Tuesday, 12 February 2013

රාවණා හා හෙළය හඳුනා ගමු

අද ඉතිහාසය සොයන ඉංග්‍රීසි විදිය ගැන කතා නොකර ඉහත මාතෘකාව ගැන කතා කිරීම සුදුසු නැත. ඒ ඉංග්‍රීසි විදිය කෙතරම් සාර්ථක දැයි බැලීම අත්‍යාවශ්‍ය නිසාය.

ඉංග්‍රීසි විදියට අනුව අතීතය සොයන ගවේෂකයන් තම වෘත්ත්තිය ලෙස ද ඉතිහාසය සොයන නිසා, එවැනි මුදලට සේවා සැපයීමේ දී බැඳීම් කෙසේ බලපානවා දැයි දත යුතුය. මා ඉංග්‍රීසි විදිය යයි කීවේ එය මුලින් ම භාවිතා කලේ ඉංග්‍රීසින් නිසා ය. ඉංග්‍රීසි විදියට අනුව දැකීමට හැකි සාක්ෂි මත ඉතිහාසය ගොඩ නඟන්නේ එම සාධක මුල් කොට සොයන්නා ගොතන කාරණා මත ය. මෙම කාරණා අළුත් වුව ද කලින් ගෙතු කාරණ වලට අණුකූල විය යුත්තේ සුදුසුකම් එමගින් මිස වෙන විදියකින් නොලැබෙන නිසා ය. නොඑසේ නම්, ගවේෂකයන් තම වෘත්ත්තිය ලෙස ද ඉතිහාසය සොයන්නේ මුලින් සැකසූ පදනම දිගටම රකිමිනි. සිංහලයන්ට ඉංග්‍රීසින් නැවත හමු වුනේ මෑතක දී ය. ඒ ආක්‍රමණිකයන් ලෙස ය. ජාතියක් ලෙස ඉංග්‍රීසින්ට ද ඉතිහාසයක් තිබුන ද, ආක්‍රමණයෙන් හා සමූළඝාතනයෙන් උදුරා ගත් රටවල් වෙන අයගේ නොවන බව පෙන්වීමට දරපු වෑයම කොතරම් ද කියනවා නම් සමහර රටවල සිටි මිනිසුන් මිනිසුන් නොවේ යයි නීති ගත කර, උන් මරා දැමීම අපරාධයක් නොවන තැනට පත් කෙරිණි. එවන් ජාතියක් ඉතිහාසය සෙවීමට කෙබඳු පදනමක් යෙදුවේ ද යන බව එසේ උදුරාගත් රටවල අතීතය ගැන කතා කරන අයුරින් පැහැදිළි වේ. ඉංග්‍රීසින්ට  අනුව එවැනි රටවල ස්වදේශිකයන් ද උන් මෙන් සංක්‍රමණය වී මුල් වැසියන් නසා බිම් පැහැර ගත් උන් ය. එවැනි අපරාධ කාරයන් නසා භූමිය පැහැර ගැනීම අපරාධයක් නොවන බව,  අද එම අල්ලාගත් භූමිවල අයිතිය මුළු ලෝකයාම පිළිගැනීමෙන් පැහැදිළි වේ. මිනිසුන් එසේ මුලා වුව ද, ස්වභාවික ඇත්ත ඉතිහාසය වසන් කල නොහැක. ඒ ගැන කලින් මිනිසුන්ගේ (සිංහලයන්ගේ) බිහිවීම ගැන කියන විට හේතු දැක්වීමි.

කෙටියෙන් කියනවා නම් මායිම් ඇඳ ගල් සිටුවා මේක මගේ යයි ගල් වල කොටා, පොත් වල ලියා නැති නම් එම බිම තමන්ට අයිති නැත. තිරිසන් සතුන් ලෙස බැලූ විට, මුත්‍රා කර, මලපහ කර, ගඳ යුෂ ඉස කරන මායිම් සලකුණු කිරීම මීට කොතරම් සමාන ද? මේ විදිය සිංහල සමාජය තුල බිහි වී නැත. ඉන් අදහස් වන්නේ මායිම් ලකුණු කිරීමට තරම් තරඟකාරි පරිසරයක් නොතිබීම නොවේ ද? සැබැවින් ම මේ කාරණය ද සිංහලයන් හැර වෙන මිනිසුන් නොසිටි බව තහවුරු කරයි. මායිම් සළකුණු කිරීම තම වර්ගයේ උන්ට දැන්වීමක් ලෙස තිරිසන් ලොවේ සාක්ෂි එමට ඇත.

කෙසේ වෙතත්, අද සිංහල ඉතිහාසය සොයන්නේ ද ඉංග්‍රීසි විදිය අණුකරනය කරන ආචාරි, මහාචාරී, අනාචාරී ගුරුන් ය. කාටවත් කියවන්න බැරි අකුරු ඔවුන් කියවා අරුත් දෙන විට පොතේ ගුරුකමට වඩා දිවැසින් කීම වැනි ය. දිවැසින් කීම කොතරම් වැදගත් දෙයක් දැයි කියනවා නම් ඉන්දියානුවන් නළලේ තව ඇසක් පාට උලා මවා පෙන්වති. දිව්‍ය ඇස් වලින් කීමට එසේ කරයි නම්, දිව්‍ය අං වලින් කීම තිබුනේ නම්, උන් අං තට්ටු කීයක් ඔළුවේ බැඳ ගනී ද? දිවැසින් කීම ගැන අප දත් දෑ පසුවට කියමු. මෙතැන කීවේ කොතරම් තම ගෙතීම් තුල හිර වී ඇති ද යන්නයි. ආරේ ගුණ නෑරේ කිව්වා සේ, තම මතය ගොඩ නඟන්නේ ද සුදුසුකම් ගැනීමට ගෙතූ ආකාරයට ම, මා මුලින් කී ඉංග්‍රීසින් බිහි කල පදනමට සරිලන ලෙස ය. ප්‍රධාන ආරේ අය සිංහලයන් ගැන ඉංග්‍රීසින් මැව් බයිලා තනුවට ගැලපෙන ලෙස තම ගොරහැඩි කවි කියති. එහෙත් මෑතක දී අග මුල පටලාගත් කිහිප දෙනෙකු තමන් දුටු ඉන්දියානු කාව්‍යයයන් කියවා මන් මත් වී, ඉංග්‍රීසින් මැව් බයිලා තනුව  දමා ඉන්දීය බයිලා සිංහලට පරිවර්තනය කර, අපේ මාතෘකාවේ හිමිකරුට පණ දී ඇත. මේ කතා තුලින් ඇති වූ කුහුළ නිසා අප ද රාවණා කවුදැයි සොයා ගියෙමු. මා මේ මුළ පුරන්නේ එය කීමට ය. ඒත් ඊට කලින් මිනිසුන්ගේ හැසිරීම පාලනය කරන ආකාරය නොදැන, අප සැම සමානයි යන විකාර කතාවෙන් මිදීම අවශ්‍ය නිසා ඒ ගැන කියන්න ඕන.

