. අනෙක් මුට්ටිය ඉවීමට ගන්නා හොඳ හාල් ය. තවත් මුට්ටියක ‘පිං හාල්’ ය. පිං හාල් යනු උයන විට නෑඹිලියෙන් ඉවත් කරන හාල් මීට එකතු කරන මුට්ටියයි. මේ හාල් ඒ කාලයේ එන යාචකයන් සඳහා දෙනු ඇත.

    ReplyDelete
  21. බත් මුට්ටිය, රා මුට්ටිය, කෂාය මුට්ටිය, උනු වතුර මුට්ටිය, කරවල මුට්ටිය, කැවිලි මුට්ටිය, බෙලි මල්, රණවරා පාන වර්ග තම්බන මුට්ටිය, කැඳ මුට්ටිය ඒ ඒ ආහාර සහ ප්‍රයෝජනය අනුව කුස්සියේ වර්ග කර ඇත්තේ ඉතා සියුම් විදියට ය. කුස්සියේ මැටි වළං අතරට, ඇතිලි, හට්ටි, මැටි කෝප්ප, නෑඹිලි, වහන්තරා ආදී සියලු දේ කුඹල් කර්මාන්තයේ හැකියාවන් ය.
    කුස්සියේ කුල්ල, ඇතුල්පත, වට්ටිය, පෙට්ටිය, මාගල, දරනුව, වැඩි ප්‍රමාණයක් පන්වලින්, බට පොතු වලින්, වේවැල් වලින්, ඉඳිකොළ වලින් තනා ගෙන ඇත. මේවා ප්‍රයෝජනයට ගෙන අබලි වූ විට පොළොවටම දිරා ගොස් කාබනික කොටස් බවට පෙරළී නැවත ශාක උරා ගන්නවා ඇත. ඒ නිසා අද කාලයේ කියන ප්‍රතිචක්‍රීකරණ කතාවක් නැත. අලුතෙන් ගෙනා කුල්ලේ ඉදුණු බෙලි ගෙඩියක් අතුල්ලා පසු පස ඝන රෙද්දක් අලවන්නේ වඩා සකසුරුවම් ලෙස උපයෝගි කරගැනීමට ය. කුල්ලෙන් පොලන ගීතවත් හඬ කනට හුරු ය. එහි රිද්මය, ලතාව ප්‍රිය ජනකය. ඒ නිසා පාසලක, කලායතනයක කලා උලෙළක් වුවොත් කුලු නැටුමක් අනිවාර්ය විය.

    වත්ත පහළට ගොස්, ගොටුකොළ, ගැටතුඹ, සාරණ, පොල් පලා, කිරිහැන්ද, ගෙඳ වර්ග, මුගුණුවැන්න කපා ගෙන එන්නේ ඇතුල් පතට ය. අම්මලා පයට පාගා ගත් පිහිය කොළඹු කොටේ වාඩි වී හීනියට ලියන පලා එකතු කරන්නේ ද අතුල් පතට ය.
    කුස්සියට ඇතුලු වනවිට ම උලුවස්සේ අලවා ඇත්තේ වස් දන් සීට්ටුවයි. අසවල් දින හීල දවාල දානය ද හවසට ගිලන්පස අසවල් විහාරස්ථානයේ තුන් නමකට” යනුවෙන් අසම්පූර්ණ වාක්‍යයක් කොපි කොළ තීරුවක ලියා අලවා ඇත.
    ඒ එක්කම කඩෙන් මිලදීගත් බඩු ඔතා ගෙන එන්නේ කඩදාසි පත්තරවල ය. කඩදාසි කම්බි කොක්කක එල්ලා ඇත. මෙය මාස දෙක තුනකින් පිරී ඉතිරී ගිය විට සිල්ලර කඩේට දෙනු ඇත. ඒ වෙනුවෙන් ‘ලොසින්ජර’ පහක් හයක් මුදලාලි කඩදාසි ගෙනෙන දරුවාට දෙයි. කුස්සියේ කැලි කසල ඉවත් කිරීම ද ක්‍රමවත් ය. අද මෙන් ප්ලාස්ටික් බාල්දියකට ෂොපින් බෑගයක් දමා එකතු වූ විට ගැටයක් ගසා පාර දෙපැත්තට වීසි කර යාමක් එදා නැත.

