Thursday 10 January 2013

සිංහල භාෂාව - 1


සිංහලයන් හා සිංහලකම ගැන කතා කරන විට, ඒ සඳහා වඩාත් ම සුදුසු වන්නේ සිංහල භාෂාව නිසා, ඒ ගැන කතා නොකරම බැරිය. සිංහල බස කෙතරම් දියුණු ද යන්න එහි ඇති සංකීර්ණ ස්වරූපය කියා පානවා. අද තරම් සිංහල බස දැඩි පීඩනයට ලක් වූ කලක් නොමැති තරම්ය. අධ්‍යාපනය ඉංග්‍රීසි ආධිපත්‍යයට නතු වී ඇති නිසා ඉංග්‍රීසි බස ඉගෙනීමට කරන බලපෑම සිංහල අතහැරීමට කියනවා වැනිය. මෙසේ බස නසන්නේ සිංහලයන් දැයි විමසීමද, නිවැරිදිව බස හැසිරවීමද අරුත් ඇති කතාවකට මුල පුරන නිසා, ඒ ගැන යමක් කිව යුතු යයි සිතමි.

අද සිංහල භාෂාව ඉගෙනීම,  වාක්‍ය රචනයට අදාළ නීති රීති හා සාහිත්‍යය ලෙස තාලයකට කියන, එහෙත් සැබෑ ලොවට දුරස් වූ කවි කතා වලට සීමා වී ඇත. බොහෝ විට සාහිත්‍ය කෘතීන් බෞද්ධයන් ලියූ නිසා තම දැකුම එතුලින් මතු කරන නිසා සැබෑ සිංහල දැනුම එතුල ගැබ්ව ඇත් දැයි බැලීම අවශ්‍ය වේ.

මගේ අත්දැකීමට අනුව සිංහල භාෂාව තුල අන්තර්ගත දැනුම සිංහලයන්ට කොතරම් අහිමි වී ඇත් දැයි කියනවා නම්, සිංහල වචන යොදා වෙනත් බසක, විශේෂයෙන්ම ඉංග්‍රීසි, දෙමළ හා හින්දු දැනුම හුවමාරු කරනවා දැයි විමසිය යුතුය. උදා හරණ ලෙස මම උදේට බත් කෑවා කියන එකත් මම උදේට rice කෑවා යයි ඉංග්‍රීසි වචනයක් දමා කී විට ඇති වෙනස ඉංග්‍රීසිකම හා සිංහලකම අතර ඇති වෙනස තරම් විශාලය. ඊට හේතුව බත් යනු ඒකීය අරුතක් දෙන වදනක්ය. කරන ක්‍රියාව ඇතිව හෝ නැතිව ඒ අරුතම ගනී. එසේ වුවත් rice යන ඉංග්‍රීසි වදන කරන ක්‍රියාවෙන් ඉඟි කරන, අර්ථය කියන්නාට ඇවැසි අරුත් දෙන නිසා, අසන්නාට ස්ථීරව වචනය තුලින් අරුතක් නියතව නොදෙයි. සැබැවින් ම මෙය ඉංග්‍රීසිකම හා සිංහලකම අතර ඇති වෙනසේ විශේෂ ලක්ෂණයක් ද හෙළි කරනවා.

මෙම විශේෂ කාරණය කීවේ මා ලියන දෑ සිංහල අරුතම යොදා තේරුම් ගත යුතු නිසාය. භාෂා අතර ඇති පොදු වචනද ඒවායේ වෙනස්කම්ද, අරුත වෙනස් වන අයුරු උදාහරණයකින් ම දැක්වීම සුදුසුය. කෙනා (සිංහල) , කිං (ඉංග්‍රීසි), කන්නන් (දෙමළ), කුමා(ර්) (හින්දු) යන වදන් හතරම එක මූලයක් ඇති වචනය. එහෙත් ඒවායේ සිංහල අරුතට වඩා අනෙක් භාෂාවල ඇති අරුත වෙනස් බවද, අනෙක් භාෂා තුන ගත් විට ඔවුන් දක්වන අරුත් කොතරම් සමීප දැයි බැලූ විට, වචන තුලින් අතීතය රැඳී ඇතැයි ද කිව හැක. මේ සුළු විග්‍රහය මා ලියන දේ තේරුම් ගැනීමට අත්‍යාවශ්‍ය පදනම සපයයි.

