Saturday 23 February 2013

දෙවියන් හා අනෙකුත් අදෘෂ්‍යමාන නාමිකයන් හඳුනාගමු

මම මේ කතා කරන්න යන මාතෘකාව ඉතා වැදගත් මෙන් ම සංවේදී එකකි. දන්න අය නොකියන, ඇසුවම මග හරින දෙයකි. ලිපිය අවසානයේ මම දත් සියල්ල කීවා යයි සිතීම ද ඇත්තට බොහෝ දුරය. මෙය මා ලියන සියලු ලිපි වලට ද අදාළය. බොහෝ අය නිහඬ වන්නේ හේතු ඇතුව ය. සමහරුන් ගැන දන්නා විට ඒ අය ගැන කතා නොකිරීමට හේතු සිතා ගත යුතු වේ.

මෙහිදී ද, මා ගැන යමක් කිව යුතුය. මම කියන දේවල් වල ඇත්ත නැත්ත ආවට ගියාවට සෙවිය නොහැක. එසේම මට නිකම් ලැබෙන දේවල් තව කෙනෙකුට ලැබේ ද නොලැබේ ද යන්න පවා ඔවුන් මිස වෙන කෙනෙකු නොදන්න බව කියමි. එහෙත් ඒ සඳහා හැකියාව ඇති අය සිටින බව සිතමි. මම ලිපි තුලින් මගේ පෞද්ගලික මතය නොව සිංහලයන් තුලින්ම එන වදන් ලියමි. අව්ව වැස්ස රෑ දවල් ගැන ලියන විට, පෞද්ගලික මතය  කියා එකක් නැත. එලෙසම අනෙක් සියලු කාරණා ද එලෙසම දැකිය හැකි බව කියමි. මේවා ලියන මම, බොහෝ බෞද්ධයන්ගේ සිතට කවා ඇති, මිනිසත් බවට පිටු පා, මාර්ග ඵල වැනි විකාර/අමුතු හැසිරීම් තුලින් තමන් ඉහළට දමාගන්න මාන බලන්නෙක් නොවෙමි. මට ඕන හැමදේ ම මට ලබා ගත හැක. එසේම ප්‍රශ්ණයක් ගැන කතාකරන්නේ උත්තර එකක් නොව බොහොමයක් සොයාගෙන ය. තනි-මාන ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් බිහි වූවන්ට ප්‍රශ්ණයකට ඇත්තේ එක උත්තරයකි. එසේ නොවේ නම් අණුමාන කොන්දේසි දමා ඒ තැනට ප්‍රශ්ණය තල්ලු කර එක උත්තරයකට හරියන සේ ප්‍රශ්ණය කොටු කරති. උදාහරණ ලෙස xy = 1 යන සමීකරණය විසඳීමට හැකි ද? මට මෙය උත්තර අනන්තයක් තියන තනිමාන ප්‍රශ්ණයකි. ඔබට එය කෙසේ පෙනේදැයි කීමෙන් ඔබ සිටින තැන තහවුරු කර ගන්න. මෙසේ කීවේ මම දෙවියන් වඳින භක්තිකයෙක් යයි සිතන එක වැළැක්වීමට ය. කුඩා කල අම්මාගේ වුවමනාවට මහණුන්, ගලින් නිම කල දේව රූපවලට මා වෙනුවෙන් කල ඇවිටිලි වැඳගෙන සිට ඇසුව ද, පසු කලක මම එවැනි දෑ කිරීමට උත්සාහ නොකළෙමි. අද වන විට මා දෙමාපියන්ට වැඳීම ගැන ද නොසතුටින් බලන්නේ, ඔවුන්ගෙ ප්‍රතිචාර තුලින් මම ඔවුන් අපහසුතාවයට පත් කලා යයි සිතෙන නිසා ය. විශේෂයෙන් අම්මා ඒ හැම වර ම, මට ද වැන්ඳ බව මතක් වෙන නිසාය.

සිංහලයන් අතර ඇති හිරු දෙවියන් ගැන කලින් කීවෙමි. ඔහු සතු හැකියාවන් කිහිපයක් කලින් කීවෙමි. ඔහුට හිමි සුවිශේෂ හැකියාවන් කීම ඵලක් නැතැයි සිතමි. උදා හරණ ලෙස මිදි වල රස දන්නේ හිවලා නොව මිදි කාපු අයයි. කේජු වල රස දන්නේ කට ඇර නැති කර ගත් කපුටා නොව ඒක කෑ නරියා ය. ඉතින් අපට තේරුම් ගැනීමට බැරි දේවල් කෙසේ දැනගනිමු ද? එහෙත් අංඟපූර්ණයට මේ ටික ලියමි. පවුළක අවසන් බළධරයා හැඩිදැඩි පියෙකු වන්නා සේ අපේ අවසන් බළධරයා ඔහු යයි සිතීමේ වරදක් නැත. "ජීවිතය දෙන කෙනා", "මනු (සුමන)" වැනි වදන් යම් ආකාරයක බරපතල අරුතක් දෙන බව පෙනේ. "සුමන" යන වචනය ද අර "දියසේන"ගේ නූතන වචනය සේ එම පෙදෙසේ දරුවන්ට තබන නමක් ය. ඒ අනුව මනුගේ සැබෑ නම "සුමන" විය හැක. සු කාරය කපා අප මනු සතා වූයේ සුමන කීමට තරම් අඟනා මනසක් මිනිසුන්ට නොතිබුන නිසා විය හැක.

