Saturday 19 January 2013

දැනුම - සිංහල අරුත

අද දැනුම ඇත්තකු බව පෙන්වීමට නම් අධ්‍යාපන සහතික තිබිය යුතුය. මේවා ගත් උදවිය ඉතාමත් ආඩම්බරයෙන් තමන් දත් බව පෙන්වති. තමන්ගේ මතය ලෙස පිටු ගණන්, පොත් ගණන් ලිවීමට අනුන්ගෙන් උපුටාගත් දේ අලවති. කියන කතාවකට අසන ප්‍රශ්ණයකට එවැනි යමෙකුගේ කතාවක් නොකියයි නම් එය වැදගත් නැත. මට මේ ගතිය අහිමි වූයේ කුඩා කල ය. ඉස්සර හිටපු යෝධයකු රා කළ සොලොස් දහසක් බීවා යයි කියපු  කතාවක් මගේ වැඩිමහල සොහොයුරෙකුට කීමි. ඒකා මට පරිභව කල විට, මම පොත ඔසවාගෙන ගොස් පිටුව පෙරලා ඒ කතාවේ කොටස පෙන්වීමි. ඔහු පිළිගත්තද මට එදා සැකයක් පහල විය. අද ඒ කතාවේ ඇත්ත මම දනිමි. ඉස්සර හිටපු යෝධයා බීවේ කළ දහසයකි. මේ කළය බීමට යොදා ගත් එකක් මිස අද ඇති ජලය රැස්කර තබාගන්න ලොකු කළය නොවේ. අද වචනෙන් කෝප්පය වැනිය.

මෙවැනි නොදැනුම හා අතිශයෝක්තිය නිසා ලියන දෑ කොතරම් අප නොමග යවා ඇති දැයි කියනවා නම්, මම කියන කිසිදු දෙයකට අනුන්ගේ පොතකින් උපුටා නොගනිමි. සැබෑ දේ ද පොත් වල ඇත. එවැනි දෑ බාහිර දත්ත ලෙස ඉදිරිපත් කරන්නේ යමෙකුට තවත් මගකින් මා කියන දෙය දැකීමටය.

කලකට පෙර මා කියන්නට පටන්ගත් දේවලට කිසිදු පුනරීක්ෂණය කල පොතක් නැත. එසේ මා ලියූ එක රචනයකට එවැනි පොත් නාමාවලියක් අත්‍යාවශ්‍ය වූ නිසා ඊට පෙර මා බැලූ ඉතා පැරණි පොත් කිහිපයක නම දුනිමි. අද එය අධ්‍යාපනයට අළුතින් එකතු වූ  ක්ෂේත්‍ර කිහිපයකට විහිදුනු භාවිතයේ ඇති ප්‍රබල විෂයයකි. එම විෂයයට මා ඉංග්‍රීසියෙන් කී ගෙතූ වචනයද යෙදේ. අරුමයකට ඇත්තේ රහසක් ලෙස තිබූ මේ රචනයේ පිටපතක් සොරෙන් ගත් දෙමළෙකු, මා කී විෂය කරුණු ඇරඹුනේ, අර නාමාවළියේ පැරණිම පොත ලියූ සමයේ යයි කීමය. මේ බව විකිපීඩියා වලටද එකතු වී ඇත.

මම මෙසේ කතාව පටන් ගත්තේ මම නොදන්න දෙයක්, අනුන්ගෙ කීමක් ගෙන දැක්වීමට මා සහජයෙන්ම අකමැති නිසාය. මේ ගතිය කුහුළක් දැනුනු දෙයක් මෙන්ම, පවතින අධ්‍යාපන ක්‍රමය තුල විභාගයකින් සමත්වීමට ඉතාමත් ප්‍රබල බාධකයක්ද විය. සපුරා දැන ගැනීමට දැඩි වෙහෙසක් ද දැරීමි. හැම අභියෝගයකින් ම ජයගත් මට, මා කී දේත්, පොත පතේ ඇති දේත් කොතරම් පරස් පරදැයි කියනවා නම්, ඔවුන් ඉගැන් වූ දේම මම කියනවා යයි ඔවුන් මුලා වූ බව දකිමි.

