Monday 28 January 2013

සිංහලයන් හිරු දෙවියන් කියල කියන්නේ කාටදැයි හඳුනාගමු.

අද සිංහල කතා කරන සමාජය තුල බහුතරය යයි කියන බෞද්ධයන් ඉන්දියාවේ සිටි බුද්ධ කෙනෙකු ගැන අනේක වාරයක් කියනු ඇසුව ද, හිරු දෙවියන් ගැන කියනු නොඇසෙන තරම් ය. හිරු යයි කියන්නේ සූර්යයාට යයි කියන කතාව නම් දස දෙසින් ඇසේ. එහෙත් මම කියන්නේ හිරු නමැති ආදි සිංහලයන් කී සූර්යයාට සම කල කෙනෙකු හෙවත් දෙවියකු ගැනයි. කෙසේ වෙතත් හිරුට වන්දනාමාන කරන අය විවිධ ජන කොටස් අතර සිටින බව දනිමු.

හිරු දෙවියන් සිංහල ජාතිය බිහිකල බවත්, දැනුම හිරු දෙවියන්ගේ බවත් බොහෝ අතීතයේ සිට පැවතුන බවට තොරතුරු අදත් ඇත. මම කලින් සඳහන් කල, ක්‍රිව 1815  දී සිංහල රට අල්ලාගත් ඉංග්‍රීසීන්ගෙ ඇවසිතා සපුරාලීමට ලියූ History of Ceylon from the Earliest Period to the Year 1815: With ... By Philalethes (http://books.google.com.au/books?id=OkxFuKoEzBcC&printsec=frontcover&source=gbs_ge_summary_r&cad=0#v=onepage&q&f=false) නමැති පොතේ, හිරු ගැන ද ඉතාමත් වැදගත් තොරතුරු දක්වා ඇත්තේ, ලියන්නා කිසිදු දැනුමකින් තොරව ලියූ නිසා බව පෙනේ. හිරු ගැන මතකය, හිරුගේ ලක්ෂණ ආරූඪ කර තැනූ නොයෙකුත් පසුකාලීන නාමධාරීන් නිසා ගිලිහී ගිය බවක් පෙනේ. අද මිනිසුන් කියන්නේ, තමන්ගේ දේ අතහැර අනුන්ගේ දේ බදාගෙන, එය තමන්ගේ යයි කීමට කරුණු මවන, නන්නත්තාරයේ යන සත්ව විශේෂයක් නිසා, වාචික තොරතුරු හීන වුවද, ඉතිරි වී ඇති සූර්ය වන්දනාවේ නටබුන් ගත් කල, සූර්යයා වැඳීම නොකල මිනිස් සමාජයක් නොතිබූ තරම්ය. එසේ නොතිබුනා නම් ඒ සිංහල සමාජය තුල පමණි. එනයින් ඔවුන් හිරු යයි හැඳින්නුවේ සූර්යයා නොව පුද්ගලයකු බව තහවුරු වේ. හිරු යන වචනය හා බැඳි හූරා, හේ, ඔහේ, ඔහු වැනි වචන මේ බව තහවුරු කරන්නේ, එවැනි වචන බිහිවීමේ රටාවක් සිංහල සමාජය තුල පවතින නිසාය.

හිරු යනු පියා ලෙසත් සඳු යනු මව ලෙසත් ගෙන ඇති ජීවිත (ජ්‍යෝතිෂ) දැනුමේ, ඉහත කී හිරු ගේ නම ඇතත්, අනෙක් අතට සඳු යයි කතක් සිටිය බවකුදු සඳහන් නොවේ. කුජ, බුධ, ගුරු වැනි නම් මිනිස් සමාජය නිරූපනය කිරීමට අණුකූලව පුද්ගලයන් හිටියත්, සඳු නියෝජනය කරන විශේෂ නාමධාරියක නැති බව පසක් වේ. ගැහැණු පිරිමි භේදයකින් තොරව මේ ආරූඪ නාම නියෝජනය වීම නිසා, ගැහැණුන් සඳු පමණක් නියෝජනය නොකරන බව ප්‍රත්‍යයක්ෂ වේ. දෙමව්පියන් දරුඵල ගැන්වීම තුලින් ගැහැණු හා පිරිමි දරුවන් සියල්ලන්ම බිහිවීම නිසා, ගැහැණු පිරිමි වෙනස දැඩි ශාරීරික වෙනසකට වඩා අවතාරය (සිත ඇතුළත් කොටස) මත රැඳෙන බව කිව හැක. තාරයේ (ශරීරයේ) හා අවතාරයේ වෙනස් කම් ජීවිතය බිහි කිරීමටත් පැවැත්ම රැකීමටත් ඇති අවශ්‍යතාවය සපුරාලීමට ගැහැණු හා පිරිමින් බිහි කරවන බව පෙන්විය හැක. ගැහැණු හා පිරිමින් පෙන්වන අසමාන හා පරස්පර හැසිරීම් මිනිස් වර්ගයාගෙ යහපතට දරණ වගකීමේ ඉමහත් බව කියා පානවා. එය දරුවාගේ පැවැත්මට කෙතරම් වැදගත් දැයි කියනවා නම්, ජීවත්වීමේ වරම දෙවරක් දෙන විදියක් යයි කිව හැක.

