Monday, 28 January 2013

සිංහලයන්ගේ ආවේණික ගතිගුණ

සිංහලයන්ටම ආවේනික වූද වෙනත් ජන කොටස් වල නොසැලකිය හැකි තරම් වූද ගතිගුණ වලින් කිහිපයක් ගැන මෙම ලිපියෙන් කියමි. බාහිර බලවේගවලට නතු නොවූ අය අතර අදත් මේ ගතිගුණ දැකිය හැකිවීම ඒවා කොතරම් සිංහලයන් තුල මුල් බැස ඇත්දැයි සිතේ. කලින් කී නාග, වඳුරු, සිංහ හා අලින්ට උරුම ගති වලට අමතරව ඇති, වෙනත් කිසිදු සත්වයකු නොපෙන්වන ගති ගුණ කිහිපයක් ගැන සිත යොමු කරමු.

සිංහලයන් අවට පරිසරය ගැන මධ්‍යස්ථව සිතන අතර, තමන්ට රිසි පරිදි කෘතීම පරිසර මැවීමට උත්සුක නොවීම  කරන කියන දෑ වලින් පිළිබිඹු වේ. ගොවිතැන් කිරීමට හැර නිකරුනේ කැළෑ එළිපෙහෙළි කිරීම නොකරති. වෙනස් කම් කලවිටද එය ස්ථීර වෙනසක් නොව, පැවතුන පරිසරය රැකෙන ලෙස කලින් කල කරන දෙයක් ලෙස හෝ එවැනිම දීර්ඝකාලීන පරිසරයක් ලෙස බිහිකරලීම එහි ඇති සුවිශේෂි අංගයයි. ඉංග්‍රීසීන් මීට සපුරා වෙනස් ය. පරිසරය නැවත මුල් තත්වයට කිසිදා ගෙන ඒමට නොහැකිවන තරමට හානි කරති. සිංහලයන්ගෙ ඉතා වැදගත් අංඟයක් වන කුඹුරු ගොවිතැන නොකඩවා කරන දෙයකි. එහි දී ස්වාභාවික පරිසරය වෙනුවට හැදෙන නව පරිසරය ඉතාමත් දියුණු සිතකින් බිහි ව ඇති බව පෙනේ. කැළෑ පරිසරයේ දිය සීරාව අධිකය. එය පැවැත්මට අත්‍යාවශ්‍යය. කුඹුරු ගොවිතැන ද ජලය බහුලව භාවිත කර, පරිසරයට කල හානිය අවම කර ඇත. හේන් ගොවිතැනේදී, කලින් කල වල් බිහිවීමට ඉඩ හැර, කාන්තර බවට පත්වීම වලකා ඇත. අද ඉංග්‍රීසි ආණ්ඩුව තුලින් ගොඩ නගන, තාක්ෂණය අතින් එකතැන පල් වන ගමනාගමන පද්ධති රටට ඔරොත්තු නොදෙන තරම් පරිසරය නසන බව කිව යුතු දෙයක් නොවන තරමට අපි සියල්ලම දනිමු. එහෙත්, සිංහලයන් අහසින් හා උමග තුලින් ගොඩ නැඟූ ගමනාගමන පද්ධතියක් තිබුනු බව අද ද වහරේ පවතී.

