Friday 1 February 2013

කාලීන තොරතුරු - 3

අදත් සුපුරුදු පරිදි අපේ ප්‍රවෘත්ති බලන කොට, අමුතුම මාදිලියෙ පුවතක් එල්-සී-එන් (LCN) වල දැක්කා. ඒක බලන කොට මිශ්‍ර හැඟීමක් දැනුනා. දුක හිතුනේ අද සිංහල මිනිසුන්ට වෙන දේවල් කියන්නෙ, සිංහල උපතක් නැති ඉන්දියානු ප්‍රබන්ධ අණුසාරයෙන් වීමයි. සතුටට හේතු වුනේ උන්වත් නොකිව්ව නම් වෙන කවුරු කතා කරාවි ද කියල හිතුනමයි. ඒ කතාව ජ්‍යෝතිෂය කියන හින්දු වචනයෙන් හැඳින් වූ වෘත්තිකයෙක්ගේ බව පෙනෙනවා. කෙසේ වෙතත් සුපුරුදු හින්දු විලාසය වන, ඇත්ත නැත්ත සමඟ අපූරුවට ගෙතීම නම් අගේට පේනවා. හින්දු කතාවක් අනිවාර්යයෙන්ම කෙප්පයකින් පටන් ගන්න නිසා ඔක්කොම බොරු කියල හිතුනත්, ඒක ඇතුලේ තියෙන සමහර තොරතුරු, මා සතු දත්ත හා සැසැඳීම අරුමයක් වුවත්, අප දන්න දේ වෙන අය කියන කොට විමතියක් ඇති වීම සාධාරණය. ඉතින් ඒ මත මේ කතාව ලියමි.

ලිපිය තමයි "යළි ඉපැදී සිටින ඩඩ්ලි සේනානායක ශ්‍රී ලංකාවේ මීළඟ රාජ්‍ය නායකයාද ?" (http://lankacnews.com/sinhala/main-news/89644/) කියන එක. එවැන්නකු කලින් වතාවෙ ගත කල ජීවිතය ගත්තම මේ සැරේ ඊටත් බාල තැනකට යා යුතු වීම මිස වෙන දෙයක් නොවන බව නැවත උපත ගැන දනී නම් කිව හැකියි. මම මෑතකදී අභියෝග කලා නැවත උපත ඇති/නැති බව ස්වාභාවික දත්ත මත ඔප්පු කරන්න කියල. විශේෂයෙන් ම අද බුද්ධිමතුන් යයි කියාගන්න, ඒත් බුධ (දැනුම) ඇති  කෙනෙක් හිතන්නෙවත් නැති, ජීවිතය නැසීමට වෙර දරන අයගෙන් ඇහුවා. ඒත් පිළිතුරක් නෑ. මම ප්‍රශ්ණ අහන්නේ උත්තරේ හොයාගෙන. ඒ මගේ උත්තරේ, දෙන උත්තරේ සමඟ සැසඳීමට. මා දන්න තරමින් නැවත උපත ඇත/නැත යන දෙකම ස්වාභාවික දත්ත මත ඔප්පු කරන්න පුළුවන් බව ප්‍රසිද්ධියේ කිව්වෙ මම විතරයි. ඒ ගැන පසුවට ලිපියකින් කරුණු දක්වමි. නැවත උපත ඇත හා නැවත උපත නැත කියන දෙක විස්තර කරන්නේ වරදවා නොගැනීමටය. පැවැත්ම තහවුරු කිරීමට ජීවීන් නොදරන උත්සාහයක් නැත. ඉතාමත් අනඟි ක්‍රමයක් තමයි තමන්ගෙම පිටපත් හැදීම. ඒක අත්‍යාවශ්‍ය වන්නෙ තමන් මළොත් මළා ම  තමයි කියන ඇත්ත නිසා. ඉතින් තමන්ගෙ අණුපතක් බිල්ලට දීලා පණ බේරගන්න ඇත්නම් නරක ද? මිනිසුන් අතර මේ අය තමයි අනුන් රැකීමට තමන්ගෙ පණ දෙන පෞද්ගලික මට්ටමේ අය. එයාලගේ හැසිරීමත් හරියට අවතාරයක් නෑ වගෙයි. අන්න ඒ අයට නැවත උපත නැත කියමි. ඔවුන් සිතන හා හැසිරෙන ආකාරය ද එයමය. මේ තත්ත්වය සතුන් අතර ද පවතිනවා. ඩේවිඩ් ඇටෙන්බරෝගේ රූප පටියක එවැනි දෙයක් අහුවෙලා තියෙනවා. නැවත උපත ඇත කියන එක පසුවට කතා කරමු.

