Wednesday 6 February 2013

මහ සම්මත මනු, මත්ස්‍ය මනු කියන්නේ කවුද? (සම්පූර්ණ කතාව)

බොහෝ දෙනා අපේ වඳුරු වර්ගය හැඳින්වීමට මනුසතා, මනුෂ්‍යයා (මිනිසා), man, mann ආදි වචන යෙදුවද, ඊට පාදක වූ මූල ශබ්දය ගැන විපරම් නොකරති. ඇත්තටම මේ නම කෙසේ බිහි වී ද? ඊට කලින්, සතුන්ගෙන් අපව වෙන් කර හඳුනා ගත්තේ කෙසේද? ඒ අතරේ සිංහලයන් මනු දෙවියකු, රජකු, නායකයකු ගැන කතා කරති. ඒ කෙනා නැති ඉතිහාස කතාවක් නැති තරම් ය. එසේ නම් මනු කියන්නේ කවුදැ යි ඊ ළඟට සොයමු.

ඇත්තට මනු ගැන කිව යුතු ද? අප කොතරම් අපේ අතීතය ගැන අන්ධ ද කියනවා නම්, අප හා අනෙක් ජීවීන් අතර තියෙන්නෙ පොඩි වෙනසයි. ඉතින් මනු හා මත්ස්‍ය මනු කියන්නේ දෙන්නෙක් ද? නෑ. මනු කියන්නෙ අප වගෙ වඳුරු ඇඟ තුලින් අප දකින කෙනාටයි. මත්ස්‍ය මනු කියන්නෙ ඒ ඇඟට පිටුපසින් ඉන්න සැබෑ කෙනයි. මේ මත්ස්‍ය මනු ගැන බොහෝ දේවල් හින්දු කාරයෝ කියල තියෙනවා. සැබැවින් ම මනු නමින් මිනිසෙකු වෙලා නැවත ඉපදුන හිරු ගෙ විස්තරමයි මේ මත්ස්‍ය මනු ට තියෙන්නෙ. මනු කෙතරම් මිනිසුන්ට බලපෑම් කලා ද කියන බව, එම නම හැම තැනම යොදාගෙන තිබීමෙන් පෙනෙනවා. විශ්ව මනු හෙවත් විෂ්ණු කියන්නෙත් මනුමයි. වෙසමුනි කියන දෙමළට හුරු වචනයත් විශ්ව මනු  කියන එකයි. දෙමළ වහරේ මනු කියන නම මුනි වෙලා තියෙන්නෙ උච්චාරණ විලාසය අනුවයි. ඒත් අද මුලා වුනු අය මුනිඳු කියන්නෙ නම්  හාත්පසින් ම වෙනස්, සම්බන්ධයක් නැති කෙනෙකුට. වචන බිහිකිරීම අමාරු වුනාට යෙදීම කොච්චර ලේසි ද? මනු, මුනි කතාව කියන කොට මි, මු කියල සිංහල වැකි අවසන් කරන කොට, කට දෙමළ විදියට හැදෙන්නෙ සිංහල වෙච්ච දෙමළ ආගමිකයන් නිසා බව පෙනෙනවා.

මහ කෙනා (මහාසේන) කිව්වෙත්, සුමන (අනඟි මනස), සමන් කිව්වෙත් මේ මනුටමයි. සමනළ කන්ද අල්ලගත් අය, සුමන සමන් කියල එකම නම දෙවිදියකට වර නගල ජෝඩු කරේ තමන්ගෙ නොදැනුම ලෝකෙට පෙන්වමින් බව පෙනෙනවා. බසේ නොදැනුම යොදන වචන වලින් පෙනෙන දෙයක්.