බොහෝ කලකට පෙර, ඒකාකාරි බවෙන් හෙම්බත් වීම නිසා දෝ, සිංහලයන් සූර්යයාගේ ගමන මත ගොඩ නැඟූ, එක්තරා විදියක නව වාර්ෂික පටන්ගැන්මක් බිහි කර ඇත. ඒ සිංහල නව වසර උදාවීම හා ඒ මත ගොඩ නැඟුනු සිරිත් විරිත් දම ය. මා දම යයි කීවේ එකට බැඳි දම්වැල වැනි ක්‍රියා ගොනුවක් ඇති හෙයිනි. අද පවතින සුවිශේෂ නව වසර උදාවීම, මීට වසර තිස් දහසකට පමණ පෙර සිටි මහ සම්මත මනු නායකයන් ඇරඹූ බවට සාක්ෂි ඇත. එය ඇරඹුන දින සිට අද දක්වා ගැණෙන මනු වසර, සිංහලයන්ගේ අනන්‍ය දින වකවානු සොයන විදියේ කොටසකි. නව වසර උදාවීම මනුගේ මාළිඟයට සූර්යයා මුදුන් වූ මොහොත ලෙස ගැණින. මෙතැන මන්නාරමේ පරපාකන්ද බව විවිධ දත්ත තහවුරු කරයි. පරපාකන්ද යන නම ද වැදගත් වන්නේ, මනු ද උපන්නේ මාතර එම නම හා බැඳි ගමක බව කියන නිසයි. එකල සිංහලයන් වචන තුලින් වැදගත් තොරුතුරු දුන් බව පැහැදිළිය. අද රෑ දවල් නොතකා නව වසර උදාවෙන වේලාව වෙනස් වෙන්නේ, ස්වාභාවයට වඩා ගණිතයට මුල් තැන දුන් නිසාය. පසුව විවිධ ජාතීන් මෙලෙස වාර්ෂික සැමරුම් පටන් ගත් බව ඉතිහාස පාඩමේදී අසමු. අද පවතින සම්මත නව වසර උදාවීමටද පෙර, ධාන්‍ය රැස්කර ගෙන මෙවැනි උළෙලක් සිංහලයන් පැවැත් වූ බවත්, විවිධ ජන කොටස් තම සිරිත් විරිත් වලින් පෙන්වති. ඒ සිරිත් සිංහලයන්ගෙන් ගිලිහුන ද, අනෙක් ජන කොටස් තම සිරිත් පුරුදු ලෙස අද දක්වා රැගෙන ආ බව පෙනේ.

තමන්ගෙ දරුවන් රැකීමට දිවි පරදුවට තබා උත්සාහ කිරීමත්, අනුන්ගේ දරුවන් ගොදුරු කිරීමත් සාමාන්‍ය දෙයක් වන ජීව ලෝකය තුල, අනතුරට ලක්වන මොහොතක, දරුවා තමන්ගේද, මිනිස් ද, තිරිසන් ද කියා නොබලා, රැකීමට, පිහිටවීමට සිංහලයන් සහජයෙන් පෙළඹෙන්නේ තමන් ගැනද නොසිතාය. සැබැවින් ම එවැනි විට හැසිරීම, තමන්ගෙ දරුවකු රැකීමට ඉදිරිපත්වීමට සම ය. තම රැහේ පැටවුන්ට සීමා වූ මෙවැනි ගතියක් අලින් සතුව ඇති බව කියමි. එය පැටවුන්ගේ ප්‍රමාණය නිසා ඇති වූ සහජ අවශ්‍යාතාවයක් මිස සිතාමතා කරන දෙයක් නොවන බව අලින්ගේ හැසිරීම පෙන්වයි. මෙහිදී, මෑතක සිදු වූ දෙයක් වන, තමන් විසින් කපා කොටා මියැදෙන සිංහල ගැබිනි කතුන්ගේ බඩ පලා දරු ගැබ ඇද පොළවේ ගසා නැසීමට තරම් කුරිරු වූ දෙමළුන්ද සිටින බව මතක් කල යුතුය. උන් සිංහලයන්ගේ තවත් ආවේණික ගතියක් නිසා සමූළඝාතනය වූ බවද කියමි.

සිංහලයන් තමන් පිළිගත් සම්මතයන් කඩන අය කවුරුන් ද නොබලා විරෝධය දක්වන කොටසකි. මෙහිදි ප්‍රතික්‍රියාව නොසතුට පෙන්වීමෙන් පටන් ගෙන, යන විදිය අනුව දැඩි අන්තයකට යන හැසිරීමකි. තම ළඟ ඥාතීන් හා ගැටීමේදී හෝ තමන්ට වඩා ප්‍රබලයකු හා ගැටෙන විට, සියලු සබඳතා බිඳ හෙලා, මඟුළකට මරණයකට හෝ නොයන තත්වයකින් කෙළවර වේ. එසේ නොවේ නම් යුද්ධයකින් කෙළවර වෙන මරු දකින දෙයක් දක්වා වර්ධනය වේ. අන්තයට ළඟා වූ විට ආපසු යෑමක් ද නැත. මෙතෙක් වූ දෑ බැලූ විට, සතුරා නැසීමෙන් එවැනි අර්බුද කෙළවර වූයේ, මොනයම් බලපෑම් නිසා දැයි සිතීම වටී.