මා කියන්නට ආ දෙවියන් ගැන කියනවා නම්, බොහෝ දෙනෙකු අසා ඇති අය යයි කීම වරදක් නොවේ. මෙහි දී සිංහලයන් කියන වචනය මිස වෙන ජාතිකයන් ඔවුන්ගෙ බසින් කියන දෑ වලට බැඳීම බරපතල වරදක් බව මතක තබා ගන්න. කෙසේ වෙතත් උන්ගෙ වචන බිහි වුනේ ද සිංහලයන් කී දේවල් උන්ට උචිත ලෙස වෙනස් කිරීමෙනි. උදාහරණ ලෙස ජීවිත රකින්නකු පණ නැසීම වැරදි යයි කියන විට, මිනීමරුවකු එයම නොකියා, මිනීමරුවන්ට අණුකම්පා කර වරදට සමාව දීම හොඳ යයි කියනු ඇත. තමන් හැම විටම තමන්ගෙ මතයට/උරුමයට ලැදි නොවේ ද?


සිංහලයන් කියන දෙවියා යන වචනය තුල ස්වභාව දෙකක් ඇත. එනම් මිනිසුන්ට දෙවියන් කියනවා සේ නොපෙණෙන කොටසකට ද එසේම කීම ය. නොපෙනේ නම් ගත (තාරය) නැත. සිත (අවතාරයේ කොටසකි) පමණක් ඇති විට නොපෙනේ. මේ ගැන කලින් පැහැදිලි කලෙමි. ඒ අනුව දෙවියකුට ගතක් ඇතුව හෝ නැතුව පැවැතිය හැක. ගත නැතිව මොකුත් කල නොහැකි යයි සිතන මතය නිසා සිත අක්‍රීය හෙවත් වැඩක් කල නොහැකි දෙයක් යයි සිතන අය බොහෝ ය. ඇත්ත වන්නේ සිත කරන සාමාන්‍ය දෙයක් වන අත නැවීමට හා දිගහැරීමට, අත් කොතරම් තිබ්බත් එයාකාරයෙන් කල නොහැකි වීම සිතේ හැකියාවන් ද අසම සම යයි කියයි. සිත නැත්නම් ගත වැඩ කරයි ද? සිත හා ගත යනු එකම පරමාර්ථයකට යොමු වූ බැඳුනු කොටස් දෙකක් බවත් ඒවා අන්‍යෝන්‍ය ලෙස බැඳි උපාංඟ දෙකක් බවත් තහවුරු කල හැක. සිතේ හැකියාව අඩුම තරමින් රාත්තල් 100 - 200ක් බර අපේ සිරුර අප කරන දේවලට යොමු කිරීමට තරම් යයි ගැනීම ගණිතමය සම්බන්ධතාවකින් දැක්වීම සාධාරණ නොවේ ද? මෙය සිතිවිළි ජනිත කරවීමේ සුවිශේෂ හැකියාව අවතක්සේරු කිරීමක් බව කිව යුතුමය. එය සම කල නොහැකි දෙයකි.


ඉහත කී පෙනෙන/නොපෙනෙන ස්වභාවය අනුව, දෙවියන් සිටී නම්,  මනුෂ්‍යයන් ලෙස ද දෙවියන් සිටිය යුතු ය. දෙවියා යන වචනයේ අරුත "ද" කාරය තුලින් දැකීම උචිත ය. දෙවියො තමයි දන්නෙ යයි කියන වාර බොහෝ බව මම දනිමි. මෙහි අප නොදන්න දේ දන්න යන අදහස ගැබ් වී ඇත. ඉපැරණි සිංහල වචන ගැන හදාරණ විට, හින්දු දෙමළ (බෞද්ධ) බලපෑම් නිසා මේ වචනය අරුත් මිශ්‍ර වූවක් බව පෙනේ. එයින් මිදීමට ඉංග්‍රීසි බස උදව් කරන බව මම කියමි. ඉංග්‍රීසියෙන් God යයි කියන්නේ එබසින් කියන දෙවියන්ටය. ඒ ළඟින් යන Good යයි වඳනක් ඇත. සිංහලෙන් එයට සරිලන වචනය "හොඳ" යන්නයි. මේ වචනය මස් පුච්චාගෙන කන යුගයට ගත් විට God හා සම වන බව පෙනේ. ක, ග, හ යන අකුරු පැටලීම ගත් විට, හ වෙනුවට ග යොදන බව සිංහල යන වදන සිංගලීස් වීම තුලින් දැකිය හැක. දෙවියන් කියන්නේ හොඳ අයට බව නොකියා වටේ ගියේ මේ අමුතු බැඳුම ඇමිණීමට ය. එසේ නම් අප අතර සිටින අපට වඩා දන්න අය/හොඳ අය දෙවියන් ලෙස හඳුන්වා ඇති බව පෙනේ.