ගැහැණු හා පිරිමින් නියෝජනය කරන වගකීම් ගැන කීමට අවස්ථාව මෙය නොවූවද, හිරු හා සඳු (පියා සහ මව) යනු ජීවිත (ජ්‍යෝතිෂ) දැනුමේ ඒකීය නිරූපණයන් නිසා සුවිශේෂ කොටසක් බවත්, මේ දෙදෙනාම ජීවය නියෝජනය කරන නිසා, හිරුගේ ගතිගුණ බෙදාගෙන නියෝජනය කරනවා යයි කීම ස්වභාවයට ගැලපේ යයි සිතමු. දරුවන් වැඩීමේදී තනි තනිව හෝ එකතු වී රැකීම දෙදෙනා වෙන් කල නොහැකි බැඳීම් ඇත්තන් සේ පෙන්විය හැක. එසේ නම් හිරු දෙවියන් දෙමව්පියන් නියෝජනය කරනවා යයි කිව හැක.

හිරු දෙවියන් ගැන කතා නොකල ද, සිංහලයන්ට ලොව ළඟින්ම සිටින්නේ දෙමව්පියන් බව නොරහසකි.
අපේ දෙමව්පියන් ළඟ සුවිශේෂත්වයක් අපි දකිමු. ඒ සුවිශේෂත්වය අපේ දෙමව්පියන් ළඟ පමණක් නොව සියලු ජීවීන්ගේම දෙමව්පියන් පෙන්වන බව, ස්වාභාවික දත්ත මනාව පැහැදිලි කරනවා. වෙනසකට තියෙන්නෙ, ජීව පරාසය තුල පහලම ද නැත්නම් උපරිමයෙ ද නැත්නම් අතරමැද ද කියනක එකයි. (මෙහිදී අතරමැද යනු මැද යන අරුතම නොදේ). සිංහල දෙමව්පියන් කොතරම් මෙම හැසිරීම් රටාවට නතුද කියනවා නම්, තමන් කරන දේ ගැනවත් අවබෝධයකින් තොර බව කිව යුතුයි.

ඇත්තටම මේ හැසිරීම කාගෙ වුවමනාවට වෙන දෙයක්ද? හොඳට බැලූ විට, මේවා දෙමව්පියන් ඉබේ වඩාගත් දෑ නොවන බව සහතිකය. මම දෙමව්පියන් ගැන කිව්වේ ඔවුන් දෙන්නා අපට ළඟින්ම ඇති හිරුගේ ප්‍රබලම අවතාර දෙක නියෝජනය කරන බව කීමටයි. මෙතන දී, හිරුට අවතාර දහයක් ඇති බව කියන්නෙ කිව යුතුම නිසයි. බාහිර තොරතුරු ගොඩක් ලොව ඉදිරියේ තියෙන්නෙ මනුගේ සමයේ නිසා, ඒ අවතාර දහය මනුගෙ ලෙස කියවෙනවා. මනුට අමතරව තව මත්ස්‍ය මනු කියල කෙනෙක් සතුවත් අවතාර දහයක් ඇති බව කියවෙන කතා තවමත් තියෙනවා. බොහෝ දැනුම මනුගේ කාලයේ ලැබීම නිසා ඒවා අහපු අය මනු තුලින් අතීතයට ගිය බව පෙනෙනවා.