මේ ගැන සොයා බැලූ විට, අද සිංහල යයි හඳුන්වා ගන්නා සියල්ලන්ටම අහිමි වූ, ඒත් කතාවෙන් ක්‍රියාවෙන් අරුත් දෙන අතිවිශිෂ්ට දැනුම ලබා ගැනීමේ විදියක් පැවති බව පෙනේ. එය සැබැවින්ම අද පවතින ක්‍රමයට ප්‍රතිවිරුද්ධය. සිංහල විදියට, අනුන්ගේ දේ උපුටාගෙන තමන්ගේ දේ ලෙස කියන්නේ බොරු කරන උන් ය, මෝඩයන් ය, නැතහොත් රැවටීමට වෙර දරන වංචණිකයන් ය, චාටු කාරයන් ය, මානසික ආබාධිතයන් ය. මෙසේ කීවේ ආදි සිංහලයන් සපුරා ප්‍රතික්ෂේප කල බව පෙන්වීමටය.

එසේ නම්, සිංහලයන්ට ආවේණික වූ දැනුම ලබාගන්නා විදියක් තිබුනේ දැයි විමසමු. එම ක්‍රමය අද ද සිංහලයන් අතර පැවතෙන බව කියමි. එය අතහැර අද පවතින ක්‍රමය ඉහලට ගියේ, නොයෙකුත් වෙසින් ආ සංක්‍රමණික පැවැතුම් නිසා බව පෙනේ. ඒ, දැනුම ලබාගැනීමට වඩා තමන් දන්න බව පෙන්වීමට වචන යොදාගැනීමය.

අද පවතින ඉංග්‍රීසීන් බලෙන් පැටවූ අධ්‍යාපන ක්‍රමය තුල, ගුරා කියන දේ එසේම පැවසීමත්, ගුරා කරන දේ එසේ කිරීමත් විශිෂ්ඨ ප්‍රථිඵල දෙන කාරියන් වේ. ගුරා කියන දේ ද, කරන දේ ද එලෙසම ලැබූ දේවල්ය. එසේ නම් මෙම ක්‍රමය කෙසේ කවදා කා වෙනුවෙන් බිහි වීද? ඕපපාතික හෝ මැවීම් සංකල්ප බොරු බව කලින් කීමි. ඒවා බැහැර කල විට මෙම ඉගැන්වීමේ විදියට නියත හේතුවක් තිබිය යුතුය. එසේම සිංහලයන් පිළිකුලෙන් බැහැර කිරීමටද හේතු තිබිය යුතය.

දැන් පවතින විදිය පොදුය. එයද බිහි වූයේ සිංහලයන් අතරය. ඒ මීට බොහෝ කලකට පෙරය. මිනිසුන්ට සහායට වෙනත් සතුන් යොදා ගැනීම එක් කලෙක ඇරඹින. එකල අනෙක් සතුන් හීලෑ කර, විවිධ කාර්යයන් පුහුණු කලේ අද අධ්‍යාපන ක්‍රමය වී ඇති උපක්‍රම වලිනි. කියන දේ කල යුතුය. නොකලේ නම් දඬුවම් ලබයි. කොටුකර, ගාල් කර, එකම උපක්‍රමය සියලු සතුන්ට භාවිතා විය. මූලික අවශ්‍යතා පාලනය කර එම කියන දේ ඉටු කරගත්තේ, කෑම බීම වැනි අත්‍යාවශ්‍ය දෑ අවනත කරගැනීමට අල්ලස් ලෙස දීමෙනි. බිය ගැන්වීමද කෙරින. විශේෂයෙන් ම, කලින් කියන දේ එලෙසම කිරීමට පුරුදු කර ගත් සතුන් යොදා, අළුතින් අල්ලා ගත් සතුන් හීලෑ කිරීමට මුල් තැන දුන්නා. මෙම උපක්‍රම තුල හීලෑවීමට භාජනය වූ සතුන් ගේ අවශ්‍යතා ගැන කිසිදු තැකීමක් නොවීය. හීලෑවූවන්ගේ පැටවුන් නිරායාසයෙන් හීලෑ කිරීමට ලක් විය. එසේ නම් මෙවැනි තිරිසනුන්ට සැකසූ දෙයක් කෙසේ මිනිසුන් අතරට ආවේද?