මම කලින් ලිපියක (බුධලා, ගුරුලා හා බුද්ධලා හා අග රදගුරුලා) "... වාසනවාට තවම "හොඳ" කියන්නෙ "නරක" යන  වචනයම නොවේ යයි කියනවා. එහෙත් ජීවිත නැසීමත්, ජීවිත රැකීමත් අතර වෙනස නොදත් අප හොඳ නරක හඳුනාගන්නේ කෙසේ දැයි ඇසිය යුතුය..." කීවේ දෙවියන් හඳුනා ගැනීමට උපකාර කිරීමේ අදහසිනි. අප ගත කරන ජීවිත කාලය තුල කොතරම් එවැනි දෙවියන් හමු වුන ද, අපි ඒ ගැන නොදැන කොතරම් ඵල ප්‍රයෝජන ගන්නවා ද? මෙවැනි දෙවියන්ගේ විශේෂත්වය වන්නේ ද එයමය. කල දේ ඔවුනට සුළු ය. නැවත ගැණීමක් හෝ කෙළෙහි ගුණ සැලකීමක් බලාපොරොත්තු නොවේ. ඒ නිසා අපට එම සිද්ධියම මතකයෙන් තොර එදිනෙදා සිදුවන සුළු දෙයකි.

ඊ ළඟට සිංහලයන් කී නොපෙනෙන දෙවියන් ගැන බලමු. අප කොතරම් අපේ ගතට වහල් දැයි කියනවා නම් ඇසට පෙනෙන, කණට ඇහෙන, ගතට සිතට දැනෙන දේ හැර වෙන කිසි දෙයක් නැතැයි සිතන තරමට ම බරපතල ය. සැබැවින්, මේ හැකියාවන් අපට ජීවත්වීමට අවශ්‍ය කරන සීමිත නිපැයුම් නොවේ ද? අනෙක් සතුන්ට ඇති එවැනි හැකියාවන් ගත්තම අපේ හැකියාවන් අධිතක්සේරු කර කියන කතා කොතරම් පටු බොළඳ සිතිවිළි ද?

ඇසට පෙනෙන, කණට ඇහෙන, ගතට සිතට දැනෙන අපට තේරුම්ගත හැකි දේ හැර අනෙක් සියල්ල ස්වාභාව ධර්මයට භාර කරමු. ඒ කියන්නේ අප අවට සිදුවෙන, ජීවීන්ගේ බලපෑමට යටත් නොවූ සියල්ල එසේ බැර කරමු. මෙහි දී ඒ හැම දේටම මුල් වූ ඔය කියන ස්වාභාව ධර්මය තුල වන සියලු දෑ, මූලික ක්‍රියාවලි (basic operations) දෙකකින් නිවැරදිව නිරූපණය කල හැකි යයි මම කියමි. ඒ කියන්නේ අප අවට වෙන දෑ වන භූමි කම්පා, විදුළි කෙටීම්, අව්ව, වැස්ස, සුළඟ වැනි දෑ පමණක් නොව අප වටා ඇති ද්‍රව්‍යමය ලෝකය ද, මේ මූලික ක්‍රියාවලි (basic operations) දෙක  තුලින් බිහිවන බව ක්‍රියාවෙන් පෙන්විය හැක. ඒ ගැන සැබෑ විස්තර නොකියන්නේ ඒවා කොතරම් වැදගත් ද යන බව තේරුම් ගත හැකි නිසා ය. මම ඉඟියක් දෙමි. ඒ මෙම ක්‍රියාවළි දෙක තුලින් ඇති වෙන වෙනස දකින උපක්‍රමයක් බිහි වී ඇති ප්‍රසිද්ධ දෙයක් නිසා ය. එය අද බහුලව දන්නේ සීමිතව විෂය පතයකට බැඳුනු ගණිතමය උපක්‍රමයක් බවට කපා කොටා පුංචි කෙරුණු තාක්ෂණික දැනුම ලෙස ය. එහි නම feedforward control ය. මේ තේරුමක් නැති වදන මගේ ය. උපක්‍රමය මගේ ජාතකයක් ය. ලොවට දුන්නේ සුද්දට වැඩ කරන අශිලාචාර දෙමළෙකු  විසින් සොරකම් කිරීමෙනි. එය දෙමළා විකෘර්ති කල එකකි. මුල් අරුත නැසී ඇත. වැඩි විස්තර ගූගලෙන් බලන්න.

ඉහත සුවිශේෂ දෙයක් කීවේ අවශ්‍ය තොරතුරු දිය නොහැකි නිසා ය. කෙසේ වෙතත්, අපට වැදගත් වන්නේ ස්වාභාව ධර්මය තුල වන සියලු දෑ එක ගොඩට දමා එක හැන්දෙන් බෙදිය හැකි ද යන්නයි. අප අවට වෙන සියලු දෑ 'ඉතා සූක්ෂම ව' බැලූ විට ඒවා පැහැදිලිවම කොටස් දෙකකට බෙදිය හැකි බව පෙනේ. එක කොටසක් බොහෝ අය දකින කිසිදු භේදයක්, තේරීමක්, සෙවීමක් බැලීමක් නැතුව වෙන දේවල් බව පැහැදිළි ය. එහෙත් විශ්මය දනවන්නේ අනෙක් කොටසට අයත් වන දේවල් ය. සැබැවින් ම, සිතාමතා, අවශ්‍ය වන ඵලයක් ලබා ගැනීමට කල බව සනිටුහන් කරන සිදුවීම් කෙසේ එලෙස වූයේ ද? ඒ විතරක් නොව එම සිදුවීම් සමාන තත්ත්ව යටතේ නැවත නැවත සිදුවීම ය.