මම කලින් අප සතු අවතාරය ගැන කිව්වා. එසේම හැම ජීවයක්ම පෙන්වන එකට බැඳුනු ඒකීය ආරම්භය ඇති බිහිවීම අපට වෙනස්කල නොහැකි ස්වාභාවික ඇත්තක්. ඒ නිසා අපේ අවතාර හැදූ හිරු කෙනෙකුයි, මෑතකදී කියපු මනුයි දෙදෙනකු විය නොහැක. එසේ අඩු තරමින් දෙදෙනෙක් සිටී නම්, මුල් දෙක නියෝජනය කරන පැවැත්මක් තිබිය යුතුය. එක යනු තෝරාගැනීමට වෙන අවස්ථාවක් නැත්තකි. දෙකක් ඇති විට එක වරක් දෙකෙන්ද තව දෙවරක් දෙක වෙන වෙනමද ගෙන බිහිවිය යුතුය. මෙය සහතික කරන කිසිදු ස්වාභාවික ජීවයක් නැති නිසා, විවිධ නම් වලින් කීවද ඒ එක් අයකු බව පිළිගැනීමට සිදු වේ. එසේ නම් හිරු යනු ඒකීය ස්වරූපයක් ඇත්තෙකි.

මම හිරුට අවතාර දහයක් ඇතැයි කීවෙමි. ඉන් එක අවතාරයක් වන මත්ස්‍ය අවතාරය හෙවත් ජීවය බිහිකිරීමේ හැකියාව තවෙකකුට නොලැබෙන දෙයක් බව කිසිදු ජීවියකුට වෙනස් ආකාරයක ජීවියකු බිහි කිරීමට නොහැකි බව පෙන්වයි. අනෙක් අවතාර නවය සැබැවින්ම අපට උරුම වූ ගතිගුණ පිළිබිඹු කරන  අපේ අවතාරයට බෙදී ආ කොටස් නියෝජනය කරනවා. අපට ඇත්තේ එක අවතාරයක් බව ස්වාභාවික දත්ත තහවුරු කරයි. එසේ නම් නවයකින් එකක් හදන විට, හදන්න ගත් ප්‍රමාණය අනුව, වැඩියෙන් ගත් අවතාරයට අනුව අපේ අවතාරයේ ලක්ෂණ පිළිබිඹු කරනවා. හිරු හා සඳු අවතාර වලින් දෙමව්පිය ගති ලැබෙනවා වගේම බුධ අවතාරයෙන් දැනුම ද, ගුරු අවතාරයෙන් හැකියාවන් ද, කුජගෙන් යුධකාමී බව ද, සිකුරුගෙන් මනමාලකම ද, යනාදී පුද්ගල ලක්ෂණ නිරූපනය වෙනවා යයි සරලව කියමි. ඇත්ත මීට වඩා ඉතා සංකීර්ණ බව ස්වාභාවික හැසිරීම හැදෑරූ විට පෙනේ.

අද්භූත මානසික තත්වයක් ඇතිවීම වැලැක්වීමටත්, සැබෑ ලොව සමඟ බැඳීමටත් මා අවතාරය යනු කුමක්දැයි නැවත කිවයුතු වෙනවා. මිනිසුන්ගේ දරු උපතේ දී, දෙමව්පියන් ගත හැදීමට දායක වුවත්, හිත නොහදන බව තෙවැන්නා වන දරුවා හැම අතින් ම පෙන්වනවා. එසේම හිත යනු සංකීර්ණ, එමෙන්ම නිශ්චිත අංඟ ඇති ජීවි කොටසක් ලෙස ස්වාභාවික දත්ත හෙළි කරනවා. එම නිසා අප දන්නා සරල ස්වාභාවික ක්‍රියා වලින් එවැන්නක් වත්, එවැනිම සංකීර්ණ හා නිශ්චිත පැවතුමක් ඇති ගත වත් නොසෑදෙන බව ස්වාභවය පෙන්වනවා. මේ අනුව තෙවන පාර්ශවයක් ඇති බව පෙන්වනවා. එම තෙවන පාර්ශවය හිරු ලෙස මා හැඳින්වූවේ සිංහලයන් ද එම මගම ගොස් ඒකම කියපු නිසයි.

