Friday 11 January 2013

සිංහලයන්ගේ උපන් බිම


අද වන තෙක් සිංහලයන් කොහේ බිහිවුනා දැයි දන්න සිංහලයෙක් මට හමු නොවීය. දැනට පවතින එක මතයකට අනුව සිංහලයන් බිහි වුනේ ඔරිස්සාවෙන් ආ විජේ කුමාර්ගෙන් ය. විජේ කුමාර් යන නම ද දෙමළ වූවා සේම,  මේ සිංහලයන් උපන් විදිය කියන්නේද විජේ කුමාර් මිය ගොස් බොහෝ කලකට පසු ඉන්දියාවෙන් බෞද්ධ මිෂණාරියකු ලෙස ආපු දෙමළෙකි. දෙමළුන් ගැන සුළුවෙන් හෝ දන්නේ නම්, තම ජාතිකත්වය අත නොහරින අයගේ මුල් තැන දෙමළුන්ට දෙනු ඇත. ඒ ඔවුන්ට එවැනි සහජ හැකියාවක් නැති නිසාය. ඔවුන් අද ද කරගෙන යන චාරිත්‍ර වාරිත්‍ර ගතහොත් ඒවා අයත් වන්නේ ප්‍රාථමික යුගයේ සිටි නළලේ මිනී අළු ගාගත් කොටසටය. අද ද මිනී අළු තවරාගෙන සිටින කොටසක් හින්දුස්ථානයේ සිටිති.

කවුරු කෙසේ කීවත්, දෙමළකු සිංහලයන්ගේ උපත ගැන කියන කොට විමතිය නඟන්නේ, තමන් අයිති නොවන ජන කොටසක ඉතිහාසය තමන් හා බැඳි දෙයක් නොවන නිසාය. අද ද දෙමළුන් සිංහල ඉතිහාසය ගැන කියමින් රටෙන් කොටසක් උදුරා ගැනීමට මාන බලන විට, ඒ ප්‍රලාප වලට ගරු කරන සිංහලයෙක් නැත. එසේ නම්, රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිංහලයන් මත බුද්ධාගම යයි කියා තමන් අදහන හින්දුකම මත බිහිවූ ඇදහීමක් පතුරුවන ආගමික මිෂණාරියකු වූ දෙමළකු කියන දේ සත්‍යයය නොව මුලා කිරීමට ගෙතුවක් විය යුතුමය. ඒ තමන් ඉන්න තැන අහිමි වූ විට තමන් ගේ දෙයක් නැතැයි යන හැඟීම, යමෙක් දෙන ඕන ජරාවක් වැළඳ ගැනීමට සිත පොළඹවන නිසාය. මෙම උපක්‍රමය මෑතකදී ඉංග්‍රීසින් උදුරාගත් භූමි වල සිටි ස්වදේශිකයන් ක්ෂණිකව පිටින් ආ සංක්‍රමණිකයන් කිරීමටත් බහුලව යොදා ගත්තකි.

දෙමළෙකු රජ වී, දෙමළ ගැහැණියක ආනයනය කර, දෙමළකම හැර දා සිංහල නම් ජාතියක් බිහි කලේ නම්, එවැනි කතා විශ්වාස කරන කාගෙත් මනස් ආබාධිත විය යුතු වන්නේ, ඉතිහාසය පුරාම දෙමළා යනු දෙමළකම බලෙන් පැටවූවකු නිසාය. අද අසල්වැසි ජනකොටස් ද්‍රවිඩකමට මුල්වූ දෙමළකම මිශ්‍ර ජන කොටස් වූයේද දෙමළ ආධිපත්‍යයට හසු වූ නිසා ය. ඒ අතරේම මහියංඟනය ප්‍රදේශයේ සිටි යක්ෂයන් ගැන ද කියන දෙමළා, සිංහල යන වදනට දී ඇති අරුත තම නොදත්කම හෙළි කිරීමකි. නොදත්කම  නොදත් දෙමළුන් කතා ගෙතීමට උපන් හපනුන් ය.