සිතාමතා අවශ්‍ය වන ඵලයක් ලබා ගැනීමට කල බව සනිටුහන් කරන සිදුවීම් ගත් කල සිංහලයන් කී දෙවියන්ගේ තොරතුරු සිහි වේ. මෙහි දී ඔබද සැලෙන යමක් කීමට සිත් විය. ඒ මහා භූමි කම්පා තුලින් නැසී ගිය ශිෂ්ඨාචාරයන් ය. ඒ හැම ශිෂ්ඨාචාරයක් ම ඒ අවධියේ හැසිරුන ආකාරය ද සම වීමත් එවැනි තත්ත්ව යටතේ දෙවියන් කරනවා යයි සිංහලයන් කියා ඇති දේත් ගැලපීම අපූරුය. දෙවියන් සමාජය පිරිහී අන්තයට ගිය කල කෝප වී විනාශ කරනවා යයි කියන කතාව මේ සිදුවීම් තුල පැහැදිලිව සටහන් වී ඇත. එසේ ම ඊට පෙර අනතුරු හැඟවීම් කරන බව ද කියා ඇත. එසේ නම් දිය හැලියේ සෙල්ලම් කරන කකුලුවා වතුර නැටීමට පෙර දැනෙන රශ්ණය ගැන තැකීමක් නොකලා සේ, උන් ද ඒ ගැන නොසිතා සිටිය යුතුයි නේ ද? මහා පරිමාණ භූමිකම්පාවකට ක්ෂණිකව මග පෑදීමක් නොවන බව පෙන්විය හැක. එසේ නම් පෙරනිමිති ලෙස සුළු සුළු සෙලවීම් ද ජලයේ උණුසුම වැඩි වීම ද වැනි තවත් ඒකීය ලක්ෂණ පෙන්වන බව ඒ ගැන හැදෑරූ විට පෙනේ. අද ලංකාවේ සමාජය පිරිහීමට අමතරව, තැන තැන මෙවැනි පෙර ලක්ෂණ සිදුවීම ගැන අවධානය යොමු කරමු. පුවතකට අනුව, පීඩා විඳි අම්පාරේ ගැහැණියක කීවේ, මේ සියල්ල ගිය සිංහල අවුරුදු දින සිට ඇරඹුන බව ය. මම දියසේන ගැන කියන විට ඒ ගැන යමක් කී බව මතක් කරමි. ඉදිරි කල එය ප්‍රත්‍යයක්ෂව දැනගත හැකි වේ යයි සිතමි.

මා සොයාගත් එවැනි සුවිශේෂ සිදුවීම් සියල්ල තුල ම, ඒ සිදුවීම්, සිතා මතා තීරණයක් ගෙන, යම් පරමාර්ථයක් උදෙසා කල බවට පැහැදිලිව සළකුණු තබා ඇති බව දුටිමි. ඇසට නොපෙනන අයගේ කෙරුම් සිදුවන දේ තුල ඉතිරි වන සළකුණු තුලින් දැකීම සිංහලයන් කී දේ සැබෑවක් යයි කීමට තරම් ප්‍රබල ය. සිංහලයන් කියා ඇති දේ අත්හදා බලා තහවුරු කරගැනීමේ මගක් මට ලැබින. එවැනි උත්සාහයක දී සිංහලයන් සමහර අපරාධ කලාම හෙණ වැදියන් යයි කියන කතාව තහවුරු කිරීමට උත්සාහ කලෙමි. එක වරක් එවැනි දෙයකදී හදිසියෙ ගැසූ හෙණය ස්වාභාවික දෙයක් යයි මම කිසි සේත් විශ්වාස නොකරමි. මුළු පළාතෙම විදුලි බලය නැති විය. මගේ පරිඝණකය ගැන දුක්වීමි. පසුව යථා තත්ත්වයට ආ පසු මට කිසිදු හානියක් නොවුව ද වටේ තිබුන මෙන්ම දන්න කියන අයගේ උපකරණ ද පිලිස්සී ඇතැයි දැන ගතිමි. තවත් අත්හදා බැලීමකදී එක්තරා සිදුවීම් වැලක් සිදු විය. එක් තැනක හිමියා අන්ද මන්ද වූ බව වාර්තා විය. මේවා නිකමට කීවත්, කලේ ඊට ප්‍රතිචාර ලැබීම නොලැබීම මත ඇත්ත නැත්ත තහවුරු කර ගැනීමට ය. එවැනි තව දෑ කලත් කීම නුසුදුසු යයි සිතමි. කෙසේ වෙතත් නොපෙනෙන නොතේරන දේ දැන ගැනීමට මගක් සොයා ගත යුතුය. එය ඔබගේ ද උත්සාහය විය යුතු නිසා, මා සමඟ අත්හදා බැලීමට මගක් කියමි. හැකි නම්, මට එරෙහි වී, පරුෂ වචනයෙන්, දැඩි වෛරයෙන්, මා කියන දෑ හෙළා දැක මට බැන වැදී ප්‍රතිචාර දාන්න. ඔබ ලබන අත්දැකීම් හුවමාරු කර ගමු. අවංකබව කොතරම් ප්‍රබලද යන්න මම අත්දැකීමෙන් දනිමි.