අපේ හැසිරීම අප පාලනය කරනවා කියන සිතුවිලි වලට මුවා වීම ඇත්ත දැකීමට බාධා කරනවා. නිවුන් දරුවන් වත් එක විදියට නොහැසිරෙන ලෝකෙ, එක සමාන දෙන්නෙක් සෙවීම කළු නික සෙවීම වැනි ය. නික යනු වෙදහෙදකමට ගන්නා ශාකයක්. කළු නික කියා දෙයක් නැත. අදහස් කලේ නැති දෙයක් කියන එකයි. ඉතින් පොදු අංඟ ගත්තම සමාන මිනිසුන් මෙතරම් වෙනස් ඇයි? මෙහෙම ප්‍රශ්ණ ඇසිය යුතුමයි. එහෙම නැතිව අපි නොදත් රහස් දැන රහස් දත් (රහත්) බවට එන්නෙ නෑ. ඇපල් ගෙඩිය ඔළුව උඩට වැටුනම ඒ ඇයි කියල අහපු අයිසික් නිව්ටොන් පස්සෙ කොච්චර ප්‍රසිද්ධ වුනා ද? ඒත් රහස් දත් (රහත්) වෙන්න කොච්චර දේවල් දැන ගන්න ඕන ද? ඉතින් රහත් නූනත් ඒ ඇයි කියල අහපු එකට උත්තර සොයමු. අපි කොච්චර වෙනස් වුනත්, මහා පරිමාණයෙන් වෙනස්කම් ගොඩ ගැහුවම ඒ ගොඩ අපේ ජාතිය පිළිබිඹු කරනවා. ඒ නිසයි අප ජාතියක් විදියට රැකෙන්නෙ. මේ කතාව ලොකු නම් පුංචි උදාහරණයක් ගමු. වේ රැජිණගේ මුල් වීමෙන් නානා ප්‍රකාර වර්ගයේ වේයෝ බිහිවෙනවා. වැඩ කරන්න, යුද්ධ කරන්න, පැටව් බලා ගන්න වගේ විවිධ කාර්යයන් සඳහා වේයෝ බිහිකරනවා. හැබැයි මේ ඔක්කොම එක අම්මගේ පැටව් නේ ද? සමහර පැටව් උපතින් ම බිල්ලට දීමට තමයි හදන්නෙ. ඒත් මේ ඔක්කොම නැති නම් වේ හුඹස් වල වේ සමාජයක් පවතී ද?  මේක වේ රැජිණ කරන දෙයක් නොව, හැම සත්ව කොටසකටම හිමි රටාවක එක ජීව භාවිතයක් විතරක් බව ස්වාභාවික දත්ත කියනවා. තව තලයක් උඩට නැග්ගොත් ජීවී වර්ග සියල්ලමත් මේ සුවිශේෂ රටාවට අනුව බිහි කරල තියෙන්නේ කියල පෙනෙනවා. ඒ ඔක්කොම එකතු වෙලා තමයි ජීවීන්ගෙ ලෝකය රැකෙන්නෙ. මෙතන ජීවීන් කිව්වෙ ශාක සත්ව යන දෙපළුව එකතු කරලයි. රහත් වුනොත් තව ගොඩක් දත හැකියි.

දැන් කතාවට පදනම දාල ඉවර නිසා ඔළු දහයක් ඇති රාවණා ගැන කතා කරමු. මම කිව්වේ අර ඔළු බක්කො නටන කෙනෙක් නොව, සමහර ආචාරි මහචාරි කට්ටිය ඉතා බුද්ධිමත් ආදි සිංහල නායකයෙක් කියල කියන කෙනයි. ඒ අය ගොඩක් තොරතුරු සොයාගත්තේ ඉන්දියානු හින්දි හා දෙමළ පොත පතින්. රාමායනය කියන ඇස් බැන්දුමත් සෑහෙන වටින උල්පතක්. දෙමළ කට්ටිය ඔළු දහයක් මැට්ටෙන් හරි ලීයෙන් හරි හදල, එයාල වගේ චරිතයක් පෙන්වන දෙවියෙකුට පුදපූජා පවත්වනවා. හින්දු කට්ටිය නම්, එයා දැනුම දුන්නේ කියන ගමන්, වසරකට සැරයක් ඒ වගේ පඹයෙක් පුච්චනවා. ලංකාවෙත් දෙමළ කට්ටිය කරන දේවල් කරන සිංහල කතා කරන අයත් ඉන්නවා. ඒත් මේ මෑතක් වෙනකම් මම ඉපදුන මාතර පැත්තෙදි අහලවත් නැති කෙනෙක් ගානයි. හැබැයි රාවණා කියන නම දෙන දිය ඇලි, ගම් නියම් ගම් විතරක් නොවෙයි කුඩා රාවණා මහා රාවණා කියල පුංචි දූපත් දෙකකුත් ඒ පැත්තෙ තියෙනවා. මට පේන හැටියට පුදපූජා කරන අය දකුණු ඉන්දියාවේ චාරිත්‍ර අණුකරණය කරන නිසා ඒවා මෙහෙට අරං ආපු උරුමය කියල හිතෙනවා.

වල්පල් කිව්වට ඇත්තටම රාවණා කියල කෙනෙක් හිටිය ද කියල බලමු. එහෙම නොහිටිය නම් මෙච්චර කතන්දර පවතිනව ද? රාවණ කියල එක් කෙනෙක් නොවෙයි බොහොමයක් ඉඳල තියෙනවා. මේ අය කතා කරන්නේ අන්තිම රාවණ අධිරාජයා ගැනයි. නායකයා වීමට හිරුගෙන් පැවතෙන අයට පමණයි වරම් තියෙන්නේ. සමහර අය නමෙන් ඒ උරුමය ගන්නවා. අද වෙන කොට ජපානෙ වගේ රටවල එකම ජාතියට අධිරාජ වුන අයත් සූර්යයාගෙන් පැවතෙනවා කියලයි කියන්නෙ. මිනිසුන් බිහිවෙලා ක්‍රමයෙන් වැඩි වෙන කොට සිංහලේ නොයෙකුත් ප්‍රදේශවලට පැතුරුනු බවට දත්ත ඇත.

මෙහි දී ලංකාව කියන්නේ කෘතීමව බිහිකල මිනිස් තවාන් හදපු තැනක්. එක එක පරිසර තියෙනවා. ඒකේ හදපු මිනිස් තවාන ගෙඩිය පිටින් ගෙන ඊට ගැලපෙන බාහිර රටක පදිංචි කල බව පෙනෙනවා. මායා රටේ හිටපු තවාන තමයි අද ලෝකෙ අනිත් පැත්තෙ හිටිය කියන මායන් ලා. අරුමයකට තියෙන්නේ ඒ විශේෂ තවාන් හිටපු තැන් අදත් ජනහීන වීමයි. මෙසේ රටවල් බිහිවෙන කොට ඒකෙ රජකමට දරුවන්ගෙන් එකෙක් දැම්මා. ලොකු පුතා සිංහලේ ලොක්ක වුනා. අපේ හැසිරීම බිඳ වැටෙන කාලේ, එකිනෙකා කොටාගෙන රටවල් කිහිපයකට එකෙක් නායක වුනා. හැබැයි මනුයි බුදල විසි අටයි හිටපු කාලේ ඔක්කොම පාලනය කලේ එක නායකයා යි. ඒ අයට කිව්වෙ සක්විති රජ කියලා. ලූලා නැති වලේ කනයොත් නැත්නම් තිත්තයෝ පොර වෙනවළු. එහෙම යුගයක, මිනී මරල සක්විති රජ වෙන අය හිටියා. එයාලගේ අන්තිමයා තමයි මේ කියන ඔළු දහයේ (දසිස්) රාවණ.  රුහුණේ සිටි හිරුත්, මන්නාරමේ පරම කන්දෙ හිටපු මනුත් ජනගහණය වැඩි වෙනකොට නායකයා මැද ඉන්න සිංහල විදිය තහවුරු කරනවා. දකුණු ඉන්දියාවේ "පරම ගොඩ" (පරපාප්කොඩයි) වලත් නායකයන් ඉඳල තියෙනවා. අන්තිමට රාජස්ථාන් (රජ තැන) තමයි නායකයෝ ඉඳල තියෙන්නේ. මෙසේ නායකතැන සිංහලෙන් දුරස් වෙනකොට සිංහල අය ඒ නායකයන් දෙවන තැනට දාල තරමක් ස්වාධීන ව හිටිය. ඒකත් සිංහල අයගෙ ගතියක් නේ. ඉතින් ඔය අන්තිමට හිටි දසිස් රාවණ සක්විති රජා වුනා නේ. රජ වුනේ අර විජේ කුමාර් වගේ හිමි අය මරලයි. හැසිරීම හැම අතින් ම දෙමළ බව පැහැදිලිව පේනවා. මම කිව්වෙ අද ඉන්න අහිඟුන්ඨික රැළේ කියන එක නොවෙයි. දෙමළ කියන වචනෙ සිංහල වචනයක්. හින්දි, සිංහල වගේම තීරණාත්මක අරුතක් දෙන එකක්. ඒ කාලේ සිංහල දෙමළ හින්දි ඔක්කොම කතා කලේ සිංහල. මේ කියමන අපභ්‍රංස වුනාට දැනගත්තම කජු කනවා වගේ දෙයක්.