    තරමක් හිල් වූ බාල්දියකට කුණු එකතු කොට ඒවා කුණු වළකට දමනු ඇත. කුණු වළ පිරුණු විට තවත් වළක් කපා පරණ වළෙහි කෙසෙල් පැළයක් රෝපණය කරනු ඇත. ඒ එදා ගෙදර කෙසෙල් ලබාගත් අයුරු ය.

    එදා දර වෙනුවට අද ගෑස් ලිපකි. එදා මැටි වළං වෙනුවට ලෝහමය වළං ය. එදා ලුණු පොල් කටුව වෙනුවට ප්ලාස්ටික් බදුන්වල පුරවා ගත් ජලය විය. පොල් කටු හැඳි වෙනුවට ප්ලාස්ටික් හැඳි ය. බත් මුල් බඳින ලද කෙසෙල් කොළ, නෙලුම් කොළ වෙනුවට ‘ලන්ච් ෂීට්’ ය. සියල්ල ඉතා පහසු ලෙස කර ගැනීමට සිදු වූයේ නවීන තාක්ෂණය නිසා විය හැකි ය. එහෙත් එදා මහ පොළොවේ මැටි වලින් හට්ටි මුට්ටි තනාගෙන, ගහකොළ පත්‍ර, පොතු ආදියෙන් කුලු, වට්ටි, පෙට්ටි හදාගෙන, අපතේ යන දිරා ගිය දරවලින් කෑම උයා ගෙන ලෙඩ දුක් නැතිව හිතේ හැටියට රසට කෑම හැදූ කුස්සිය පරිසරයේ ද්‍රව්‍ය වලින් ඈත් වී ගියේ නිකම්ම නොවේ.

    කැකුළු සහලින් පිසින ලද බත් කල් තබා ගැනීම සඳහා ගෙවිලිය භාවිත කළ තාක්‌ෂණය සරල වූවා සේ ම දියුණු ක්‍රමවේදයක්‌ ද උනා. මෙහි දී භාවිත කළ ප්‍රධාන මෙවලම කොළපත විය. කොළපත යනු පුවක්‌ ගසේ අත්ත වියළී වැටෙන විට අත්ත සමග ගැලවී හැළෙන ගසට සම්බන්ධ වූ කොටසයි. කොළපත හොඳින් පිරිසිදු කර පළමුවෙන් ම කළ කාර්යය වූයේ ලුණු වතුර ඉසීම ය. එය විෂ බීජ නාශකයක්ද උනා. ලුණු වතුර ඉසින ලද කොළපතට බත් බෙදා නැවතත් ලුණු වතුර යෙදීමෙන් පසු කොළපත හොඳින් ගැටගසා ගනු ලබයි. මෙසේ කොළපතේ ඔතා ගැටගසා ගත් බත්, වේල් 5ක්‌ පමණ නරක්‌ නො වී තබා ගැනීමට හැකි විය. බලන්නකො අපේ තාක්ෂණය.

    ReplyDelete
  22. මේ බලන්න අපේ ආහාර රටාවන්.
    මුදවපු මී කිරි
    මුදවපු මී කිරි කල් තබා ගැනීමේ දී පැරැන්නන් විසින් භාවිත කරන ලද ක්‍රමවේද ඉතා ම සරල ය. මුදවපු මී කිරි පිරිසිදු රෙදි කඩක පොට්‌ටනියක්‌ ලෙස ගැටගසා මුළුතැන්ගෙයි වහලේ එල්ලා තැබී ය. මෙසේ එල්ලා තැබූ මී කිරි ඇඹුල් නො වී සතියක්‌ පමණ කල්තබා ගැනීමට හැකි විය. පොල් ගෙඩියේ ආධාරයෙන් මී කිරි මුදවා කල් තබාගැනීමේ ක්‍රමවේදයක්‌ ද ගැමියන් අතර විය. මෙහි දී පොල් ගෙඩියක්‌ පිරිසිදු කර වතුර ඉවත් කර පොල් ගෙඩිය තුළට මී කිරි දමා පසුව සුළං නො වදින ලෙස පොල් ගෙඩියේ සිදුර වසා දමනු ලැබේ. ගෙඩියේ සිදුර වැසීම සඳහා පිරිසිදු රෙදි කැබැල්ලක්‌ භාවිත කෙරෙයි. වතුර ඉවත් කළ පොල් ගෙඩිය තුළට දැමූ මී කිරි මිදෙයි. මේ ආකාරයෙන් මුදවාගත් මී කිරි දින 3ක්‌ පමණ ඇඹුල් නො වී තබාගැනීමට පුළුවන.