අප කරන දේ අනුව අපට ඵල ලැබේ යයි කියනු නොඇසූ බෞද්ධයකු නැති තරම් ය. එය අප අවට වෙන සිදුවීම් වලින් ද තහවුරු වන දෙයකි. කරන යන වදන හින්දු වහරින් කර්ම වීම අප මුළාවීමට තරම් ප්‍රබල දෙයකි. එහෙත් එය කෙසේ වෙනවා දැයි තේරුම් කර නැත්තේ නොදත් නිසා බව පෙනේ. යමෙක් තවෙකෙකු නසයි නම් සිරගත වේ. එය සැබෑවකි. එහෙත් සිරගත වන්නේ නැසීම කල එකා හෝ නැසුනු එකා නිසා නොව එවැනි නැසීම් වලට දඬුවම් කල හැකි බලගතු ආයතන වන පොලීසිය, උසාවිය, හිර ගේ තිබුනු නිසා නොවේ ද? එසේ නම් එවැනි ආයතන අක්‍රීය වූ අද වැනි කලක, අපරාධ කරන උන් ඒවාට ස්වාභාවිකව දඬුවම් ලබයි නම්, එවැනිම හෝ ඊට වඩා බලගතු යමක් තුලින් සිදුවිය යුතුයි නේ ද?

මිනිසා වැනි අතිසංකීර්ණ අංඟ සම්පූර්ණ නිර්මාණයක් බිහි වීමේදී, එහෙන් මෙහෙන් අටවා හදා ගත් නූතන උපකරණයක් තම කාර්යයට උචිත නොවන විට කසලගොඩට දමනවා වැනි, ඵලක් නැති ජීවයක් වූ විට අයින් කිරීමට මගක් නැති යයි සිතිය හැකි ද? සොයාගත් දේ අනුව ජීවීන් බිහිකිරීමේ දී පදනම් වූ පරමාර්ථ තහවුරු කිරීමට කැප වූ කොටසක් ඇති බවත්, හොඳට නරකට දෙකටම ඔවුන් සම්බන්ධ වන බවත් තහවුරු වේ. ක්‍රියාත්මක වීම ඉතාමත් දියුණු අංඟ සම්පූර්ණ රටාවක් තුල වන බවත් තහවුරු වේ. එසේම ක්‍රියාත්මක වන ආකාරයන් ද සිංහලයන් කී ආකාරයට ම වන බව තහවුරු වේ. එහෙත් එවැන්නක් නැති බව ඒත්තු ගැන්වීම/පෙන්වීමට උත්සාහ කිරීමක් හා, කල විට නිශ්චිත සළකුණු තැබීම ද ඉතාමත් සාධාරණ බව පැහැදිලි ය. කෙටියෙන් කියනවා නම් අපට පෙනෙන හා නොපෙනෙන දෙවියන් ඇත. අත්හදා බැලීම් තුලින්, සියලු තීරණ, ජීවිත රැකීමට හෝ පැවැත්ම තහවුරු කිරීමට පාදක වූවන් ය. බෞද්ධයන් කර්ම කියන්නේ මේ පදනමට අයත් දේ වලින් සුළු කොටසකට බව පෙනේ. ඒ අතර තම වාසියට ගෙතූ කෙප්ප ද බොහෝ ය. දෙවියන්ට පින් ඕන යයි කීම වී ගබඩාවක් ඇතියෙකුට පාන් ලෙල්ලක් දී කුසගිනි නිවාගන්න කියන හිඟන්නෙකුගේ කතාව වැනි ය. කුසල් අකුසල් පින් පව් වැනි අසිංහල බහුභූත වචන අමතක කර "හොඳ, නරක" යන වදන් අනුව කල යුතු නොකලයුතු දෑ තේරුම් ගත යුත්තේ, ජීවිත රැකීමට හෝ පැවැත්ම තහවුරු කිරීමට පදනම ගොඩ නැගීමෙනි. එවිට දෙවියන් ගැන බිය විය යුතු නැත.