එසේ නම් ජීවය බිහි කිරීමට මුල් වූ හිරු, අපේ දෙමව්පියන් නියෝජනය කරනවා යයි කීම නිවැරදිය. හිරු දෙවියන් ගැන අමතක කල ද, අප දෙමව්පියන්ට දක්වන ගරු සරු ව්‍යංඟයෙන් හිරුට දක්වන ගරු සරු කිරීමක් නොවේ ද?  අනෙක් අතට අප හිරුගේ බිහි කිරීම් නොවේ ද? හිරු හා අප අතර නිරන්තර සබඳකමක් තිබේද? සැබැවින්ම එවැනි දෙදිසාවට යන හුවමාරුවන විදියක් ඇතැත් ඒ ගැන කතාකිරීමට සුදුසු තත්වයක් නැත. ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කර නොගෙන, උපමා අණුසාරයෙන් කී විට, කනාට කිරේ පාට කී විට එය කුමක්දැයි සිදු වූ අකරතැබ්බය නැවත වනු ඇත. දැනටම එවැනි ප්‍රථිඵල හිරු හා බැඳී ඇත. හිරු හා සූර්යයා උපමාවකින් සම කිරීමට පොදු විශේෂ ගතියක් තිබුන ද, අන්තිමට කෙළවර වූයේ හිරු යනු සූර්යයා යයි කියමින් සූර්යයාට වැඳීමය. හිරු හා අප අතර ඇති සබඳතාවය සූර්යයාගෙ රැස් වලට උපමා කල විට, අන්ධ උන් රාවණ හෙවත් සූර්යයාගෙන් පැවතෙන බහුභූත කතාවක් ගොතා ඇත. අප සූර්යයාගෙන් පැවතේ නම්, අපට කිව යුතු වන්නේ මිනිසුන් නොව ආලෝක ධාරා යයි කියා නොවේ ද?


හිරු ගැන මා කී කරුණු මත ආදි සිංහලයන් හිරුට ගරු සරු කලේ අන්ධ විශ්වාසයකින් නොව ඇත්ත දැන ය. එය අද ද දෙමව්පියන්ට දක්වන ගරු සරු වලින් පිළිබිඹු වේ.

හිරු ගැන කතා කරේ හිරු කෙසේ අපේ පැවැත්ම හා බැඳේ ද කීමටයි. එය නිරන්තර බැඳීමක් යයි ද, ඉතාමත් කාර්යක්ෂම විදියක් බව ද ස්වාභාවික දත්ත තහවුරු කරයි. අති විශේෂ කාර්යයක් වන්නේ පැවැත්මේ සන්ධිස්තාන වල දී, ගතකින් බිහි වී මග පෙන්වීමයි. මෙය සිදුවීම වර්ෂ තිස් දහසකට පමණ වරක් සිදු වූ බවත්, ඒ හැම විටම යන දිසාව ජීවත්වීම හා පැවැත්ම රැකීම සඳහා මුල පිරීමක් ද වූ බව පෙනේ. උදාහරණ ලෙස, මීට වර්ෂ තිස් දහසකට පමණ පෙර මනු ලෙස ඉපි ද අළුත්ම ජීවන රටාවක් දුන් බව ද, වසර හැට දාහකට පමණ පෙර වඳවීමට ගිය විට බේරා ගත් බව ද පෙනේ. මීට චක්‍ර හතරකට පෙර, එනම් වසර 120,000කට පෙර අද දක්වා දිවෙන ගුරුකම් (තොවිල් පවිල්) වලට මුල පුරා අතිවිශේෂ වෙනසක් කල බව මම දැනගත්තේ අපූරු විදියකට ය. කෙසේ වෙතත් වෙන කෙනෙක් ඒ සඳහා යොදා ගත් සිංහල බෙරය මීට වසර 120,000කට පෙරද ගැසූ බව යූ ටියුබේ කියා තිබින. අද සමහර බෞද්ධයන්මෙම සිරිත් විරිත් සිංහලයන්ට අහිමි කරලීමට කොතරම් වෙර දරනවා ද? ඒ සිරිත් විරිත් සිංහලයන්ගෙ යහපතට කොතරම් හේතු වී දැයි වෙන ලිපියකින් දක්වමි. ඒවා නොවන්නට, අදත් අප අංඟෝපාංඟ සෙලවිය නොහැකි තිරිසනුන් වනු ඇත.

