Saturday, 26 January 2013

සිංහලයන් (මිනිසුන්) බිහි වූ අයුරු

මිනිසුන් හා අනෙක් හැම සතෙකුම සැසඳූ විට ලොකු වෙනසක් ඇත. සතුන් අතර වාර්ගික වෙනස මිස හැසිරීම් රටාව ගත් විට තිරිසන්කම පොදු ගතියක් බව දැන ගත හැක. මිනිසුන් අතර තිරිසන්කම පොදු ගතියක් ලෙස උරුම වූ බොහෝ දෙනෙක් ඇත ද, මම "මිනිස්කම" යටතේ කී ලෙස, "මිනිසුන්ගේ හැසිරීම, වඩා පැහැදිළිව කියනවා නම් ජීවත්වීම, හැදෑරූ විට ඇති වෙනස, තිරිසන්කමේ ඇති විශ්ව ස්වභාවය නොගනී. නොඑසේ නම්, එකිනෙකාගේ හැසිරීම් රටාව තිරිසන්කමට පොදු විවිධ ගති සමඟ එම ගති වලින් බැහැර වීමක් ද පෙන්වයි. මෙම  බැහැරවීම තමන්ගෙ අභිමතය අනුව නොව බාහිර බලපෑම් නිසා වූවක් බව, එකිනෙකාගේ හැසිරීම් රටාව තිරිසන්කමට ඈත් වන ප්‍රමාණයේ වෙනසින් මනාව පිළිබිඹු වේ.", උපුටා දැක් වූයේ නැවත මතක් කිරීමටය.

මෙම තිරිසන්කමට ඈත් වන ප්‍රමාණයේ වෙනස සිංහල සමාජය තුල තරම් වෙන කිසිදු ජන කොටසක නොදුටුවෙමි. ඒ සඳහා ජන කොටස් දෙසීයක් පමණ විමසීමට ලක් කලෙමි. මෙම වෙනස හඳුනා ගෙන මෙසේ මිනිස්කම යටතේ ලියූ දේ නැවත ලියමි. "සිංහලකම තුල ඇති හැසිරීම් රටාව විවිධාකාරයෙන් බැලුවද, සුවිශේෂ කෝණයකින් බැලූවිට, සිංහලකම ඒකීය බවක් ගනී. එනම් හැසිරීම, වඩා පැහැදළිව කියනවා නම් ජීවත්වීම, පුද්ගලයා මත නොරඳන විශ්ව ස්වභාවයක් ගන්නා බව තහවුරු වේ. එම රටාව තමාගේ ජීවිතය රැක ගැනීමටත්, පැවැත්ම රැක ගැනීමටත් පොදු වූ එකක් වූ තිරිසන්කමට වඩා, තමන්ට හැකි පමණින් තම හැසිරීම පාලනය කර "ජීවිතය රැක ගැනීමත්, පැවැත්ම රැක ගැනීමත්" පොදු අයිතියක් ලෙස දැකීමකි. එය සැබැවින්ම තම දරුවන් සියලු දෙන ජීවත්වනු දැකීමක්, දරුවන් බිහි කර පවතිනු දැකීමට දෙමව්පියන් තුල ජනිත වන හැඟීම් වල බල ගැන්වීමක් ලෙස හැඳින් විය හැක."

අද කියන්නට යන්නේ, මෙම තමන්ට හැකි පමණින් තම හැසිරීම පාලනය කර "ජීවිතය රැක ගැනීමත්, පැවැත්ම රැක ගැනීමත්" පොදු අයිතියක් ලෙස දැකීමට සිංහලයා කෙසේ නම් හුරු වූවා දැයි යන කතාවය.

පුද්ගලයන් ලෙස, අපටම ආවේණික පෞද්ගලික ගති ඇති සේම දෙමව්පියන්ගෙන් උරුම වන ගතිද ඇති අය වෙමු. ඒ ගැන හැදෑරූ විට,  දරුවන් දෙමව්පියන්ට කොතරම් ළඟ ගති ඇති දැයි දැකීම පුදුම සහගතය. දෙමව්පිය ගති යයි කීවේ ජාතක කල දෙමව්පියන්ගේ මෙන්ම තමන් හදාවඩා ගත් අයගේද ගති ය.