    මඤ්ඤොක්‌කා අල
    මඤ්ඤොක්‌කා අල කපා අව්වේ වියළා මැටි වළංවල ඇසිරීම ද කල්තබා ගැනීම සඳහා භාවිත කළ ක්‍රමවේදයකි.

    මාළු
    දෛනික ආහාරය සඳහා කැළේ හෝ ගම මැදින් ගලන දොළකින් හෝ ඇළකින් හෝ මාළු අල්ලා ගන්නා ගැමියා මාළු වැලකට ඇමිණීම නිතර ම කළ දෙයකි. මාළු ඇමිණීම සඳහා වැලක්‌ තෝරා ගැනීමේ දී ඔහු මාළු නරක්‌ නො වන වැලක්‌ තෝරාගැනීමට අමතක නො කළේ ය. ඔහු සතු ව තිබුණු දේශීය විද්‍යාත්මක දැනුම අනුව ඒ සඳහා කිරිවැල් හෝ කලවැල් භාවිත කෙරිණි. කැළේ බහුලව තිබෙන බෝ කොළ වැල් තෝරා නො ගත්තේ බෝ කොළ වැලේ ඇමිණූ මාළු ඉක්‌මනින් නරක්‌ වන බැවිනි.

    කොස්‌
    කොස්‌ කල් තබා ගැනීමේ දී භාවිත කළ ක්‍රමවේද අද බොහෝ දුරට අප්‍රකටව පැවතිය ද ඒ පිළිබඳව විමසීමේ දී දේශීය ආහාර තාක්‌ෂණයේ දියුණු ලක්‌ෂණ මැනැවින් විද්‍යමාන වෙයි. වාරයේ දී අසීමිත ඵල ලබා දෙන කොස්‌ දෛනිකව පාරිභෝජනයෙන් පසු ඉතිරි වන කොටස හෙවත් අතිරේකය කල් තබා ගැනීමේ ක්‍රමවේද මඟින් සංරක්‌ෂණය කෙරිණි. අටුකොස්‌ සෑදීම ප්‍රධාන අංගයක්‌ විය. අටුකොස්‌ ක්‍රම දෙකකට සාදා ගැනිණි. ඇට ඉවත් කර ඉරාගත් කොස්‌ මදුළු නටන උණු වතුරේ බාගෙට තම්බා තද හිරු රශ්මියෙන් වියළා ගනියි. නැත හොත් දින කිහිපයක්‌ වියළා ගැනීමෙන් පසු අටු කොස්‌ වශයෙන් හෝ ලුණු අටු කොස්‌ වශයෙන් හෝ සාදා ගනියි.

    අටුකොස්‌
    කොස්‌ මදුළු කල් තබා ගැනීමේ දී අටුකොස්‌ මදුළු ලෙස කල් තබා ගැනීම සිදු කෙරිණි. පැසුණු කොස්‌ මදුළු ගෙන එහි ඇට ඉවත් කර ගනී. ඉන්පසුව සිහින්ව ඉරා ගත් මදුළු උණු ජලයේ දමා බාගෙට තම්බා වතුර පෙරා ඉවතට ගත් කොස්‌ මදුළු තද අව්වේ දින තුනක්‌ වියළා ගනියි. මෙසේ හොඳින් වියළාගත් කොස්‌ මදුළු පිරිසිදු වියළි භාජනයකට දමා වාතය ඇතුළු නො වන ලෙස හෙවනේ හුළං නො වදින ලෙස අසුරා තබාගනී.

    ලුණු අටුකොස්‌
    තැම්බූ කොස්‌ කල් තබා ගැනීම තවත් ක්‍රමයකි. ආහාරයට සුදුසු වන සේ තම්බා ගත් කොස්‌ පළමුව කැබැලිවලට කපා තද අව්වේ වියළා ගනී. ඉන්පසු වාතය ඇතුළු නො වන සේ කවරයක දමා භාජනයක අසුරා තබයි. මෙය ඉතා ම රසවත් ආහාරයක්‌ වන අතර කොස්‌ මදුළු තැම්බීමේ දී ලුණු එකතු කරන බැවින් වියළා ගත් පසුව රසයේ වෙනසක්‌ සිදු නො වේ. මේ අටුකොස්‌වලින් සාදා ගන්නා ආහාරය ලුණු අටුකොස්‌ නමින් හැඳින්වෙයි.