බලකාමෙන් ඔද වැඩී සිංහලේ නායකයා වෙන්න ඕන කිව්වම විභීෂණ ඉඩ දීල පැත්තකට වුනා. සිංහල උන් එහෙම නායක වුනාම ගණන් නොගත් නිසා, සිත් දිනා ගැනීමට මහා ප්‍රචාරයක් ගෙන ගියා. ඔය දසිස් කතාවත් අලවා ගත්තා. ඒ මනුගෙ දස අවතාර මේ රාවණටත් දා ගත්තා. වන්දිභට්ටයෝ මහා ප්‍රචාරයක් ගෙන ගියා. අද වගේම එදත් ITN වගේ එකක් තිබ්බ ද කියල හිතෙනවා. සිංහල හිත දිනා ගන්න, අද නම් ණය කෙළල තමයි ලොකු වැඩ කරන්නේ. පරාක්‍රමබාහු නම් පුළුවන් සිංහල උන්ට කඩුව පෙන්නල, දෙමළුන්ට කියල හිංසා කරවල වැව් වෙහෙර විහාර හැදුවා. මේ රාවණා අනුන්ගෙ දේවල් වලට තමන්ගෙ නමින් හොර උප්පැන්න ලියුවා. මනුගෙ දැනුම තල් කොලවල කුරුටු ගාල ලෝකෙටම බෙදල මෙයා දසිස් ඇති බුද්ධිමතා වුනා. ඔන්න ඔය වැඩ වලින් ටිකක් අදත් ඉන්දියාවේ ඉතිරිවෙලා තියෙනවා. මේවා දැකපු ආචාරි මහචාරි කොටසක් මෑතකදී රාවණාට පණ දුන්නා. සමහරු නොදත්කම නිසා මිනිය නැඟිටිනවා කිව්වා. මේ ළඟදී ඒකට වෙදකමත් ගාව ගත්තා. අර vegitative state එකේ ඉන්න අය වගේ ඉන්නවාළු. නැගිටලා එනවා කිව්ව දවසත් පහු වුනා. ඒත් කොහොමද මේ කතා බිහි වුනේ?

මම කලින් ලිපියෙ දියසේන ගැන කිව්ව. දැක්ක නේ ද තුට්ටු දෙකේ අය කී දෙනෙක් දියසේන වෙන්න හැදුව ද කියල? ඒ විතරක් නොවේ මේ ඔළු දහයේ රාවණත් ඔය හුඟක් පැරණි කතාව තමන්ගෙ කරගෙන. ඒ ඇහැරිලා එනවා කිව් දිනය දියසේනට බැඳි දිනයක්. ඒක මම කියන්න ගියොත් අර අනාවැකි කාරයාගෙ වැරදි හැදෙන නිසා නොකියමි. සිංහල රටේ නායකයා වුන හැම පරය ම ඉතිහාසේ විකෘති කරල තමන් ගෙ නම දැම්මට ආයුෂ අඩු බව ඉතිහාසය කියයි.

ඇත්තටම රාවණ කෝ? එතකොට මතක් වෙන්නෙ, රාජපක්ෂ, රාජසිංහ (ශ්‍රී වික්‍රම), රාවණ කියන නම් තුන. මේ තුන් දෙනාම රා අකුරෙන් පටන් ගැනීම අපූරුයි. මේ නාම යමක් කියනවා ? මේවා සිංහල නම් වගේ පෙනුනට සිංහලකම වචන තුල ගෑවිලාවත් නෑ. හැබැයි තුන් දෙනාම යුග තුනක් නියෝජනය කරනවා. රාවණා සක්විති රජ යුගය අවසන් කලා. රාජසිංහ (ශ්‍රී වික්‍රම) සිංහල රජ යුගය අවසන් කලා. එතකොට අනෙක් කෙනා. එයා 1948 සිට පැවතෙන හින්දු බෞද්ධ යුගය අවසන් කරනවා. කොච්චර දක්ෂව ඒක කරනවා ද කියනවා නම් මළත් සිංහල උන් ආපහු ඒ යුග වලට යන්නේ නෑ. ඒ තරමට දක්ෂයි. තනේ පින්න යුෂ ගෑවම ආයේ තනේ කටේ දාන දරුවෙක් නැත. ඒ පින්න යුෂ ඒ තරමටම තිත්ත නිසා ය.

මෙතනදී අර ජීවීන්ගෙ කතා අරන් වේයෝ ගැන කීව දේවල් මතකයට ගමු. මිනිසුන් අතර විවිධ අය ඇත්තා සේ, නායකයන් ද වර්ග බොහෝ ය. බලගතු ම නායකයා සමාජය බිහිකර වර්ගයා රකියි. විවිධ හේතු නිසා අප ආපසු කැළෑවට යන බව පෙනුනු විට එම සමාජය බිඳ හෙළීමට ගැලපෙන නායකයකු යොදා නැත්තට නැති කරයි. එය කරන්නේ ස්වාභාවිකය. අද අප අත් දකින්නේ ද එයම ය. එකල මිනිසුන්ට වෙන විසඳුමක් නොපෙනේ. මේ සියල්ලම කෙරෙන්නේ එකම අපේක්ෂාවකින් බව පෙනේ. විවිධ චරිතධාරීන් යොදා සිංහලයන් තරම් පරික්ෂණයට ලක් කල ජාතියක් නැත. කොතරම් බරපතල ද කියනවා නම් සිංහලකම යනු අසිංහලකම වන තෙක් අපව රවටා ඇත.

දැන් අපි ඉංග්‍රීසි විදිය යොදා සිංහල ඉතිහාසය අනාගත් ආචාරි මහචාරි වරුණ විග්‍රහ කරමු. ඔක්කොම තොරතුරු ඉන්දියාවෙන් ඇහිඳ ගෙන, ඊට යා දෙන ජන කතා එකතු කර රාවණා පුරුක මැවීමේ දී, අඹමල් රේණුවක් තරම් වත් සිංහලයන් කියන දේ නොසලකා, සිංහලයන්ගෙ උරුමය ලෙස හැඳින්වීම සාධාරණ ද? සිංහල ඉතිහාසය ඇසිය යුත්තේ සිංහලයන්ගෙන් නොවේ ද? ඒ විතරක් නොව රාවණාවාදීන් සිංහලයන්ට ගරහන්නේ විභීෂණ දේවත්වයෙන් පුදන නිසා ද? රාවණාවාදීන් විභිෂණ පාවා දුන්නෙකු ලෙස හඳුන්වති. සිංහලයන් තම ජාතිය පාවා දෙන්නෙකු දේවත්වයට දමයි ද? මා දත් තරමින් සිංහලයන් නොහොඹිනා උන් ඈත් කරයි. ඒ කරන්නේ අමතක කිරීමට ය.

රාවණා පුෂ්පක යානය ඉල්ලාගත් බවත්, සිංහල දැනුම පිටපත්කර බෙදූ බවත් කියවේ. අපට වඩා රාජසිංහ (ශ්‍රී වික්‍රම) ගැන වඩා දන්නේ ඔහු ගේ නෑ පරපුරය. එසේම රාවණා ගැන ද උන් බොහෝ දේ දනී. ඒ කිසිත් නොසලකා, රාවණා චරිතය මවා සිංහලයන්ට ගිලවන්නේ ඉංග්‍රීසිකම ඉහ වහා ගිය නිසා ද? රාවණා කී තාක්ෂණය ඇසූ දෙයක් මිස සැබෑ දැනුම නොවේ. ඒ බව දියසේන දනී. වචන ටිකක් ගිරවකු සේ කීමෙන් හින්දූන් දෙමළුන්අතර මුදුනෙකු විය හැක. ඒත් සිංහලයන්ට එය අජීර්ණ වේ.
විභිෂණ දේවත්වයෙන් පුදන නමක් ලෙස අදත් සිංහලයන් මතකයේ තැබුවේත්, රාවණා අමතක කලෙත් එය එසේ විය යුතු නිසා නොවේ ද? ලියන කියන කරන දේ වලින්, ඉතිරි වූ ඇටකටු ආම්පන්න වලින් අතීතය කිව හැකි නම්, අද රටේ තත්වය තව වසර දස දහසක් ගිය තැන ඉතිහාසය නිවැරදිව කීමට, අද අප අතර ඇති කුමන ලියන කියන කරන දේවල්, ආම්පන්න සරිලනවාද?