කෑම, බීම, සංග්‍රහ කිරීම ගත් විට යමෙකු පිනවීමට සිංහලයන් තරම් පෙරට එන ජාතියක් නැත. මෙසේ පිනවීමේදී නැවත ලැබීමක් වෙන යම් යටි අදහසකින් නොකෙරේ. මෙම ගතිය නොවන්නට බොහෝ හිඟනුන් හා දුබලුන් නැසීම අනිවාර්ය දෙයකි. මෙම ගතිය තමන්ගේ දරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමේදී අන්තයටම යයි. නොකරන දෙයක් නැත. මේ හැසිරීම තම දරුවන් රැකීමට ඇති දැඩි කැපවීම පෙන්වයි. එසේම, හොඳක් වේ යයි සිතන වි,ට ඒ ගැන නොසිතාම දීමට යත්න දරති. මේ ගතිය නොවන්නට සිංහලයන් ගේ රටට හිඟමනේ ආ මලයාලී අනාථයන් සම්පත් සියල්ලම පැහැරගෙන රජසැප විඳින අද ලෝකය සිහිනයක් මය. පිනවීමට ඇති කැමැත්ත, පින් ගැනීමට කරන පැරදෙන ව්‍යාපාරයක් වූයේද බාහිරයන්ගේ බලපෑමෙනි. මෙසේ පිනවීමට කොතරම් ලැදි වුව සැබෑ සිංහලයන් අනුන්ගෙන් පිනවා ගැනීමට ඉතාමත් අකමැති ජන කොටසකි. කන්නේ බොන්නේ තමන්ගේ දැඩි විශ්වාසය දිනුවන්ගෙන් පමණි. දරුවෙකුට අම්මා දෙන දේ මසුරන් වැනිය. පිට කෙනෙකු දෙන දේ ගැනීමට කොතරම් අදිමදි කරනවාද?

මොන දේ කීවත්, කරත්, සිංහලයන් තම උරුම දේවල් අත නොහැර ඉදිරියට ගෙන යන බව පෙනේ. එසේ නොවී නම්, අද මට ද සිංහලෙන් ලිවීමට වන්නේ වෙන ජාතිකයන්ගේ දේවල් ය. අවුරුදු 2500ක් පුරා සිංහලයන්ගේ උරුමය අතහැර, දෙමළුන් ගෙනා හින්දු උරුමයක් වැළඳවීමට දෙමළුන් නොකල වංචාවක්, රැවටීමක්, බොරුවක්, ගෙතුමක්, අපරාධයක් නැති තරම් ය. එහෙත් ඒ සියලු දෙයින් අඩපන වූවන් ද, තම උරුමය යම් තරමින් හෝ රකිති. උදාහරණ ලෙස ගුරුකම් හා ජීවිත දැනුම (ජ්‍යෝතිෂය) නමින් සඳහන් කරමි. එසේම ගෙනා උන්ටද තම මතය උඩුයටිකුරු කිරීමට සිදුවීමද සිංහලයන්ගෙ ගතිවලට නතු වීමක් යයි කියමි. මිනිස්කම නැසීම තම එකම පරමාර්ථය කරගත් ආගමිකයන් ද, දැන හෝ නොදැන මිනිස්කම රැකීමට ආවඩති. නැසීම පිටු දකින්න යයි කියන උන් නැසුමට යන උන්ට සෙත් පතති. තමන්ගේ අභිමතය කොතරම් සඟවා ඇති දැයි කියනවා නම්, එය එය දෙකකුල් අතර සඟවා ගත් වල්ගය වැනිය. දිනක ඇත්ත හෙළි වූ විට ඉහත කී එක් සුවිශේෂ ගතිගුණයක් නිසා, ලැබෙන කෑම උන්ට දිරවීමටද බැරි යයි සිතේ.