    ReplyDelete
  23. කොස්‌ මදුළු පපඩම් ලෙස සකස්‌ කරමින් කල්තබා ගත් ක්‍රමයක්‌ ද ගැමියන් අතර විය. ඇට ඉවත් කරගත් කොස්‌ මදුළු වෙන් නො වන සේ පලා ගනී. මෙසේ පලාගත් කොස්‌ මදුළු, ලුණු වතුර සාමාන්‍ය ප්‍රමාණයට දමා බාගෙට තම්බා ගනී. ඉන්පසු ඉතිරි වී ඇති වතුර ඉවත් කර ලුණු කුඩු, කහ, මිරිස්‌ යනාදිය දමා තෙලට දමා රන්වන් පැහැ වන තෙක්‌ බැද ගනී. මෙසේ තෙලෙන් බැදීම කොස්‌ මදුළු දිගු කලක්‌ තබා ගැනීමට හේතු වෙයි.

    මේ ක්‍රමවලට අමතරව ඉවත දමන කොස්‌ඇට සිවිඩි පවා රසවත් ආහාරයක්‌ ලෙස කල් තබා ගැනීමට පැරැණි ගැමියෝ දැන සිටිය හ. ඉවත දමන කොස්‌ සිවිඩි නටන උණු වතුරේ දමා තම්බා ගනී. ඉන්පසු තද අව්වේ තබා හොඳින් තෙතමනය සිඳෙන තෙක්‌ වියළා ගනී. කල් තබා ගැනීම සඳහා පිරිසිදු වියළි භාජනයක අසුරා වාතය ඇතුළු නො වන සේ වසා තබයි. අවාරයේ දී ප්‍රයෝජනයට ගන්නා මේ කොස්‌ සිවිඩි තෙම්පරාදු කරගත් විට රසවත් වෑංජනයක්‌ වෙයි.

    වැලි කොස්‌ ඇට හා අටු කොස්‌ ඇට
    පැසුණු කොස්‌ ගෙඩියක ඇට ඉවත් කර තෙතමනය නො රැඳෙන සේ වියළා ගනී. විශාල මැටි භාජනයක්‌ ගෙන එයට වියළි වැලි තට්‌ටුවක්‌ දමා ඉන්පසු පැසුණු පොත්ත සමග තුවාල නො වූ කොස්‌ ඇට දමා නැවතත් ඊට උඩින් වැලි තට්‌ටුවක්‌ දැමීම සිදු කරයි. හොඳින් තද කර කොස්‌ ඇට නො පෙනෙන සේ තබා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. මෙහි දී සැලකිය යුතු කරුණක්‌ වන්නේ කොස්‌ ඇට සැඟවීම සඳහා භාවිත කරන වැලි සහ මැටි භාජනය වියළි ස්‌වභාවයෙන් තිබිය යුතු වීමයි. එසේ නො වුව හොත් කොස්‌ ඇට පැළ වීම සිදු වෙයි. බොහෝ ගෙවල්වල මුළුතැන්ගෙයි ගොම මැටි පිහින ලද පොළොවේ බිත්ති දෙකක්‌ අතර මුල්ලකට වැලි කොස්‌ ඇට දැමීම සිදු කරයි.

    මෙයට අමතරව අටු කොස්‌ ඇට ලෙස ද කොස්‌ ඇට කල් තබා ගැනීමේ ක්‍රමවේදයක්‌ ගෙවිලිය අනුගමනය කළා ය. හොඳින් පැසුණු ගෙඩියක කොස්‌ ඇට ජලයේ හොඳින් තම්බා ගැනීම සිදු කරයි. ඉන්පසු වතුර ඉවත් කර තද අව්වේ දින කීපයක්‌ දිය සිඳෙන තෙක්‌ වියළා ගැනීමෙන් අනතුරුව භාජනයක අසුරා මාස කීපයකට පසුව හෝ මැල්ලුමක්‌ ලෙස පිස ගැනීමට පුළුවන. මෙසේ වියළා ගත් අටුකොස්‌ ඇටවලින් ආහාර පිස ගැනීමට පෙර මේවා මඳ වේලාවක්‌ වතුරේ දමා පොඟවා ගත යුතු ය.
    විද්‍යාත්මක පර්යේෂණවලට අනුව කොස්‌ යනු කාබොහයිඩේ්‍රට්‌ බහුලව අඩංගු ආහාර බෝගයකි. මෙයට අමතරව ප්‍රොaටීන, ඛනිජ ලවණ හා විටමින් වර්ග ද අඩංගු ය.