ඒත් මොනවද මනු කලේ? මනු බිහි වූ කාලේ මිනිසුන් හැසිරුනේ අද මැද පෙරදිග වාඩි ගහගෙන ඉන්න අය වගෙයි. ඔය කට්ටිය මිනිසුන්ගෙන් මිදිල කොකේසස් වල සැඟවුනු හොරකම වෘත්තිය කර ගත් අය. රෑට ගමන කොතරම් ද කියනවා නම්, අද බළල් ඇස් ලක්ෂණ බිහි වුනේ ඒ පෙදෙසෙන් බව තහවුරු වෙලා. අපේ ලක්ෂණ වලට ආරම්භයක් ඇත.

මනු එන විට මිනිසුන් තිරිසනුන්ට වඩා වෙනස් වුනේ කෑම බීම ලේසියෙන් ලබා ගැනීම, නැටුම් ගැයුම් හා කෑම බීම වලින් විතරයි. කාල බීලා ඉතිරි වෙන කාලය පොර කෑමටත්, ස්ත්‍රීන් පැහැරගැනීමට/දුෂණයට ගෙව්වා. කාලේ කන එකයි, -කන එකයි (වචනය නැති කම බරපතල පාඩුවක්). ඉතිරි වෙලාවේ හැසිරුනේ සතුන් වගේමයි. ඇත්තටම මනුෂ්‍යයන් තිරිසන් කමෙන් මුදා ගත්තෙ විශේෂ කාර්යයකට. ඒ බව මනු කල දේ වලින් පැහැදිලියි.

මනු තමයි අපේ කලාවට, වෙලාවට වැඩ කිරීමේ හැකියාව දුන්නේ. ඔක්කොම එක වෙලාවට එකම කාර්යයන් කිරීමත් ඇරඹුවා. ඊට කලින් තමන්ට හිතෙන වෙලාවට හිතන දේ කරන ලෝකයක් තිබුනේ. මෙයින් ඉතාමත් ම වැදගත් දෙයක් තවම අපේ වටිනා උත්සවයක් ලෙස පවතිනවා. ඒක තමයි සිංහල අවුරුද්ද. අනෙක තමයි සිංහලයන් හැම දේම සුභ නැකතකට චාරිත්‍ර වාරිත්‍ර ඇතිව බොහෝ කටයුතු කිරීම. ඇත්තටම ඒක නැත්තේ ශරීර කෘතිය කිරීම, නිදා ගැනීම ඇහැරීම වගේ සුළු ගණනකට පමණයි.

අළුත් අවුරුදු සංකල්පය, අපේ පැවැති ඒකාකාරී ජීවිත ගමන වෙනස් කලා. අළුත් ආරම්භයක් ඇති වී නැවත වෙනස්වීමට හැකියාව දුන්නා. ඇත්තටම නව වසර බිහි වුනේ මන්නාරමේ පරපාකන්දෙ තිබුනු මනුගෙ මාළිඟයට සූර්යයා මුදුන් වෙන වෙලාවටයි. අද, රෑටත් අවුරුදු ලබන්නෙ හේතුවට වඩා ගණිතය වරදවා ගැනීම නිසයි. මෑතකදි මේ සිංහල උරුමය නැසීමට බෞද්ධයන් කරපු වසලම ක්‍රියාවක් කිව යුතුයි. ඒ තමයි සිංහල අවුරුද්ද පටන් ගත්තෙ කාලිංඟ මාඝ කියල කීම. මේ නම ඇහෙන කොටත් ඇඟ කිලිපොළා යා යුතුයි. ඌ තමයි ඔරිස්සාවෙන් ආපු විජේ කුමාර්ගෙ කට්ටිය සමූල ඝාතනය කිරීමට ඔරිස්සාවෙන් ආපු මාරයා. ආවා. ශුද්ධ කලා. අතුරු දහන් වුනා. අපේ රටේ උතුරු පළාත මනුගෙ මාළිඟාවට අයත් රක්ෂිත භූමියක්. ඒකට රිංඟන උන් නැසීමට උන්ගෙ එකෙක්ම යොදා ගත් බව, ඉතිහාසය පුරා කියනවා. ඒ බිම රැකීමට සිංහලයන් කැප වී ඇති බව හෙළූ ලෙයින් පැහැදිලි ය. මෙය අප දකින ස්වාභාවික ලෝක දත්ත වලට පටහැනි සිදුවීමක්. ස්වාභාවික ලෝකෙ භූමිය රකින්න බැරි නම් දාල යනවා. මනු ඒ අතින් අදටත් බලපෑම් කරනවා. මේ සිංහල අවුරුද්ද කොතරම් අප තිරිසන් ලෝකෙන් දුරස් කලා ද? ඒ විතරක් නොවෙයි හැම කෙනාම සම බව එකට කිරීමෙන් ම පෙන්නුවා.