ඒ කතා අතරේ, විවිධ ජාතීන් ඊට බොහෝ කලකට පෙර සිටි සිංහලයන් ගැන කතා කරන්නා සේම, දකුණේ, මහසම්මත මනු හා බැඳි වසර ගණනය කිරීමට අනුව වසර තිස් දහසකට පෙර වූ දේ රැකගෙන ආවේ කෙසේද? සිංහලයන් ආ තැනක් ගැන කිසිත් සිංහල වහරේ නැත. එසේ ආවේ නැත්නම් ආ බවක් ගැන කතා මැවිය යුතුයි නේද?

ඒ අතින් දෙමළුන් අවශ්‍ය තොරතුරු දෙනවා නොවේද? තැනින් තැන යාම අද පවා දෙමළුන් කරන දෙයකි. එසේ යන යන තැන, තම උරුමයද රැගෙන යන නිසා, ඔවුන් හැම විටම ඉන්නේ ගමනට සූදානමෙනි. සිංහලයන්ගේ ඉතිහාසය අණුමාන කරන දෙමළුන්, තමන්ගේ ඉතිහාසය වසන් කරන්නේ ඇයි. අද ඉරාණය  නම් ප්‍රදේශයට ඉහලින් කාන්තාර වූ බිමේ සිට, පරිසරය ඉවක් බවක් නැතිව විනාශ කර, ක්‍රමයෙන් ඉන්දියාවේ දුෂ්කර පෙදෙසක් වන වියළි භූමියේ සරණ සොයා ගොස්, ජනගහණය වැඩි වී තමන්ගේ යයි කියන භූමියටද ආක්‍රමණිකයන් වූ දෙමළුන්, කෙසේ කොතන සිටියා දැයි කියන සාක්ෂිද රැගෙන ගිය බව ප්‍රාථමික ඉතිහාස කරුවන්ට අමතක වුවද,  අදත් උන් යැපෙන්නේ රැගෙන ආ දේ මතය. මිනිසුන් පමණක් නොව සියලු සතුන් තම ජීවත්වීමට ගන්නේ අවට පරිසරයේ ඇති සීමිත ස්වාභාවිකව වැඩෙන සම්පත් ය. කොහේ ගියත් එම සම්පත් ද රැගෙන ගොස් අවට පරිසරයට එකතු කරන්නේ ජීවත්වීම ඒ මත රැඳෙන නිසාය. සැබැවින් ම මිනිසා වෙන ලොවකට ගියද තම අවශ්‍යතා සපුරා ගැනීමට මෙලොවින් සියලු දෑ රැගෙන යන්නේ, තමන් මෙලොවින් ආ උන් බව සනාථ කරමිනි. විශේෂයෙන්ම දෙමළුන් හඳුන්වා දුන් කුලුබඩු වර්ග උන් කොහේ සිට ආවා දැයි කියනවා.

මෙකී කරුණු මත සිංහලයන් ගත් කල, උන් ආ තැනක් නොදන්නේ, එහෙම තැනක් නොවූ නිසාය. සිංහල වෙස් ගත් සිංහලකම නැති උන් ආ බව නම් සහතිකව කිව හැක. සිංහලයන්ගේ චර්යාව අනුව, නිවසින් බැහැරට යන්නේද හැකි නම් සූර්යයා බැස යාමට පෙර ආපසු ඒමටය. අද ද බහුතරය ඈත එපිට ගමනක නොගිය උන් ය. බෞද්ධ බලපෑම් නිසා ගමන් යන උන් ද නැවත නිවසට එන්නේ කිසිදු ආයාසයකින් තොරවය. මා අත්දුටු පරිදි, සියලු ජන වර්ගයන් අතරින් සිංහලයන් තරම් තමන් සිටින තැන හැරයාමට ප්‍රතිරෝධයක් දක්වන වෙනත් කොටසක් නැත. තැනින් තැන ගොස් ජීවත්වීමට බලකරන පරිසරයක් ඇති අද ද, සිංහලයන් ගේ පසුබෑම තම උරුමයෙන් ආවක් වැනිය. එසේම සංක්‍රමණිකයන් හඳුන්වා දුන් කුණු කසල නොමැතිවද, සිංහලයන්ට අවශ්‍ය සැම දෙයම අවට පරිසරයට ආවේණික වූ සම්පත් වලින්ම සපුරා ගත හැකි වීමද තමන් බිහිවුනේ අද සිටින බිමේ බව තහවුරු කරයි.