කැලෑ ගති අතහැර මිනිසුන් වූ පසු, විශේෂයෙන්ම මහසම්මත මනු තැනු, අද නිමාවට යන ඒකපුද්ගල පාලන රටාව තුල, නායකකමට ළංවූවන්, නිලතල යොදා තමන්ගෙ තැන වඩා ගැනීමට යාම නිසා සමානත්වය දෙකඩ විය. උන් හා අපි, කෙරුමන් සහ බැරි උන්, දෙවියන් (Lords) සහ පොදු උන් (Commoners) බිහිවීම තුල, හීළෑ සතුන් ආපසු ලැබීමක් නොමැතිව ජීවිතයම මිනිසුන්ට දර දිය ඇදි සේ, ආපසු ලැබීමක් නොමැතිව ජීවිතයම මිනිසුන් ගේ දරදිය ඇදීමට, කරන කියන දෑ තේරුම්ගත හැකි මිනිසුන් බිහිකිරීමට මෙම උපක්‍රම යෙදීම සිදු විය.

මෙවැනි දෑ වීමට කම්මැලියකු සිටිය යුතුය. ඒ තේමිය කුමාරයා යයි අද හඳුන්වන කෙනාය. ඔහු නිසා මිනිසා මිනිසාට නැමෙන, ගරු කරන හැසිරීම බිහිවිය. අන් අයට වඩා උඩින් සිටි මිනිසුන් බිහි විය. ඒ බව දක්වන නූතන වචන වන තුමා, තෙමේ, තොමෝ යන වචන තේමියගේ නම මුල් කොට බිහි විය. මම කලිනුත් මෙවැනි දේ කීවේ හැම වචනයකම මුලක් ඇති නිසාය.

එසේ නම් අප අද හීළෑ වීමට පාසල් යමු. ගැල අදින ගවයන් සේ අනුන්ට බැල මෙහෙවර කිරීමට ජීවිතය කැප කරමු. කියන දේ කරන හරකුන් වෙමු. ගැල අඳින ගවයා තමන් කුමකට ගැල අදින්නේදැයි නොදන්නා සේ, අපද කලයුතු ඇයි කියා නොදැන, කියන කියන දේ කර, දෙන දෙයකින් යැපෙන ගවයන් වූවෙමු.

මෙම තිරිසන් විදිය සිංහලයන් කොතරම් පිළිකුල් කලාද කියනවා නම් දැනුමෙන් ඉහලම තලයක සිටි තේමියට රට හැර දා යාමට සිදුවිය. ඔහු කෙතරම් ප්‍රබල බැඳීම් ඇත්තකු යයි සිතනවා නම්, තමන් සමඟ සිටි හැකියාවන්ගෙන් අණූන වූවන්ද සමඟ රටෙන් පිට වූයේ අද දක්වා සිංහලයන්ට එවැනි හැකියා ඇති උන් අහිමි කරමිනි.

ගිය තෙමෙ හෙවත් ගෝ(go)තම යයි පසුව අන්වර්ථ නාමය දැරු තේමිය යනු ඉංග්‍රීසි ජාතිය බිහිකල කුමාරයා යයි උන්ගේ ඉතිහාසයේ ඇත. අද උන් ලොවටම ඒ විනය කැටීම කල බව කියමි. එහෙත්, මම වටේ ගියේ උන් ළඟ ඇති වෙන යමක් කීමටය. මෙසේ සිතා මතා මිනිසුන් හීළෑ සතුන් බවට පත් කර, ඉන්න, හිටින්න, කන්න, බොන්න ඕන දේ ද නිකම් නොදී, මිනිසුන් තිරසන් සතුන්ටත් වඩා පහලට දැමුවද, තමන්ගෙ උන්ට මෙම විදිය නොයෙදීම ගැනය. උන් උන්ගේ එවුන්ට දැනුම දෙන විදිය සිංහලයන් යොදාගත් විදියේ දෙයක් වීම කොතරම් විපරිතද? අද ද, උන්ගෙ දරුවන් එම විදියට වැඩී ලෝකයම තම අණසකට යටත් වූ හීළෑ මිනිසුන් කර ඇත.