දැනට ලියූ ටික ඇති යයි සිතුන ද, හිරු ගැන සිංහලයන් සතු දැනුම පැහැරගත් උන්, වෙන නාම වලින් හෝ වැරදි උච්චාරණයෙන් හෝ අවැඩට යෙදීමෙන් විනාශ කර ඇති බව කිව යුතුය. තුන්ලොවට අධිපති, එහෙත් මිනිස්බව නසන බුදුන් කෙනෙකුටද මේ ගති විකෘර්ති කර ආරෝපනය කර ඇත. තවත් අය මිනිසුන් වෙනුවෙන් සියලු දේ මැව් සර්වබලධාරි දෙවියකු ගොඩ නඟා, තිරිසනුන් වත් නොකරන අපරාධ සියලු සතුන්ට කිරීමට පිටුවහලක් කරගෙන ඇත. තවත් කොටසක් තවත් සර්වබලධාරි දෙවියකු ගොඩ නඟා, අනුන්ගෙ දේවල් පැහැර ගැනීමට, මිනිසුන් මරා ගැහැණුන් උදුරා ගැනීමට පිටුවහලක් කරගෙන ඇත.  එහෙත් මධ්‍යස්ථව බැලූ විට, හිරු තමන්ගෙ හැකියාවන් උන්ට පෙන්වා දිය යුතු දඬුවම් ද දී ඇත. එහි නිමාවක් ද නැත. තවත් කොටසක් නා නා ප්‍රකාර නම් දාගෙන මුදල් උපයාගන්න යාග හෝම වලට බැඳ විකුණාගෙන කති. උදා: නාථ (නායක). අනෙක් නම් මනු ඈඳා ගෙන ගොතා ඇත. හිරුගේ නැවත ආරම්භයක් දීම ගැන මායා වරුන්ද කියා ඇත. සිංහලයන් ඊටත් වඩා තියුණු ලෙස පැමිණීම ගැන කියා ඇත. මේවා ගැන පසුවට විචාරය කරමු. මනුෂ්‍යයකු ලෙස ජීවිත් වී පැවැත්ම රැකීමට, නොඑසේනම් දරුවන් රැක බලාගැනීමට කැප වීම, හිරු හා සම්බන්ධ වීම ලෙස දකිමි.

දෙවියකු ගැන නොකීවේ පසුව කියන නිසාය.

6 comments:

  1. මගේ අත්තාගේ යහළුවකු වූ ගමේ කඩේ මුදලාලි ප්‍රවීණ ජ්‍යෝතීර්වේදියෙකි. ඔහුගේ ජ්‍යෝතිශ දැනුම මිනීමට වරක් එක් අයෙක් මෙවන් දෙයක් කලේලු.

    තම දරුවා බිහි වුනු ආසන්නයේම ඔහුගේ නිවසේ බැල්ලකට පැටවුන් බිහි වී ඇත. බලු පැටවකු බිහි වූ වෙලාව සටහන් කරගත් ඔහු කඩේ මුදලාලිට එය ගෙනත් දී තම දරුවා බව පවසා වේලාව සාදා දෙන ලෙස පැවසීලු.. මුදලාලි වෙලාව හදනවලු..ඔලුව කස කස හදනවලු.. හදන හැම වෙලේම එන්නෙ තිරිසන් උපතක කේන්ද්‍රයක්ලු… නමුත් අර මිණිහ දරුවෙක් කියල ගෙනත් දුන්න නිසා හිතාගන්නත් බැරිලු…දුන්නු වෙලාව හරියටම හරිද අහපුවම මිනිහ කියනවලු ඔව් කියල…හදල හදල අවසානෙ මුදලාලි කිව්වලු, දුන්නු වෙලාවෙ හැටියට නම් මහත්තයො මිනිස් උපතක් වෙන්න බෑ, අනිවාර්යෙන්ම ත්‍රිසනෙකුයි ඉපදිලා තියෙන්නෙ කියල…
    ඉතින් මිනිහ පැහැදිලා කිව්වලු, ඔව් මුදලලි හරි, මම ඔය මුදලාලිගෙ සාස්තරේ සත්‍යාසත්‍යතාව බලන්න ගෙනත් දුන්නෙ අපේ බැල්ලිට පැටිය බිහිවෙද්දි ගත්ත වෙලාව කියල… මුදලාලි ඔය සිද්ධිය නිසා ඒ මනුස්සය එක්ක ගොඩ කාලයක් තරහින් හිටියලු…