දෙවියන් යනු ජීවීන්ගේ පැවැත්ම රැකීමට කැප  වූ, හිරුගේ තේරීම් වලට කැප වූ, සාමාන්‍ය මිනිසුන්ට වඩා සුවිශේෂ හැකියාවෙන් හැදුනු, විවිධ කාර්ය වලට ගැලපූ කොටසක් ලෙස සැලකිය හැක. දෙමව්පියන්ට බිහිවෙන දරුවන් අතර ඔවුන්ට වඩා හැකියාවන් ඇති, වැරදි මග යන හෝ දුබල වන ජීවයට අවශ්‍ය දෑ කර රැකිමට හැකි දරුවන් ඇති බවට සමාජය තුල සාක්ෂි ඇත. එම සුවිශේෂ දරුවකු නිසා නැවත පණ ගසා නැගි පවුල් ද එවැන්නකු නොලැබ නැසී වඳ වී ගිය පවුල් ද සොයාගත හැක. එවැනි සුවිශේෂ දරුවන් දෙවියන් හා සැසඳෙන ගතිගුණ ඇත්තවුන් බව විමසා තහවුරු කර ගත හැක. සිංහල අවුරුදු සංක්‍රාන්ති කාලය (නොනගතය) තුල ඉටු දෙවියන් සැමරීම කල යුතු යයි කියවේ. අද එහි අරුත ගිලි හී ඇති අතර, සමහරුන් මිනිස්කම පිළිකුල් කරන්නන් වැඳ සිංහලකමට නින්දා කරති. සැබැවින්ම ඉටු දෙවියන් කියන්නේ අප රැක බලා ගැනීමට කැප වූ, සුවිශේෂ දරුවන් හා අනේක විධ වෙස් ගෙන අප ජීවත් කරවීමට වෙර දරණ දෙවියන්ට ය. ඔවුන් නොවන්නට අපට වාසනාව කියා දෙයක් නැති වීමත්, ජීවිතය ශාපයක් වීමත් උරුම ය. සිංහලයන් කියන ඉටු දෙවියන්, තම පවුලේ, තම ආදරය දිනූ, පෙර දෙමාපියකු වීමට ඇති අවස්ථාව බොහෝ ය. ඔවුන්ට ගරුසරු කිරීම, සිහිපත් කිරීම, මළවුන් වැඳීමක් ලෙස කියන නරුමයන් බෞද්ධයන් අතර සිටින බව කියමි. නොදැන අනුන්ගෙන් පිටපත් කල දැනුමෙන්, නැවත නැවත ඉපදීමක් ගැන බයිල ගැයුව ද, උන් දන්නා කෙංගෙඩියක් නැතැ යි කියමි.

දෙවියන් ගැන කීවා ඇති යයි සිතමි. තව බොහෝ  අදෘෂ්‍යමාන නාමිකයන් සිංහල වහරේ ඇත. දෙවියන් හොඳ අය යයි කීවෙමි. වඩා නිවැරදිව කියනවා නම් "හොඳට හොඳ නරකට නරක" අය යයි කිව යුතුය. එසේ කීවේ, "දෙවියන්" කියන්නේ මිනීමරණ උන්ටද මෛත්‍රී කරනට තරම් මෝඩයන් ලෙස හුවා දක්වන මුලාකරන උන්/ආකම්කාරයන් ගේ වැදිබණ නැසීමට ය. ඔබ හොඳ නම් නරක උන්ට වෙන දේ ගැන ඔබ නොදනී.

ජීවිය බිහි කිරීමේ දී විවිධ දෑ කිරීමට හැකි ලෙස පදනම සැකසී ඇත. එසේම පරමාර්ථයක් ද ඇත. ඉන් පිට යාමට තහනම් කරන බාධක යොදා ඇත. සරල උදාහරණයක් ගනිමු. කාරයක් බිහි කිරීමේදී පාරක යාමට අවශ්‍ය හා හමුවන අවශ්‍යතාවලට ගැලපෙන ලෙස උපාංඟ සකසා ඇත. එසේම එය හැසිරවීමට හැකියාවන් ද එහි ඇති සීමාවන් ද ඇත. එහෙත්, යමෙක් එය වෙන දෙයක් කිරීමට හෝ පෙරළා කුඩු කිරීමට උත්සාහ කරයි නම් ඊට ද පිළිතුරු දිය යුතු වේ. අපි කාරයක් භාවිතා කරන විට මුහුණ දෙන අභියෝග දනිමු. එසේ නම් අතිසංකීර්ණ ජීවීන් බිහි කිරීමේ දී මුහුණ දිය යුතු අභියෝග ද, නිසි මග යැවීමට ද, නිසි ලෙස ක්‍රියාත්මක වීමට ද කොතරම් අංඟෝපාංඟ ඇති දැයි සිතා බැලීම වටී. අප අතර නොයෙකුත් කතා ඇත. ඒවායින් කියන්නේ ද එයමය. බිහි කල අය අපට කලයුතු නොකලයුතු දෑ කියා දෙන්නෙ ස්වභාවයෙන්මය. හරියට නොකල විට, පිටු පෑ විට, ඊට නිසි ප්‍රතික්‍රියා දැක්වීමට ද කැප වූ බිහි කිරීම් ඇත. ඇවැසි නම් හරි මගට ඒමට මං පෙත් ද කියා ඇත. බිහි කල අය කොතරම් අවංක ද කියනවා නම්, හොඳට නරකට දෙකටම කතාවට සීමා නොවූ ක්‍රියාවෙන් පිළියම් යෙදෙන විදියක් ද සකසා ඇත. නොදන්නා උන් කී හිතළු හල විට, රාක්ෂයන් (යක්ෂයන් යයි කියන්නේ අරුත් නොදත් උන් ය. මේ වචනය වෙන අරුතක් දෙන එකකි. දක්ෂ පක්ෂ යන වචන එක අරුතක් නොදෙන්නා සේ රාක්ෂ, යක්ෂ එක අරුතක් නොදෙන බව කියමි. මේ ගැන පසුව කියමි.) යනු එවැනි විශේෂ අදෘෂ්‍යමාන නාමිකයන් කොටසකි. යක්ෂ යන දෘෂ්‍ය හා මිනිස් වර්ගීකරණයට අදාළ වචනයකි.