නොදැනුම නිසා අද සිංහල වූ සංක්‍රමණිකයන් අවලාද නඟන කුල ක්‍රමය බිහි කලේ මනු ය. සැබැවින් ම තම දරුවන් දස දෙනා ප්‍රධාන කොට සිංහලයන් කොටස් දහයකට වෙන් කර, සියල්ලන්ගේම ජීවත්වීමටත් පැවැත්මටත් අත්‍යාවශ්‍ය කාර්යයන් භාර දී අවශ්‍ය දැනුම බෙදා දුන්නේ ද මනු මය. බෙදීම දරුවන්ගේ හැකියාවට අනුව විය. එමගින් දරුවන් අතර ආරවුළ් නැතුව, තම පැවැත්ම රැකෙන සමාජයක් බිහි විය. අවුරුදු 2600ක දෙමළ ආධිපත්‍යය හා මෑත කාලීන බටහිර ආධිපත්‍යයයන් එකිනෙකාගේ වෙනස් කම් උපයෝගී කරගෙන කෙටවීමට යෙදුව ද, තවමත් සිංහලයන් රැකෙන්නේ තම උරුම දැනුමෙනි. මෙම දස කුලයෙන් එකක් වූ නාග කුලය අද තවත් කුලයක් හා එකතු වී ඇත. මේ ගැන පසුව කතා කරන නිසා දැනට නවතමි.

මනු දුන් ජීවිත දැනුම (ජ්‍යෝතිෂය) නිසා, සිංහලයන්, ආවට ගියාවට වැඩ කරන හිතුවක්කාරයන් නොව, හැම දේම මනා පාලනයකින් කලට වේලාවට වැඩ කරන ජාතියක් බවට පත් විය. එසේ කිරීම හුදු බාහිර ආටෝපයක් නොව, නොකිරීම ප්‍රථිවිපාක ඇති දෙයක් බව ක්‍රියාවෙන් පෙන්වන බලගතු උපක්‍රමයකි. ඒ ගැන මා කලින් කී සිතේ (අවතාරය) පැවතුම වෙනස් කරන බලය යොදවා ඇති බව තහවුරු වේ. මේ ගැන පසුව කතා කරන නිසා දැනට නවතමි.

 මිනිසුන්ගේ  කැළෑ ගති නැති කර ජීවිතය සහයෝගෙන්, සමාදානෙන් ගෙවීමට මනු දුන් දැනුම ඉමහත් ය. අද සිංහලයන් ගේ ගති පැවතුම්, හොඳ නරක තීරණය කරන විදියට මනු කොතරම් මුල් වුවා ද? අර්ථයෙන් අවවාදයෙන් පමණක් නොව ක්‍රියාවෙන් දෙමව්පිය දූ දරු සබඳතා වලට දායක වුන දැනුම ද ඔහුගේය. මෙහි ඇති විශේෂත්වය නම් ඒ දැනුම ජීවත්වීමටත් පැවැත්ම රැක ගැනීමටත් කොතරම් දායක වුනා ද යන බවයි. එකෙකුට එකෙක් නැති ලොවක, මම, අපි, මනුෂ්‍යයෝ වැනි සංකල්ප කොතරම් වැදගත් ද?