සිංහලයන් ලෙස, අද දැනුම දෙන විදියට කුපිත වී ප්‍රබලයන් රටෙන් නෙරපීමට තරම් දියුණු මනසක් ලැබුනේ සිංහලයන් දැනුම ලබාගත් විදිය නිසාය. එතුල සැබැවින්ම දැනුම ලබාගත යුත්තේ තමන්ගේ උත්සාහයෙන් බව පැහැදිළිය. අනුන් කරන කියන දේ තම උත්සාහයෙන්ම දැන ගත යුතුය. මේ ගැන කීමට සිතුවේ මා සිංහලයන් සතු දැනුම ගැන කීවද, මගේ අදහස කටපාඩම් කිරීම නොව එතුළින් ගොස් තමන්ම දැන ගැනීමය.

ඒ ක්‍රමය පැහැදිළිව ගෙනහැර පෑම අයුතු වූවද, එය මෙලෙස ව්‍යංඟයෙන් කියමි. යමෙක් යමක් කලේද ඔහු කල හැටි දන්නේය. ඔහු කරන හැටි දුටුවෙකු තමන් දුටු දේ දන්නේය. ඔහු කරන හැටි ඇසුවෙකු තමන් ඇසූ දෙය දන්නේය. අනෙකෙකු (තෙවැන්නෙකු) මෙසේ ඇසූ දුටු දෑ කියන්නේ නම් තමන්ට අවබෝධ වූ තරමින් ඇසූ දුටු දෑ කියන්නේය. බොහෝ විට එවැන්නකු නොතේරුන වැදගත් දේ අත හැර කියන බව කියමි.

හැම වචනයක් ම දැනුම දෙන්නට හැදූ සංකේත බවත්, ඒ වචනයට මුලක් ද, මුල් වූ දැනුමක් ද ඇත. යමක් දන්නෙකු වන්නේ වචනයෙන් දැනීමටත් වඩා, ස්වභාවයෙන් වචනයට මුල් වූ දැනුම දත් විටය. එය දෙවියකු හෙවත් දන්න අයකු වීමටද ඉවහල් වේ.

සිංහලයන් සතු දැනුම ලබා දුන් ක්‍රමය ඉතා අඟනේය. ගුරුලා ක්‍රියාවෙන් ගතේ දැනුම දුන් අතර බුධලා වචනයෙන් සිතේ දැනුම දුන්හ. හිරු සඳු හෙවත් පියා හා මව මුල් දැනුම ජාතකයෙන් දුන්හ. අනෙක් ග්‍රහ නාමද ආවේණික දැනුම මිනිසාට දුනි. මිනිස්කම නැසුනු විට ඒ සිංහල විදියද පීඩාවට ලක්ව ඇත. සිංහලයන්ට තම දැනුම සෙවීමට සිංහල විදියම යොදා ගත යුතුය.

අද ගෝතමගෙ නම ඈඳා බුධ නොව බුද්ධ යයි ඇදල වචන කියන කෙනෙකු දුන් දැනුමද අර තෙවැන්නෙකු "ඇසූ දුටු දෑ කියන්නේ නම් තමන්ට අවබෝධ වූ තරමින් ඇසූ දුටු දෑ කියන්නේය" යයි කී ලෙස, ඇහිඳගත් සිංහල දැනුම උඩුයටිකුරු කර කියා ඇත. මා කලින් ජීවය බිහි වූ හැටි සිංහලයන් දත් අයුරු පැහැදිලි කලෙමි. එහිදී හින්දු බෞද්ධයන් හා යුදෙව් ක්‍රිස්තියානින් යෙදූ විදි දෙක ගැන ද කීමි. සැබැවින්ම මේ දෙක එකතු කල විට, අවබෝධ වූ තරමින් ඇසූ සිංහල දැනුම බව පෙන්විය හැක. තමන්ට තේරුම් ගත හැකි වූ ගත පමණක් ගෙන සිත ගැන කී දේ ද ගතට යොදා ආත්ම අනාත්ම විකාර මවා ඇත. තේරුම් නොගත් තැන් පිරවීමට, හින්දු බෞද්ධයන් ඕපපාතික වීමද, යුදෙව් ක්‍රිස්තියානින් මැවීමද යොදා ගෙන ඇත. සැබැවින්ම වචන දෙකම එකම අදහස ඇති, නොදත් බව වසන වචන හරඹයන්ය. ඒ අතින් සිංහල දැනුම යනු ස්වාභාවික දැනුමය.