තවත් අදෘෂ්‍යමාන නාමිකයන් කොටස් බොහෝ ය. අමනුෂ්‍යයන්, මළපෙරේතයන්, කුම්භාණ්ඩයන්, පිසාචයන් යනාදි නම් ඇති උන් ඇත. අද උන් බොහෝ දෙනා මිනිස් වෙස් ගෙන ආකම් අදහන නිකමුන් ලෙස ද සිටී. මිනිසුන් ලද සුවපහසු ජීවිතය තුලින් උන් රිංඟාගෙන අනුන්ගෙන් යැපෙන නිකමුන් ලෙස සිටීම ගැන අරුමයක් නැත. අද, මිනිසුන් උන් යැපීමට වෙහෙසෙන වැඩකාරයන් යයි කීම නිවැරදිය. මේ සියලු අවතාර අතීතයෙන් එකතු වූ කසල ය. අභියෝගයෙන් පරාජය වී නැවත ඉපදී අභියෝග වලට මුහුණ දිය නොහැකි බිය ගුල්ලන් ය. සමහරුන් දේව කෝපයට හසු වූවන් ය. සමහරුන් තම වර්ගයා වඳ වී ගිය නිසා උපතක් නැති උන් ය. සමහරුන් මිනිසුන් ලෙස ඉදිරියට යාගත නොහැකි වූවන් ය. අවතාරය නොනැසෙන නිසා තවමත් රැකී ඇත. අවතාරය බිහි කල හිරුට එය ඇති, නැති වෙනස් කිරීමේ හැකියාව සතු බව ඉහළ පෙලේ අධ්‍යයනයකින් තහවුරු වේ.

අදෘෂ්‍යමාන නාමිකයන් අතර තවත් කොටසක් ඇත. ඒ ගතක් ලැබීමට නොහැකිව ඉන්නන් ය. තමන්ගෙ තත්ත්වය, තමන් කොතරම් දේව ගති ඇති ද යන්න මත තීරණය වේ. අප දකින ලෝකය අපි නොදකින සුපිරි ලෝකයක සරල පිටපතක් යයි කීම මා කී දේවල් තේරුම් ගැනීමට මග පාදයි.

අපේ පැවැත්මට දෙවියන් කෙතරම් ඉවහල් වේ ද යන්න ගැන විස්තර බොහෝ ය. එලෙසම නරක වැඩ කරන උන්ට යන කල ද කිව යුතු ය. ක්‍රියාවෙන් මිස කතාවෙන් ඵල නැත. එසේ ම තමන් කරන දේ හරි යයි සිතූ පමණින් එය හරි ක්‍රියාවක් නොවේ. අද සිංහල යයි කියාගන්නා බොහෝ අය තම අනාගතය ගැන බිය වෙති. විශේෂයෙන් ම තම්බීන්ගෙ තර්ජනය ගැන ලත වීම ප්‍රබලය. මේ විශ්වය තුල වෙනස් නොවන හෙවත්, ඕන වුනත් වෙනස් නොකරන පදනම් වූ ගති ලක්ෂණ ඇත. ඒවාට පිටින් යාමට හැකි වන්නේ හිරුට පමණක් බව කල සෙවීම් වල දී තහවුරු විය. හිරු යනු කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද තම අරුමුණු වලට තදින් බැඳුණු කෙනෙකි. ඒ නිසා සිංහලකම නැතිකරගත් අයට ද දෙවියන් පිහිට නොවන බව, අද වෙන සිදුවීම් තුලින් දැකිය හැක. මෙතෙක් වූ දේ තුල, ඉදිරියට වෙන දේවල් හඳුනාගැනීම උදෙසා නොකීමට සිතූ දෙයක් ඊ ළඟ ලිපියේ ලියමි. එහි නම "දේව කෝපය හඳුනා ගමු" ලෙස දැමුවේ කියනවාට වඩා අත් දැකීමෙන් දැන ගැනීමට ය. මේ තුලින් යම් ආකාරයක අනාගත වැකියක් ද කියවේ.මා ඉහත කී feedforward control යනු සැබැවින්ම මෙතෙක් ආ මග තුලින් හෙට වෙන දේ කියන, හෙට අද වූ විට තමන්ම නිවැරදි වන විදියක් ගැන කියන දැනුමේ සුළු කොටසකි. ඊ ළඟ ලිපිය එය දෙවියන් කරන දේ දැකීමට යෙදීමකි. දෙවියන් යනු පිඟන් බඩු කඩයකට පැන ඒවා කඩා බිඳ දමන කුළුහරකුන් වැනි අය නොව, පුළුවන් තරම් උත්සාහ කර, මග පෙන්වීමට වෙර දරා, ඒ සියල්ලෙන් ඵලක් නැති තැන කලයුතු අන්තිම දේ කරන අය ලෙස දකිමි. එසේම ඔවුන් ද හිරුගෙ දැනුමෙන් තොරව හිතු මතේ තීරණ නොගැනීම ද ප්‍රථිඵල තුලින් පෙනේ. එසේ නොවන්නට බොහෝ සිංහල යයි කියන උන් අද අර අදෘෂ්‍යමාන නාමිකයන් විය යුතු ය. ඒ, උන් සිංහල වන්නේ නමට පමණක් නිසා ය. එහෙත් ඒ උරුම වූ විශේෂ තත්ත්වය, ගිය වසර ලැබු දින සිට ගිලිහෙමින් පවතින බව සැබෑ සිදුවීම් තුලින් තහවුරු වේ. තව විස්තර ඊ ළඟ ලිපියේ ලියමි.
 