මිනිසාගේ උපත කෙසේ කවදා කොතැන වුනේ දැයි විමසූ විට අවශ්‍ය තොරතුරු තිරිසන් ලොවේ එමටය. ඒවා ගෙන හැර බැලූ විට මිනිසාගේ උපත යනු සිංහලයාගේ උපත බවද තහවුරු වේ. එදා පැවති පරිසරය ගත් විට, අද ලොව පුරා විහිදුන මිනිසා ඉතා සීමීත ප්‍රදේශයකට කොටු විය යුතුය. අද ද අනෙක් සියලුම සතුන්, විශේෂයෙන් ම සිරුර වැඩුන සතුන්, එක්තරා ප්‍රදේශයකට සීමා වී ඇත. එදා, සිංහයන්, අලියන්, වග වලසුන්, සර්පයන් ආදී සුවිශේෂ හැකියා ඇති උන් ඉදිරියේ මානවයාට තරණය කල හැක්කේ සුළු දුරකි. මිනිසාගේ දැඩි නිපැයුම නිසා, සීත ප්‍රදේශ වලට ගියේ ගින්න හා රෙදි බිහි වූ පසුව විය යුතුය. ශරීර උෂ්ණත්වය අනුව ඝර්ම කලාපයට සීමිත විය යුතුය. කාළගුණයේ වෙනස්වීම් අද ද දැඩි ලෙස රෝගාබාධ හදන නිසා, බෙහෙත් සොයා ගැනීමට පෙර කිසිදු කටුක ප්‍රදේශයක බිහි විය නොහැක. අද දඩයමින්, ඇති දැඩි කිරීමෙන් හා වගාවෙන් යැපුනද, එකල  අවට පරිසරය තුල සිරුර හැදීමට අවශ්‍ය සියලු දෑ තිබිය යුතුය. අද මිනිසා සිටින තත්වය ගත් විට මුල් තැන වටා මේ පිබිදීම සිදුවිය යුතුය. ව්‍යාප්තිය හෙවත් වර්ධනය සමඟ සංඛ්‍යාව වැඩි වී අවට පරිසරයට විහිදීමට බලපාන හේතු කාරණා ගත් විට, දුබලුන් මිස ප්‍රබල උන් මුල් තැන හැර නොයාම ස්වභාවයයි. ඒ අනුව අඵ්‍රිකාණුවන් නොවන බව තහවුරු වන්නේ මිනිස් දියුණුවට උන්ගෙන් ලැබුනු නායකත්වය ඉතා සුළු නිසාය. ව්‍යාප්ත වූයේ ඕපපාතිකව නොව සංක්‍රමණයෙන් නිසා උන් ගෙන ගිය උරුමයද මුල් තැනට බැඳේ. විවිධ තොරතුරු දීමට ගොඩ නැඟී ඇති භාෂාව ගත් විට මුල් තැන වචනාර්ථයෙන්ද පැවතිය යුතුය. මුල් තැනෙන් කැමැත්තෙන් ගිය උන්ද, පැන ගිය උන්ද, බලෙන් නෙරපූ උන්ද, බැරිකම නිසා අයින් වූ උන්ද, අඳ උන් ලෙස තමන් නොදැනුවත්වම පිටමන් වූ උන්ද, ජනගහනය වැඩිවීම නිසා විසිරීයාමද ගත් විට මිනිසා මෙන්ම සිංහලයාද බිහි වූ පෙදෙස මාතර යයි කිව හැක. එම පෙදෙසේ ඇති "පරම මුල" ඊටත් වඩා යමක් කියන බව පෙනේ. සිංහල, විවිධ කාලවල පිටමන් වූ ජන කොටස් (දෙමළ), ඉංග්‍රීසි, හින්දු, ආර්මේනියානුවන් ඇතුළු සියලු ජාතීන්ගේ තොරතුරු මෙම මතය තහවුරු කරයි. තව බොහෝ මානව දත්ත ඒ සඳහා යොදාගත්තද පැවසීම අනවශ්‍ය යයි සිතමි. ඉන් විශේෂම කාරණය වන්නේ, අද පරිසරයටත් එදා පැවති ස්වාභාවික පරිසරයටත් එක ලෙස බැඳුන කොටසක් වීම වන අතර, එම අවශ්‍යතාවය කදිමට සපුරා ලන්නේ සිංහලයන් බවත් කියමි. අන් ජාතීන් එදා පැවති පරිසරයට දක්වන නොසැලකිල්ල, තමන් බිහි වුනේ එවැනි පරිසරයක නොව මිනිසා වෙනස් කල තැනක බව කියන්නේ, අපේ හැසිරීම හැදුන පරිසරයට බැඳෙන නිසාය.