ඉතාමත් ම වැදගත් ආවේණික ගති ගුණයක් ගැන දැන් කියමි. ඒ තමන්ගෙ කැමැත්තට ඉඩ දීමයි. මහ සම්මත ක්‍රමය තුල ද, කාගෙත් කැමැත්තෙන් නායකයකු තෝරා ගැනීම තුලින් මෙය මනාව පිළිබිඹු වේ. තිරිසන් ලොවේ, ඝාතනය, ශක්තිය මත නායකයකු බිහිවීම ස්වාභාවික ය. එහෙත් කැමැත්ත මත කරන කියන හැම දේම රඳා පැවතීම අරුමයකි. මෙය කොතරම් බලපෑම් කරනවා දැයි කියනවා නම්, සිංහල ජීවයේ මුලටම ගොස් ඇතැයි කියමි. කැමැත්තෙන් වූ දෑ සිය දහසකට වඩා අකමැත්තෙන් වූ එක දෙයක් කොතරම් ප්‍රබල දැයි කියනවා නම් තීරණ ගැනීමේදී, එය අර සිය දහසට වඩා මුල් වේ. ජීවත්වීමේ හැම අදියරයකම, හැම ක්‍රියාවකම මෙය ප්‍රබල බලපෑමක් කරනවා.

මම වැදගත් ආවේණික ගතිගුණ කිහිපයක් ලීවේ, තව බොහෝ ඇති බව දැන දැන ය. මගේ උත්සාහය යම් ආකාරයක ආරම්භයක් දීමය. මෙම ලක්ෂණ වලට මුල් වූ පසුබිම ද, ඒවායේ සදාකාලික බව ද දත්තේ වුව, මෙතන ලිවීම අනවශ්‍ය යයි සිතමි. මේවා ඇති නැති කිරීමද, වැඩි දියුණු කිරීමද ගැන දැනීම වැදගත් වේ. පණ නැසීම (පර පණ නැසීම විතරක් නොවේ), සොරකම් කිරීම, පරස්ත්‍රී හා පරපුරුෂ සේවනය, බොරු කීම, කරදර හිරිහැර කිරීම, කාලය නාස්ති කිරීම, නිකම් හිඳ කෑම, හිඟාකෑම, සුරාපානය, දුම් බීම, අධික නින්ද වැනි ක්‍රියාවන් කෙරෙහි ඇති ආවේණික ගතිගුණ කෙතරම් ප්‍රබල දැයි කියනවා නම්, ආකම් වල ඇති තේරුමක් නැති වචන ගිරවුන් සේ කීම හින්දූන්ට මිස සිංහලයන්ට අනවශ්‍ය දෙයකි.

සියලු ආවේණික ගතිගුණ සලකා බැලූ විට, ඒ සියල්ලම එකම දිසාවකට යෑමේ දැඩි උත්සාහයක ප්‍රථිඵල බව පෙනේ. එනම්, මිනිසුන් ලෙස ජීවත් වීමටත්, මිනිසුන් ලෙස පැවැත්ම රැකගැනීමටත්, සහජයෙන් උරුම වූ කැපවීම ය. කා විසින් මේ ඉලක්කය සිංහලයන්ට දුන්නේ දැයි අමුතුවෙන් කිව යුතු නොවූවද, අද කෙතරම් මතකයෙන් ගිලිහී ඇති දැයි කිව හොත්, ඊ ළඟ ලිපිය, ඒ කවුදැයි කීමට වෙන් කලෙමි. එසේම විශේෂ මාතෘකා යටතේ විවිධ ගතිගුණ හා බැඳුනු සුවිශේෂ තොරතුරු ද පසුව ලියමි. සිංහලයන්ට පරයන් බලෙන් දුන් ඇදහීම් වල මූලය සිංහල ගති ගුණ බවද, ඒවායේ නියම අරුතද කීමට බලාපොරොත්තු වෙමි.

පසුව ලිවීම:

සිංහලයන්ගෙ තවත් ආවේණික ගතිගුණ කිහිපයක් ගැන ඉදිරියට කතා කරන නිසා, ඒවා මොනවා දැයි සටහන් කරන්න වෙනවා. එකක් තමයි "ඉගෙනීමට කරන කැප කිරීම". එතකොට, සිංහලයන් පෙන්වන "සංවේදී බව" ගැනත් කිව යුතුයි. සුළු හෝ අතපසුවීමක් කොතරම් සිත තුල කැකෑරෙනවාද යන වග නැවත නැවත කරන ක්‍රියාවන්ගෙන් පැහැදිළි වේ.

සිංහලයන් "තමන් අකමැති දේ කරන හෝ, තමන් කරන දේ නොදන්න හෝ, තමන්ට නොගැලපෙන අයගෙන් ඈත්වීමට උත්සාහ කිරීම" පිළිබඳ විශේෂඥයන් ය. විශේෂයෙන් ම දෙමව්පියන්ට හෝ දරුවන්ට නොසලකන අයගෙන් ඈත්වීම සහජ උරුමයකි.