ඇට කෑල්ලකින් එක පොතකින් කියන ඉතිහාසයට ප්‍රභාකරන්ගේ කොටස් පමණක් හමු වුවොත් ලංකාව දෙමළ රටක් ය. හකීම්ගේ කටු සමඟ කුරාණය ලැබුනොත් මුස්ලිම් රටකි. එවැනි ප්‍රහේලිකාවක් ලෙස තව වර්ෂ දස දහසක් ගිය තැන දකින මේ රටේ අද සැබෑ තත්ත්වය ඊට ගැලපේ ද? වංචාව රැවටීම මිනිස්කමට පෙර බිහි වූ තිරිසන් ගතිය. ජූවන් වසර හය දහසකට පෙර ලියා අද අයිතිය කියන්නේ එකල දෙවියන් දුන් බව ලියා තිබුනු නිසාය. සැබැවින් ම එය ජූවන්ගේ වත් මුස්ලිමුන්ගේ වත් භූමිය නොවේ. එසේම, දණට පිනට අරයට මෙයාට පූජා කලා යයි රට පුරා ඇති ගල් ලිපි කියන්නේ වංචාව රැවටීම  තුලින් සිංහලයන්ගේ ඉඩම් දෙමළුන් විසින් මංකොල්ල කෑම මිස වෙන යමක් නොවේ. අහිමි දේ කොහොම ගත්තත් අහිමිය. බොරුව කිසි දා සැබෑ නොවේ. අද ද පාලකයන් තම නමින් නොකියන්නේ වැසිකිලි වලවල් හැඳින්වීම පමණි. වෙන දෙයක් නැති උන් කොතරම් උපක්‍රම යොදා මවා පෑව ද, සිංහලයන් එවැන්නන් නොසිටියා සේ හැසිරීම කොතරම් අපූරු ද? තමන් සිත ගත් අය දෙවියන් කර අනෙක් උන් කුණුගොඩට දැමීම තුලින් සැබෑ ඉතිහාසය ද කියවේ.

මෙතෙක් රාවණ ගැන කීව ද හෙළයක් ගැන කතා නොකලෙමි. දැන් එයට කාලයයි. රාවණා හිමිකරුවන් සිංහල රටට කියන්නේ හෙළය කියා ය. සිංහල යන වචනය හැදුනේ සිව් හෙළ එකතු වීමෙන් ළු. මේ දෙකම උන්ගේ අසිංහලකම රෙදි ගලවා පෙන්වයි. සිංහලයන් ට "සිංහල" යන වචන නිතර කියන සුපුරුදු වදනකි. දෙමළාට එය ඉල(+ම්) ය. හින්දූන්ට එය ල(+ංකා) ය. මේ හෙළ කියන්නේ දෙමළ උච්චාරණයෙන් බිඳුනකි. සිංහල, දෙමළ, හින්දු අනුපාතය 4:2:1 ලෙස අණූකූලව ගත හැක. මෙය බාහිර දෙයක් නොව ඉතා වැදගත් ජීව දත්තයකි. සිංහලයා ජීවත්වීමට උපදී. දෙමළා ජීවත් වීමටත් මරණයටත් සම ව සූදානම් ය. හින්දූන් ජීවත් වනවාට වඩා මරණයට කැමතිය. තමන්ට හිමිකම හොඳ යයි දැකීම ජීවීන්ගෙ පැවැත්මට අවශ්‍යය. සරු කල වර්ධනයත්, නැති කල මිය යාමත් මේ කතාවට අදාළ ය. ඉහත කී බිහිවීම් රටාව තුල එය මනාව පිළිබිඹු වේ. ඉඟියක් ලෙස, දරුවන් ලෙස අප උපදින විට මෙය රැගෙන එන දෙයකැයි කියමි.

සිව් හෙළ එකතු සිංහල යන වචනය හැදුනේ යයි කීම කොතරම් අසිංහල කතාවක් ද? සිංහලයන් වර්ග හතරකට බෙදෙන්නේ ජීවිත දැනුම අනුව උපන් වෙලාව පදනම් කරගෙන ය. උපදින වේළාව අනුව දරුවකු වර්ග (ගණ) හතරෙන් එකකට අයත් වේ. ඒ ගණ නාග (නායක), දේව, මනුෂ්‍ය හා යක්ෂ ලෙස නම් කල හැක. එතුළින් දරුවට  ජීවන රටාව හිමි ගණය හිමි වේ. මෙය නොදත් උන් සිංහල උරුමය ගැන දන්නේ මොනවා ද?

සිංහලයකු නොවී සිංහලයන්ගේ උරුමක්කාරයකු විය නොහැක. දෙමළුන් මෙතරම් සිංහලයන් පෑගීමට බලන්නේ ඇයි දැයි විමසිය යුතුය. එහෙත් මුලාවීම දැඩි පීඩාවන්ට මුළ මෙන්ම අවසානය ද වේ. පසු කලෙක නාග ගණය දේව ගණය හා මුසු වී මුළු ගණන ගණ තුනකට අඩු වූයේ ඇණකොටා ගැනීම වලකා ලීමට ය. අද වන විට නාග (නායක) හා දේව ගණ එකක් වී ඇත්තේ දරුවන්ගේ දිවි රැකීමට ය.

සිංහලයන් රැවටීමට දෙමළු කල මුලා කිරම් කොතරම් දැයි කියනවා නම් දෙමළා කල බරපතලම අපරාධය වනුයේ සිංහලකම තුලින් බිහි වූ ජීවිතය අගයන පැවැත්ම රැකෙන  දැනුම තුලට වස විෂ දමා ජීවිතය පිළිකුල් කරන, පැවැත්ම නසන නොදැනුම ගිල්ල වීමය. ඒ ගැන කියන්නේ සොයාගත් තොරතුරු කීමට අමතරව ජීවිත රැකීමට ය. සිංහල වුවත්, මුලා වේ නම්, රැවටේ නම්, ඒ බව දැන දැන නොසලකා හරී නම්, එවැන්නන්ගේ ඇති සිංහලකමක් නැත. පරාජිතයන්ට මිනිස්කම අහිමි වීම සිකුරු ය. ඒ නිසා ඊළඟට ලියන "බුධලා, ගුරුලා හා බුද්ධලා හා රදගුරුලා" යටතේ සිංහලයන් දත යුතු දෑ ටිකක් ලියමි.

9 comments:

  1. //සිංහලයකු නොවී සිංහලයන්ගේ උරුමක්කාරයකු විය නොහැක.// අගේ ඇති කියමනක්

    ReplyDelete
  2. මේ තාක් දිගට ලියැවුණු සියළුම ලිපි වලින් සිහළුන් පිළිබඳ බොහෝ දේ එළි දැක්වීම පිළිබඳව ඔබට මාගේ ගෞරවණීය ප්‍රණාමය සිංහලකම වෙනුවෙන් පුද කර සිටිමි.ඔබ කියන බොහෝ දේ මා සිටින පරිසරය තුලම, නැතිනම් කුඩා කාලයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සාමාන්‍ය ගොවි පවුලක් වූ අත්තා හා කිරි අම්මා ඇසුරේ පැවති පරිසරය තුලම ශේෂව පැවති ආකාරය මට සිහි වුනා මෙන්ම ප්‍රත්‍යක්ෂ ලෙස දැනුනා. ඔබ පුන පුනා කී සිංහලකම අප කරන කියන දෑ වලින් සහ පරිසරයෙන් පෙනෙනවා යන කාරණය ඇත්තෙන්ම මම මා තුල පවා අත්දකිනවා..රටේ මිනිසුන් තුල සිංහලකම තවමත් ශේෂව තියනව..නමුත් එය අවදි කරවීමට සහ බල ගැන්වීමට යමකු අවැසියි.ඔබ මෙහි මතු කරන කාරණා ඔස්සේ මගේ සිත දුවන ආකාරයත් විෂ්මයජනකයි...එය උරුමය හා සම්බන්ධී දෙයක් විය හැකියයි මා සිතනව...