දැනට නොයෙකුත් මාධ්‍යයන් මගින් බලෙන් දී ඇති, හැම වෙළාවෙම කන්දොස්කිරියාවක් වී ඇති, ඩාර්වින් ගේ පරිණාමවාදී ගෙතුම කිසිදු අයුරකින් පිළිතුරක් දීමට අසමත් ය. මේ ලිපිය තුල, වර්ණභේදවාදය ලොවට දුන් ම්ලේච්ඡ ජාතියකට අයත් වූවකුගේ විකාර කතාවක් ගැන කතාකිරීමද නුසුදුසු වුවත්, තැනින් තැන ගොස් හමේ වර්ණය වෙනස්වීම ගත් කල ද එය වළංඟු නොවේ. එක්තරා පරාසයක හෙවත් නිශ්චිත සීමා දෙකක් අතර වෙනස් වන සියලු මිනිස් ගති, මඳකින් හෝ එහා ගියේ නම් මරණයට ලක් වන නිසා, යම් හෙයකින් මිනිසා කෑල්ලෙන් කෑල්ල පරිණාමය තුලින් ගොඩ නැගුවා යයි කියනවා නම්, මොන කෑල්ලෙන් පරිණාමය පටන් ගත්තේ දැයි අසන්නේ, ඒ කෑල්ලද අනෙක් කෑලි නැතුව නොපවතින බව සක් සුදක් සේ පැහැදිලි නිසාය. ඉහත කී පරිණාම විදිය හමේ වර්ණයටද අවළංඟු බව, ඝර්ම කලාපීය වනයේ ඉපිද, තළෙළු වර්ණයෙන් උපත ලබා (රත්රන් වලට ඇති බැඳීම අපේ මුල් වර්ණයට ඇති ලෙන්ගතුකම විදහා දක්වයි.), අධි සූර්ය එළියෙන් කළු වූ ද, සූර්ය එළිය නැතිව මළපාට වූ ද හම් ඇත්තෝ, පරිසරය වෙනස් වූ විට ලබන අත්දැකීම විදහා පානවා. විශේෂයෙන් ම සූර්ය එළිය නැතිව මළපාට වූ හම් ඇත්තන් අරාබියේ සර්වාංඟය වසාගෙනද, ඉංග්‍රීසි කොළණි තුල රෙද්දෙන් පමණක් නොව වස විෂ ආලේපයෙන්ද පණ රැක ගන්නා අතර, සූර්යයාගෙ සැරට හසු වී පිළිකා හැදී නැසෙන්නේ පරිණාමය වන නිසා දැයි විමසිය යුතුය.

බොහෝ දේ කිව යුතු වුවද, දැන් සිංහලයන් බිහි වූ හැටි සොයමු. වාදයකින් තොරව ශරීරය, වඳුරු, ගොරිල්ලා, චිම්පන්සි පෙළපතට ගැලපෙන අත් පා හිස හා කඳකින් සමන්විත යයි කිව හැක. ගති ගුණ නාග, සිංහ හා අලි යන සත්ව විශේෂයන් සතු සුවිශේෂ හෙවත්, අන් සතුන්ට නැති ගති ගුණ වලට සම බව හැසිරීම සසඳා බලා තහවුරු කර ගත හැක.එසේ නම්, මේ එක් සතෙකුගෙන් පටන්ගෙන අනෙක් සතුන් වී සිංහලයන් බිහි වීද? එහෙත් මෙය බිඳ වැටෙන්නේ අනෙක් සත්ව වර්ග තුනම ඒකීය ලෙස පැවතීමත්, කිසිදු අතරමැදි සතකු නැති නිසාත් ය. එසේ නම් අනෙක් සතුන්ගේ තොරතුරු මනාව දත් බාහිර උපතකින් මේ ගතිගුණ දුන්නා යයි කීම ස්වභායට ගැලපේ.