තමන්ගෙ "නම්බුව රැකීම" හෙවත් උරුම වූ තැනට සරිලන හැසිරීමත් ඉතා වැදගත් එකක්. ඒ වෙනුවෙන් කොතරම් කැපවීම් කරනවා ද? තවත් වැදගත් එකක් තමයි තමන්ගෙ පාඩුවේ ජීවත්වීමට උත්සාහ කිරීම. මේ ගතිය තමන් ජීවත් වන පරිසරය සකසා ගන්නා විදියට ද බලපානවා.

නිකරුනේ තමන්ගේ පාඩුවේ ඉන්න උන්ට හිංසා පීඩා කිරීම, සිංහලයන් දැඩි ලෙස කෝපයට පත් කරන හැසීරීමක් යයි ද, එම ගතිය තවත් වැදගත් අංඟයක් බව ද මතක් කරමි.

සැබැවින්ම, විවිධ ජාතීන් ගත් විට, මේ ආවේණික ගතිගුණ කිහිපයක් හෝ තමන්ට ද ආවේනික ගති ලෙස ගත් බව ඔවුන්ගේ අනන්‍යතාවය බැලූ විට පෙනෙනවා. ඒ වගේම, අනෙක් හැම ජන කොටසකම, සිංහලයන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ගතියක් ද තිබීම, සියලු බෙදීම් වලට මුල් වූ බව පෙනෙනවා. විශේෂයෙන් ම, ඔවුන් වචන ශබ්ද කරන තාලය, කන බොන කෑම, කරන කියන දේවල් දැඩි ලෙස සිංහලයන් ඈත් කරනවා. භාෂාව හරියට භාවිතා කිරීම, තෝරාගත් කෑම පමණක් භාවිතයට ගැනීම, කෑම පිසින විදිය, සිංහලයන්ට ආවේණික වූ තවත් උරුමයන්ය.

මනුෂ්‍යකම අගය කිරීමත්, අතීතයේ බහුලව වූ බව පෙනෙන මිනීමස් කෑම දැඩි පිළිකුලට ලක්වීමත්, ආකමිකයන් කරන තේරුමක් නැති වැඳුම් පිඳුම් සිංහලයන් නොකිරීමත්, ඔවුන්ගේ හැසිරීම් රටාව තුල මුල් ඇද ඇත. අද කෙරෙන ගස් ගල් වලට, මැටි රූප වලට, බදාම ගොඩවල් වලට, ඇටකටු වලට, ඝාතක උපකරණ වලට කරන පුදසත්කාර සියල්ලම, සංක්‍රමණිකයන් තම රටින් ගෙනා කුණු කසළ බව, ඒ ඒ රටවල් තුල ඇති සමාජයන් හැදෑරූ විට ඔප්පු වෙනවා. සිංහලයන් නිශ්ඵල ලෙස අතෝරක් නැතිව පිහිට යැදි අසරණ ජන කොටසක් ලෙස නොහැසුරන බව, අදත් ශේෂ වී ඇති ගතිගුණ තුල ගැබ් වී ඇත. මෙවැනි ආවේනික ගතිගුණ බොහෝ යයි නැවත කියමි.

3 comments:

  1. මෙවැනි රචනා කියවීමට නොව, ඉගෙන, භාවිතයට ගැනීම සිංහලයන්ගේ වගකීමයි. ඒ අද තමන්ගේ පැවැත්මට අභියෝග කරන උන් බහුතරයද තමනුත් සිංහලයන් යයි කියන තරමට පහළට වැටී ඇති හෙයිනි. හිඟන වෙස් ගෙන කොළඹට රිංඟාගෙන ස්වයංඝාතකයන් සිංහලයන් නැසූ බව දනිමු. වෙන උපක්‍රම වලින් බැරි වූ විට, මෙවැනි පහත් වැඩවලට පෙළඹීම උන්ට සුළු දෙයකි. එහෙත්, අප අතර සිංහල වෙස් ගත් උන් කරන විනාශය තේරුම් ගැනීම අපහසුය. ඒ සිංහල සළුපිළි වලින් වැසුනු නිසාය. වසර හාරදහසකට පෙර සිට සිඟමනුන් ලෙස වැද, වසර 2500කට පෙර සිට බලෙන් ද පැන, සිංහල වෙස් ගෙන කරන අභියෝගය ජය ගැනීමට මං කැපීම මගේ ද අරමුණකි. උන්ට මේ කියන ගතිගුණ නැත.