    උදාහරණයකට ඊයේ රාත්‍රියේ මා මාතර මගේ විශ්ව විද්‍යාල සඟයාට අමතා ඔබ එම ප්‍රදේශය ගැන සඳහන් කල ඇතැම් කරුණු විමසා සිටිය...ඔහු එතරම් කරුණු ඒ පිළිබඳ නොදැන සිටියා වුවත් " මනු වර්ෂ " ආදී කරුණු ඔස්සේ සිත දුවමින් සිටි නිසාදෝ මධ්‍යම රාත්‍රියේ හදිසියේ ඇහැරී මට මෙවැනි අදහසක් ආවා..සිහළුන්ගෙන් ලෝකය ශිෂ්ඨාචාර වූවා නම් පැවති හා පවතින ශිෂ්ඨාචාරයන් තුල මෙන්ම ආගම් තුලද ( ඔබ දෙමළුන්ගේ "ග" ශබ්දය "ක" ශබ්දයට සමාන නිසා " ආකම" යන වදන භාවිත කරනවා විය යුතුයි..) සිංහල ලක්ෂණ සුළුවෙන් හෝ ශේෂව පැවතිය යුතුයි..මේ අනුව මූලිකයකු / තීරකයකු නැතිනම් පාළකයකු " මනු" නමින් සිටි බවට ඔබ දැක්වූ මතය හා සබැඳීව මට ඉංග්‍රීසීන්ගේ මූලික / මුල් / ජීවය දෙන / පණ දෙන /පාලනය කරන යන අරුත් වලින් "මනු" වදන මූලික කරගෙන සකසාගෙන ඇති පහත වචන සිහියට ආවා.

    මනූවර්
    මැනුස්ක්‍රිප්ට්
    මැන්‍යුඅර්
    මැන්ට්ල්

    මේ ආශ්‍රිතව තවත් වචන බිහිව තිබිය හැකි වුවත් ඉංග්‍රීසියෙන් ලියන විට " මනු" හඬක් ගෙනෙන පරිදි " මූලිකත්වය " හඟවන අදහස් කීපයකට මනු හඬක් යෙදී ඇති අයුරු පුදුමයක්..එසේම බුදු දහමේද කාලයක් මා ගුරු තන්හි තබාගෙන ජීවිතය හැඩ ගස්වා ගැනීමට භාවිත කල ඇතැම් කරුණු සිංහලකමට බොහෝ සමීපයි...කෙනෙක් තමන්ට වරදක් කලහොත් සතාගේ තරම දැනගෙන තමන්ට හා තම පැවැත්මට තර්ජනයක් නොවන පරිදි ක්‍රමිකව ඈත් කර ( ඉළව් මගුල් නැතිව )එහෙත් වෛරී නොවී ජීවත්වීම මා පොඩි කාලයේ සිටම පිළිපැද්දේ පහත ධම්ම පදයේ අදහසට අනුවයි...( පාලි ගාථාව මතක නැත )

    බාලයන් හා ඇසුරට නොවැටී තනිව හැසිරීම යහපත්ය. එවිට කැළයේ තනිව වසන මාතංග හස්ති රාජයා මෙන් පවුද නොකෙරේ..

    ඉදිරියේදී තවදුරටත් මේ කරුණු සාකච්ඡා කරමු. ඔබට ජය!

    ReplyDelete
  3. මේ අනුව මූලිකයකු / තීරකයකු නැතිනම් පාළකයකු " මනු" නමින් සිටි බවට ඔබ දැක්වූ මතය හා සබැඳීව මට ඉංග්‍රීසීන්ගේ මූලික / මුල් / ජීවය දෙන / පණ දෙන /පාලනය කරන යන අරුත් වලින් "මනු" වදන මූලික කරගෙන සකසාගෙන ඇති පහත වචන සිහියට ආවා.

    ඉහත අදහසෙහි "මනු" වදන මූලික කරගෙන සකසාගෙන ඇති යන වැකිය මනු යන වදන මූලික කරගෙන සකසා ගෙන ඇතැයි සිතිය හැකි ලෙස වෙනස් විය යුතුයි. හේතුව සියලුම වචන වල අර්ථයේ සමානත්වය අනුව උක්ත කරුණ මා උපකල්පනය කල දෙයක් වීම නිසයි..

    ReplyDelete
  4. කැලුම්,

    සියල්ල සාර්ථකව සිදු වූවා යයි සිතමින් නැවත සාදරයෙන් පිළිගනිමි.

    මනු කෙතරම් අපේ භාෂාව, හැසිරීම, ගතිගුණ වෙනස් කලා ද කියන එක, ගණිතමය ව කියනවා නම්,

    අද මිනිසා - මනු ගේ බලපෑම් = මානවයා + දැනුම යොදා කෑම බීම + පැටව් බිහි කිරීම.

    මනුට කලින් හිරු ලෙස සෑහෙන වෙනස් කම් කලා. කැළෑ සතුන් විදියට සිට, අද ඉන්න මිනිසුන් විදියට බිහිකිරීමට යොදා ගත් විදි ඒ වගේම වටිනවා. ඒ එක එක කාල වල කල වෙනස් කම්, හැමෝම එක විදියට වෙනස් නොවීම තුලින් බිහි වූ විවිධ ජන කොටස් මගින් අදත් නිරූපණය වෙනවා. අපේ ගිනි බිය නැති කල හැටි, අඟ පසඟ කාර්යයන් කිරීමට හුරු පුරුදු කල හැටි, වතුරෙන් සෝදාගැනීම පුරුදු කල හැටි, ගින්න හා වතුර යොදා කෑම පිසීම, භාෂාව පුරුදු කිරීම වැනි දෑ බිහි කරපු විදියත් අපූරූයි. ඒවා පුරුදු කිරීම කොච්චර අමාරුද කියන එක, තවත් සතෙකුට අප කරන දේ කිරීමට විදියක් සෙව්වොත් තේරෙනවා.

    මට මේ දිනවල හදිසි වැඩක් යෙදීම නිසා ලිපි ලිවීම පමා වුනත් වැඩේ ඉවර වුන හැටියෙ පටන් ගන්නවා. මේ ලිපි තුලින් දියසේනයන්ගෙ අවශ්‍යතාවයකුත් ඉටු කරන බව කියන්න ඕන.

    කැලුම් ගේ උනන්දුව අගයමි.