අමතර තොරතුරු:

මම ලියන විට සිතට එකඟව ලියමි. යමෙකුට නින්දාවක් වේ නම්, එම කොටසට මමද අයත් වන්නේ, මා ලියන සියල්ල මවිසින් සොයා ගත්තේ අත්විඳීමෙන් මිස, යමෙක් කී දෙය අනුගමනය කිරීමෙන් නොවේ. අපේ අත්දැකීමට අප වැරදි කරුවන් වෙන්නේ, සිතා මතා දැන දැනම යම් හැසිරීමකින් අත්දුටු විටය. උදාහරණයක් ලෙස, අධ්‍යාපනය තුලින් අප හීළෑ ගවයන් සේ වීම අපට පාලනය කල නොහැකි බලෙන් පැටවූ දෙයක් නිසා අප වැරදි කරුවන් නොවේ.

අද පවතින මිනිසුන්ට යෙදූ සතුන් හීළෑ කිරීම පදනම් වූ ඉංග්‍රීසි අධ්‍යාපනය තුල බිහිවන්නන්ගේ එක් සුවිශේෂ ලක්ෂණයක් වන්නේ, දෙක සමත් වුවත්, අට සමත් වුවත්, සාමාන්‍ය පෙළ/උසස් පළ සමත් වුවත්, උපාධිධාරී, උපාධිපති, ආචාරී, මහචාරී, පට්ටම් ලැබුවත් සිතන විදිය එකම වීමයි. ඒ තමන්ට වඩා අන් අය නොදන්නා බවය. සැබැවින් ම, මේ සියල්ලන්ම දන්නේ එක දෙයකි. එනම් ගුරා/අධීක්ෂක කියන කියන පදයට නැටීමය. නිවැරදිව නැටුවොත් සමත් වේ. ඒත් විශිෂ්ඨ ලෙස හීළෑ වීම, ආචාරී මහචාරී පට්ටම් ලැබීමට සුදුසු කමකි.

මට මේ බව තේරුනේ ඉංග්‍රීසි මහාචාරියකු යටතේ උපාධිපති කට්ටක් ගැනීමට ගිය විටය. මම කියන දේ වෙනුවට මම දත් දේ කීමි. වසර තුනක් කාලය නාස්තිකර, මහාචාරියා, තමා මම කියපු දේ තේරුම් ගැනීමට බැරි මෝඩයකු බව පිළිගත් විට, ගුරු භක්තිය සුන් විය. වඳුරු තොප්පිය බල කර දා ගතිමි. අද ඒ රචනය, ආචාරීන් දහස් ගණනින් නිපදවන යන්ත්‍රයකි. අනිවාර්ය විෂයකි. වැරැද්දකට තියෙන්නේ උන් කියන කියන පදයට නටන සව්දමේ, මා කී දේවල් හැලීම නිසා බරපතල අඩුවක් තිබීමය.

මා මේ අධ්‍යාපනයට සරදම් කලේ බොහෝ කලකට පෙරය. එය පසුව ප්‍රසිද්ධ දේශීය දේශපාලුවන්ගෙ කතාවක් විය. එහෙත් මට හැර, හීළෑචාරි දෙක සමත් සිට මහාචාරි වුවද, මේ වෙනුවට මිනිසුන්ට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක්  බිහිකළ හැකි අයෙක් සිටී දැයි දැනගන්නේ නම් යහපති.


8 comments:

  1. Replies
    1. කෝරාළෙ,

      ඇයි මැකුවේ. සිතට එන දේ කීමට බිය නොවන්න. මම නොමකමි. එහෙත් සිංහලයන්ට ගැරහීම නම් තහනම්. ඒ මම සිංහලයකු නිසා නොව අහම්බෙන් සිංහලයන් ගැන දැනගත් බටහිරයකු ලෙස සිංහලයන් අගයන නිසාය.