සිංහලයන් ආයුබෝවන් කියන්නේ ආයු බොහෝ වේවා යයි කීමටය. එකිනෙකා මරාගෙන කෙළවර වන තිරිසන් ජීවිතයෙන් මිදීම ම කෙතරම් ආයු වැඩි කරනවා ද? මම දැන් කියන්නේ ජීවත්වීමටත් පැවැත්ම රැක ගැනීමටත් මනු කල තවත් අඟනා දෙයකි. ඒ ආයුවඩන දැනුමයි. හින්දූන් ආයූර්වේදය කියන්නේ ද, ඒ මතින් වේදය කෙටි කර වෙද ලෙස ගෙන කියන වෙදකම කියන්නේ ද, ඔහුගේ දැනුම මුහුකුරා යාමකි. ශාරීරික (තාරයේ) මෙන් ම සිතේ (අවතාරයේ) අබල දුබලතා සුව කර, නීරෝගී බව ලබා දී, දිඟු කලක් ජීවිත්වීමට මනු දුන් දැනුම නොවන්නට අද ද මිනිසුන් ඇත්තේ ඉතා සුළු පිරිසකි. මෙම දැනුම කෙතරම් ප්‍රබල ද කියනවා නම්, මනු ජීවීන් බිහි වූ ආකාරය අකුරක් නෑර දත්තකු විය යුතුය. එහෙත් මේ දැනුම පවත්වාගෙන යන අය කියපු දේ එලෙසම කරනවා මිස එසේ කිරීමට පදනම කුමක් දැයි නොදන්න බව හැම විටම තහවුරු විය. මේ නිසා, මුලා වීම, නොදැනුම හා බොරු කිරීම තුලින් අද මිථ්‍යාවක් යයි කියන තරමට අබලං වී ඇත. අවුරුදු 2600ක් තිස්සේම මෙම දැනුම නැසීමට වෙර දැරූ සිංහල වෙස් ගත් දෙමළුන් හැම මාධ්‍යයක් හරහා ම මේවා මිථ්‍යාවක් යයි කියන්නේ ද, තමන්ට ඒ ගැන හරියාකාර අවබෝධයක් නැතැ යි කියන පහත් මානසිකයට බැසීමෙනි. මගේ සෙවීම් වලට අනුව මෙතරම් වටිනා දැනුමක් වෙන කිසිදු ජන කොටසකට උරුම නැත.

මනු කොතරම් අපේ ජීවිත හැඩ ගස්වා ඇති ද කියනවා නම්, එසේ නොවන්නට අප ආපසු තිරිසනුන් වෙනවා යයි කීම ජීවීන්ගෙ ස්වාභාවික හැසිරීම මගින් තහවුරු වේ. දැන් මා කියන්නේ තවත් අතිවිශේෂ උරුමයක් ගැන ය. ඒ තනිකඩ කැළෑ ජීවිතය වෙනුවට මිනිසුන් අසීමිත සංඛ්‍යාවක් පොදු ඒකකයක් ලෙස පවතින සමාජ ව්‍යුහය බිහි කලේ ද මනු ය. එකල, මහා සම්මතයෙන් හෙවත් සියල්ලන්ගේ එකඟතාවය මත, එහෙමත් නැත් නම් කාගෙත් කැමැත්තෙන් නායකයකු බිහි කිරීමයි. මහ සම්මතයෙන් නායක වූ මනු ඊට කලින් පැවති, තිරිසන් උරුමය මත වූ  ඇඟේ හයියෙන් නායක වූ ගෝත්‍ර ක්‍රමය වෙනුවට මුලු ජාතියම එක් අයකු යටතේ පාලනය කිරීම ඇරඹීය. ඒ අනුව ජීවිත රැකීමටත්, පැවැත්ම තහවුරු කිරීමටත් අවශ්‍ය කාර්යයන් එකිනෙකාට පවරා, එය පරම්පරා උරුමයක් ලෙස නොකැඩී රැක ගෙන ඉදිරියට යාමට සැලසී ය. එකල, මනු යනු හිරු යටතේ මා කී දස අවතාර වලින් ජීවිත රැකි, දැනුම දුන් කාටත් නැතුව බැරි වූ සම්පතකි. ඔහුගෙන් පසු ඔහු දුන් දැනුමේ හිතට (අවතාරයට) බැඳි දැනුම බුදලාද, ගතට (තාරයට) බැඳි දැනුම ගුරුලාද යනාදී වශයෙන් බෙදා රැක ඉදිරියටගෙන යාම පැවරුනි.