    ReplyDelete
  5. අපි පරිසරය, ගහකොල, සතා සීපාවා රැකිය යුතු බවත් විනාශ නොකල යුතු බවත් අදහමු. එක් ජීවී විශේෂයක පැවැත්මට තව ජීවී විශේෂයක පැවැත්ම වැදගත් වීම පරිසරයේ පවතින සෑම ජීවී අජීවී දෙයකටම පැවැත්ම හා සම්බන්ධීව යන කිසියම් කාර්යභාරයක් පවතින බව හඟවයි. මිනිසකු සෑදෙන්නේ මිනිසත්කම පවත්වා ගැනීම සඳහා සුවිශේෂීව වැදගත්වන කිසියම් පද්ධති ගණනාවක "එකතුවක්" පවතින විටදී පමණි. දේහයේ සෑම සෛලයක්ම එම මිනිසත්කම වෙනුවෙන් කිසියම් කාර්යභාරයක් සිදු කරයි. එම එක් සෛලයක් හෝ පද්ධතියක් තනිවම "මිනිසකු" වන්නේ නැත. එසේම මිනිසකුගේ පද්ධතියක්, කාර්යභාරය එකම විය හැකි වුවත්, වෙන සතකුගේ පද්ධතියක් හා සම නොවේ. මෙවන් වූ සුවිශේෂී විවිධත්වයකින් යුතුව ජීවය පවතින්නේ ඇයි? ජීවය පැවතීමේ අරමුණ කුමක්ද? ජීවය "නිපදවීමක්" නම්, එය නිපදවා යමකු බලාපොරොත්තු වූයේ කුමක්ද? ජීවය ඇති තත්ත්වය හා නැති තත්ත්වයන් කෙබඳු විය හැකිද? මා මෙහිදී අදහස් කලේ ජීවය සහිත තත්ත්වයක් ඇති කොට යමකු සුවිශේෂී දෙයක් බලාපොරොත්තු විණි නම්, එම බලාපොරොත්තු වූ " දෙය " නොමැතිව ලොව කෙබඳු තැනක් වේද යන්නයි.
    ගහ කොල සතා සීපාවුන් නැසීම සමස්ත පරිසරයේම නැහීමකට මග පාදයි නම් මිනිසුන්ව නිවනට යොමු කරවීමේදී මිනිසකුගේ උපතක සිට උපතකට දැනුම ගලනය හා කිසියම් පාරිසරික " අඛණ්ඩතාවයක් " බිඳී යන නිසා නිවන් මගද පරිසරයේ තුල්‍යතාවයට හානි කරන්නක් විය යුතුයි. බුදු දහමේ පිළිවෙලට සතෙකුට මිනිසකු වීමද, මිනිසකුට සතකු වීමද, ගැහැණියකට පිරිමියකු වීමද එහි විලෝමයද විය හැකි නිසා කල්ප කාලාන්තරයක් ගත වී වුවද නිවන් ලද බැවින් ජීවීන් අඩු වීමේ ප්‍රවණතාවයක් පැවතිය හැක. මා මේ කාරණය මීට ඉහත මතු කල නමුත් කාලය අනන්ත කාලයක් කොට එම කාල සීමාව තුල බුදුවරුද අනන්ත සංඛ්‍යාවක් බිහි වුනා යැයි සැළකුවහොත් ලොවට දැනෙන ප්‍රමාණයේ ගිණිය නොහැකි ජීවීන් සංඛ්‍යාවක් නිවනට යොමු කොට ඔවුන්ගේ ගලා යාම නවත්වා තිබිය හැකියි..මේ අනන්ත සංඛ්‍යාවේ ඉපදීම නැති කිරීම ලොවට, පරිසර පද්ධතීන්වලට දැනෙන දෙයක් විය නොහැක්කේ කෙසේද? ආහාර දාම, ආහාර ජාල බිඳ වැටී, කොතරම් අයහපත් දේ සිදු විය හැක්කේදැයි සිතීමට හැකි වනුයේ සතුන් මිනිසුන් වීමද, මිනිසුන් සතුන් වීමද බුදු දහමට අනුව සිදු වන නිසාය.
    නිවීමක් බුදුන් සොයා ගත්තා යැයි සිතමු.ඊට අවශ්‍ය භාවනාදී ක්‍රම වේද ආදිය අදටත් සත්‍ය ලෙස නිර්මලව පවතිනවා යැයි සිතමු. නමුත් ස්වභාවික චක්‍රීය ගලනයන් ( හේතු ඵල සම්බන්ධය ආදී )බිඳ වැට්ටවීම, බිඳ වට්ටවාගෙන නැහෙන්නට උපදෙස් දීම හොඳක් සිදු කරයිද? මට ඇති ගැටළුව මෙයයි. මේ අනුව ගසකට හෝ සතකුට හෝ පරිසරයට හෝ හිංසා කිරීම වරදක් යැයි දේශනා කරන ගමන්ම සොබා දහමේ ආවේණික රීතීන්ට විරුද්ධව යාමක් " නිවන " තුල දිස් නොවන්නේද? එසේම ඔබ පවසන පරිදි මේ සිදත් නමැත්තාට සිංහල බුධ කෙනෙකුගේ තැන දී ඔහුගේ දැක්ම බුධ කෙනෙකුගේ දැක්මට සමාන කොට හෙවත් සිදත්ට සිංහල මුහුණුවරක් දීම මගින් සිංහලකම විනාශකොට සිහළුන් නොමග යැවීමට නැතිනම් පරිහානියට යැවීමට පහසු වන්නට ඇති. එසේම ස්වභාවයෙන්ම "පැවැත්ම" ගැන වද වූ ජාතියක් වූ සිහළුන්ට සිදත්ගේ දැක්මද පිළිගැන්වීම පහසු වන්නට ඇත්තේ සිංහල මිනිසුන් අතර වූ සාර ධර්ම, ආචාර ධර්ම සිදත්ගේ දැක්ම තුලද පවතින බව ඇඟවීම මගිනි...මේ නිසා විය හැකියි ධම්ම පදයේ ඇතැම් ගාථාවන්හි සිහළුන්ගේ ලක්ශණ ඉසමතුව ඇත්තේ. මූලික මාරගය නැතිනම් යොමුව එහෙම පිටින්ම වෙනස් කොට ( පැවැත්මේ විද්‍යාව නැවැත්මේ විද්‍යාවක් කොට )සිහළුන්ට හිතවත් අවශේෂ කරුණු වලින් අලංකාර කොට පැකේජය සිහළුන්ට දුන් විට විමසා බැලීමකින් තොරව අපේ දහම වගේම දහමක් යයි සිතා සිහළුන් එය භාරගෙන ඇත්තා සේ පෙනේ..මෙම පැකේජය තුල ගැබ්ව පැවති මූලිකම දෙය වූ ලෞකික සැප බදාගෙන සිටි විට දුක අවසන් නොවේ යන අදහස ඉතාමත් සැළකිල්ලට ගත යුත්තක්.මූලික අදහස වන්නේ නිවනට දොර හැර ගනු වස් ඔබ " අත හැරීම " ප්‍රගුණ කර ගත යුතු බවයි. නමුත් ඒ හා සමගම විවිධ තැන්වල යහපත් දිවි පැවැත්ම, පවුල් ජීවිත ගත කිරීම ආදිය ගැනද කරුණු සඳහන්ව ඇත්තේ බුදු දහමේ ලෞකික දියුණුවට වැදගත්කමක්ද ඇති බව පෙන්වීමට විය යුතුයි..පවතින කරුණු වලින් පැහැදිළි වන්නේ සිහළුන් ජීවිත රැකීම පිණිස තම සිත මෙන්ම ගතද ශක්තිමත් කොට පවත්වා ගත් බවයි. මෙම ක්‍රමවේදය බිඳ වට්ටවා සිහළුන් හා සිහල රට දීන තත්ත්වයට පත් කරනු වස් ආගම හා බලය මුල් කරගත් ක්‍රම වේදයක් යටත් විජිත සමය තුල සුද්දාද සිදු කර ඇති බව පෙනේ. අද සුද්දාගේ එක ලොකු කරගෙන ඉන්න බොහෝ උන් ප්‍රථිඵල වූයේ සුද්දාගේ එම වෑයමෙනි.

    ReplyDelete
    Replies
    1. කැලුම් වගේ අය තමයි මම ලියන ඒවා කියවන්න ඕන. මම ජනප්‍රිය වීමටවත් කවුරුවත් මුලා කිරීමටවත් නොලියමි. මේ වගේ තමන්ගෙ සිත යොදා කියන දේ දෙස බැලීම අගයමි.

      //... මෙවන් වූ සුවිශේෂී විවිධත්වයකින් යුතුව ජීවය පවතින්නේ ඇයි? ජීවය පැවතීමේ අරමුණ කුමක්ද? ජීවය "නිපදවීමක්" නම්, එය නිපදවා යමකු බලාපොරොත්තු වූයේ කුමක්ද? ජීවය ඇති තත්ත්වය හා නැති තත්ත්වයන් කෙබඳු විය හැකිද?..//

      ඇත්තටම අපේ හැසිරීම තුල මේ ප්‍රශ්ණවලට උත්තර තියෙනවා. කුඩා ළමයි තුල ඒක උපරිමයි. එවැන්නෙකු නිදැල්ලේ හැසිරෙන්න ඉඩ හැරියොත් හැසිරෙන ආකාරය දෙස බැලූ විට, එම හැසිරීමට මුල්වන සිතුවිළි තුල පිළිතුර ඇත. අංඟ සම්පූර්ණ වීමට නම් සියලු ජීවීන්ගේ හැසිරීම තුලින් පිළිතුර සැකසීම අවශ්‍ය යයි.

      //ගහ කොල සතා සීපාවුන් නැසීම සමස්ත පරිසරයේම නැහීමකට මග පාදයි නම් මිනිසුන්ව නිවනට යොමු කරවීමේදී මිනිසකුගේ උපතක සිට උපතකට දැනුම ගලනය හා කිසියම් පාරිසරික " අඛණ්ඩතාවයක් " බිඳී යන නිසා නිවන් මගද පරිසරයේ තුල්‍යතාවයට හානි කරන්නක් විය යුතුයි.....//

      මේ වගේ සිතීමට හැකිවීම අගයමි. ඇත්තටම "නිවන" විකිණෙන්නේ, ඒ තරම් උතුම් වෙන දෙයක් නැහැ කියන තර්කය තුලිනි. බොහෝ සිංහලයන් තියෙන ඉස්තරම් දෙයම සොයනවා (එය ආශාවක් නොවේ ද?). ඒක සිංහලකමේ කොටසක්. අප කොතරම් ඒ ගතියට නතු වෙලාද කියනවා නම්, මව් කිරි වලට වඩා පිටි කිරි හොඳයි කිව්වම, මව් කිරි නොදී පිටි කිරි දෙනවා. යමෙක් කී පමණින් ඕන දෙයක් ඉස්තරම් (අනඟි) යයි ගැනීම හරි ද? ඒක දැන ගන්න නම් සිතන්න ඕන. මගේ උත්සාහය ඒ හැකියාව දීමයි.