ඉංග්‍රීසින් යොදා ගන්නා ප්‍රාථමික උපක්‍රම මගින්ද දඩයමින් ජීවත්වීම මත මිනිසාගේ උපත වූයේ නැගෙණහිර අඵ්‍රිකාවේ යයි කියන විට, ගොන්ඩවානා බිම පිපිරී වෙන්වීමට පෙර, ලංකාවද නැගෙණහිර අඵ්‍රිකාවද යාව සිටි බව පැහැදිලි වන නිසා, දෙමගින් එකම තැනට යාමක් පෙන්නුම් කරයි. එම පිපිරීමත්, ජලය ප්‍රමාණයේ වැඩිවීමත් නිසා වූ සත්ව ව්‍යාප්තිය ගැන බොහෝ දෑ දැන දැන නොකියන්නේ යම් හේතුවකටය.

සියලු ජාතීන් ගෙන අභියෝග කලද, කිසිදු ආකාරයකින් මිනිසා වෙන තැනක බිහි වූ බව පෙන්වීමට නොහැකි විය. භාවිතා කල හැම උපක්‍රමයම තහවුරු කිරීමක් මිස සැකයක් ජනනය නොකල බව කියමි. ඔරිස්සාවෙන් ආවා යයි කී ජනයන් පසු කලක එම ප්‍රදේශයෙන් වඳ වූවද, මෑතක් වන තුරු එම පෙදෙස වන ලැහැබක් ව පැවතුනද, උන් ගෙනා ආකම වැළඳගත් බෞද්ධයන්, අද ද එම ගෙතුමේ පැටලී සිංහලයන්ගේ සුවිශේෂ බව කෙලසන බව කියමි. බෞද්ධයන්  සැබැවින්ම සිංහලයන්ගේත් සිංහලකමේත් පරම සතුරන් වීම වසන් කල නොහැකි ඇත්තකි. මිනිස් වර්ගයාගේ නියමුවන්ට එසේ කිරීම මනුෂ්‍යයත්වයට කරන හාණියක් නොවේද?