සිංහල භාෂාව කොතරම් අපට සමීප දැයි කියනවා නම්, භාෂාව හැදෑරිය යුතු යයි පැවසීම වුව හාත්ස්‍යයට ලක් වේ. උදාහරණ ලෙස අපේ අත පය වැනි අංඟ කොතරම් අපේම කොටසක් වී ඇති දැයි කියනවා නම් ඒවා තියෙනවා දැයි නැද්දැයි යන හැඟීමද අපට ඇති නොවේ. එහෙත් නිතර සෙවිල්ලෙන් සිට ආරක්ෂා කරගැනීමට උත්සාහ නොකරයි නම් අහිමි වීමෙන් නැතිකම දැනෙන විට, ප්‍රමාද වැඩිය. එය තම බස සිංහල යයි සිතන අයට වෙන විපතකැයි මම කියමි. සිංහල බස බාහිර බලපෑම් නිසා කොතරම් අහිමි වී ඇති දැයි කියනවා නම් අනෙක් වචන තබා සිංහල යන වචනයේ අරුතද දත් අයෙකු මට සොයාගත නොහැකි විය.

සිංහල යන වචනය නිකම්ම නිකම් පුහු වචනයක් නොවන බව අප අතරේ රැඳී ඇති සිංහල වචන වල නියමාර්ථ හැදෑරූ විට පෙනේ. සිංහල වචන අතරේ ඇති සිංහලකරණය වූ දෙමළ, හින්දු ඉංග්‍රීසි වචන වැනි බාහිර වචන අතහැර, වචනාර්ථයන් හැදෑරූ විට, එකම අරුත දෙන වචන දෙකක් හෝ අරුත් දෙකක් දෙන එකම වචනයක් දැකීම උගහටය. එකම මාතෟකාවක් යටතේ යෙදෙන වචන වුව ඊටම ආවේණික අරුතක් දැරීම අඟනේය. මෙම විශේෂ ගතිය දැනුමට මුල් තැන දෙන බසකට අත්‍යාවශ්‍ය ස්වාභාවික ගුණයකි. සිංහල යන වචනය, තිරිසන් ලොව සිට අද දක්වා එයින් හඳුන්වන දෑ වල නියම ගති ගුණ කියා පානවා. එය ආරම්භයේදී බිහි වූ වචන දෙකක එකතුවක් වන අතර සිංහලකම බිහිකිරීමට දායක වූ පදනම ද ඒ හා බැඳුනු ගති ගුණද, දැනුමද සංකේතවත් කරනවා. බොහෝ ජාතිකයන් මෑතකදී සිංහල යන වදන භාවිතයට හුරු වීම නිසා ඔවුන් සිංහල යන වචනය ගෙතුවා යයි යන මතය පුස්සක් බව, විවිධ ජාතීන් කලින් සිංහලයන් ඇමතූ වදන් සිංහල යන වචනය බිඳ දමා සැකසුණු ඒවා බව පෙන්වා තහවුරු කල හැක. එහි සුවිශේෂත්වය වන්නේ සරල ප්‍රාථමික යුගයේ වචන එකතුවක් වීමත්, ඒ සමඟම දෙමළ හා හින්දි යන වඳන් වල අරුත් දීමත් ය. වචනය සැකසුනු පරිසරයද ප්‍රාථමික යුගයට අයත් වේ. ඒ වචනය ගොඩ නැගීමට දායකවූ අනෙක් වචනද, අදාල පසුබිම් දත්තද භාෂාවත් සමඟ අදත් ජීවමාන නිසා, වැදගත්කම කොතරම් ද යත් තව දුරටත් කතා කිරීම නුසුදුසය. ඒ එය එතරම් සරල නිසාය.