දැන් ඒ ලිපියෙන් උපුටා ගත් කොටස් කීපයක් විග්‍රහ කරමු.

"එහිදී මට හමුවුණු “නාගර්ජුන්” නම් මහ යෝගීවරයා අපේ රටේ ඉදිරි අනාගතය පිළිබඳව මහා අරුම පුදුම අනාවැකි රාශියක්‌ පළ කළේය....

එතුමාණන්ගේ ප්‍රකාශයන්ට අනුව වර්ෂ 2017 පමණ වනතුරු අප රට සංවර්ධිත රටක්‌ බවට පත් නොවනු ඇත. අධර්මය රට තුළ පැතිරී යනු ඇත. නීතිය අභිබවා රජකරනු ඇත. රට තුළ දිනපතා මිනීමැරුම්, ස්‌ත්‍රී දූෂණ, බාල අපරාධ යනාදිය රැල්ලක්‌ ලෙස ව්‍යාප්ත වනු ඇත. හොරකම්, මැරකම්, මංකොල්ලකෑම්, පැහැරගෙන යැම්, රටතුළ සීග්‍රයෙන් ඉහළ යන අතර අතීත හෙළ උරුමයන්ට සම්බන්ධ ඉපැරණි නටබුන් සහිත ඓතිහාසික ස්‌ථාන ද නිධන් හොරුන් විසින් විනාශ කරනු ඇත. මිනිස්‌කම පරයා නොමිනිස්‌කම නැගී සිටිනු ඇත. පින් කිරීම වෙනුවට මිනිසුන් පවට වඩ වඩාත් බරවනු ඇත. ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය විනාශ වී ගොස්‌ රට තුළ මහත් ආහාර අර්බුදයක්‌ ඇති වනු ඇත. ගං වතුර, නාය යැම්, සුළු සුළු භූමි කම්පා යනාදිය ද රට තුළ විටින් විට ඇති වී ජන ජිවිතය අවුල් කරනු ඇති අතර, මිනිසුන්ට ජීවත්විය නොහැකි ජීවන බරකට ලක්‌වනු ඇත. ඒ නිසාම ඇතැම් දෙමාපියන් දරුවන් ද සමග සියදිවි හානිකරගනු ඇත. සෑම තැනම අල්ලස, දූෂණය, නාස්‌තිය හා වංචාව රජකරනු ඇත. "

ඇත්තටම මේ ටික ඇස් ඉදිරියේ දකින ආශ්චර්යයක්. වැදගත් වන්නේ මේ ඔක්කොම කලින් ලියා කියා තිබීමයි.

ඊ ළඟට අපේ රටේ බිහිවෙන නායකයා ගැන කියන කතා බලමු.

"එම යෝගීවරයා මතු අනාගතයේ නුඹලාගේ රට ගොඩනගන රාජ්‍ය නායකයා දැනටමත් ඉපැදී, ඉතා අප්‍රසිද්ධියේ කල්ගත කරන බවත්, ඔහු රටේ පිළිගත් ඉහළම වෘත්තියක නිරත මහා උගතෙකු බවත් ප්‍රකාශ කළේය."

"ඔහු අධ්‍යාත්මික බලයෙන් යුත් දෙවියන්ගේ වරමින් රට ගොඩනැඟීම පිණිස බිහි කරන ලද පුද්ගලයා බවත් වැඩිදුරටත් සඳහන් කළේය."