මෙහිදී සිංහලයන් පරම්පරාවෙන් ගෙනෙන මතයට අනුව, සිංහල ජාතිය බිහි කලේ හිරු දෙවියන් (සූර්යයා නොවේ. මිනිසෙකු ලෙස උපන්නෙකි) යයි කියති. කලින් ලිපි වල, ස්වාභාවික දත්ත මත, ජීවිය බිහිවීමට නම් සිතීමෙන් ස්වාභාවික බිහිකිරීම් කල හැකි ඉහළ තලයක සිටින ජීවියකු සිටිය යුතු බව තහවුරු කලෙමි. මෙහිදී සිතීම යනු ද්‍රව්‍යයමය ක්‍රියාවළියක් යයි නැවත මතක් කරමි. එවැන්නෙකුට සියලු සතුන් හා බැඳි දැනුම හුවමාරු වන මගක් ද ඇතිබව පෙන්විය හැක. ස්වාභාවික දත්ත මත, සෑම ජීවී වර්ගයක්ම හැදී ඇති ආකාරය බැලූවිට, එකම පොදු දැනුම් පද්ධතියක් මෙන්ම එකිනෙකාට ආවේණික වූ වර්ග අතර ගැටුමින් තොර කාර්යභාරයක් කිරීමට සැකසුනු උප දැනුම් පද්ධතියක් ද ඔවුන් සතු බව තහවුරු වේ. මෙහිදී දැනුම යයි කීවේ විවිධ සම්බන්ධතා මත ගොඩ නැගුණු ශාරීරික හෝ මානසික (තාරක හා අවතාරක) අංගෝපාංඟ බිහිවීමට දායක වූ ස්වාභාවික සංසිද්ධීන් අරුත් ගන්වීමයි. ජීවීන් අතර ඇති සුවිශේෂ දැනුමක් ද ඇත. ඒ දැනට වඳ වී ගිය ජීවීන්ගේ දැනුමද අඩංඟු වීමය.

මෙම ස්වාභාවික දත්ත විග්‍රහ කිරීමේදී, ජීවීන් තම පැවැත්ම තුලින් ගොඩ නඟන දැනුමද නැවත නැවත අනෙක් ජීවීන්ට ලැබෙන අයුරු රැකෙන බවයි. එසේම නව දැනුමද ලැබිය යුතුය. ජීවියකු බිහිවීමට අවශ්‍ය දැනුම ඒ ජීවියා බිහිවන මොහොතේ සතු විය යුතු නිසා, එම දැනුම වෙන උපතක් ඇති, ජීවියා ඵලය වන බැඳීමක් දෙන භාවිතයක් විය යුතුය.

මෙහිදී ස්වාභාවික දත්ත මත දකින තවත් යමක් කිව යුතුය. විස්තර අණාවරණය කල නොහැකි වුවද, ජීව ලෝකය කියන්නේ, නොකඩවා ගලන, අළුත් ජීවීන් බිහිවෙන, සමහර ජීවීන් වඳ වන, තවත් ජීවීන් රැකගෙන ඉදිරියට යන ක්‍රියාබහුල පරිසරයක් යයි කියමි. එසේම ජීවීන්ට, බිහි වූ අණුපිළිවෙලක් ද, අපේක්ෂිත පරමාර්ථයක් ද, නොකඩවා කරන උත්සාහයක ඵල බවද, නිමක් නැති අතීතයකට උරුමකම් කියන බවද ස්වාභාවික දත්ත මත තහවුරු කල හැක. එය කොතරම් අතීතයකට යනවා දැයි කියනවා නම්, සැබෑ නොවූ ගෙතුමක් වන මහා පිපුරුම් වාදය ගත්තද, එවැන්නකින් වත් නොනැසිය යුතුය. එයට මුල් වූ හේතුව වන්නේ, ජීවය බිහිවීමට අවශ්‍ය අංඟ සම්පූර්ණ දැනුම ජීවියා බිහිවන මොහොතේද තිබිය යුතු වීමය.