මෑතකදී සිංහලයන් ආවේ කේරළයෙන් යයි තවත් දෙමළෙක් කියා ඇත. සමහර විට මේ දෙමළා සිංහලයකු හමු වී නැති එකකු විය හැක. කෙසේ වෙතත් කේරළයේද බොහෝ සමානකම් ඇත. මෙලෙස බැලූ විට හිමාලය දක්වා එවන් සමානකම් ඇත. එහෙත්, සිංහල දෙමළ හා හින්දු යන වචන තුන සිංහල අරුත් ගත් විට, කලෙක හිමාලය තෙක් සිංහලයන් ව්‍යප්තව සිටි බවත්, මුල් තැන සිට හිමාලය තෙක් ක්‍රමයෙන් විහිදුන බවත් පෙන්වීමට කලින් කී උපක්‍රම ප්‍රමාණවත්ය. අද වන විට සිංහල රටේ උතුරු පෙදෙස දක්වා සංක්‍රමණික ආක්‍රමණයකට ලක් වී පැතිරී සිටින්නේ, එහා බිම් කන්තාර වන විට සරුබිම් සොයා ආ සංක්‍රමණිකයන් ගෙන් පැවතෙන උන්ය. ස්වදේශික භාෂා උච්චාරණය කිරීමෙන් විකෘර්ති භාෂා හැදුනේද, ඒවා කියන විට ස්වභාවික බවෙන් තොර වන්නේද අනුන්ගේ බසක් තමන්ගේ වූ විට හැසිරෙන ආකාරයටමය. මෙවැනි බස් වහරක් ඉංග්‍රීසින් අතරට යන සංක්‍රමණිකයන්ද ගොඩ නගන බව පෙනේ. කාලයාගේ ඇවෑමෙන් බහුතරය ඔවුන් වන විට, උන් තමන්ගේ බස ලෙස කතා කරන ඉංග්‍රීසි, සම්මත ඉංග්‍රීසියෙන් කොතරම් වෙනස් ද යන්න දෙමළ හා හින්දි භාෂා සිංහල හා සසඳා දත හැක.

© All copy rights reserved by the author.

11 comments:

  1. //..ඉංග්‍රීසින් යොදා ගන්නා ප්‍රාථමික උපක්‍රම මගින්ද දඩයමින් ජීවත්වීම මත මිනිසාගේ උපත වූයේ නැගෙණහිර අඵ්‍රිකාවේ යයි කියන විට,..//

    රුසියාවේ ස්ටෙප්ස් තැන්නෙන් ආරම්භ වුණු මිනිස් ජීවය ගැන තියෙන මතය ගැන ඔබේ අදහස මොකක්ද ?

    //..දැනට පවතින එක මතයකට අනුව සිංහලයන් බිහි වුනේ ඔරිස්සාවෙන් ආ විජේ කුමාර්ගෙන් ය...//

    මේ මතය නිවැරදිව ප්‍රකාශ වී නැහැ. මේ මතය දක්වන මහානාම හිමියන් ලියපු මහාවංසයේ 7 වෙනි පරිච්ඡේදයේ 42 ගාථාවේ තියෙන්නේ මෙහෙම

    සීහබාහු නරින්දො සො සීහං ආදින්නවා ඉති
    සීහලො තෙන සම්බන්ධා එතෙ සබ්බෙ පි සිහලා

    සිංහබාහු රජතුමා සිංහයා නිසා [උපන් නිසා] සිංහල නම් වුණා. සිංහල කුමාරයා [විජය කුමාරයා] හා සම්බන්ධ වුණු සියලු දෙනාම [සත් සීයක් පිරිස ඇතුළු සියල්ලම] සිංහල නම් වුණා. ඒකෙන් ගම්‍ය වෙන්නේ ලංකාවාට පැමිණියා කියල සලකන විජය කුමාරයා එක්ක පැමිණි පිරිස වගේම එයා සමඟ එකතු වුණු පිරිස [ස්වදේශිකයන් පවා] සිංහල නාමයෙන් හැඳින්වෙනවා කියලා.

    ReplyDelete
    Replies
    1. //රුසියාවේ ස්ටෙප්ස් තැන්නෙන් ...//

      ඔබට දැනුම නැතුව, දැනුමෙන් හැදූ මෙවළම් නැතුව, ඒ කියන්නේ සතෙක් ලෙස පරම්පරා කීයක් සිටිය හැකිද? අදත් එතැන සරු ජනගහණයක් තිබේද? මම මාළු ඉල්ලුවම මාළු අල්ලගන්න හැටි කියන්නේ.