      අද තියෙන සිංහල සමාජය තුල හැම ජාතියකම අංඟ මිශ්‍ර වී ඇත. මගේ ලිපි තුලින් කරන්නේ ඒවා වෙන් කර කුමන ජාතීන්ට අයත් දැයි කීමයි. නිවන කියන සංකල්පය බිහිවීමට දායක වුනේ සිංහල උපමාවක්. ඒක හින්දූන් තේරුම් ගත්තේ අරුත් උඩුයටිකුරු කරලයි. ජීවිතය නිවෙන්නෙ ඔය කියන බණ භාවනා වැනි හින්දූ අරුත් ඇති දෑ තුලින් නොව, ඊට බොහොම කලින් වෙන දෙයකින්. ඒ තමයි දරුවෙක් මල්ලෙක් බිහි නොකිරීම. නිවනට යන්න හුඟක් කලින් ඒක වෙන්නෙ ගිහි ගේ හැර යාමෙන්. ජීවය පවතින්නේ දරුවන් බිහි කිරීම තුලින් විතරයි නේ ද? මහා දේවල් ගැන කතා කරමින් සුළු දෙයකින් තම අවශ්‍යතාවය සපුරා ගන්නවා. එහෙම ගිහි ගෙය හැර නොගොස්, නිවන පැතීම තුලින්, මිනිසෙක් වෙලා ඉපදිලා මිනිස්කම පිළිකුල් කරන කෙනෙක් වෙනවා. එවැනි මවක, පියෙකු ළඟ සැබෑ මිනිස් ගති නැති බව හැසිරීමෙන් කියනවා. සැබැවින් ම ඔවුන් "අමනුෂ්‍යයන්" යයි කීම නිවැරදි වචන යෙදීමකි. එවැනි අය දෙමව්පියන් වෙනවාට බොහෝ ආදි සිංහලයන් අකමැති ය. උන් නොඉපදීම ජාතීයේ බිඳවැටීමට ද හේතු විය.

      ඇත්තටම සිදට් අවංකවම තම පසුබිමට ගැලපෙන ලෙස මනසක් ඇති ව සිටි බව පෙනේ. ඔහු සිංහලයන් ඉදිරියේ බුද්ධ කලේ දෙමළුන් ය. ඒ සිංහලයන් සතු තොරතුරු වලට ගැලපෙන ලෙස සිංහලකරණය කිරීමෙනි. දෙමළුන්ගේ පරමාර්ථය පැහැදිලි ය. උන්ගෙ කම දෙමළකමයි. සැබැවින් ම සිදට් යයි කීවද ඔහුගේ නියම නම ද එය විය නොහැක. සිංහලයන් නමින් අරුත් ගත් නිසා, ඔහු "සියල්ල දත්" කෙනෙකු ලෙස නම් කිරීම දෙමළකමට ගැලපේ. මහා මායා කෑල්ලේ මහා කෑල්ල කපා, ශුද්ධෝදන යන වචනය කපා හින්දු වදනක් කල විට, මිනිස්කම පිළිකුල් කිරීමට හේතු වූ උපන් පරිසරය කියවේ. ඒ වගේම බ්‍රාහ්මණ කුලේ විවේචනය කලේ ඇයි කියලත් පැහැදිලියි.

      දෙමළුන් සිතා මතා සිංහලයන් නැසීමට අද මෙන් ම එදා ද කටයුතු කල බව, ආකම තුල කල වෙනස්කම් මගින් හෙළි වේ. උන් කීවේ පර පණ නොනසන ලෙස ය. ඒ තුලින් උන්ගේ රැකීම තහවුරු කර ගැනීමට ය. හේතුව යම් දිනෙක උන් සිංහලයන්ට කල අපරාධය හෙළි වුවොත් උන් නැසෙන නිසාය. එය සැබැවි. මම උන් සිංහලයන්ට කල අපරාධය දැන ගතිමි. උන් මෙළොවින් තුරන් කල යුතු යයි මගේ සිත මට වද දෙන හැටියෙන් එය තේරුම්ගත හැක.

      "සිංහලයන් කීවේ පණ නොනසන්න ය. උන් කීවේ පර පණ නොනසන ලෙස ය." වෙනස කොතරම් ද?

      ටිබටයේ බෞද්ධයන්ට මාර දූවරු පස් දෙනෙකි. සිංහල කතා කරන බෞද්ධයන්ට මාර දූවරු තුන් දෙනෙකි. කැපූ දෙක සිංහලකමට එරෙහි ඒවා ය.

      හිඟාකෑම සිංහලයන්ට අරහං ය. එහෙත් මරණය පිළිබිඹු කරන හිඟනුන් ඉදිරියේ දෙපා නමඳින්නේ උන් ශ්‍රේෂ්ඨ නිවන පෙන්වන නිසාය.

      ජීවිත දැනුම, තොවිල් පවිල්, ආකමට ඈඳා ගත්තේ ඒ තුලින් ආකම සිංහලකරණය කිරීමටයි. සිදට් නැකතට ඉපදුනේ සිංහලයන්ටයි. රජ කම, මාළිඟා තුන පෙන්වූයේ සිංහලයන් ඉදිරියේ මහා වැදගතෙකු කිරීමටයි. ඒත් එම ආකම තුල ඇති සිංහල දේවල්, දෙමළ දේවල් ඉවත් කල විට ඉතිරිවෙන ඔහුගේ දේවල් පමණක් ගත් කල, මට සිතෙන්නේ මා උපතින් බෞද්ධයකු නොව තිරිසනෙකු යයි කීම අමනුෂ්‍යයකු වෙනවාට වඩා නම්බුයි කියා ය.

      Delete
    2. ඉතිරිය ...

      අප අතීතය ගැන සිතමින් දුක් විය යුතු නැත. මේ සියලුවිධ අත්හදා බැලීම් කලේ සිංහලකම අභියෝගයට ලක් කර එහි ඇති දුබලතා හඳුනා ගැනීමට ය. වෙන මගකින් කල නොහැක. දෙමළා ද සිංහලකමට බැලමෙහෙවර කරන්නට උපන් බව ඉතිහාසය කියයි. මේ සියල්ල ඔබ ඇසූ "මෙවන් වූ සුවිශේෂී විවිධත්වයකින් යුතුව ජීවය පවතින්නේ ඇයි? ජීවය පැවතීමේ අරමුණ කුමක්ද? ජීවය "නිපදවීමක්" නම්, එය නිපදවා යමකු බලාපොරොත්තු වූයේ කුමක්ද? ජීවය ඇති තත්ත්වය හා නැති තත්ත්වයන් කෙබඳු විය හැකිද?" යන්නට පිළිතුරු දීමට කල පෙර-පරික්ෂාවන් ය.

      මිනිසා මානව තත්ත්වයෙන් මුදවා ගත්තේ ඉතා වැදගත් කාර්යයකට ය. ඒ කුමක් දැයි මිනිසා ඉවත් කර අනෙක් ජීව ලෝකය දෙස බැලූ විට පෙනේ. පිළිතුරු ක්‍රියාවෙන් දෙන්නේ දියසේන නිසා මම නොකියමි. එවිට කුරුසකාරයන් කියන "සතුන් ඉන්නේ මිනිසාගේ හිතසුව පිණිසයි" යන කීම උඩුයටිකුරු වන ඇත. හොඳම දේ දෙන්නේ නරකම දේ ගත්තාට පසු ය. එසේ වන්නේ අප බිහි වී ඇති පදනමට අණුකූලව ය. එනම්, නිකම් දුන්නොත් අගයක් නැත. පෙරැත්ත කර, හඬා වැටී, දෙපා වැඳ, ලබා ගන්නා නිවන වැනි තමන් නසන දෑ ද අඟනේය.

      වෙච්ච හැමදේම ජීවිය බිහිකල කෙනා නොදන්නේ යයි සිතීම වැරදි වන්නේ එම හැම දෙයක් තුලින් ම ජීවය රැකීමට පැවැත්ම තහවුරු කිරීමට දත්ත සැපයෙන නිසාය.