ජීවියකු බිහිවීමට අවශ්‍ය අංඟ සම්පූර්ණ දැනුම ජීවියා බිහිවන මොහොතේද තිබිය යුතු වීම පමණක් ඇති යයි සිතීම, අනෙක් ජීවීන් මත නොරැඳෙන කුඩා ජීවීන්ට ඇත්ත වුවද, මිනිසා වැනි බොහෝ සතුන් බිහිවීමට උන්ගේ පැවැත්මට අවශ්‍ය අනෙක් සියලුම ජීවීන්ද, ඒ ජීවීන් නිපදවන දේද ඒ මොහොතේ පැවතිය යුතුය. මෙම ක්‍රියා, බිහිවන ජීවියාට කල නොහැකි දේවල් බව ඉතා පැහැදිළිය.

එසේ නම් සිංහලයන් හිරු යයි කීවේ මා ඉහළ තලයක සිටිනවා යයි කී ජීවියාම විය යුතුය. මතු මේ ගැන ලියුවද අවශ්‍ය නිසා කරුණු මෙසේ දැක්වීමි. එසේ නම් සිංහලයන් පරම්පරාවෙන් ගෙනෙන මතයට අනුව, සිංහල ජාතිය බිහි කලේ හිරු දෙවියන් (සූර්යයා නොවේ. මිනිසෙකු ලෙස උපන්නෙකි) යයි කී කතාව බොරුවක් නොවේ. ආදි සිංහලයන් බොරු නොකී බවත්, ඔවුනට එසේ කීමට කිසිදු අවශ්‍යතාවයක් නොවූ බවත් පැහැදිළිය. සිංහලයන් සිටිය බව සැබෑ නම්, ඔවුන් බිහි වූ විදියක් ද තිබිය යුතු යයි මා කියන්නේ කිසිදු අද්භූත ක්‍රියාවළියක ලකුණු ස්වභාවය තුල නොදකින නිසාය.

ඉහත කී සිංහලයන් බිහි කල ආකාරය විග්‍රහ කරමු. ජීවීන් බිහි වූයේ අංඟ සම්පූර්ණව බවත්, ඇරඹීම කුඩා අවධියකින් බවත් තහවුරු වේ. අද ද මිනිසාගේ මුල් අවස්ථාව ඇසට නොපෙනෙන බව කියමි. ජීවය ආරම්භයේදී, අංගෝපාංඟ විරල බවක් පෙන්වයි. මුල් ජීවීන් නිශ්චිත තැනකට බැඳී වැඩුන ශාක බවත් සරල සිට සංකීර්ණ වූ බවත් පෙන්විය හැක. මෙම නිශ්චිත තැනකට බැඳී වැඩුන ජීවීන්ගේ වැඩීමට අවශ්‍ය දෑ නිශ්චිත නිසා සරණ (ඇවිදින) ජීවීන් බිහික ඇති බව කියමි. උන්ගෙ පැවැත්ම තුලින් නිශ්චිත තැනකට බැඳී වැඩුන ශාක වල අවශ්‍යතා සපිරෙන බව දත හැක. සැබැවින්ම සියලු ජීවීන්ගේ අවතාර එකම ආකාරයට බිහි වූ බවත්, එයද ජීවීන් බිහිවන ආකාරය මෙන්ම ස්වාභාවික (සරල) දෙයක් බවද අංඟපූරණයට ලියා තබමි. බාහිර දේ වෙනස් වන්නේ කරන කාර්යයට අනුව බව පෙනේ.

මෙසේ ජීවීන් බිහි වීමේදී පාරිසරික වෙනස්කම් වූ බවද, මේ සමඟම වඩා සංකීර්ණ ජීවීන් බිහිවීමට අවශ්‍ය පසුබිම සැකසුන බවද කියමි. ස්වාභාවික දත්ත මත, ඇවිදින ජීවීන් බිහි වීමේදි, පා ඇති සතුන්ට පෙර පා නැති උන් බිහි වූ බව තහවුරු වේ. උදාහරණ ලෙස සර්පයන්, කුඩා ඇසට නොපෙනෙන වර්ගයේ සතුන් ගමන් කරන ආකාරයට යන බව කියමි. දැන් වැදගත් ම තොරතුරු දෙමි. සර්ප ලෝකයේ නායකයා නයා වන්නේ සියලු ගතිගුණ ගෙන බැලූ කල ඌ සතු විශේෂ ලක්ෂණ නිසාය. එනම් ජීවත් වීමට අවශ්‍ය අංඟ පමණක් නොව ඌ සතු අද්භූත හැසිරීමත්, ඊටම සැදුන සංකේත ඇති පෙණයත් ය.