මහ සම්මත මනුට පසු නායකයන් වු බුදලා විසි අට දෙනා අද සිංහල වෙස් ගත් හින්දුකම තුල සිර කොට ඔවුන්ගේ බුද්ධලා කර ඇත. මීට වසර තිස් දාහකට ටිකක් පසු ව සිටි අන්තිම බුද (නායක) වූ තේමිය (තෙමේ තොමේ, තුමා යන වදන් වලට මුල් වූ), තමන් ගේ ක්‍රියාවන් නිසා රටෙන් පිට වීමට සිදු වූ බව ද, වෙනත් ජාතියක් (ඉංග්‍රීසින්) බිහිකල බව ද, සිංහලයන් හා එම ජාතිය සතු ඉතිහාසමය දත්ත තහවුරු කරයි. සිංහලයන්, ගිය තේමිය කුමාරයා ආපසු එන තුරු රටනොනඟින්නේ යයි කියනු මම පෞද්ගලිකව අසා ඇත්තෙමි. ඔහු ගිය නිසා ගිය තෙමේ යන අදහස ඇති ගෝතම නමින් ද හඳුන් වා ඇත. මෙහි දී ගෝ (go) යන වදන ගියා, ගාතය, ගාටනවා යන වදන් එකට බඳී. සිංහල වෙස් ගත් දෙමළුන්, ඒ ගෝතම, මීට වසර 2600කට පමණ පෙර උපන්, අශෝක් අධිරාජයා ඔසවා තබන තෙක් කිසිවකු නොදත් සිදට් නමැත්තාගෙ නමට බැඳ සිංහලයන් මුලා කර ඇත. එසේම තේමිය යන නම ද තම ආකමේ චරිතයක් ලෙස කතා ද ගොතා ඇත. කෙසේ වෙතත් දෙමළුන් බිහි කර ඇත්තේ සිංහලයන්ගෙ හැකියාව පරීක්ෂා කිරීමට බව ජීවින්ගෙ පැවැත්ම මත ගොඩ නැගූ දැනුම තහවුරු කරයි.

අද වන විට මනුගේ ක්‍රියාවන් බොහොමයක්, ඇත්ත නොදැන පොතපතින් දත් උගතුන් හරහා රාවණයකුට ද, සිදට් නම් හින්දු ආගමික කල්ලියක නායකයාට ද පවරා තිබීම කොතරම් මුල් බැස ගත්ත ද, දස බල ඇති බුද්ධලා (මුනිලා) හෝ දසිස් ඇති රාවණාලා සිටිය බවට කියන කතාව බොරු වන්නේ, එවැනි බහුවිධ උපතක් නොව ඒකීය උපතක් සියලු ජීවීන්ට ඇති බව ස්වාභාවික දත්ත තහවුරු කරන නිසාය. මේ මුලා කිරීම් වල පසුබිම වෙන ලිපි මගින් හදාරමු.