      පසු වදන:

      මා මෙතෙක් ඇසූ තේරුමක් නැති ම කතාව නම් "චතුරාර්ය සත්‍යයයන් (ඇත්ත හතරය) ය. ඒ, "දුක, දුකට හේතුව, දුක නැති කිරීමේ මග, නිවන" යන කතාව ය. ඇත්ත නැත්ත යෙදෙන අයුරු බලමු. මිනිසාට කකුල් දෙකකි. එය "ඇත්ත (සත්‍යය)" වේ. මිනිසාට කකුල් හයකි. එය "නැත්ත (අසත්‍යය)" වේ. මා කීවේ සත්‍යය හා අසත්‍යය යනු තීරණය දීමක් නිසා ය. උදා: ලෙස "දුක" යන වදනේ සත්‍යය හා අසත්‍යය යනු තීරණය දීමක් වන්නේ කෙසේ ද? රහස සොයා ගතිමි. මේ කතාව විකාර වූයේ දෙමළා මුලින් තිබුනු වචන මකා සිංහලයන් මුලා කල නිසා ය. සිදට් කීවේ "මිනිසකු වී ඉපදීම දුකකි". එය සහතිකව ම සිදට්ගේ සිත තුලින් ම හෙළි වූ එවැනි ජීවීන්ට දුකකි. මිනිසුන් නොවන තිරිසන් ජීවීන්ට, මිනිසකු වීම යනු, කාර්ය බහුල, අමුතු අමුතු දෑ කරන, දරාගත නොහැකි බරකි. නිකම් ඉඳ, ගහෙන් වැටෙන දේ, සුන් බුන් කෑමට ඉඩක් නැත. එසේ කිරීමට කැලේට යාම හෝ හිඟමන අත්‍යාවශ්‍ය වේ. ළඟදී, එවැනි අමනුෂ්‍යයන්ට නිවන නිකම් ම ලැබෙන මගක්, ජීවය බිහිකල කෙනා දෙන බව කියා ඇත.

      මාරයා, පින් යනු මුලාකිරීමට ගෙතූ අරුත් සුන් වදන් ය. අරුත් ඇති වදන් තුල, අරුත් සුන් වදන් ඇති විට ඒවා තමන් නොදත් මහා අරුත් ඇති වදන් වේ. එවැනි මහා අරුත් ඇති වදන් ලෙස පෙනෙන අරුත් සුන් අසිංහල වදන්, ලිපි තුලින් හෙළි කරමි. මෙම අරුත් සුන් වදන්වලට මුල් වූයේ, සැබෑ අරුත් ඇති සිංහල වදන් බව ද පෙන්වමි.

      ඇටකටු වලට නොවඳින සිංහලයන් (දන්ත) ධාතු වලට වඳිති. වෙදකමේ ධාතු ඉතා වැදගත් ය. නිල ද වෙදකමට ඉතා වැදගත් ය. නිලමේලාද වැදගත් ය. හාමිලාට හාමිණේලාට වඩා හාමුලා මැණිකේලා වැදගත් ය. ගොවිරාළ කෝරාළ වූ විට වැදගත් ය. අලව් යකු ගේ නම ගෙන බිහි වූ වලව්ව ද අඟනේ ය. හා මදුරුවා (yes bloodsucker) එකතු කර හාමුදුරුවෝ යයි කී විට දෙපා වැඳ නමඳිමු. ජීවිත රකින බුධලා මෙන්ම ජීවිත නසන බුද්ධලා ද ශ්‍රේෂ්ඨයන් වේ. මෙනයින්, දෙමළාට මුලාකිරීමේ හැකියාවට කුසලානය හිමි ය. සිංහලයන් පාඩම් උගත යුතුයි. මුලා වීම සිංහලකම නොවේ.

      Delete
  6. හොඳ පැහැදිලි කිරීමක්...ඔබේ කටයුතු වලට බාධාවක් කර නොගෙන පිළිතුරු දෙන්න..මා විමසන කරුණු ඔස්සේ මෙය කියවන තෙවැන්නකුට තව තවත් ඔබ කියන දෙය, නො එසේ නම් සිංහලකම වඩ වඩා පැහැදිලිව ඉදිරිපත් වනු ඇත...2012 වැනි හොලිවුඩ් චිත්‍රපටයක පවා මනු හා සම්බන්ධී දෙයක් දිස් වීම තුලින් අප අවටම නන්නත්තාර කරන ලද සිංහලකම ආශ්‍රිත කරුණු විසිරී පැතිරී තිබීම දැකිය හැකියි..විකිපීඩියා ලිපියේ මනු ගැන විස්තරය ඇත්තද බොරුද නොදනිමි. නමුත් අප අවටම අප සම්බන්ධ දැනුම සංසරණය වෙමින් පවතින බව පැහැදිලියි..චින්තනය වෙනස් කරගත් විට හෙවත් සම්ප්‍රදාය විසින් ගිල්ලවා ඇති මතවාදයෙන් වියුක්ත වූ විට සත්‍යය දැකීම අපහසු නොවේ..
    In various Hindu traditions, Manu is a title accorded to the progenitor of mankind. He is also considered the first king to rule this earth, who saved mankind from the great flood — after being warned of it by the Matsya avatar of Vishnu,[1] who had also advised him to build a giant boat. The story is mentioned in early Hindu scriptures such as the Satapatha Brahmana, and it has often been compared with the popular traditions of a Great Deluge from other cultures around the world,[2] particularly that of Noah's Ark.[3] Because Manu was believed to be absolutely honest, he was initially known as Satyavrata ("One with the oath of truth"). His wife was Satarupa (Shatrupa).
    The Mahabharata says: "And Manu was imbued with great wisdom and devoted to virtue. And he became the progenitor of a line. And in Manu's race have been born all human beings, who have, therefore, been called Manavas. And it is of Manu that all men including Brahmanas, Kshatriyas, and others have been descended, and are, therefore, all called Manavas. Subsequently, O monarch, the Brahmanas became united with the Kshatriyas. And those sons of Manu that were Brahmanas devoted themselves to the study of the Vedas. "The ten sons of Manu are known as Vena, Dhrishnu, Narishyan, Nabhaga, Ikshvaku, Karusha, Saryati, the eighth, a daughter named Ila, Prishadhru the ninth, and Nabhagarishta, the tenth. They all betook themselves to the practices of Kshatriyas. Besides these, Manu had fifty other sons on Earth. But we heard that they all perished, quarreling with one another."[4]

    According to the Matsya Purana, The Matsya Avatar of Vishnu is believed to have appeared initially as a Shaphari (a small carp), to King Manu (whose original name was Satyavrata[6]), the then King of Kumari Kandam, while he washed his hands in a river. This river was supposed to have been flowing down the Malaya Mountains in his land of Dravida. The little Fish asked the king to save Him, and out of compassion, he put it in a water jar. It kept growing bigger and bigger, until King Manu first put Him in a bigger pitcher, and then deposited Him in a well. When the well also proved insufficient for the ever-growing Fish, the King placed Him in a tank (reservoir), that was two yojanas (16 miles) in height, as much in length, and a yojana (8 miles) in breadth.[7][8] As it grew further King Manu had to put the fish in a river, and when even the river proved insufficient he placed it in the ocean, after which it nearly filled the vast expanse of the great ocean.
    It was then that He (Lord Matsya), revealing Himself, informed the King of a all-destructive deluge which would be coming very soon.[6][9][10][11] The King built a huge boat which housed his family, 9 types of seeds, and animals to repopulate the earth, after the deluge would end and the oceans and seas would recede. At the time of deluge, Vishnu appeared as a horned fish and Shesha appeared as a rope, with which Vaivasvata Manu fastened the boat to horn of the fish.[12]
    According to the Matsya Purana, his boat was perched after the deluge on the top of the Malaya Mountains[6][9][10] This narrative is to an extent similar to other deluge stories, like those of Utnapishtim from ancient Sumerian Mythology, and the story of Noah's ark from the Bible [3] and the Qur'an.

    උපුටනය : http://en.wikipedia.org/wiki/Manu_(Hinduism)

    ReplyDelete
  7. http://en.wikipedia.org/wiki/Matsya_Purana

    ReplyDelete