    ReplyDelete
    Replies
    1. අගේ ඇති කතාවක්. ඒ වගේ බලු පැටවුන් ඉපදුන වෙලාව අනුව කේන්ද්‍ර හැදීම, ඇත්තටම ජීවිත (ජ්‍යෝතිෂ) දැනුම වැරදි ලෙස භාවිතයක්. එසේම අනාවැකි කීමත් එවැනි දෙයක්. හරි වගේ පෙනෙන්න ඒ තුල තියෙන නිශ්චිත අභියෝග චක්‍රය නිසයි. මිනිසුන් සතුන්ට වඩා වෙනස් ජීවිතයක් ගත කරන නිසා, ස්වාභාවයෙන් තම හැකියාව පරික්ෂාවට ලක් වෙන්නෙ නෑ. සතුන්ගෙ ප්‍රථම කාර්යය කුසගිනි නිවීම. දෙවැනි එක වර්ගයා බෝ කිරීම. එච්චරයි. තුන් වන අභියෝගයක් නෑ. ඒ කාර්යයන් දෙකේ දී, ජීවිතය, මරණය, කියන දෙක සම සමව පවතින සබඳතාවයක්. මිනිසුන්ට සංඛ්‍යාව ගත්තම ඔය අභියෝග දෙක නැති තරම්. තමන්ගෙ පැවැත්මට, යම් ආකාරයකින් තමන්ගෙ හැසිරීම අභියෝගයකට ලක් නොවේ නම්, කාල බීල පෙරලෙන්න බැරි මස් ගොඩක් වෙනවා නේද? මිනිසුන්ගෙන් බලාපොරොත්තු වන හැසිරීමට සරිලන අභියෝග, ජීවිත (ජ්‍යෝතිෂ) දැනුම තුලින් එළි දකිනවා. ඇත්තටම මනස අප ඒ තත්වයට ඇද දමලා, අභියෝග බලෙන් ගන්නවා. ඒකත් එක විදියක ඉල්ලගෙන කෑමක්.

      ඒ කතාවෙන් හෙළිවෙන්නෙත්, මිනිසෙකුට ඕන ඕන වෙළාවට ඉපදීමට බැරි බව නේද? ඒත් සතුන්ට එහෙම නෑ. ඒ වගේම කොයි වෙළාවේ ඉපදුනත්, මිනිසුන්ට කියන දේ වළංඟු වෙන්නෙත් නෑ. මේ වගේ ජීවිත (ජ්‍යෝතිෂ) දැනුම පරික්ෂා කිරීමට උත්සාහ කරන අය, තමන්ගෙ නොදන්න කම පෙන්වනවා. ඒක වෙන්න ඇති මුදලාලිට තද වුනේ. පුරන් කොටන උදැල්ලෙන් වී පාගන්න බැහැ නෙ.

      මම හුඟක් ඉස්සර ලංකාදීපෙ වෙදෙක් ලියපු සිංහල ලිපියක් කියෙව්වා. ඒකෙ, ආදි සිංහලයනට තමන් උපදින තැන, වේළාව, දෙමව්පියන් තීරණය කිරීමේ හැකියාව තිබුනා යයි ලියල තිබුනා. ඒ ගැන හරියට ඇත්ත දැනගත්තෙ දියසේන ගැන සිංහලයන් කියපු දේ සොයන කොටයි. හරියටම තමන් උපදින තැන වෙළාව දිනය කියල තිබුනා. ඒත් කිසිවෙකුට හරියට කියන්න බැරි වුනා. ඒකට හේතුව තමයි කේන්දරේ හිස් කොටු තුන ගැන නොසිතීම. ඉපදුන තැන (ඇත්තටම හැම කෙනාටම හැම තැනම ඉපදීමට නොහැක), ඉපදුන දින සූර්යයාගේ සැබෑ පිහිටීම, ඉපදුන කෙනා යන තුන නොදැන ජීවිත (ජ්‍යෝතිෂ) දැනුම භාවිතා කිරීම අසම්පූර්ණයි. එම දින, එම වෙලාව හා කෙනා ගෙන බැලූ විට ජීවිත (ජ්‍යෝතිෂ) දැනුමට මුල් වූ පදනම සොයා ගත හැකියි. සිංහල දේවල විශේෂත්වය, බාහිර දේවලින් නොව මූලික පදනමක සිට දැනුම බිහිවීමයි. ඒත් අද බහුතරය කතාකරන්නේ, ඒ දැනුමෙන් හින්දුන්ට තේරුන ටික නැවත කපා කොට සංස්කරණය කරල ගත් දෙයක් ගැන. මේ ගැන පසුව තව විස්තර ලියන්නම්.