අද සිංහල බස කොතරම් පරිහානියට ලක් වී ඇති දැයි කියනවා නම් අප්‍රාණික වූ අඟපසඟ වැනිය. සිංහල හෝඩියද දෙමළ බලපෑම් නිසා විකෘති වී ඇත. වැදගත් අකුරු නොසලකා අමතක කර ඇත. පිළිවෙල දෙමළ මුවට/උච්චාරණයට අනුව සකසා ඇත. මේ හානිය බෞද්ධ මිෂණාරීන් ලෙස පැමිණ සිංහලයන් සමඟ විසූ දෙමළුන්ගෙ අණුවන ක්‍රියාවල ප්‍රථිඵල ය. සිංහල බසේ අකුරු අණුපිළිවෙලම ගණනය කිරීමට යොදා ගත් බවත්, දෙමළ හින්දු බලපෑම් වලට හසු නොවූ ජන කොටසක් සතු දැනුම සමඟ සසඳා බැලූවිට, සිංහල බසේ අනන්‍යතාවයත් තහවුරු වේ.

සිංහල යනු මා සෙවූ, දැනුම එලෙසම රැකී ඉදිරියට ගෙන යා හැකි භාෂාවකට හිමි විය යුතු අංඟ සපුරාලන භාෂාවයි. එම බසේ ඇති වචන, තිරිසන් යුගයේ සිට අද දක්වා භාෂාව ගොඩ නැඟුනු ශබ්ද හා වචන වලින් පිරී ඇති අඟනා වචන එකතුවකි. එලෙසම වචන නොකී තිරිසනුන් ලෙස පටන් ගෙන, ටිකෙන් ටික ස්වාභාවික ශබ්ද මුසු කොට අරුත් දෙන වදන් බිහි වූ හැටි කියන බවද, කාලයත් සමඟ වචන විහිදී නව අරුත් දෙන වචන බිහි වූ හැටිද, මුල් වචනය නොමැකී එවදන් තුල රැඳීමද, සිංහල යනු තමන් විසින් තමන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට බිහි කල තමන්ගේ බස වීම ගැන සිංහලයන් විශේෂ තැනක් ගන්නේ, වෙන කිසිදු බසක පොදු අයිතියක් නොමැතිකම නිසාය. එසේම භාෂා දෙකක් ලෙස පෙනෙන දෙවිදියක වචන තිබීමද, වාක්‍ය තිබීමද, නීති රීති නැතිව නිදහසේ බස බිහි වීමත්, භාෂාව වැඩෙන විට පොදු සම්මත යොදා වචන හා වාක්‍යයයන් ගොඩ නැගීමත් සාක්ෂි දරයි. එය සිංහලයන් නිදහසේ ජීවත් වූවා යයි කියන ප්‍රබල අංඟයකි. බස බිහිවීමත්, නැඟීමත්, ජාතිය ගමන් කල දිසාවත් වචන තුලින් හෙළි වේ.

ඉංග්‍රීසි බස වඩා හොඳයයි සිංහලෙන් කියනු මම ඇසුවෙමි. ඒ ගැන පුදුම නොවෙමි. තමන්ගෙ මට්ටමට වඩා ඉහළින් යාම උගහටය. සිංහලයන් උයා ගෙන කන කෑමත්, ඉංග්‍රීසින් තවමත් පුච්චාගෙන කෑමත්, භාෂා දෙකේ වෙනසට සමය. යමෙක් පුච්චාගෙන කෑ යුගයේ හිර වේ නම් ඔහු සිංහලයකු නොවේ. මේ පිටුවේ කී ලෙස බස නොදැන අරුත් දීම නුසුදුසු බවත්, කියන දේ දැන ගැනීමට එම බස ගොඩ නැඟුණු පරිසරය අත් දැකීම අවශ්‍ය බවත් කියමි.



(මෙම බ්ලොගය මට මෙන්ම සිංහලයන්ට වැදගත් වූ පර්යේෂණ දත්ත සීමිත ලෙස අන්තර්ජාලයට මුදා හැරීමකි. මගේ උත්සාහය හැකි පමණින් තොරතුරු බිඳක් දී සිංහලයන් හඳුනා ගැනීමය. දැනුම කෙතරම් ප්‍රබල දැයි කියනවා නම් බොහෝ තොරතුරු වාරණය කිරීමට සිදු වේ. යමෙක් එකතු කිරීමක් හෝ ප්‍රශ්ණ නැගීමක් කෙරේ නම් අගයමි. ඒ මා කියන දෑ හුදු විශ්වාස නොව දත්ත මත ලියූවක් නිසාය.)