සිංහයා යනු මාංශභක්ෂක ජීවීන්ගේ උඩම තැන හිමි සතාය. එනයින්, ඌ එම තත්වයට ඒමට ඊට පහලින් සිටි සියලු සත්වයන් තම ක්‍රියාවෙන් පැරදවිය යුතුය. මෙහිදී සිංහලයන් කෙතරම් සිංහයා ආරූඪ කරගෙන ඇති දැයි මම කිව යුතු නැත. එයට දායක වූ හේතු ද කිව යුතු නැත.

දැන් අලි ගැන කතා කරමු. මගේ බ්ලොගයේ යෙදූ අලි යන වචනය තම්බි වචනයක් යයි කී (තම බ්ලොගයේ මමත් හොඳ හෙළයකු යයි කී) කෙනෙකු සිටින බව කියා මෙය පටන් ගමි. අලි යනු ලොකුම සතාය. මෙහි දී ල කාරය එම වඳන් වල මූළය වූ බව පෙනේ. ඉංග්‍රීසියෙන් large කියන වදන ද, ල කාරය මුල්කොට හැදුනු බවක් පෙනේ. අලියා යනු ශාක භක්ෂකයන්ගේ ප්‍රධානියා මෙන්ම සිංහයාටද පැරදිය නොහැකි දැවැන්තයෙකි. සිංහලයන් අලියා තම උත්සව වල දී ඉදිරියෙන්ම ගෙන යන්නේ, සත්ව ලෝකයේ නායකයා නිසා යයි අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් ඒ බව දන්නේ කී දෙනෙක් ද?

වඳුරු වර්ගයා හින්දූන් නිසා හාස්‍යයයට ලක් වුවද, ජීවීන් ගැන හදාරණ විට සුවිශේෂ නිර්මාණයකි. බිමත්, ගස් උඩත් යෑමටත්, විශේෂ ආරක්ෂක අංඟ වන විෂ, අං, දළ වැනි දෑ නැති නිසාත්, වඳුරාගේ පැවැත්ම දැඩි අභියෝග වලට මුහුන දෙන,  සියලු විදියේ හැසිරීම් වලට උචිත බිහිකිරීමක් නොවේද? තනියම බැරි නිසා කණ්ඩායම් ලෙස රැකීම කලයුතුය. ක්ෂණිකව කිරීමේ හැකියාවද අවශ්‍ය ය. එනම් අණුකරණය ජන්ම ගතියෙකි. වෙන කිසිම සතෙකුට බැරි දේවල් වඳුරන්ට කල හැකි බව වඳුරු වර්ගයාගේ නායකයා වන මිනිසුන් ඔප්පු කර ඇත.

එසේ නම් සිංහලයන් වඳුරු වෙස් ගැනීමද, නාග, සිංහ හා අලි සතු ගුණාංඟ වැළඳ ගැනීමද සාධාරණ යයි කිව හැක. මේ සතුන් සූක්ෂම ව හැදෑරූ විට, සිංහලයන් ළඟ උන්ගේ විශේෂ ගති ඇති දැයි කියනවා නම්, සිංහලයන්ටද ඒ ගැන අවබෝධයක් නැත.  සිංහලයනුත් නොදන්නා ගුණාංඟ ඇති සතෙකු බවට සිංහලයන් පත් වූයේ කෙසේද?