ඊ ළඟ ලිපියේ සිංහලයන් බොහෝ කලකට පෙර සිට රැකගෙන ආ දත්ත මත සැබෑ දියසේන සොයා ගිය කල හමු වූ තොරතුරු ගෙන විස්තර ලියමි. අද වන විට සිංහල වෙස් ගත් දෙමළුන් හා උන්ගෙ ආකම වැළඳ ගත් උන් කොතරම් දියසේන යන නම විරූපී කර ඇති දැයි කියනවා නම්, එම නම පුහු නමක්, හෝ මිථ්‍යාවක් කියන අය බොහෝ ය. එසේම එන්නේ සිංහලකම (මිනිස්කම) රැකීමට නොව සිංහල වෙස් ගත් දෙමළුන් හා උන්ගෙ ආකම වැළඳ ගත් උන් රැකීමට යයි කියනු දස දෙසින් ඇසේ. මෙතරම් ඒකීය තොරතුරු දී ඇති විට එවැන්නකු සිටිනවා ද නැද්ද යන්න සෙවීම කොතරම් පැහැදිලි ද? අප කල සෙවීම් මත, එවැන්නකු සිටින බව තහවුරු විය. මා කාලීන තොරතුරු - 3 ලිපියේ කී ලෙස, අළුත් තත්ත්වය යටතේ පැවසීමට භාදා එල්ල වුව ද, එම කතාවෙ අඩක් කපා මා පිටපත් කල තොරතුරු සැබෑ බව සොයා ගත්තේ 2011 අගෝස්තු මස කල සෙවීමක දී ය. මනුගේ තොරතුරු රාවණගේ ගිනුමට බැර කල ද, සිංහලයන් එය නොසලකා හැරියා සේ, දියසේන කියන්නේ අරයා මෙයා කීව ද, සැබෑ දත්ත මත සැබෑ දියසේන ඉන්න බව තහවුරු විය. අද රාවණ කර තබාගෙන නැවත නැගිටින මළ මිණියක කතාවට දායක වූයේ ද, අග මුල නොදැන මනු ගේ පමණක් නොව දියසේන ගේද තොරතුරු මේ රාවණ චරිතයට කැවීමෙන් බව තහවුරු විය.

දියසේන සොයා යාමේ දී, අහම්බෙන් තේමියගේ නැවත උපතද සොයා ගැනීම අඟනේ ය. විශේෂ චරිත තුල ඇති අනන්‍ය තාවය, නම් පටලවා වෙනස් කිරීමට නොහැකි වන්නේ ඔවුන් ගේ අවතාරය විශේෂත්වයක් ගන්න නිසාය. රාවණ ගැන කීම මගේ මුල් අදහස නොවූව ද, සොයා ගත් කරුණු සිංහලයන් සතු කල යුතු නිසා ඒ ගැන දියසේනට පසු ලිපියේ ලියමි. රාවණා යනු සක්විති පාලනය මිනිසුන්ට තිත්ත කල නායකයා ය. දරු උපතක ප්‍රධානීන් දෙමව්පියන් වූව ද, මළවුන්ගෙ කටයුතු වල ප්‍රධානීන් වන්නේ අවමඟුල් සේවා දායකයන් ය. මම ව්‍යංඟයෙන් කීවේ මෙතෙක් මිනිසුන් සිටි රටාව වෙනස් වූවේ, ආපසු නොයන ලෙස බව සහතික නිසා ය. අද පවතින රටාව තිත්ත කරන්නේද එම රාවණ දැයි විමසිය යුතු ය. ඊට පසු අළුත් රටාවක් බිහි වීම අනිවාර්ය දෙයකි. එසේ නම් නොදැනුවත් කම නිසා දියසේන හා රාවණා පටලවාගත් බවට ද සාක්ෂි දකිමු. මිනිසුන් යන මග ඉතා සංකීර්ණ වුව ද, ඒ යන මග නියත දිසාවක් ගන්නා බව සහතික කරන ස්වාභාවික දත්ත බොහෝ ය.

මේ ලිපියේ මනු ගැන කීවේ ඉතා සුළු කොටසක් පමණක් බව කරුණාවෙන් සලකන්න.

2 comments:

  1. අගෙයි...බොහෝ දේ ලබාදෙන මේ අඩවිය නියමයි...විය යුත්තේ මේකයි...

    ReplyDelete
  2. අගෙයි...බොහෝ දේ ලබාදෙන මේ අඩවිය නියමයි...විය යුත්තේ මේකයි... Posted by Naleen Dilruksha at 6 February 2013 04:42. (It looks like a system error that did not publish this comment. Thank you Naleen.)

    ReplyDelete

Note: only a member of this blog may post a comment.