"ඔහු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත් වූ පසු රට තුළ ධර්මිෂ්ඨ ජන සමාජයක්‌ බිහිවන බවත්, ඔහු බලයට පත් වී සත් වසරක්‌ ඇතුළත ශ්‍රී ලංකාව ලොව බලවත්ම රාජ්‍යයක්‌ බවට පත්වන බවත් එම සෘෂිවරයා අනාවැකි පළ කළේය. ඔහු විසින් රට තුළ සුරාව හා සූදුව සම්පූර්ණයෙන් තුරන් කර දමන බවත්, මිනීමරුවන්, ස්‌ත්‍රී දූෂකයන්, බාල අපරාධකරුවන් යනාදී දැඩි අපරාධවල නියෑළෙන්නන් එල්ලා මරා දමන බවත්, සත්ව ඝාතනය රට තුළ සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලබන බවත්, බුද්ධ ධර්මය ලොව පුරා රැගෙන යැමට කටයුතු කරන බවත්, රට සම්පූර්ණයෙන්ම ස්‌වයංපෝෂිත කරන බවත්, ධර්ම විනය සංගායනාවක්‌ ඇති කොට භික්‍ෂු ශාසනය සුපිරිසිදු කරන බවත්, උගතුන්ට, බුද්ධිමතුන්ට රට තුළ යළි නිසිතැන ලැබෙන බවත්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සාම මධ්‍යස්‌ථානය බවට පත් කරන බවත් එම සෘෂිවරයා මා සමග ප්‍රකාශ කළේය."

මෙතන නම් ඔය ආකම/සාම වෙනුවට දැනුම හෙවත් "සිංහල දැනුම" කියල දාන්න වෙනවා. නියම බුධලා හිටියේ සිංහලයන් අතරෙ විතරයි. ඒ අය දෙසුවේ රහත් වීම මිස අරහත් වී නිවන් දැකීම නොවේ. ඒ ගැනත් පසුව කියමි.

පුනරුප්පත්තිය ගැන කියපුව වගේම අද රටේ තත්ත්වයට වග කිව යුතු නායකයා ගැන පසුවට කතා කරමු.

"තවද එසේ බිහිවන මීලඟ රාජ්‍ය නායකයා මහා දාර්ශනිකයෙකු වන බවත්, කිසිවෙකුට ඔහුට මොනයම් හෝ හානියක්‌ කිරීමට නොහැකි බවත්, එසේ කිරීමට සැලසුම් කරන්නන් සොබාදහම (????) විසින් අකාලයේ මිය පරලොව යවන බවත් සඳහන් කළ එම සෘෂිවරයා එකී අනාගත නායකයා මෙරට තුළ ප්‍රථම වතාවට (සිංහල) ජාතික ආණ්‌ඩුවක්‌ බිහිකොට, නොවෙනස්‌ වන ජාතික ප්‍රතිපත්තීන් ඇති කොට දසරාජ ධර්මයෙන් ඉතා දැහැමිව වසර 20 කට අධික කාලයක්‌ රට පාලනය කරන බවත් සඳහන් කළේය.".

හැම දෙනාම  තමන්ගෙ හිතට එන දේ තමයි කියන්නේ. ඒත් මේ ඉන්දියාවේ ඉන්න නාඬි වහන්සෙලා කියපු දේවල් පැහැදිලිවම ආදි සිංහලයන් දත් බවත්, අද වෙනකම් ඒ තොරතුරු රැකුණ බවත් ඉන්දියාවට යන්න උතුරට නොගොස්, දකුණට ගියා නම් සිංහලෙන් ම නිවැරදි ව දැන ගන්නව නේ. සිංහලයන්ගෙ රජ රට තියෙන්නේ එහේ මිස ඔය කියන වියළි කලාපෙ නොවෙයි.