      Delete
    2. Hey you damn freak before you talk about Sinhalese and insult to Western, change your damn name. that will proof somewhat that you are a Sinhalese educated person. not a 3rd class freak lolzzzz

      Delete
    3. මම සිංහලයන්ට ගරහන්නේ නැහැ ගරහනෙන් බොට බං. බොගේ තියෙන තුට්ටු දෙකේ කතා වලට. මානසික ඔල්මාදෙන් පෙලෙන උඹ බ්ලොගේ ජනප්‍රිය කරගන්න ලේසිම ක්‍රමයක් හොයාගෙන නේද? පිස්සු කැනහිලෙක් වගේ මොරදෙන්නේ නැතිව වෙන ක්‍රමයක් හොයාගනින්. මොකද මේක පරණ trick එකක්. මිනිස්සු අහුවෙන්නේ නැහැ දැන්. අනේ බං උඹ වගේ බත් කන අම්බරුවෙක්.

      Delete
    4. කෝරාළෙ,

      දැන් නම් පිස්සු කවුද කියල කියන්න පුළුවන්. මම උඹගෙ කතාව ගත්තේ ඒක අස්සේ සිංහලකම නැති නිසයි. සිංහල මිනිසුන් අතරට රිංඟගෙන උඹලා නටන නාඩගම කියන්නයි. උඹ වගේ උන්ට ලැජ්ජාවක් නෑ. පෙරේතකම, ඇබ්බැහිකම එකක්. ඒත් ඒක තමන්ගෙ ගෑණිටත් හොරෙන් කරන උඹ විශ්වාස කරන එකෙක් නෑ. මම හොඳ ටික ලියන්නෙ අන්තිමට.

      උඹ වගේ උන් තමයි මෑතකදී රටේ නායකයෝ වෙලා ඉන්නෙත්. ලෝකෙට පරකාසේ. දවල්ට මල්වට්ටි උස්සනවා. රෑට මිනී මරනවා. ලෝකෙට දසරාජ ධර්මෙ කියනවා. ඒ අතරේ වටින කියන සම්පත් හොරකම් කරනවා. උඹල වගේ උනුත් හිතන්නෙ එක විදියට.

      උඹල නොදන්න දෙයක් තියෙනවා. කවුරු නොදැන ගත්තත්, උඹලගේ හිත දන්නවා. ඒකට හිත උඹලට යස පාඩමක් ලැබෙනවා. තොපේ වසලගති ගෙඩිය පිටින් දරුවන්ට යනවා. උන් ලෝකෙ ඉස්රහ, අර උඹල හංඟ හංඟ කරපුව, හරියට හොඳ දේ වගෙ කරනවා.

      උඹල වගේ අවලං සංක්‍රමණිකයන්, සිංහල මිනිසුන්ටත් අපහාසයක්. උඹේ ගති වඩාත් ගැලපෙන්නේ හින්දුකමට. තමන්ගෙ උන් රවටන සක්කිලි සිංහල රටට අයිති නෑ.

      උඹ බොහොම පැහැදිලිව අරාබිකම වර්ණනා කරනවා දුටුවා. උන්ට බැලමෙහෙ කරන උන් සිංහල රටේදී වෙන් කරන්න ඕන. ඒ තරමට පිළිලයක්. අර පබා නළඟන පබා පාට් දාන කාලේ සිංහල කන කොට මම යමක් කිව්ව. පස්සෙ කිව් දේම වුනා. මට උඹටත් කියන්න තියෙන්නෙ නොදන්න සිංහලෙන් උඹේ අවලංකම නොකිය හිටපන් කියලයි.

      උඹ වගේ තම්බි ලෙවකන එකෙකුට නොවෙයි මේවා ලියන්නේ. මට කිසි වුවමනාවක් නෑ උඹ වගේ තුට්ටු දෙකේ ගොරකයෝ ළඟ ප්‍රසිද්ධ වෙන්න. යමෙක් ඉල්ලීමක් කලා මම දන්න දේ දාන්න කියල. මම කරන්නෙ මගේ දේශන වලට අවශ්‍ය දෑ ලිපිගත කිරීම. අතිරේකයක් ලෙස බ්ලොගේ අලවනවා. සිංහල උන්ට විතරයි මම දැම්මේ. අනෙක උඹ මට උගන්නන්න ඕන නෑ සිංහල උන් කවුද කියන්න. ඉවසපන්. උඹලට මගෙ තරම දැන ගන්නත් ලැබේවි.