    කොස්‌ ඉදුණු විට වැල හෝ වරකා යනුවෙන් හැඳින්වෙයි. කොස්‌ වාරයේ දී හොඳින් පැසී ඉදුණු වරකා ගෙඩි ඒ අයුරින් ම කල්තබා ගත් අතර මදුළු ලෙස ද කල් තබා ගැනීමට ගෙවිලියට හැකියාව තිබිණි. හොඳින් පැසී ගසේ ඉදුණු වරකා ගෙඩියක්‌ කඹයක්‌ ආධාරයෙන් බිමට බා ගැනීම පළමුව සිදු කෙරෙයි. හුඹස්‌ මැටි ප්‍රමාණවත් ලෙස ගෙන ගොරකා ගම්මිරිස්‌ තැම්බූ ජලයෙන් පදමට හුඹස්‌ මැටි අනාගනී. මෙසේ පදමට අනාගත් හුඹස්‌ මැටි වරකා ගෙඩියේ පිටත මෙන්ම නැට්‌ටේ ද තවරනු ලබයි. මෙසේ මැටි තවරාගත් වරකා ගෙඩිය ශක්‌තිමත් ලණුවක්‌ ආධාරයෙන් නැට්‌ටෙන් දුම් රස්‌නය තරමක්‌ වැදෙන ලෙස කුස්‌සියේ දුමේ එල්ලා තැබීමෙන් මාස 3ක්‌ පමණ ගත වූ පසුත් අලුත් වරකා ගෙඩියක්‌ මෙන් රසයේ හා ගුණයේ වෙනසක්‌ නො වී ආහාරයට ගැනීමට පුළුවන. වරකා මදුළු වශයෙන් ද කල් තබා ගැනීමේ ක්‍රමවේද ගෙවිලිය මැනවින් දැන සිටියා ය. වරකා මදුළු වශයෙන් කල් තබා ගැනීමේ දී පළමුව වරකා මදුළු මී පැණිවල දමා බෝතල්වල අසුරා ඇත. මී පැණි නොමැතිනම් සීනි උණු කර සාදාගත් පැණිවල දැමීමෙන් වරකා බොහෝ කල් තබා ගෙන ඇත.

    ReplyDelete
  24. වරකා වියළා ගැනීමෙන් එහි ස්‌වරූපය වෙනස්‌ කිරීම ද කල් තබා ගත් ක්‍රමවේදයක්‌ විය. මෙහි දී වරකා සිහින්ව ඉරා පළමුව තෙලේ බැදගනී. පසුව අහුරා තබා ආරක්‍ෂිතව ගබඩා කර අවශ්‍ය අවස්‌ථාවල දී පැණි උණු කර එයට මිශ්‍ර කර රසවත් ආහාරයක්‌ ලෙස ආහාරයට ගත හැකි ය.
    මේ ක්‍රමවලට අමතරව හොඳින් පිරිසිදු කළ කොළපතක වරකා ගෙඩියේ පිට කටුව ඉවත් කර මදුළු ගැලවී නො යන සේ කොළපතෙහි තබා හොඳින් බඳිනු ලැබේ. ඉන්පසු දුම් මැස්‌සේ ගිනි රස්‌නය නො වැදෙන සේ එල්ලා තබයි. මේ ක්‍රමයෙන් ද මාස තුනක පමණ කාලයක්‌ වරකා කල්තබා ගත හැකි ය. වැල ගෙඩියේ මදුළු ඉවත් වූ පසු ඉතිරි වන වැලවහල්ල හෙවත් වහල්ල වියළා ගෙන අවශ්‍ය වූ විට දී කැබැලිවලට කපා වෑංජනයක්‌ ලෙස සකස්‌ කර ආහාරයට ගැනීම ගෙවිලිය ගේ ආහාර තාක්‌ෂණ දැනුමේ අගය පෙන්වන්නකි.

    දෑ හිතකාමීත්වයෙන් යුතුව එරන්ද ලක්මාල් විසිනි.

    ReplyDelete