    සිංහලයන්ගේ පැවැත්ම රැකගත යුත්තේ සිංහලයන් බව දෙවියන්ගේ ද මතය ලෙස මම දකිමි. අද උන් සිංහලයන් අතර සිටින තැන දනී නම්, සිංහලයන් තමන් ගැනම ලැජ්ජා වනු ඇත.

    ReplyDelete
  2. "පසුව ලිවීම" නම් අගෙයි. ඒවා ඇත්ත බව අත්දැකීමෙන් දනිමි.

    එහෙත් අද ආණ්ඩුව (අධ්‍යාපනයේදී) සහ ව්‍යාපාරිකයන් (රැකියා සැපයීමේදී) හෙළා දකින්නේද ඔය "සිංහල" ගුණාංගමැයි. ජනමාධ්‍ය ලෙස හැඳින්වෙන ජඩමාධ්‍ය සහ කලාවක් ලෙස සැලකෙන වෙළෙඳ දැන්වීම් ගැන සඳහන් කිරීමට සිදු වීමත් පිළිකුලක්.

    ඔබට මේ ගැන කිරීමට දෙයක් (කතා කිරීම නොව) ඇත්ද?

    ReplyDelete
    Replies
    1. //ඔබට මේ ගැන කිරීමට දෙයක් (කතා කිරීම නොව) ඇත්ද?//

      හොඳ ප්‍රශ්ණයක්. මොකුත් කරන්න බැරි නම්, කතා කිරීමෙන් ඵලක් නැහැ නෙ. කාලය නාස්ති කිරීමක් විතරයි. ඒක ඇත්ත. මම පටන් ගත්තේ ජීවය බිහි වුන තැන ඉඳල. ටිකෙන් ටික, මම අද ලෝකෙ ගැන කියන තැනට එනවා. අප අද ඉන්න තැන හොඳ නම්, අපට කතා කරන්න දෙයක් නැහැ නේ. ඔය ගමනේදී, අප ගිය දිසාව බැලුවම, අප හෙට යන තැන ගැන තොරතුරු දකිනවා නේද? අවශ්‍ය නම්, අතීතයේ වගේම දැනුම යොදා යන දිසාව වෙනස් කල හැකියි. අප යන විදියටම ගියොත් හෙටක් නැහැ නේද?

      කරන දේවල් කරල ම පෙන්වන්න ඕන. ඒකට තමයි මේ අඩිතාලම දාන්නේ. අප ඉන්න තැන දන්නව නම්, ඒක වැරදි තැන නම්, යන්න ඕන තැනට යාමට, අද ඉන්න තැන, මෙතැනට ආපු විදිය දැන ගන්න ඕන. කැලේ අතරමන් වුනාමත් මඟ සලකුණු, ගියපු තැන් කියනව නේද? ඇත්තටම දැනට කලේ ගිය මග සළකුණු කීමයි.

      කරන දේවල් අනුන්ට කියල කරවන්න මම උත්සාහ කලා. ඒ කෙනා තේරුම් ගත්තේ වැරදියට. ඒ නිසා තව තවත් අවුල් වුනා. මම කියපුවා ඔබ ද එමගින් අසා ඇතැ යි මට විශ්වාසයි.

      අද රටේ පවතින සියලුම ආයතන ඉංග්‍රීසිකම මත බිහි වූ දේවල්. ඒවා සිංහලකමට පරස්පරවීම ස්වාභාවිකයි. ඊට යටින් තියෙන්නෙ දෙමළකමේ හා හින්දුකමේ නටබුන්. ඒත් ඔය අතරේ සිංහලකමත් රැකිලා තියෙනවා. වැරැද්දකට තියෙන්නෙ අපට වෙන් කර හඳුනාගැනීමට අවශ්‍ය හැකියාව නැති කම තමයි.