මම මේ තොරතුරු ගැන කතා කලේ, උපුටා ගත් දේම අප සොයාගත් දත්ත වලට ගැලපෙන නිසයි. ඒ ගැන තොරතුරු නොබෝ කල සිංහලයන් ගේ වහරේ එන "දියසේන" යටතේ කියනවා. ඒත් අද මේ කතාව කිව්වේ, "දැනටමත් ඉපැදී, ඉතා අප්‍රසිද්ධියේ කල්ගත කරන බවත්, ඔහු රටේ පිළිගත් ඉහළම වෘත්තියක නිරත මහා උගතෙකු...", "කිසිවෙකුට ඔහුට මොනයම් හෝ හානියක්‌ කිරීමට නොහැකි බවත්, එසේ කිරීමට සැලසුම් කරන්නන් ... අකාලයේ මිය පරලොව යවන බවත්", "ශ්‍රී ලංකාව ලොව බලවත්ම රාජ්‍යයක්‌ බවට පත්වන බවත්" යන කරුණු වල සැඟවුන සුවිශේෂත්වය යි.

මෙතැන, තුන් වන කරුණ නම් රටේ නායකගේ කටන් ආවට, ඒක මුලින් ම කිව්වෙත්, අනිත් දෙක කදිමට ගැලපෙන්නෙත්, දැනුදු අප්‍රසිද්ධියේ වසන සැබෑ මනුෂ්‍යයකුගෙ තොරතුරු වලට බව අපේ සොයාගැනීම ද වෙනවා. එයාගෙ උපන් නමත් අතීතයේ කී නමේ ම නූතන අරුත දෙනවා. දියසේන කියන්නේ ධාතු දෙන කෙනා. ධාතු දෙන්නේ පියා නේ ද? ඉදිරියේ දී, සිංහලයන් අනාදිමත් කාලයක සිට කියන දියසේන ගැන සැබෑ තොරතුරු පළ කරන නිසා, මෙය පෙර දැකුමක් ලෙස ලීවෙමි. නුදුරු කල මනු ගැන ලිපිය සම්පූර්ණ කරමි.

උපුටා ගත්තේ, අද නොයෙකුත් මගින්, සිංහලයන්ගෙ තොරතුරු විකෘර්ති කර තේරුම් ගැනීම වැළැක්වීමට, සිංහල විරෝධීන් ගහන දහම් ගැට පෙන්වීමටය. අද වන විට දියසේන නම ගත් කැනහිළුන් ද, හිඟනුන් ද, ඇත. ඒත් සැබෑ දියසේන අහලකටවත් මේ මෝඩ රිළවුන් තැබිය හැකි ද? එවැනි සුවිශේෂ චරිතයක් මෙලෙස නසන්නේ සිංහලයන් ගේ දැනුම් තේරුම් ගැනීමේ හැකියාව පරික්ෂා කිරීමට යයි මම කියමි. වරහන් තුල ඇත්තේ මගේ ඇමුණුම් ය.

5 comments:

  1. Replies
    1. mokada yako thoma liyala thoma comment karanne thaakshane gana danumak nadda meeharako monawada me liyana wikaara

      Delete
    2. @ Anonymous10 February 2013 02:18,

      උත්තර දීමට ගිය තත්පර කීපය ද පාඩුවකි.

      නලීන්ගේ ප්‍රතිචාරය පල නොවීමට මුල් වූ ගැටළුව අඩවි පහසුකම් දෙන අයගේ දුබලකමකි. එය හෙළි කිරීම මට අනවශ්‍ය ය. සමහර විට ඔබ වැනි උන්, නොදන්න දෙයක් නැති වුව ද, ඒ නොදන්න බව නොදැනීම පුදුමයක් නොවේ. පළ නොවූ ප්‍රතිචාර ගැන බ්ලොග් කරුවන්ට චෝදනා කරනු මම දැක ඇත්තෙමි.

      Delete
    3. //monawada me liyana wikaara//

      tho meeharakek bava pene (I twisted your own words).

      Delete
    4. This original comment was made by Naleen on another topic. How it appeared on this topic is a wonder. As a rule I do not delete comments unless they are against Sinhala. (My apologies to Naleen). Indeed, I enjoy testing the chaotic western technology.

      Delete

Note: only a member of this blog may post a comment.