9 comments:

  1. //..කෙනා (සිංහල) , කිං (ඉංග්‍රීසි), කන්නන් (දෙමළ), කුමා(ර්) (හින්දු) යන වදන් හතරම එක මූලයක් ඇති වචනය...//

    එකම මූලය ආ අයුරු පැහැදිලි කරන්න ඒ වගේමයි. මේ සඳහා පාලි හා සංස්කෘත කියන භාෂාවන් යොදාගෙන නැත්තේ ඇ‍යි කියලාත් පහදන්න

    //...සිංහල හෝඩියද දෙමළ බලපෑම් නිසා විකෘති වී ඇත. වැදගත් අකුරු නොසලකා අමතක කර ඇත....//

    සාධක දෙන්න

    ReplyDelete
    Replies
    1. //එකම මූලය ....//

      මුල් යුගයේ තනි වචනය පසුව වචන කිහිපයකට බෙදී යනවා. මුල් යුගයේ නැගූ ශබ්දය ක හෝ එහි පූර්ව ශබ්දය විය යුතුයි (ක, ග, හ යන තුනම එක පූර්ව ශබ්දය කින් බිහි වූ බව දන්නවාද?). ඔබ විසින්ම දැන ගත හැකි දේ තව එකෙකුගෙන් අසන එක සුදුසු නැහැ නේද?

      //සාධක දෙන්න//

      ඔබ ඉංග්‍රිසි විදියට ඉගෙන ගන්නෙ. මම ඒ විදිය අතහැරියේ 1991- 94 කාලෙ. සිංහල හෝඩිය ඔබ දනී. සිංහල වචන කියන හැටි දනී නම්, දෙමළුන් වචන කියන හැටි බලා, සිංහල හෝඩියේ ශබ්ද අණුපිළිවෙල බලන්න. පුතුකුඩුයිරුප්පු සිංහල විදියට හඬ නගනවාද?

      ඔබ මේ ගැන ඇසිය යුත්තේ ආචාරි මහාචාරි පණ්ඩිත උන්ගෙන්ය. මම වැරදි යයි උන් කියයි නම් මම තව තොරතුරු දෙමි. සුදුසු කල සියල්ල කියනවා.

      Delete
    2. //..යමෙක් එකතු කිරීමක් හෝ ප්‍රශ්ණ නැගීමක් කෙරේ නම් අගයමි. ..//

      ප්‍රශ්න කිරීම අගය කරන බව කියතත් ප්‍රශ්නවලට මේ ආකාරයේ පිළිතුරු දී ගැලවී යන්නේ ඇයි ?

      Delete
    3. @Hasitha,

      //ප්‍රශ්න කිරීම අගය කරන බව කියතත් ප්‍රශ්නවලට මේ ආකාරයේ පිළිතුරු දී ගැලවී යන්නේ ඇයි? //

      ඔබ කලේ ඉල්ලීමක් හෝ පැහැදිලි කිරීමක්. ප්‍රශ්ණ කියන්නෙ කියපු දේට අදාළවන විමසීම්. ඔබ ඇසු "මේ සඳහා පාලි හා සංස්කෘත කියන භාෂාවන් යොදාගෙන නැත්තේ ඇ‍යි කියලාත් පහදන්න" මට අදාළ නෑ. මේ දෙකම කෘතීම භාෂා. හැදුවෙ කටපාඩම් කරපු අය. ඒවා ස්වාභාවික දත්ත විකෘති කරනවා. උදා: පාලි භාෂාවෙන් දෙන්නෙක් කතා කරන කොට කොහොමද?

      මම කියන ඒවා ඔබ සිතනවාට වඩා හුඟක් බරපතලයි. ඔබ, ලෝකයේ දැනුමෙන් ඉහලම තළයට ගියාම, මම කවුද කියල තේරුම් ගනීවි. මම කියන ඒවා මීට කලින් නොදත් ඒවා. මම අභියෝග කරන්නේ තමන්ගෙ ක්ෂේත්‍රයේ මුදුනට ගියා යයි සිතන අයට. හැකි නම් ඔබේ මහාචාරියන්ගෙන් අහන්න. තවම වීසී විදාණපතිරණද? මම මිනිහගෙ ගෙදර යට කොටසෙ කුළියට හිටියේ 1988 දි විතර.