      ඔබ ඇසූ ප්‍රශ්ණයට නැවත උත්තර දෙනවා නම්, ඔබ දන්න කාට හරි පුළුවන්ද විසඳුම් දෙන්න? ඇත්තටම දෙන විසඳුම් නිසා ප්‍රශ්ණ තව තවත් අවුල් වෙනවා නේද? අද අප ඇවිල්ල ඉන්නෙ, විසඳුමක් නැති තැනකට නේ ද?

      ජීවිතය රැක ගන්න නම් අද මිය යන තත්වයට ආ හැම දෙයක් ම මෙතෙක් නොවූ විදියකින් පුරවන්න ඕන නේද? පේනවා නේද මනුගේ මහසම්මත ක්‍රමය ම වෙනස් වෙච්ච හැටි? ඇත්තටම ඒක කරන විදිය පෙන්වීමටයි මට ඕන. ඒකට අවශ්‍ය දැනුම මට ඕනවට වඩා හම්බ වෙලා තියෙනවා. ඒක ක්‍රියාත්මක කිරීමට මග කැපීමයි මම කරන්නේ.

      ඇත්තම කියනවා නම් මිනීමැරීමට කැමති උන්ට මිනී මැරීමටත්, ජීවත් වීමට ඕන අයට ජීවත් වීමටත් සම්පූර්ණයෙන්ම අවස්ථාව දෙන පරිසරයක් හදන හැටියි කියන්නේ. මිනීමැරීමට කැමති උන්ට මිනී මැරීමට අවස්ථාව දෙන පරිසරයක් කිව්වම භය වෙන නිසා විස්තර කරන්නම්. අපි හිතමු මිනී මැරීමට කැමති දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්න එකට දැම්මට වරදක් නැහැ නේද? එවුන් මරා ගනීවී. අපට මොකෝ. උන්ගෙ කැමැත්තනේ. ඒත් අද මිනී මරුවො ඉන්නෙ අහිංසක උන් අතරෙ නේද? ඉතින් ප්‍රශ්ණයක් වීම පුදුමයක් ද? මේ සරල උපහැරණය අද සමාජගත නොවූ දැනුමේ වටිනාකම අවතක්සේරු නොකරාවි යයි සිතමි. එය එතරම් ම දියුණු යුගයකට මිනිසුන් යොමු කරනු ඇත. සැබැවින් ම අපරාධ කිරීමට පොළඹවන අද පරිසරය මකා දැමෙන බව කියමි. ජීවත්වීමට අවස්ථාව උදා කරගැනීම ද අපරාධ කිරීමට පොළඹවන මූලයයි.

      මම කරන්න හදන දේ බොහොම ස්වාභාවික විදියක්. ඒක දැනටම ස්වාභාවය තුල එවැනිම බරපතල තත්වයක් සමනය කිරීමට ක්‍රියාත්මක වෙනවා. මිනිසුන්ට යෙදීමට අවශ්‍ය සුවිශේෂ දැනුම මා සතුයි. මම පුරුද්දක් විදියට ප්‍රශ්ණ ගැන කියන්නේ උත්තරේ අත්හදා බලලයි. ඒවා කරන්න, දැනුම භාවිතා කරන්න හැකි අය ඉන්න ඕන නේද? ඒ අය බිහි කිරීම මගේ ලිපි වල අරමුණයි. ඇත්තම කියනවා නම්, මනුට පසු කැළෑ ජීවිතය මිනිසුන්ට නුහුරු දෙයක් වූ සේ, තව නොබෝ කලකින් අද ජීවත් වන පරිසරයද නුහුරු දෙයක් වන බව කියල තියෙන්නෙ බොහොම ඉස්සර. ඒවා වෙන විදිය තරම් දියුණු කාර්යක්ෂම දැනුම භාවිතයක් තවත් නැත.

      ඒ ස්වාභාවික ක්‍රමයෙන් ලැබෙන ඵල කියනවාට වඩා, තමන්ට යා යුතු තැන අවබෝධ කරගැනීමට දී ක්‍රමය කීම, මානුෂික ගතියක් නේ ද? මෙතෙක් ආ මග, දරුවන් පිනවා නම්මවා ගැනීම වැනි ය. දැන් මිනිසුන් මෙසේ ගෙන ආවේ කුමට දෑයි දැන ගත යුතුයි නේද? දැනට මේ ඇති. දිග වුනාට ඔබට පිළිතුරක් වේ යයි සිතමි.

      Delete