ඉහත ඇසූ සිංහලයනුත් නොදන්නා ගුණාංඟ ඇති සතෙකු බවට සිංහලයන් පත් වූයේ කෙසේද යන වග දැන් බලමු. දෙමව්පියන්ගේ උරුමය අපේ උරුමයයි. දෙමව්පියන් මිනිසුන් නම් අපද මිනිසුන් ය. මෙය සදාතනික දෙයක් නම් දෙමව්පියන් මතම අපේ ගතිගුණ තීරණය වේ නම්, අපි කිසි දා වෙනස් නොවෙමු. ස්වාභාවික ඇත්ත එය නොවේ. දෙමව්පියන්ට වඩා දියුණු දරුවන් උපදින විට එම උරුම ගති ගුණ වැඩේ. ඒ අනුව උපදින කෙනා මත ඉදිරි පරපුරේ ගති ගුණ වෙනස් වේ. (මෙය දෙවියන් ගැන කීමටද වැදගත් කරුණකි.)

වඳුරු වර්ගයේ සතෙකු තිරසන් බව හැර මිනිසා වූවේ යයි කීම සැබෑය. එසේ නම් එය, හිරු, එම වඳුරු රංචුවේ ඉපදුනේ නම්,  තම සුවිශේෂ හැකියාවෙන් මිනිස් ගති හෙවත් ඉහත කී සතුන්ගේ ගති හා හිරුට අවශ්‍ය ගති දුන්නා යයි කීම ස්වාභාවිකය. මෙම ගති ගුණ පොදු නොවන බවත්, සමහරුන් උපතින් එසේ වූ බවත්, තවත් අය අනුගමනයෙන් ගත් බවත්, තවත් කොටසක් බලෙන් එසේ වූ බවත්, සුළු පිරිසක් මග හැරි බවත් එකිනෙකා එවැනි සිදුවීම් වලට භාජනය වී දක්වන ගති ලක්ෂණ තුලින් මනාව පිළිබිඹු වේ. ඒ බව තවමත් පවතින හින්දු ජනවහරේ ද ඇත. මිනිසුන්ගේ ලෝකයේ හින්දූන් ද සුවිශේෂ තැනක් ගනී. ඒ හින්දු සමාජය යනු මිනිස් වර්ගයා ආ ගමනේ එකතු වූ පරණ බඩු කඩය නිසයි.හින්දූන් ළඟ මුළු අතීතයම අදත් ජීවමාන ය. හින්දූන් විශ්ව මනු හෙවත් විෂ්ණු දෙවියන් වඳුරෙකු ලෙස ඇඳ පුද පූජා කරන්නේ එවැනි අතීත කතාවක් කියමිනි. අප මිථ්‍යාව යයි කියා බැහැර කරන දේ කොතරම් වැදගත් දේ කියනවාද?

සිංහලයන් හා බැඳි වඳුරු, සිංහ හා අලි වැනි ජීව කතා තේරුම් ගැනීම පහසුය. එහෙත් නාගයන් කෙසේ බැඳේ ද? එසේම නාගයන් සිංහලයන්ට ඉතා වැදගත් ගෞරවයෙන් දකින සතෙකි. එයට පුදුම විය යුතු නැත. වඳුරු, සිංහ හා අලි වැනි ජීවයන්ට මුල් වූ ශාරීරික ලක්ෂණ අතහැරි විට ශේෂය නාග ජීවයෙන් ගෙන ඇත. ඒ කියන්නේ ගත සිත (තාරය හා අවතාරය) රකින අභ්‍යයන්ත අංඟ සියල්ලම නාග ජීවයෙන් ගෙන ඇත. එතැනද නාගයන් දෙවියන් කොට වැඳීමට හේතුව, නාගයන්ට එම ගතිය ලැබුනේ හිරු නාගයකු ලෙස ඉපැදී වඩා දුන් නිසා බව පැහැදිළිය. නාගයා යන සංකේතය වෙදකමට ආරූඪ කිරීම කොතරම් ස්වාභාවික ලෝකයට ළංවීමක් දැයි සිතේ.