      Delete
    4. //..ඔබ කලේ ඉල්ලීමක් හෝ පැහැදිලි කිරීමක්. ප්‍රශ්ණ කියන්නෙ කියපු දේට අදාළවන විමසීම්...//

      ඔබට අවශ්‍ය ප්‍රශ්න නම් මගේ ඉල්ලීම් හා පැහැදිලි කිරීම් කියන කොටස් ඉවත් කරලා ඒවා ප්‍රශ්න බවට පෙරලාගන්න. ඉන්පසුව පිළිතුරක් දෙන්න.

      //..මේ දෙකම කෘතීම භාෂා...//

      කොහොමද කෘතිම භාෂා කියන්නේ ??

      //..පාලි භාෂාවෙන් දෙන්නෙක් කතා කරන කොට කොහොමද?..//

      ත්‍රිපිටකට පෙරලා බලන්න ඇති තරම් පාලි භාෂාවෙන් කෙරෙන සංවාද හමුවේවි

      //..ඔබ, ලෝකයේ දැනුමෙන් ඉහලම තළයට ගියාම, මම කවුද කියල තේරුම් ගනීවි. මම කියන ඒවා මීට කලින් නොදත් ඒවා. මම අභියෝග කරන්නේ තමන්ගෙ ක්ෂේත්‍රයේ මුදුනට ගියා යයි සිතන අයට...//

      එසේ නම් මේ බ්ලොග් අඩවිය මම කියවන අවසන් වතාව මේක විය යුතුයි. මගේ ක්ෂේත්‍රයේ මුදුනට මම ගියා කියලා මම හිතන දවසට මම නැවත එන්නම් මේ සංවාදයට. එතෙක් ආයුබෝවන්

      //..තවම වීසී විදාණපතිරණද?//

      මේකට පිළිතුරක් දීලම යන්නම්. වීසී මහාචාර්ය සරත් අමුණුගම

      Delete
    5. @හසිත,

      //එසේ නම් මේ බ්ලොග් අඩවිය මම කියවන අවසන් වතාව මේක විය යුතුයි. මගේ ක්ෂේත්‍රයේ මුදුනට මම ගියා කියලා මම හිතන දවසට මම නැවත එන්නම් මේ සංවාදයට. එතෙක් ආයුබෝවන්.//

      බෞද්ධයන් තරම් දන්න බව පෙන්වන අය නොදුටුවෙමි. එහෙත් හැම විටම කියන්නේ අනුන්ගෙන් කොපි කරගත් දේය. ඔබට මා කියන දෙය අවබෝධ කරගත නොහැක. එහෙත් ඔබේ වයසේම අය මා සමඟ ඉතා ළඟින් අදහස් හුවමාරු කරගන්නවා.

      ඔබ අඩු තරමින් කතා කරන ජීව භාෂා ගැන වත් දන්න වග නොපෙනේ. පාලි යනු, විශේෂයෙන්ම දෙමළ වහර මත ගෙතු මතක තබා ගැනීමට පැල් කවි ලෙස වාක්‍ය ලියන බහුභූත විදියකි.

      අපි මුන ගැසුනේ ඔබ නොදත්කම පෙන්වමින් දියසේන සංකල්පයක් යයි කී මෝඩ ගෙතුමට මම උපහාසයෙන් ප්‍රතිචාර දුන් විටය. ඔබ මෙතනද කරන්නේ සිංහලයන්ගෙ දේවල් වලට පාලි සංස්කෘත අටවා දෙමළුන් ගෙතූ දෑ මිශ්‍ර කිරීමය. මේ කතා ලියන්නේ ඔබ වැනි අය ආතක් පාතක් නොදැන සිංහලයන්ට කරන නිග්‍රහය පිටු දැකීමටය. ඔබ වැනි සිංහල දෑ සමච්චලයට ලක් කරන ගිරාපණ්ඩිතයන් නිසා වන පාඩුව මැකීමට, ළඟදී සැබෑ දියසේන ගැන මම ලියමි. සිංහලයන් කිසිදා බොරු නොකී බව මම සපුරා දනිමි. තමන් සිංහල යයි කියන එකෙකුද සිංහල යන වචනයේ අරුතද නොදනී. මෙය සිංහලයන් ගැන ඇත්ත ලියන ලිපි වේ. ඒවා වැදගත් වන්නේ සිහළුන්ටය.