      ඔබ ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් බිහිවෙන වහලෙක් වගෙයි. කියන දේ කරන, කරන්න ඕන දේ කියන අධ්‍යාපනය සුදුසු වහලුන්ටය. ඔබේ හැකියාව යොදා බලන්න.

      // ... මේ මතය දක්වන මහානාම හිමියන් ලියපු මහාවංසයේ 7 ...//

      මම ඕකට කියන්නෙ පචවංශය කියල. සිංහල කියන වචනෙ අරුත නොදත් වසලයකු ලියපුව මම ගත්තේ නෑ. ඔබ දුන් අරුතත් වැරදියි.

      කුවේණිගෙ උරුමෙන් රජ වුන විජේ කුමාර් තම රටෙන් සේවකයෝ, ගෑණු ගෙනාවා. රජකම ගත්තම, උගේ රටේ උනුත් ඇවිල්ල උතුරේ වාඩි ගහල පදිංචි වුනා. සිංහල රටේ රජ වුන දෙමළු නිසා කොච්චර උන්ගෙ උන් ආවද? කන්නසාමිගේ කාලේ මලයාලි උන් මේ රටේ බඩ පිනුම් ගැහුව. ඔරිස්සාවෙන් ආපු උන් වඳ කලේ එහෙන් ආපු මාඝ. කන්නසාමිගෙ ගෝලයෝ සුද්දගෙ අතින් නැසුනා.

      ඔබේ කතාව ගිරවෙක් වගෙ කීමක්. සිංහල නමටත් නින්දාවක්. මම සිංහල යන වචනෙ අරුත කිව්වම ඒක තේරේවි. මම කවුද කියල කියන්නම්. මේ පුරුක බලන්න - http://www.youtube.com/watch?v=Gh76oepKFc8. ඒ වැඩේ උන්ට බැරි වුනා. අන්තිමට අණුකම්පා කොට විසඳුවේ මම. එය මම කව්ද කියාවි.

      Delete
    2. කදිමට බස හැසිරවීම කර ඇති නමුත් කරුණු තහවුරු කර නැති හෙයින් මේවා හිස් වචන බවට පත්වීම වැලැක්විය නොහැක්කක්. එනිසා කරුණු දක්වා ඒවා තහවුරු වන අයුරු පෙන්වන්න. නැතිනම් මේ සංවාදය නිෂ්ඵලයි

      Delete
    3. @Hasitha,

      ඔබ තවම පර්යේෂණ වාර්තා ලියල නැද්ද? මම කියපුව හරිද වැරදිද, එහෙම නැත්නම් වෙන විදියකින් තහවුරු කිරීම හෝ නොකිරීම සඳහා තමයි ලිව්වෙ. සමහර දත්ත නොදෙන්නෙ ඒවා නොදිය යුතු නිසයි.

      මගේ ලිවීමෙන් මම කියන්නේ සිංහලයන් ගේ උපන් බිම අද ඉන්න තැනම කියලා. ඒක පිළිගත් බොරුව කසලගොඩට දැමීමක්. ඒ තීරණයට හේතුත් කීවා. ඔබ එය නැත කියනවා නම් එතැනදී ඔබ කියන දේට මම අභියෝග කරනවා. මේ ලිපි කිසිවක් ගොතපුව නොව තිත්ත ඇත්ත මත ගොඩ නැගූ වැදගත් කරුණු. මේවා කාගෙවත් ගෙතීම් නොවේ.

      අර යූ ටියුබ් වීඩියෝව බලන්න.

      Delete
  2. කිසිම තේරුමක් නැති ලිපියක් උඹට අද්යාපන ක්‍රමේ වෙනස් කරන්න ඕනෙනම් පලයන් පාර්ලිමේන්තුවට. උඹත් අර මීවනපලානේ ජයරත්නවගේ පිස්සු අන්දොස් ඩයල් එකක් කියල. ආ..... මට දැනුයි මතක් උනේ උඹ නේද වර්ගපූර්නිකාවේදී රාචියත් එක්ක පිස්සු ආතල් දෙන්නේ දැනුයි මතක් උනේ උඹ දැන් හදන්නේ මී ජයා නැති අඩුපාඩුවට මොංගල් වැඩ කරන්නද?