දැන් මා සිංහලයන් බිහි වූ හැටි කෙටියෙන් කීවෙමි. අපි වල්ගය ඇති හා නැති අයගෙන් පැවතෙන බව අදටත් ඉතිරි වී ඇති වල්ග කැළල බලා තීරණය කල හැකි යයි කියමි. අපි වඳුරන් ලෙස අද හඳුන්වන විශේෂයකින් පැවතෙන්නන් නොව, අපටම ආවේණික වූ කැලෑ පරිසරයක හැදුනු සුවිශේෂ ජීවි වර්ගයකි. එම පරිසරය නිත්‍යලෙස දත් මට ඒ ගැන කීම නුසුදුසු යයි සිතේ. කෙසේ වෙතත්, මිනිසා යනු තමන්ගේම උත්සාහයෙන් අද තත්වයට ආවා යයි කියනවාට වඩා, අපේ වෙස් ගෙන උපන් ඒ සුවිශේ ජීවියාගේ නොසැලෙන උත්සාහයේ ප්‍රතිඵලයක් බව අපේ නොදැනුම හා හැසිරීම තහවුරු කරනවා. මෙසේ අප තිරිසන් බවෙන් මුදා ගත්තේ කුමට දැයි සොයා ගත්ත ද දැනට නොකියමි. ජීවත් කරවීමටත්, පැවැත්ම රැකීමටත් කැප වූවෙකුට එය අවබෝධ වේ. ජීවිතය නැසීමට වෙර දැරූ කල, මෙම ස්වාභාවික තොරතුරු නොදැකීම අරුමයක් නොව, එවැන්නන්ට දැනුමට දොර වසා ඇති බවද මම අත් දැකීමෙන් දනිමි.

මෙතරම් සුවිශේෂ ගති ලැබූ සිංහලයන් එමගින් ප්‍රබලම අන්තයට යා යුතුයි නේද? එසේ නොවුනේද හිරුගේ බලපෑම නිසා යයි කියමි. ජීවීන් හැදෑරූ විට, තම සීමාවන් ඉක්මවා දෙපැත්ට යන උන් නැසෙන ලෙස ජීවීන් සැකසී ඇත. එමගින් මුළු ජීව සමූහයම එක්තරා විදියකට බැඳුන පොදු නිපැයුමක් වී ඇත. ශාක හා සත්ව කොටස් අතරද සුවිශේෂ බැඳීම් පැවැත්ම උදෙසාම සැකසී ඇත. ඒ බව කියන දත්ත බොහෝය.

එසේ නම් සුවිශේෂ ගති ලැබූ සිංහලයන් අන්තයකට නොගොස් මැද නැවතුවේ කෙසේද? ඒ කිසිදු වඳුරෙකුට, සිංහයෙකුට, අලියෙකුට හෝ නාගයකුට නැති ගති එකතු කිරීමෙනි. ඒවා මොනවාදැයි කීම මෙතන සුදුසු නැත. එසේම මේ සියලුම අංගෝපාංඟ සමඟ සිංහලයන්ටම සුවිශේෂ වූ ජීවන රටාවක් ද බිහි කර ඇත. එයින් ප්‍රධාන වන්නෙ තමන් ගැන තමන්ටම දැනගැනීමට හැකි වීමය. එසේම සිංහලයන්ගේ හැසිරීම තුල සිංහලයන්ට පාලනය කල නොහැකි, නිතර නිතර සිංහලයන්ට තමන් කවුදැයි කියන, අවශ්‍ය තැන නැසීම වුව කරන බරපතල පාලන ක්‍රමයක්ද මුල් තැනට දමා ඇත. ඒ "ජීවිතය ගැන කියන දැනුම" ලෙස හඳුන්වන, වෙනස් කල නොහැකි විවිධ රටාවලට ජීවිතය ගත කෙරෙන අරුම පුදුම ජීවිත පාලකයයි. අද, නොදන්න උන් මුදල් ඉපැයීමට හැම එකාගෙම ඵලාපල කියන ජ්‍යෝතිෂය නම් හින්දු වදනෙන් විකෘර්ති කර කියන්නේද මෙම දැනුම ය. "ජීවිතය ගැන කියන දැනුම" වළංඟු වන්නේ ඉහත කී ගතිගුණ ඇති සිංහලයන්ට පමණි. කිසිදා තිරිසනුන්ට හෝ අසිංහලයන්ට භාවිතා නොවේ. එවැනි විට බොරුවකියි කියන නොදත් උන්ද එමටය. සිංහල ගති උපතට අනුව නොලැබෙන බව උපනුන් හැදෑරු විට සහතික වේ. එසේ නම් අවතාරය තුලද මෙම වෙනස තිබිය යුතුය. ඒ කියන්නේ සිත (අවතාරය) වෙනස් කිරීමට හැකියකු සිංහලයන් බිහිකල යුතු නිසා හිරුගෙන් බිහි වීම සැබෑවකි.