      ඔබ වැන්නකු වෙනුවෙන් වුව කාලය යෙදුවේ ඇත්ත කීමටය. ඔබේ පොර මානසිකය මටත් ලැබුනේ ඔබ ඉපදීමටත් පෙර විය හැකි පේරාදෙනියේ ඉංජිනේරු උපාධිය ගත් විටය. ඒත් ඔය අධ්‍යාපන ක්‍රමය අද මම කොතරම් පිළිකුල් කරනවාද කියනවා නම් එතුලින් එන හැම එකාම රටින් පැන්නිය යුතු යයි කියමි. ඒ මම ද ඇත්ත දුටුවේ රටින් ගියාට පසු නිසාය.

      මෙය ලිව්වේ යමෙක් මගෙන් කල ඉල්ලීමකටය. මම එකක් කියමි. මේ සියල්ල නුදුරු කල සිංහලයන්ගේ මුල් පොත වන බවය. ඔබ සිංහලයකුදැයි මම නොදනිමි. ඔබේ කැමැත්තට ඉඩදීම මගේද කැමැත්තය. එකක් කියමි. ඔබ තබා මේ ලෝකෙ කිසිවෙකුට මම කියන දේ බොරු කල නොහැකිය. ඒ බව අත් දුටු ප්‍රවීනයන් බොහෝය. තම පමණ දැන කටයුතු කරන්න. මට වඩා මා කියන දෑ වටින්නේ සැබෑ සිංහලයන්ටය. එය ළඟදී සිදු වේ.

      Delete
    6. @ හසිත මචන් උඹේ වටිනා කාලය මෙතනට නාස්ති කරන්න එපා මේ යකා මේ කරන්නේ අර වර්ගපූර්නිකාව වගේ පිස්සු ආතල් දෙන වැඩක්. පිස්සෙක් එක්ක තර්ක කරලා වැඩක් නැහැ මම recommend කරනවා මූව බ්ලොග් ලියන්න දෙන්න කලින් පිස්සන් කොටුවට අරන් ගිහින් බෙහෙත් අරන් දෙන්න කියල. මූම කියනවනේ මූ ඉස්කෝලේ ගිහින් නැහැ කියල. තව මොන කතාද?

      Delete
    7. //මූම කියනවනේ මූ ඉස්කෝලේ ගිහින් නැහැ කියල. තව මොන කතාද?//

      අඩු තරමින් ඔබ අට පාස් ද? නැත්නම් ඇස් පෙනීම අඩුද?

      නූගත්කමට බෙහෙත් නැත. දෙවන වසරේ සිසුවෙකුගෙ වටිනා කාලය ගැන කී ඔබ, මා ගැන දන්නේ නැතුව කීවේ හොඳ සිහියෙන්ද?

      මම ලියන දේ පිස්සන්ට පුළුවන් නම්, ඔබ වැනි වෙදකම නොදත් කෙනෙකු වෙනවාට වඩා පිස්සකු වීම මට යහපති.

      තමන් ලියන බ්ලොගයද බලන මට, කට කොනකින් සිනා ගියා. අපි කවුරුත් ඉගෙන ගත යුතු දෑ බොහෝ නිසාය. මම "දැනුම - සිංහල අරුත" යටතේ ඔබත් මමත් ලැබූ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන කීමි. හීළෑ ගවයන් නොවීමට බොහෝ දුර යා යුතුය. ඔබටද එම ලිපිය කදිමය. ආඩම්බර වෙනවාට වඩා ලැජ්ජාවීම හොඳ ගතියකි.

      සැබැවින්ම ඔබ යෙදූ පිස්සා යන වදනේ සිංහල අරුත ඔබ දන්නවාද? එම රෝගය නිට්ටාවට සුවකර ගත හැක්කෙ සිංහල වෙදකමෙනි. මා දන්නා තරමින් පිස්සන් යයි නිකරුනේ කියන්නේ එම රෝගය උත්සන්න වූ විටය. උදව් කල හැක. සිංහල වෙදකම ගැන ද මා දත් දේ ළඟදී ලියමි.

      Delete

Note: only a member of this blog may post a comment.