      Delete
  2. අගෙයි ඔබේ කතාව...ඒ වෙද මහත්තයගෙ ලිපියෙ තිබුණු ඊට වැඩි කරුනු කියන්න බැරිද? එසේ කීමට ඔවුන් භාවිත කල ක්‍රම වේදය නැවත නිපදවන්න බැරි වෙයිද? එය ඉතා අග්‍රගණ්‍ය හැකියාවක්නෙ...ඒ වගේ දෙයකට සෙවුම් ක්‍රමයක් නිපදවාගෙන තිබීම තුලින් පැහැදිළි වෙනව සිංහලයො අපට නොපෙනෙන සීමාව ( මරණය, ඉන් පසුව කුමක් වන්නේද, ඉපදීමට කුසකට යන්නේ කෙසේද කියන වැනි කරුණු...) හොඳින් දැනගෙන හිටිය කියල...
    සිංහල භාව කේන්ද්‍ර ක්‍රමය ඔය දළ කේන්ද්‍ර ක්‍රමයට වඩා බොහෝ වෙනස්...කාලාන්තරයක් හොයල හොයල විද්‍යාරත්න මහත්තයගෙ ජ්‍යෝතිශ සංග්‍රහය කොටස් 5 ක් පොටෝකොපි කරගත්ත...තාම අධ්‍යනයට වෙලාවක් ලැබුනෙ නෑ..ඉන්දියානු ක්‍රමය තුල නිවැරදි භාවය සම්බන්ධ ගැටළු තියනව එය කොතරම් මුල් බැසගෙන තිබුනත්...
    කේන්ද්‍රයේ හිස් කොටු වලින් කුමක් ගම්‍ය වේදැයි පහදන්න.
    නිවැරදිව පංචාංග ලිත් පද්ධතිය සකසා ජ්‍යෝතිශයේ සත්‍යතාව තහවුරු කල යුතුයි. ලිත් නොතිබුණු කාලයේ ගමේ ගොඩේ හිටි ජ්‍යෝතීර්වේදියකු ග්‍රහ රාශි චාරය කෙසේ සොයා ගත්තාද යන්න අපි සිතිය යුතුයි, එනම් පියවරින් වේලාව සොයා නැතිනම් ඉපදුනු වේලාවේ සිට කෙසෙල් ගොබයක් ඇදෙන ප්‍රමාණය මැණ එයින් පවා නිවැරදිව තොරතුරු පුද්ගලයකු ගැන කියන්නට තරම් ප්‍රභල ජ්‍යෝතිශයක් අපට තිබුණනෙ..අද මේ වල් බාවන්ට ලිත හරියට ගැණ ගන්න බෑ...පැහැදිළියි මේ ක්‍රම වේද නසන්න, සිංහලයො දීනයො, නිවටයො කරන්න එදා ඉඳලම අවශ්‍යතාවය තිබුණ කියල.
    ඕනැ ඕනැ තැනක ඉපදෙන්න බෑ කියන කතාවත් හරිම වැදගත්...අපේ උපත සමග අපට පැවරුණු කිසියම් වගකීම් සමුදායක් තිබිය යුතුයි කියල මම හැමදාම හිතුව. සමහරවිට ඒ නැති වූ සිංහලකමට පණ දීම වෙන්නැති...මායා, ඉන්කා, දකුණු ඇමරිකානු ශිෂ්ඨාචාර, අපේකම ආදී දේට මා තුල ඇතිව ඇති කොන්දේසි විරහිත නැඹුරුවත් මාව විශ්මයට පත් කරනව...