      මගේ නමක් ගැන කිව්වම හිනා ගියා. උඹේ ඉන්දියන් නම වගේ එකක් දාගන්නද කිව්වේ. උඹ වර්ගපූර්ණිකාව බැලුවළු. මගේ නම දැක්කෙ නැද්ද? පොන්නයෙක් නොවී මිනිහෙක් වෙයං. එක්කො බීම නවත්තපන්. නැත්නම් අවංක වෙයන්. සිංහල නම කැත වුනෙත්, උඹල වගේ දෙකයි පනහට අරව මේවා පාවා දෙන සිඟාලයෝ රිංග ගත්තට පස්සෙ.

      Delete
    5. උඹ ඔය කියන බොගේ පිරිසිඳු සිංහල කම පෙන්වපන්කෝ කැනහිලෙක් වගේ පදනමක් නැතිව බෙරිහන් දෙන්නේ අනෙක උඹ වගේ ගොරකයෙක්ගෙන් ලෙක්චර් ගන්නේ එන හරක් ඉන්නවද? නූගතෙක්ගෙන් දේශනා අහන්න එන මිනිස්සු ඉන්නවා කියල මම ඇහුවමයි බොගේ නටන කොටි නැටුම නටාගෙන පලයන් අපිත් බලන් ඉන්නම් මොකද වෙන්නේ කියල. කොන්ද පණනැති පොන්නය උඹයි මම ලියන්නේ එළිපිට හොරෙන් නෙවෙයි උඹයි හැංගිලා හොරෙන් පොන්න විදියට ලියන්නේ. මම කරන දේවල් කරන්නේ මගේ කැමැත්තට උබේ ලබ්බකට මගේ දේවල් උපුටා ගන්න මගේ අවසරයක් දුන්නේ කවුද තොට පොන්න වැඩ කරන්න එපා ජාතකේ හරි නැති උනයි කියල තොපි වගේ උන් මේ බ්ලොග් ලෝකෙට රිංගල මේකේ තියෙන වැදගත් කමත් නැතිකරනවා. උඹේ ජාතකේ පැහැදිලිනම් බයනතිව පොන්නයෙක් නොවී එළිපිට ලියපන්. දෙකයිපනාහයේ තුට්ටුදෙකේ අවලම් වැඩ කරන්නේ නැතිව. උඹ තම්බි ගැන ලියන්න කලින් කියපන් උඹත් තම්බින්ට ජාතක වෙච්ච එකෙක්ට කොහේ. බලපන් URL එකම sinha-ali යකෝ අලි කියන්නේ තම්බි නමක් තොගේ ජාතකේ හරිනැති බව අපිට පෙන්නේ ඇනොනිමස් කියන නමෙන්. උඹ මගේ සිංහල දැනුම ගැන කියවන්න කලින් උඹේ ඉංග්‍රීසි දැනුම චෙක් කරගනින් නූගතා. නමක් නැති නිර්නාමික නමක් නොයෙදූ. මම පාවිච්චි කරන්නේ මගේ පරම්පරාවේ නම උඹ ඇනෝ ලියන්නේ තාත්ත තම්බි නිසාද?

      Delete
    6. //මගේ දේවල් උපුටා ගන්න මගේ අවසරයක් දුන්නේ කවුද//

      මෙතන තියෙන්නෙ මම කියපු දේවල් විතරයි. ඒවා මටයි අයිති. තමුසෙයි කුණු අරං ආවේ. නූගත් එකෙක් බව ඉතා පැහැදිලියි. මගේ විස්තර ඕන නම් දෙන්නම්. ඒත් තමුන්ට පලක් නෑ. සිංහලෙන් ජරාව වැමෑරීම නවතල දැම්ම නම් හොඳ නැද්ද? නිකම්ම රෙදි ගැලවුනා නේද? ඉස්සර වෙලා මනුෂ්‍යයෙක් වෙන්න බැලුව නම් හොඳ නැද්ද? ලිහන්න තියෙන මල්ලට ඇඟිලි නොගහ ඉවසුව නම් ශරීර සෞඛ්‍යයයටත් හොඳයි. තමන්ගෙ මායියට වංචාකරන වැදගතුන් නැත. මට නීති උගන්නන්න ඕන නෑ. ඕන නම් කරලම පෙන්නන්නත් පුළුවන්.

      Delete
  2. මේ කෝරලේ කියන බූරුවා මොකෙක්ද?

    ReplyDelete

Note: only a member of this blog may post a comment.