2 comments:

  1. මේ ලිපි පෙලේ සඳහන් වන, මේ අප්‍රේල් මාසයේ සිංහලයන්ට නැගිටීමට අත දෙන දියසේනයන් ඔබතුමාමද? නැතිනම් ඔබ දන්නා හඳුනන කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. ආධුනික කිව්වට ඔබ ඇසුවේ ඉතා බරපතල පැණයක්. මම දියසේන ගැන සිංහලයන් කියපු දේවල් තමයි ලිව්වේ. එතන මම සිංහලයන් කී දේ පමණක් නොව, මිනිසුන් වරදා ගත් තැනුත් පැහැදිලි කලා. ඒ අනුව ගොස්, ඒ කියපු ඒවා බොරු නොවන බවත්, ඊට ගැලපෙන එක් අයෙක් ඉන්න බවත් ස්ථීරව ම කියමි.

      ඒත්, මේ ලිපි ලියන මම කරන්නේ, සිංහලයන් ගැන සොයාගත්, සැබෑ කියල තහවුරු වුන දේවල් ලිවීමයි. ඒවා ගැන දැන ගන්න, මම වැදගත් නොවන බව කියන්න ඕන. ඕනම කෙනෙකුට තමන් විසින් ම සහතිකව සොයා ගත හැකියි. අවශ්‍ය හැකියාවල් ලබාගන්න හැටිත් මට කිව හැකියි.

      ගොඩක් අය දියසේන කියන නම තමන් හැඳින්වීමට යොදා ගත් එකක් නිසා, ඒ මම යයි, "නමක්වත් නැති" මම කිව්වත් පිළිගන්න එපා. අප කරන බලවත් වැරද්දක් තමයි අවශ්‍ය කාරණාකාරණා දැන දැනත්, ඒවා නොසලකා හැර, කවුරු හරි කිව්වම ඒක එහෙමයි කියල භාර ගැනීම. මම දියසේන ගැන ලියපු දේවල් සිංහල මිනිසුන් කියල තියෙන්නේ රාවනාගේ කාලෙටත් පෙර. ඒ මත සිට කෙනා දැන ගන්න.

      මම හිතන හැටියට දියසේන කරන දේවල් හුඟක් වෙනස් විදියකට වෙන්නෙ. උපදින වෙළාව තැන දිනය නම කිව්වා නම්, ඊ ළඟට කරන ඒවාත් විස්තර ඇතිව කිව්වා නම්, ඉතිරි ටිකක් ඒ විදියට විය යුතුයි නේ ද? දැනට දන්න හැටියට ලබන සිංහල අවුරුද්දත් මේ අවුරුද්ද වගේම හෝ ඊට වඩා වැදගත් වසරක් වේවී. අනෙත් ජාතිකයන් බියවීම පොදු වුනත්, සිංහල අයට තමන්ගෙ හොඳම තාත්තා, එහෙම නැත්නම් හොඳම අම්මා එනවා වගෙයි කියලයි මම හිතන්නෙ.

      තාත්තා, ඔබ රකින, මග පෙන්වන කෙනා. මව, ඔබ සනසන, කුස ගින්න නිවන කෙනා. සිංහල දරුවන් බැලමෙහෙ කරපු, හිඟාකාපු, දුක් විඳපු කාලෙ ඉවර වේ යයි මම සිතමි. තම්බින්ට, දෙමළුන්ට, සුද්දන්ට නම් කාපුව වමාරන කාලෙ ලබනවා වගෙයි කියල දැනටම ලකුණු පහල වෙලා.

      වේලාව අඩු වුවත්, වෙන හරි, විය යුතු හරි, දේ කීමට මම බලාපොරොත්තු වෙමි. මම හිතන හැටියට අපට නැවත මනුෂ්‍යයන් ලෙස ජීවත්වීමට අවස්ථාවක් ලැබේවි. අද නම් අපේ ජීවිත දම් වැලෙන් බැඳපු හරකුන්ටත් වඩා අන්තයි නේ ද? අපේ මහන්සියෙන් සැප විඳින්නෙ කිසිම වැඩක් නොකරන අය. (මොවුන් මිනිස් වෙස් ගත් සතුන් යයි පෙන්විය හැක. එවැන්නන්ට මිනිස් සිරුරක් ලැබුන ද ඵලක් නැත්තෙ ඒවා ක්‍රියාත්මක කිරීමට හැකි සිතක් නැති නිසා ය.) හරකුනුත් ඒ වගේ වැඩ කලාට, අඩු තරමින් උන්ට කන්න බොන්න ඉන්න හිටින්න හරි නිකම් ලැබෙනවා. අපි ඒකටත් සල්ලි හොයාගන්න ඕන නේ ද?

      විශේෂ යමක් තියෙනවා නම් දියසේනගෙන් අහන්න. උත්තර ලැබුනොත් බ්ලොගේ දාන්නම්.

      Delete

Note: only a member of this blog may post a comment.