    ReplyDelete
    Replies
    1. ඒ වෙද මහත්තයගෙ ලිපිය මගේ දත්ත ගබඩාවේ ඇති. ඒත් හොයන්න වෙන්නෙ පස්සෙ. සිංහලයො අපට නොපෙනෙන සීමාව දැන සිටි බව, විවිධ ආගමිකයන් ගිරව් වගේ කියන ඒවා ඇතුළේ හිරවෙලා තියෙනවා. ඒ වගේම තමන් ළඟ උපදින අයත් කවුද කියල තීරණය කල හැකියි. ඒවා වෙන්නේ උඩින් තියෙන නීති එක්කයි. එක් කෙනෙකුට එකම අන්තයකට, ඒ කියන්නේ උදාහරණ ලෙස සැප ම ගැනීම වෙන්නේ නෑ. ඒ ඔක්කොම පැවැත්ම රැකෙන විදියට කෙරෙන්නෙ.

      ඔවුන් භාවිත කල ක්‍රම වේදය නැවත නිපදවන්න පුළුවන්. සිත හැම දේටම බලපානව නේ. තමන් හරි මග යන්නත් ඕන. ජීවිතේ නිවන සිතට මේවා නොදැනේ.

      කේන්ද්‍රයේ හිස් කොටු වලින් කුමක් ගම්‍ය වේදැයි මම සරලව කිව්වා. කේන්ද්‍රය කියන්නේ ගිනි ගොඩක් (ඉස්සර ජීවිතය ගිනි දළුවක් වැනි යයි උපමාවක් තිබුනා - කැළේ ගිනි ගොඩවල් ගහල තමයි ආලෝකය, ආරක්ෂාව, රෂ්ණය ලබා ගත්තේ. කැති පොරෝ කියත් නැතුව ගිනි දළුව පවත්වා ගැනීමත්, ඒ කාලේ, බේත් නැතුව, වගාව නැතුව, ජීවිතයක් රකිනවාට සමානයි නේද?) වටා හිඳගත් හිරු, සඳු, කුජ, ..... කියන අවතාර ලෙස ගන්න. තැන් දොළහක් තිබ්බට නව දෙනයි ඉන්නේ. ඒ හිස් තැන් තුන, "ඉපදුන තැන, ඉපදුන දින සූර්යයාගේ සැබෑ පිහිටීම, ඉපදුන කෙනා" යන තුන නියෝජනය කරන ලෙස යෙදුවම දියසේන කියන කෙනාගෙ අනන්‍ය බව තහවුරු වුනා.

      මම පොත් කියෙව්වට ඒවා මගේ දේ ලෙස නොගනිමි. එක්තරා විදියකට හැම දේම ස්වභාවික ලෝකෙට සම්බන්ධ වෙනවා. කියන දේවල අරුත එතැනදී පැහැදිළි වෙනවා.

      අප කියන දේ කොතරම් හරිද කියන එකට අප පරිහරණය කරන දත්ත වලට වඩා වැදගත් බාහිර දේවල් තියෙනවා. නාඩි අල්ලල ලෙඩ කියනකොට වුනත්, හිතට එන දේවල් නාඩි අල්ලල කියන කෙනා අනුව වෙනස් වෙනවා.

      සිංහලයන් තරම් අභියෝග වලට මුහුන දුන් වෙන ජාතියක් නැත. නිර්මාණයක හැසිරීම මැනීමට පරික්ෂා කල යුතුමය. පුදුමයකට ඇත්තේ හොම්බෙන් යන විට ලබන එන්නත ය.

      //අපේ උපත සමග අපට පැවරුණු කිසියම් වගකීම් සමුදායක් තිබිය යුතුයි කියල මම හැමදාම හිතුව.// - ඔව්. අපේ වෙනස්කම්, බැරිකම නොව අපට පැවරුණු වගකීම් ඉටු කිරීමට ලැබූ අංඟෝපාංඟයන් නිසා වේ. එය එක උපතකට සීමා නොවූ අපේ ක්‍රියාවෙන් පිළිබිඹු වන අන්තයක් කරා යාමකැයි මම සිතමි. හැම වේයා ම එකම වැඩේ කලොත් එතැන වේ හුඹහක් තිබේ ද?

      Delete
  3. ඇනොනිමස් වන් ඔරිග් මහත්තයට මේ දැනුම පහළ වුනේ කොහොමද කියල කිව්වනම් තරහ නොගෙන?

    ReplyDelete
    Replies
    1. http://sinha-ali.blogspot.com.au/2013/04/blog-post.html බලන්න.

      Delete

Note: only a member of this blog may post a comment.