සිංහලයන් රැකීමට 'ආයු වඩන විදිය" හෙවත් ආයුර්වේදය (හින්දි වචනයකි) ලෙස දුන් දැනුමද සිංහලයන් කොතරම් සංවේදී ද යන බව පෙන්වනවා. සිංහලයන් සතු උරුමයන් ගැන පසුව කතා කරමි. දැනට වැදගත්ම උරුමය වූ භාෂාව ගැන දෙවරක් කීමි. මගේ කතා සිංහලයන්ගේ අගැයීමට ලක්වන්නේ නම් අගයමි. ඒ කීවේ සිංහල වෙස්ගත් උන් නොවේ. මට සිහළුන් හඳුනාගැනීම සුළු දෙයක් වන්නේ ඇයි දැයි මා කියන දෙයින් පැහැදිළි විය යුතුය.

1 comment:

  1. මම ලියන හැම ලිපියම, ඇත්තටම පොතක සාරාංශය ලියනවා වගේ නිසා බොහොම කායික හා මානසික උත්සාහය වැය වෙන දෙයක්. මේවා ඉගෙනීමට යොමු කරන නිසා එහි ඇති ඵල ගැනද කිව යුතුයි.

    බැලුවම හැම තැනම සිංහල සිංහල කියල, ලියල තියෙන්නෙම සිංහල දේවල් ගැන. මේ මොකදැයි කියා ඉංග්‍රීසි දන්න අය හිතනවා ඇති. ඒ අද සිංහලෙන් ලියන බොහෝ දේ ඉංග්‍රීසි දේ පරිවර්තනය කිරීම් පමණක් නිසයි.

    ඇත්තට සිංහල භාෂාව තියෙන්නෙ සිංහල දේවල් ගැන කීමට මිස වෙන භාෂා කතාකරන අයගේ කුණු සේදීමට නොවේ. මගේ පැත්තෙන් බැලුවම සිංහල කියන්නේ එක ජන කොටසක් විතරයි. ඒත් මම සිංහලයන් ගැන කියන්නෙ, මනුෂ්‍යයකු ලෙස ගෙවන ජීවිතය ගැන සොයන කොට, මිනිසුන් හා බැඳි දැනුම වැනි දෑ හදාරන කොට, මනුෂ්‍යයෙක් වෙල ඉපදිලා ජීවත්වීමට හිතන කොට, සිංහල මිනිසුන් ගැන දැන ගැනීම අත්‍යාවශ්‍ය වෙන නිසයි.

    හැම මිනිසෙකුටම උත්සාහ කලොත් සිංහලයකු විය හැකි බවත්, ඒත්, සිංහලයකුට වෙන ජාතිකයකු නොවිය හැකි බවත් මම අත්දැකීමෙන් දන්නවා.

    තව ගොඩක් ලියන්න තියෙනවා. දැනටම ලිපි දෙකක් ලියමින් ඉන්නේ. මගේ උත්සාහය ඉතා වැදගත් කාර්යයක් උදෙසාය. කවදා හෝ මා ගැන ද කියන බව ලියමින්, ඊට වඩා බොහොම වැදගත් වන සිංහලයන් ගැන ලියන්නේ, දිනෙක ඔවුන්ට ඔවුන්ගෙ බසින් ලියූ දෑ පිටපත් කර දෙන බවද කියමිනි. මම ලියන දේ දත්ත මත පමණක් ලියන අතර, ජීවිත කාලය තුල බොහෝ දේ ලියා ඇති අතර, ඒ කිසිත් ඇත්ත නොවේ යයි පෙන්වා නැති නිසා, මගේ කීමට ගැලපෙන අභියෝග අගයමි.

    ReplyDelete