    ReplyDelete
    Replies
    1. //කිසිම තේරුමක් නැති ලිපියක්//

      ඔබ ලිපිය කියවා නැත. මම කීවේ සිංහලයන් බිහි වූයේද අද සිටින තැනම බවය. ඔබ ගත් කෝරළේ යන නම විජේ කුමාර්ගෙන් ඇරඹි දෙමළ අය රට කරන යුගයේ උන්ට බැලමෙහෙකලවුන් ලැබූ තනතුරකි. ඔබට මා කී දේ වහකදුරු වගේද? එසේ නම් මම නිවැරදිය.

      සිංහල නොදන්න බව කී නිසා, ඔබට නොතේරුන බව දනිමි. මේක සිංහලයන්ට වැදගත් වුව අනෙකුත් උන්ට වැරදිය. ඒ බෞද්ධයන් ගෙතූ කෙප්ප අජීර්ණ වීම නිසාය. ඉතිහාසය දෙවන වසර සිසුවකු මට වඩා දන්නවා යයි කී විට මට සිනා පහල විය.

      මොංඟල් කතා කියන අඩවියක් ලෙස පෙනෙන්නේ අත්දැකීමෙන් යයි සිතුවද, මෙම ලිපි ලීවේ සිංහලයන් සඳහා මිස මගේ කුණු කසල දිග හැරීමට නොවේ. එය සිංහලයන්ට කෘත ගුණ සැලකීමකි.

      අද සිංහලයන් යයි කියන අය ගැනද මෙහි ලියමි. විශේෂයෙන්ම සිංහල යයි කියමින් සැබෑ උරුමයට ගරහන, වාසි සොයමින් සුනඛයන් ළඟ වුව බැලමෙහෙ කරන සංක්‍රමණිකයන්ගෙ නිරුවතද පෙන්වන දෑ අඩංඟුය. කෙසේ හෝ ඔබ මා කී දේ සැබෑවක් බව තහවුරු කිරීමට තුතියි.

      Delete
    2. මූට පිස්සු අංගොඩ එක්කන් පලෝ................... :D යකෝ බොට බැනලවත් කොමෙන්ට් කරන්න මේ අටමගුල් word verification එක අයින් කරහන්කෝ. බනින්නත් එපා වෙනවා ඒ මගුල නිසා.

      Delete
    3. ඉතිහාසය දෙවන වසරේ සිසුවෙකුටැ වැඩිය දන්නේ මහාචාර්‍ය පට්ටමක්වත් හම්බ උනාද? හැබැයි ඉස්කෝලේ නොගිහින් ඉගනගන්නේ නැතිව මහාචාර්‍ය කෙනෙක් වෙන්න අමාරුයි.

      Delete
  3. කෝරලේ උඹ අට පාස් බූරුවෙක් බව දැන දැන නේද මේවා කියන්නෙ. නොදකින්. උඹට තේරෙන්නෙ නෑ නේද?

    ReplyDelete
  4. ඉන්දියාවේ සිටින සියළුම දෙනා "දෙමළුන්" ලෙස දකින්නේ ඔබගේ දැනුමේ ඇති බරපතල අඩුපාඩුවක් නියාය.

    ReplyDelete
  5. ඉන්දියාවේ සිටින සියළුම දෙනා "දෙමළුන්" ලෙස දකින්නේ ඔබගේ දැනුමේ ඇති බරපතල අඩුපාඩුවක් නියාය. /// ජාතීන් කුඩා කුඩා උප වර්ග වලට බෙදී ගොස් තිබුනද ඔහු කතා කරනුයේ මූලික ජන බෙදුම් ගැන විය යුතුයි...මෙය හඳුනාගත හැක්කේ චර්යාවන් තුල ඇති සමානතා අසමානතා අධ්‍යයනයෙනි...

    ReplyDelete

Note: only a member of this blog may post a comment.